7. කාණමාතුවත්ථු අට්ඨකථා
7. කාණමාතුවත්ථු
7. කාණමාතා වස්තුව
යථාපි රහදොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කාණමාතරං ආරබ්භ කථෙසි. වත්ථු විනයෙ (පාචි· 230) ආගතමෙව.
යථාපි රහදො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවෙසෙද්දී කාණමාතාව අරභයා දේශනාකළසේක. මේ කථාවස්තුව විනය පිටකයෙහිද සඳහන් වේ.
තදා පන කාණමාතරා අතුච්ඡහත්ථං ධීතරං පතිකුලං පෙසෙතුං පක්කෙසු පූවෙසු චතුක්ඛත්තුං චතුන්නං භික්ඛූනං දින්නකාලෙ සත්ථාරා තස්මිං වත්ථුස්මිං සික්ඛාපදෙ පඤ්ඤත්තෙ කාණාය සාමිකෙන අඤ්ඤාය පජාපතියා ආනීතාය කාණා තං පවත්තිං සුත්වා “ඉමෙහි මෙ ඝරාවාසො නාසිතො”ති දිට්ඨදිට්ඨෙ භික්ඛූ අක්කොසති පරිභාසති. භික්ඛූ තං වීථිං පටිපජ්ජිතුං න විසහිංසු.
එකල්හි කාණමාතාව තමන්ගේ දුවණිය ස්වාමියා වෙත යවන විට හිස් අතින් නොයවනු සඳහා කැවුම් පුළුස්සා දෙන කල්හි සතරවරකට එහි පැමිණි භික්ෂූන් සිවුනමකට දුන් නිසා ඒකරුණ නිමිතිකොට බුදුහු ශික්ෂා පදයක්ද පැනවූහ. මේ කරුණින් සැමියා වෙත යනගමන පමාවූ හෙයින් කාණාවගේ සැමියා වෙනත් බිරියක් කැඳවා ගත් ප්‍රවෘත්තිය ඇසූ කාණාව මොවුහු මගේ පවුල්ජීවිතය නැසූහයි දකිනදකින භික්ෂූන්ට බැණවදින්ට පටන්ගත්තාය. භික්ෂූන්ට ඒ වීථියට යෑම පවා අපහසු විය.
සත්ථා තං පවත්තිං ඤත්වා තත්ථ අගමාසි. කාණමාතා සත්ථාරං වන්දිත්වා පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා යාගුඛජ්ජකං අදාසි. සත්ථා කතපාතරාසො “කහං කාණා”ති පුච්ඡි. “එසා, භන්තෙ, තුම්හෙ දිස්වා මඞ්කුභූතා රොදන්තී ඨිතා”ති. “කිං කාරණා”ති? “එසා, භන්තෙ, භික්ඛූ අක්කොසති පරිභාසති, තස්මා තුම්හෙ දිස්වා මඞ්කුභූතා රොදමානා ඨිතා”ති.
බුදුරජාණන්වහන්සේ එපුවත අසා එහි වැඩමවූහ. කාණමාතාව බුදුන් වැඳ පැනවූ ආසනයෙහි වඩාහිඳුවා කැඳ කැවිලි ආදිය පිළිගැන්වූවාය බුදුරජාණන්වහන්සේ උදෑසන ආහාර වළඳා කාණා දුවණිය කොහේදැයි ඇසූහ. ස්වාමීනි, ඈ ඔබවහන්සේ දැක දුක්වෙමින් අඬමින් සිටින්නීය. ඒ කුමක් නිසාද? ස්වාමීනි, ඈ භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කරන්නීය. එහෙයින් ඔබවහන්සේ දැක දුක්වෙමින් අඬමින් සිටින්නීයයි කීවාය.
අථ නං සත්ථා පක්කොසාපෙත්වා – “කාණෙ, කස්මා මං දිස්වා මඞ්කුභූතා නිලීයිත්වා රොදසී”ති. අථස්සා මාතා තාය කතකිරියං ආරොචෙසි. අථ නං සත්ථා ආහ – “කිං පන කාණමාතෙ මම සාවකා තයා දින්නකං ගණ්හිංසු, අදින්නක”න්ති? “දින්නකං, භන්තෙ”ති. “සචෙ මම සාවකා පිණ්ඩාය චරන්තා තව ගෙහද්වාරං පත්තා තයා දින්නකං ගණ්හිංසු, කො තෙසං දොසො”ති? “නත්ථි, භන්තෙ, අය්යානං දොසො”. “එතිස්සායෙව දොසො”ති. සත්ථා කාණං ආහ – “කාණෙ, මය්හං කිර සාවකා පිණ්ඩාය චරමානා ගෙහද්වාරං ආගතා, අථ නෙසං තව මාතරා පූවා දින්නා, කො නාමෙත්ථ මම සාවකානං දොසො”ති? “නත්ථි, භන්තෙ, අය්යානං දොසො, මය්හමෙව දොසො”ති සත්ථාරං වන්දිත්වා ඛමාපෙසි.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඈ කැඳවා කාණාව, ඔබ කුමක් නිසා මා දැක දුක්වෙමින් සැඟවී හඬන්නෙහිදැයි ඇසූහ. ඉන්පසු ඇගේ මව ඈ විසින් කරනලද ක්‍රියාව දන්වාසිටියාය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇගෙන්, කාණාවනි, මගේ ශ්‍රාවකයෝ ඔබ දුන් දෙයක් ගත්තාහුද? නැතහොත් ඔබ නොදුන් දෙයක් ගත්තාහුදැයි ඇසූහ. ස්වාමීනි, මා දුන් දෙයක් ගත්තාහුය. ඉතින් කාණාවනි. මගේ සවුවෝ පිඬුසිඟා යන අතර ඔබේ ගෙදොරට පැමිණ ඔබ දුන්දෙයක් භාරගත්හ. මෙතනදී ඔවුන්ගේ වැරැද්ද කුමක්ද? ස්වාමීනි, ආර්යයන්ගේ දෝෂයක් නැත. වරද මගේමයයි කීවාය. ශාස්තෘන්වහන්සේ, කාණාවට මෙසේ කීහ. කාණාවනි, මගේ ශ්‍රාවකයෝ පිඬුසිඟා යන අතර මේ ගෙදොරට ආහ. ඉන්පසු ඔවුන්ට ඔබේ මව කැවුම් දුන්නාය. මෙතන මගේ ශ්‍රාවකයන්ගේ ඇති වැරැද්ද කුමක්ද? ස්වාමීනි, ආර්යයන්ගේ දෝෂයක් නැත. දෝෂය මගේමයයි බුදුන් වැඳ සමාකරවා ගත්තාය.
අථස්සා සත්ථා අනුපුබ්බිං කථං කථෙසි, සා සොතාපත්තිඵලං පාපුණි. සත්ථා උට්ඨායාසනා විහාරං ගච්ඡන්තො රාජඞ්ගණෙන පායාසි. රාජා දිස්වා “සත්ථා විය භණෙ”ති පුච්ඡිත්වා “ආම, දෙවා”ති වුත්තෙ “ගච්ඡථ, මම ආගන්ත්වා වන්දනභාවං ආරොචෙථා”ති පෙසෙත්වා රාජඞ්ගණෙ ඨිතං සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා “කහං, භන්තෙ, ගතාත්ථා”ති පුච්ඡි. “කාණමාතාය ගෙහං, මහාරාජා”ති. “කිං කාරණා, භන්තෙ”ති? “කාණා කිර භික්ඛූ අක්කොසති පරිභාසති, තංකාරණා ගතොම්හී”ති. “කිං පන වො, භන්තෙ, තස්සා අනක්කොසනභාවො කතො”ති? “ආම, මහාරාජ, භික්ඛූනඤ්ච අනක්කොසිකා කතා, ලොකුත්තරකුටුම්බසාමිනී චා”ති. “හොතු, භන්තෙ, තුම්හෙහි සා ලොකුත්තරකුටුම්බසාමිනී කතා, අහං පන නං ලොකියකුටුම්බසාමිනිං කරිස්සාමී”ති වත්වා රාජා සත්ථාරං වන්දිත්වා පටිනිවත්තො පටිච්ඡන්නමහායොග්ගං පහිණිත්වා කාණං පක්කොසාපෙත්වා සබ්බාභරණෙහි අලඞ්කරිත්වා ජෙට්ඨධීතුට්ඨානෙ ඨපෙත්වා “මම ධීතරං පොසෙතුං සමත්ථා ගණ්හන්තූ”ති ආහ. අථෙකො සබ්බත්ථකමහාමත්තො “අහං දෙවස්ස ධීතරං පොසෙස්සාමී”ති තං අත්තනො ගෙහං නෙත්වා සබ්බං ඉස්සරියං පටිච්ඡාපෙත්වා “යථාරුචි පුඤ්ඤානි කරොහී”ති ආහ.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇයට පිළිවෙලකථාව දේශනා කළසේක. ඈ සෝවාන්ඵලයට පැමිණියාය. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට විහාරයට වඩිනගමන් රජමිදුලට පැමිණියාහුය. රජු බුදුන් දැක, සගයෙනි, අර බුදුන් නොවේදැයි අසා දේවයන්වහන්ස, එසේයයි කීකල, යව්, ගොස් මා උන්වහන්සේ වැඳීමට එන බව දන්වව්යයි මිනිසුන් යවා, රාජාංගනයෙහි වැඩසිටි බුදුරදුන් ළඟට ගොස් වැඳ ස්වාමීනි, කොහේ වැඩිසේක්දැයි ඇසුවේය. මහරජ, කාණමාතාවගේ ගෙදරටය. ස්වාමීනි. කුමක් සඳහාද? කාණා දුවණිය භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කරන නිසායයි වදාළහ. ස්වාමීනි, ඈ භික්ෂූන්ට නොබණින පිළිවෙලක් කළසේක්ද? එසේය මහරජ, ඈ භික්ෂූන්ට නොබණින කෙනෙක්ද ලෝකෝත්තර ධනයට හිමිකාරියක්ද කෙළෙමියි වදාළහ. ස්වාමීනි, එය ඉතා මැනවි. එය එසේම වේවා. ඔබවහන්සේ ඈ ලොකොත්තර ධනයට හිමිකාරියක කළසේක. මම ඇය ලෞකිකධනයට හිමිකාරියක කරන්නෙමියි බුදුන් වැඳ නැවතී පිළිසන් වාහනයක් යවා කාණාව ගෙන්වා සව්බරණින් සරසවා තම දෙටුදුවණී තැන තබා මගේ දුවණිය පෝෂණය කළහැකි කෙනෙක් ඈ භාර ගන්නැයි ප්‍රකාශකෙළේය. ඉන්පසු පොහොසත් ඇමතියෙක් දේවයන්වහන්ස, මම ඔබේ දුවණිය පෝෂණය කරන්නෙමියි ඈ තම නිවසට කැඳවාගෙන ගොස් සියලු සැපසම්පත් දී කැමති පරිදි පින් කරගන්නැයි කීවේය.
තතො පට්ඨාය කාණා චතූසු ද්වාරෙසු පුරිසෙ ඨපෙත්වා අත්තනා උපට්ඨාතබ්බෙ භික්ඛූ ච භික්ඛුනියො ච පරියෙසමානාපි න ලභති. කාණාය ගෙහද්වාරෙ පටියාදෙත්වා ඨපිතං ඛාදනීයභොජනීයං මහොඝො විය පවත්තති. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “පුබ්බෙ, ආවුසො, චත්තාරො මහල්ලකත්ථෙරා කාණාය විප්පටිසාරං කරිංසු, සා එවං විප්පටිසාරිනී හුත්වාපි සත්ථාරං ආගම්ම සද්ධාසම්පදං ලභි. සත්ථාරා පුන තස්සා ගෙහද්වාරං භික්ඛූනං උපසඞ්කමනාරහං කතං. ඉදානි උපට්ඨාතබ්බෙ භික්ඛූ වා භික්ඛුනියො වා පරියෙසමානාපි න ලභති, අහො බුද්ධා නාම අච්ඡරියගුණා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව තෙහි මහල්ලකභික්ඛූහි කාණාය විප්පටිසාරො කතො, පුබ්බෙපි කරිංසුයෙව. න ච ඉදානෙව මයා කාණා මම වචනකාරිකා කතා, පුබ්බෙපි කතායෙවා”ති වත්වා තමත්ථං සොතුකාමෙහි භික්ඛූහි යාචිතො –
එතැන් පටන් කාණාවෝ සතර මහ දොරටුවෙහි මිනිස්සු නවත්වා තමන් උපස්ථාන කිරීමට භික්ෂුභික්ෂුණීන් සොයන්නේ නමුදු නොලැබෙයි. කාණාවගේ ගෙදොර පිළියෙල කර තිබූ කෑයුතු බුදියයුතු දේ මහගඟක් මෙන් පවතී. භික්ෂූහු දම්සභායෙහි රැස්ව, ඇවැත්නි, පෙර මහලු තෙරවරු සතර නම කාණාව විපිළිසරට පත්කළහ. ඈ එබඳු තත්ත්වයක සිටියත් බුදුන්වෙත පැමිණ ශ්‍රද්ධාසම්පත්තිය ලැබුවාය. ශාස්තෘන්වහන්සේ නැවත ඇගේ ගෙදොර භික්ෂූන්ට එළඹියහැකි තැනක් බවට පත්කළහ. දැන් උපස්ථාන කළයුතු භික්ෂූන් හෝ භික්ෂුණීන් හෝ සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී පවතී. අහෝ බුදුවරයන්ගේ ගුණ ආශ්චර්යමත්ය යනුවෙන් කථාවක් ඉපදවූහ. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, දැන් කිනම් කතාවකින් යුක්තව හුන්නාහුදැයි අසා මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, ඒ මහලු භික්ෂූන් විසින් කාණාව විපිළිසරට පත්කරනලද්දේ දැන් පමණක් නොවෙයි. පෙරත් එසේම කළාහුයයිද ඈ මගේ වචන අනුව පෙරද ක්රියාකළායයිද වදාරා එය අසනු කැමතිවූ භික්ෂූන්ගේ ඉල්ලීම අනුව
“යත්ථෙකො ලභතෙ බබ්බු, දුතියො තත්ථ ජායති; තතියො ච චතුත්ථො ච, ඉදං තෙ බබ්බුකා බිල”න්ති. (ජා· 1.1.137) –
එකෙකු දෙන්නෙකු හා තිදෙනෙකු සිව්දෙනෙකු ලෙස සපැමිණි නිසා බළලුන් ඔවුන්ටම හිමි වීය මීගුළ
ඉදං බබ්බුජාතකං විත්ථාරෙන කථෙත්වා “තදා චත්තාරො මහල්ලකභික්ඛූ චත්තාරො බිළාරා අහෙසුං, මූසිකා කාණා, මණිකාරො අහමෙවා”ති ජාතකං සමොධානෙත්වා “එවං, භික්ඛවෙ, අතීතෙපි කාණා දුම්මනා ආවිලචිත්තා වික්ඛිත්තචිත්තා හුත්වා මම වචනෙන පසන්නඋදකරහදො විය විප්පසන්නචිත්තා අහොසී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මේ බබ්බුජාතකය සවිස්තරව දේශනාකොට එකල මහලු භික්ෂු සතරනම බළලුන් සතරදෙනාවූහ. මීයා නම් කාණාවෝය. මණීකාර නම් මමම යයි ජාතකය අවසන්කොට මහණෙනි, මෙසේ කාණාව හිත නරක්වී අවුල්වී කලකිරී සිට මගේ වචනයෙන් පැහැදුණු දියවිලක් මෙන් වී ප්‍රසන්න සිතැත්තියක් වීයයි පූර්වාපරසන්ධි ගළපා ධර්මදේශනා කරමින් මේ ගාථාව වදාළහ:
“යථාපි රහදො ගම්භීරො, විප්පසන්නො අනාවිලො; එවං ධම්මානි සුත්වාන, විප්පසීදන්ති පණ්ඩිතා”ති.
මුහුද යම්සේ ගැඹුරුද නොකැළඹී පැහැදිලිද වනසේ දහම් අසනා වියතා පැහැදීම ඇතිකර ගනී
තත්ථ රහදොති යො චතුරඞ්ගිනියාපි සෙනාය ඔගාහන්තියා නඛුභති එවරූපො උදකණ්ණවො, සබ්බාකාරෙන පන චතුරාසීතියොජනසහස්සගම්භීරො නීලමහාසමුද්දො රහදො නාම. තස්ස හි හෙට්ඨා චත්තාලීසයොජනසහස්සමත්තෙ ඨානෙ උදකං මච්ඡෙහි චලති, උපරි තාවත්තකෙයෙව ඨානෙ උදකං වාතෙන චලති, මජ්ඣෙ චතුයොජනසහස්සමත්තෙ ඨානෙ උදකං නිච්චලං තිට්ඨති. අයං ගම්භීරො රහදො නාම. එවං ධම්මානීති දෙසනාධම්මානි. ඉදං වුත්තං හොති –
එහි රහදො යනු සිව්රඟ සේනාව බැස කැළඹුවත් නොකැළඹී සිටීද එබඳු ජලය ඇති මහමුහුදයි. හැම අතින්ම, යොදුන් අසූහාරදහසක් ගැඹුරු නීලමහා සමුද්‍රය රහද නම්වේ. එහි යටට සතළිස් දහසක් යොදුන් පමණවන ස්ථානයෙහි ජලය මාලුවන් නිසා සෙලවෙයි. උඩට එබඳුම ප්‍රමාණයක ජලය නිශ්චලව සිටී මේ ගම්භීරො ගැඹුරු මුහුද නමි. එවං ධම්මානි යනු දේශනා ධර්මයෝයි. මෙය මෙසේද කියා ඇත:
යථා නාම රහදො අනාකුලතාය විප්පසන්නො, අචලතාය අනාවිලො, එවං මම දෙසනාධම්මං සුත්වා සොතාපත්තිමග්ගාදිවසෙන නිරුපක්කිලෙසචිත්තතං ආපජ්ජන්තා විප්පසීදන්ති පණ්ඩිතා, අරහත්තප්පත්තා පන එකන්තවිප්පසන්නාව හොන්තීති.
යම්සේ මහමුහුද කිළුටු නැති බැවින් අතිශයින් පැහැදිලිද, නොසෙල්වෙන හෙයින් නොකැළඹුණේද මෙසේ මගේ දේශනා ධර්මය අසා සෝවාන්මාර්ගාදි වශයෙන් උපක්ලේශ රහිත සිත් ඇතිබවට පත්වන්නේ, විප්පසීදන්ති පණ්ඩිතා රහත්බවට පැමිණි අය ඒකාන්ත විප්රසන්නබවට පත්වෙතියි වදාළහ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියහ.
කාණමාතුවත්ථු සත්තමං.
සත්වන කාණමාතා වස්තුවයි.