6. ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු අට්ඨකථා
6. ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු
6. ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ වස්තුව
සෙලො යථාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ලකුණ්ඩකභද්දියත්ථෙරං ආරබ්භ කථෙසි.
සෙලො යථා ආදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ දෙව්රම වැඩසිටින කාලයෙහි ලකුණ්ටකභද්දිය තෙරුන් අරභයා දේශනා කරන ලදි.
පුථුජ්ජනා කිර සාමණෙරාදයො ථෙරං දිස්වා සීසෙපි කණ්ණෙසුපි නාසායපි ගහෙත්වා “කිං, චූළපිත, සාසනස්මිං න උක්කණ්ඨසි, අභිරමසී”ති වදන්ති. ථෙරො තෙසු නෙව කුජ්ඣති, න දුස්සති.
පෘථග්ජන සාමණේරාදීහු හිසෙන් කණෙන් නාසයෙන් අල්ලා මොකද බාප්පෙ මේ සසුනෙහු කලකිරිලාද, නැත්නම් මෙහි ඔබේ සිත් අලවන්නෙහිද ආදි ප්රශ්න අසති. තෙරණුවෝ ඔවුන් කෙරෙහි ක්රෝධකරන්නේවත් ද්වේශකරන්නේවත් නැත.
ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “පස්සථාවුසො, ලකුණ්ඩකභද්දියත්ථෙරං දිස්වා සාමණෙරාදයො එවඤ්චෙවඤ්ච විහෙඨෙන්ති, සො තෙසු නෙව කුජ්ඣති, න දුස්සතී”ති. සත්ථා ආගන්ත්වා “කිං කථෙථ, භික්ඛවෙ”ති පුච්ඡිත්වා “ඉමං නාම, භන්තෙ”ති වුත්තෙ “ආම, භික්ඛවෙ, ඛීණාසවා නාම නෙව කුජ්ඣන්ති, න දුස්සන්ති. ඝනසෙලසදිසා හෙතෙ අචලා අකම්පියා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉන්පසු ධම්සභා මණ්ඩපයෙහි, බලන්න ඇවැත්නි ලකුණ්ටභද්දිය තෙරුන් දැක සාමණේරාදීහු මේ මේ ආකාරවලින් වෙහෙසට පත්කෙරෙති. හෙතෙම ඒ අය කෙරෙහි කෝප නොකරයි ද්වේශනොකරයි යනුවෙන් කථාවක් ඇතිවිය. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, කුමක් ගැන කථා කළාහුදැයි අසා, ස්වාමීනි, මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, එසේය, රහත්හු කෝප නොකරත්. ද්වේශ නොකරත්. ඝන ගල්පර්වත වැනි උන්වහන්සේලා අචලයහ. කම්පානොවෙතියි වදාරා පූර්වාපරසන්ධි සම්බන්ධකොට දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
“සෙලො යථා එකඝනො, වාතෙන න සමීරති; එවං නින්දාපසංසාසු, න සමිඤ්ජන්ති පණ්ඩිතා”ති.
ඝන වූ මහගල් පව්වක් සුළඟ වැද නොසැලෙන සේ නින්දා පැසසුම් දැක විඳ නුවණැත්තෝ නොසැලෙති
තත්ථ නින්දාපසංසාසූති කිඤ්චාපි ඉධ ද්වෙ ලොකධම්මා වුත්තා, අත්ථො පන අට්ඨන්නම්පි වසෙන වෙදිතබ්බො. යථා හි එකඝනො අසුසිරො සෙලො පුරත්ථිමාදිභෙදෙන වාතෙන න සමීරති න ඉඤ්ජති න චලති, එවං අට්ඨසුපි ලොකධම්මෙසු අජ්ඣොත්ථරන්තෙසු පණ්ඩිතා න සමිඤ්ජන්ති, පටිඝවසෙන වා අනුනයවසෙන වා න චලන්ති න කම්පන්ති.
එහි නින්දා පසංසාසු යනු මෙහි ලෝකධර්ම දෙකක් ගැන සඳහන්වුවත් අර්ථ වශයෙන් අටලෝදහම්ම ගතයුතුය. යම්සේ එකටම ඝනව තිබෙන සිදුරුවී නැති ගල්පර්වතය පෙරදිග බටහිර ආදි පැතිවලින් හමා එන වාතයෙන් නොසෙලවෙයි. චංචල නොවෙයි. මෙසේ අෂ්ටවිධ ලෝකධර්ම නිසා තෙරපීම් ලැබුවත් පණ්ඩිතා න සමිඤ්ජන්ති නුවණැත්තෝ ඒ හේතුවෙන් කම්පාවී නොසැලෙත්. නසාලනු කැමැත්තෙන් හෝ කෝපය අනුව යෑමෙන් හෝ චංචල භාවයට නොපැමිණෙයි. කම්පා නොවෙති.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
ලකුණ්ඩකභද්දියත්ථෙරවත්ථු ඡට්ඨං.
සවන ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ වස්තුවයි.