යෙදුමෙන් කියවන්න

5. පණ‍්ඩිතසාමණෙරවත්‍ථු අට‍්ඨකථා

5. පණ‍්ඩිතසාමණෙරවත්‍ථු

5. පණ්ඩිත සාමණේරයන්වහන්සේගේ වස්තුව

උදකඤ‍්හි නයන‍්තීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පණ‍්ඩිතසාමණෙරං ආරබ‍්භ කථෙසි.

උදකං හි නයන්ති නෙත්තිකා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවාසයකරන සමයෙහි පණ්ඩිත සාමණේරයන් උදෙසා දේශනාකරන ලදි.

අතීතෙ කිර කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධො වීසතිඛීණාසවසහස‍්සපරිවාරො බාරාණසිං අගමාසි. මනුස‍්සා අත‍්තනො බලං සල‍්ලක‍්ඛෙත්‍වා අට‍්ඨපි දසපි එකතො හුත්‍වා අගන‍්තුකදානාදීනි අදංසු. අථෙකදිවසං සත්‍ථා භත‍්තකිච‍්චපරියොසානෙ එවං අනුමොදනමකාසි –

අතීතයෙහි කාශ්‍යප සම්මාසම්බුදුරජාණන්වහන්සේ විසිදහසක් භික්‍ෂූන් පිරිවරා බරණැසට වැඩිසේක. මිනිස්සු තමන්ගේ ශක්තිප්‍රමාණයෙන් අටදෙනා දහදෙනා ආදි වශයෙන් එකතුවී ආගන්තුක දානාදිය දුන්හ. දිනක් බුදුරජාණන්වහන්සේ බත්කිස අවසානයෙහි මෙසේ අනුමෝදනාවක් කළහ.

“උපාසකා ඉධ එකච‍්චො ‘අත‍්තනො සන‍්තකමෙව දාතුං වට‍්ටති, කිං පරෙන සමාදපිතෙනා’ති අත‍්තනාව දානං දෙති, පරං න සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ භොගසම‍්පදං ලභති, නො පරිවාරසම‍්පදං. එකච‍්චො පරං සමාදපෙති, අත‍්තනා න දෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ පරිවාරසම‍්පදං ලභති, නො භොගසම‍්පදං එකච‍්චො අත‍්තනාපි න දෙති, පරම‍්පි න සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ නෙව භොගසම‍්පදං ලභති, න පරිවාරසම‍්පදං, විඝාසාදොව හුත්‍වා ජීවති. එකච‍්චො අත‍්තනා ච දෙති, පරඤ‍්ච සමාදපෙති. සො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ භොගසම‍්පදම‍්පි ලභති පරිවාරසම‍්පදම‍්පී”ති.

උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු, තමන්සතු දේම දියයුතුය. අනුන්ගෙන් වැඩක් නැතැයි අනුන් සම්මාදන් නොකරම දන්දෙති. ඔවුහු උපනුපන් තන්හි භෝග සම්පත් ලබත්. පිරිවර සම්පත නොලබත්. තව සමහරු අනුන්ගෙන් සම්මාදම් ගනිත්. තමන් වියදම් නොකරයි. එසේ දෙන තැනැත්තා උපනුපන් තන්හි පිරිවර සම්පත් ලබයි. භෝගසම්පත් නොලබයි. තවත් කෙනෙක් තමනුත් නොදෙත්. අනුනුත් සම්මාදන් නොකරත්. ඔහු උපනුපන් තන්හි භෝග සම්පතුත්, පරිවාර සම්පතුත් යන දෙකම නොලබත්. හෙතෙම සැමදා ඉඳුල්කෑමෙන් ජීවත්වෙයි. තව කෙනෙක් තමනුත් දෙත්. අනුනුත් හවුල් කර ගනිත්. හෙතෙම උපනුපන් තන්හි භෝග සම්පතත්, පිරිවර සම්පතත් යන දෙකම ලබයි.

තං සුත්‍වා සමීපෙ ඨිතො එකො පණ‍්ඩිතපුරිසො චින‍්තෙසි – “අහං දානි තථා කරිස‍්සාමි, යථා මෙ ද‍්වෙපි සම‍්පත‍්තියො භවිස‍්සන‍්තී”ති. සො සත්‍ථාරං වන්‍දිත්‍වා ආහ – “භන‍්තෙ, ස‍්වාතනාය මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති. “කිත‍්තකෙහි තෙ භික‍්ඛූහි අත්‍ථො”ති? “කිත‍්තකො පන වො, භන‍්තෙ, පරිවාරො”ති? “වීසති භික‍්ඛුසහස‍්සානී”ති. “භන‍්තෙ, සබ‍්බෙහි සද‍්ධිං ස‍්වාතනාය මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති. සත්‍ථා අධිවාසෙසි. සො ගාමං පවිසිත්‍වා, “අම‍්මතාතා, ස‍්වාතනාය මයා බුද‍්ධප‍්පමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො, තුම‍්හෙ යත‍්තකානං භික‍්ඛූනං දාතුං සක‍්ඛිස‍්සථ, තත‍්තකානං දානං දෙථා”ති ආරොචෙත්‍වා විචරන‍්තො අත‍්තනො අත‍්තනො බලං සල‍්ලක‍්ඛෙත්‍වා “මයං දසන‍්නං දස‍්සාම, මයං වීසතියා, මයං සතස‍්ස, මයං පඤ‍්චසතාන”න‍්ති වුත‍්තෙ සබ‍්බෙසං වචනං ආදිතො පට‍්ඨාය පණ‍්ණෙ ආරොපෙසි.

ඒ අසා ළඟ සිටි එක් නුවණැති පුරුෂයෙක් මේ සම්පත් දෙකම ලැබෙන පිළිවෙලකට මම කටයුතු කරමියි සිතුවේය. හෙතෙම බුදුන් වැඳ ස්වාමීනි, හෙට මගෙන් ආහාර ගනුමැනවැයි ආරාධනා කෙළේය. ඔබට කොපමණ භික්ෂූන් අවශ්‍යද? ස්වාමීනි, ඔබවහන්සේගේ පිරිවර භික්‍ෂූන් කෙතෙක්ද? භික්ෂූන් විසිදහසකි. ස්වාමීනි, සියලුදෙනාවහන්සේම සමග හෙට මගෙන් භික්‍ෂාව ගනු මැනවයි කීය. ශාස්තෘන්වහන්සේ ආරාධනය භාරගත්හ. හෙතෙම ගමට ගොස් මෑණිවරුනි, පියවරුනි, මම හෙට දවස සඳහා බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට නිමන්ත්‍රණය කෙළෙමි. ඔබලාට යම්කිසි භික්‍ෂුපිරිසකට දියහැකි නම් ඒ පමණට දන් පිළියෙල කරන්නැයි දන්වා හැසිරෙන්නේ තමතමන්ගේ ශක්තිය ගැන සිතා අපි දහ නමකට අපි විසිනමකට, අපි සියක් නමකට, අපි පන්සීයක් නමකටයයි කීකල්හි සියල්ලන්ගේ වචන අනුව මුලපටන් කොළයක ලියා පැවරීය.

තෙන ච සමයෙන තස‍්මිං නගරෙ අතිදුග‍්ගතභාවෙනෙව “මහාදුග‍්ගතො”ති පඤ‍්ඤාතො එකො පුරිසො අත්‍ථි. සො තම‍්පි සම‍්මුඛාගතං දිස‍්වා, සම‍්ම මහාදුග‍්ගත, මයා ස‍්වාතනාය බුද‍්ධප‍්පමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො, ස‍්වෙ නගරවාසිනො දානං දස‍්සන‍්ති, “ත්‍වං කති භික‍්ඛූ භොජෙස‍්සසී”ති? “සාමි, මය‍්හං කිං භික‍්ඛූහි, භික‍්ඛූහි නාම සධනානං අත්‍ථො, මය‍්හං පන ස‍්වෙ යාගුඅත්‍ථාය තණ‍්ඩුලනාළිමත‍්තම‍්පි නත්‍ථි, අහං භතිං කත්‍වා ජීවාමි, කිං මෙ භික‍්ඛූහී”ති? සමාදපකෙන නාම බ්‍යත‍්තෙන භවිතබ‍්බං. තස‍්මා සො තෙන “නත්‍ථී”ති වුත‍්තෙපි තුණ‍්හීභූතො අහුත්‍වා එවමාහ – “සම‍්ම මහාදුග‍්ගත, ඉමස‍්මිං නගරෙ සුභොජනං භුඤ‍්ජිත්‍වා සුඛුමවත්‍ථං නිවාසෙත්‍වා නානාභරණපටිමණ‍්ඩිතා සිරිසයනෙ සයමානා බහූ ජනා සම‍්පත‍්තිං අනුභවන‍්ති, ත්‍වං පන දිවසං භතිං කත්‍වා කුච‍්ඡිපූරණමත‍්තම‍්පි න ලභසි, එවං සන‍්තෙපි ‘අහං පුබ‍්බෙ පුඤ‍්ඤං අකතත‍්තා කිඤ‍්චි න ලභාමී’ති න ජානාසී”ති? “ජානාමි, සාමී”ති. “අථ කස‍්මා ඉදානි පුඤ‍්ඤං න කරොසි, ත්‍වං යුවා බලසම‍්පන‍්නො, කිං තයා භතිං කත්‍වාපි යථාබලං දානං දාතුං න වට‍්ටතී”ති?

එකල්හි ඒ නගරයෙහි ඉතා දිළිඳු බැවින් මහදුගියායයි ප්‍රකට එක් පුරුෂයෙක් විය. හෙතෙම තමන් ළඟට ආ ඒ දුගියා දැක, යහළු මහදුගිය, මම හෙට දානය පිණිස බුදුන් ප්‍රමුඛ භික්ෂූසංඝයාට ආරාධනා කෙළෙමි. හෙට නගරවාසීහු දන් දෙති. ඔබ භික්ෂූන් කීනමකට දානය දෙන්නෙහිද? යහළුව, භික්ෂූන්ගෙන් මට වැඩක් නැත. භික්ෂූන්ගෙන් වැඩ ඇත්තේ ධනවතුන්ටය. මට හෙට කැඳ පිණිස සහල් නැළියක් පමණවත් නැත. මම බැළමෙහෙවරකොට ජීවත්වෙමි. ඉතින් මට භික්‍ෂූන්ගෙන් වැඩක් නැත. සම්මාදන් කරවන්නා ව්‍යක්ත වියයුතුය. එහෙයින් ඔහු දුගියා විසින් නැතැයි කීවේ නමුදු නිහඬව ආපසු නෑවිත් යහළු මහදුගිය, මේ නගරයෙහි හොඳ ආහාර වළඳවමින් සියුම් වස්ත්‍ර හැඳ නන්බරණින් යුක්ත, සිරියහන්වල නිදන බොහෝදෙනා සම්පත් වළඳති. ඔබ වනාහි දවස්කුලී කොට කුස පිරෙන තරමටවත් ආහාර නොලබන්නෙහිය. මෙසේ තිබියදීත්, මා පෙර කිසිපිනක් නොකළ හෙයින් දැන් කිසිවක් නොලබමියයි නොදන්නෙහි නොවේද? දනිමි ස්වාමීනි, එසේනම් දැන් යම්කිසි පිනක් නොකරන්නේ ඇයිද? ඔබ තරුණයි. බලසම්පන්නයි. ඇයි ඔබ බැළකොට හෝ ශක්ති පමණින් දානයක්දීම නුසුදුසුද?

සො තස‍්මිං කථෙන‍්තෙයෙව සංවෙගප‍්පත‍්තො හුත්‍වා “මය‍්හම‍්පි එකං භික‍්ඛුං පණ‍්ණෙ ආරොපෙහි, කිඤ‍්චිදෙව භතිං කත්‍වා එකස‍්ස භික‍්ඛං දස‍්සාමී”ති ආහ. ඉතරො “කිං එකෙන භික‍්ඛුනා පණ‍්ණෙ ආරොපිතෙනා”ති න ආරොපෙසි? මහාදුග‍්ගතොපි ගෙහං ගන‍්ත්‍වා භරියං ආහ – “භද‍්දෙ, නගරවාසිනො ස‍්වෙ සඞ‍්ඝභත‍්තං කරිස‍්සන‍්ති, අහම‍්පි සමාදපකෙන ‘එකස‍්ස භික‍්ඛං දෙහී’ති වුත‍්තො, මයම‍්පි ස‍්වෙ එකස‍්ස භික‍්ඛං දස‍්සාමා”ති. අථස‍්ස භරියා “මයං දලිද‍්දා, කස‍්මා තයා සම‍්පටිච‍්ඡිත”න‍්ති අවත්‍වාව, “සාමි, භද‍්දකං තෙ කතං, මයං පුබ‍්බෙපි කිඤ‍්චි අදත්‍වා ඉදානි දුග‍්ගතා ජාතා, මයං උභොපි භතිං කත්‍වා එකස‍්ස භික‍්ඛං දස‍්සාම, සාමී”ති වත්‍වා උභොපි ගෙහා නික‍්ඛමිත්‍වා භතිට‍්ඨානං අගමංසු.

මහදුගියා ඔහු එසේ කියද්දීම මහත් සංවේගයට පැමිණ, මටත් එක් භික්ෂුවකට කොළයක් ලියන්නැයි කුමක් හෝ කුලීවැඩක් කොට එක නමකට දානය දෙන්නෙමියි කීවේය. අනිත් තැනැත්තා එක නමකට ලියන්නේ ඇයිදැයි නොලීවේය. මහදුගියාත් ගෙටගොස් බිරිඳ අමතා, සොඳුර, නගරවාසීහු හෙට සංඝදාන දෙති. මමත් එකනමකට දෙන්නෙමියි සම්මාදන් කරවන්නාට කීවෙමි. අපිත් හෙට එක් නමකට දන් දෙමුදැයි කීවේය. බිරිඳද අපි දිළින්දෝයි. ඔබ පොරොන්දුවූයේ ඇයිදැයි නොකියා ස්වාමීනි, ඔබ කෙළේ යහපත් දෙයකි. අපි පෙරත් කිසිවක් නොදී දැන් දිළිඳුව සිටිමු. අපි දෙන්නාම කුලියක්කොට එක් නමකට දන්දෙමුයි දෙදෙනාම ගෙදරින් පිටත්ව බැළකරන තැනකට ගියාහුය.

මහාසෙට‍්ඨි තං දිස‍්වා “කිං, සම‍්ම මහාදුග‍්ගත, භතිං කරිස‍්සසී”ති පුච‍්ඡි. “ආම, අය්‍යා”ති. “කිං කරිස‍්සසී”ති? “යං තුම‍්හෙ කාරෙස‍්සථ, තං කරිස‍්සාමී”ති. “තෙන හි මයං ස‍්වෙ ද‍්වෙ තීණි භික‍්ඛුසතානි භොජෙස‍්සාම, එහි, දාරූනි ඵාලෙහී”ති වාසිඵරසුං නීහරිත්‍වා දාපෙසි. මහාදුග‍්ගතො දළ‍්හං කච‍්ඡං බන්‍ධිත්‍වා මහුස‍්සාහප‍්පත‍්තො වාසිං පහාය ඵරසුං ගණ‍්හන‍්තො, ඵරසුං පහාය වාසිං ගණ‍්හන‍්තො දාරූනි ඵාලෙති.

මහසිටුවරයා, මහදුගියා දැක, මොකද යහලු මහදුගිය කුලීවැඩක් කරන්නෙහිදැයි ඇසීය. ආර්යයෙනි, එසේය. කුමක්ද කරන්නේ? ඔබ කියන වැඩක් කරන්නෙමි. එසේනම්, මම හෙට දෙතුන්සීයක් භික්‍ෂූන්ට දන් වළඳවන්නෙමි. එන්න, දරපලා දෙවයි වෑ පොරෝ ගෙනවුත් දෙවීය. මහදුගියාද තදකොට අමුඩය ගසා මහත් උත්සාහයෙන් වෑය හැර දමා පොරොව ගනිමින්, පොරොව තබා වෑය ගනිමින් දර පලයි.

අථ නං සෙට‍්ඨි ආහ – “සම‍්ම, ත්‍වං අජ‍්ජ අතිවිය උස‍්සාහප‍්පත‍්තො කම‍්මං කරොසි, කිං නු ඛො කාරණ”න‍්ති? “සාමි, අහං ස‍්වෙ එකං භික‍්ඛුං භොජෙස‍්සාමී”ති. තං සුත්‍වා සෙට‍්ඨි පසන‍්නමානසො චින‍්තෙසි – “අහො ඉමිනා දුක‍්කරං කතං, ‘අහං දුග‍්ගතො’ති තුණ‍්හීභාවං අනාපජ‍්ජිත්‍වා ‘භතිං කත්‍වා එකං භික‍්ඛුං භොජෙස‍්සාමී’ති වදතී”ති. සෙට‍්ඨිභරියාපි තස‍්ස භරියං දිස‍්වා, “අම‍්ම, කිං කම‍්මං කරිස‍්සසී”ති පුච‍්ඡිත්‍වා “යං තුම‍්හෙ කාරෙස‍්සථ, තං කරොමී”ති වුත‍්තෙ උදුක‍්ඛලසාලං පවෙසෙත්‍වා සුප‍්පමුසලාදීනි දාපෙසි. සා නච‍්චන‍්තී විය තුට‍්ඨපහට‍්ඨා වීහිං කොට‍්ටෙති චෙව ඔඵුණාති ච.

ඉන්පසු සිටුවරයා යහළුව, අද ඔබ ඉතාමත් උත්සාහයෙන් වැඩ කරන්නෙහිය. ඒ කුමන කරුණක් නිසාද? ස්වාමීනි, මම අද එක් භික්ෂුවක් වළඳවන්නෙමියි කීය. ඒ අසා සිටුවරයා පැහැදුණු සිතින්, අනේ මොහු දුෂ්කර දෙයක් කරයි. මම දුප්පතෙක්මියි නිහඬ බවට නොපැමිණ බැළමෙහෙකොට එක් භික්‍සුවක් වළඳවන්නෙමියි කියයි යනුවෙන් සිතීය. සිටුබිරිඳත් ඔහුගේ භාර්යාව දැක මෑණියනි, කිනම් වැඩක් කරන්නෙහිදැයි අසා ඔබ භාරකරන ඕනෑම වැඩක් කරන්නෙමියි කීකල්හි, වංගෙඩි ශාලාවට රැගෙන ගොස් කුලු මෝල්ගස් ආදිය දෙව්වාය. ඈ නටන්නියක මෙන් තුටුපහටුව වී කොටයි. වී පෙළීමද කරයි.

අථ නං සෙට‍්ඨිභරියා පුච‍්ඡි – “අම‍්ම, ත්‍වං අතිවිය තුට‍්ඨපහට‍්ඨා කම‍්මං කරොසි, කිං නු ඛො කාරණ”න‍්ති? “අය්‍යෙ, ඉමං භතිං කත්‍වා මයම‍්පි එකං භික‍්ඛුං භොජෙස‍්සාමා”ති. තං සුත්‍වා සෙට‍්ඨිභරියාපි තස‍්සං “අහො වතායං දුක‍්කරකාරිකා”ති පසීදි. සෙට‍්ඨි මහාදුග‍්ගතස‍්ස දාරූනං ඵාලිතකාලෙ “අයං තෙ භතී”ති සාලීනං චතස‍්සො නාළියො දාපෙත්‍වා “අයං තෙ තුට‍්ඨිදායො”ති අපරාපි චතස‍්සො නාළියො දාපෙසි.

ඉන්පසු සිටුබිරිඳ, මෑණියනි, ඔබ ඉතා සතුටින් වැඩ කරයි. කාරණය කුමක්දැයි ඇසුවාය. ආර්යාවනි, මේ බැළමෙහෙ කොට මාත් එක් භික්‍ෂුවක් වළඳවන්නෙමියි කීවාය. ඒ අසා සිටුබිරිඳත් අනේ මෑ දුෂ්කර දෙයක් කරන්නීයයි පැහැදුණාය. සිටුවරයා, මහදුගියා දර පැලූ කාලයෙහි, මේ ඔබේ බැළයයයි සහල්නැලි සතරක් දෙවා, මේ මා සතුටෙන් දෙන කොටසයයි තවත් සතරනැලියක් දෙවීය.

සො ගෙහං ගන‍්ත්‍වා භරියං ආහ – “මයා භතිං කත්‍වා සාලි ලද‍්ධො, අයං නිවාපො භවිස‍්සති, තයා ලද‍්ධාය භතියා දධිතෙලකටුකභණ‍්ඩානි ගණ‍්හාහී”ති. සෙට‍්ඨිභරියාපි පුන තස‍්සා එකං සප‍්පිකරොටිකඤ‍්චෙව දධිභාජනඤ‍්ච කටුකභණ‍්ඩඤ‍්ච සුද‍්ධතණ‍්ඩුළිනාළිඤ‍්ච දාපෙසි. ඉති ච උභින‍්නම‍්පි නව තණ‍්ඩුලනාළියො අහෙසුං. තෙ “දෙය්‍යධම‍්මො නො ලද‍්ධො”ති තුට‍්ඨහට‍්ඨා පාතොව උට‍්ඨහිංසු. භරියා මහාදුග‍්ගතං ආහ – “ගච‍්ඡ, සාමි, පණ‍්ණං පරියෙසිත්‍වා ආහරා”ති. සො අන‍්තරාපණෙ පණ‍්ණං අදිස‍්වා නදීතීරං ගන‍්ත්‍වා “අජ‍්ජ අය්‍යානං භොජනං දාතුං ලභිස‍්සාමී”ති පහට‍්ඨමානසො ගායන‍්තො පණ‍්ණං උච‍්චිනති. මහාජාලං ඛිපිත්‍වා ඨිතො කෙවට‍්ටො “මහාදුග‍්ගතස‍්ස සද‍්දෙන භවිතබ‍්බ”න‍්ති තං පක‍්කොසිත්‍වා පුච‍්ඡි – “අතිවිය තුට‍්ඨචිත‍්තො ගායසි, කිං නු ඛො කාරණ”න‍්ති? “පණ‍්ණං උච‍්චිනාමි, සම‍්මා”ති. “කිං කරිස‍්සසී”ති? “එකං භික‍්ඛුං භොජෙස‍්සාමී”ති. “අහො සුඛිතො, භික‍්ඛු, සො තව කිං පණ‍්ණං ඛාදිස‍්සතී”ති? “කිං කරොමි, සම‍්ම, අත‍්තනා ලද‍්ධපණ‍්ණෙන භොජෙස‍්සාමී”ති? “තෙන හි එහී”ති. “කිං කරොමි, සම‍්මා”ති?

හෙතෙම ගෙට ගොස් බිරිඳ අමතා මම බැළකොට සහල් ලැබුවෙමි. ඒවා බත් පිණිස යොදාගත හැකිය. ඔබ ලැබූ බැළයෙන් දී තෙල් දර කුළුබඩු ආදිය ගන්නැයි කීය. සිටුබිරිඳත් ඈට ගිතෙල් පිරවූ බඳුනක් දී කුළුබඩුද පිරිසිදු හාල් නැලියක්ද දෙවීය. මෙසේ දෙදෙනාට සහල්නැලි පහක් ලැබුණේය. ඔවුහු දියයුතු දෑ අපට ලැබුණේයයි තුටුපහටුව උදෑසනම අවදිවූහ. බිරිඳ මහදුගියාට ස්වාමීනි, යන්න. කොළවර්ග සොයාගෙන එවයි කීවාය. හෙතෙම ඇතුළු වෙළඳ සැලෙහි කොළවර්ග නොදැක ගංතෙරට ගොස් අද ආර්යයන්ට භෝජන දීමට ලැබුණේයයි ප්‍රීතියෙන් ගායනා කරමින් කොළ රැස් කරයි. මහදැලක් දමා සිටි කෙවුලෙක් ඒ ශබ්දය අසා මහදුගියාගේ වියයුතුයයි සිතා, ඔහු කැඳවා, කිනම් කරුණක් නිසා අද සතුටින් ගායනා කරන්නෙහිදැයි ඇසීය. යහළුව කොළපලා එකතු කරන්නෙමියි කීය. එයින් කරන්නේ කුමක්ද? එක් භික්‍ෂුවක් වළඳවන්නෙමි. අනේ, සැපසේ සිටින ඒ භික්‍ෂුව තොපගේ පලාකොළ වළඳන්නෙහිද? යහළුව, කුමක් කරන්ටද, මේ සොයාගත් කොළවලින් වළඳවන්නෙමි. එසේනම් මෙහ එව. යහළුව කුමක් කරන්ටද?

“ඉමෙ මච‍්ඡෙ ගහෙත්‍වා පාදග‍්ඝනකානි අඩ‍්ඪග‍්ඝනකානි කහාපණග‍්ඝනකානි ච උද‍්දානානි කරොහී”ති. සො තථා අකාසි. බද‍්ධබද‍්ධෙ මච‍්ඡෙ නගරවාසිනො නිමන‍්තිතනිමන‍්තිතානං භික‍්ඛූනං අත්‍ථාය හරිංසු. තස‍්ස මච‍්ඡුද‍්දානානි කරොන‍්තස‍්සෙව භික‍්ඛාචාරවෙලා පාපුණි. සො වෙලං සල‍්ලක‍්ඛෙත්‍වා “ගමිස‍්සාමහං, සම‍්ම, අයං භික‍්ඛූනං ආගමනවෙලා”ති ආහ. “අත්‍ථි පන කිඤ‍්චි මච‍්ඡුද‍්දාන”න‍්ති? “නත්‍ථි, සම‍්ම, සබ‍්බානි ඛීණානී”ති. “තෙන හි මයා අත‍්තනො අත්‍ථාය වාලුකාය නිඛණිත්‍වා චත‍්තාරො රොහිතමච‍්ඡා ඨපිතා, සචෙ භික‍්ඛුං භොජෙතුකාමොසි, ඉමෙ ගහෙත්‍වා ගච‍්ඡා”ති තෙ මච‍්ඡෙ තස‍්ස අදාසි.

මේ මසුත් රැගෙන, පාදයක් අගනා, පාදභාගයක් අගනා, කහවණුවක් අගනා ආදි වශයෙන් මාළුවැල් තනන්නැයි කීවේය. හෙතෙම එසේ කෙළේය. ඇමුණූ ඇමුණූ මාළුවැල් ආරාධනය කළ භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස නගරවැසියෝ ගෙනගියහ. ඔහු මාළුවැල් තනතනා සිටිද්දීම පිඬුසිඟා වඩින වේලාවද පැමිණියේය. හෙතෙම වේලාව ගැන සලකා, යහළුව මේ පිඬුපිණිස භික්ෂූන් වඩින වේලාවයි. එනිසා මම යන්නෙමියි කීය. තවත් මාළුවැල් ඉතිරිව තිබේද? යහළුව නැත. සියල්ල අවසන් විය. එසේනම්, මම මගේ ප්‍රයෝජනය පිණිස වැල්ලේ වැළලූ රෝහිත මසුන් සතරදෙනෙක් ඇත. භික්ෂූන් වළඳවනු කැමැත්තෙහි නම් ඒ මසුන් ගෙනයවයි ඔහුට ඒ මසුන් දුන්නේය.

තං දිවසං පන සත්‍ථා පච‍්චූසකාලෙ ලොකං වොලොකෙන‍්තො මහාදුග‍්ගතං අත‍්තනො ඤාණජාලස‍්ස අන‍්තො පවිට‍්ඨං දිස‍්වා “කිං නු ඛො භවිස‍්සතී”ති ආවජ‍්ජෙන‍්තො “මහාදුග‍්ගතො ‘එකං භික‍්ඛුං භොජෙස‍්සාමී’ති භරියාය සද‍්ධිං හිය්‍යො භතිං අකාසි, කතරං නු ඛො භික‍්ඛුං ලභිස‍්සතී”ති චින‍්තෙත්‍වා “මනුස‍්සා පණ‍්ණෙ ආරොපිතසඤ‍්ඤාය භික‍්ඛූ ගහෙත්‍වා අත‍්තනො අත‍්තනො ගෙහෙසු නිසීදාපෙස‍්සන‍්ති, මහාදුග‍්ගතො මං ඨපෙත්‍වා අඤ‍්ඤං භික‍්ඛුං න ලභිස‍්සතී”ති උපධාරෙසි. බුද‍්ධා කිර දුග‍්ගතෙසු අනුකම‍්පං කරොන‍්ති. තස‍්මා සත්‍ථා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා “මහාදුග‍්ගතං සඞ‍්ගණ‍්හිස‍්සාමී”ති ගන්‍ධකුටිං පවිසිත්‍වා නිසීදි.

එදවස ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් ඒ මහදුගියා තමන්ගේ ඤාණදැලට ඇතුළත්වූ බව දැක කුමක් වන්නේදැයි විමසා බලනසේක්, මහදුගියා එක් භික්‍ෂුවක් වළඳවන්නෙමියි භාර්යාවත් සමග ඊයේ බැළමෙහෙවර කෙළේය. කවර නම් භික්‍ෂුවක් ලබන්නේදැයි සිතා මිනිස්සු ලියාගත් පිළිවෙලට භික්‍ෂූන් වැඩමවා තමන්ගේ ගෙවල්වල වඩාහිඳුවා ගන්නාහ. මහදුගියාට මා හැර වෙනත් භික්‍ෂුවක් නොලැබෙන්නේයයිද දුටුවහ. බුදුවරු නම් දුගියන් කෙරෙහි අනුකම්පාව දක්වන්නෝය. එහෙයින් උදෑසනම සිරුරුකිස නිමවා මහදුගියාට සංග්‍රහ කරන්නෙමියි ගඳකිළියට පිවිසි වැඩහුන්සේක.

මහාදුග‍්ගතෙපි මච‍්ඡෙ ගහෙත්‍වා ගෙහං පවිසන‍්තෙ සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො “කිං නු ඛො කාරණ”න‍්ති ඔලොකෙන‍්තො “හිය්‍යො, මහාදුග‍්ගතො ‘එකස‍්ස භික‍්ඛුනො භික‍්ඛං දස‍්සාමී’ති අත‍්තනො භරියාය සද‍්ධිං භතිං අකාසි, කතරං නු ඛො භික‍්ඛුං ලභිස‍්සතී”ති චින‍්තෙත්‍වා “නත්‍ථෙතස‍්ස අඤ‍්ඤො භික‍්ඛු, සත්‍ථා පන මහාදුග‍්ගතස‍්ස සඞ‍්ගහං කරිස‍්සාමී”ති ගන්‍ධකුටියං නිසින‍්නො. මහාදුග‍්ගතො අත‍්තනො උපකප‍්පනකං යාගුභත‍්තං පණ‍්ණසූපෙය්‍යම‍්පි තථාගතස‍්ස දදෙය්‍ය, “යංනූනාහං මහාදුග‍්ගතස‍්ස ගෙහං ගන‍්ත්‍වා භත‍්තකාරකකම‍්මං කරෙය්‍ය”න‍්ති අඤ‍්ඤාතකවෙසෙන තස‍්ස ගෙහසමීපං ගන‍්ත්‍වා “අත්‍ථි නු ඛො කස‍්සචි කිඤ‍්චි භතියා කාතබ‍්බ”න‍්ති පුච‍්ඡි. මහාදුග‍්ගතො තං දිස‍්වා ආහ – “සම‍්ම, කිං කම‍්මං කරිස‍්සසී”ති? “අහං, සාමි, සබ‍්බසිප‍්පිකො, මය‍්හං අජානනසිප‍්පං නාම නත්‍ථි, යාගුභත‍්තාදීනිපි සම‍්පාදෙතුං ජානාමී”ති. “සම‍්ම, මයං තව කම‍්මෙන අත්‍ථිකා, තුය‍්හං පන කිඤ‍්චි දාතබ‍්බං භතිං න පස‍්සාමා”ති.

මහදුගියා මසුන් රැගෙන ගෙට පිවිසෙද්දී ශක්‍රයාගේ පණ්ඩුකම්බල ශෛලාසනය උණුසුම් අයුරක් දැක්වීය. ශක්‍රතෙම කුමක් නිසා මෙසේ වීදැයි සලකාබලන විට ඊයේ මහදුගියා එක් භික්‍ෂුනමකට දන් දෙන්නෙමියි තම බිරිඳත් සමග බැළමෙහෙවර කෙළේය. කිනම් භික්‍ෂුවක් මොහුට ලැබේදැයි බැලූ විට මොහුට වෙනත් භික්‍ෂුවක් නොලැබෙයි, ශාස්තෘන්වහන්සේ මහදුගියාට සංග්‍රහ කරන්නෙමියි ගන්ධකුටියෙහි වැඩහුන්සේක්, මහදුගියා තම ශක්ති ප්‍රමාණයෙන් කැඳබත් වෙනත් කැවිලිවර්ග බුදුන්ට පිළිගන්වමියි සිතයි. මා මහදුගියාගේ ගෙදරට ගොස් බත්පිසීම් ආදි වැඩ කරදීම ඉතා මැනවයි සිතා වෙනත් වෙසකින් ඔහුගේ ගේ සමීපයට ගොස් කිසියම් කුලීවැඩක් කරන්ට ඇද්දැයි ඇසීය. මහදුගියා ඔහු දැක යහලුව ඔබ කිනම් කර්මාන්ත කරන්නෙහි දැයි ඇසීය. ස්වාමීනි, මම හැම වැඩක්ම දන්නෙමි. මා නොදන්නා ශිල්පයක් නම් නැත. යටත්පිරිසෙයින් කැඳබත් සම්පාදනය පවා දන්නෙමි. ඔබට කළයුතු වැඩය කුමක්ද? යහළුව, ඔබලවා කරවා ගත යුතු වැඩක් ඇති නමුත් ඒ සඳහා ගෙවිය යුතු බැළයක් මාළඟ නැත.

“කිං පන තෙ කත‍්තබ‍්බ”න‍්ති? “එකස‍්ස භික‍්ඛුස‍්ස භික‍්ඛං දාතුකාමොම‍්හි, තස‍්ස යාගුභත‍්තසංවිධානං ඉච‍්ඡාමී”ති. “සචෙ භික‍්ඛුස‍්ස භික‍්ඛං දස‍්සසි, න මෙ භතියා අත්‍ථො, කිං මම පුඤ‍්ඤං න වට‍්ටතී”ති? “එවං සන‍්තෙ සාධු, සම‍්ම, පවිසා”ති. සො තස‍්ස ගෙහං පවිසිත්‍වා තෙලතණ‍්ඩුලාදීනි ආහරාපෙත්‍වා “ගච‍්ඡ, අත‍්තනො පත‍්තභික‍්ඛුං ආනෙහී”ති තං උය්‍යොජෙසි. දානවෙය්‍යාවටිකොපි පණ‍්ණෙ ආරොපිතනියාමෙනෙව තෙසං තෙසං ගෙහානි භික‍්ඛූ පහිණි.

ඔබට අවශ්‍ය වැඩය කුමක්ද? මම එක් භික්‍ෂුවකට දානය දෙනු කැමැත්තෙමි. උන්වහන්සේට කැඳබත් පිළියෙල කර ගැනීමට බලාපොරොත්තු වෙමි. ඉදින් භික්‍ෂුනමකට දානය දෙන්නෙහි නම් මට බැළයෙන් කම් නැත. මටත් පින් අවශ්‍ය නිසායයි කීය. යහළුව එසේනම් ඇතුළට එන්න. හෙතෙම ඔහුගේ ගෙට පිවිසී සහල් ආදිය ගෙන්වා ගෙන, දැන් ඔබ යන්න. තමන්ට ලැබුණු භික්‍ෂුව කැඳවාගෙන එන්නැයි ඔහු පිටත්කර හැරියේය. දානසංවිධායකයාත් කොළයේ ලියාගත් ආකාරයෙන්ම ඒ ඒ ගෙවල්වලට භික්‍ෂූන් යැව්වේය.

මහාදුග‍්ගතො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “මය‍්හං පත‍්තභික‍්ඛුං දෙහී”ති ආහ. සො තස‍්මිං ඛණෙ සතිං ලභිත්‍වා “අහං තව භික‍්ඛුං පමුට‍්ඨො”ති ආහ. මහාදුග‍්ගතො තිඛිණාය සත‍්තියා කුච‍්ඡියං පහටො විය, “සාමි, කස‍්මා මං නාසෙසි, අහං තයා හිය්‍යො සමාදපිතො භරියාය සද‍්ධිං දිවසං භතිං කත්‍වා අජ‍්ජ පාතොව පණ‍්ණත්‍ථාය නදීතීරෙ ආහිණ‍්ඩිත්‍වා ආගතො, දෙහි මෙ එකං භික‍්ඛු”න‍්ති බාහා පග‍්ගය‍්හ පරිදෙවි.

මහදුගියා ඔහු ළඟට ගොස් මට ලැබුණු භික්‍ෂුව දෙන්නැයි ඉල්ලීය. හෙතෙම ඒ වේලාවෙහි එය මතක්වී, මම ඔබ වෙනුවෙන් භික්‍ෂුවක් වෙන්කොට නැතැයි කීය. මහදුගියා තියුණු අවියකින් බඩට ඇන්නාක් මෙන්, යහළුව, කුමක් නිසා, මා නසන්නෙහිද? මම ඊයේ නුඹ සමග දන් දෙන්ට සම්මාදන් වීමි. බිරිඳත් සමග බැලමෙහෙකොට බ ලා සොයා ගංතෙර ඇවිද ආවෙමි. මට එක් භික්‍ෂුවක් දෙවයි හිසඅත් බැඳගෙන හඬා වැළපුණේය.

මනුස‍්සා සන‍්නිපතිත්‍වා “කිමෙතං, මහාදුග‍්ගතා”ති පුච‍්ඡිංසු. සො තමත්‍ථං ආරොචෙසි. තෙ වෙය්‍යාවටිකං පුච‍්ඡිංසු – “සච‍්චං කිර, සම‍්ම, තයා එස ‘භතිං කත්‍වා එකස‍්ස භික‍්ඛුස‍්ස භික‍්ඛං දෙහී’ති සමාදපිතො”ති? “ආම, අය්‍යා”ති.

මිනිස්සු එතැනට රැස්ව මේ කිමෙක්දැයි මහදුගියාගෙන් ඇසුවාහුය. හෙතෙම ඒ කරුණ පැවසීය. ඔවුහු දානසංවිධායකයාගෙන්, යහළුව, බැළමෙහෙ කොට භික්‍ෂුනමකට භික්ෂාව දෙවයි ඔබ මොහු සම්මාදන් කරවීම සත්‍යදැයි ඇසූහ. ආර්යයෙනි ඒ එසේයයි කීය.

“භාරියං තෙ කම‍්මං කතං, යො ත්‍වං එත‍්තකෙ භික‍්ඛූ සංවිදහන‍්තො එතස‍්ස එකං භික‍්ඛුං නාදාසී”ති. සො තෙසං වචනෙන මඞ‍්කුභූතො තං ආහ – “සම‍්ම මහාදුග‍්ගත, මා මං නාසයි, අහං තව කාරණා මහාවිහෙසං පත‍්තො, මනුස‍්සා පණ‍්ණෙ ආරොපිතනියාමෙන අත‍්තනො අත‍්තනො පත‍්තභික‍්ඛූ නයිංසු, අත‍්තනො ගෙහෙ නිසින‍්නභික‍්ඛුං නීහරිත්‍වා දෙන‍්තො නාම නත්‍ථි, සත්‍ථා පන මුඛං ධොවිත්‍වා ගන්‍ධකුටියමෙව නිසින‍්නො, රාජයුවරාජසෙනාපතිආදයො සත්‍ථු ගන්‍ධකුටිතො නික‍්ඛමනං ඔලොකෙන‍්තා නිසින‍්නා සත්‍ථු පත‍්තං ගහෙත්‍වා ‘ගමිස‍්සාමා’ති. බුද‍්ධා නාම දුග‍්ගතෙ අනුකම‍්පං කරොන‍්ති, ත්‍වං විහාරං ගන‍්ත්‍වා ‘දුග‍්ගතොම‍්හි, භන‍්තෙ, මම සඞ‍්ගහං කරොථා’ති සත්‍ථාරං වන්‍ද, සචෙ තෙ පුඤ‍්ඤං අත්‍ථි, අද‍්ධා ලච‍්ඡසී”ති. සො විහාරං අගමාසි.

මෙතරම් භික්‍ෂූන් ගණනක් දානය සඳහා සංවිධාන කරන ඔබ මොහුට භික්‍ෂුවක් නියමකර නොදීමෙන් කරනලද්දේ බරපතල වැරැද්දකි. ඔහු ඔවුන්ගේ වචනයෙන් අන්දමන්දවී ඔහු අමතා, යහළු මහදුගියාණනි, ඔබ මා නොනසව. ඔබේ මේ කාරණය නිසා මම මහත් වෙහෙසට පත්වීමි. මිනිස්සු ලේඛනයෙහි ලිවූ ආකාරයෙන් තම තමන්ට නියමවුණු භික්‍ෂූන් කැඳවාගෙන ගියහ. තමන්ගේ ගෙදර වැඩසිටි භික්ෂුවක් ආපසු හරවාදීම කළ නොහැක්කකි. බුදුරජාණන්වහන්සේ මුවසෝදා ගන්ධකුටියෙහිම වැඩසිටිසේක් රජ යුවරජ සෙන්පති ආදීහු බුදුන් ගඳකිළියෙන් නික්මෙන විට පාත්‍රය රැගෙන යමුයි බලා සිටියහ. බුදුවරු දුප්පතුන්ට අනුකම්පා කෙරෙති. විහාරයට ගොස් ස්වාමීනි, මම දුප්පතෙක්මි. මට සංග්‍රහ කළ මැනවැයි බුදුන් වඳුව. ඉදින් ඔබට පින ඇත්නම් ඒකාන්තයෙන්ම ලබන්නෙහියයි කියා හෙතෙම විහාරයට ගියේය.

අථ නං අඤ‍්ඤෙසු දිවසෙසු විහාරෙ විඝාසාදභාවෙන දිට‍්ඨත‍්තා රාජයුවරාජාදයො, “මහාදුග‍්ගත, න තාව භත‍්තකාලො, කස‍්මා ත්‍වං ආගච‍්ඡසී”ති ආහංසු. සො “ජානාමි, සාමි, ‘න තාව භත‍්තකාලො’ති. සත්‍ථාරං පන වන්‍දිතුං ආගච‍්ඡාමී”ති වදන‍්තො ගන‍්ත්‍වා ගන්‍ධකුටියා උම‍්මාරෙ සීසං ඨපෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, ඉමස‍්මිං නගරෙ මයා දුග‍්ගතතරො නත්‍ථි, අවස‍්සයො මෙ හොථ, කරොථ මෙ සඞ‍්ගහ”න‍්ති ආහ.

වෙනත් දිනවල බඩගිනි නිසා පැමිණෙන මහදුගියා දුටු අනිත් අයත් යුවරාජමහාරාජදීනුත් ඔහු අමතා, මහදුගිය, තවමත් බත්වේලාව ආවේ නැත. කුමක් නිසා එහි යන්නෙහිදැයි ඇසූහ. හෙතෙම ස්වාමීනි, තවමත් බත්වේලාව නොවන බව මම දනිමි. මම බුදුන් වඳින්ට යන්නෙමියි කියමින් ගොස් ගන්ධකුටියේ උළුවහු එළිපත්ත උඩ හිස තියා පසඟපිහිටුවා වැඳ ස්වාමීනි, මේ නගරයෙහි මට වඩා දුප්පතෙක් නැත. අවශ්‍යයෙන්ම මට සංග්‍රහ කරනු මැනවියයි කීවේය.

සත්‍ථා ගන්‍ධකුටිද‍්වාරං විවරිත්‍වා පත‍්තං නීහරිත්‍වා තස‍්ස හත්‍ථෙ ඨපෙසි. සො චක‍්කවත‍්තිසිරිං පත‍්තො විය අහොසි, රාජයුවරාජාදයො අඤ‍්ඤමඤ‍්ඤස‍්ස මුඛානි ඔලොකයිංසු. සත්‍ථාරා දින‍්නපත‍්තඤ‍්හි කොචි ඉස‍්සරියවසෙන ගහෙතුං සමත්‍ථො නාම නත්‍ථි. එවං පන වදිංසු, “සම‍්ම මහාදුග‍්ගත, සත්‍ථු පත‍්තං අම‍්හාකං දෙහි එත‍්තකං නාම තෙ ධනං දස‍්සාම, ත්‍වං දුග‍්ගතො ධනං ගණ‍්හාහි, කිං තෙ පත‍්තෙනා”ති? මහාදුග‍්ගතො “න කස‍්සචි දස‍්සාමි, න මෙ ධනෙන අත්‍ථො, සත්‍ථාරංයෙව භොජෙස‍්සාමී”ති ආහ. අවසෙසා තං යාචිත්‍වා පත‍්තං අලභිත්‍වා නිවත‍්තිංසු.

ශාස්තෘන්වහන්සේ ගඳකිළියේ දොර හැර පාත්‍රය ගෙන ඔහු අත තැබූහ. ඔහුට සක්විතිරජකම ලැබුණාක් මෙන් විය. රාජයුවරාජාදීහු ඔවුනොවුන්ගේ මුහුණු බලාගත්හ. මහදුගියාට ශාස්තෘන්වහන්සේ දුන් පාත්‍රය මොනව ඉසුරුමතෙකුට හෝ ගත නොහැකිය. ඔවුහු මෙසේ කීහ. යහළු දුග්ගතය, බුදුන්ගේ පාත්‍රය අපට දෙව. තොපට මෙපමණ ධනයක් දෙන්නෙමු. ඔබ දුප්පත්ය. ධනය ගනුව. ඔබට පාත්‍රයෙන් වැඩක් නැතැයි කීවාහුය. මහදුගියා, නැත. මමම බුදුන් වළඳවන්නෙමියි කීය. සෙස්සෝ එය ඉල්වා පාත්‍රය නොලබා නැවතුණාහ.

රාජා පන “මහාදුග‍්ගතො ධනෙන පලොභියමානොපි සත්‍ථු පත‍්තං න දෙති, සත්‍ථාරා ච සයං දින‍්නපත‍්තං කොචි ගහෙතුං න සක‍්කොති, ඉමස‍්ස දෙය්‍යධම‍්මො නාම කිත‍්තකො භවිස‍්සති, ඉමිනා දෙය්‍යධම‍්මස‍්ස දින‍්නකාලෙ සත්‍ථාරං ආදාය ගෙහං නෙත්‍වා මය‍්හං සම‍්පාදිතං ආහාරං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා සත්‍ථාරා සද‍්ධිංයෙව අගමාසි. සක‍්කොපි දෙවරාජා යාගුඛජ‍්ජකභත‍්තසූපෙය්‍යපණ‍්ණාදීනි සම‍්පාදෙත්‍වා සත්‍ථු නිසීදනාරහං ආසනං පඤ‍්ඤපෙත්‍වා නිසීදි.

රජ මෙසේ සිතීය, මහදුගියා ධනයෙන්න පොළොඹවන්නේ නමුත් බුදුන්ගේ පාත්‍රය නොදෙයි. බුදුරදුන්ද තමන්ම දෙන ලදහ. පාත්‍රය කිසිවෙකුටත් ගතනොහැකිය. මොහුට එතරම් දියහැකි දෙයකුත් නැත. මොහු කුමක් හෝ දෙයක් දුන්කල බුදුනුත් වැඩමවා ගෙන රජගෙදරට ගොස් මා උදෙසා සම්පාදිත ආහාර දෙන්නෙමියි සිතා බුදුරදුන් සමගම ගියේය. සක්දෙව්රජුත් කැඳබත්පලා ආදිය පිළියෙල කොට බුදුරදුන්ට වැඩ සිටීමට සුදුසු අසුනකුත් පනවා බලාසිටියේය.

මහාදුග‍්ගතො සත්‍ථාරං නෙත්‍වා “පවිසථ, භන‍්තෙ”ති ආහ. වසනගෙහඤ‍්චස‍්ස නීචං හොති, අනොනතෙන පවිසිතුං න සක‍්කා. බුද‍්ධා ච නාම ගෙහං පවිසන‍්තා න ඔනමිත්‍වා පවිසන‍්ති. ගෙහඤ‍්හි පවිසනකාලෙ මහාපථවී වා හෙට‍්ඨා ඔගච‍්ඡති, ගෙහං වා උද‍්ධං ගච‍්ඡති. ඉදං තෙසං සුදින‍්නදානස‍්ස ඵලං. පුන නික‍්ඛමිත්‍වා ගතකාලෙ සබ‍්බං පාකතිකමෙව හොති. තස‍්මා සත්‍ථා ඨිතකොව ගෙහං පවිසිත්‍වා සක‍්කෙන පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි.

මහදුගියා බුදුරදුන් වැඩමවාගෙන අවුත් ස්වාමීනි ගේ තුළට වඩින්නැයි කීවේය. ඔහු වසන ගෙය කුඩාය. මිටිය. නොනැමී ඇතුළට යානොහැක. බුදුවරු ගෙයකට පිවිසෙනකල නැමී නොපිවිසෙත. පිවිසෙනකල ගෙයම මහපොළොව යටට හෝ උඩට යයි. මෙය උන්වහන්සේලාගේ දන්දීමේ ඵලයයි. නැවත නික්මී ගියකල සියල්ල මුලින් තිබුණු ප්‍රකෘතියටම පැමිණෙයි. එහෙයින් බුදුරජාණන්වහන්සේ හිටගෙනම ගෙට ඇතුල්වී ශක්‍රයා පැනවූ අසුනෙහි වැඩසිටිසේක.

සත්‍ථරි නිසින‍්නෙ රාජා ආහ – “සම‍්ම මහාදුග‍්ගත, තයා අම‍්හාකං යාචන‍්තානම‍්පි සත්‍ථු පත‍්තො න දින‍්නො, පස‍්සාම තාව, කීදිසො තෙ සත්‍ථු සක‍්කාරො කතො”ති? අථස‍්ස සක‍්කො යාගුඛජ‍්ජකාදීනි විවරිත්‍වා දස‍්සෙසි. තෙසං වාසගන්‍ධො සකලනගරං ඡාදෙත්‍වා අට‍්ඨාසි. රාජා යාගුආදීනි ඔලොකෙත්‍වා භගවන‍්තං ආහ – “භන‍්තෙ, ‘අහං මහාදුග‍්ගතස‍්ස දෙය්‍යධම‍්මො කිත‍්තකො භවිස‍්සති, ඉමිනා දෙය්‍යධම‍්මෙ දින‍්නෙ සත්‍ථාරං ගෙහං නෙත්‍වා අත‍්තනො සම‍්පාදිතං ආහාරං දස‍්සාමී’ති චින‍්තෙත්‍වා ආගතො, මයා එවරූපො ආහාරො න දිට‍්ඨපුබ‍්බො, මයි ඉධ ඨිතෙ මහාදුග‍්ගතො කිලමෙය්‍ය, ගච‍්ඡාමහ”න‍්ති සත්‍ථාරං වන්‍දිත්‍වා පක‍්කාමි. සක‍්කොපි සත්‍ථාරං යාගුආදීනි දත්‍වා සක‍්කච‍්චං පරිවිසි. සත්‍ථාපි කතභත‍්තකිච‍්චො අනුමොදනං කත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

බුදුන් වැඩහිඳි කල්හි රජ, යහළු මහදුගිය, ඔබ අප ඉල්ලා සිටියදීත් බුදුන්ගේ පාත්‍රය නුදුන්නේය. දැන් ඔබ බුදුන් උදෙසා පිළියෙල කළ දානසත්කාර කෙබඳුද? ඉන්පසු ශක්‍රයා කැඳබත් ආදිය ඇත භාජන විවෘත කොට පෙන්වීය. ඒවාහි මිහිරි සුවඳ මුළුනුවර පුරා පැතිරීගියේය. රජු කැඳබත් ආදිය බලා බුදුරදුන්ට මෙසේ දන්වා සිටියේය. ස්වාමීනි, මම මහදුගියාගේ දානවස්තුව කෙසේ වේදැයි සිතා, ඔහු දන් දුන්කල ඔබවහන්සේ රජගෙදරට වැඩමවා මා වෙනුවෙන් පිළියෙල කළ ආහාරය පිළිගන්වන්නෙමියි මෙහි ආවෙමි. එහෙත් මම මීට පෙර මෙබඳු ආහාරයක් දැක නැත්තෙමි. මා මෙහි සිටීම මහදුගියාට කරදරයකි. මම යන්නෙමියි බ බුදුන් වැඳ යන්ට ගියේය. ශක්‍රතෙමේත් බුදුරදුන්ට කැඳබත් ආදිය පිළිගන්වා මැනවින් වැළඳවීය. බුදුරජාණන්වහන්සේත් වළඳා අන්තයෙහි අනුමෝදනාකොට අසුනින් නැගිට වැඩමවූහ.

සක‍්කො මහාදුග‍්ගතස‍්ස සඤ‍්ඤං අදාසි. සො පත‍්තං ගහෙත්‍වා සත්‍ථාරං අනුගච‍්ඡි. සක‍්කො නිවත‍්තිත්‍වා මහාදුග‍්ගතස‍්ස ගෙහද‍්වාරෙ ඨිතො ආකාසං ඔලොකෙසි. තාවදෙව ආකාසතො සත‍්තරතනවස‍්සං වස‍්සිත්‍වා තස‍්ස ගෙහෙ සබ‍්බභාජනානි පූරෙත්‍වා සකලං ගෙහං පූරෙසි. තස‍්ස ගෙහෙ ඔකාසො නාහොසි. තස‍්ස භරියා දාරකෙ හත්‍ථෙසු ගහෙත්‍වා නීහරිත්‍වා බහි අට‍්ඨාසි.

ශක්‍රයා මහදුගියාට සංඥාවක් දුන්නේය. හෙතෙම පාත්‍රය ගෙන බුදුරදුන් අනුව ගියේය. ශක්‍රයා නැවතී මහදුගියාගේ ගෙදොර සිට අහස දෙස බැලීය. අහසින් සත්රුවන් වැස්සක් වැටී ඔහුගේ ගෙදර තිබුණු සියලු භාජන පිරී මුළු ගෙයමත් පිරී ගියේය. ඉන්පසු ඒ ගෙය තුළ ඉඩක් නැතිවිය. ඔහුගේ භාර්යාව දරුවන් අතින්ගෙන ගෙයින් පිටතටවී සිටියාය.

සො සත්‍ථාරං අනුගන‍්ත්‍වා නිවත‍්තො දාරකෙ බහි දිස‍්වා “කිං ඉද”න‍්ති පුච‍්ඡි. “සාමි, සකලං නො ගෙහං සත‍්තහි රතනෙහි පුණ‍්ණං, පවිසිතුං ඔකාසො නත්‍ථී”ති. සො “අජ‍්ජෙව මෙ දානෙන විපාකො දින‍්නො”ති චින‍්තෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා, “කස‍්මා ආගතොසී”ති වුත‍්තෙ ආහ –“දෙව, ගෙහං මෙ සත‍්තහි රතනෙහි පුණ‍්ණං, තං ධනං ගණ‍්හථා”ති. රාජා “අහො බුද‍්ධානං දින‍්නදානං, අජ‍්ජෙව මත්‍ථකං පත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා තං ආහ – “කිං තෙ ලද‍්ධුං වට‍්ටතී”ති? “ධනහරණත්‍ථාය සකටසහස‍්සං, දෙවා”ති. රාජා සකටසහස‍්සං පෙසෙත්‍වා ධනං ආහරාපෙත්‍වා රාජඞ‍්ගණෙ ඔකිරාපෙසි. තාලප‍්පමාණො රාසි අහොසි. රාජා නගරෙ සන‍්නිපාතාපෙත්‍වා “ඉමස‍්මිං නගරෙ අත්‍ථි කස‍්සචි එත‍්තකං ධන”න‍්ති පුච‍්ඡි. “නත්‍ථි, දෙවා”ති. “එවං මහාධනස‍්ස කිං කාතුං වට‍්ටතී”ති? “සෙට‍්ඨිට‍්ඨානං දාතුං වට‍්ටති, දෙවා”ති. රාජා තස‍්ස මහාසක‍්කාරං කත්‍වා සෙට‍්ඨිට‍්ඨානං දාපෙසි.

දුගියා බුදුන් අනුව ගොස් පැමිණ දරුවන් පිටත සිටිනු දැක මේ කිමෙක්දැයි ඇසීය. ස්වාමීනි, අපේ මුළු ගෙයම සත්රුවනින් පිරීගොස්ය. ඇතුළට යෑමටවත් ඉඩක් නැත. හෙතෙම අදම මා දුන් දනෙහි විපාක ලැබුණේයයි සිතා රජුන් ළඟට ගොස් වැඳ සිටියේය. ආවේ ඇයිදැයි ඇසූ විට, දේවයන් වහන්ස, මාගේ ගෙය සත්රුවනින් පිරීගොස්ය. ඒ ධනය භාරගනු මැනවි. රජු, අහෝ බුදුන්ට දුන් දානයෙහි විපාක අදම ලැබුණේයයි සිතා, ඔහුගෙන් මෙසේ ඇසීය. ඔබට කුමක් අවශ්‍යද? දේවයන්වහන්ස, ධනය ගෙන ඒම පිණිස මට ගැල් දාහක් අවශ්‍යයි. රජු ගැල්දහසක් යවා ධනයගෙන්වාගෙන රජමිදුලෙහි ගොඩගැස්වීය. තල්ගසක් පමණ උසට ගොඩ ගැසිණි. රජු නුවර වැස්සන් කැඳවා මේ නගරයෙහි කාට හෝ මෙතරම් ධනයක් ඇද්දැයි විමසීය. දේවයන්වහන්ස, නැතැයි කීහ. මේ ධනයට කුමක් කළයුතුද? දේවයන්වහන්ස, සිටුතනතුරක් දිය යුතුය. රජු ඔහුට මහත් සත්කාරකොට සිටුතනතුරු දුන්නේය.

අථස‍්ස පුබ‍්බෙ එකස‍්ස සෙට‍්ඨිනො ගෙහට‍්ඨානං ආචික‍්ඛිත්‍වා “එත්‍ථ ජාතෙ ගච‍්ඡෙ හරාපෙත්‍වා ගෙහං උට‍්ඨාපෙත්‍වා වසාහී”ති ආහ. තස‍්ස තං ඨානං සොධෙත්‍වා සමං කත්‍වා භූමියා ඛඤ‍්ඤමානාය අඤ‍්ඤමඤ‍්ඤං ආහච‍්ච නිධිකුම‍්භියො උට‍්ඨහිංසු. තෙන රඤ‍්ඤො ආරොචිතෙ “තව පුඤ‍්ඤෙන නිබ‍්බත‍්තා, ත්‍වමෙව ගණ‍්හාහී”ති ආහ. සො ගෙහං කාරෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං අදාසි. තතො පරම‍්පි යාවතායුකං තිට‍්ඨන‍්තො පුඤ‍්ඤානි කරිත්‍වා ආයුපරියොසානෙ දෙවලොකෙ නිබ‍්බත‍්තො.

පසුව ඔහුට, පෙර සිටි සිටුවරයෙකුගේ ගෙයක් තිබුණු තැනක් පෙන්වා මෙහි ඇත ගස් ඉවත්කරවා ගෙයක් ගොඩනගා වාසය කරවයි කීය. එතැන පිරිසිදු කර සමකරවා බිම කණිනවිට එකිනෙකට ගෑවී තිබෙන නිධාන කළගෙඩි රාශියක් හමුවිය. ඒ බව රජුට දැන්වූවිට මේවා ඔබේ පිනෙන් උපන් ඒවායි, එනිසා ඒ සියල්ල ඔබම ගන්නැයි කියා යැවීය. හෙතෙම ගෙයක් ගොඩනඟා සත් දිනක් බුද්ධප්‍රමුඛ මහාසංඝයා වෙත දන්දුන්නේය. ඉන්පසුවත් ආයු ඇතිතාක් පින් රැස්කරමින් සිට ආයුකෙළවර දෙව්ලොව ඉපදිනි.

එකං බුද‍්ධන‍්තරං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ තතො චුතො සාවත්‍ථියං සාරිපුත‍්තත්‍ථෙරස‍්සූපට‍්ඨාකකුලෙ සෙට‍්ඨිධීතු කුච‍්ඡියං පටිසන්‍ධිං ගණ‍්හි. අථස‍්සා මාතාපිතරො ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා ගබ‍්භපරිහාරං අදංසු. තස‍්සා අපරෙන සමයෙන එවරූපො දොහළො උප‍්පජ‍්ජි – “අහො වතාහං ධම‍්මදෙසනාපතිං ආදිං කත්‍වා පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං රොහිතමච‍්ඡරසෙන දානං දත්‍වා කාසායානි වත්‍ථානි නිවාසෙත්‍වා ආසනපරියන‍්තෙ නිසින‍්නා තෙසං භික‍්ඛූනං උච‍්ඡිට‍්ඨභත‍්තං පරිභුඤ‍්ජෙය්‍ය”න‍්ති. සා මාතාපිතූනං ආරොචෙත්‍වා තථා අකාසි, දොහළො පටිපස‍්සම‍්භි. අථස‍්සා තතො අපරෙසුපි සත‍්තසු මඞ‍්ගලෙසු රොහිතමච‍්ඡරසෙනෙව ධම‍්මසෙනාපතිත්‍ථෙරප‍්පමුඛානි පඤ‍්ච භික‍්ඛුසතානි භොජෙසුං. සබ‍්බං තිස‍්සකුමාරස‍්ස වත්‍ථුම‍්හි වුත‍්තනියාමෙනෙව වෙදිතබ‍්බං.

එක් බුද්ධාන්තරයක් දිව්‍යසම්පත් විඳ මේ බුද්ධොත්පාදකාලයෙහි එයින් චුතව අවුත් සැවැත්නුවර සැරියුත් තෙරණුවන්ගේ දායක පවුලක සිටුදුවණියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඉන්පසු ඇගේ මවුපියෝ ගැබ පිහිටිබව දැනගෙන ගැබ්පෙරහැර දුන්හ. පසුකලක ඈට එක් දොළදුකක් ඇතිවිය. අහෝ මට ධම්මසේනාපති සැරියුත් හිමියන් ප්‍රධාන පන්සීයක් භික්‍ෂූන්ට රෝහිතමත්ස්‍ය රසයෙන් යුත් දානයක්දී කසාවත් වස්ත්‍ර හැඳ පෙරවාගෙන ඒ අසුන් කෙළවරම හිඳගෙන ඒ භික්‍ෂූන්, වළඳා ඉතිරි ඉදුල් ආහර කෑමට ඇත්නම් යෙහෙකි යනු ඒ දොළදුකයි. ඈ මවුපියන්ට දන්වා එසේ කළාය. දොළදුක සංසිඳිණි. ඉන්පසු ඈ තවත් මංගලඅවස්ථා සතකදී රෝහිතමත්ෂ්‍ය රසයෙන් යුක්තවම දම්සෙනෙවි සැරියුත් හිමියන් ප්‍රමුඛ පන්සීයක් භික්‍ෂූන් වැළඳූවාය. මේ විස්තර සියල්ල තිස්ස කුමාර කථාවස්තුවට සම බව දත යුතුයි.

අයමස‍්ස පන මහාදුග‍්ගතකාලෙ දින‍්නස‍්ස රොහිතමච‍්ඡරසදානස‍්සෙව නිස‍්සන්‍දො. නාමග‍්ගහණදිවසෙ පනස‍්ස, “භන‍්තෙ, දාසස‍්ස වො සික‍්ඛාපදානි දෙථා”ති මාතරා වුත‍්තෙ ථෙරො ආහ – “කොනාමො අයං දාරකො”ති? “භන‍්තෙ, ඉමස‍්ස දාරකස‍්ස කුච‍්ඡියං පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය ඉමස‍්මිං ගෙහෙ ජළා එළමූගාපි පණ‍්ඩිතා ජාතා, තස‍්මා මෙ පුත‍්තස‍්ස පණ‍්ඩිතොත්‍වෙව නාමං භවිස‍්සතී”ති. ථෙරො සික‍්ඛාපදානි අදාසි. ජාතදිවසතො පට‍්ඨාය පනස‍්ස “නාහං මම පුත‍්තස‍්ස අජ‍්ඣාසයං භින්‍දිස‍්සාමී”ති මාතු චිත‍්තං උප‍්පජ‍්ජි. සො සත‍්තවස‍්සිකකාලෙ මාතරං ආහ – “අම‍්ම, ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. “සාධු, තාත, ‘අහං තව අජ‍්ඣාසයං න භින්‍දිස‍්සාමිච‍්චෙව මනං උප‍්පාදෙසි’”න‍්ති වත්‍වා ථෙරං නිමන‍්තෙත්‍වා භොජෙත්‍වා, “භන‍්තෙ, දාසො වො පබ‍්බජිතුකාමො, අහං ඉමං සායන‍්හසමයෙ විහාරං ආනෙස‍්සාමී”ති ථෙරං උය්‍යොජෙත්‍වා ඤාතකෙ සන‍්නිපාතාපෙත්‍වා “මම පුත‍්තස‍්ස ගිහිකාලෙ කත‍්තබ‍්බසක‍්කාරං අජ‍්ජෙව කරිස‍්සාමා”ති මහන‍්තං සක‍්කාරං කාරෙත්‍වා තං ආදාය විහාරං ගන‍්ත්‍වා “ඉමං, භන‍්තෙ, පබ‍්බාජෙථා”ති ථෙරස‍්ස අදාසි.

මේ වනාහි ඔහු දුග්ගක කාලයෙහි රෝහිතමත්ස්‍ය රසයෙන් දෙනලද දානයෙහි ආනිසංසයි. පුතාට නම් තබන දවසෙහි, ස්වාමීනි, ඔබේ දාසයාට සිල් දෙන්නැයි මව කීකල්හි මේ දරුවාගේ නම කුමක්දැයි විමසූහ. ස්වාමීනි, මේ දරුවා කුස පිළිසිඳගත් දිනයේ පටන් මේ ගෙදර කෙළතොලු මිනිස්සු පවා නුවණැතිවූහ. එනිසා මගේ පුතාට පණ්ඩිතදරු යන්නම නම වන්නේය. තෙරණුවෝ සිල් දුන්හ. පුතා උපන් දිනයේම මගේ පුතාගේ අදහසක් මම කිසිවිටක නොබිදින්නෙමියි සිතක්ද උපනි. දරුවා සත්හැවිරිදිවූ පසු මව අමතා, මෑණියනි, මම තෙරුන් ළඟ පැවිදි වන්නෙමියි කීය. එසේය දරුව, මම ඔබේ අදහසක් නොබිඳින්නෙමියි සිතක් උපදවාගෙන ඇත්තෙමියි කියා තෙරුන්ට ආරාධනාකොට වළඳවා, ස්වාමීනි ඔබේ දාසයා පැවිදිවනු කැමතිය. මම මොහු සවස විහාරයට කැඳවාගෙන එන්නෙමියි තෙරුන් පිටත්කරයවා නෑයන් රැස්කර මගේ පුතාට ගිහියකු හැටියට කළයුතු සැලකුම් අදම කරන්නෙමියි මහත්වූ සත්කාර සම්මාන කොට ඔහු කැඳවාගෙන විහාරයට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරවන්නැයි තෙරුන්ට භාර කළාය.

ථෙරො පබ‍්බජ‍්ජාය දුක‍්කරභාවං ආචික‍්ඛිත්‍වා “කරිස‍්සාමහං, භන‍්තෙ, තුම‍්හාකං ඔවාද”න‍්ති වුත‍්තෙ “තෙන හි එහී”ති කෙසෙ තෙමෙත්‍වා තචපඤ‍්චකකම‍්මට‍්ඨානං ආචික‍්ඛිත්‍වා පබ‍්බාජෙසි. මාතාපිතරොපිස‍්ස සත‍්තාහං විහාරෙයෙව වසන‍්තා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස රොහිතමච‍්ඡරසෙනෙව දානං දත්‍වා සත‍්තමෙ දිවසෙ සායං ගෙහං අගමංසු.

තෙරණුවෝ පැවිද්දේ දුෂ්කරකම් කියාදී ස්වාමීනි, මම ඔබවහන්සේගේ අවවාද අනුව කටයුතු කරන්නෙමියි කීකල එසේනම් එවයි කෙස් තෙමා තචපංචක කර්මස්ථාන කියවා පැවිදිකළහ. ඔහුගේ මවුපියෝත් සතියක් විහාරයෙහිම වෙසෙමින් බුදුන් ප්‍රමුඛ භික්‍ෂුසංඝයාට රෝහිතමත්ස්‍ය රසයෙන්ම යුත් දන්දී සත්වෙනි දවස සවස ගෙදර ගියාහුය.

ථෙරො අට‍්ඨමෙ දිවසෙ අන‍්තොගාමං ගච‍්ඡන‍්තො තං ආදාය ගච‍්ඡති, භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං නාගමාසි. කිං කාරණා? න තාවස‍්ස පත‍්තචීවරග‍්ගහණානි වා ඉරියාපථො වා පාසාදිකො හොති, අපිච විහාරෙ ථෙරස‍්ස කත‍්තබ‍්බවත‍්තං අත්‍ථි. ථෙරො හි භික‍්ඛුසඞ‍්ඝෙ අන‍්තොගාමං පවිට‍්ඨෙ සකලවිහාරං විචරන‍්තො අසම‍්මජ‍්ජනට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා තුච‍්ඡභාජනෙසු පානීයපරිභොජනීයානි උපට‍්ඨපෙත්‍වා දුන‍්නික‍්ඛිත‍්තානි මඤ‍්චපීඨාදීනි පටිසාමෙත්‍වා පච‍්ඡා ගාමං පවිසති. අපිච “අඤ‍්ඤතිත්‍ථියා තුච‍්ඡවිහාරං පවිසිත්‍වා ‘පස‍්සථ සමණස‍්ස ගොතමස‍්ස සාවකානං නිසින‍්නට‍්ඨානානී’ති වත‍්තුං මා ලභිංසූ”ති සකලවිහාරං පටිජග‍්ගිත්‍වා පච‍්ඡා ගාමං පවිසති. තස‍්මා තං දිවසම‍්පි සාමණෙරෙන පත‍්තචීවරං ගාහාපෙත්‍වා දිවාතරං පිණ‍්ඩාය පාවිසි.

තෙරණුවෝ අටවෙනි දිනයෙහි සාමණේරයනුත් සමග ඇතුළුගමට පිඬු පිණිස වඩින්නාහු වෙනත් භික්ෂූන් සමග නොගියාහුය. ඒ කුමක් නිසාද? තවම ඔහුට පාසිවුරු දැරීමාදී ඉරියව් හෝ ප්‍රසාදජනක බවක් නොවීය. එපමණක් නොව විහාරයෙහි තෙරුන් විසින් ඉටුකළමනා වතාවතක්ද විය. අනිත් සියලු භික්‍ෂූන් විහාරයෙන් පිටත්ව පිඬුසිඟා වැඩිකල්හි විහාරය පුරා ඇවිදිමින් අතුනොගා තිබෙන තැන් අතුගා හිස්බඳුන්වලට බීමට මෙන්ම පරිහරණයට ගතයුතු පැන් පුරවා පිළිවෙලකට තබා නොතිබෙන ඇඳපුටු ආදිය පිළිවෙලකට තබා පසුව ගමට වඩිති. එසේ නොවුණොත් තීර්ථකයෝ විහාරයට අවුත්, බලව්, ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ හිඳිනාතැන්වල හැටියයි කීමට අවස්ථාවක් ලබා නොදෙන්නටත් මුළු විහාරයම මැනවින් සකසා පසුව ගමට වඩිති. එහෙයින් මෙදිනද සාමණේරයන් ලවා පාසිවුරු ගෙන්වාගෙන වෙනදාට වඩා දවල්වී ගමට පිවිසියෝය.

සාමණෙරො උපජ‍්ඣායෙන සද‍්ධිං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ මාතිකං දිස‍්වා, “භන‍්තෙ, ඉදං කිං නාමා”ති පුච‍්ඡි. “මාතිකා නාම, සාමණෙරා”ති. “ඉමාය කිං කරොන‍්තී”ති? “ඉතො චිතො ච උදකං ආහරිත්‍වා අත‍්තනො සස‍්සකම‍්මං සම‍්පාදෙන‍්තී”ති. “කිං පන, භන‍්තෙ, උදකස‍්ස චිත‍්තං අත්‍ථී”ති ? “නත්‍ථාවුසො”ති. “එවරූපං අචිත‍්තකං අත‍්තනො ඉච‍්ඡිතට‍්ඨානං හරන‍්ති, භන‍්තෙ”ති? “ආමාවුසො”ති. සො චින‍්තෙසි – “සචෙ එවරූපම‍්පි අචිත‍්තකං අත‍්තනො ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං හරිත්‍වා කම‍්මං කරොන‍්ති, කස‍්මා සචිත‍්තකාපි චිත‍්තං අත‍්තනො වසෙ වත‍්තෙත්‍වා සමණධම‍්මං කාතුං න සක‍්ඛිස‍්සන‍්තී”ති.

උපාධ්‍යායන් සමග යන සාමණේරයෝ අතරමගදී ඇළක් දැක ස්වාමීනි, මේ කුමක්දැයි ඇසූහ. සාමණේරය එය ඇළකි. මෙයින් කරන්නේ කුමක්ද? ගොවියෝ මෙයින් ජලය එහෙමෙහෙ ගෙනගොස් තමන්ගේ ගොවිකම් කටයුතු කෙරෙත්. ස්වාමීනි, ජලයට සිතක් පිතක් ඇද්ද? ඇවැත්නි නැත. ස්වාමීනි, මෙබඳු සිත්පිත් නැති ජලය තමන් කැමති තැනකට ගෙනයෙද්ද? ඇවැත්නි, එසේය. ඔහු මෙසේ සිතීය, ඉතින් මෙසේ අචිත්තකවූ ජලයත් තමන් කැමති කැමති තැන්වලට පමුණුවා කර්මාන්ත කෙරෙත් නම් සචිත්තකයන් තමන්ගේ සිත තමන් වසඟයෙහි පවත්වා මහණදම් පුරන්ට නොහැකි වන්නේද?

අථෙසො පුරතො ගච‍්ඡන‍්තො උසුකාරෙ සරදණ‍්ඩකං අග‍්ගිම‍්හි තාපෙත්‍වා අක‍්ඛිකොටියා ඔලොකෙත්‍වා උජුකං කරොන‍්තෙ දිස‍්වා, “ඉමෙ, භන‍්තෙ, කෙ නාමා”ති පුච‍්ඡි. “උසුකාරා නාමාවුසො”ති. “කිං පනෙතෙ කරොන‍්තී”ති? “අග‍්ගිම‍්හි තාපෙත්‍වා සරදණ‍්ඩකං උජුං කරොන‍්තී”ති. “සචිත‍්තකො, භන‍්තෙ, එසො”ති? “අචිත‍්තකො, ආවුසො”ති. සො චින‍්තෙසි – “සචෙ අචිත‍්තකං ගහෙත්‍වා අග‍්ගිම‍්හි තාපෙත්‍වා උජුං කරොන‍්ති, කස‍්මා සචිත‍්තකාපි අත‍්තනො චිත‍්තං වසෙ වත‍්තෙත්‍වා සමණධම‍්මං කාතුං න සක‍්ඛිස‍්සන‍්තී”ති.

ඊළඟට තමන් ඉදිරියෙන් යන හීවඩුවන් හීදඬු ගින්නෙහි බහා තවතවා ඇස් කොණින් බලා දිගහරිනු දැක, ස්වාමීනි, මේ කවුරුන්දැයි ඇසූහ. ඇවැත්නි, මොවුහු හීවඩුවෝ නම් වෙති. ඔවුන් කරන්නේ කුමක්ද? ගින්නෙහි ලා තවා හීදඬු ඇදහැර සෘජු කෙරෙති. ඒවා සචිත්තකද? ඇවැත්නි අචිත්තකය. හෙතෙම මෙසේ සිතීය. ඉදින් අචිත්තකදේ ගෙන ගින්නෙන් තවා ඇද හැරගන්නේ නම් කිම සචිත්තක වූ තමන්ගේම සිත තමන් වසඟයෙහි පවත්වාගෙන මහණදම් පිරීම නොහැකිද?

අථෙසො පුරතො ගච‍්ඡන‍්තො දාරූනි අරනෙමිනාභිආදීනි තච‍්ඡන‍්තෙ දිස‍්වා, “භන‍්තෙ, ඉමෙ කෙ නාමා”ති පුච‍්ඡි. “තච‍්ඡකා නාමාවුසො”ති. “කිං පනෙතෙ කරොන‍්තී”ති? “දාරූනි ගහෙත්‍වා යානකාදීනං චක‍්කාදීනි කරොන‍්ති, ආවුසො”ති. “එතානි පන සචිත‍්තකානි, භන‍්තෙ”ති? “අචිත‍්තකානි, ආවුසො”ති. අථස‍්ස එතදහොසි – “සචෙ අචිත‍්තකානි කට‍්ඨකලිඞ‍්ගරානි ගහෙත්‍වා චක‍්කාදීනි කරොන‍්ති, කස‍්මා සචිත‍්තකා අත‍්තනො චිත‍්තං වසෙ වත‍්තෙත්‍වා සමණධම‍්මං කාතුං න සක‍්ඛිස‍්සන‍්තී”ති.

තවත් ඉදිරියට යනකල ගරාදි නිම්වළළු, නාභිය ආදිය සහින්නන් දැක, ස්වාමීනි, මේ කවුරුන්දැයි ඇසූහ. ඇවැත්නි, ඒ තච්ඡක, ලී සහින්නෝය. ඔවුන් කරන්නේ කිනම් කර්මාන්තයක්ද? දැව රැගෙන කරත්ත ආදියට අවශ්‍ය රෝද ආදිය තනන්නාහුය ඇවැත්නියි කීහ. ස්වාමීනි, ඒ දැවද්‍රව්‍ය සචිත්තකද? ඇවැත්නි අචිත්තකය. ඉන්පසු උන්වහන්සේට මෙසේ සිතුණේය, ඉතින් දර අරටු රැගෙන රෝද ආදිය තනන්නේ නම්, සචිත්තක අයට තමන්ගේ සිත තම වසඟයෙහි පවත්වාගෙන මහණදම් පුරන්ට නොහැකිවන්නේ කුමක් නිසාද?

සො ඉමානි කාරණානි දිස‍්වා, “භන‍්තෙ, සචෙ තුම‍්හාකං පත‍්තචීවරෙ තුම‍්හෙ ගණ‍්හෙය්‍යාථ, අහං නිවත‍්තෙය්‍ය”න‍්ති. ථෙරො “අයං අධුනා පබ‍්බජිතො දහරසාමණෙරො මං අනුබන්‍ධමානො එවං වදෙතී”ති චිත‍්තං අනුප‍්පාදෙත්‍වාව “ආහර, සාමණෙරා”ති වත්‍වා අත‍්තනො පත‍්තචීවරං අග‍්ගහෙසි.

හෙතෙම මේ කරුණු දැක, ස්වාමීනි, ඔබ වහන්සේගේ පාසිවුරු ඔබවහන්සේ භාර ගන්නෙහි නම් මම නවතිමියි කීය. උපාධ්‍යාය තෙරණුවෝ, මොහු ළඟදී පැවිදි විය. ළපැටි සාමණේර නමකි. අනුබුදු කෙනෙක් වැනි මට මෙසේ කියතියි නොසිතාම නැවතී සාමණේරය, පාසිවුරු මෙහි ගෙනඑවයි තමන්ගේ පාසිවුරු ගත්තේය.

සාමණෙරොපි උපජ‍්ඣායං වන්‍දිත්‍වා නිවත‍්තන‍්තො, “භන‍්තෙ, මය‍්හං ආහාරං ආහරන‍්තො රොහිතමච‍්ඡරසෙනෙව ආහරෙය්‍යාථා”ති ආහ. “කථං ලභිස‍්සාමාවුසො”ති? “භන‍්තෙ, අත‍්තනො පුඤ‍්ඤෙන අලභන‍්තා මම පුඤ‍්ඤෙන ලභිස‍්සථා”ති ආහ. ථෙරො “දහරසාමණෙරස‍්ස බහි නිසින‍්නකස‍්ස පරිපන්‍ථොපි භවෙය්‍යා”ති කුඤ‍්ජිකං දත්‍වා “මය‍්හං වසනගබ‍්භස‍්ස ද‍්වාරං විවරිත්‍වා අන‍්තො පවිසිත්‍වා නිසීදෙය්‍යාසී”ති ආහ. සො තථා කත්‍වා අත‍්තනො කරජකායෙ ඤාණං ඔතාරෙත්‍වා අත‍්තභාවං සම‍්මසන‍්තො නිසීදි. අථස‍්ස ගුණතෙජෙන සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි.

සාමණේර තෙමේත් උපාධ්‍යායයන් වැඳ නැවතී ස්වාමීනි, මට අහරගෙන එනවිට රෝහිතමත්ස්‍ය රසයෙන්ම ගෙනෙන්නැයි කීවේය. ඇවැත්නි ඒවා ලබාගන්නේ කෙසේද? ස්වාමීනි, තමන්ගේ පිනෙන් නොලැබෙන්නේ නම් මගේ පිනෙන් ලැබෙන්නේයයි කීය. තෙරුන්වහන්සේ ළපටි සාමණේරවරයා බැහැරව සිටීමෙන් උවදුරක් වියහැකියයි සිතා යතුරදී මා නිදන ගර්භයෙහි දොර හැර ඇතුළට වැදී සිටින්නැයි කීහ. හෙතෙම එසේ කොට තමන්ගේ නිසරු කයෙහි ඤාණය විහිදුවා ජීවිතය පිළිබඳ සම්මර්ෂණාවෙහි යෙදෙමින් සිටියේය. ඉන්පසු ඔහුගේ ගුණානුභාවයෙන් ශක්‍රයාගේ අසුන උණුසුම් අයුරක් දැක්වීය.

සො “කිං නු ඛො කාරණ”න‍්ති උපධාරෙන‍්තො “පණ‍්ඩිතසාමණෙරො උපජ‍්ඣායස‍්ස පත‍්තචීවරං දත්‍වා ‘සමණධම‍්මං කරිස‍්සාමී’ති නිවත‍්තො, මයාපි තත්‍ථ ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා චත‍්තාරො මහාරාජෙ ආමන‍්තෙත්‍වා “විහාරස‍්ස උපවනෙ වසන‍්තෙ සකුණෙ පලාපෙත්‍වා සමන‍්තතො ආරක‍්ඛං ගණ‍්හථා”ති වත්‍වා චන්‍දදෙවපුත‍්තං “චන්‍දමණ‍්ඩලං ආකඩ‍්ඪිත්‍වා ගණ‍්හාහී”ති, සූරියදෙවපුත‍්තං “සූරියමණ‍්ඩලං ආකඩ‍්ඪිත්‍වා ගණ‍්හාහී”ති වත්‍වා සයං ගන‍්ත්‍වා ආවිඤ‍්ඡනරජ‍්ජුට‍්ඨානෙ ආරක‍්ඛං ගහෙත්‍වා අට‍්ඨාසි, විහාරෙ පුරාණපණ‍්ණස‍්ස පතන‍්තස‍්සපි සද‍්දො නාහොසි, සාමණෙරස‍්ස චිත‍්තං එකග‍්ගං අහොසි. සො අන‍්තරාභත‍්තෙයෙව අත‍්තභාවං සම‍්මසිත්‍වා තීණි ඵලානි පාපුණි.

ශක්‍රයා එසේ වීමට කාරණ මොනවාදැයි සොයාබලනවිට පණ්ඩිත සාමණේර තෙම උපාධ්‍යායයන්වහන්සේට පාසිවුරු දී මහණදම් පුරන්නෙමියි නැවතුණේය. මාත් එහි යායුතුයයි සිතා, සතරවරම් දෙවියන්ට කථාකොට විහාරය සමීපයෙහි සිටින පක්‍ෂීන් පලවාහැර මුළු පෙදෙසම රැකවල් ලවයි කියා චන්‍ද්‍රදිව්‍යපුත්‍රයාට සඳමඬල නවත්වා ගනුවයිද සූර්යදිව්‍යපුත්‍රයාට හිරුමඬල නවත්වා ගනුවයිද කියා තෙමේ ගොස් පන්සලෙහි අගුල්කණුව ළඟ රැකවල් ලාගෙන සිටියේය. විහාරයෙහි දිරූ කොළයක් වැටෙන හඬකුදු නොවීය. සාමණේරයන්ගේ සිත එකඟවිය. හෙතෙම බත්කිස කරන්ටත් පළමු වේලාවෙහිදීම ජීවිතය ආත්මභාවය ගැන මෙනෙහිකරමින් භාවනාකොට ත්‍රිවිධඵලයන්ට පැමිණියේය.

ථෙරොපි “සාමණෙරො විහාරෙ නිසින‍්නො, තස‍්ස උපකප‍්පනකං භොජනං අසුකකුලෙ නාම සක‍්කා ලද‍්ධු”න‍්ති එකං පෙමගාරවයුත‍්තං උපට‍්ඨාකකුලං අගමාසි. තත්‍ථ ච මනුස‍්සා තං දිවසං රොහිතමච‍්ඡෙ ලභිත්‍වා ථෙරස‍්සෙව ආගමනං ඔලොකෙන‍්තො නිසීදිංසු. තෙ ථෙරං ආගච‍්ඡන‍්තං දිස‍්වා, “භන‍්තෙ, භද‍්දකං වො කතං ඉධාගච‍්ඡන‍්තෙහී”ති අන‍්තොගෙහෙ පවෙසෙත්‍වා යාගුඛජ‍්ජකාදීනි දත්‍වා රොහිතමච‍්ඡරසෙනස‍්ස පිණ‍්ඩපාතං අදංසු.

තෙරුන්වහන්සේත් විහාරයෙහි සිටින සාමණේරයන්ට ප්‍රමාණවත් භෝජන අසවල් වේලාවෙහිදී ලැබිය හැකියයි තමන්ට සැලකුම් දක්වන එක් උපස්ථායක ගෙදරකට වැඩියහ. ඒ ගෙදර මිනිස්සුත් ඒ දවසෙහි රෝහිතමත්ස්‍යයෙකු ලැබ තෙරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙමින් සිටියහ. තෙරුන් වැඩමවනු දුටු ඔවුහු ස්වාමීනි, අද වැඩමවීම ඉතා මැනවැයි ඇතුළුගෙට වැඩම්මවාගෙන කැඳ කැවිලි ආදිය පිළිගන්වා රෝහිතමත්ස්‍ය රසයෙන් යුතු පිණ්ඩපාතයද පිළිගැන්වූහ.

ථෙරො හරණාකාරං දස‍්සෙසි. මනුස‍්සා “පරිභුඤ‍්ජථ, භන‍්තෙ, හරණකභත‍්තම‍්පි ලභිස‍්සථා”ති වත්‍වා ථෙරස‍්ස භත‍්තකිච‍්චාවසානෙ පත‍්තං රොහිතමච‍්ඡරසභොජනස‍්ස පූරෙත්‍වා අදංසු. ථෙරො “සාමණෙරො මෙ ඡාතො”ති සීඝං අගමාසි. සත්‍ථාපි තං දිවසං කාලස‍්සෙව භුඤ‍්ජිත්‍වා විහාරං ගන‍්ත්‍වා එවං ආවජ‍්ජෙසි – “පණ‍්ඩිතසාමණෙරො උපජ‍්ඣායස‍්ස පත‍්තචීවරං දත්‍වා ‘සමණධම‍්මං කරිස‍්සාමී’ති නිවත‍්තො, නිප‍්ඵජ‍්ජිස‍්සති නු ඛො අස‍්ස පබ‍්බජිතකිච‍්ච”න‍්ති උපධාරෙන‍්තො තිණ‍්ණං ඵලානං පත‍්තභාවං ඤත්‍වා “අරහත‍්තස‍්ස උපනිස‍්සයො අත්‍ථි, නත්‍ථී”ති ආවජ‍්ජෙන‍්තො “අත්‍ථී”ති දිස‍්වා “පුරෙභත‍්තමෙව අරහත‍්තං පත‍්තුං සක‍්ඛිස‍්සති, න සක‍්ඛිස‍්සතී”ති උපධාරෙන‍්තො “සක‍්ඛිස‍්සතී”ති අඤ‍්ඤාසි. අථස‍්ස එතදහොසි – “සාරිපුත‍්තො සාමණෙරස‍්ස භත‍්තං ආදාය සීඝං ආගච‍්ඡති, අන‍්තරායම‍්පිස‍්ස කරෙය්‍ය ද‍්වාරකොට‍්ඨකෙ ආරක‍්ඛං ගහෙත්‍වා නිසීදිස‍්සාමි, අථ නං පඤ‍්හං පුච‍්ඡිස‍්සාමි, තස‍්මිං පඤ‍්හෙ විස‍්සජ‍්ජියමානෙ සාමණෙරො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිස‍්සතී”ති. තතො ගන‍්ත්‍වා ද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා සම‍්පත‍්තං ථෙරං චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි, පුට‍්ඨං පුට‍්ඨං පඤ‍්හං විස‍්සජ‍්ජෙසි.

තෙරණුවෝ ආපසු යන ආකාරයක් දැක්වූහ. මිනිස්සු ස්වාමීනි, වළඳන්න. ගෙනයන්ටත් බත් සූදානම්යයි කියා තෙරුන් බත්කිස නිමවූ පසු පාත්‍රය රෝහිතමත්ස්‍ය රජබොජුනෙන් පුරවා දුන්හ. තෙරණුවෝ, සාමණේරයන් බඩගින්නේ ඇතැයි වහවහා වැඩියහ. ශාස්තෘන්වහන්සේත් එදින කල්තියා වළඳා විහාරයට වැඩමවා, මෙසේ කල්පනාකර බැලූහ. පණ්ඩිත සාමණේරතෙම උපාධ්‍යායයන්ට පාසිවුරුදී මහණදම් පුරන්නෙමියි නැවතුණේය. ඔහුගේ පැවිදිකිස සමෘද්ධවන්නේදැයි විමසන කල්හි ත්‍රිවිධඵලයන්ට පැමිණිබව දැන, රහත්වීමට හේතුසම්පත් ඇද්ද නැද්දැයි ආවර්ජනා කරනසේක් ඇතැයි දැන පෙරබත් වේලාවේදීම රහත්වීමට හැකිද නොහැකිදැයි සොයාබලා එයද කළහැකියයි දැනගත්සේක. ඉන්පසු බුදුරජාණන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. සැරියුත් තෙරණුවෝ සාමණේරයන්ට බත් රැගෙන ඉක්මනින් එති. එයිනුත් අනතුරක් සිදුවිය හැකි නිසා දොරකොටුවේ රැකවල් ගෙන හිඳගන්නෙමි. ඉන්පසු සාරිපුත්‍රගෙන් ප්‍රශ්න විචාරන්නෙමි. උන්වහන්සේ ප්‍රශ්න විසඳනවිට ඒ අතර සාමණේරතෙම සිව්පිළිසිඹියාත් සමග අර්හත්වයට පැමිණෙන්නේය. මෙසේ සිතා ඉන්පසු එහි වැඩමවා දොරකොටුවෙහි සිට එහි පැමිණි තෙරුන්ගෙන් ප්‍රශ්න හතරක් විචාළසේක. ඇසූ පැන තෙරණුවෝ විසඳාලූහ.

තත්‍රිදං පුච‍්ඡාවිස‍්සජ‍්ජනං – සත්‍ථා කිර නං ආහ – “සාරිපුත‍්ත, කිං තෙ ලද‍්ධ”න‍්ති? “ආහාරො, භන‍්තෙ”ති. “ආහාරො නාම කිං ආහරති, සාරිපුත‍්තා”ති? “වෙදනං, භන‍්තෙ”ති. “වෙදනං කිං ආහරති, සාරිපුත‍්තා”ති? “රූපං, භන‍්තෙ”ති. “රූපං පන කිං ආහරති, සාරිපුත‍්තා”ති ? “ඵස‍්සං, භන‍්තෙ”ති.

ඒ ප්‍රශ්න විසඳීම මෙසේය:- ශාස්තෘන්වහන්සේ මෙසේ විචාළහ:- ශාරීපුත්‍රය, ඔබ කුමක් ලද්දෙහිද? ස්වාමීනි ආහාරයක් ලදිමි. ආහාරය කුමක් ගෙනදෙයිද? ස්වාමීනි, වේදනාව ගෙනදෙයි. වේදනාව කුමක් ගෙනදෙයිද? ස්වාමීනි රූපයයි. රූපය කුමක් ගෙනදෙයිද ශාරීපුත්‍රයෙනි? ස්වාමීනි, ස්පර්ශයයි.

තත්‍රායං අධිප‍්පායො – “ජිඝච‍්ඡිතෙන හි පරිභුත‍්තො ආහාරො තස‍්ස ඛුද‍්දං පරිහරිත්‍වා සුඛං වෙදනං ආහරති. ආහාරපරිභොගෙන සුඛිතස‍්ස සුඛාය වෙදනාය උප‍්පජ‍්ජමානාය සරීරෙ වණ‍්ණසම‍්පත‍්ති හොති. එවං වෙදනා රූපං ආහරති. සුඛිතො පන ආහාරජරූපවසෙන උප‍්පන‍්නසුඛසොමනස‍්සො ‘ඉදානි මෙ අස‍්සාදො ජාතො’ති නිප‍්පජ‍්ජන‍්තො වා නිසීදන‍්තො වා සුඛසම‍්ඵස‍්සං පටිලභතී”ති.

එහි අදහස මෙසේයි. බඩගින්නේ සිටින්නකු ආහාර ගත්කල ඔහුගේ බඩගින්න නැතිවී සැප වේදනාවක් ලබයි. ආහාර වැළඳීමෙන් සුවපත්වූවහුට ඒ සැප වේදනාවක් ලැබෙයි. ආහාර වැළඳීමෙන් සුවපත් වූවහුට ඒ සැප වේදනාව නිසා ශරීරයෙහි වර්ණසම්පත්තියක් ලැබෙයි. මෙසේ වේදනාව රූපය ගෙනදෙයි. සුවපත්වූවාහු ආහාරයෙන් උපන්රූප වශයෙන් උපන් සැප සොම්නස් වේදනා ලබයි. ඉන්පසු ඔහු දැන් මට ආස්වාදයක් උපන්නේයයි වැදහොවී හෝ ඉඳගෙන සැප සහිත ස්පර්ශයක් ලබයි.

එවං ඉමෙසු චතූසු පඤ‍්හෙසු විස‍්සජ‍්ජිකෙසු සාමණෙරො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත‍්තො. සත්‍ථාපි ථෙරං ආහ – “ගච‍්ඡ, සාරිපුත‍්ත, තව සාමණෙරස‍්ස භත‍්තං දෙහී”ති. ථෙරො ගන‍්ත්‍වා ද‍්වාරං ආකොටෙසි. සාමණෙරො නික‍්ඛමිත්‍වා ථෙරස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා එකමන‍්තං ඨපෙත්‍වා තාලවණ‍්ටෙන ථෙරං බීජි. අථ නං ථෙරො ආහ – “සාමණෙර, භත‍්තකිච‍්චං කරොහී”ති. “තුම‍්හෙ පන, භන‍්තෙ”ති. “කතං මයා භත‍්තකිච‍්චං, ත්‍වං කරොහී”ති.

මෙසේ මේ සතරාකාර ප්‍රශ්න විසඳාලන කල්හි සාමණේරතෙම ප්‍රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණියේය. ශාස්තෘන්වහන්සේත් තෙරණුවන්ට මෙසේ වදාළහ. ශාරීපුත්‍රය, යව, ඔබේ සාමණේරයන්ට පිණ්ඩපාතය දෙව, තෙරණුවෝ ගොස් දොරට තට්ටු කළහ. සාමණේර තෙම පිටතට අවුත් තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන එක් පැත්තක තබා තල්අත්ත ගෙන තෙරණුවන්ට පවන් සැලීය. ඉන්පසු තෙරණුවෝ, සාමණේරය, බත්කිස කරවයි කීහ. ස්වාමීනි, ඔබවහන්සේ? මම වැළඳුවෙමි. ඔබ වළඳන්නැයි කීහ.

සත‍්තවස‍්සිකදාරකො පබ‍්බජිත්‍වා අට‍්ඨමෙ දිවසෙ තං ඛණං විකසිතපදුමුප‍්පලසදිසො අරහත‍්තං පත‍්තො, පච‍්චවෙක‍්ඛිතට‍්ඨානං පන පච‍්චවෙක‍්ඛන‍්තො නිසීදිත්‍වා භත‍්තකිච‍්චමකාසි. තෙන පත‍්තං ධොවිත්‍වා පටිසාමිතකාලෙ චන්‍දදෙවපුත‍්තො චන්‍දමණ‍්ඩලං විස‍්සජ‍්ජෙසි, සූරියදෙවපුත‍්තො සූරියමණ‍්ඩලං. චත‍්තාරො මහාරාජානො චතුද‍්දිසං ආරක‍්ඛං විස‍්සජ‍්ජෙසුං, සක‍්කො දෙවරාජා ආවිඤ‍්ඡනකෙ ආරක‍්ඛං විස‍්සජ‍්ජෙසි. සූරියො මජ‍්ඣට‍්ඨානතො ගලිත්‍වා ගතො.

සත් හැවිරිදිවියේ දරුවකුට සිට පැවිදිව අටවෙනි දවසේ එකෙණෙහි පිපුණු පියුමක් මහනෙල්මලක් මෙන් රහත්බවට පැමිණියේ ප්‍රත්‍යවේක්ෂා කළයුතු තැන්හි ප්‍රත්‍යවේක්ෂා කරමින් හිඳගෙන දන් වැළඳූහ. උන්වහන්සේ වළඳා අන්තයෙහි පාත්‍රය සෝදා පිසදමා අවසන්වූ පසු චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා සඳ වැළැක්වීම හැරදැමීය. සූර්යදිව්‍යපුත්‍රයා හිරුද මුදාහැරියේය. සතරවරම්හු සිව්දිසාවන්හි රැකවල හැරදැමූහ. සක්දෙව්පුත් තෙම ගෙට ඇතුළුවන තැන රැකවල හැරදැමීය. හිරු මුදුනින් මඳක් ඉවතට ගියේය.

භික‍්ඛූ උජ‍්ඣායිංසු, “ඡායා අධිකප‍්පමාණා ජාතා, සූරියො මජ‍්ඣට‍්ඨානතො ගලිත්‍වා ගතො, සාමණෙරෙන ච ඉදානෙව භුත‍්තං, කිං නු ඛො එත”න‍්ති. සත්‍ථා තං පවත‍්තිං ඤත්‍වා ආගන‍්ත්‍වා පුච‍්ඡි – “භික‍්ඛවෙ, කිං කථෙථා”ති? “ඉදං නාම, භන‍්තෙ”ති? “ආම, භික‍්ඛවෙ, පුඤ‍්ඤවතො සමණධම‍්මං කරණකාලෙ චන්‍දදෙවපුත‍්තො චන්‍දමණ‍්ඩලං, සූරියදෙවපුත‍්තො සූරියමණ‍්ඩලං ආකඩ‍්ඪිත්‍වා ගණ‍්හි, චත‍්තාරො මහාරාජානො විහාරොපවනෙ චතුද‍්දිසං ආරක‍්ඛං ගණ‍්හිංසු, සක‍්කො දෙවරාජා ආවිඤ‍්ඡනකෙ ආරක‍්ඛං ගණ‍්හි, අහම‍්පි ‘බුද‍්ධොම‍්හී’ති අප‍්පොස‍්සුක‍්කො නිසීදිතුං නාලත්‍ථං, ගන‍්ත්‍වා ද‍්වාරකොට‍්ඨකෙ මම පුත‍්තස‍්ස ආරක‍්ඛං අග‍්ගහෙසිං, නෙත‍්තිකෙ ච මාතිකාය උදකං හරන‍්තෙ, උසුකාරෙ ච උසුං උජුං කරොන‍්තෙ, තච‍්ඡකෙ ච දාරූනි තච‍්ඡන‍්තෙ දිස‍්වා එත‍්තකං ආරම‍්මණං ගහෙත්‍වා පණ‍්ඩිතා අත‍්තානං දමෙත්‍වා අරහත‍්තං ගණ‍්හන‍්තියෙවා”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

භික්ෂූහු දොස් නැගූහ. සෙවනැලි අධිකප්‍රමාණයක් අවර ගොසිනි. හිරු අහස මැදින් ඉවතට ගොස්ය. සාමණේරයෝත් මේ දන් වැළඳුවෝය. මේ කිමෙක්ද? බුදුරජාණන්වහන්සේ එපවත් දැන එහි වැඩමවා මහණෙනි, කුමක් කියව්දැයි ඇසූහ. ස්වාමීනි මේ කරුණයයි කීහ. එසේය මහණෙනි, ඒ පින්වතා මහණදම් පුරණ වේලාවෙහි චන්‍ද්‍රදිව්‍යපුත්‍රයා සඳත්, සූර්යදිව්‍යපුත්‍රයා හිරුත් අල්ලාගත්හ. සතරවරම් දෙව්පුත්හු විහාර සමීපයෙහිවූ වනයෙහි රැකවල් දමා සිටියහ. සක්දෙවිඳු විහාරයට ඇතුළුවන දොරටුව රැකවල සිටියේය. මටත් බුද්ධයයි කියා අල්පොත්සුකව හිඳීමට නොලැබිණි. එහි ගොස් දොරකොටුවෙහි මගේ පුතාට රැකවල්ගෙන සිටියෙම. ඇළපාරවල දිය කැමති අය කැමති තැනකට ගෙනයන්නාක් මෙන්, හී වඩුවෝ ලී රැගෙන හී ඉදිකරන්නාක් මෙන්, වඩුවෝ දැව අරටු රැගෙන සෘජු හෝ වක්‍රව තමන් කැමති පරිදි සාදාගන්නාක් මෙන් මෙතෙක් අරමුණු රැගෙන පණ්ඩිත අය තමන් දමනයකොට රහත්බව ලබාගන්නාහුමයයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

“උදකඤ‍්හි නයන‍්ති නෙත‍්තිකා, උසුකාරා නමයන‍්ති තෙජනං; දාරුං නමයන‍්ති තච‍්ඡකා, අත‍්තානං දමයන‍්ති පණ‍්ඩිතා”ති.

දිය කැමති අය ඇළ මගින් කැමති තැනකට ගෙන යති ලීවලින් හී හදන අය කැමති ලෙසකට හදා ගනිති වඩුවෝ කැමති ලෙසකට කෙළින් හෝ ඇදකුදට හෝ අරටු ලීදඬු සකසති නුවණැත්තෝ තමන් සිත සිත්සේ හදා ගනිති

තත්‍ථ උදකන‍්ති පථවියා ථලට‍්ඨානං ඛණිත්‍වා ආවාටට‍්ඨානං පූරෙත්‍වා මාතිකං වා කත්‍වා රුක‍්ඛදොණිං වා ඨපෙත්‍වා අත‍්තනා ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං උදකං. නෙන‍්තීති නෙත‍්තිකා. තෙජනන‍්ති කණ‍්ඩං. ඉදං වුත‍්තං හොති – නෙත‍්තිකා අත‍්තනො රුචියා උදකං නයන‍්ති, උසුකාරාපි තාපෙත්‍වා තෙජනං නමයන‍්ති උසුං උජුං කරොන‍්ති. තච‍්ඡකාපි නෙමිආදීනං අත්‍ථාය තච‍්ඡන‍්තා දාරුං නමයන‍්ති අත‍්තනො රුචියා උජුං වා වඞ‍්කං වා කරොන‍්ති. එවං එත‍්තකං ආරම‍්මණං කත්‍වා පණ‍්ඩිතා සොතාපත‍්තිමග‍්ගාදීනි උප‍්පාදෙන‍්තා අත‍්තානං දමයන‍්ති, අරහත‍්තප‍්පත‍්තා පන එකන‍්තදන‍්තා නාම හොන‍්තීති.

එහි, මහපොළොවේ ගොඩැලි තැන් කපා හාරා වළවල් පුරවා ඇළවල් හදා ලීඔරුවක් හෝ තබා තමන් කැමති තැන්වලට ජලය ගෙනයන හෙයින් නෙත්තිකා නම්වේ. තෙජනං යනු ලීයි. මෙයම කියා ඇත. මෙසේ ජලය ගෙනයෑමට කැමති අය තමා කැමති තැනකට ජලය ගෙනයති. උසුකාරො හීවඩුවෝත් ලී රැගෙන ගින්නෙහිලා තවා ඊ ඇද නැතිව හදති. වඩුවෝ රථණේමි ආදිය පිණිස ලී සැස තමන් කැමති හැඩයකට නමයන්ති තමාගේ රුචිය පරිදි සෘජුව හෝ ඇදට හෝ සාදා ගනිති. මෙසේ මෙබඳු අරමුණුගෙන නුවණැති අය සෝවාන් මාර්ගාදිය උපදවාගෙන අත්තානං දමයන්ති රහත්බවට පත්කල්හි ඒකාන්තයෙන්ම දමනයවූවෝ වෙත්.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනා කෙළවර බොහෝ අය සෝවාන්මාර්ගාදියට පැමිණියහ.

පණ‍්ඩිතසාමණෙරවත්‍ථු පඤ‍්චමං.

පස්වන පණ්ඩිත සාමණේරයන්වහන්සේගේ වස්තුවයි.