යෙදුමෙන් කියවන්න

4. මහාකප‍්පිනත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

4. මහාකප‍්පිනත්‍ථෙරවත්‍ථු

4. මහාකප්පින තෙරණුවන්ගේ වස්තුව

ධම‍්මපීති සුඛං සෙතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාකප‍්පිනත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

ධම්මපීති සුඛං සෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසය කරන කාලයේ මහාකප්පිනතෙරුන් අරභයා දේශනා කළසේක.

තත්‍රායං අනුපුබ‍්බී කථා – අතීතෙ කිර ආයස‍්මා මහාකප‍්පිනො පදුමුත‍්තරබුද‍්ධස‍්ස පාදමූලෙ කතාභිනීහාරො සංසාරෙ සංසරන‍්තො බාරාණසිතො අවිදූරෙ එකස‍්මිං පෙසකාරගාමෙ ජෙට‍්ඨකපෙසකාරො හුත්‍වා නිබ‍්බත‍්ති. තදා සහස‍්සමත‍්තා පච‍්චෙකබුද‍්ධා අට‍්ඨ මාසෙ හිමවන‍්තෙ වසිත්‍වා වස‍්සිකෙ චත‍්තාරො මාසෙ ජනපදෙ වසන‍්ති. තෙ එකවාරං බාරාණසියා අවිදූරෙ ඔතරිත්‍වා “සෙනාසනකරණත්‍ථාය හත්‍ථකම‍්මං යාචථා”ති රඤ‍්ඤො සන‍්තිකං අට‍්ඨ පච‍්චෙකබුද‍්ධෙ පහිණිංසු. තදා පන රඤ‍්ඤො වප‍්පමඞ‍්ගලකාලො හොති. සො “පච‍්චෙකබුද‍්ධා කිර ආගතා”ති සුත්‍වා තස‍්මිං ඛණෙ නික‍්ඛමිත්‍වා ආගතකාරණං පුච‍්ඡිත්‍වා “අජ‍්ජ, භන‍්තෙ, ඔකාසො නත්‍ථි, ස‍්වෙ අම‍්හාකං වප‍්පමඞ‍්ගලං, තතියදිවසෙ කරිස‍්සාමී”ති වත්‍වා පච‍්චෙකබුද‍්ධෙ අනිමන‍්තෙත්‍වාව පාවිසි. පච‍්චෙකබුද‍්ධා “අඤ‍්ඤත්‍ථ ගමිස‍්සාමා”ති පක‍්කමිංසු. තස‍්මිං ඛණෙ ජෙට‍්ඨපෙසකාරස‍්ස භරියා කෙනචිදෙව කරණීයෙන බාරාණසිං ගච‍්ඡන‍්තී තෙ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා වන්‍දිත්‍වා “කිං, භන‍්තෙ, අවෙලාය, අය්‍යා, ආගතා”ති පුච‍්ඡිත්‍වා ආදිතො පට‍්ඨාය කථෙසුං. තං පවත‍්තිං සුත්‍වා සද‍්ධාසම‍්පන‍්නා ඤාණසම‍්පන‍්නා ඉත්‍ථී “ස‍්වෙ, භන‍්තෙ, අම‍්හාකං භික‍්ඛං ගණ‍්හථා”ති නිමන‍්තෙසි. “බහුකා මයං භගිනී”ති. “කිත‍්තකා, භන‍්තෙ”ති? “සහස‍්සමත‍්තා”ති. “භන‍්තෙ, ඉමස‍්මිං ගාමෙ සහස‍්සපෙසකාරා වසිම‍්හ. එකෙකො එකෙකස‍්ස භික‍්ඛං දස‍්සති, භික‍්ඛං අධිවාසෙථ, අහමෙව වො වසනට‍්ඨානම‍්පි කාරෙස‍්සාමී”ති ආහ. පච‍්චෙකබුද‍්ධා අධිවාසයිංසු.

මේ එහි පිළිවෙල කථාවයි:- අතීතයෙහි ආයුෂ්මත් මහාකප්පිනතෙම පියුමතුරා බුදුන්හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සසර සැරිසරමින් බරණැස සමීපයෙහි එක් පේෂකාර ගමක පේෂකාර දෙටුවාබවට පත්වී උපන්නේය. එකල දහසක් පමණවූ පසේබුදුවරු අටමසක් හිමවත වැස අනතුරු සිවුමස ජනපදවල වසති. උන්වහන්සේලා වරක් බරණැස සමීපයෙහි බැස සෙනසුන් ඉදිකිරීමට අත්උදව් ඉල්ලා පසේබුදුවරයන් ආබව අසා එහි ගොස් ආ කරුණ විමසා ස්වාමීනි, අද ඉඩක් නැත. හෙට අපේ වප්මගුල් දිනයයි. තුන්වෙනිදිනයේදී කරන්නෙමියි කියා පසේබුදුවරයන්ට ආරාධනාත් නොකරම ගියේය. පසේබුදුවරු වෙන තැනකට යමුයි වැඩියාහුය. එවේලෙහි දෙටු පේෂකාරකයාගේ භාර්‍ය්‍යාව කිසියම් වැඩක් සඳහා බාරාණසියට යන්නී ඒ පසේබුදුවරයන් දැක වැඳ ස්වාමීනි, ආර්‍ය්‍යයන්වහන්සේලා මේ අවේලාවේ ආවේ ඇයිදැයි ඇසුවාය. එසේ අසා මුලපටන් ඒ කථාපුවත දැන සැදැහැවත් නුවණැති ස්ත්‍රියක් හෙයින් ස්වාමීනි, හෙට අපෙන් ආහාර ගනුමැනවැයි නිමන්ත්‍රණය කළාය. සහෝදරිය අපි බොහෝ දෙනෙකියි කීවිට, ස්වාමීනි, කොපමණක්දැයි ඇසුවාය. දහසක්පමණය. ස්වාමීනි, මේ ගමේ දහසක් පමණ ශිල්පීහු වෙති. එක එක්කෙනා එක එක නමකට භික්ෂාව දෙනු ඇති. එනිසා අපේ භික්ෂාව ඉවසනු මැනවි. මාම ඔබවහන්සේලාට වාසස්ථානද කරවන්නෙමියි කීවාය. පසේබුදුවරු ආරාධනය පිළිගත්හ.

සා ගාමං පවිසිත්‍වා උග‍්ඝොසෙසි – “අහං සහස‍්සමත‍්තෙ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා නිමන‍්තයිං, අය්‍යානං නිසීදනට‍්ඨානං සංවිදහථ, යාගුභත‍්තාදීනි සම‍්පාදෙථා”ති. ගාමමජ‍්ඣෙ මණ‍්ඩපං කාරෙත්‍වා ආසනානි පඤ‍්ඤාපෙත්‍වා පුනදිවසෙ පච‍්චෙකබුද‍්ධෙ නිසීදාපෙත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්‍වා භත‍්තකිච‍්චාවසානෙ තස‍්මිං ගාමෙ සබ‍්බා ඉත්‍ථියො ආදාය තාහි සද‍්ධිං පච‍්චෙකබුද‍්ධෙ වන්‍දිත්‍වා, “භන‍්තෙ, තෙමාසං වසනත්‍ථාය පටිඤ‍්ඤං දෙථා”ති තෙසං පටිඤ‍්ඤං ගහෙත්‍වා පුන ගාමෙ උග‍්ඝොසෙසි –

ඈ ගමට ගොස් හඬනඟා, මම දහසක් පමණවූ පසේබුදුවරයන් දැක දනට ආරාධනා කෙළෙමියි කීවාය. ආර්යයන්ට හිඳිනා අසුන් පිළියෙල කරව්. කැඳ බත් ආදිය සම්පාදනය කරව්. ගම මැද මණ්ඩපයක් කරවා අසුන් පනවා දෙවෙනි දිනයෙහි පසේබුදුවරුන් වඩා හිඳුවා ප්‍රණීත බොජුන් වළඳවා බත්කිස අවසානයේ ඒ ගම සියලු ස්ත්‍රීන් කැඳවා ඔවුනුත් සමග පසේබුදුවරුන් වැඳ තෙමසක් මෙහි වසනබවට ප්‍රතිඥා දෙනුමැනවයි ප්‍රතිඥාලබාගෙන නැවතත් ගමට ගොස් උස්හඬින් මෙසේ කීවාය:

“අම‍්මතාතා, එකෙකකුලතො එකෙකො පුරිසො ඵරසුවාසිආදීනි ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා දබ‍්බසම‍්භාරෙ ආහරිත්‍වා අය්‍යානං වසනට‍්ඨානං කරොතූ”ති. ගාමවාසිනො තස‍්සායෙව වචනං සුත්‍වා එකෙකො එකෙකං කත්‍වා සද‍්ධිං රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙහි පණ‍්ණසාලසහස‍්සං කාරෙත්‍වා අත‍්තනො අත‍්තනො පණ‍්ණසාලායං වස‍්සූපගතෙ පච‍්චෙකබුද‍්ධෙ “අහං සක‍්කච‍්චං උපට‍්ඨහිස‍්සාමි, අහං සක‍්කච‍්චං උපට‍්ඨහිස‍්සාමී”ති උපට‍්ඨහිංසු. වස‍්සංවුට‍්ඨකාලෙ “අත‍්තනො අත‍්තනො පණ‍්ණසාලාය වස‍්සංවුට‍්ඨානං පච‍්චෙකබුද‍්ධානං චීවරසාටකෙ සජ‍්ජෙථා”ති සමාදපෙත්‍වා එකෙකස‍්ස සහස‍්සසහස‍්සමූලං චීවරං දාපෙසි. පච‍්චෙකබුද‍්ධා වුට‍්ඨවස‍්සා අනුමොදනං කත්‍වා පක‍්කමිංසු.

මෑණිවරුනි, පියවරුනි, එක් එක් පවුලකින් එක් පුරුෂයකු බැගින් වෑ ආදිය රැගෙන කැලෑවටගොස් දැවදඬු ගෙනවුත් ආර්යයන්ට වාසස්ථාන කෙරෙත්වා. ගම්වැසියෝ ඇගේ අවවාදය පිළිගෙන එකඑක්කෙනා එක් එක් නිවාසය බැගින් රාත්‍රිස්ථානය දිවාස්ථානවලින්යුත් පන්සල් දහස්ක කතා තමතමන්ගේ පන්සලෙහි වස්විසූ පසේබුදුවරයන්වහන්සේ කෙරෙහි ම උපස්ථාන කළහ. වස් විසූකල තමතමන්ගේ පන්සල්වල වස්එළඹුණු පසේබුදුවරුන්ට තුන්සිවුරු හා වැසිසළු සාදවයි එකඟකරවාගෙන එක් එක් නමකට දහසක් බැගින් වටිනා තුන්සිවුරු දෙවීය. පසේබුදුවරු වස්වැස අනුමෝදනාකොට වැඩියාහ.

ගාමවාසිනොපි ඉදං පුඤ‍්ඤකම‍්මං කත්‍වා ඉතො චුතා තාවතිංසභවනෙ නිබ‍්බත‍්තිත්‍වා ගණදෙවපුත‍්තා නාම අහෙසුං. තෙ තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං කුටුම‍්බිකගෙහෙසු නිබ‍්බත‍්තිංසු. ජෙට‍්ඨකපෙසකාරො ජෙට‍්ඨකකුටුම‍්බිකස‍්ස පුත‍්තො අහොසි. භරියාපිස‍්ස ජෙට‍්ඨකකුටුම‍්බිකස‍්සෙව ධීතා අහොසි. තා සබ‍්බාපි වයප‍්පත‍්තා පරකුලං ගච‍්ඡන‍්තියො තෙසං තෙසංයෙව ගෙහානි අගමිංසු.

ග්‍රාමවාසීනුත් මේ පින්කම් කොට එයින්චුතව තව්තිසා භවනයෙහි ඉපිද ගණදේවපුත්‍රයන්යයි නම්ලදහ. ඔවුහු එහි දිවසැපත් අනුභවකොට කාශ්‍යප බුදුන් සමයෙහි බරණැස කෙළෙඹි ගෙවල්වල උපන්හ. දෙටු පේෂකාරතෙම දෙටුකෙළෙඹියාගේ පුත්‍රයාවිය. භාර්යාවද ඒ දෙටුකෙළෙඹියාගේම දුව වූවාය. ඒ සියලුදෙනාම පරකුලයට යන්නාහු ඔවුනොවුන්ගේ ගෙවල්වලටම ගියාහුය.

අථෙකදිවසං විහාරෙ ධම‍්මස‍්සවනං සඞ‍්ඝුට‍්ඨං. “සත්‍ථා ධම‍්මං දෙසෙස‍්සතී”ති සුත්‍වා සබ‍්බෙපි තෙ කුටුම‍්බිකා “ධම‍්මං සොස‍්සාමා”ති භරියාහි සද‍්ධිං විහාරං අගමිංසු. තෙසං විහාරමජ‍්ඣං පවිට‍්ඨක‍්ඛණෙ වස‍්සං උට‍්ඨහි. යෙසං කුලූපකා වා ඤාතිසාමණෙරාදයො වා අත්‍ථි, තෙ තෙසං පරිවෙණානි පවිසිංසු. තෙ පන තථාරූපානං නත්‍ථිතාය කත්‍ථචි, පවිසිතුං අවිසහන‍්තා විහාරමජ‍්ඣෙයෙව අට‍්ඨංසු.

ඉන්පසු දිනක බුදුරදුන් දහම්දෙසතියි විහාරයෙහි ඝෝෂණය කරනලදි. ඒ අසා සියලු කෙළෙඹියෝ බණ අසමුයයි භාර්යාවන්ද කැටුව විහාරයට ගියාහුය. ඔවුන් විහාරය මැදට පැමිණිකල වැස්සක් පටන්ගත්තේය. ඒ අයගේ කුලුපග හෝ නෑයන්වන්නාවූ හෝ සාමණේරාදීහු සිටියාහු නම්, ඔවුහු ඒ ඒ පිරිවෙන් ආදියට පිවිසියාහුය. ඔවුහු තමන්ට එබඳුතැන් නැතිහෙයින් පිවිසීමට තැන් නැතිව විහාරභූමිය මැදම සිටියාහුය.

අථ නෙ ජෙට‍්ඨකකුටුම‍්බිකො ආහ – “පස‍්සථ අම‍්හාකං විප‍්පකාරං, කුලපුත‍්තෙහි නාම එත‍්තකෙන ලජ‍්ජිතුං යුත‍්ත”න‍්ති. “අය්‍ය, කිං පන කරොමා”ති? “මයං විස‍්සාසිකට‍්ඨානස‍්ස අභාවෙන ඉමං විප‍්පකාරං පත‍්තා, සබ‍්බෙ ධනං සංහරිත්‍වා පරිවෙණං කරොමා”ති. “සාධු, අය්‍යා”ති ජෙට‍්ඨකො සහස‍්සං අදාසි, සෙසා පඤ‍්ච පඤ‍්ච සතානි. ඉත්‍ථියො අඩ‍්ඪතෙය්‍යානි අඩ‍්ඪතෙය්‍යානි සතානි. තෙ තං ධනං සංහරිත්‍වා සහස‍්සකූටාගාරපරිවාරං සත්‍ථු වසනත්‍ථාය මහාපරිවෙණං නාම ආරභිංසු. නවකම‍්මස‍්ස මහන‍්තතාය ධනෙ අප‍්පහොන‍්තෙ පුබ‍්බෙ දින‍්නධනතො පුන උපඩ‍්ඪූපඩ‍්ඪං අදංසු. නිට‍්ඨිතෙ පරිවෙණෙ විහාරමහං කරොන‍්තා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සත‍්තාහං මහාදානං දත්‍වා වීසතියා භික‍්ඛුසහස‍්සානං චීවරානි සජ‍්ජිංසු.

ඉන්පසු දෙටු කෙළෙඹියා ඔවුන් අමතා, අපටවූ විප්‍රකාරය බලව්. කුලපුත්‍රයන් මෙයින්ම ලජ්ජාවියයුතුයයි කීවේය. ඔබතුමා කුමක් කරන්නෙහිද? අපි විශ්වාස දායක තැනක් නැති හෙයින් මේ විපිළිසර තත්ත්වයට පැමිණියෙමු. සියලු ධනය එකතුකොට පිරිවෙනක් කරමු. ආර්යයෙනි, යෙහෙකැයි දෙටුකෙළෙඹියා දහසක් දුන්නේය. සෙස්සෝ පන්සීය බැගින් දුන්හ. ස්ත්‍රීහු තුන්සීය බැගිනි. ඔවුහු ඒ ධනය බුදුන්ට වැඩසිටීම සඳහා එකතු කොට දහසක් කුළුගෙඩිවලින් වටවූ, මහා ආරාමයක්කරන්ට ආරම්භ කළහ. නවකර්මාන්තය මහත්වූ හෙයින් එකතුකළ ධනය නොපොහොනා නිසා මුලින්දුන් ධනය මෙන් භාගය බැගින් නැවතත් එකතුකළහ. ආරාමයේ වැඩ අවසන්වූ පසු විහාරපූජාව කරමින් බුද්ධප්‍රමුඛ සංඝයාට සත්දිනක් මහදන්දී විසිදහක් භික්ෂූන්ට තුන්සිවුරු පිළියෙලකළහ.

ජෙට‍්ඨකකුටුම‍්බිකස‍්ස පන භරියා සබ‍්බෙහි සමානං අකත්‍වා අත‍්තනො පඤ‍්ඤාය ඨිතා “අතිරෙකතරං කත්‍වා සත්‍ථාරං පූජෙස‍්සාමී”ති අනොජපුප‍්ඵවණ‍්ණෙන සහස‍්සමූලෙන සාටකෙන සද‍්ධිං අනොජපුප‍්ඵචඞ‍්කොටකං ගහෙත්‍වා අනුමොදනකාලෙ සත්‍ථාරං අනොජපුප‍්ඵෙහි පූජෙත්‍වා තං සාටකං සත්‍ථු පාදමූලෙ ඨපෙත්‍වා, “භන‍්තෙ, නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ අනොජපුප‍්ඵවණ‍්ණංයෙව මෙ සරීරං හොතු, අනොජා එව ච මෙ නාමං හොතූ”ති පත්‍ථනං පට‍්ඨපෙසි. සත්‍ථා “එවං හොතූ”ති අනුමොදනං අකාසි. තෙ සබ‍්බෙපි යාවතායුකං ඨත්‍වා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ දෙවලොකා චවිත්‍වා ජෙට‍්ඨකකුටුම‍්බිකො කුක‍්කුටවතීනගරෙ රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො මහාකප‍්පිනරාජා නාම අහොසි, සෙසා අමච‍්චකුලෙ නිබ‍්බත‍්තිංසු. ජෙට‍්ඨකකුටුම‍්බිකස‍්ස භරියා මද‍්දරට‍්ඨෙ සාගලනගරෙ රාජකුලෙ නිබ‍්බත‍්ති, අනොජපුප‍්ඵවණ‍්ණමෙවස‍්සා සරීරං අහොසි, අනොජාත්‍වෙවස‍්සා නාමං කරිංසු. සා වයප‍්පත‍්තා මහාකප‍්පිනරඤ‍්ඤො ගෙහං ගන‍්ත්‍වා අනොජාදෙවී නාම අහොසි. සෙසිත්‍ථියොපි අමච‍්චකුලෙසු නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තා තෙසංයෙව අමච‍්චපුත‍්තානං ගෙහානි අගමංසු. තෙ සබ‍්බෙ රඤ‍්ඤො සම‍්පත‍්තිසදිසං සම‍්පත‍්තිං අනුභවිංසු.

දෙටු කෙළෙඹියාගේ බිරිඳ සැමට සමකොට තමා නුවණ මෙහෙයවා විශේෂ පූජාවක් බුදුරදුන් උදෙසා කරන්නෙමියි අනෝජාමල් පාට දහසක්වටිනා සළුවක් සමග අනෝජාමල් බඳුනක්ද ගෙන අනුමෝදනා කාලයෙහි බුදුන්පාමුල තබා, ස්වාමීනි උපනුපන් හැමතැන අනෝජාමල් වර්ණයෙන්ම මගේ සිරුර යුක්තවේවා. අනෝජා යන්නම මගේ නාමයවේවායි පැතුවාය. ශාස්තෘන්වහන්සේ එසේමවේවායි අනුමෝදනා කළසේක. ඒ හැමදෙනාම ආයු ඇතිතාක් සිට එයින් චුතව දෙව්ලොව ඉපිද මේ බුද්ධොත්පාද කාලයෙහි දෙව්ලොවින් චුතව දෙටුකෙළෙඹියා කුක්කටවතී නගරයෙහි රාජකුලයක ඉපදී මහා කප්පිනරජ යනනමින් ප්‍රකටවිය. සෙස්සෝ ඇමති කුලවල උපන්හ. දෙටු කෙළෙඹියාගේ බිරිඳ මදුරට සාගල නුවර රාජකුලයෙහි උපන්නාය. ඇගේ සිරුර අනෝජාමලක වර්ණයෙන් යුක්තයි. අනෝජායයි ඈ නම්කරනලදි. සෙසු ස්ත්‍රීන්ද ඇමතිකුලවල ඉපදී වැඩිවිය පැමිණ ඒ ඒ ඇමතිපුතුන්ගේ ගෙවල්වලටම ගියාහුය. ඒ සියල්ලෝ රජසම්පත් වැනි සම්පත් අනුභවකළහ.

යදා රාජා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො හත්‍ථිං අභිරුහිත්‍වා විචරි, තදා තෙපි තථෙව විචරන‍්ති. තස‍්මිං අස‍්සෙන වා රථෙන වා විචරන‍්තෙ තෙපි තථෙව විචරන‍්ති? එවං තෙ එකතො හුත්‍වා කතානං පුඤ‍්ඤානං ආනුභාවෙන එකතොව සම‍්පත‍්තිං අනුභවිංසු. රඤ‍්ඤො පන බලො, බලවාහනො, පුප‍්ඵො, පුප‍්ඵවාහනො, සුපත‍්තොති පඤ‍්ච අස‍්සා හොන‍්ති. රාජා තෙසු සුපත‍්තං අස‍්සං සයං ආරොහති, ඉතරෙ චත‍්තාරො අස‍්සාරොහානං සාසනාහරණත්‍ථාය අදාසි. රාජා තෙ පාතොව භොජෙත්‍වා “ගච‍්ඡථ ද‍්වෙ වා තීණි වා යොජනානි ආහිණ‍්ඩිත්‍වා බුද‍්ධස‍්ස වා ධම‍්මස‍්ස වා සඞ‍්ඝස‍්ස වා උප‍්පන‍්නභාවං ඤත්‍වා මය‍්හං සුඛසාසනං ආහරථා”ති පෙසෙසි. තෙ චතූහි ද‍්වාරෙහි නික‍්ඛමිත්‍වා තීණි යොජනානි ආහිණ‍්ඩිත්‍වා සාසනං අලභිත්‍වා පච‍්චාගච‍්ඡන‍්ති.

යම් දිනක රජු සර්වාලංකාරයෙන් සැරසී ඇතුපිටනැගී හැසිරෙයිද, එකල සෙස්සෝද එපරිද්දෙන්ම සැරසී රජුත් සමග හැසිරෙත්. රජු සෙකුපිට හෝ රථයකින් යන්නේ නම් ඔවුහුද එසේම ගියාහ. මෙසේ ඔවුන් එකතුව කළ පින්බලයෙන් එකතුවම සම්පත් අනුභව කළහ. රජුට වාල, වාලවාහන, පුෂ්ප, පුෂ්පවාහන, සුපත්තයයි අශ්වයන් පස්දෙනෙක් සිටියෝය. රජු ඔවුන්ගෙන් සුපත්ත නම් අසුපිට නැගීයයි. අනිත් සතරදෙනා හසුන්ගෙනයෑම සඳහා අසරුවන්ට දෙනලදි. රජු උදෑසනම ඔවුන් කවාපොවා, යව්, යොදුන් දෙක තුනක් හෝ ඇවිද බුදුන් දහම් සඟුන් උපන්බවක් දැනගෙන මට යහපත් ආරංචියක් රැගෙන එවයි පිටත්කරහරියි. ඔවුහු ප්‍රධාන වාසල්දොරටු සතරින් නික්මී යොදුන් දෙකතුනක් ඇවිද සුදුසු ආරංචියක් නොලැබ ආපසු එති.

අථෙකදිවසං රාජා සුපත‍්තං අස‍්සං ආරුය‍්හ අමච‍්චසහස‍්සපරිවුතො උය්‍යානං ගච‍්ඡන‍්තො කිලන‍්තරූපෙ පඤ‍්චසතවාණිජකෙ නගරං පවිසන‍්තෙ දිස‍්වා “ඉමෙ අද‍්ධානකිලන‍්තා, අද‍්ධා ඉමෙසං සන‍්තිකා එකං භද‍්දකං සාසනං සොස‍්සාමී”ති තෙ පක‍්කොසාපෙත්‍වා “කුතො ආගච‍්ඡථා”ති පුච‍්ඡි. “අත්‍ථි, දෙව, ඉතො වීසතියොජනසතමත්‍ථකෙ සාවත්‍ථි නාම නගරං, තතො ආගච‍්ඡාමා”ති. “අත්‍ථි පන වො පදෙසෙ කිඤ‍්චි සාසනං උප‍්පන‍්න”න‍්ති. “දෙව, අඤ‍්ඤං කිඤ‍්චි නත්‍ථි, සම‍්මාසම‍්බුද‍්ධො පන උප‍්පන‍්නො”ති. රාජා තාවදෙව පඤ‍්චවණ‍්ණාය පීතියා ඵුට‍්ඨසරීරො කිඤ‍්චි සල‍්ලක‍්ඛෙතුං අසක‍්කොන‍්තො මුහුත‍්තං වීතිනාමෙත්‍වා, “තාතා, කිං වදෙථා”ති පුච‍්ඡි. “බුද‍්ධො, දෙව, උප‍්පන‍්නො”ති. රාජා දුතියම‍්පි තතියම‍්පි තථෙව වීතිනාමෙත්‍වා චතුත්‍ථෙ වාරෙ “කිං වදෙථ, තාතා”ති පුච‍්ඡිත්‍වා “බුද‍්ධො, දෙව, උප‍්පන‍්නො”ති වුත‍්තෙ, “තාතා, වො සතසහස‍්සං දදාමී”ති වත්‍වා “අඤ‍්ඤම‍්පි කිඤ‍්චි සාසනං අත්‍ථී”ති පුච‍්ඡි. “අත්‍ථි, දෙව, ධම‍්මො උප‍්පන‍්නො”ති. රාජා තම‍්පි සුත්‍වා පුරිමනයෙනෙව තයො වාරෙ වීතිනාමෙත්‍වා චතුත්‍ථෙ වාරෙ “ධම‍්මො උප‍්පන‍්නො”ති වුත‍්තෙ “ඉධාපි වො සතසහස‍්සං දම‍්මී”ති වත්‍වා “අපරම‍්පි සාසනං අත්‍ථි, තාතා”ති පුච‍්ඡි. “අත්‍ථි, දෙව, සඞ‍්ඝරතනං උප‍්පන‍්න”න‍්ති. රාජා තම‍්පි සුත්‍වා තයො වාරෙ වීතිනාමෙත්‍වා චතුත්‍ථෙ වාරෙ “සඞ‍්ඝො”ති පදෙ වුත‍්තෙ “ඉධාපි වො සතසහස‍්සං දම‍්මී”ති වත්‍වා අමච‍්චසහස‍්සං ඔලොකෙත්‍වා, “තාතා, කිං කරිස‍්සථා”ති පුච‍්ඡි. “දෙව, තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “අහං, තාතා, ‘බුද‍්ධො උප‍්පන‍්නො, ධම‍්මො උප‍්පන‍්නො, සඞ‍්ඝො උප‍්පන‍්නො’ති සුත්‍වා න පුන නිවත‍්තිස‍්සාමි, සත්‍ථාරං උද‍්දිස‍්ස ගන‍්ත්‍වා තස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමී”ති. “මයම‍්පි, දෙව, තුම‍්හෙහි සද‍්ධිං පබ‍්බජිස‍්සාමා”ති. රාජා සුවණ‍්ණපට‍්ටෙ අක‍්ඛරානි ලිඛාපෙත්‍වා වාණිජකෙ ආහ – “අනොජා නාම දෙවී තුම‍්හාකං තීණි සතසහස‍්සානි දස‍්සති, එවඤ‍්ච පන නං වදෙය්‍යාථ ‘රඤ‍්ඤො කිර තෙ ඉස‍්සරියං විස‍්සට‍්ඨං, යථාසුඛං සම‍්පත‍්තිං පරිභුඤ‍්ජාහී’ති, සචෙ පන වො ‘රාජා කහ’න‍්ති පුච‍්ඡති, ‘සත්‍ථාරං උද‍්දිස‍්ස පබ‍්බජිස‍්සාමීති වත්‍වා ගතො’ති ආරොචෙය්‍යාථා”ති. අමච‍්චාපි අත‍්තනො අත‍්තනො භරියානං තථෙව සාසනං පහිණිංසු. රාජා වාණිජකෙ උය්‍යොජෙත්‍වා අස‍්සං අභිරුය‍්හ අමච‍්චසහස‍්සපරිවුතො තං ඛණංයෙව නික‍්ඛමි.

ඉන්පසු දිනක රජු අසුපිට නැගී ඇමති දහස පිරිවරා උයනට යන්නේ ක්ලාන්ත භාවයට පත් පන්සීයක් වෙළඳුන් නගරයට ඇතුල්වනු දැක, මොවුහු මාර්ගයෙහිදී තෙහෙට්ටු වූවෝය. දුරසිට පැමිණියාහුය. ඒකාන්තයෙන්ම මොවුන්ගෙන් එක යහපත් ආරංචියක් අසාගන්නෙමියි ඔවුන් කැඳවා තෙපි කොහි සිට එන්නහුදැයි ඇසීය. දේවයන්වහන්ස, මෙයින් යොදුන් එක්සියවිස්සකට පමණ දුරින් සැවැත් නම් නුවරක් ඇත. අපි එහි සිට එන්නෙමුයි කීවාහුය. තොපගේ දේශයෙහි කිසියම් සසුනක් තිබේද? දේවයිනි, වෙන කිසිවක් නම් නැත. සම්මාසම්බුදුහු නම් පහළවී සිටිති. රජු එකල්හි පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව කිසිවක් සලකාගත නොහැකිව මොහොතක් ගෙවා, දරුවනි, කුමක් කියව්දැයි නැවත විචාළේය. දේවයිනි, බුදුරදුහු පහළවී සිටිති. රජු දෙවෙනි තෙවෙනි වරක් නිහඬව සිට සිව්වෙනි වර දරුවනි, කුමක් කියව්දැයි අසා, දේවයිනි, බුදුන්ලොව පහළවූහයි අසා දුරුවනි, නුඹලාට ලක්‍ෂයක් තිළිණ දෙමියි කියා, තවත් කිසියම් සසුනක් ඇද්දැයි විමසීය. දේවයන්වහන්ස ධර්මයත් පහළවී ඇතියි පැවසූවිට එයද අසා පෙර පරිදිම තෙවරක් කල්හැර සිව්වෙනි වර ධම්ම යන පදය කීකල නුඹලාට තවත් ලක්‍ෂයක් ත්‍යාග දෙමියි කියා තවත් සසුනක් ඇද්ද දරුවෙනියි ඇසූවිට, එසේය දේවයිනි, සංඝරත්නයක් පහළවී ඇතැයි පැවසූහ. රජු එයත් අසා පෙර පරිදිම තෙවරක් කල් ගතකොට සිව්වෙනි වර සංඝ යන පදය කීකල නුඹලාට තවත් ලක්ෂයක් ත්‍යාග දෙමියි කියා ඇමතියන් දහස දෙස බලා දරුවනි, දැන් කුමක් කරන්නහුදැයි ඇසීය. දේවයන්වහන්සේ කුමක් කරන්නහුද? දරුවනි, මම බුදුන් උපන්නේය, දහම උපන්නේය, සංඝයා උපන්නේයයි අසා එතනින් නොනවතින්නෙමි. බුදුන් උදෙසා ගොස් පැවිදිවන්නෙමියි කීය. දේවයිනි, අපිත් ඔබ සමගම පැවිදිවන්නෙමුයයි ඔවුහු කීවාහුය. රජු රන්පටියක අකුරු ලියවා වෙළඳුන් අමතා, අනෝජා නම් දේවිය නුඹලාට තුන් ලක්‍ෂය දෙනවා ඇත. ඉන්පසු මෙයත් කියන්න. රජු සියලු සම්පත් ඔබවෙනුවෙන් මුදාහරින ලදි. ඒවා භාරගෙන සැපසේ සිටින්න. ඉදින් නුඹලාගෙන් රජු කොහිදැයි ඇසුවොත්. බුදුන් ළඟ පැවිදිවීමට ගියේදැයි දන්වන්න. ඇමතියෝද තමතමන්ගේ බිරියන්ට ඒ අයුරින්ම හසුන් යැවූහ. රජු වෙළෙන්දන් පිටත්කර යවා ඇමතියන් දහස පිරිවරා එකෙණෙහිම නික්මුණේය.

සත්‍ථාපි තං දිවසං පච‍්චූසකාලෙ ලොකං වොලොකෙන‍්තො මහාකප‍්පිනරාජානං සපරිවාරං දිස‍්වා “අයං මහාකප‍්පිනො වාණිජකානං සන‍්තිකා තිණ‍්ණං රතනානං උප‍්පන‍්නභාවං සුත්‍වා තෙසං වචනං තීහි සතසහස‍්සෙහි පූජෙත්‍වා රජ‍්ජං පහාය අමච‍්චසහස‍්සෙහි පරිවුතො මං උද‍්දිස‍්ස පබ‍්බජිතුකාමො ස‍්වෙ නික‍්ඛමිස‍්සති. සො සපරිවාරො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිස‍්සති, පච‍්චුග‍්ගමනමස‍්ස කරිස‍්සාමී”ති පුනදිවසෙ චක‍්කවත‍්තී විය ඛුද‍්දකගාමභොජකං පච‍්චුග‍්ගච‍්ඡන‍්තො සයමෙව පත‍්තචීවරං ගහෙත්‍වා වීසයොජනසතං මග‍්ගං පච‍්චුග‍්ගන‍්ත්‍වා චන්‍දභාගාය නදියා තීරෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො නිසීදි.

ශාස්තෘන්වහන්සේත් එදින උදෑසන ලොව බලනසේක් පිරිවර සහිත මහාකප්පින රජුන් දැක, මේ කප්පින වෙළෙන්දන් හමුවෙහි තුන්සරණය උපන්බව අසා ඔවුන්ගේ වචනය සඳහා ලක්‍ෂ තුනකින් පුදා රාජ්‍යයත් හැර ඇමතියන් දහසකුත් පිරිවරා ගෙන මා උදෙසා පැවිදිවනු කැමැත්තෙන් හෙට නික්මෙන්නේය. හෙතෙම පිරිවර සහිතව රහත්බවට පැමිණෙන්නේය. මොහුට පෙරගමන් කරන්නෙමියි දෙවෙනි දවස් කුඩාගමක ගම්මුලාදෑනියාට පෙරගමන් කරන සක්විති රජකුමෙන් තමන්ම පාසිවුරු රැගෙන එක්සිය විසියොදුනක් පෙරගමන්කොට චන්‍ද්‍රභාගා නදී තීරයෙහි නුගරුකමුල සවණක්රැස් විහිදුවමින් වැඩහුන් සේක.

“රාජාපි ආගච‍්ඡන‍්තො එකං නදිං පත්‍වා “කා නාමෙසා”ති පුච‍්ඡි. “අපරච‍්ඡා නාම, දෙවා”ති. “කිමස‍්සා පරිමාණං, තාතා”ති? “ගම‍්භීරතො ගාවුතං, පුථුලතො ද‍්වෙ ගාවුතානි, දෙවා”ති. “අත්‍ථි පනෙත්‍ථ නාවා වා උළුම‍්පො වා”ති? “නත්‍ථි, දෙවා”ති. “නාවාදීනි ඔලොකෙන‍්තෙ අම‍්හෙ ජාති ජරං උපනෙති, ජරා මරණං. අහං නිබ‍්බෙමතිකො හුත්‍වා තීණි රතනානි උද‍්දිස‍්ස නික‍්ඛන‍්තො, තෙසං මෙ ආනුභාවෙන ඉමං උදකං උදකං විය මා අහොසී”ති තිණ‍්ණං රතනානං ගුණං ආවජ‍්ජෙත්‍වා “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො”ති බුද‍්ධානුස‍්සතිං අනුස‍්සරන‍්තො සපරිවාරො අස‍්සසහස‍්සෙන උදකපිට‍්ඨිං පක‍්ඛන්‍දි. සින්‍ධවා පිට‍්ඨිපාසාණෙ විය පක‍්ඛන්‍දිංසු. ඛුරානං අග‍්ගා නෙව තෙමිංසු.

රජුද එන අතර එක් නදියක් වෙත පැමිණ මේ නදිය කිනම්දැයි ඇසීය. දේවයන්වහන්ස, එය අරවච්ඡ නමි. දරුවනි, මෙය කෙතරම් විශාලද? ගැඹුරින් ගව්වකි. පළලින් ගව්වකි. මෙහ නැව් හෝ පසුරු හෝ ඇද්ද? නැත දේවයන්වහන්ස, නැව් ආදිය ගැන බලා සිටින අපි ජාතිජරා මරණාදියට ළඟාවන්නෙමු. මම නිසැකවම තුන්සරණය උදෙසා නික්මුණෙමි. ඒ තිසරණයේ අනුහසින් මට මේ ජලය ජලයක් මෙන් නොවේවායි තිසරණ ගුණ මෙනෙහි කොට ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධොයි බුද්ධානුස්සතිය සිහකරමින් අසුන් දහසක් පිරිවරත් දමග දියමතුපිටට පැන්නේය. අශ්වයෝ ගල්මතුපිට යන්නාක් මෙන් පැන ගියහ. කුරවල අග පමණක් තෙමිණි.

සො තං උත‍්තරිත්‍වා පුරතො ගච‍්ඡන‍්තො අපරම‍්පි නදිං දිස‍්වා “අයං කා නාමා”ති පුච‍්ඡි. “නීලවාහිනී නාම, දෙවා”ති. “කිමස‍්සා පරිමාණ”න‍්ති? “ගම‍්භීරතොපි පුථුලතොපි අඩ‍්ඪයොජනං, දෙවා”ති. සෙසං පුරිමසදිසමෙව. තං පන නදිං දිස‍්වා “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො”ති ධම‍්මානුස‍්සතිං අනුස‍්සරන‍්තො පක‍්ඛන්‍දි.

හෙතෙම නදියෙන් එතරව ඉදිරියට යන්නේ තවත් නදියක් දැක මෙහි නම කිමෙක්දැයි ඇසීය. දේවයන්වහන්ස, එය නීලවාහිනී නම්වෙයි. මෙහි ප්‍රමාණය කෙසේද? ගැඹුරිනුත් පළලිනුත් අඩයොදුනක් පමණි දේවයිනි. සෙස්ස පෙරසේමය. ඒ නදිය දැක ස්වාක්ඛාතො භගවතා ධම්මො ආදි ධම්මානුස්සතිය සිහිකරමින් පැන්නේය.

තම‍්පි අතික‍්කමිත්‍වා ගච‍්ඡන‍්තො අපරම‍්පි නදිං දිස‍්වා “අයං කා නාමා”ති පුච‍්ඡි. “චන්‍දභාගා නාම, දෙවා”ති. “කිමස‍්සා පරිමාණ”න‍්ති? “ගම‍්භීරතොපි පුථුලතොපි යොජනං, දෙවා”ති. සෙසං පුරිමසදිසමෙව. ඉමං පන නදිං දිස‍්වා “සුප‍්පටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො”ති සඞ‍්ඝානුස‍්සතිං අනුස‍්සරන‍්තො පක‍්ඛන්‍දි. තං පන නදිං අතික‍්කමිත්‍වා ගච‍්ඡන‍්තො සත්‍ථු සරීරතො නික‍්ඛන‍්තා ඡබ‍්බණ‍්ණරස‍්මියො අද‍්දස. නිග්‍රොධරුක‍්ඛස‍්ස සාඛාවිටපපලාසානි සොවණ‍්ණමයානි විය අහෙසුං. රාජා චින‍්තෙසි – “අයං පන ඔභාසො නෙව චන්‍දස‍්ස, න සූරියස‍්ස, න දෙවමාරබ්‍රහ‍්මනාගසුපණ‍්ණාදීනං අඤ‍්ඤතරස‍්ස, අද‍්ධා අහං සත්‍ථාරං උද‍්දිස‍්ස ආගච‍්ඡන‍්තො මහාගොතමබුද‍්ධෙන දිට‍්ඨො භවිස‍්සාමී”ති. සො තාවදෙව අස‍්සපිට‍්ඨිතො ඔතරිත්‍වා ඔනතසරීරො රස‍්මිඅනුසාරෙන සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා මනොසිලාරසෙ නිමුජ‍්ජන‍්තො විය බුද‍්ධරස‍්මීනං අන‍්තො පවිසිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි සද‍්ධිං අමච‍්චසහස‍්සෙන, සත්‍ථා තස‍්ස අනුපුබ‍්බිං කථං කථෙසි. දෙසනාවසානෙ රාජා සපරිවාරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

ඒ නදියත් ඉක්මවා යනවිට තවත් නදියක් දැක මෙහි නම කුමක්දැයි ඇසීය. දේවයිනි, එය චන්ද්‍රභාගා නම්, මෙහි ප්‍රමාණය කෙසේද? ගැඹුරෙනුත් පළලිනුත් යොදුනකි. සෙස්ස පෙරසේමය. ඒ නදිය දැක සුපටිපන්නො භගවතො සාවකසංඝෝ යයි සංඝානුස්සතිය සිහිකරමින් පැන්නේය. බුදුන්ගේ සිරුරින් නිකුත් සවණක්රැස් දුටුවේය. නුගරුකේ අතුදෙබල්කොළ ආදිය රන්වන්පාටින් දිස්විය. රජු, මේ ආලෝකය චන්‍ද්‍රයාගේ නොවෙයි, සූර්යයාගේද නොවෙයි. බ්‍රහ්මනාගසුපර්ණාදි අනිකෙකුගේත් නොවෙයි. ඒකාන්තයෙන්ම බුදුන් උදෙසා එන හෙයින් මහාගෞතම බුදුන් විසින් මා දක්නාලද්දෙම් වෙමි. හෙතෙම පළමුකොටම, එවේලේම අසුපිටින් බැස නැමුණු සිරුරු ඇතිව රශ්මිඅනුසාරයෙන් බුදුන්වෙත පැමිණ රත්හිරියල් වතුරක ගිලෙන්නාක් මෙන් බුදුරැස් අතරට පිවිස බුදුන් වැඳ ඇමති දහසත් සමග එකත්පසෙක හිඳගත්තේය. බුදුරජාණන්වහන්සේ ඔහුට දානකථාදි පිළිවෙලකථාව වදාළහ. දේශනාවසානයෙහි ඔහු පිරිවරත් සමග සෝවාන්ඵලයෙහි පිහිටියේය.

අථ සබ‍්බෙව උට‍්ඨහිත්‍වා පබ‍්බජ‍්ජං යාචිංසු. සත්‍ථා “ආගමිස‍්සති නු ඛො ඉමෙසං කුලපුත‍්තානං ඉද‍්ධිමයපත‍්තචීවර”න‍්ති උපධාරෙන‍්තො “ඉමෙ කුලපුත‍්තා පච‍්චෙකබුද‍්ධසහස‍්සස‍්ස චීවරසහස‍්සං අදංසු, කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ වීසතියා භික‍්ඛුසහස‍්සානම‍්පි වීසතිචීවරසහස‍්සානිපි අදංසු. අනච‍්ඡරියං ඉමෙසං ඉද‍්ධිමයපත‍්තචීවරාගමන”න‍්ති ඤත්‍වා දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා “එථ, භික‍්ඛවො, චරථ බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති ආහ. තෙ තාවදෙව අට‍්ඨපරික‍්ඛාරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය හුත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පච‍්චොරොහිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදිංසු.

ඉන්පසු සියල්ලෝ නැගිට පැවිද්ද ඉල්ලා සිටියහ. ශාස්තෘන්වහන්සේ මේ කුලපුතුන්ට සෘද්ධිමය පාසිවුරු ලැබෙන්නේදැයි විමසා බලනසේක්, මේ කුලපුත්‍රයෝ පසේබුදුවරයන් දහසක් නමකට සිවුරු දහසක් දුන්හ. කාශ්‍යප බුදුන් කාලයෙහි භික්ෂූන් විසිදහසකට සිවුරු විසිදාහක් දුන්හ. මොවුන් සෘද්ධිමය පාත්‍ර සිවුරු ලැබීම පුදුමයක් නොවේයයි සලකා දකුණුඅත දිගහැර මහණෙනි, මෙහි එව්. බඹසරවාසය වසව්. මැනවින් දුක් කෙළවර කර ගනිව්යයි වදාළහ. ඔවුහු එවිටම අටපිරිකර දරාගත් සැටවස් පිරුණු තෙරවරුන් මෙන්වී අහසට පැනනැගී අහසින් බැස බුදුන් වැඳසිටියාහුය.

තෙපි වාණිජකා රාජකුලං ගන‍්ත්‍වා රඤ‍්ඤා පහිතභාවං ආරොචාපෙත්‍වා දෙවියා “ආගච‍්ඡන‍්තූ”ති වුත‍්තෙ පවිසිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. අථ නෙ දෙවී පුච‍්ඡි – “තාතා, කිං කාරණා ආගතාත්‍ථා”ති? “මයං රඤ‍්ඤා තුම‍්හාකං සන‍්තිකං පහිතා, තීණි කිර නො සතසහස‍්සානි දෙථා”ති. “තාතා, අතිබහුං භණථ, කිං තුම‍්හෙහි රඤ‍්ඤො කතං, කිස‍්මිං වො රාජා පසන‍්නො එත‍්තකං ධනං දාපෙසී”ති?

යට සඳහන් කළ වෙළෙන්දෝත් රජගෙදරට ගොස් රජු තමන් එවූ බව දන්වා, දේවිය, මෙහි එන්නැයි කීකල්හි එහි ඇතුළට ගොස් ආචාරකොට එක්පැත්තක සිටියාහුය. ඉන්පසු දේවිය, දරුවෙනි කුමක් සඳහා ආවාහුදැයි ඇසුවාය. අපි රජුවිසින් ඔබවෙත එවන ලද්දෝවම්හ. දේවීනි අපට ලක්‍ෂතුනක් දෙනු මැනවැයි කීහ. දරුවෙනි, ඔබ කියන්නේ ඉතා විශාල මුදලක් ගැනය. ඔබ රජු වෙනුවෙන් කුමක් කරන ලදද? කුමක් කිරීමෙන් ඔබ රජුන් පහදවා ගන්නාලද්දේද? මෙතෙක් ධනයක් ඔබට දෙන්නේ ඇයිදැයි විමසුවාය.

“දෙවි, න අඤ‍්ඤං කිඤ‍්චි කතං, රඤ‍්ඤො පන එකං සාසනං ආරොචයිම‍්හා”ති? “සක‍්කා පන, තාතා, මය‍්හං ආරොචෙතු”න‍්ති. “සක‍්කා, දෙවී”ති. “තෙන හි, තාතා, වදෙථා”ති. “දෙවි බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති. සාපි “තං සුත්‍වා පුරිමනයෙනෙව පීතියා ඵුට‍්ඨසරීරා තික‍්ඛත‍්තුං කිඤ‍්චි අසල‍්ලක‍්ඛෙත්‍වා චතුත්‍ථෙ වාරෙ ‘බුද‍්ධො’ති පදං සුත්‍වා, තාතා, ඉමස‍්මිං පදෙ රඤ‍්ඤා කිං දින‍්න”න‍්ති? “සතසහස‍්සං, දෙවී”ති. “තාතා, අනනුච‍්ඡවිකං රඤ‍්ඤා කතං එවරූපං සාසනං සුත්‍වා තුම‍්හාකං සතසහස‍්සං දදමානෙන. අහඤ‍්හි වො මම දුග‍්ගතපණ‍්ණාකාරෙ තීණි සතසහස‍්සානි දම‍්මි, අපරම‍්පි තුම‍්හෙහි රඤ‍්ඤො කිං ආරොචිත”න‍්ති? තෙ ඉදඤ‍්චිදඤ‍්චාති ඉතරානිපි ද‍්වෙ සාසනානි ආරොචයිංසු. දෙවී පුරිමනයෙනෙව පීතියා ඵුට‍්ඨසරීරා තික‍්ඛත‍්තුං කිඤ‍්චි අසල‍්ලක‍්ඛෙත්‍වා චතුත්‍ථෙ වාරෙ තථෙව සුත්‍වා තීණි තීණි සතසහස‍්සානි දාපෙසි, එවං තෙ සබ‍්බානිපි ද‍්වාදස සතසහස‍්සානි ලභිංසු.

දේවීන්වහන්ස, අපි වෙන කිසිවක්ම නොකෙළෙමු. එක් පුවතක් පමණක් දැනුම් දුන්නෙමු. දරුවනි, එය අපටත් කියා දිය හැකිද? දේවීනි, දැන්විය හැකිය. එසේනම් දරුවනි, කියව්. දේවීනි, බුදුන් ලෙව පහළවිය යුනුයි. ඈද ඒ අසා පෙරපරිදිම ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව තෙවරක් කිසිවක් සලකාගත නුහුණුව සතරවෙනිවර බුද්ධ යන පදය අසා, දරුවනි, මේ පදය අසා රජ කුමක් දුන්නෙහිද? දේවිය, ලක්‍ෂයක් දුන්නේය. මෙතරම් වටිනා පණිවුඩයක් දුන් තොපට ලක්‍ෂයක් දීමෙන් රජු විසින් කරනලද්දේ නොගැළපෙන ක්‍රියාවකි. මම දැන් තොපට මගේ දුප්පත් තිලිණයක් හැටියට තුන්ලක්‍ෂයක් දෙමි. ඉන්පසු තොප රජුන්ට තවත් කුමක් දන්වන ලදද? ඔවුහු මේ මේ කරුණුයයි අනිත් ධම්ම සංඝ යන රත්න පිළිබඳ විස්තරයද කීවාහුය. දේවිය, පෙර පරිදිම ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව තෙවරක්ම කිසිවක් සලකාගත නොහැකිව සිට සතරවෙනි වරත් ලක්‍ෂ තුන බැගින් දෙවුවාය. මෙසේ සියලු ධනය ලක්‍ෂදොළොසක් ලැබූහ.

අථ නෙ දෙවී පුච‍්ඡි – “රාජා කහං, තාතා”ති? දෙවි, “සත්‍ථාරං උද‍්දිස‍්ස ‘පබ‍්බජිස‍්සාමී’ති ගතො”ති. “මය‍්හං තෙන කිං සාසනං දින‍්න”න‍්ති? “සබ‍්බං කිර තෙන තුම‍්හාකං ඉස‍්සරියං විස‍්සට‍්ඨං, තුම‍්හෙ කිර යථාරුචියා සම‍්පත‍්තිං අනුභවථා”ති. “අමච‍්චා පන කහං, තාතා”ති? තෙපි “‘රඤ‍්ඤා සද‍්ධිංයෙව පබ‍්බජිස‍්සාමා’ති ගතා, දෙවී”ති. සා තෙසං භරියායො පක‍්කොසාපෙත්‍වා, අම‍්මා, තුම‍්හාකං සාමිකා “රඤ‍්ඤා සද‍්ධිං පබ‍්බජිස‍්සාමා”ති ගතා, “තුම‍්හෙ කිං කරිස‍්සථා”ති? “කිං පන තෙහි අම‍්හාකං සාසනං පහිතං, දෙවී”ති? “තෙහි කිර අත‍්තනො සම‍්පත‍්ති තුම‍්හාකං විස‍්සට‍්ඨා, තුම‍්හෙ කිර තං සම‍්පත‍්තිං යථාරුචි පරිභුඤ‍්ජථා”ති.

ඉන්පසු දේවිය, දරුවනි, රජු දැන් කොහිදැයි ඇසුවාය. දේවිය බුදුන් ළඟ පැවිදිවන්නෙමියි ගියේය. ඔහු මට කිනම් පණිවුඩයක් දුන්නේදැයි ඇසුවාය. සියලු රජසැපත ඔබට භාර කෙළෙහිය. ඔබ කැමති පරිද්දකින් ඒ සැප අනුභවකරන්නැයි කියාය. දරුවනි, ඒ සමඟ ගිය ඇමතියෝ කොහිද? දේවිය, ඒ සියල්ලෝද රජුනුත් සමඟ පැවිදිවන්නෙමුයයි ගියාහුය. දේවිය ඔවුන්ගේ භාර්යාවන් කැඳවා, මෑණිවරුනි, නුඹලාගේ ස්වාමිපුරුෂයෝ පැවිදි වන්නෙමුයයි රජුන් සමග ගියාහුය. දැන් තෙපි කුමක් කරන්නාහුදැයි ඇසුවාය. දේවිය, කිම ඔවුන් අපට කිසියම් පණිවුඩයක් එවුවාහුදැයි ස්ත්‍රීහු ඇසූහ. ඔවුන්ගේ සියලු සම්පත් නුඹලාට භාර කොට, කැමති පරිද්දකින් ඒ සම්පත් භුක්ති විඳින ලෙසද දන්වා එවා තිබේ.

“තුම‍්හෙ පන, දෙවි, කිං කරිස‍්සථා”ති? “අම‍්මා, සො තාව රාජා සාසනං සුත්‍වා මග‍්ගෙ ඨිතකොව තීහි සතසහස‍්සෙහි තීණි රතනානි පූජෙත්‍වා ඛෙළපිණ‍්ඩං විය සම‍්පත‍්තිං පහාය ‘පබ‍්බජිස‍්සාමී’ති නික‍්ඛන‍්තො, මයා පන තිණ‍්ණං රතනානං සාසනං සුත්‍වා තීණි රතනානි නවහි සතසහස‍්සෙහි පූජිතානි, න ඛො පනෙසා සම‍්පත‍්ති නාම රඤ‍්ඤොයෙව දුක‍්ඛා, මය‍්හම‍්පි දුක‍්ඛායෙව. කො රඤ‍්ඤා ඡඩ‍්ඩිතඛෙළපිණ‍්ඩං ජාණුකෙහි පතිට‍්ඨහිත්‍වා මුඛෙන ගණ‍්හිස‍්සති, න මය‍්හං සම‍්පත‍්තියා අත්‍ථො, අහම‍්පි සත්‍ථාරං උද‍්දිස‍්ස ගන‍්ත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. “දෙවි, මයම‍්පි තුම‍්හෙහෙව සද‍්ධිං පබ‍්බජිස‍්සාමා”ති. “සචෙ සක‍්කොථ, සාධු, අම‍්මා”ති? “සක‍්කොම, දෙවී”ති. “සාධු, අම‍්මා, තෙන හි එථා”ති රථසහස‍්සං යොජාපෙත්‍වා රථං ආරුය‍්හ තාහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා අන‍්තරාමග‍්ගෙ පඨමං නදිං දිස‍්වා යථා රඤ‍්ඤා පුට‍්ඨං, තථෙව පුච‍්ඡිත්‍වා සබ‍්බපවත‍්තිං සුත්‍වා “රඤ‍්ඤො ගතමග‍්ගං ඔලොකෙථා”ති වත්‍වා “සින්‍ධවානං පදවලඤ‍්ජං න පස‍්සාම, දෙවී”ති වුත‍්තෙ “රාජා තීණි රතනානි උද‍්දිස‍්ස නික‍්ඛන‍්තො සච‍්චකිරියං කත්‍වා ගතො භවිස‍්සති. අහම‍්පි තීණි රතනානි උද‍්දිස‍්ස නික‍්ඛන‍්තා, තෙසමෙව අනුභාවෙන ඉදං උදකං විය මා අහොසී”ති තිණ‍්ණං රතනානං ගුණං අනුස‍්සරිත්‍වා රථසහස‍්සං පෙසෙසි. උදකං පිට‍්ඨිපාසාණසදිසං අහොසි. චක‍්කානං අග‍්ගග‍්ගනෙමිවට‍්ටියො නෙව තෙමිංසු. එතෙනෙව උපායෙන ඉතරා ද‍්වෙ නදියො උත‍්තරි.

දේවිය දැන් ඔබ කුමක් කරන්නෙහිද? මෑණිවරුනි, ඔහු රජකෙනෙකුන්වී මගතොටේදීම ලක්‍ෂතුනකින් තිසරණය පුදා සම්පත් කෙළපිඩක් මෙන් සලකා හැරදමා පැවිදිවන්නෙමියි පිටත්ව ගියේය. මා විසින් ත්‍රිවිධරත්නයේ ආරංචිය ලබා නවලක්‍ෂයකින් පුදන ලද්දෙමි. මේ සම්පත් නම් රජුට පමණක් දුක් නොවෙයි. මටත් දුක්ම වෙයි. රජු ගැසූ කෙළපිඩක් දණින් සිට කටෙන් ගන්නේ කවරෙක්ද? සම්පත්වලින් වැඩක් නැත. මමත් බුදුන් ළඟට ගොස් පැවිදිවන්නෙමියි කීවාය. දේවිය අපිත් ඔබ හා සමගම පැවිදිවන්නෙමුයයි සෙසු ස්ත්‍රීහුද කීවාහුය. මෑණිවරුනි ඔබට එය කළහැකිද? දේවීනි, එසේය. මෑණිවරුනි, එසේනම් එවුයයි රියදහසක් සූදානම් කරගෙන රියවලට නැගී ඔවුන් සමඟ පිටත්වී අතරමග පළමුවෙනි නදිය දැක රජු විචාළාක් මෙන් අසාබලා සියලුපුවත් අසා රජු ගියමග දැනගනිවුයයි කියා සොයනවිට අසුන් ගිය මගම සොයවුයයි කීවිට, අසුන් ගිය පාරක් දක්නට නැතැයි කීවාහුය. රජු ත්‍රිවිධ රත්නය උදෙසා නික්මී සත්‍යක්‍රියාකොට ගියේයයි සිතා, මමත් ත්‍රිවිධරත්නය උදෙසා පිටත්වී ආවෙමි. මටත් ඒ තෙරුවන්ගේ ආනුභාවයෙන් මේ ජලය ජලයමෙන් නොවේවායි තුන්සරණේ ගුණ සිහිකොට රිය දහස පිටත් කළාය. ජලය ගල්මතුපිටක් සේ විය. රියවල අග්‍රයනුත්, රෝදවල නිම්වළලුත් පමණක් තෙමුණේය. මේ ක්‍රමයෙන්ම අනිත් නදී දෙකෙනුත් එතරවූහ.

අථ සත්‍ථා තස‍්සාගමනභාවං ඤත්‍වා යථා අත‍්තනො සන‍්තිකෙ නිසින‍්නා භික‍්ඛූ න පඤ‍්ඤායන‍්ති, එවමකාසි. සාපි ගච‍්ඡන‍්තී ගච‍්ඡන‍්තී සත්‍ථු සරීරතො නික‍්ඛන‍්තා ඡබ‍්බණ‍්ණරස‍්මියො දිස‍්වා තථෙව චින‍්තෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා පුච‍්ඡි – “භන‍්තෙ, මහාකප‍්පිනො තුම‍්හාකං උද‍්දිස‍්ස නික‍්ඛන‍්තො ආගතෙත්‍ථ මඤ‍්ඤෙ, කහං සො, අම‍්හාකම‍්පි නං දස‍්සෙථා”ති? “නිසීදථ තාව, ඉධෙව නං පස‍්සිස‍්සථා”ති. තා සබ‍්බාපි තුට‍්ඨචිත‍්තා “ඉධෙව කිර නිසින‍්නා සාමිකෙ පස‍්සිස‍්සාමා”ති නිසීදිංසු. සත්‍ථා තාසං අනුපුබ‍්බිං කථං කථෙසි, අනොජාදෙවී දෙසනාවසානෙ සපරිවාරා සොතාපත‍්තිඵලං පාපුණි. මහාකප‍්පිනත්‍ථෙරො තාසං වඩ‍්ඪිතධම‍්මදෙසනං සුණන‍්තො සපරිවාරො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තස‍්මිං ඛණෙ සත්‍ථා තාසං තෙ භික‍්ඛූ අරහත‍්තප‍්පත‍්තෙ දස‍්සෙසි.

ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඇගේ ආගමනය දැක තමන් සමීපයෙහි සිටි භික්ෂූන්ටත් නොදැනෙන සේ, පෙර සේම පෙරගමන් කළසේක. ඈද ඉදිරියට යන්නී බුදුසිරුරින් නිකුත් රශ්මි දැක එසේම සිතා බුදුන් ළඟට පැමිණ වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි, මහාකප්පින ඔබවහන්සේ උදෙසා පිටත්විය. ඔහු මෙහි ආවේයයි සිතමි. ඔහු දැන් කොහිද, අපටත් පෙන්වනු මැනවැයි ඉල්ලුවාය. හිඳගන්න. මෙහිදීම ඔහු දැකගත හැකිය. ඒ සියලුදෙනා තුටුපහටුව මෙහිම හිඳගෙන ස්වාමිවරුන් දකින්නෙමුයි හිඳගත්තාහුය. බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව දේශනා කළසේක. අනෝජා දේවිය දේශනාවසානයෙහි පිරිවරත් සමග සෝවාන්ඵලයෙහි පිහිටියාය. මහාකප්පින තෙරණුවෝ ඔවුන්ට දෙසූ දහම අසාසිට පිරිවරත් සමග පටිසම්භිදා සහිත රහත්බවට පැමිණියාහුය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ට ඒ භික්ෂූන් පෙන්වූහ.

තාසං කිර ආගතක‍්ඛණෙයෙව අත‍්තනො සාමිකෙ කාසාවධරෙ මුණ‍්ඩකසීසෙ දිස‍්වා චිත‍්තං එකග‍්ගං න භවෙය්‍ය, තෙන මග‍්ගඵලානි පත‍්තුං න සක‍්කුණෙය්‍යුං. තස‍්මා අචලසද‍්ධාය පතිට‍්ඨිතකාලෙ තාසං තෙ භික‍්ඛූ අරහත‍්තප‍්පත‍්තෙයෙව දස‍්සෙසි.

ඒ ස්ත්‍රීන් එහි පැමිණි විගසම, තම සැමියන් කහවත් ඇඳ, හිස්මුඩුකොට පෙන්නුවහොත්, ඔවුන් සිත් ඒකග්‍රතාවකට නොපැමිණෙන්නේය. එනිසාම මහඵලවලටද නොපැමිණෙන්නාහුයයි නොපෙන්වූහ. එනිසා අචලශ්‍රද්ධාවෙහි පිහිටිකල ඔවුන්ට රහත්ඵලයටපත් ඒ භික්ෂූන් පෙන්වූහ.

තාපි තෙ දිස‍්වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හාකං තාව පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්ත”න‍්ති වත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා පබ‍්බජ‍්ජං යාචිංසු. එවං කිර වුත‍්තෙ “සත්‍ථා උප‍්පලවණ‍්ණාය ආගමනං චින‍්තෙසී”ති එකච‍්චෙ වදන‍්ති. සත්‍ථා පන තා උපාසිකායො ආහ – “සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛුනීඋපස‍්සයෙ පබ‍්බජෙථා”ති.

ඒ ස්ත්‍රීහුත් උන්වහන්සේලා දැක පසඟපිහිටුවා වැඳ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේලාගේ නම් පැවිදිවීම මස්තකප්‍රාප්තවීයයි කියා බුදුන් වැඳ එක් පැත්තක හිඳ පැවිද්ද ඉල්ලූහ. මෙසේ කීපසු ශාස්තෘන්වහන්සේ උත්පලවණ්ණා භික්‍ෂුණියගේ ආගමනය ගැන සිතූසේකැයි සමහරු කියති. ශාස්තෘන්වහන්සේ ඒ උපාසිකාවන් අමතා සැවතට ගොස් භික්ෂුණී ආරාමයේදී පැවිදිවව්යයි වදාළහ.

තා අනුපුබ‍්බෙන ජනපදචාරිකං චරමානා අන‍්තරාමග‍්ගෙ මහාජනෙන අභිහටසක‍්කාරසම‍්මානා පදසාව වීසයොජනසතිකං ගන‍්ත්‍වා භික‍්ඛුනීඋපස‍්සයෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිංසු. සත්‍ථාපි භික‍්ඛුසහස‍්සං ආදාය ආකාසෙනෙව ජෙතවනං අගමාසි. තත්‍ර සුදං ආයස‍්මා මහාකප‍්පිනො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීසු “අහො සුඛං, අහො සුඛ”න‍්ති උදානං උදානෙන‍්තො විචරති. භික‍්ඛූ භගවතො ආරොචෙසුං – “භන‍්තෙ, මහාකප‍්පිනො ‘අහො සුඛං, අහො සුඛ’න‍්ති උදානං උදානෙන‍්තො විචරති, අත‍්තනො කාමසුඛං රජ‍්ජසුඛං ආරබ‍්භ කථෙසි මඤ‍්ඤෙ”ති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං, කප‍්පින, කාමසුඛං රජ‍්ජසුඛං ආරබ‍්භ උදානං උදානෙසී”ති. “භගවා මෙ, භන‍්තෙ, තං ආරබ‍්භ උදානභාවං වා අනුදානභාවං වා ජානාතී”ති? සත්‍ථා “න, භික‍්ඛවෙ, මම පුත‍්තො කාමසුඛං රජ‍්ජසුඛං ආරබ‍්භ උදානං උදානෙති, පුත‍්තස‍්ස පන මෙ ධම‍්මපීති නාම ධම‍්මරති නාම උප‍්පජ‍්ජති, සො අමතමහානිබ‍්බානං ආරබ‍්භ එව උදානං උදානෙසී”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඔවුහු අනුක්‍රමයෙන් චාරිකාවේ හැසිරෙමින් මගදී මහාජනයා ගෙනආ සත්කාර සම්මාන විඳිමින් එක්සියවිසි යොදුන්මග ගෙවා භික්‍ෂුණී ආරාමයෙහිදී පැවිදිවී රහත්බවට පත්වූවාහුය. ශාස්තෘන්වහන්සේත් භික්‍ෂූන් දහසත් සමග අහසින්ම දෙව්රමට වැඩමවූහ. එහිදී වනාහි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්වහන්සේ, රාත්‍රිස්ථාන දිවාස්ථානවලදී, අනේ සැපයි අනේ සැපයි යනුවෙන් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශකරමින් හැසිරෙති. භික්ෂූහු ඒබව බුදුන්ට දැන්වූහ. ස්වාමීනි, මහාකප්පින තෙරණුවෝ, අනේ සැපයි අනේ සැපයි කියමින් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශකරමින් හැසිරෙති. එය තමන්ගේ රාජසැප අරභයා කරන ප්‍රකාශයකියි අපි සිතමු. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේ කැඳවා, කප්පින ඔබ කම්සැප රජසැප අරභයා ප්‍රීතිවාක්‍ය කියනබව ඇත්තදැයි විචාළහ. භාග්‍යවතුන්වහන්ස, ඒ කම්සැප රජසැප අරභයා මාතුළ උදානයක් හෝ අනුදානයක් හෝ උපදින්නේද යන්න ඔබවහන්සේම දන්නාසේකැයි කීය. ශාස්තෘන්වහන්සේ, මහණෙනි, මාපුත් මහාකප්පින කම්සැප රජසැප ගැන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ නොකරයි. මගේ පුතාට ධර්මප්‍රීතියත්, ධර්මරතියත් (ඇළීම) උපදියි. හෙතෙම අමාමහනිවන් අරභයා මෙසේ උදන් අනන්නේයයි පූර්වාපර සන්ධි ගළපා දහම්දෙසමින් මේ ගාථාව වදාළහ.

“ධම‍්මපීති සුඛං සෙති, විප‍්පසන‍්නෙන චෙතසා; අරියප‍්පවෙදිතෙ ධම‍්මෙ, සදා රමති පණ‍්ඩිතො”ති.

පැහැදුණු සිතෙහි වන දැහැමි ප්‍රීතිය සැපත ගෙන දෙයි නුවණැතියන් දුටු දහමෙහි නුවණැතියා සදා පවතී

තත්‍ථ ධම‍්මපීතීති ධම‍්මපායකො, ධම‍්මං පිවන‍්තොති අත්‍ථො. ධම‍්මො ච නාමෙස න සක‍්කා භාජනෙන යාගුආදීනි විය පාතුං? නවවිධං පන ලොකුත‍්තරධම‍්මං නාමකායෙන ඵුසන‍්තො ආරම‍්මණතො සච‍්ඡිකරොන‍්තො පරිඤ‍්ඤාභිසමයාදීහි දුක‍්ඛාදීනි අරියසච‍්චානි පටිවිජ‍්ඣන‍්තො ධම‍්මං පිවති නාම. සුඛං සෙතීති දෙසනාමත‍්තමෙවෙතං, චතූහිපි ඉරියාපථෙහි සුඛං විහරතීති අත්‍ථො. විප‍්පසන‍්නෙනාති අනාවිලෙන නිරුපක‍්කිලෙසෙන. අරියප‍්පවෙදිතෙති බුද‍්ධාදීහි අරියෙහි පවෙදිතෙ සතිපට‍්ඨානාදිභෙදෙ බොධිපක‍්ඛියධම‍්මෙ. සදා රමතීති එවරූපො ධම‍්මපීති විප‍්පසන‍්නෙන චෙතසා විහරන‍්තො පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො සදා රමති අභිරමතීති.

එහි ධම්මපීති යනු ධර්මය බොන්නායි. ධර්මය බොන්නේය යන අර්ථයි. ධර්මය කියන දෙය කැඳ ආදිය මෙන් භාජනයකින් බීමට නොහැකිය. නවවිධවූ ලොකොත්තර ධර්මය නාමකයෙන් ස්පර්ශකෙරෙමින් ආරම්මණ වශයෙන් අවබෝධකරමින් මැනවින් පිරිසිඳ දැනගැනීම් වශයෙන් දුක්ඛාදි ආර්යසත්‍යයන් සැබෑලෙස අවබෝධකරගැනීම ධර්මය පානය කිරීමයි. සුඛංසෙති යනු දේශනාමාත්‍රයක් පමණි. සිව්ඉරියව්වෙහි සැපසේ වාසයකරයි යනු අර්ථයි. විප්පසන්නෙන යනු නොකැළඹුණු උපක්ලේශයන්ගෙන් මුක්තව, මිදී යනුයි. අරියප්පවෙදිතෙ යනු බුද්ධාදි ආර්යයන් විසින් මැනවින් දැනගත් සතිපට්ඨානාදි භේදගත සත්තිස්බෝධිපාක්ෂික ධර්මයනුයි. සදා රමති යනු මෙබඳු දහම් ප්‍රීතියක් නිසා ඉතා පැහැදිලි සිතින් වාසයකරන්නේ පාණ්ඩිත්‍යයෙන් යුක්තව සැමකල්හි ඒ ධර්මයෙහි ඇළෙයි. අභිරමණය කෙරෙයි.

දෙසනාවසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුන‍්ති.

දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන් ආදි මාර්ගයන්ට පත්වූහ.

මහාකප‍්පිනත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.

සතරවන මහාකප්පින තෙරණුවන්ගේ වස්තුවයි.