යෙදුමෙන් කියවන්න

3. ඡන‍්නත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

3. ඡන‍්නත්‍ථෙරවත්‍ථු

3. ඡන්නතෙරුන්ගේ වස්තුව

න භජෙ පාපකෙ මිත‍්තෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඡන‍්නත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

න භජෙ පාපකෙ මිත්තෙ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ඡන්නතෙරුන් අරභයා දේශනා කළසේක.

සො කිර ආයස‍්මා “අහං අම‍්හාකං අය්‍යපුත‍්තෙන සද‍්ධිං මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො තදා අඤ‍්ඤං එකම‍්පි න පස‍්සාමි, ඉදානි පන ‘අහං සාරිපුත‍්තො නාම, අහං මොග‍්ගල‍්ලානො නාම, මයං අග‍්ගසාවකම‍්හා’ති වත්‍වා ඉමෙ විචරන‍්තී”ති ද‍්වෙ අග‍්ගසාවකෙ අක‍්කොසති. සත්‍ථා භික‍්ඛූනං සන‍්තිකා තං පවත‍්තිං සුත්‍වා ඡන‍්නත්‍ථෙරං පක‍්කොසාපෙත්‍වා ඔවදති. සො තඞ‍්ඛණෙයෙව තුණ‍්හී හුත්‍වා පුන ගන‍්ත්‍වා ථෙරෙ අක‍්කොසතියෙව. එවං යාවතතියං අක‍්කොසන‍්තං පක‍්කොසාපෙත්‍වා සත්‍ථා ඔවදිත්‍වා “ඡන‍්න, ද‍්වෙ අග‍්ගසාවකා නාම තුය‍්හං කල්‍යාණමිත‍්තා උත‍්තමපුරිසා, එවරූපෙ කල්‍යාණමිත‍්තෙ සෙවස‍්සු භජස‍්සූ”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඒ ඡන්න ආයුෂ්මතුන්වහන්සේ. ‘මම අපේ ආර්යපුත්‍රයන්වහන්සේ සමග මහභිනික්මන් කොට මෙහි ආවෙමි. ඒ කාලයේ වෙන කිසිවෙක් සිටියේ නැත. දැන් මම ශාරිපුත්‍රවෙමි. මම මුගලන් වෙමි. අපි අගසව්වෝ වෙමු’යි කියමින් එහෙමෙහ ඇවිදිතියි අගසව්වන්ට ආක්‍රෝෂ පරිභව කරයි. බුදුහු භික්ෂූන්ගෙන් එපුවත අසා ඡන්නතෙරුන් කැඳවා අවවාද කෙරෙති. හෙතෙම ඒ වේලාවේ නිහඬව සිට නැවත ගොස් තෙරවරුන්ට ආක්‍රෝෂකෙරෙයි. මෙසේ තෙවෙනිවර දක්වා බණින අවස්ථාවල කැඳවා අවවාද කර, ඡන්න ඔය අගසව්දෙනම ඔබේ කල්‍යාණ මිත්‍රයෝය. උතුම් පුරුෂයෝය. මෙබඳු කලණමිතුරන සේවනය කරන්න, භජනය කරන්න යයි වදාරා දහම්දෙසනසේක් මේ ගාථාව වදාළහ:

“න භජෙ පාපකෙ මිත‍්තෙ, න භජෙ පුරිසාධමෙ; භජෙථ මිත‍්තෙ කල්‍යාණෙ, භජෙථ පුරිසුත‍්තමෙ”ති.

පව්කාර මිතුරන් හැර යහ මිතුරන්ම බජනුයෙ කලණ මිතුරන් සොයා ගොස් උතුම් මිතුරන්ම සෙවිය යුතුවේ

තස‍්සත්‍ථො – කායදුච‍්චරිතාදිඅකුසලකම‍්මාභිරතා පාපමිත‍්තා නාම. සන්‍ධිච‍්ඡෙදනාදිකෙ වා එකවීසතිඅනෙසනාදිභෙදෙ වා අට‍්ඨානෙ නියොජකා පුරිසාධමා නාම. උභොපි වා එතෙ පාපමිත‍්තා චෙව පුරිසාධමා ච, තෙ න භජෙය්‍ය න පයිරුපාසෙය්‍ය, විපරීතා පන කල්‍යාණමිත‍්තා චෙව සප‍්පුරිසා ච, තෙ භජෙථ පයිරුපාසෙථාති.

එහි අර්ථය නම්:- කායදුශ්චරිතාදි අකුසල කර්මයන්හි ඇළුණු අය පාපමිත්තා පාපමිත්‍ර නම්වෙති. මං පැහැරීම් ආදීවූ හෝ එක්විස්සක් වූ නුසුදුසු ජීවිකාවෘත්ති හෝ අයෝග්‍ය වැඩවල යොදවන්නෝ පුරිසාධමෙ පුරුෂාධමයෝ වෙති. මේ දෙපක්ෂයම පාපමිත්‍රයෝද පුරුෂාධමයෝද වෙත්. ඔවුන් භජනය, පයිරුපාසනය සේවනය නොකළයුතයු. මෙයින් පිටත්අය කලණමිතුරෝත් සත්පුරුෂයෝත් වෙති. ඔවුන් භජනය පයිරුපාසනය කළයුතුය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ඡන‍්නත්‍ථෙරො පන තං ඔවාදං සුත්‍වාපි පුරිමනයෙනෙව භික‍්ඛූ අක‍්කොසති පරිභාසති. පුනපි සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා, “භික‍්ඛවෙ, මයි ධරන‍්තෙ ඡන‍්නං සික‍්ඛාපෙතුං න සක‍්ඛිස‍්සථ, මයි පන පරිනිබ‍්බුතෙ සක‍්ඛිස‍්සථා”ති වත්‍වා පරිනිබ‍්බානකාලෙ ආයස‍්මතා ආනන්‍දෙන, “භන‍්තෙ, කථං ඡන‍්නත්‍ථෙරෙ අම‍්හෙහි පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති වුත‍්තෙ, “ආනන්‍ද, ඡන‍්නස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩො දාතබ‍්බො”ති ආණාපෙසි. සො සත්‍ථරි පරිනිබ‍්බුතෙ ආනන්‍දත්‍ථෙරෙන ආරොචිතං බ්‍රහ‍්මදණ‍්ඩං සුත්‍වා දුක‍්ඛී දුම‍්මනො තික‍්ඛත‍්තුං මුච‍්ඡිතො පතිත්‍වා “මා මං, භන‍්තෙ, නාසයිත්‍ථා”ති යාචිත්‍වා සම‍්මා වත‍්තං පූරෙන‍්තො න චිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණීති.

ඡන්න ඒ අවවාද අසාත් නැවතත් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙළේය. සෙසු භික්ෂූහු නැවතද ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ, මහණෙනි, මා ජීවත්ව සිටියදී ඡන්න හික්මවන්ට නොහැක්කේය. මා පිරිනිවන් පෑ පසු හික්මවිය හැකියයි වදාරා, පිරිනිවන් කාලයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් විසින්, ස්වාමීනි, ඡන්නතෙරුන් පිළිබඳව අප කෙසේ පිළිපැදියයුතුදැයි ඇසූවිට, ආනන්ද ඡන්නට බ්‍රහ්මදණ්ඩය පැමිණවිය යුතුයයි අණදුන්හ. හෙතෙම ශාස්තෘන්වහන්සේ පිරිනිවන් පෑකල්හි, බුදුන් විසින් අණ කරනලද බ්‍රහ්මදණ්ඩය පැනවූබව අසා දුක්වී, සිතේ වේදනාව ඇති කරගෙන, තෙවරක්ම ස්වාමීනි, මා නොනැසුව මැනවයි යාඥාකොට, මැනවින් වත් සපුරා නොබොහෝ කලකින්ම පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියේය.

ඡන‍්නත්‍ථෙරවත්‍ථු තතියං.

තුන්වන ඡන්නතෙරුන්ගේ වස්තුවයි.