2. අස්සජිපුනබ්බසුකවත්ථු අට්ඨකථා
2. අස්සජිපුනබ්බසුකවත්ථු
2. අස්සජි පුනබ්බසුකයන්ගේ වස්තුව
ඔවදෙය්යානුසාසෙය්යාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අස්සජිපුනබ්බසුකභික්ඛූ ආරබ්භ කථෙසි. දෙසනා පන කීටාගිරිස්මිං සමුට්ඨිතා.
ඔවදෙය්යනුසාසෙය්ය ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ ජේතවනාරාමයෙහි වාසයකරන කාලයේ අස්සජි-පුනබ්බසුක භික්ෂූන් අරභයා දේශනා කළසේක.
තෙ කිර ද්වෙ භික්ඛූ කිඤ්චාපි අග්ගසාවකානං සද්ධිවිහාරිකා, අලජ්ජිනො පන අහෙසුං පාපභික්ඛූ. තෙ පාපකෙහි අත්තනො පරිවාරෙහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං කීටාගිරිස්මිං විහරන්තා “මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපී”තිආදිකං (පාරා· 431; චූළව· 21) නානප්පකාරං අනාචාරං කරොන්තා කුලදූසකකම්මං කත්වා තතො උප්පන්නෙහි පච්චයෙහි ජීවිකං කප්පෙන්තා තං ආවාසං පෙසලානං භික්ඛූනං අනාවාසං අකංසු.
දේශනාවේ මුල පටන්ගන්නේ කීටාගිරියෙනි. ඒ භික්ෂුදෙනම අගසව්වන්ගේ සද්ධිවිහාරිකයන්වූ අතර අලජ්ජීන්ද පාපීභික්ෂූන්ද වූහ. ඔවුහු තමන්ගේ පිරිවරභික්ෂූන් පන්සීයත් සමග කීටාගිරියෙහි වසන්නාහු මල්පැලෑටි සිටුවති. අනුන්ලවාද සිටුවති. මේ ආදි නොයෙක් අනාචාර කරමින් කුලදූෂණ වැඩද කොට එබඳු ආකාරවලින් උපදවාගන්නා ප්රත්යවලින් ජීවිකාවකරමින් ඒ ආවාසය ප්රියශීලීභික්ෂූන්ට විසීමට නුසුදුසුතැනක් කළහ.
සත්ථා තං පවත්තිං සුත්වා තෙසං පබ්බාජනීයකම්මකරණත්ථාය සපරිවාරෙ ද්වෙ අග්ගසාවකෙ ආමන්තෙත්වා “ගච්ඡථ, සාරිපුත්තා, තෙසු යෙ තුම්හාකං වචනං න කරොන්ති, තෙසං පබ්බාජනීයකම්මං කරොථ, යෙ පන කරොන්ති, තෙ ඔවදථ අනුසාසථ. ඔවදන්තො හි අනුසාසන්තො අපණ්ඩිතානංයෙව අප්පියො හොති අමනාපො, පණ්ඩිතානං පන පියො හොති මනාපො”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
බුදුරජාණන්වහන්සේ එපුවත අසා ඔවුන්ට පබ්බාජනිය නම් විනය කර්මය කරවනු සඳහා (ශාසනයෙන් නෙරපීම) පිරිවර සහිතව සැරියුත්-මුගලන් අගසව් දෙනම අමතා ශාරීපුත්‍රයෙනි, ඔබ දෙපළ යන්න, ඔවුන් අතර යම්කෙනෙක් ඔබ කියන දේ නොඅසත්නම් ඔවුන්ට පබ්බාජනිය කර්මය කරන්න. යමෙක් ඔබ වචන පිළිගනිත්නම් ඔවුන්ට අවවාද අනුශාසනා කරන්න. අවවාද අනුශාසනා කරනවිට එය අපණ්ඩිතයන්ට අප්‍රිය වේ. පණ්ඩිතයන්ට ප්‍රිය වෙයි. මනාපවෙයි යනුවෙන් පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“ඔවදෙය්යානුසාසෙය්ය, අසබ්භා ච නිවාරයෙ; සතඤ්හි සො පියො හොති, අසතං හොති අප්පියො”ති.
ඔවා අනුසාසනා බොරුබස් බැහැර කොටලා කියන විට සත්දනහට එය බෙහෙවින්ම ප්‍රියවේ අසත්ජනයන්හට කිසිම විට ප්‍රිය නොවේ එදහම්
තත්ථ ඔවදෙය්යාති උප්පන්නෙ වත්ථුස්මිං වදන්තො ඔවදති නාම, අනුප්පන්නෙ වත්ථුස්මිං “අයසොපි තෙ සියා”තිආදිවසෙන අනාගතං දස්සෙන්තො අනුසාසති නාම. සම්මුඛා වදන්තො ඔවදති නාම, පරම්මුඛා දූතං වා සාසනං වා පෙසෙන්තො අනුසාසති නාම. සකිං වදන්තො ඔවදති නාම, පුනප්පුනං වදන්තො අනුසාසති නාම. ඔවදන්තො එව වා අනුසාසති නාමාති එවං ඔවදෙය්ය අනුසාසෙය්‍ය. අසබ්භා චාති අකුසලධම්මා ච නිවාරෙය්ය, කුසලධම්මෙ පතිට්ඨාපෙය්යාති අත්ථො. සතඤ්හි සො පියො හොතීති සො එවරූපො පුග්ගලො බුද්ධාදීනං සප්පුරිසානං පියො හොති. යෙ පන අදිට්ඨධම්මා අවිතිණ්ණපරලොකා ආමිසචක්ඛුකා ජීවිකත්ථාය පබ්බජිතා, තෙසං අසතං සො ඔවාදකො අනුසාසකො, “‘න ත්වං අම්හාකං උපජ්ඣායො, න ආචරියො, කස්මා අම්හෙ ඔවදසී’ති එවං මුඛසත්තීහි විජ්ඣන්තානං අප්පියො හොතී”ති.
එහි ඔවදෙය්ය යනු උපන්කථාව හෝ සිද්ධිය ගැන සඳහන් කරමින් කථාකිරීමයි. නූපන් අයස ආදිය හිතසුව නොවන්නේය ආදි වශයෙන් අනාගතයද පෙන්නුම්කරමින් කරන්නේ අනුශාසනාවයි. සම්මුඛයෙහි කියාදීමත්, අසම්මුඛයෙහි දූතයෙකු යැවීමෙන්, හසුනක් යැවීමෙන් හෝ කිරීම අනුශාසනා නම්වේ. වරක් කීම අවවාදය නමි. නැවත නැවත කියන්නේ අනුශාසනා නමි. අවවාදකරමින් කීම අනුශාසනා නමි. මෙසේ ඔවදෙය්ය අනුසාසෙය්‍ය අසබ්භාව යනු අකුසල් දහමින් දුරුකරලීමත්, කුසල් දහම්හි පිහිටුවීමත් යන අර්ථයි. සතං හි සො පියො හොති යනු මෙබඳු පුද්ගලතෙම බුද්ධාදි සත්පුරුෂයන්ට ප්‍රියවෙයි. යම් කෙනෙක් දහම තේරුම් නොගෙන, පරලොවින් ඉවත්නොවී ආමිස ගැනම සිතමින්, ඒ දෙස බලාසිටිමින් ජීවත්වීම පිණිස පැවිදිවූවෝ වෙත්ද ඔවුන් උදෙසා අසතං යනු ඒ අවවාද අසන්නා, අනුශාසනා අසන්නා එය අසමින්ම ඔබ අපගේ උපාධ්‍යාය නොවෙයි. ගුරුවරයාද නොවෙයි ඔබ අපට අවවාද කරන්නේ ඇයි? ආදි වශයෙන් මුව නමැති ආයුධයෙන් අනිමින් විදිමින් අප්පියෝ හොතීති අප්‍රිය බවට පත්වේ යනුයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති. සාරිපුත්තමොග්ගල්ලානාපි තත්ථ ගන්ත්වා තෙ භික්ඛූ ඔවදිංසු අනුසාසිංසු. තෙසු එකච්චෙ ඔවාදං සම්පටිච්ඡිත්වා සම්මා වත්තිංසු, එකච්චෙ විබ්භමිංසු, එකච්චෙ පබ්බාජනීයකම්මං පාපුණිංසූති.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. සැරියුත් මුගලන් දෙනමත් එහි ගොස් ඒ භික්ෂූන්ට අවවාද අනුශාසනා කළහ. සමහරු අවවාද පිළිගෙන මනාකොට පැවතුම් ඇතිකර ගත්හ. සමහරු සිවුරු හැරදැමූහ. සමහරු පබ්බාජනිය කර්මයට භාජනවූහ.
අස්සජිපුනබ්බසුකවත්ථු දුතියං.
දෙවන අස්සජි පුනබ්බසුකයන්ගේ වස්තුවයි.