යෙදුමෙන් කියවන්න

1. රාධත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

1. රාධත්‍ථෙරවත්‍ථු

1. රාධතෙරණුවන්ගේ වස්තුව

නිධීනංව පවත‍්තාරන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආයස‍්මන‍්තං රාධත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

නිධීනං ව පවත්තාරං යනාදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයේ රාධතෙරුන් අරභයා දේශනා කළසේක.

සො කිර ගිහිකාලෙ සාවත්‍ථියං දුග‍්ගතබ්‍රාහ‍්මණො අහොසි. සො “භික‍්ඛූනං සන‍්තිකෙ ජීවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා විහාරං ගන‍්ත්‍වා අප‍්පහරිතකං කරොන‍්තො පරිවෙණං සම‍්මජ‍්ජන‍්තො මුඛධොවනාදීනි දදන‍්තො අන‍්තොවිහාරෙයෙව වසි. භික‍්ඛූපි නං සඞ‍්ගණ‍්හිංසු, පබ‍්බාජෙතුං පන න ඉච‍්ඡන‍්ති. සො පබ‍්බජ‍්ජං අලභමානො කිසො අහොසි.

හෙතෙම ගිහි කාලයෙහි සැවැත්නුවර දුප්පත් බමුණෙකි. භික්ෂූන් ළඟ ජීවත් වන්නෙමියි සිතා විහාරයට ගොස් තණ උගුල්ලාදැමීම කරමින් මිදුල් අමදිමින් මුවදෙවීමට පැන් සපයමින් විහාරයෙහිම විසීය. භික්ෂූහු ඔහුට සංග්‍රහකළහ. පැවිදි කරන්ට කැමති නොවෙත්. හෙතෙම පැවිද්ද නොලැබ කෘෂව කෙට්ටුවී ගියේය.

අථෙකදිවසං සත්‍ථා පච‍්චූසකාලෙ ලොකං වොලොකෙන‍්තො තං බ්‍රාහ‍්මණං දිස‍්වා “කිං නු ඛො”ති උපධාරෙන‍්තො “අරහා භවිස‍්සතී”ති ඤත්‍වා සායන‍්හසමයෙ විහාරචාරිකං චරන‍්තො විය බ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “බ්‍රාහ‍්මණ, කිං කරොන‍්තො විචරසී”ති ආහ. “භික‍්ඛූනං වත‍්තපටිවත‍්තං කරොන‍්තො, භන‍්තෙ”ති. “ලභසි නෙසං සන‍්තිකා සඞ‍්ගහ”න‍්ති? “ආම, භන‍්තෙ, ආහාරමත‍්තං ලභාමි, න පන මං පබ‍්බාජෙන‍්තී”ති.

ඉන්පසු දිනක ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් ඒ බමුණා දැක කෙසේදැයි ඔහු ගන විමසාබලනසේක් ඔහු රහත්වන බව දැක, සවස්කාලයේ විහාර චාරිකාවේ හැසිරෙන ගමන් බමුණා ළඟට ගොස් බමුණ, කුමක් කරන්නෙහිදැයි ඇසූහ. භික්ෂූන්ට වත්පිළිවෙත් කරමින් සිටින්නෙමි ස්වාමීනියි කීවේය. ඔවුන්ගෙන් සංග්‍රහ ලබන්නෙහිද? ස්වාමීනි එසේය ආහාර පමණක් නම් ලැබෙයි. එහෙත් මා පැවිදිකරන්නේ නැත.

සත්‍ථා එතස‍්මිං නිදානෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා තමත්‍ථං පුච‍්ඡිත්‍වා, “භික‍්ඛවෙ, අත්‍ථි කොචි ඉමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අධිකාරං සරතී”ති පුච‍්ඡි. සාරිපුත‍්තත්‍ථෙරො “අහං, භන‍්තෙ, සරාමි, අයං මෙ රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තස‍්ස අත‍්තනො අභිහටං කටච‍්ඡුභික‍්ඛං දාපෙසි, ඉමමස‍්සාහං අධිකාරං සරාමී”ති ආහ. සො සත්‍ථාරා “කිං පන තෙ, සාරිපුත‍්ත, එවං කතූපකාරං දුක‍්ඛතො මොචෙතුං න වට‍්ටතී”ති වුත‍්තෙ, “සාධු, භන‍්තෙ, පබ‍්බාජෙස‍්සාමී”ති තං බ්‍රාහ‍්මණං පබ‍්බාජෙසි. තස‍්ස භත‍්තග‍්ගෙ ආසනපරියන‍්තෙ ආසනං පාපුණාති, යාගුභත‍්තාදීහිපි කිලමති. ථෙරො තං ආදාය චාරිකං පක‍්කාමි, අභික‍්ඛණඤ‍්ච නං “ඉදං තෙ කත‍්තබ‍්බං, ඉදං තෙ න කත‍්තබ‍්බ”න‍්ති ඔවදි අනුසාසි. සො සුවචො අහොසි පදක‍්ඛිණග‍්ගාහී. තස‍්මා යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානො කතිපාහෙනෙව අරහත‍්තං පාපුණි.

ශාස්තෘන්වහන්සේ මේ කරුණ නිසා භික්ෂුසංඝයා රැස්කරවා එය අසා, මහණෙනි, මේ බමුණාගෙන් උදව් ගත්බව සිහිකළ හැකි කවුරුහෝ ඇද්දැයි ඇසූහ. සැරියුත්තෙරණුවෝ, ස්වාමීනි, මට එය සිහිකළ හැකිය. මා පිඬුපිණිස රජගහනුවර සැරිසරද්දී තමන්ට ලැබුණු හැන්දක් පමණ භික්ෂාව මොහු මට දුන්නේය. මම මොහුගේ මේ පින ගැන සිහිකරන්නෙමියි කීහ. ඉතින් ශාරීපුත්‍රය ඒ කළ උපකාරය මොහු දුකින් මුදවන්ට තරම් නොවටනේදැයි වදාළකල්හි ස්වාමීනි, යහපතැයි මම මොහු පැවිදි කරවන්නෙමියි ඒ බමුණා පැවිදි කරවූහ. ඔහුට දානශාලාවෙහි ආසනපේළියේ අග ආසනයක් ලැබිණි. එනිසා කැඳබත් ආදියේ අඩුපාඩු නිසා ක්ලාන්ත වෙයි. තෙරණුවෝ ඔහු රැගෙන චාරිකාවේ ගියහ. නිරතුරුවම ඔබ මේ දේ කළයුතුය. මෙය නොකළයුතුයයි අවවාදානුශාසනා කළහ. හෙතෙම සුවචයෙක් විය. අවවාද මැනවින් පිළිගත්තේය. එහෙයින් ශික්ෂාවෙහි පිහිටුවූ සැටියෙන්ම පිළිපදිමින් කීප දිනකින්ම රහත්විය.

ථෙරො තං ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදි. අථ නං සත්‍ථා පටිසන්‍ථාරං කත්‍වා ආහ – “සුවචො නු ඛො, සාරිපුත‍්ත, තෙ අන‍්තෙවාසිකො”ති. “ආම, භන‍්තෙ, අතිවිය සුවචො, කිස‍්මිඤ‍්චි දොසෙ වුච‍්චමානෙ න කුද‍්ධපුබ‍්බො”ති. “සාරිපුත‍්ත, එවරූපෙ සද‍්ධිවිහාරිකෙ ලභන‍්තො කිත‍්තකෙ ගණ‍්හෙය්‍යාසී”ති? “භන‍්තෙ, බහුකෙපි ගණ‍්හෙය්‍යමෙවා”ති. අථෙකදිවසං ධම‍්මසභාය කථං සමුට‍්ඨාපෙසුං – “සාරිපුත‍්තත්‍ථෙරො කිර කතඤ‍්ඤූ කතවෙදී, කටච‍්ඡුභික‍්ඛාමත‍්තං උපකාරං සරිත්‍වා දුග‍්ගතබ්‍රාහ‍්මණං පබ‍්බාජෙසි. ථෙරොපි ඔවාදක‍්ඛමො ඔවාදක‍්ඛමමෙව ලභී”ති. සත්‍ථා තෙසං කථං සුත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි සාරිපුත‍්තො කතඤ‍්ඤූ කතවෙදීයෙවා”ති වත්‍වා තමත්‍ථං පකාසෙතුං –

තෙරණුවෝ ඔවුන් රැගෙන බුදුන් ළඟට ගියහ. එහි ගොස් වැඳ වැඩහුන්හ. පසුව ශාස්තෘන්වහන්සේ පිළිසඳර කථාකරමින් කෙසේද ශාරීපුත්‍රය ඔබේ අන්තේවාසිකයා කීකරුදැයි ඇසූහ. එසේය ස්වාමීනි, ඉතාමත් සුවචය. යම් දොසක් කියාදෙනකල නොකිපෙයි. එසේ කිපී නැත. ශාරීපුත්‍රය, මෙබඳු සද්ධිවිහාරීන් ලදහොත් කොපමණ රඳවාගත හැකිදැයි විමසූහ. ස්වාමීනි, බොහෝවුවත් රඳවාගත හැකිය. ඉන්පසු දිනෙක දම්සභාවෙහි, සැරියුත් තෙරනුවෝ කතඤ්ඤු කෘතවේදී කෙනෙකි. සැන්දක් පමණ බතින් කළ උපකාරය සිහිකොට දුප්පත් බමුණා පැවිදි කළහ. ඔහුට දානශාලාවෙහි කෙළවර අසුනක් ලැබී ආහාර අඩුපාඩු විය. තෙරණුවෝ අවවාදයෙහි දක්ෂයහ. අවවාදයෙහි පිහිටන්නෙකුම ලබති. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ කථා අසා මහණෙනි, දැන් පමණක් නොව සැරියුත්තෙරණුවෝ පෙරත් කෘතවේදීවූවාහුමයයි කියා එය ප්‍රකටකරනු පිණිස-

“අලීනචිත‍්තං නිස‍්සාය, පහට‍්ඨා මහතී චමූ; කොසලං සෙනාසන‍්තුට‍්ඨං, ජීවග‍්ගාහං අගාහයි.

නොපසුබට සිත් ඇති සතුටු සිත්ඇති මහා හමුදා පණපිටින් සිටියදී කොසොල් හමුදා ඇල්ලී

“එවං නිස‍්සයසම‍්පන‍්නො, භික‍්ඛු ආරද‍්ධවීරියො; භාවයං කුසලං ධම‍්මං, යොගක‍්ඛෙමස‍්ස පත‍්තියා; පාපුණෙ අනුපුබ‍්බෙන, සබ‍්බසංයොජනක‍්ඛය”න‍්ති. (ජා· 1.2.11-12) –

මෙසේ සම්පත් ඇති වීරියෙන් වැඩ කරන භික්ෂුව නිවන් ලබන රිසියෙන් කුසල් දහමෙහි යෙදෙමින් සැම සංයෝජන නසා නිවන් පසක් කරනේමැයි

ඉමං දුකනිපාතෙ අලීනචිත‍්තජාතකං විත්‍ථාරෙත්‍වා කථෙසි. තදා කිර වඩ‍්ඪකීහි පාදස‍්ස අරොගකරණභාවෙන කහං අත‍්තනො උපකාරං ඤත්‍වා සබ‍්බසෙතස‍්ස හත්‍ථිපොතකස‍්ස දායකො එකචාරිකො හත්‍ථී සාරිපුත‍්තත්‍ථෙරො අහොසීති එවං ථෙරං ආරබ‍්භ ජාතකං කථෙත්‍වා රාධත්‍ථෙරං ආරබ‍්භ, “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම රාධෙන විය සුවචෙන භවිතබ‍්බං, දොසං දස‍්සෙත්‍වා ඔවදියමානෙනපි න කුජ‍්ඣිතබ‍්බං, ඔවාදදායකො පන නිධිආචික‍්ඛණකො විය දට‍්ඨබ‍්බො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

යන දුකනිපාතයේ අලීනචිත්ත ජාතකය විස්තර වශයෙන් පැහැදිලි කළහ. එකල්හි වඩුවන් පාදය සුවපත්කරනු සඳහා තමන්ට කළ උපකාරය දැනගෙන, සර්වාංගයම සුදුවූ ඇත්පැටවා දුන්, තනිවම හැසුරුණු ඇතානම් සැරියුත්තෙරණුවෝමය. මෙසේ තෙරුන් අරභයා ජාතක කථාව කියා රාධතෙරුන් අරභයා, මහණෙනි, භික්ෂුව විසින් රාධතෙරුන් මෙන් සුවචවිය යුතුය. දොස් පෙන්වා අවවාද කරනවිට නොකිපියයුතුය. අවවාද දෙන්නා වනාහි නිධාන පෙන්වන්නෙකු මෙන් දැකියයුතුයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

“නිධීනංව පවත‍්තාරං, යං පස‍්සෙ වජ‍්ජදස‍්සිනං; නිග‍්ගය‍්හවාදිං මෙධාවිං, තාදිසං පණ‍්ඩිතං භජෙ; තාදිසං භජමානස‍්ස, සෙය්‍යො හොති න පාපියො”ති.

වැරදි දැක දැක හොඳ හිතින් ඒ වැරදිවලට නිගා කරමින් පෙන්වා දෙන තැනැත්තා නිදන් පෙන්වන්නෙකු ලෙස පිළිගෙන ඔහු බජනේ නම් එම ඇසුර යහපත් වේ එයින් දෙලොවටම සැප සැලසේ

තත්‍ථ නිධීනන‍්ති තත්‍ථ තත්‍ථ නිදහිත්‍වා ඨපිතානං හිරඤ‍්ඤසුවණ‍්ණාදිපූරානං නිධිකුම‍්භීනං. පවත‍්තාරන‍්ති කිච‍්ඡජීවිකෙ දුග‍්ගතමනුස‍්සෙ අනුකම‍්පං කත්‍වා “එහි, සුඛෙන ජීවනූපායං දස‍්සෙස‍්සාමී”ති නිධිට‍්ඨානං නෙත්‍වා හත්‍ථං පසාරෙත්‍වා “ඉමං ගහෙත්‍වා සුඛෙන ජීවා”ති ආචික‍්ඛිතාරං විය. වජ‍්ජදස‍්සිනන‍්ති ද‍්වෙ වජ‍්ජදස‍්සිනො “ඉමිනා නං අසාරුප‍්පෙන වා ඛලිතෙන වා සඞ‍්ඝමජ‍්ඣෙ නිග‍්ගණ‍්හිස‍්සාමී”ති රන්‍ධගවෙසකො ච, අඤ‍්ඤාතං ඤාපනත්‍ථාය ඤාතං අනුග‍්ගහණත්‍ථාය සීලාදීනමස‍්ස වුද‍්ධිකාමතාය තං තං වජ‍්ජං ඔලොකනෙන උල‍්ලුම‍්පනසභාවසණ‍්ඨිතො ච. අයං ඉධ අධිප‍්පෙතො. යථා හි දුග‍්ගතමනුස‍්සො “ඉමං ගණ‍්හාහී”ති තජ‍්ජෙත්‍වාපි පොථෙත්‍වාපි නිධිං දස‍්සෙන‍්තෙ කොපං න කරොති, පමුදිතො එව හොති, එවමෙව එවරූපෙ පුග‍්ගලෙ අසාරුප‍්පං වා ඛලිතං වා දිස‍්වා ආචික‍්ඛන‍්තෙ කොපො න කාතබ‍්බො, තුට‍්ඨෙනෙව භවිතබ‍්බං, “භන‍්තෙ, මහන‍්තං වො කම‍්මං කතං, මය‍්හං ආචරියුපජ‍්ඣායට‍්ඨානෙ ඨත්‍වා ඔවදන‍්තෙහි පුනපි මං වදෙය්‍යාථා”ති පවාරෙතබ‍්බමෙව. නිග‍්ගය‍්හවාදින‍්ති එකච‍්චො හි සද‍්ධිවිහාරිකාදීනං අසාරුප‍්පං වා ඛලිතං වා දිස‍්වා “අයං මෙ මුඛොදකදානාදීහි සක‍්කච‍්චං උපට‍්ඨහති, සචෙ නං වක‍්ඛාමි, න මං උපට‍්ඨහිස‍්සති, එවං මෙ පරිහානි භවිස‍්සතී”ති වත්‍ථුං අවිසහන‍්තො න නිග‍්ගය‍්හවාදී නාම හොති. සො ඉමස‍්මිං සාසනෙ කචවරං ආකිරති. යො පන තථාරූපං වජ‍්ජං දිස‍්වා වජ‍්ජානුරූපං තජ‍්ජෙන‍්තො පණාමෙන‍්තො දණ‍්ඩකම‍්මං කරොන‍්තො විහාරා තං නීහරන‍්තො සික‍්ඛාපෙති, අයං නිග‍්ගය‍්හවාදී නාම සෙය්‍යථාපි සම‍්මාසම‍්බුද‍්ධො. වුත‍්තඤ‍්හෙතං – “නිග‍්ගය‍්හ නිග‍්ගය‍්හාහං, ආනන්‍ද, වක‍්ඛාමි, පවය‍්හ පවය‍්හ, ආනන්‍ද, වක‍්ඛාමි, යො සාරො සො ඨස‍්සතී”ති (ම· නි· 3.196). මෙධාවින‍්ති ධම‍්මොජපඤ‍්ඤාය සමන‍්නාගතං. තාදිසන‍්ති එවරූපං පණ‍්ඩිතං භජෙය්‍ය පයිරුපාසෙය්‍ය. තාදිසඤ‍්හි ආචරියං භජමානස‍්ස අන‍්තෙවාසිකස‍්ස සෙය්‍යො හොති, න පාපියො වඩ‍්ඪියෙව හොති, නො පරිහානීති.

එහි නිධීනං යනු ඒ ඒ තැන නිධන්කොට තිබූ රන්රිදී ආදි පැරණිනිධානයෝයි. පවත්තාරං යනු දුෂ්කර සේ ජීවත්වන දුප්පත් මිනිසුනට අනුකම්පාකොට, එන්න, සැපසේ ජීවත්වීමේ උපායක් කියාදෙන්නෙමියි නිධාන ඇති තැනට ගෙන ගොස් අතදිගහැර මේවා රැගෙන සැපසේ ජීවත්වෙවයි කියා දෙන්නෙකු මෙන් වජ්ජදස්සිනං යනු වරද දකින්නෝ දෙදෙනෙකි. මෙයින් මම මොහුට අසාරූප්‍යලෙස හැසිරීම ගැන පැකිළීම ගැන හෝ සංඝයාමැද නිග්‍රහකරන්නෙමයි කටයුතුකරන වැරදි සොයන්නාය, නොදන්නා දෙය දැන්වීමටත්, දන්නා දෙය තවත් හොඳින් කියාදීමටත් ඔහුගේ සීලාදි සම්පත් වැඩිදියුණු කරදීමටත් ඒ ඒ වැරදි දැකීමෙන් ඒ වැරදිවලින් එගොඩවීමේ මග කියාදෙන පසුරක්මෙන් සිටින තැනැත්තායයි දෙදෙනෙකි. මෙහි, එයින් දෙවැන්නා අදහස් කරන ලදි. යම්සේ දුප්පත් මිනිසෙකුට මෙය ගනුවයි තර්ජනයෙන් හෝ පහරදීමෙන් හෝ නිධානයක් පෙන්වාදෙන කල කෝප නොකෙරෙයිද, සතුටුමවෙයිද එපරිදි එබඳු පුද්ගලයන්ගේ නොගැළපෙන හෝ අතපසුවීම් හෝ දැක පෙන්වාදෙන විට කෝප නොවිය යුතුය. සතුටුම වියයුතුය. ස්වාමීනි, මා අතින් බරපතල වරදක්විය. ඔබ මගේ ආචාර්ය උපාධ්‍යායකත්ත්වයේ සිට අවවාද කරන්නෙහිය. නැවත නැවතත් මෙසේම කරන්නැයි ඒ තත්ත්වය පවරාදීම කළයුතුය. නිග්ගය්හවාදිං යනු ඇතැම් කෙනෙක් සද්ධිවිහාරිකයන්ගේ නොසරුප්කම් හෝ අත්වැරදි දැක මොහු මට මුවසෝදන පැන් ගෙනදීමාදියෙන් උවටැන් කරයි. ඉදින් මේ වැරදි කීවොත් ඉන්පසු ඔහුගේ ඒ සැලකිලිනොලැබී පිරිහීමකට පත්විය හැකියයි වැරදි කීමට අපොහොසත් වන්නේ නම් එය නිග්ගය්හවාදී නම් නොවෙයි. හෙතෙම මේ සසුනෙහි කැලිකසළ වගුරු වන්නෙකි. යමෙක් වනාහි එබඳු වැරදි දැක, වරදේ හැටියට තර්ජනය කොට පලවාහරිමින් දඬුවම් දෙමින් වෙහෙරින් එළවමින් හික්මවයිද, මේ නිග්ගය්හවාදී නමි. හරියට බුදුරදුන් මෙනි. ඒ සඳහා මෙසේත් ප්‍රකාශකොට ඇත. ආනන්ද මම නිග්‍රහ කළයුතුතැන එසේ කළයුතුයයි කියමි. ඒ නිග්‍රහය යමෙකුට සාරවත්ව සිටින්නේය. මෙධාවිං යනු ධර්මය ඇසුරුකොට සංවර්ධනයවූ ප්‍රඥාවෙන්යුත් තැනැත්තාය. තාදිසං යනු එබඳු පණ්ඩිතයෙකු භජනය, සේවනය කළයුතුය. තාදිසං යනු එබඳු ආචාර්යවරයෙකුය. භජමානස්ස යනු අතවැසියාට සෙය්‍යො හොති න පාපියො, වැඩීමක්ම වෙයි. පිරිහීමක් නොවෙයි.

දෙසනාපරියොසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

රාධත්‍ථෙරවත්‍ථු පඨමං.

පළමුවන රාධතෙරණුවන්ගේ වස්තුවයි.