16. වනවාසීතිස්සසාමණෙරවත්ථු අට්ඨකථා
16. වනවාසීතිස්සසාමණෙරවත්ථු
16. වනවාසික තිස්සතෙරුන්ගේ වස්තුව
අඤ්ඤා හි ලාභූපනිසාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො වනවාසිකතිස්සත්ථෙරං ආරබ්භ කථෙසි. දෙසනා රාජගහෙ සමුට්ඨිතා.
අඤ්ඤාහි ලාභූපනිසා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි වනවාසිකතිස්ස තෙරුන් අරභයා දේශනා කළසේක. මෙම දේශනාව රජගහනුවර උපන්නකි.
සාරිපුත්තත්ථෙරස කිර පිතු වඞ්ගන්තබ්රාහ්මණස්ස සහායකො මහාසෙනබ්රාහ්මණො නාම රාජගහෙ වසති. සාරිපුත්තත්ථෙරො එකදිවසං පිණ්ඩාය චරන්තො තස්මිං අනුකම්පාය තස්ස ගෙහද්වාරං අගමාසි. සො පන පරික්ඛීණවිභවො දලිද්දො. සො “මම පුත්තො මය්හං ගෙහද්වාරං පිණ්ඩාය චරිතුං ආගතො භවිස්සති, අහඤ්චම්හි දුග්ගතො, මය්හං දුග්ගතභාවං න ජානාති මඤ්ඤෙ, නත්ථි මෙ කොචි දෙය්යධම්මො”ති ථෙරස්ස සම්මුඛා භවිතුං අසක්කොන්තො නිලීයි.
සැරියුත් තෙරණුවන්ගේ පියාවූ වංගන්ත බමුණාගේ යහළුවූ මහාසේන නම් බමුණෙක් රජගහනුවර වාසයකරයි. සැරියුත් තෙරණුවන් දිනක් පිඬුපිණිස වඩිනගමන් ඔහු කෙරෙහි අනුකම්පා උපදවා ඔහුගේ ගෙදොරට වැඩියාහ. ඔහු සම්පත් ගෙවීගිය දිළින්දෙකි. හෙතෙම මගේ පුතා මගේ ගෙදරට පිඬුපිණිස ආවා වියහැකිය. මම දුප්පතෙක්මි. මගේ දුප්පත්බව නොදන්නවා වියහැකිය. මට දියයුතු දෙයක්ද නැතැයි මුණගැසෙනු නොහැකිව සැඟවුණේය.
ථෙරො අපරම්පි දිවසං අගමාසි, බ්රාහ්මණො තථෙව නිලීයි. “කිඤ්චිදෙව ලභිත්වා දස්සාමී”ති චින්තෙන්තොපි නාලභි. අථෙකදිවසං එකස්මිං බ්රාහ්මණවාචකෙ ථූලසාටකෙන සද්ධිං පායසපාතිං ලභිත්වා ආදාය ගෙහං ගන්ත්වාව ථෙරං අනුස්සරි, “ඉමං පිණ්ඩපාතං මයා ථෙරස්ස දාතුං වට්ටතී”ති. ථෙරොපි තං ඛණං ඣානං සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය තං බ්රාහ්මණං දිස්වා “බ්රාහ්මණො දෙය්යධම්මං ලභිත්වා මම ආගමනං පච්චාසීසති, මයා තත්ථ ගන්තුං වට්ටතී”ති සඞ්ඝාටිං පාරුපිත්වා පත්තං ආදාය තස්ස ගෙහද්වාරෙ ඨිතමෙව අත්තානං දස්සෙසි.
තෙරණුවෝ තවත් දිනකද එහි වැඩියෝය. බමුණා එදිනද සැඟවුණේය. කිසිවක් ලබාගෙන දියයුතුයයි සිතුවේ නමුත් නොලැබුණේය. ඉන්පසු දිනක බමුණන් හොමකරන තැනකින් දළරෙදිකඩක්ද, කිරිබත් තලියක්ද ලැබී එය රැගෙන ගෙටගොස් තෙරුන් සිහිකෙළේය. මේ පිණ්ඩපාතය තෙරුන්ට දියහැකිනම් මැනවි කියාය. තෙරණුවෝද එවේලේ ධ්‍යානයට සමවැදී සමවතින් නැගිට ඒ බමුණා දැක, බමුණා දියයුත්තක් ලැබී මගේ පැමිණීම බලාපොරොත්තුවයි. මා එහි යායුතුයය සඟල පෙරවා පාත්‍රයත් රැගෙන ඔහුගේ ගෙදොර සිටගෙනම තමන් දැක්වීය.
බ්රාහ්මණො ථෙරං දිස්වාව චිත්තං පසීදි. අථ නං උපසඞ්කමිත්වා වන්දිත්වා පටිසන්ථාරං කත්වා අන්තොගෙහෙ නිසීදාපෙත්වා පායසපාතිං ගහෙත්වා ථෙරස්ස පත්තෙ ආකිරි. ථෙරො උපඩ්ඪං සම්පටිච්ඡිත්වා හත්ථෙන පත්තං පිදහි. අථ නං බ්රාහ්මණො ආහ – “භන්තෙ, එකපටිවීසමත්තොව අයං පායසො, පරලොකසඞ්ගහං මෙ කරොථ, මා ඉධලොකසඞ්ගහං, නිරවසෙසමෙව දාතුකාමොම්හී”ති සබ්බං ආකිරි.
තෙරුන් දැකීමෙන්ම බමුණාගේ සිත පැහැදුණේය. ඉන්පසු ඔහු උන්වහන්සේ වෙත එළඹ වැඳ පිළිසඳර කථාකොට ඇතුල්ගෙහි වඩාහිඳුවා කිරිබත් තලිය ගෙන තෙරුන්ගේ පාත්‍රයෙහි බහාලීය. තෙරණුවෝ භාගයක් පිළිගෙන අතින් පාත්‍රය වැසූහ. ඉන්පසු බමුණා උන්වහන්සේ අමතා, ස්වාමීනි, මේ පායාසය එක් කෙනෙකුන්ට පමණක් සෑහෙයි. මට පරලොවින් සංග්‍රහ කරන්න, මෙලොව සංග්‍රහ අවශ්‍ය නැත. ඉතිරි නොකරම දෙනු කැමැත්තෙමියි සියල්ල පාත්‍රයෙහි බහාලීය.
ථෙරො තත්ථෙව පරිභුඤ්ජි. අථස්ස භත්තකිච්චපරියොසානෙ තම්පි සාටකං දත්වා වන්දිත්වා එවමාහ – “භන්තෙ, අහම්පි තුම්හෙහි දිට්ඨධම්මමෙව පාපුණෙය්ය”න්ති. ථෙරො “එවං හොතු බ්රාහ්මණා”ති තස්ස අනුමොදනං කත්වා උට්ඨායාසනා පක්කමන්තො අනුපුබ්බෙන චාරිකං චරන්තො ජෙතවනං අගමාසි. “දුග්ගතකාලෙ දින්නදානං පන අතිවිය තොසෙතී”ති බ්රාහ්මණොපි තං දානං දත්වා පසන්නචිත්තො සොමනස්සජාතො ථෙරෙ අධිමත්තං සිනෙහමකාසි.
තෙරණුවෝ, එහිම සිට වැළඳූහ. වළඳා අවසන්වූ පසු එම සාටකයත් පූජා කොට වැඳ, ස්වාමීනි, ඔබ දුටු දහම මමත් දකිනු කැමැත්තෙමියි කීය. බ්‍රාහ්මණය, එසේම වේවායි ප්‍රකාශකොට ඔහුට අනුමෝදනා දේශනාදකොට අසුනින් නැගිට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් දෙව්රමට වැඩියෝය. දුප්පත් කාලයේ දුන් දානය අතිශයින් බබළන්නේයයි බමුණාත් ඒ දානය දී ප්‍රසන්නසිත් ඇතිව සොම්නස්ව තෙරුන් වෙත අතිමහත්සේ ස්නේහ ඇතිකර ගත්තේය.
සො ථෙරෙ සිනෙහෙනෙව කාලං කත්වා සාවත්ථියං ථෙරස්සූපට්ඨාකකුලෙ පටිසන්ධිං ගණ්හි. තංඛණෙයෙව පනස්ස මාතා “කුච්ඡියං මෙ ගබ්භො පතිට්ඨිතො”ති ඤත්වා සාමිකස්ස ආරොචෙසි. සො තස්සා ගබ්භපරිහාරං අදාසි.
හෙතෙම තෙරුන්වෙත ස්නේහ කරමින්ම කළුරිය කොට සැවැත්නුවර තෙරුන්ට උපස්ථාන කරන පවුලක පිළිසිඳ ගත්තේය. එකෙණෙහිම ඔහුගේ මව ගැබිණියක වූවායයි දැන ස්වාමිපුරුෂයාට ඒබව දැන්වූවාය. හෙතෙම ඈට ගැබ්පෙළහැර දුන්නේය.
තස්සා අච්චුණ්හඅතිසීතඅතිඅම්බිලාදිපරිභොගං වජ්ජෙත්වා සුඛෙන ගබ්භං පරිහරියමානාය එවරූපො දොහළො උප්පජ්ජි “අහො වතාහං සාරිපුත්තත්ථෙරප්පමුඛානි පඤ්ච භික්ඛුසතානි නිමන්තෙත්වා ගෙහෙ නිසීදාපෙත්වා අසම්භින්නඛීරපායසං දත්වා සයම්පි කාසායවත්ථානි පරිදහිත්වා සුවණ්ණසරකං ආදාය ආසනපරියන්තෙ නිසීදිත්වා එත්තකානං භික්ඛූනං උච්ඡිට්ඨපායසං පරිභුඤ්ජෙය්ය”න්ති. තස්සා කිර සො කාසායවත්ථපරිදහනෙ දොහළො කුච්ඡියං පුත්තස්ස බුද්ධසාසනෙ පබ්බජ්ජාය පුබ්බනිමිත්තං අහොසි.
ඈට ඉතා ශීතල, අධිකඋෂ්ණ, තද ඇඹුල් ආදිය පරිභෝග කිරීම වළක්වා සැපසේ ගැබ රැකබලාගනිද්දී ‘අනේ සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කොට ගෙදර වඩා හිඳුවා පැන් නුමුසු ක්ෂීරපායාස පිළිගන්වා තමනුත් කසාවත් හැඳ රන්තැටියක් ගෙන ආසනකෙළවර හිඳගෙන ඒ භික්ෂූන් වළඳා ඉතිරි ඉඳුල් කිරිබත් කෑමට ඇත්නම් ඉතා මැනවයි දොළදුකක් පහළවිය. ඇගේ ඒ කසාවත් හැඳ පෙරවීමේ දොළදුක, කුසේහුන් දරුවා බුදුසසුනේ පැවිදිවනබවට පෙරනිමිත්තක් විය.
අථස්සා ඤාතකා “ධම්මිකො නො ධීතාය දොහළො”ති සාරිපුත්තත්ථෙරං සඞ්ඝත්ථෙරං කත්වා පඤ්චන්නං භික්ඛුසතානං අසම්භින්නඛීරපායසං අදංසු. සාපි එකං කාසාවං නිවාසෙත්වා එකං පාරුපිත්වා සුවණ්ණසරකං ගහෙත්වා ආසනපරියන්තෙ නිසින්නා උච්ඡිට්ඨපායසං පරිභුඤ්ජි, දොහළො පටිප්පස්සම්භි. තස්සා යාව ගබ්භවුට්ඨානා අන්තරන්තරා කතමඞ්ගලෙසුපි, දසමාසච්චයෙන පුත්තං විජාතාය කතමඞ්ගලෙසුපි සාරිපුත්තත්ථෙරප්පමුඛානං පඤ්චන්නං භික්ඛුසතානං අප්පොදකමධුපායසමෙව අදංසු. පුබ්බෙ කිරෙස දාරකෙන බ්රාහ්මණකාලෙ දින්නපායසස්ස නිස්සන්දො.
ඉන්පසු ඇගේ නෑයෝ අපේ දුවට ධාර්මික දොළදුකක් පහළවීයයි සැරියුත් හිමියන් ප්රමුඛකොට පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු ක්ෂීරපායාසය පිළිගැන්වූවාහුය. ඕතොමෝත් එක් කසාවතක් හැඳගෙන එකක් පෙරවා ගෙන රන්තලියක් ගෙන්වාගෙන අසුන්කෙළවර හිඳ ඉඳුල්කළ පායාසය අනුභය කළාය. දොළදුක අවසන් විය. ඇගේ දරුවා ලැබෙනතුරු අතරින්පතර කරනලද මංගල්‍යවලදීද දසමස් ඇවෑමෙන් පුතකු වැදූපසු කළ මංගල්‍යවලදීද සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට අල්පජලය යෙදූ මිහිරි පායාස පිළිගන්වනලදි. මේ සියල්ල දරුවා විසින් බ්රාහ්මණකාලයේ දුන් පායාස දානයේ ආනිසංස වෙයි.
ජාතමඞ්ගලදිවසෙ පන තං දාරකං පාතොව න්හාපෙත්වා මණ්ඩෙත්වා සිරිසයනෙ සතසහස්සග්ඝනිකස්ස කම්බලස්ස උපරි නිපජ්ජාපෙසුං. සො තත්ථ නිපන්නකොව ථෙරං ඔලොකෙත්වා “අයං මෙ පුබ්බාචරියො, මයා ථෙරං නිස්සාය අයං සම්පත්ති ලද්ධා, මයා ඉමස්ස එකං පරිච්චාගං කාතුං වට්ටතී”ති සික්ඛාපදගහණත්ථාය ආනීයමානො තං කම්බලං චූළඞ්ගුලියා වෙඨෙත්වා අග්ගහෙසි. අථස්ස “අඞ්ගුලියං කම්බලො ලග්ගො”ති තෙ තං හරිතුං ආරභිංසු. සො පරොදි. ඤාතකා “අපෙථ, මා දාරකං රොදාපෙථා”ති කම්බලෙනෙව සද්ධිං ආනයිංසු. සො ථෙරං වන්දනකාලෙ කම්බලතො අඞ්ගුලිං අපකඩ්ඪිත්වා කම්බලං ථෙරස්ස පාදමූලෙ පාතෙසි. ඤාතකා “දහරකුමාරෙන අජානිත්වා කත”න්ති අවත්වා “පුත්තෙන නො දින්නං, පරිච්චත්තමෙව හොතු, භන්තෙ”ති වත්වා, “භන්තෙ, සතසහස්සග්ඝනිකෙන කම්බලෙන පූජාකාරකස්ස තුම්හාකං දාසස්ස සික්ඛාපදානි දෙථා”ති ආහංසු. “කො නාමො අයං දාරකො”ති? “භන්තෙ, අය්යෙන සමානනාමකො, තිස්සො නාමෙස භවිස්සතී”ති.
ඒ දරුවා උපන් දිනයේම උදෑසනම නාවා සරසා සිරිසයනයෙහි ලක්ෂයක් වටිනා කම්බිලියක් මතුපිට නිදිකරවූහ. හෙතෙම එහි නිදාගෙන සිටිද්දීම තෙරුන් දැක මේ මාගේ පූර්වාචාර්යයන් වහන්සේයි. මම තෙරුන් නිසා මේ සම්පත් ලදිමි. මා විසින් උන්වහන්සේට එක් පරිත්‍යාගයක් කළයුතුයයි ශික්ෂාපදගැන්වීම සඳහා ගෙනයනවිට ඒ කම්බිලිය සුළු ඇඟිල්ලෙහි වෙළා ගෙනගියේය. ඉන්පසු ඔහුගේ ඇඟිල්ලෙහි කම්බිලිය ඇළී ඇතැයි එය ගලවන්ට පටන්ගත්හ. හෙතෙම ඇඬීය. නෑයෝ, ඉවත්වන්න, දරුවා නොහඬවන්නැයි කම්බිලියත් සමග ගෙනගියහ. තෙරුන් වන්දවන වේලාවේ කම්බිලියෙන් ඇඟිල්ල ඉවතට ගෙන කම්බිලිය තෙරුන්ගේ පාමුල හෙළීය. නෑයෝ ළාබාල කුමරා නොදැන කළ දෙයකැයි නොකියා පුතා මෙය ඔබට දෙනලදි. ස්වාමීනි, මෙය පරිත්‍යාගයක් ලෙස වේවායි කියා, ස්වාමීනි, ලක්ෂයක් අගනා කම්බිලියකින් පූජාවක් කළ ඔබගේ දාසයාට සිල්දෙන්නැයි කීවාහුය. මේ දරුවාගේ නම කුමක්ද? ස්වාමීනි ආර්යයන්ගේ නමකට සමාන නමකි. එය තිස්ස නම්වන්නේයි.
ථෙරො කිර ගිහිකාලෙ උපතිස්සමාණවො නාම අහොසි. මාතාපිස්ස චින්තෙසි – “න මයා පුත්තස්ස අජ්ඣාසයො භින්දිතබ්බො”ති. එවං දාරකස්ස නාමකරණමඞ්ගලං කත්වා පුන තස්ස ආහාරපරිභොගමඞ්ගලෙපි පුන තස්ස කණ්ණවිජ්ඣනමඞ්ගලෙපි දුස්සගහණමඞ්ගලෙපි චූළාකප්පනමඞ්ගලෙපි සාරිපුත්තත්ථෙරප්පමුඛානං පඤ්චන්නං භික්ඛුසතානං අප්පොදකමධුපායසමෙව අදංසු.
තෙරණුවෝ ගිහකල උපතිස්සමානව නම් වූහ. ඔහුගේ මවද මගේ පුතාගේ අදහස වෙනස් නොකළ යුතුයයි සිතුවාය. මෙසේ දරුවාගේ නාමකරණ මංගල්‍යය සිදුකොට නැවත ඔහුට බත්කවන මගුලේදීත් කන්විදින මගුල, රෙදිපිළි හදවන මගුල, කෙස්කැපීම ආදියෙහිද සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු පායාසම පිළිගැන්වූහ.
දාරකො වුද්ධිමන්වාය සත්තවස්සිකකාලෙ මාතරං ආහ – “අම්ම, ථෙරස්ස සන්තිකෙ පබ්බජිස්සාමී”ති. “සාධු, තාත, පුබ්බෙවාහං ‘න මයා පුත්තස්ස අජ්ඣාසයො භින්දිතබ්බො’ති මනං අකාසිං, පබ්බජ, පුත්තා”ති ථෙරං නිමන්තාපෙත්වා තස්ස ආගතස්ස භික්ඛඤ්ච දත්වා, “භන්තෙ, තුම්හාකං දාසො ‘පබ්බජිස්සාමී’ති වදති, ඉමං ආදාය සායං විහාරං ආගමිස්සාමා”ති ථෙරං උය්යොජෙත්වා සායන්හසමයෙ මහන්තෙන සක්කාරසම්මානෙන පුත්තං ආදාය විහාරං ගන්ත්වා ථෙරස්ස නිය්යාදෙසි.
දරුවා වැඩී සත්වයසකට පසු මව අමතා, මෑණියනි, මම තෙරණුවන් ළඟ පැවිදි වන්නෙම්දැයි ඇසීය. පුත, ඉතා මැනවි. මම මීට පෙරත් පුතාගේ අදහස් කඩකර නොදැමිය යුතුයයි සිතුවෙමි. පුත පැවිදි වන්නැයි තෙරණුවන්ට ආරාධනාකොට පැමිණි උන්වහන්සේට ආහාර පිළිගන්වා ස්වාමීනි, ඔබවහන්සේගේ දාසයා පැවිදි වන්නෙමියි කියයි. අපි මොහු රැගෙන සවස විහාරයට එන්නෙමුයයි තෙරුන් පිටත්කරවා සවස් කාලයේ මහත්වූ සත්කාර සම්මාන සහිතව පුතාත් රැගෙන විහාරයට ගොස් ඔහු තෙරණුවන්ට භාරකළහ.
ථෙරො තෙන සද්ධිං කථෙසි – “තිස්ස, පබ්බජ්ජා නාම දුක්කරා, උණ්හෙන අත්ථෙ සති සීතං ලභති, සීතෙන අත්ථෙ සති උණ්හං ලභති, පබ්බජිතා කිච්ඡෙන ජීවන්ති, ත්වඤ්ච සුඛෙධිතො”ති. “භන්තෙ, අහං තුම්හෙහි වුත්තනියාමෙනෙව සබ්බං කාතුං සක්ඛිස්සාමී”ති. ථෙරො “සාධූ”ති වත්වා තස්ස පටිකූලමනසිකාරවසෙන තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛිත්වා තං පබ්බාජෙසි. සකලම්පි හි ද්වත්තිංසාකාරං කථෙතුං වට්ටතියෙව. සබ්බං කථෙතුං අසක්කොන්තෙන පන තචපඤ්චකකම්මට්ඨානං කථෙතබ්බමෙව. ඉදඤ්හි කම්මට්ඨානං සබ්බබුද්ධානං අවිජහිතමෙව. කෙසාදීසු එකෙකකොට්ඨාසෙසු අරහත්තං පත්තානං භික්ඛූනම්පි භික්ඛුනීනම්පි උපාසකානම්පි උපාසිකානම්පි පරිච්ඡෙදො නත්ථි. අබ්යත්තා භික්ඛූ පන පබ්බජෙන්තා අරහත්තස්සූපනිස්සයං නාසෙන්ති. තස්මා ථෙරො කම්මට්ඨානං ආචික්ඛිත්වා පබ්බාජෙත්වා දසසු සීලෙසු පතිට්ඨාපෙසි.
තෙරණුවෝ ඔහු හා සමග කථා කරමින්, තිස්සය, මේ පැවිද්දනම් ඉතා දුෂ්කරය, තදඋණුසුම අවශ්‍යවිට සීතල ලැබෙයි. සීතල ඕනෑවූවිට තදඋෂ්ණය ලැබෙයි. පැවිද්දෝ දුකසේ ජීවත්වෙති. ඔබ සැපසේ ජීවත්වූවෙකියි කීහ. ස්වාමීනි, මම ඔබවහන්සේ කියන අයුරින් සියල්ල කිරීමට සමත්වෙමි. තෙරණුවෝ යහපතැයි කියා ඔහුට පිළිකුල පිළිබඳ සිහිකරවීමට තචපංචක කමටහන් දී ඔහු පැවිදි කළහ. (කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනු තචපංචකයි) මෙහිදී සියලු ද්වත්තිංසාකාරයම කීම වටනේය. ඒ සියල්ලම කීමට අපහසු අය විසින් යටත්පිරිසෙයින් තචපංචකයව්ත කිවයුතුමය. මේ කමටහන වනාහි සියලු බුදුවරයන් විසින් අත්නොහළ, පුරුදුපුහුණ කළ දහමකි. කේශාදි ශරීරයේ එක් එක් කොටස ගැන පිළිකුල් භාවනාවකොට රහත්බවට පැමිණි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ සංඛ්‍යාවක් නැත. අවියත් භික්ෂූන් පැවිදිකරවන අවස්ථාවේ රහත්වීමට ඇති හේතුසම්පත් නසා ගනිත්. එහෙයින් තෙරණුවෝ කමටහන් කියාදෙමින්ම පැවිදිකොට දසසීලයෙහි පිහිටුවූහ.
මාතාපිතරො පුත්තස්ස පබ්බජිතසක්කාරං කරොන්තා සත්තාහං විහාරෙයෙව බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස අප්පොදකමධුපායසමෙව අදංසු. භික්ඛූපි “නිබද්ධං අප්පොදකමධුපායසං පරිභුඤ්ජිතුං න සක්කොමා”ති උජ්ඣායිංසු. තස්සපි මාතාපිතරො සත්තමෙ දිවසෙ සායං ගෙහං අගමංසු. සාමණෙරො අට්ඨමෙ දිවසෙ භික්ඛූහි සද්ධිං පිණ්ඩාය පාවිසි. සාවත්ථිවාසිනො “සාමණෙරො කිර අජ්ජ පිණ්ඩාය පවිසිස්සති, සක්කාරමස්ස කරිස්සාමා”ති පඤ්චහි සාටකසතෙහි චුම්බටකානි කත්වා පඤ්ච පිණ්ඩපාතසතානි සජ්ජෙත්වා ආදාය පටිපථෙ ඨත්වා අදංසු, පුනදිවසෙ විහාරස්ස උපවනං ආගන්ත්වා අදංසු. එවං සාමණෙරො ද්වීහෙව දිවසෙහි සාටකසහස්සෙහි සද්ධිං පිණ්ඩපාතසහස්සං ලභිත්වා භික්ඛුසඞ්ඝස්ස දාපෙසි. බ්රාහ්මණකාලෙ දින්නථූලසාටකස්ස කිරෙස නිස්සන්දො. අථස්ස භික්ඛූ “පිණ්ඩපාතදායකතිස්සො”ති නාමං කරිංසු.
මවුපියෝ පුතාගේ පැවිදිවීමේදී අවශ්‍ය සත්කාර සම්මාන කරමින් සතියක් විහාරයෙහිම නැවතී බුදුන් ප්රමුඛ සංඝයාට දියනුමුසු මිහිරි පායාසයෙන්ම සංග්‍රහ කළහ. භික්ෂූහු හැම වේලාවේම දියනුමුසු මිහිරි පායාසය වැළඳීම අපහසුයයි උද්ඝෝෂණය කළහ. ඔහුගේ මවුපියෝ සත්වෙනි දිනයේ සවස ගෙදර ගියහ. සාමණේරතෙම අටවෙනි දිනයෙහි භික්ෂූන් සමග පිඬුපිණිස පිවිසියේය. සැවැත්නුවර වැසියෝ, අද සාමණේරයන්වහන්සේ පිඬුපිණිස එතියි, උන්වහන්සේට සත්කාර කරන්නෙමුයි පන්සීයක් ගැල්පුරා බඩුද, සමග දරනුද කොට (කොට්ට) පිණ්ඩපාත පන්සීයක් සාදා ඒවා රැගෙනවුත් මාර්ගයෙහි සිට පිළිගැන්වූහ. දෙවෙනි දිනයේ විහාරය සමීප වනයෙහි සිට දුන්හ. මෙසේ සාමණේර තෙම දවස් දෙකේදීම ශ්‍රාවකයන් දහසකට පිණ්ඩපාතදාන දහසක් ලබා භික්ෂුසංඝයාට දුන්නේය. බ්‍රාහ්මණයෙක්ව උපන් කාලයෙහි දෙනලද සිනිඳුසාටකය ඇතුළු දානවල ආනිසංස මෙයයි. මින්පසු භික්ෂූහු උන්වහන්සේ පිණ්ඩපාතදායකතිස්ස වශයෙන් නම්කළහ.
පුනෙකදිවසං සාමණෙරො සීතකාලෙ විහාරචාරිකං චරන්තො භික්ඛූ තත්ථ තත්ථ අග්ගිසාලාදීසු විසිබ්බෙන්තෙ දිස්වා ආහ – “කිං, භන්තෙ, විසිබ්බෙන්තා නිසින්නාත්ථා”ති? “සීතං නො පීළෙති සාමණෙරො”ති. “භන්තෙ, සීතකාලෙ නාම කම්බලං පාරුපිතුං වට්ටති. සො හි සීතං පටිබාහිතුං සමත්ථො”ති. සාමණෙර “ත්වං මහාපුඤ්ඤො කම්බලං ලභෙය්යාසි, අම්හාකං කුතො කම්බලො”ති. “තෙන හි, භන්තෙ, කම්බලත්ථිකා මයා සද්ධිං ආගච්ඡන්තූ”ති සකලවිහාරෙ ආරොචාපෙසි. අථ භික්ඛූ “සාමණෙරෙන සද්ධිං ගන්ත්වා කම්බලං ආහරිස්සාමා”ති සත්තවස්සිකසාමණෙරං නිස්සාය සහස්සමත්තා භික්ඛූ නික්ඛමිංසු. සො “එත්තකානං භික්ඛූනං කුතො කම්බලං ලභිස්සාමී”ති චිත්තම්පි අනුප්පාදෙත්වා තෙ ආදාය නගරාභිමුඛො පායාසි. සුදින්නස්ස හි දානස්ස එවරූපො ආනුභාවො හොති. සො බහිනගරෙයෙව ඝරපටිපාටියා චරන්තො පඤ්ච කම්බලසතානි ලභිත්වා අන්තොනගරං පාවිසි. මනුස්සා ඉතො චිතො ච කම්බලෙ ආහරන්ති.
නැවතත් දිනයක සාමණේරතෙම ශීතකාලයෙහි විහාරයෙහි ඇවිදන ගමන් ඒ ඒ තැන්වල ගිනිශාලාදියෙහි උණුසුම ලබන්නවුන් දැක, ස්වාමීනි කිම? ගිනිතපමින් සිටින්නාහුදැයි ඇසීය. සාමණේරයාණනි, අපට බොහෝ සීතලය. ස්වාමීනි, සීතකාලයේ කම්බිලියක් පෙරවීම සුදුසුයි, එය ශීත වළක්වා ගැනීමට සමර්ථයි. සාමණේරය, ඔබ මහ පිනැත්තෙකි. එනිසා කම්බිලි ලැබෙන්නේය. අපට කම්බිලි කොයින්ද ස්වාමීනි, එසේ නම් කම්බිලි කැමති අය මා සමග එනු මැනවියයි මුළු විහාරය පුරා දන්වා යැවීය. ඉන්පසු සාමණේරයන් සමග ගොස් කම්බිලි ගෙනෙන්නෙමුයි සත්හැවිරිදි සාමණේරයන් පිරිවරා දහසක් පමණ භික්ෂූහු නික්මුණාහුය. හෙතෙම මෙපමණ භික්ෂූන්ට කොහෙන් කම්බිලි ලබන්නෙම්ද යන සිතක්පවා නූපදවා ඒ භික්ෂූන්ද රැගෙන නගරාභිමුඛව ගියේය. මැනවින් දන් දුන් කල එබඳු ආනුභාව ඇතිවේ. හෙතෙම පිටත නගරයෙහිම ගෙපිළිවෙලින් යන්නේ කම්බිලි පන්සීයක් ලබා ඇතුළු නගරයට පිවිසියේය. මිනිස්සු එහෙන් මෙහෙන් කම්බිලි රැගෙන ආහ.
එකො පන පුරිසො ආපණද්වාරෙන ආගච්ඡන්තො පඤ්ච කම්බලසතානි පසාරෙත්වා නිසින්නං එකං ආපණිකං දිස්වා ආහ – “අම්භො, එකො සාමණෙරො කම්බලෙ සංහරන්තො ආගච්ඡති, තව කම්බලෙ පටිච්ඡාදෙහී”ති? “කිං පන සො දින්නකෙ ගණ්හාති, උදාහු අදින්නකෙ”ති? “දින්නකෙ ගණ්හාතී”ති. “එවං සන්තෙ සචෙ ඉච්ඡාමි, දස්සාමි, නො චෙ, න දස්සාමි, ගච්ඡ ත්ව”න්ති උය්යොජෙසි. මච්ඡරිනො හි අන්ධබාලා එවරූපෙසු දානං දදමානෙසු මච්ඡරායිත්වා අසදිසදානං දිස්වා මච්ඡරායන්තො කාළො (ධ· ප· 177) විය නිරයෙ නිබ්බත්තන්ති. ආපණිකො චින්තෙසි – “අයං පුරිසො අත්තනො ධම්මතාය ආගච්ඡමානො ‘තව කම්බලෙ පටිච්ඡාදෙහී’ති මං ආහ. ‘සචෙපි සො දින්නකං ගණ්හා’ති, අහං පන ‘මම සන්තකං සචෙ ඉච්ඡාමි, දස්සාමි, නො චෙ, න දස්සාමී’ති අවචං, දිට්ඨකං පන අදෙන්තස්ස ලජ්ජා උප්පජ්ජති, අත්තනො සන්තකං පටිච්ඡාදෙන්තස්ස දොසො නත්ථි, ඉමෙසු පඤ්චකම්බලසතෙසු ද්වෙ කම්බලානි සතසහස්සග්ඝනිකානි, ඉමානෙව පටිච්ඡාදෙතුං වට්ටතී”ති. ද්වෙපි කම්බලෙ දසාය දසං සම්බන්ධිත්වා තෙසං අන්තරෙ පක්ඛිපිත්වා පටිච්ඡාදෙසි.
එක් පුරුෂයෙක් වෙළෙඳපොළ දොරටුවෙන් යනගමන් කම්බිලි පන්සීයක් විසුරුවාතබා සිටින එක් වෙළෙන්ඳෙකු දැක එම්බල එක් සාමණේර නමක් කම්බිලි එකතු කරමින් එයි. ඔබේ කම්බිලි හකුළා සඟවා තබවයි කීය. මොකද ඔහු දෙනුබන දේ ගනීද, නැතහොත් නොදුන් ඒවාත් ගනීදැයි ඇසීය. දෙන ඒවා ගනී. එසේනම් මම කැමතිනම් දෙන්නෙමි, නැතහොත් නොදෙන්නෙමි, ඔබ යන්නැයි පිටත්කර හැරියේය. මසුරු අන්ධබාලයෝ මෙසේ අනුන් දන්දෙන කලත් මසුරුකම් කොට (කොසොල් රජුගේ) අසදෘශදාන දැක මසුරුකම් කරමින් ‘කාළ’ නම් සෙනෙවියා මෙන් නරකයෙහි උපදිත්. වෙළෙන්දා, මේ පුරුෂයා තමන්ගේ මසුරු ස්වභාවය අනුව පාරේ යන ගමන් ඔබේ කම්බිලි සඟවන්නැයි මට කියයි. ඉතින් ඒ සාමණේරවරයා දුන් දෙයක්ම ගනී නම් මම මා සන්තක දේ දෙන්නෙමි. නැත්නම් නොදෙන්නෙමියි කියමි. පෙනේනට තියෙද්දීත් නොදී සිටින විට ලජ්ජාව උපදී. තමා සන්තකදේ සඟවා තැබීමෙහිත් වරදක් නැත. මේ කම්බිලි පන්සීයෙන් කම්බිලි දෙකක් ලක්ෂයක් වටනේය. ඒ දෙක සඟවා තැබීම සුදුසුයයි ඒ කම්බිලි දෙක වාටි එක්කර ගැටගසා අනික් කම්බිලිඅතර සඟවා තැබීය.
සාමණෙරොපි භික්ඛුසහස්සෙන සද්ධිං තං පදෙසං පාපුණි. ආපණිකස්ස සාමණෙරං දිස්වාව පුත්තසිනෙහො උප්පජ්ජි, සකලසරීරං සිනෙහෙන පරිපුණ්ණං අහොසි. සො චින්තෙසි – “තිට්ඨතු කම්බලානි, ඉමං දිස්වා හදයමංසම්පි දාතුං යුත්ත”න්ති. තෙ ද්වෙපි කම්බලෙ නීහරිත්වා සාමණෙරස්ස පාදමූලෙ ඨපෙත්වා වන්දිත්වා, “භන්තෙ, තයා දිට්ඨධම්මස්ස භාගී අස්ස”න්ති අවච. සොපිස්ස “එවං හොතූ”ති අනුමොදනං අකාසි.
සාමණේරතෙමේත් භික්ෂූන් දහසක් සමග ඒ ප්‍රදේශයට පැමිණියේය. වෙළෙන්දාට සාමණේරයන් දුටු හැටියේම පුත්‍රස්නේහය උපන්නේය. මුළු සිරුරම පුත්රස්නේහයෙන් පිරී ඉතිරී ගියේය. හෙතෙම, කම්බිලි නොවෙයි, මොහු දුටුවිට හදවතවුවත් ගළවා දෙන්ට සිතෙයි සිතා, සැඟවූ කම්බිලි දෙක පිටතට ගෙන සාමණේරයන්ගේ පාමුල තබා වැඳ, ස්වාමීනි, ඔබ දුටු දහමේ මමත් කොටස කරුවෙකුවීමේ භාග්‍යය ලබන්නෙමියි කීවේය. සාමණේර තෙමේත් එසේම වේවායි අනුමෝදනා කෙළේය.
සාමණෙරො අන්තොනගරෙපි පඤ්ච කම්බලසතානි ලභි. එවං එකදිවසංයෙව කම්බලසහස්සං ලභිත්වා භික්ඛුසහස්සස්ස අදාසි. අථස්ස කම්බලදායකතිස්සත්ථෙරොති නාමං කරිංසු. එවං නාමකරණදිවසෙ දින්නකම්බලො සත්තවස්සිකකාලෙ කම්බලසහස්සභාවං පාපුණි. බුද්ධසාසනඤ්හි ඨපෙත්වා නත්ථඤ්ඤං තං ඨානං, යත්ථ අප්පං දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං. තෙනාහ භගවා –
සාමණේරයන්වහන්සේ ඇතුළුනුවරදීත් කම්බිලි පන්සීයක් ලැබූහ. මෙසේ එක්දිනක් තුළදීම කම්බිලි දහසක් ලබා භික්ෂුසංඝයාට දුන්හ. ඉන්පසු උන්වහන්සේ කම්බිලිදායකතිස්ස නමින් හැඳින්විණි. මෙසේ නම් කරන දිනයේ දෙනලද කම්බිලිත්, සත්හැවිරිදි කාලයේ දුක් කම්බිලිත් සමග කම්බිලි දහසක් බවට පත්විය. යම්තැනක මදක් දීමෙන් බොහෝ බවට පත්වන, බොහෝ දීමෙන් බහුතරයක් බවට පත්වන තවත් තැනක් බුදුසසුන හැර නැත්තේය. එහෙයින්ම භාග්‍යවතුන්වහන්සේ,
“තථාරූපොයං, භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො, යථාරූපෙ භික්ඛුසඞ්ඝෙ අප්පං දින්නං බහුං හොති, බහුං දින්නං බහුතර”න්ති (ම· නි· 3.146) –
මහණෙනි යම්බඳු අල්පවූ දෙයක් දුන්විට බොහෝවෙයිද, හුඟක් දුන්විට බහුතරයක්වෙයිද, මහණෙනි මේ භික්ෂුසංඝතෙමේ එබඳුයයි වදාළසේක.
එවං සාමණෙරො එකකම්බලස්ස නිස්සන්දෙන සත්තවස්සිකොව කම්බලසහස්සං ලභි. තස්ස ජෙතවනෙ විහරන්තස්ස අභික්ඛණං ඤාතිදායකා සන්තිකං ආගන්ත්වා කථාසල්ලාපං කරොන්ති. සො චින්තෙසි – “මයා ඉධ වසන්තෙන ඤාතිදායකෙසු ආගන්ත්වා කථෙන්තෙසු අකථෙතුම්පි න සක්කා, එතෙහි සද්ධිං කථාපපඤ්චෙන අත්තනො පතිට්ඨං කාතුං න සක්කා, යංනූනාහං සත්ථු සන්තිකෙ කම්මට්ඨානං උග්ගණ්හිත්වා අරඤ්ඤං පවිසෙය්ය”න්ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා යාව අරහත්තා කම්මට්ඨානං කථාපෙත්වා උපජ්ඣායං වන්දිත්වා පත්තචීවරමාදාය විහාරා නික්ඛමිත්වා “සචෙ ආසන්නට්ඨානෙ වසිස්සාමි, ඤාතකා මං පක්කොසිස්සන්තී”ති වීසති යොජනසතං මග්ගං අගමාසි.
මෙසේ ඒ සාමණේරනම එක් කම්බිලියක් පිදීමේ ආනිසංසයෙන් සත්හැවිරිදි කාලයේම කම්බිලි දහසක් පිදීම සඳහා අවස්ථාව ලැබීය. මෙසේ දෙව්රම වාසයකරන උන්වහන්සේ වෙත නිතර ඥාතිදරුවෝ පැමිණ කථාසල්ලාපයෙහි යෙදෙති. ඉන්පසු උන්වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. මා මෙහි සිටින විට නෑදරුවෝ පැමිණ කථාවේ යෙදෙති. මේ අය සමග මෙසේ ප්‍රමාදවීමෙන් මගේ බලාපොරොත්තු නිසිලෙස ඉටුකරගත නොහැකිය. බුදුරදුන් ළඟට ගොස් කමටහන් ඉගෙනගෙන ආරණ්‍යගතවීම වඩා මැනවි. ඉන්පසු හෙතෙම බුදුරදුන්වෙත පැමිණ රහත්බව දක්වා කමටහන් (භාවනා) කියවාගෙන උපාධ්යායයන්ද වැඳ පාසිවුරුද රැගෙන විහාරයෙන් පිටත්ව, ඉතින් ළඟ තැනක සිටියොත් නෑදෑයෝ මා කැඳවනු ඇතැයි යොදුන් එකසියවිස්සක් පමණ මගගෙවා ගියහ.
අථෙකෙන ගාමද්වාරෙන ගච්ඡන්තො එකං මහල්ලකපුරිසං දිස්වා පුච්ඡි – “කිං නු ඛො, මහාඋපාසක, ඉමස්මිං පදෙසෙ වසන්තානං ආරඤ්ඤකවිහාරො අත්ථී”ති? “අත්ථි, භන්තෙ”ති. “තෙන හි මෙ මග්ගං ආචික්ඛාහී”ති. මහල්ලකඋපාසකස්ස පන තං දිස්වාව පුත්තසිනෙහො උදපාදි. අථස්ස තත්ථෙව ඨිතො අනාචික්ඛිත්වා “එහි, භන්තෙ, ආචික්ඛිස්සාමි තෙ”ති ගහෙත්වා අගමාසි. සාමණෙරො තෙන සද්ධිං ගච්ඡන්තො අන්තරාමග්ගෙ නානාපුප්ඵඵලපටිමණ්ඩිතෙ රුක්ඛපබ්බතපදෙසෙ දිස්වා “අයං, උපාසක, කිං පදෙසො නාම, අයං උපාසක කිං පදෙසො නාමා”ති පුච්ඡි. සොපිස්ස තෙසං නාමානි ආචික්ඛන්තො ආරඤ්ඤකවිහාරං පත්වා “ඉදං, භන්තෙ, ඵාසුකට්ඨානං, ඉධෙව වසාහී”ති වත්වා, “භන්තෙ, කො නාමො ත්ව”න්ති නාමං පුච්ඡිත්වා “අහං වනවාසීතිස්සො නාම උපාසකා”ති වුත්තෙ, “ස්වෙ අම්හාකං ගාමෙ භික්ඛාය චරිතුං වට්ටතී”ති වත්වා නිවත්තිත්වා අන්තොගාමමෙව ගතො. “වනවාසීතිස්සො නාම විහාරං ආගතො, තස්ස යාගුභත්තාදීනි පටියාදෙථා”ති මනුස්සානං ආරොචෙසි.
ඉන්පසු එක් ගම්දොරටුවකින් යන අතර එක් මහලු මිනිසෙකු දැක, මහා උපාසකතුමනි, මේ පෙදෙසේ ආරණ්‍යකයන් වසනතැනක් ඇද්දැයි විචාළේය. ස්වාමීනි, මෙහි එබඳු තැනක් ඇත. එසේනම් මට එහි යන පාර කියා දෙන්න. මහලු උපාසකයාට සාමණේරයන් දැක පුත්‍රස්නේහය උපන්නේය. ඉන්පසු ඔහු එහි එතැනදී පාර නොකියා ස්වාමීනි, එනු මැනවි ඔබට කියා දෙන්නෙමියි උන්වහන්සේත් සමග ගියේය. සාමණේරතෙම ඔහු සමග යන අතර අතරමග නානාමල්ඵලවලින් යුක්ත හතරපස් තැනක්ම දැක උපාසකතුමනි, මේ කිනම් ප්‍රදේශයක්ද මේ කිනම් ප්රදේශයක්දැයි ඇසීය. හෙතෙමේත් ඒ ප්‍රදේශ ගැන කියාදෙමින් තපොවනයට පැමිණ ස්වාමීනි, මේ පහසු තැනකි. මෙහි නවතිනු මැනවයි කියා, ස්වාමීනි, ඔබවහන්සේ කිනම් වන්නහුදැයි නම විචාරා හෙට අපේ ගමේ පිඬුසිඟාවඩින්නැයි ආරාධනාකොට තමන් ගමටම ගියේය. එහි ගොස් වනවාසික තිස්ස නම් තෙරණුවෝ අපේ විහාරයට වැඩියෝය. උන්වහන්සේට කැඳබත් ආදිය පිළියෙල කරන්නැයි මිනිසුන්ට දැන්වීය.
සාමණෙරො පඨමමෙව තිස්සො නාම හුත්වා තතො පිණ්ඩපාතදායකතිස්සො කම්බලදායකතිස්සො වනවාසීතිස්සොති තීණි නාමානි ලභිත්වා සත්තවස්සබ්භන්තරෙ චත්තාරි නාමානි ලභි. සො පුනදිවසෙ පාතොව තං ගාමං පිණ්ඩාය පාවිසි. මනුස්සා භික්ඛං දත්වා වන්දිංසු. සාමණෙරො “සුඛිතා හොථ, දුක්ඛා මුච්චථා”ති ආහ. එකමනුස්සොපි තස්ස භික්ඛං දත්වා පුන ගෙහං ගන්තුං නාසක්ඛි, සබ්බෙව ඔලොකෙන්තා අට්ඨංසු. සොපි අත්තනො යාපනමත්තමෙව ගණ්හි. සකලගාමවාසිනො තස්ස පාදමූලෙ උරෙන නිපජ්ජිත්වා, “භන්තෙ, තුම්හෙසු ඉමං තෙමාසං ඉධ වසන්තෙසු මයං තීණි සරණානි ගහෙත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාය මාසස්ස අට්ඨ උපොසථකම්මානි උපවසිස්සාම, ඉධ වසනත්ථාය නො පටිඤ්ඤං දෙථා”ති.
සාමණේරතෙම ප්‍රථමයෙන් තිස්ස නම් වය. ඉන්පසු පිණ්ඩපාතදායක තිස්ස විය. ඊළඟට කම්බිලිදායකතිස්ස විය. දැන් වනවාසික තිස්සයයි නම් තුනක් ලබා සත්වසරක් ඇතුළත නම් සතරක් ලැබීය. හෙතෙම දෙවෙනි දිනයේ උදෑසනම ඒ ගමට පිඬුසිඟා වැඩියේය. මිනිස්සු භික්ෂා පිළිගන්වා වැන්දාහ. සාමණේරතෙම, සැපවත් වෙත්වා, දුනින් මිදෙත්වායි පැවසීය. පිණ්ඩපාතය දුන් එක් මිනිසෙකුටවත් නැවත ගෙවල්වලට යෑමට නොහැකිවිය. සියලු දෙනාම උන්වහන්සේ දෙස බලාසිටියහ. සාමණේරයන්වහන්සේ තමන් යැපෙන පමණකට භික්ෂාව පිළිගත්හ. සියලු ගම්වාසීහු උන්වහන්සේගේ පාමුල ළය තබා වැදහෙවී ස්වාමීනි, ඔබවහන්සේ මේ තෙමස මෙහි වැඩසිටියොත් අපි තුන්සරණෙහි පිහිටා පන්සිල්ගෙන මාසයේ පොහොයදින හතරේ පෙහෙවස්කම්කොට බොහෝ පින් කරගැනීමට හැකිනිසා මෙහි වසනබවට ප්‍රතිඥා දෙනුමැනවැයි ඉල්ලාසිටියහ.
සො උපකාරං සල්ලක්ඛෙත්වා තෙසං පටිඤ්ඤං දත්වා නිබද්ධං තත්ථෙව පිණ්ඩපාතචාරං චරි. වන්දිතවන්දිතක්ඛණෙ ච “සුඛිතා හොථ, දුක්ඛා මුච්චථා”ති පදද්වයමෙව කථෙත්වා පක්කාමි. සො තත්ථෙවපඨමමාසඤ්ච දුතියමාසඤ්ච වීතිනාමෙත්වා තතියමාසෙ ගච්ඡන්තෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
සාමණේරයන්වහන්සේ ඔවුන්ට වන උපකාරය ගැන සිතා ප්‍රතිඥා දී නිතර ඒ ගමෙහිම පිඬුපිණිස හැසිරෙන්නාහ. වඳින වඳින හැමවිටම සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යන පදදෙක පමණක්ම කියා ආපසු යන්නාහ. උන්වහන්සේ එහි පළමු මාසයත් දෙවෙනි මාසයත් ගතකොට තුන්වෙනි මාසය ගතවෙද්දී සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහ.
අථස්ස පවාරෙත්වා වුට්ඨවස්සකාලෙ උපජ්ඣායො සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා ආහ – “අහං, භන්තෙ, තිස්සසාමණෙරස්ස සන්තිකං ගච්ඡාමී”ති. “ගච්ඡ, සාරිපුත්තා”ති. සො අත්තනො පරිවාරෙ පඤ්චසතෙ භික්ඛූ ආදාය පක්කන්තො, “ආවුසො මොග්ගල්ලාන, අහං තිස්සසාමණෙරස්ස සන්තිකං ගච්ඡාමී”ති ආහ. මහාමොග්ගල්ලානත්ථෙරො “අහම්පි, ආවුසො, ගච්ඡාමී”ති පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නික්ඛමි. එතෙනුපායෙන මහාකස්සපත්ථෙරො අනුරුද්ධත්ථෙරො උපාලිත්ථෙරො පුණ්ණත්ථෙරොති සබ්බෙ මහාසාවකා පඤ්චහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නික්ඛමිංසු. සබ්බෙපි මහාසාවකානං පරිවාරා චත්තාලීස භික්ඛුසහස්සානි අහෙසුං. තෙ වීසතියොජනසතං මග්ගං ගන්ත්වා ගොචරගාමං සම්පත්තා. සාමණෙරස්ස නිබද්ධූපට්ඨාකො උපාසකො ද්වාරෙයෙව දිස්වා පච්චුග්ගන්ත්වා වන්දි.
ඉන්පසු පවාරණයෙන් අනතුරුව උන්වහන්සේගේ උපාධ්‍යායයන්වහන්සේ බුදුන්වෙත පැමිණ වැඳ, ස්වාමීනි, මම තිස්ස සාමණේරයන් වෙත යන්නෙමියි කීහ. ශාරීපුත්‍රය යවයි බුදුන් වදාළපසු උන්වහන්සේ තම පිරිවර භික්ෂූන් පන්සීයක්ද සමග යන්නාහු ඇවැත් මොග්ගල්ලානයෙනි, මම තිස්ස සාමණේරයන් ළඟට යන්නෙමියි කීහ. මුගලන් තෙරණුවෝද ඇවැත්නි මමත් එන්නෙමියි පන්සීයක් භික්ෂූන් සමග නික්මුණාහුය. මේ ආකාරයෙන්ම මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, පුණ්ණ ආදි සියලු මහාශ්රාවකතෙරුන්වහන්සේලාත් පන්සීය බැගින් පිරිවර භික්ෂූන්ද සමග සතළිස්දහසක් භික්ෂූහු ගමනට පිටත්වූහ. ඔවුහු එක්සියවිසිගව් දුරමග ගොස් ගොදුරු ගමට පිවිසියාහුය. සාමණේරයන්වහන්සේගේ නිරන්තර උපස්ථායක උපාසකතෙම උන්වහන්සේලාගේ වැඩමවීම ගම්දොරටුවේදීම දැක පෙරගමන්කොට වැන්දේය.
අථ නං සාරිපුත්තත්ථෙරො පුච්ඡි – “අත්ථි නු ඛො, උපාසක, ඉමස්මිං පදෙසෙ ආරඤ්ඤකවිහාරො”ති? “අත්ථි, භන්තෙ”ති. “සභික්ඛුකො, අභික්ඛුකො”ති? “සභික්ඛුකො, භන්තෙ”ති. “කො නාමො තත්ථ වසතී”ති? “වනවාසීතිස්සො, භන්තෙ”ති. “තෙන හි මග්ගං නො ආචික්ඛා”ති. “කෙ තුම්හෙ, භන්තෙ”ති? “මයං සාමණෙරස්ස සන්තිකං ආගතා”ති.
ඉන්පසු සැරියුත්තෙරණුවෝ ඔහුගෙන් උපාසකය මේ ප්‍රදේශයෙහි ආරණ්‍යක විහාරයන් ඇද්දැයි ඇසූහ. ස්වාමීනි, ඇත. එය භික්ෂූන් සහිතද, රහිතද? ස්වාමීනි භික්ෂූන් සහිතය. එහි වසන්නේ කවුරුන්ද? ස්වාමීනි, වනවාසිකතිස්ස තෙරුන්වහන්සේයි. එසේනම් අපට එහියන පාර කියා දෙන්න. ඔබවහන්සේලා කවුරුන්ද? අපි සාමණේරයන්වහන්සේ හමුවට ආ අය වෙමු.
උපාසකො ඔලොකෙත්වා ධම්මසෙනාපතිං ආදිං කත්වා සබ්බෙපි මහාසාවකෙ සඤ්ජානිත්වා නිරන්තරං පීතියා ඵුට්ඨසරීරො හුත්වා “තිට්ඨථ තාව, භන්තෙ”ති වෙගෙන ගාමං පවිසිත්වා “එතෙ, අය්යා, සාරිපුත්තත්ථෙරං ආදිං කත්වා අසීති මහාසාවකා අත්තනො අත්තනො පරිවාරෙහි සද්ධිං සාමණෙරස්ස සන්තිකං ආගතා, මඤ්චපීඨපච්චත්ථරණදීපතෙලාදීනි ගහෙත්වා වෙගෙන නික්ඛමථා”ති උග්ඝොසෙසි. මනුස්සා “තාවදෙව මඤ්චාදීනි ගහෙත්වා ථෙරානං පදානුපදිකා හුත්වා ථෙරෙහි සද්ධිංයෙව විහාරං පවිසිංසු. සාමණෙරො භික්ඛුසඞ්ඝං සඤ්ජානිත්වා කතිපයානං මහාථෙරානං පත්තචීවරානි පටිග්ගහෙත්වා වත්තමකාසි. තස්ස ථෙරානං වසනට්ඨානං සංවිදහන්තස්ස පත්තචීවරං පටිසාමෙන්තස්සෙව අන්ධකාරො ජාතා”ති. සාරිපුත්තත්ථෙරො උපාසකෙ ආහ – “ගච්ඡථ, උපාසකා, තුම්හාකං අන්ධකාරො ජාතො”ති. “භන්තෙ, අජ්ජ ධම්මස්සවනදිවසො, න මයං ගමිස්සාම, ධම්මං සුණිස්සාම, ඉතො පුබ්බෙ ධම්මස්සවනම්පි නත්ථී”ති. “තෙන හි, සාමණෙර, දීපං ජාලෙත්වා ධම්මස්සවනස්ස කාලං ඝොසෙහී”ති. සො තථා අකාසි.
උපාසකතෙම බලා ධර්මසේනාපතීන්වහන්සේ ප්රමුඛ සියලු මහාශ්රාවකයන්වහන්සේලා හඳුනාගත්තේය. හෙතෙම නිරන්තරයෙන් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, මදක් නවතිනු මැනවයි වේගයෙන් ගමට ගොස් සැරියුත්හිමියන් ප්රමුඛ අසූමහාශ්රාවකයෝ තම තමන්ගේ පිරිවර සමග සාමණේරයන්වහන්සේ ළඟට ආහ. ඇඳ පුටු ඇතිරිලි පහන්තෙල් ආදිය රැගෙන ඉක්මනින් පිටත්වෙව්යයි උස්හඬින් කියාසිටියේය. මිනිස්සු සැණෙකින් ඇඳපුටු ආදියද රැගෙන තෙරුන්වහන්සේලාත් සමගම උන්වහන්සේලා පසුපසින් විහාරයට පිවිසියාහුය. සාමණේරතෙමේ භික්ෂුසංඝයා හැඳිනගෙන මහතෙරුන් කීපනමකගේ පාසිවුරු රැගෙන වතාවත් කෙළේය. උන්වහන්සේ තෙරවරුන්ට වසනතැන්, සංවිධානය කර පාසිවුරු පිළියෙලකර තබන අතර රෑබෝවිය. සැරියුත්තෙරණුවෝ උපාසකවරුන් අමතා, උපාසකවරුනි ඔබලා දැන් යන්න. රෑවුණායයි පැවසූහ. ස්වාමීනි, අද බණ අසන දිනයයි. අද අපි නොයන්නෙමු. බණ අසන්නෙමුයයි කීවාහුය. මින් පෙර බණ අසන්ටත් නොලැබිණියයිද කීවාහුය. සාමණේරය එසේ නම් පහන් දල්වා බණ ඇසීම සඳහා කාලඝෝෂා කරන්නැයි සැරියුත්තෙරණුවෝ කීවාහුය. සාමණේරතෙම එසේ කෙළේය.
අථ නං ථෙරො ආහ – “තිස්ස තව උපට්ඨාකා ‘ධම්මං සොතුකාමාම්හා’ති වදන්ති, කථෙහි තෙසං ධම්ම”න්ති. උපාසකා එකප්පහාරෙනෙව උට්ඨාය, “භන්තෙ, අම්හාකං අය්යො ‘සුඛිතා හොථ, දුක්ඛා මුච්චථා’ති ඉමානි ද්වෙ පදානි ඨපෙත්වා අඤ්ඤං ධම්මකථං න ජානාති, අම්හාකං අඤ්ඤං ධම්මකථිකං දෙථා”ති වදිංසු. “සාමණෙරො පන අරහත්තං පත්වාපි නෙව තෙසං ධම්මකථං කථෙසී”ති.
ඉන්පසු සැරියුත්තෙරණුවෝ, තිස්ස ඔබේ උපාසකවරු බණ අසනු කැමැත්තම්හයි කියති. ඔවුන්ට බණ කියවිය කීහ. උපාසකවරු එක්වරම නැගී සිට, ස්වාමීනි, අපේ ආර්යයන්වහන්සේ සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වා යන මේ දෙපදය හැර වෙනත් ධර්මයක් නොදන්නාහුය. අපට වෙනත් ධර්මකථිකයෙකු දෙනු මැනවැයි කීවාහුය. සාමණේරතෙම රහත්බවට පැමිණ වුවද ඔවුන්ට බණ නොකීවේය.
තදා පන නං උපජ්ඣායො, “සාමණෙර, කථං පන සුඛිතා හොන්ති, ‘කථං පන දුක්ඛා මුච්චන්තී’ති ඉමෙසං නො ද්වින්නං පදානං අත්ථං කථෙහී”ති ආහ. සො “සාධු, භන්තෙ”ති චිත්තබීජනිං ගහෙත්වා ධම්මාසනං ආරුය්හ පඤ්චහි නිකායෙහි අත්ථඤ්ච කාරණඤ්ච ආකඩ්ඪිත්වා ඝනවස්සං වස්සන්තො චාතුද්දීපකමහාමෙඝො විය ඛන්ධධාතුආයතනබොධිපක්ඛියධම්මෙ විභජන්තො අරහත්තකූටෙන ධම්මකථං කථෙත්වා, “භන්තෙ, එවං අරහත්තප්පත්තස්ස සුඛං හොති, අරහත්තං පත්තොයෙව දුක්ඛා මුච්චති, සෙසජනා ජාතිදුක්ඛාදීහි චෙව නිරයදුක්ඛාදීහි ච න පරිමුච්චන්තී”ති ආහ. “සාධු, සාමණෙර, සුකථිතො තෙ පටිභාණො, ඉදානි සරභඤ්ඤං භණාහී”ති. සො සරභඤ්ඤම්පි භණි. අරුණෙ උග්ගච්ඡන්තෙ සාමණෙරස්ස උපට්ඨාකමනුස්සා ද්වෙ භාගා අහෙසුං.
එදින උපාධ්‍යායයන්වහන්සේ, සාමණේරය, සුවපත්වන්නේ කෙසේද? දුකින්මිදෙන්නේ කෙසේද යන මේ දෙපදය මේ උපාසකවරුන්ට අර්ථවශයෙන් පැහැදිලිකර කියාදෙන්නැයි කීහ. හෙතෙම ස්වාමීනි, යහපතැයි කියා චිත්‍රිත විජිනිපත රැගෙන ධර්මාසනයට නැගී පස්නිකායෙන්ම අර්ථත් කාරණාත් ගෙනහැර පාමින් මහවැස්සක් වසින්නාක් මෙන්ද, චාතුර්දීපික මහාමේඝයක් මෙන්ද ස්කන්ධ, ධාතු, ආයතන, බෝධිපාක්ෂිකධර්ම බෙදා හදමින් අර්හත්වය කුළුගන්වා, ධර්මකථා පවත්වා, ස්වාමීනි, මෙසේ අර්හත්වයට පත්වූ තැනැත්තාට සැප ඇතිවෙයි. අර්හත්වයට පත්වූ තැනැත්තාම දුකින්මිදෙයි. සෙසුජනයා ජාත්යාදිදුකෙන් මෙන්ම නිරයදුක්ඛාදියෙන්ද නොමිදෙන්නේයයි කීවේය.සාමණේරයන්වහන්ස, ඔබේ පදකීම අතිශයින්ම විසිතුරුය. දැන් සරහඤ්ඤය (මිහිරිකොට කීම) දෙසන්නැයි කීහ. හෙතෙම සරහඤ්ඤ දේශනාවද කෙළේය. උදෑසන අරුණු නැගෙත් සාමණේරයන්වහන්සේගේ උපස්ථායක මිනිස්සු දෙකොටසක් වූහ.
එකච්චෙ “න වත නො ඉතො පුබ්බෙ එවරූපො කක්ඛළො දිට්ඨපුබ්බො. කථඤ්හි නාම එවරූපං ධම්මකථං ජානන්තො එත්තකං කාලං මාතාපිතුට්ඨානෙ ඨත්වා උපට්ඨහන්තානං මනුස්සානං එකම්පි ධම්මපදං න කථෙසී”ති කුජ්ඣිංසු. එකච්චෙ “ලාභා වත නො, යෙ මයං එවරූපං භදන්තං ගුණං වා අගුණං වා අජානන්තාපි උපට්ඨහිම්හ, ඉදානි ච පනස්ස සන්තිකෙ ධම්මං සොතුං ලභිම්හා”ති තුස්සිංසු.
ඇතැම් අය අපි මීට පෙර මෙතරම් කර්කශකෙනෙක් නොදැක්කෙමු. මෙතරම් දහම්කථා දැනදැනත් මෙතෙක්කල් මවුපිය තනතුරේ තබා උවටැන්කරන අයට කෙසේනම් බණ ටිකක් නොකියා සිටිය හැකිදැයි කිපුණාහ. සමහරු අනේ අපට මහත් ලාභයකි. අපි මේ හිමියන්ගේ ගුණයක් හෝ අගුණයක් හේ නොදැනත් උපස්ථාන කෙළෙමු. දැන් වනාහි මුන්වහන්සේ සමීපයෙහි බණඅසන්ටත් අවස්ථාව ලැබුවෙමුයයි තුටුපහටු වූහ.
සම්මාසම්බුද්ධොපි තං දිවසං පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො වනවාසීතිස්සස්ස උපට්ඨාකෙ අත්තනො ඤාණජාලස්ස අන්තො පවිට්ඨෙ දිස්වා “කිං නු ඛො භවිස්සතී”ති ආවජ්ජෙන්තො ඉමමත්ථං උපධාරෙසි “වනවාසීතිස්සසාමණෙරස්ස උපට්ඨාකා එකච්චෙ තුට්ඨා, එකච්චෙ කුද්ධා, මය්හං පුත්තස්ස පන සාමණෙරස්ස කුද්ධා නිරයභාගිනො භවිස්සන්ති, ගන්තබ්බමෙව තත්ථ මයා, මයි ගතෙ සබ්බෙපි තෙ සාමණෙරෙ මෙත්තචිත්තං කත්වා දුක්ඛා මුච්චිස්සන්තී”ති.
බුදුරජාණන්වහන්සේද එදවස උදෑසන ලෝකය බලනසේක් වනවාසිකතිස්සතෙරුන්ගේ උපස්ථායකයන් තමන්ගේ ඤාණදැලට ඇතුළත්වනු දැක, සිදුවන්නේ කුමක්දැයි ආවර්ජනා කරනසේක්, මෙකරුණ දුටුවාහුය. වනවාසිකතිස්සසාමණේරයන්ගේ උපස්ථායකයන්ගේ සමහරු සතුටුවූවාහුය. සමහරු කිපුණාහ. මාගේ පුතෙකු වැනි සාමණේරයන් කෙරෙහි කිපුණාහු නිරයට යන්නෝවෙති. එහෙයින් මා එහි යායුතුමයි. මා එහි ගියකල ඒ සියල්ලෝම සාමණේරයන් කෙරෙහි මෙත්සිත් ඇතිකොට දුකින් මිදෙන්නාහුය.
තෙපි මනුස්සා භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා ගාමං ගන්ත්වා මණ්ඩපං කාරෙත්වා යාගුභත්තාදීනි සම්පාදෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා සඞ්ඝස්ස ආගමනමග්ගං ඔලොකෙන්තා නිසීදිංසු. භික්ඛූපි සරීරපටිජග්ගනං කත්වා භික්ඛාචාරවෙලාය ගාමං පිණ්ඩාය පවිසන්තා සාමණෙරං පුච්ඡිංසු – “කිං, තිස්ස, ත්වං අම්හෙහි සද්ධිං ගමිස්සසි, උදාහු පච්ඡා”ති? “මම ගමනවෙලායමෙව ගමිස්සාමි, ගච්ඡථ තුම්හෙ, භන්තෙ”ති. භික්ඛූ පත්තචීවරමාදාය පවිසිංසු.
එගම මිනිස්සුත් භික්ෂුසංඝයාට ආරාධනා කොට ගමට ගොස් මණ්ඩපයක් කරවා කැඳබත් ආදිය සම්පාදනය කොට අසුන් පනවා සංඝයා වඩින මග බලබලා සිටියෝය. භික්ෂූහුද සිරුරු පිළිදැගුම් කොට භික්ෂාපිණිස හැසිරෙන වේලාවෙහි පිඬුපිණිස ගමට වඩින අතර සාමණේරයන් අමතා, තිස්ස ඔබ අප සමගම එන්නෙහිද, නැතහොත් පසුව එන්නෙහිද? ස්වාමීනි, ඔබවහන්සේලා වඩින්න, මම වෙනදා යන වේලාවටම එන්නෙමි. භික්ෂූහු පාසිවුරු රැගෙන පිටත්වූහ.
සත්ථා ජෙතවනස්මිංයෙව චීවරං පාරුපිත්වා පත්තමාදාය එකචිත්තක්ඛණෙනෙව ගන්ත්වා භික්ඛූනං පුරතො ඨිතමෙව අත්තානං දස්සෙසි. “සම්මාසම්බුද්ධො ආගතො”ති සකලගාමො සඞ්ඛුභිත්වා එකකොලාහලො අහොසි. මනුස්සා උදග්ගචිත්තා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා යාගුං දත්වා ඛජ්ජකං අදංසු. සාමණෙරො භත්තෙ අනිට්ඨිතෙයෙව අන්තොගාමං පාවිසි. ගාමවාසිනො නීහරිත්වා තස්ස සක්කච්චං භික්ඛං අදංසු. සො යාපනමත්තං ගහෙත්වා සත්ථු සන්තිකං ගන්ත්වා පත්තං උපනාමෙසි. සත්ථා “ආහර, තිස්සා”ති හත්ථං පසාරෙත්වා පත්තං ගහෙත්වා “පස්ස, සාරිපුත්ත, තව සාමණෙරස්ස පත්ත”න්ති ථෙරස්ස දස්සෙසි. ථෙරො සත්ථු හත්ථතො පත්තං ගහෙත්වා සාමණෙරස්ස දත්වා “ගච්ඡ, අත්තනො පත්තට්ඨානෙ නිසීදිත්වා භත්තකිච්චං කරොහී”ති ආහ.
ශාස්තෘන්වහන්සේ ජේතවනාරාමයේදීම සිවුරුපෙරවා පාත්‍රයද රැගෙන එක් චිත්තක්ෂණයක් ඇතුළතම ගොස් භික්ෂූන්ගේ ඉදිරියේ සිටිමින්ම තමා දැක්වූහ. බුදුරජාණන්වහන්සේ වැඩිසේක්යයි සියලු ගම්වැසියෝ කැළඹීගොස් ඒකකෝලාහල විය. ප්‍රීතියෙන් උදම්වූ මිනිස්සු බුද්ධප්‍රමුඛ භික්ෂුසංඝයා වඩා හිඳුවා කැඳ පිළිගන්වා අනුභව කළයුතුදේද පිළිගැන්වූහ. සාමණේරයන්වහන්සේ වළඳා අවසන් වීමට ප්‍රථම ඇතුල්ගමට වැඩියාහ. ගම්වැසියෝ උන්වහන්සේ කැඳවාගෙන ගොස් සකසා දන් පිළිගැන්වූහ. උන්වහන්සේ යැපෙන පමණක් ආහාරගෙන බුදුන් ළඟට ගොස් පාත්‍රය බුදුරදුන්ට පිදූහ. බුදුරජාණන්වහන්සේ තිස්ස මෙහාට ගෙනෙන්නැයි පාත්‍රය පිළිගෙන, ශාරීපුත්‍රය ඔබේ සාමණේරයන්ගේ පාත්‍රය බලන්නැයි තෙරුන්ට පෙන්වූහ. තෙරණුවෝ බුදුන්ගේ අතින් පාත්‍රය ගෙන සාමණේරයන්ටද දී, යන්න තමන්ට ලැබුණුතැන හිඳගෙන බත්කිස කරවයි පැවසූහ.
ගාමවාසිනො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා සත්ථාරං වන්දිත්වා අනුමොදනං යාචිංසු. සත්ථා අනුමොදනං කරොන්තො එවමාහ – “ලාභා වත වො උපාසකා, යෙ තුම්හෙ අත්තනො කුලූපකං සාමණෙරං නිස්සාය සාරිපුත්තං මොග්ගල්ලානං කස්සපං අනුරුද්ධන්ති අසීතිමහාසාවකෙ දස්සනාය ලභථ, අහම්පි තුම්හාකං කුලූපකමෙව නිස්සාය ආගතො, බුද්ධදස්සනම්පි වො ඉමං නිස්සායෙව ලද්ධං, ලාභා වො, සුලද්ධං වො”ති.
ගම්වැසියෝ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයා වළඳවා බුදුන්ගෙන් අනුමෝදනා කරන ලෙස ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ අනුමෝදනා කරන්නාහු උපාසකවරුනි, නුඹලාට මහත් ලාභයක් විය. ඔබලා තමන්ගේ කුලුපග සාමණේරයන් නිසා සාරිපුත්‍ර, මොග්ගල්ලාන, කාශ්‍යපාදි අසූමහා ශ්‍රාවකයන් දැකීමේ භාග්‍යය ලැබුවාහුය. මමත් නුඹලාගේ කුලුපග සාමණේරනම නිසාම ආවෙමි. බුදුන් දැකීමේ වරයත් මොහු නිසාම ලැබුවාහුය. ඔබහැම හොඳම හොඳ ලාභයක් ලැබුවාහුයයි වදාළහ.
මනුස්සා චින්තයිංසු – “අහො අම්හාකං ලාභා, බුද්ධානඤ්චෙව භික්ඛුසඞ්ඝස්ස ච ආරාධනසමත්ථං අම්හාකං අය්යං දස්සනාය ලභාම, දෙය්යධම්මඤ්චස්ස දාතුං ලභාමා”ති සාමණෙරස්ස කුද්ධා මනුස්සා තුස්සිංසු. තුට්ඨා මනුස්සා භිය්යොසොමත්තාය පසීදිංසු. අනුමොදනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. සත්ථා උට්ඨායාසනා පක්කාමි. මනුස්සා සත්ථාරං අනුගන්ත්වා වන්දිත්වා නිවත්තිංසු. සත්ථා සාමණෙරෙන සද්ධිං සමධුරෙන ගච්ඡන්තො, “සාමණෙර, අයං පදෙසො කොනාමො, අයං පදෙසො කොනාමො”ති පුබ්බෙ තස්ස උපාසකෙන දස්සිතපදෙසෙ පුච්ඡන්තො අගමාසි. සාමණෙරොපි, “භන්තෙ, අයං ඉත්ථන්නාමො, අයං ඉත්ථන්නාමො”ති ආචික්ඛමානොව අගමාසි. සත්ථා තස්ස වසනට්ඨානං ගන්ත්වා පබ්බතමත්ථකං අභිරුහි. තත්ථ ඨිතානං පන මහාසමුද්දො පඤ්ඤායති. සත්ථා සාමණෙරං පුච්ඡි – “තිස්ස, පබ්බතමත්ථකෙ ඨිතො ඉතො චිතො ච ඔලොකෙත්වා කිං පස්සසී”ති? “මහාසමුද්දං, භන්තෙ”ති. “මහාසමුද්දං දිස්වා කිං චින්තෙසී”ති?
මිනිස්සු, අහෝ, අපට මහත් ලාභයක් ලැබුණි. බුදුනුත් මහාසංඝයාත් ආරාධනය කරන්ට, සතුටු කරවන්ට සමත් ආර්යයන් දැකීමේ භාග්‍යය ලදිමු. දන්දීමේ ලාභය ලදිමුයයි කියමින් කිපුණුඅය සතුටට පත්වූහ. පැහැදුණු අය වඩවඩාත් පැහැදුණහ. අනුමෝදනා අවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට වැඩියාහුය. මිනිස්සු බුදුන් අනුව ගොස් නැවතුණාහ. බුදුරජාණන්වහන්සේ සාමණේරයන් සමග සමාන දුරකින් වැඩමවමින් සාමණේරය, මේ ප්‍රදේශය කිනම්ද, මේ ප්‍රදේශය කිනම්දැයි මුලින් උපාසකයා විසින් පෙන්වා දුන් ප්‍රදේශ ගැන අසමින් වැඩියාහ. සාමණේර තෙමේත් මේ ප්‍රදේශය මෙනම්ය, මෙය මෙනම්යයි කියමින්ම ගියේය. බුදුරජාණන්වහන්සේ සාමණේරයන් වසන තැනට වැඩමවා පර්වත මුදුනට නැංගාහ. එහි ගියවිට මහමුහුද පෙනෙයි. ශාස්තෘන්වහන්සේ, තිස්සය, පර්වතය නැගී ඔබමොබ බලා කුමක් දකින්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, මහමුහුද දකිමි. එය දැක කුමක් සිතුවෙහිද?
“මම දුක්ඛිතකාලෙ රොදන්තස්ස චතූහි මහාසමුද්දෙහි අතිරෙකතරෙන අස්සුනා භවිතබ්බන්ති ඉදං, භන්තෙ, චින්තෙසි”න්ති. “සාධු සාධු, තිස්ස, එවමෙතං. එකෙකස්ස හි සත්තස්ස දුක්ඛිතකාලෙ පග්ඝරිතඅස්සූනි චතූහි මහාසමුද්දෙහි අතිරෙකතරානෙවා”ති. ඉදඤ්ච පන වත්වා ඉමං ගාථමාහ –
මා දුකට පත්වූ අවස්ථාවල ඇඬීමෙන් වැගිරවූ කඳුළු සතරමහා සාගරයේ ජලයටත් වැඩියයි මෙය දැක සිතීමි. තිස්සය, ඉතා මැනවි. ඉතා මැනවි. එක් එක් සත්ත්වයා දුකට පත් අවස්ථාවල වැගිරවූ කඳුළු සතරමහා සාගරයේ ජලයට වැඩිමවේයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළසේක:
“චතූසු සමුද්දෙසු ජලං පරිත්තකං, තතො බහුං අස්සුජලං අනප්පකං; දුක්ඛෙන ඵුට්ඨස්ස නරස්ස සොචනා, කිංකාරණා සම්ම තුවං පමජ්ජසී”ති.
සිව්සයුරේ ඇති ජලය ටිකයි දුකින් පෙළෙන අය හඬා වැටී හෙලූ කඳුළුදිය ඊට වැඩියි මෙකරුණ දකිමින් සිටින ලොවේ පමාවෙමින් ඇයි ඔබ නවතින්නේ
අථ නං පුන පුච්ඡි – “තිස්ස, කහං වසසී”ති? “ඉමස්මිං පබ්භාරෙ, භන්තෙ”ති. “තත්ථ පන වසන්තො කිං චින්තෙසී”ති? “මයා මරන්තෙන ඉමස්මිං ඨානෙ කතස්ස සරීරනික්ඛෙපස්ස පරිච්ඡෙදො ‘නත්ථී’ති චින්තෙසිං, භන්තෙ”ති. “සාධු සාධු, තිස්ස, එවමෙතං. ඉමෙසඤ්හි සත්තානං පථවියං නිපජ්ජිත්වා අමතට්ඨානං නාම නත්ථී”ති වත්වා –
ඉන්පසු ඔහුගෙන් මෙසේ ඇසූහ: තිස්ස ඔබ වසන්නේ කොහිද? ස්වාමීනි, මේ පර්වතප්රාන්තයෙහිය. එහි වසන ඔබ කුමක් සිතුවෙහිද? සසරදී මේ ස්ථානයෙහි මා මැරී කීවරක් නම් ශරීරය දමන්ට ඇද්දැයි සිතීමි. තිස්සය, ඉතා මැනවි, ඉතා මැනවි. එය එසේමයි. මේ සත්ත්වයන් මහපොළොවෙහි නොමැරුනු තැනක් නම් නැත්තේයයි වදාරා-
“උපසාළකනාමානි, සහස්සානි චතුද්දස; අස්මිං පදෙසෙ දඩ්ඪානි, නත්ථි ලොකෙ අනාමතං. “යම්හි සච්චඤ්ච ධම්මො ච, අහිංසා සංයමො දමො; එතං අරියා සෙවන්ති, එතං ලොකෙ අනාමත”න්ති. (ජා·1.2.31-32) –
උපසාළ්හක නමින් සිට තුදුස් දහසක් වාර ගණනින් මෙතැනම දැවී හළුවිය නොදැවුණු තැනක් ලොව නැත යමකු වෙත සත්‍යය අහිංසා සංයම දහමත් දමනයත් එක සේ ඇත්නම් එයයි ලොව නොමැරීම වන්නේ
ඉමං දුකනිපාතෙ උපසාළකජාතකං කථෙසි. ඉති පථවියං සරීරනික්ඛෙපං කත්වා මරන්තෙසු සත්තෙසු අමතපුබ්බපදෙසෙ මරන්තා නාම නත්ථි, ආනන්දත්ථෙරසදිසා පන අමතපුබ්බපදෙසෙ පරිනිබ්බායන්ති.
මේ දුකනිපාතයෙහි උපසාළ්හක ජාතකය වදාළහ. මෙසේ පොළොවෙහි ශරීරය දමා මැරෙන සත්ත්වයන් අතරෙහි නොමැරුණු පෙදෙසක මැරෙන්නෙක් නැත. ආනන්දතෙරුන් වැනි අය නොමැරුනු පෙදෙස්වල පිරිනිවන් පාති.
ආනන්දත්ථෙරො කිර වීසවස්සසතිකකාලෙ ආයුසඞ්ඛාරං ඔලොකෙන්තො පරික්ඛීණභාවං ඤත්වා “ඉතො සත්තමෙ දිවසෙ පරිනිබ්බායිස්සාමී”ති ආරොචෙසි. තං පවත්තිං සුත්වා රොහිණීනදියා උභයතීරවාසිකෙසු මනුස්සෙසු ඔරිමතීරවාසිකා “මයං ථෙරස්ස බහූපකාරා, අම්හාකං සන්තිකෙ පරිනිබ්බායිස්සතී”ති වදිංසු. පරතීරවාසිකාපි “මයං ථෙරස්ස බහූපකාරා, අම්හාකං සන්තිකෙ පරිනිබ්බායිස්සතී”ති වදිංසු. ථෙරො තෙසං වචනං සුත්වා “උභයතීරවාසිනො මය්හං උපකාරා, ඉමෙ නාම අනුපකාරාති න සක්කා වත්තුං, සචාහං ඔරිමතීරෙ පරිනිබ්බායිස්සාමි, පරතීරවාසිනො ධාතුගහණත්ථං තෙහි සද්ධිං කලහං කරිස්සන්ති. සචෙ පරතීරෙ පරිනිබ්බායිස්සාමි, ඔරිමතීරවාසිනොපි තථා කරිස්සන්ති, කලහො උප්පජ්ජමානොපි මං නිස්සායෙව උප්පජ්ජිස්සති, වූපසමමානොපි මං නිස්සායෙව වූපසමිස්සතී”ති චින්තෙත්වා “ඔරිමතීරවාසිනොපි මය්හං උපකාරා, පරතීරවාසිනොපි මය්හං උපකාරා, අනුපකාරාපි නාම නත්ථි, ඔරිමතීරවාසිනො ඔරිමතීරෙයෙව සන්නිපතන්තු, පරතීරවාසිනොපි පරතීරෙයෙවා”ති ආහ.
ආනන්දතෙරණුවෝ වනාහි එක්සිය විසි හැවිරිදි කල්හි ආයුෂ කාලය ගැන බලනවිට එය අවසන්වී ඇතිබව දැන සත්වෙනි දිනයෙහි පිරිනිවන් පාන්නෙමියි දන්වා සිටියහ. එපුවත අසා රෝහිණීනදියෙහි උභය තීරයන්හි විසූ මිනිසුන් අතර මෙහා තීරයෙහි විසූ අය අපි තෙරුන්ට බොහෝ උපකාර කෙළෙමු. අප සමීපයෙහි පිරිනිවන් පාන්නාහුයයි කීවාහුය. එහා තීරවාසී මිනිස්සුද අපිත් තෙරණුවන්ට බොහෝ උපකාර කෙළෙමු. උන්වහන්සේ අප සමීපයෙහි පිරිනිවන් පාන්නාහුයයි කීවාහුය. තෙරණුවෝ ඔවුන්ගේ කථා අසා දෙතෙරවාසීහුම මගේ උපකාරකයෝය. මේ අය අනුපකාරකයයි කීමට නොහැකියි. ඉතින් මම එහා තීරයෙහි පිරිනිවියොත් මෙහා තීරයෙහි මිනිස්සු ධාතු බෙදාගැනීමට ඔවුන් සමග කෝලාහල කරන්නාහුය. ඉතින් පරතීරයෙහි පිරිනිවියොත් මෙහා තීරයෙහි වැසියෝ කලහකරන්නෝය. ඒ කලහය ඇති වන්නේ මා නිසාය. කලහ සංසිඳෙන්නේත් මා නිසාමයයි සිතා මෙහා ඉවුරෙත් එහා ඉවුරෙත් යන දෙපිරිසම මගේ උපස්ථායකයෝය. අනුපකාරකයය කියන්ට නැත. මෙහා ඉවුරේ අය මෙහා ඉවුරේත් එහා ඉවුරේ අය එහා ඉවුරේත් රැස්වෙත්වායි කීහ.
තතො සත්තමෙ දිවසෙ මජ්ඣෙනදියා සත්තතාලප්පමාණෙ ආකාසෙ පල්ලඞ්කෙන නිසීදිත්වා මහාජනස්ස ධම්මං කථෙත්වා “මම සරීරං මජ්ඣෙ භිජ්ජිත්වා එකො භාගො ඔරිමතීරෙ පතතු, එකො භාගො පරතීරෙ”ති අධිට්ඨාය යථානිසින්නොව තෙජොධාතුං සමාපජ්ජි, ජාලා උට්ඨහිංසු. සරීරං මජ්ඣෙ භිජ්ජිත්වා එකො භාගො ඔරිමතීරෙ පති, එකො භාගො පරතීරෙ. තතො මහාජනො පරිදෙවි, පථවිඋන්ද්රියනසද්දො විය ආරොදනසද්දො අහොසි. සත්ථු පරිනිබ්බානෙ ආරොදනසද්දතොපි කාරුඤ්ඤතරො අහොසි.
එයින් සත්වෙනි දිනයෙහි නදියෙහි මැද තල්ගස් සතක් පමණ උඩ අහසේ එරමණිය ගොතා ඉඳගෙන මහජනයාට ධර්මකථා කියා මාගේ සිරුර මැදින් දෙකට පැළී එක් භාගයක් මෙගොඩත් එක් භාගයත් එගොඩත් වැටේවායි අදිටන් කොට ඉඳගෙනම තේජෝ ධාතුසමවතට සමවැදුණාහ. ගිනිදැල් නැගිණි. සිරුර මැදින් පැළී එක් භාගයක් මෙහා ඉවුරේත් අනිත් භාගය එහා ඉවුරේත් වැටුනේය. මහාජනකාය හැඬූහ. පොළොව උදුරාලන්නාක් වැනි මහා ඇඬුම්හඬක් පැතිරිණි. බුදුන් පිරිනිවිදා හැඬූහඬත් වඩා කාරුණ්යකර හඬක්විය.
මනුස්සා චත්තාරො මාසෙ රොදන්තා පරිදෙවන්තා “සත්ථු පත්තචීවරග්ගාහකෙ තිට්ඨන්තෙ සත්ථු ඨිතකාලො විය නො අහොසි, ඉදානි නො සත්ථා පරිනිබ්බුතො”ති විප්පලපන්තා විරවන්තා විචරිංසූති.
මිනිස්සු සිව්මසක් හඬමින් වැළපෙමින්, බුදුන් පිරිනිවියත් බුදුන්ගේ පාසිවුරු ගන්නා අනඳතෙරුන් සිටිනිසා බුදුන් ජීවත්වන්නාක් මෙන්විය. දැන් අපේ බුදුන් පිරිනිවියේයයි හඬා වැළපෙමින් ඇවිද්දාහ.
පුන සත්ථා සාමණෙරං පුච්ඡි – “තිස්ස, ඉමස්මිං වනසණ්ඩෙ දීපිආදීනං සද්දෙන භායසි, න භායසී”ති? “න භායාමි භගවා, අපිච ඛො පන මෙ එතෙසං සද්දං සුත්වා වනරති නාම උප්පජ්ජතී”ති වත්වා සට්ඨිමත්තාහි ගාථාහි වනවණ්ණනං නාම කථෙසි. අථ නං සත්ථා “තිස්සා”ති ආමන්තෙසි. “කිං, භන්තෙ”ති? “මයං ගච්ඡාම, ත්වං ගමිස්සසි, නිවත්තිස්සසී”ති. “මය්හං උපජ්ඣායෙ මං ආදාය ගච්ඡන්තෙ ගමිස්සාමි, නිවත්තෙන්තෙ නිවත්තිස්සාමි, භන්තෙ”ති. සත්ථා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පක්කාමි. සාමණෙරස්ස පන නිවත්තිතුමෙව අජ්ඣාසයො, ථෙරො තං ඤත්වා “තිස්ස, සචෙ නිවත්තිතුකාමො, නිවත්තා”ති ආහ. සො සත්ථාරඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච වන්දිත්වා නිවත්ති. සත්ථා ජෙතවනමෙව අගමාසි.
බුදුරජාණන් වහන්සේ නැවත සාමණේරයන් අමතා, තිස්ස මේ වනපයසේ දිවිකොටි ආදීන්ගෙන් බයක් නැද්දැයි ඇසූහ. ස්වාමීනි බිය නොවෙමි. එනමුත් ඔවුන්ගේ ශබ්ද අසා වනය පිළිබඳ ඇලුම් ඇති වන්නේයයි කියා සැටක් පමණ ගාථාවලින් වනවර්ණනාවක් කෙළේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ තිස්සයයි ඇමතූහ. ස්වාමීනි, ඇයි? තිස්ස අපි යන්නෙමු. ඔබ එන්නෙහිද, මෙහි නවතින්නෙහිද? මගේ උපාධ්‍යායයන්වහන්සේ මාත් රැගෙන යතොත් යන්නෙමි. නවතා ගියොත් නවතින්නෙමි ස්වාමීනියි කීය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ද කැටුව වැඩමවූහ. සාමණේරයන්වහන්සේගේ කැමැත්ත නම් නැවතීමටමය. තෙරණුවෝ, එය දැන තිස්ස ඉදින් නවතිනු කැමති නම් නවතින්නැයි කීය. හෙතෙම බුදුනුත් සංඝයාත් වැඳ නැවතුණේය. ශාස්තෘන්වහන්සේ දෙව්රමටම වැඩියහ.
භික්ඛූනං ධම්මසභායං කථා උදපාදි – “අහො වත වනවාසීතිස්සසාමණෙරො දුක්කරං කරොති, පටිසන්ධිග්ගහණතො පට්ඨායස්ස ඤාතකා සත්තසු මඞ්ගලෙසු පඤ්චන්නං භික්ඛුසතානං අප්පොදකමධුපායසමෙව අදංසු, පබ්බජිතකාලෙ අන්තොවිහාරෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්ත දිවසානි අප්පොදකමධුපායසමෙව අදංසු. පබ්බජිත්වා අට්ඨමෙ දිවසෙ අන්තොගාමං පවිසන්තො ද්වීහෙව දිවසෙහි සාටකසහස්සෙන සද්ධිං පිණ්ඩපාතසහස්සං ලභි, පුනෙකදිවසං කම්බලසහස්සං ලභි. ඉතිස්ස ඉධ වසනකාලෙ මහාලාභසක්කාරො උප්පජ්ජි, ඉදානි එවරූපං ලාභසක්කාරං ඡඩ්ඩෙත්වා අරඤ්ඤං පවිසිත්වා මිස්සකාහාරෙන යාපෙති, දුක්කරකාරකො වත තිස්සසාමණෙරො”ති.
ධර්මසභාවෙහි කථාවක් ඇතිවිය. අනේ ඒකාන්තයෙන්ම තිස්ස සාමණේරනම දුෂ්කරදෙයක් කරයි. පිළිසිඳ ගැනීමේ පටන් නෑයෝ මංගල්‍ය සතක දී පන්සීයක් භික්ෂූන්ට දියනුමුසු මිහිරි පායාසයෙන්ම දන් දුන්හ. පැවිදිවූ පසු ස්වකීය විහාරයෙහි සත්දවසක් දියනුමුසු මිහිරි පායාසයම දුන්හ. පැවිදිවී අටවෙනි දවසෙහි ගමට යන අතර දින දෙකක්ම සළුදහසක් සමග පිණ්ඩපාත දහසක් ලැබීය. නැවත එක් දිනක කම්බිලි දහසක් ලැබීය. මෙසේ ඔහු මෙහි වසන කාලයෙහි මහා ලාභසත්කාර ලැබුවේය. දැන් එබඳු ලාභසත්කාර හැරදමා කැලෑවැදී මිශ්රආහාරයෙන් යැපෙයි. තිස්ස සාමණේරයන් කරන්නේ දුෂ්කර දෙයකි.
සත්ථා ආගන්ත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “ආම, භික්ඛවෙ, ලාභූපනිසා නාමෙසා අඤ්ඤා, නිබ්බානගාමිනී පටිපදා අඤ්ඤා. ‘එවං ලාභං ලභිස්සාමී’ති හි ආරඤ්ඤිකාදිධුතඞ්ගසමාදානවසෙන ලාභූපනිසං රක්ඛන්තස්ස භික්ඛුනො චත්තාරො අපායා විවටද්වාරා එව තිට්ඨන්ති, නිබ්බානගාමිනියා පන පටිපදාය උප්පන්නං ලාභසක්කාරං පහාය අරඤ්ඤං පවිසිත්වා ඝටෙන්තො වායමන්තො අරහත්තං ගණ්හාතී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ශාස්තෘන්වහන්සේ පැමිණ, මහණෙනි, කවර නම් කථාවකින් යුක්තව උන්නාහුදැයි විචාරා, මෙනම් කථාවකිනුයි කීකල්හි මහණෙනි. එසේය, ලාභලැබීම නම්වූ මේ ක්‍රමය එකකි. නිර්වාණගාමිණීප්රතිපදාව තවත් එකකි. මෙසේ ලාභ ලබන්නෙමියි ආරණ්යකාදි ධුතංග සමාදාන වශයෙන් ලාභලැබීමේ වත රකින භික්ෂුවට සතර අපායේ දොරටු විවෘතව පවතී. නිර්වාණගාමිනී ප්‍රතිපදාවෙන් උපන් ලාභසත්කාර හැරදමා ආරණ්‍යයට වැදී උත්සාහයෙන් වෑයම් කරන්නේ රහත්බව ලබාගන්නේයයි පූර්වාපර සන්ධිගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී; එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො; සක්කාරං නාභිනන්දෙය්ය, විවෙකමනුබ්‍රූහයෙ”ති.
ලාභ ලබනු එක කරුණකි නිවන් යෑම තවත් මගකි මෙය නිසි ලෙස දැනගන්නා මේ සසුනේ බුදුසව්වෙකි සත්කාරය නොකැමති වෙයි විවේක සුවයට කැමතියි
තත්ථ අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනීති ලාභූපනිසා නාමෙසා අඤ්ඤා එව, අඤ්ඤා නිබ්බානගාමිනී පටිපදා. ලාභුප්පාදකෙන හි භික්ඛුනා ථොකං අකුසලකම්මං කාතුං වට්ටති, කායවඞ්කාදීනි කාතබ්බානි හොන්ති. යස්මිඤ්හි කාලෙ කායවඞ්කාදීසු කිඤ්චි කරොති, තදා ලාභො උප්පජ්ජති. පායසපාතියඤ්හි වඞ්කං අකත්වා උජුකමෙව හත්ථං ඔතාරෙත්වා උක්ඛිපන්තස්ස හත්ථො මක්ඛිතමත්තකොව හොති, වඞ්කං කත්වා ඔතාරෙත්වා උක්ඛිපන්තස්ස පන පායසපිණ්ඩං උද්ධරන්තොව නික්ඛමති, එවං කායවඞ්කාදීනි කරණකාලෙයෙව ලාභො උප්පජ්ජති. අයං අධම්මිකා ලාභූපනිස්සා නාම. උපධිසම්පදා චීවරධාරණං බාහුසච්චං පරිවාරො අරඤ්ඤවාසොති එවරූපෙහි පන කාරණෙහි උප්පන්නො ලාභො ධම්මිකො නාම හොති. නිබ්බානගාමිනිං පටිපදං පූරෙන්තෙන පන භික්ඛුනා කායවඞ්කාදීනි පහාතබ්බානි. අනන්ධෙනෙව අන්ධෙන විය, අමූගෙනෙව මූගෙන විය, අබධිරෙනෙව බධිරෙන විය භවිතුං වට්ටති. අසඨෙන අමායෙන භවිතුං වට්ටති.
එහි, අඤ්ඤාභි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණගාමිනී යනු ලාභලැබීම නම්වූ මේ කරුණ හෙවත් පැවැත්ම එකකි. නිවන් යෑමේ ප්‍රතිපදාව තවත් එකකි. ලාභලබන භික්ෂුව කුඩා හෝ අකුශල කර්මයක් කළයුතුවේ. කායවාක් ආදියෙන් වංකකම් කළයුතුවේ. යම් කලෙක කායාදිද්වාරයන්ගෙන් කිසියම් වංක ක්‍රියාවක් කරයිද එවිට ලාභ උපදියි. පායාස තලියක, වංක නොකර කෙළින්ම අතදමා උඩට ගන්නාවිට අතේ පායාස ගෑවුණු හැටියෙන්ම පවතියි. වංක කොට අතදමා උඩට ගන්නාවිට පායාසපිණ්ඩය නික්මෙයි. මෙසේ කායවංකාදිය කරනකාලයෙහිම ලාභය උපදියි. අධාර්මික ලාභ ඉපදවීමනම් මෙයි. උපධිසම්පදාව, චීවරධාරණය, බහුශ්‍රැතබව, පිරිවර, ආරණ්‍යවාසය යන මේ කරුණුවලින් උපන් ලාභය ධාර්මික නම්වෙයි. නිවන්මාර්ග ප්‍රතිපදාව පුරන්නා වූ භික්ෂුව විසින් කායවංකාදිය හැරදැමිය යුතුයි. අන්ධනොවී සිටියදීත් අන්ධයෙකු මෙන්ද ගොළුවෙක්නොවී ගොළුවෙක් මෙන්ද, බිහිරෙක් නොවී බිහිරෙකු මෙන්ද ක්‍රියාකිරීමට සිදුවේ. කපටිමායාකාරී නොවීමට සිදුවේ.
එවමෙතන්ති එතං ලාභුප්පාදනං පටිපදඤ්ච නිබ්බානගාමිනිං පටිපදඤ්ච එවං ඤත්වා සබ්බෙසං සඞ්ඛතාසඞ්ඛතධම්මානං බුජ්ඣනට්ඨෙන බුද්ධස්ස සවනන්තෙ ජාතට්ඨෙන ඔවාදානුසාසනිං වා සවනට්ඨෙන සාවකො භික්ඛු අධම්මිකං චතුපච්චයසක්කාරං නාභිනන්දෙය්ය, න චෙව ධම්මිකං පටික්කොසෙය්ය, කායවිවෙකාදිකං විවෙකං අනුබ්රූහයෙ.
එවමෙතං යනු මෙසේ ලාභ උපදවන ප්‍රතිපදාවත්, නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් දැන සියලු සංඛත අසංඛත ධර්මයන් අවබෝධකරන අර්ථයෙන් බුද්ධස්ස බුදුන්ගේ සවන්අග ඉපදුණු අවවාද යන අර්ථයෙන් අනුශාසනා හෝ ඇසීමෙන් සාවකො භික්ඛු ශ්‍රාවක භික්ෂුව සිව්පස සංඛ්‍යාත සක්කාරංනාභිනන්දෙය්ය සත්කාරයන්ගෙන් සතුටු නොවෙයි. ධාර්මික දෙයට දොස්ද නොකියයි. කායවිවේකාදි විවෙකං චානුබ්රෑහයේ විවේකය උතුම්කොට ගනී.
තත්ථ කායවිවෙකොති කායස්ස එකීභාවො. චිත්තවිවෙකොති අට්ඨ සමාපත්තියො. උපධිවිවෙකොති නිබ්බානං. තෙසු කායවිවෙකො ගණසඞ්ගණිකං විනොදෙති, චිත්තවිවෙකො කිලෙසසඞ්ගණිකං විනොදෙති, උපධිවිවෙකො සඞ්ඛාරසඞ්ගණිකං විනොදෙති. කායවිවෙකො චිත්තවිවෙකස්ස පච්චයො හොති, චිත්තවිවෙකො උපධිවිවෙකස්ස පච්චයො හොති. වුත්තම්පිහෙතං –
එහි කායවිවේකය නම් කයේ ඒකීය භාවයයි. චිත්ත විවේකය නම් අෂ්ටසමාපත්තීහුයි. උපධිවිවේක නම් නිර්වාණයයි. ඔවුනතර කායවිවේකය කුලයන් කෙරෙහි ඇළීම දුරුකරයි. චිත්ත විවේකය කෙලෙස්වල ඇළීම දුරුකරයි. උපධිවිවේකය සංස්කාරයන්හි ඇළීම දුරුකරයි. කාය විවේකය චිත්ත විවේකයට ප්‍රත්‍යය වෙයි. චිත්ත විවේකය උපධි විවේකයට ප්‍රත්‍යය වෙයි. මෙසේත් කියා ඇත.
“කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතාන”න්ති (මහානි· 150). –
කාය විවේකය වංචකවූ කායාදීන්ටද නෛෂ්ක්‍රම්‍යයෙහි ඇළුණුවුන්ටද, චිත්ත විවේකයත් පිරිසිදු සත් ඇත්තවුන්ට පරමපවිත්රත්වයට පැමිණියවුන්ටද, උපධිවිවේකය නිරුපධි පුද්ගලයන්ටද සංස්කාර රහිතවූවන්ටද ඉවහල් වේ යන අර්ථයි.
ඉමං තිවිධම්පි විවෙකං බ්රූහෙය්ය වඩ්ඪෙය්ය, උපසම්පජ්ජ විහරෙය්යාති අත්ථො.
මෙසේ මේ ත්‍රිවිධ විවේකය වැඩෙන්නේය, වෘද්ධියට පැමිණෙන්නේය, පැමිණ වසන්නේය යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාකෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
වනවාසීතිස්සසාමණෙරවත්ථු පන්නරසමං.
පසළොස්වන වනවාසික තිස්සතෙරුන්ගේ වස්තුවයි.
බාලවග්ගවණ්ණනා නිට්ඨිතා.
බාලවර්ග වර්ණනාව නිමියේය.
පඤ්චමො වග්ගො.
පස්වන වර්ගයයි.