14-15. සුධම්මත්ථෙරවත්ථු අට්ඨකථා
14-15. සුධම්මත්ථෙරවත්ථු
14-15. සුධම්ම තෙරුන්ගේ වස්තුව
අසන්තං භාවනමිච්ඡෙය්යාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සුධම්මත්ථෙරං ආරබ්භ කථෙසි. දෙසනා මච්ඡිකාසණ්ඩෙ සමුට්ඨාය සාවත්ථියං නිට්ඨිතා.
අසතං භාවනමිච්ඡෙය්‍ය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ සුධම්ම තෙරුන් අරභයා දේශනා කළසේක.
මච්ඡිකාසණ්ඩනගරස්මිඤ්හි චිත්තො නාම ගහපති පඤ්චවග්ගියානං අබ්භන්තරං මහානාමත්ථෙරං නාම පිණ්ඩාය චරමානං දිස්වා තස්ස ඉරියාපථෙ පසීදිත්වා පත්තං ආදාය ගෙහං පවෙසෙත්වා භොජෙත්වා භත්තකිච්චාවසානෙ ධම්මකථං සුණන්තො සොතාපත්තිඵලං පත්වා අචලසද්ධො හුත්වා අම්බාටකවනං නාම අත්තනො උය්යානං සඞ්ඝාරාමං කත්තුකාමො ථෙරස්ස හත්ථෙ උදකං පාතෙත්වා නිය්යාදෙසි. තස්මිං ඛණෙ “පතිට්ඨිතං බුද්ධසාසන”න්ති උදකපරියන්තං කත්වා මහාපථවී කම්පි. මහාසෙට්ඨි උය්යානෙ මහාවිහාරං කාරෙත්වා සබ්බදිසාහි ආගතානං භික්ඛූනං විවටද්වාරො අහොසි. මච්ඡිකාසණ්ඩෙ සුධම්මත්ථෙරො නාම නෙවාසිකො අහොසි.
දේශනාව මච්ඡිකාසණ්ඩයෙහි පටන්ගෙන සැවැත්නුවරදී අවසන්වූවකි. මච්ඡිකාසණ්ඩ නගරයෙහි චිත්ත නම් ගෘහපතියා පස්වගමහණුන් අතරවූ මහානාම තෙරුන් පිඬුසිඟා යනුදැක උන්වහන්සේගේ ඉරියව් පැවැත්වීම පිළිබඳව පැහැදී පාත්‍රය රැගෙන, ගෙට කැඳවා වළඳවා බත්කිස අවසන්හි දැහැමිකථා අසන්නේ සෝවාන්ඵලයට පැමිණ අචල ශ්රද්ධාවතෙක්ව අම්බාටකවන නම්වූ තමන්ගේ උයන සංඝාරාමයක් කරනුකැමතිව තෙරුන් අතපැන් වත්කර පිළිගැන්වීය. එකෙණෙහි බුදුසසුන පිහිටියේයයි ජලය කෙළවරකොට ඇති මහපොළොව කම්පාවී ගියේය. මහසිටුවරයා උයනෙහි මහා විහාරයක්කොට නිමවා සියලු දිසාවලින් පැමිණි භික්ෂූන්ට විවෘතකොට තැබීය. මච්ඡිකාසණ්ඩයෙහි නේවාසික සුධම්ම නම් තෙරකෙනෙක් වූහ.
අපරෙන සමයෙන චිත්තස්ස ගුණකථං සුත්වා ද්වෙ අග්ගසාවකා තස්ස සඞ්ගහං කත්තුකාමා මච්ඡිකාසණ්ඩං අගමංසු. චිත්තො ගහපති තෙසං ආගමනං සුත්වා අඩ්ඪයොජනමග්ගං පච්චුග්ගන්ත්වා තෙ ආදාය අත්තනො විහාරං පවෙසෙත්වා ආගන්තුකවත්තං කත්වා, “භන්තෙ, ථොකං ධම්මකථං සොතුකාමොම්හී”ති ධම්මසෙනාපතිං යාචි.
පසු කලෙක චිත්ත ගෘහපතියාගේ ගුණකථාව අසා අගසවු දෙනම ඔහුට සංග්‍රහ කරනු කැමැත්තෙන් මච්ඡිකාසණ්ඩය බලා වැඩමවූහ. චිත්ත ගෘහපතිතෙම උන්වහන්සේලාගේ ආගමනය ගැන අසා අඩයොදුනක් පෙරගමන්කොට උන්වහන්සේලා පිළිගෙන තමන්ගේ විහාරස්ථානයට වැඩමවා ආගන්තුකවතාවත්කොට, ස්වාමීනි, බණටිකක් අසනු කැමැත්තෙමියි ධර්මසේනාපතීන්වූ සැරියුත් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
අථ නං ථෙරො, “උපාසක, අද්ධානෙන ආගතාම්හා කිලන්තරූපා. අපිච ථොකං සුණාහී”ති තස්ස ධම්මං කථෙසි. සො ථෙරස්ස ධම්මං සුණන්තොව අනාගාමිඵලං පාපුණි. සො ද්වෙ අග්ගසාවකෙ වන්දිත්වා, “භන්තෙ, ස්වෙ භික්ඛුසහස්සෙන සද්ධිං මම ගෙහෙ භික්ඛං ගණ්හථා”ති නිමන්තෙත්වා පච්ඡා නෙවාසිකං සුධම්මත්ථෙරං “තුම්හෙපි, භන්තෙ, ස්වෙ ථෙරෙහි සද්ධිං ආගච්ඡෙය්යාථා”ති නිමන්තෙසි. සො “අයං මං පච්ඡා නිමන්තෙතී”ති කුද්ධො පටික්ඛිපිත්වා පුනප්පුනං යාචියමානොපි පටික්ඛිපි එව. උපාසකො “පඤ්ඤායිස්සථ, භන්තෙ”ති පක්කමිත්වා පුනදිවසෙ අත්තනො නිවෙසනෙ මහාදානං සජ්ජෙසි. සුධම්මත්ථෙරොපි පච්චූසකාලෙයෙව “කීදිසො නු ඛො ගහපතිනා අග්ගසාවකානං සක්කාරො සජ්ජිතො, ස්වෙ ගන්ත්වා පස්සිස්සාමී”ති චින්තෙත්වා පාතොව පත්තචීවරං ආදාය තස්ස ගෙහං අගමාසි.
ඉන්පසු ඔහුට තෙරුන්වහන්සේ, උපාසකතුමනි, ඇත්තෙන්ම අපි ක්ලාන්තගතියෙන් සිටින්නෙමු. එහෙත් බණටිකක් අසන්නැයි ධර්මකථාවක් දෙසූහ. හෙතෙම තෙරුන්ගේ ධර්මකථාව අසනගමන්ම අනාගාමීඵලයෙහි පිහිටියේය. හෙතෙම අගසවු දෙනම වැඳ, ස්වාමීනි, හෙට භික්ෂූන් දහසකුත් සමග මාගේ ගෙදර භික්ෂාව ගනුමැනවයි ආරාධනාකොට, පසුව නේවාසික සුධම්ම තෙරුන්ටද, ස්වාමීනි, ඔබවහන්සේත් තෙරවරුන් සමග වඩිනු මැනවයි ආරාධනා කෙළේය. සුධම්ම තෙරණුවෝ, මෙතෙම මට පසුව ආරාධනා කෙළේයයි කිපී ප්‍රතික්ෂේප කළ විට නැවත නැවතත් ඉල්ලා සිටියේ නමුදු ප්‍රතික්ෂේපම කළහ. උපාසක තෙම එසේ නම් ස්වාමීනි, ඔබවහන්සේම මෙයින් ප්‍රකටවනු ඇතැයි කියා ගොස් දෙවෙනි දවසේ තම නිවසෙහි මහාදානයක් පිළියෙල කෙළේය. සුධම්ම තෙරණුවෝත් මේ ගෘහපතියා අගසව් දෙනමට කෙබඳු අයුරකින් සත්කාර සම්මාන සූදානම්කර ඇද්දැයි හෙට ගොස් බලන්නෙමියි සිතා උදෑසනම පාසිවුරු රැගෙන ඔහුගේ ගෙට ගියෝය.
සො ගහපතිනා “නිසීදථ, භන්තෙ”ති වුච්චමානොපි “නාහං නිසීදාමි, පිණ්ඩාය චරිස්සාමී”ති වත්වා අග්ගසාවකානං පටියාදිතං සක්කාරං ඔලොකෙත්වා ගහපතිං ජාතියා ඝට්ටෙතුකාමො “උළාරො තෙ, ගහපති, සක්කාරො, අපිචෙත්ථ එකඤ්ඤෙව නත්ථී”ති ආහ. “කිං, භන්තෙ”ති? “තිලසංගුළිකා, ගහපතී”ති වත්වා ගහපතිනා කාකොපමාය අපසාදිතො කුජ්ඣිත්වා “එසො තෙ, ගහපති, ආවාසො, පක්කමිස්සාමහ”න්ති වත්වා යාවතතියං වාරියමානොපි පක්කමිත්වා සත්ථු සන්තිකං ගන්ත්වා චිත්තෙන ච අත්තනා ච වුත්තවචනං ආරොචෙසි.
ගෘහපතියා විසින් ස්වාමීනි වැඩහිඳිනු මැනවැයි කියද්දීම මම හිඳ නොගන්නෙමි, පිඬුසිඟා යන්නෙමියි කියා අගසවුවන් වෙනුවෙන් පිළියෙල කළ සත්කාර දෙස බලා ගෘහපතියා ජාතිය කියාපෑමෙන් ගටවනු සඳහා ගෘහපතිය, ඔබේ සත්කාරය නම් මහ උදාරයි. එහෙත් මෙහි එකක් නම් අඩුයයි කීවාහුය. ස්වාමීනි, ඒ කුමක්ද? ගෘහපතිය තලගුළියයි කියා ගෘහපතියා විසින් කාකෝපමාවෙන් කථාව ප්‍රතික්ෂේප කළ පසු කිපී, ගෘහපතිය මෙන්න ඔබේ ආවාසය, මම යන්නෙමියි කියා තෙවෙනිවර දක්වාත් වැළැක්වූ නමුදු නොනැවතී බුදුන් ළඟට ගොස් චිත්ත ගෘහපතියාත් තමනුත් අතර හුවමාරුවූ වචන දන්වා සිටියේය.
සත්ථා “තයා උපාසකො සද්ධො පසන්නො හීනෙන ඛුංසිතො”ති තස්සෙව දොසං ආරොපෙත්වා පටිසාරණීයකම්මං කාරාපෙත්වා “ගච්ඡ, චිත්තගහපතිං ඛමාපෙහී”ති පෙසෙසි. සො තත්ථ ගන්ත්වා, “ගහපති, මය්හමෙව සො දොසො, ඛමාහි මෙ”ති වත්වාපි “නාහං ඛමාමී”ති තෙන පටික්ඛිත්තො මඞ්කුභූතො තං ඛමාපෙතුං නාසක්ඛි. පුනදෙව සත්ථු සන්තිකං පච්චාගමාසි. සත්ථා “නාස්ස උපාසකො ඛමිස්සතී”ති ජානන්තොපි “මානථද්ධො එස, තිංසයොජනං තාව මග්ගං ගන්ත්වා පච්චාගච්ඡතූ”ති ඛමනූපායං අනාචික්ඛිත්වාව උය්යොජෙසි. අථස්ස පුනාගතකාලෙ නිහතමානස්ස අනුදූතං දත්වා “ගච්ඡ, ඉමිනා සද්ධිං ගන්ත්වා උපාසකං ඛමාපෙහී”ති වත්වා “සමණෙන නාම ‘මය්හං විහාරො, මය්හං නිවාසට්ඨානං, මය්හං උපාසකො, මය්හං උපාසිකා’ති මානං වා ඉස්සං වා කාතුං න වට්ටති. එවං කරොන්තස්ස හි ඉච්ඡාමානාදයො කිලෙසා වඩ්ඪන්තී”ති අනුසන්ධිං ඝට්ටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
ශාස්තෘන්වහන්සේ, තොප විසින් සැදැහැයෙන් පැහැදුණු උපාසකවරයා, හීන වචන කීමෙන් කලකිරවන ලද්දේ යයි ඔහු වෙතම දෝෂය පවරා පටිසාරණීය නම් විනයකර්මය කරවා, යව ගොස් චිත්ත ගෘහපති ක්ෂමා කරවා ගන්නැයි යැවීය. සුධම්ම ස්ථවිරතෙම ආපසු ගොස්, ගෘහපති අමතා ගෘහපතිය, දෝෂය මගේමයි මට සමාව දෙන්නැයි කීවේ නමුත් නැහැ මා ක්ෂමාව දෙන්නේ නැතැයි කීවිට හැකිළීගොස් ක්ෂමාකරවාගත නොහැකිවිය. නැවතත් බුදුන් සමීපයට පැමිණියේය. බුදුරජාණන්වහන්සේ, මොහුට සමාව නොදෙන්නේයයි දැනදැනත් මානයෙන් තදවී ගිය මොහු තිස්යොදුන් මග ගෙවා ගොස් නැවත ආපසු පැමිණේවායි ක්ෂමා කරවා ගන්නා උපාය නොකියාම පිටත්කර හැරිසේක. ඉන්පසු ඔහු නැවත ආකල නිහතමානවූ ඔහුට දෙවෙනි දූතයකුදු දී යව, මොහුත් සමග ගොස් උපාසකයා ක්ෂමාකරවා ගන්නැයි කියා, ශ්‍රමණයා විසින් මගේ විහාරය, මා නවතින තැන, මගේ දායකයා, මගේ දායිකාව ආදී වශයෙන් සිතා මානය හෝ ඊර්ෂ්‍යාව ආදියද කෙලෙස්ද වැඩෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසනසේක් මේ ගාථාද වදාළහ:
“අසන්තං භාවනමිච්ඡෙය්‍ය, පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු; ආවාසෙසු ඉස්සරියං, පූජා පරකුලෙසු ච.
මා සිල්වතෙකියි මා සැදැහැතියයි සියලුදෙනා පිළිගතයුතුයයි සියලුදෙනා මා පිරිවර කොටගෙන හැසිරෙත්වයි නිරතුරු පතනා විහාර පන්සල් හැමතැන් හැමදෙන හොඳදේ මට දියයුතුයයි සිතමින් සිටින බාලයා අතුරක් නැතිවම දුකෙන් දොම්නසින් පෙළීසිටියි
“මමෙව කත මඤ්ඤන්තු, ගිහී පබ්බජිතා උභො. මමෙවාතිවසා අස්සු, කිච්චාකිච්චෙසු කිස්මිචි; ඉති බාලස්ස සඞ්කප්පො, ඉච්ඡා මානො ච වඩ්ඪතී”ති.
මා මයි හපනා පැවිදි ගිහින් ළඟ මට ඉහළින් කිසිවකු නොමැතේ මෙබඳු සිතුම් ඇති මෝඩ බාලයා දහමින් තපසින් පිරිහී යයි ඉසි මන් දුර්ගුණ වැඩිවැඩි යෑමෙන් පිරිහීමේ මරුකකට වැටෙයි
තත්ථ අසන්තන්ති යො බාලො භික්ඛු අවිජ්ජමානං සම්භාවනං ඉච්ඡෙය්ය, “අස්සද්ධොව සමානො ‘සද්ධොති මං ජනො ජානාතූ’ති ඉච්ඡතී”ති. පාපිච්ඡතානිද්දෙසෙ (විභ· 851) වුත්තනයෙනෙව බාලො “අසද්ධො දුස්සීලො අප්පස්සුතො අප්පවිවිත්තො කුසීතො අනුපට්ඨිතස්සති අසමාහිතො දුප්පඤ්ඤො අඛීණාසවොව සමානො ‘අහො වත මං ජනො අයං සද්ධො, සීලවා, බහුස්සුතො, පවිවිත්තො, ආරද්ධවීරියො, උපට්ඨිතස්සති, සමාහිතො, පඤ්ඤවා, ඛීණාසවො’ති ජානෙය්යා”ති ඉදං අසන්තසම්භාවනං ඉච්ඡති. පුරෙක්ඛාරන්ති පරිවාරං. “අහො වත මං සකලවිහාරෙ භික්ඛූ පරිවාරෙත්වා පඤ්හං පුච්ඡන්තා විහරෙය්යු”න්ති එවං ඉච්ඡාචාරෙ ඨත්වා පුරෙක්ඛාරඤ්ච භික්ඛූසු ඉච්ඡති. ආවාසෙසූති සඞ්ඝිකෙසු ච ආවාසෙසු යානි විහාරමජ්ඣෙ පණීතසෙනාසනානි, තානි අත්තනො සන්දිට්ඨසම්භත්තාදීනං භික්ඛූනං “තුම්හෙ ඉධ වසථා”ති විචාරෙන්තො සයම්පි වරතරං සෙනාසනං පලිබොධෙන්තො, සෙසානං ආගන්තුකභික්ඛූනං පච්චන්තිමානි ලාමකසෙනාසනානි චෙව අමනුස්සපරිග්ගහිතානි ච “තුම්හෙ ඉධ වසථා”ති විචාරෙන්තො ආවාසෙසු ඉස්සරියං ඉච්ඡති. පූජා පරකුලෙසු චාති නෙව මාතාපිතූනං න ඤාතකානං පරෙසුයෙව කුලෙසු “අහො වතිමෙ මය්හමෙව දදෙය්යුං, න අඤ්ඤෙස”න්ති එවං චතුප්පච්චයෙහි පූජං ඉච්ඡති.
එහි අසතං යනු සම්භාව්‍ය තත්ත්වයක් නැති බාලයායි. ඉච්ඡෙය්ය යනු සැදැහැ නැතිව සිටිමින් මා සැදැහැවතෙකියි ජනයා දැනගනිත්වායි බලාපොරොත්තුවෙයි. පාපී කල්පනා ඇති, නිර්දේශපාළියේ කීඅයුරු සැදැහැනැති දුස්සීල, උනන්දුවක් නැති, විවේක සිතක් නැති, කම්මැලි, එළඹසිටිසිහියෙන් තොර, සමාධිගත ඉන්ද්රියයන් නැති, නුනුවණ, අර්හත් නොවීම රහත්යයි අනිත් අය පිළිගනිත්වායි මෙසේ සම්භාව්‍ය තත්ත්වයක් නැතිව එම තත්ත්වය ප්රාර්ථනාකරන බාලඅඥානයායි. පුරෙක්ඛාරං යනු පිරිවරයි. අපොයි සියලු විහාරයන්හි භික්ෂූහු මා පිරිවරා මගෙන් නොයෙක් ප්‍රශ්න විචාරමින් හැසිරෙන්නාහු නම් යෙහෙකි. මෙබඳු පැතුම් ඇතිව පෙරටුව සිටීමයි. භික්ඛුසු භික්ෂූන් කෙරෙහි මෙබඳු කල්පනා ඇතිව සිටියි. ආවාසෙසු යනු සාංඝික ආවාසයන්හි විහාරස්ථාන මැද තිබෙන හොඳහොඳ සැපපහසු ඇති සෙනසුන් වෙයි නම් ඒවා තමන්ගේ දැක පුරුදු, ආශ්රයෙන් පුරුදු භික්ෂූන්ට තෙපි මෙහි වසව්යයි පරිත්‍යාගකරමින් තමනුත් එබඳු සෙනසුන් පරිභොගකරමින් සෙසු ආගන්තුකාදි භික්ෂූන්ට අන්තිම වශයෙන් ගලින් බැඳි සේනාසනත් අමනුෂ්‍යයන් අරක්ගත් සෙනසුනුත් දෙමින් තෙපි මෙහි වසව්යයි විමසමින් හැසිරෙමින් ආවාස පිළිබඳ ඉසුරුමත් බවයි. පූජා පරකුලෙසුච යනු මවුපියන්ගෙනුත් නොව නෑදැයන්ගෙනුත් නොව පරකුලයන්ගෙන් ලැබෙනදේ මටම දේනම් මැනවි. අනුන්ටදීම නුසුදුසුයයි සිව්පසය පිළිබඳ පූජා කැමතිවීමයි.
මමෙව කත මඤ්ඤන්තූති යස්ස ච බාලස්ස “යංකිඤ්චි විහාරෙ උපොසථාගාරාදිකරණවසෙන කතං නවකම්මං, තං සබ්බං අම්හාකං ථෙරෙන කතන්ති එවං ගිහී ච පබ්බජිතා ච උභොපි මමෙව නිස්සාය කතං පරිකම්මං නිට්ඨිතං මඤ්ඤන්තූ”ති සඞ්කප්පො උප්පජ්ජති. මමෙවාතිවසා අස්සූති “ගිහී ච පබ්බජිතා ච සබ්බෙපි මමෙව වසෙ වත්තන්තු, සකටගොණවාසිඵරසුආදීනි වා ලද්ධබ්බානි හොන්තු, අන්තමසො යාගුමත්තම්පි තාපෙත්වා පිවනාදීනි වා, එවරූපෙසු කිච්චාකිච්චෙසු ඛුද්දකමහන්තෙසු කරණීයෙසු කිස්මිඤ්චි එකකිච්චෙපි මමෙව වසෙ වත්තන්තු, මමෙව ආපුච්ඡිත්වා කරොන්තූ”ති සඞ්කප්පො උප්පජ්ජති. ඉති බාලස්සාති යස්ස බාලස්ස සා ච ඉච්ඡා අයඤ්ච එවරූපො සඞ්කප්පො උප්පජ්ජති, තස්ස නෙව විපස්සනා, න මග්ගඵලානි වඩ්ඪන්ති. කෙවලං පනස්ස චන්දොදයෙ සමුද්දස්ස උදකං විය ඡසු ද්වාරෙසු උප්පජ්ජමානා තණ්හා චෙව නවවිධමානො ච වඩ්ඪතීති.
මාමෙව කතමඤ්ඤන්තු යනු යම්කිසි බාලයෙකුට කිසියම් විහාරයක උපෝසථාගාර කිරීම් ආදි කරනු ලබන නවකර්මාන්ත සියල්ල අපේ තෙරණුවන් විසින් කර අවසන් කරනලදැයි මෙසේ ගිහී ච පබ්බජිතා ච උභො ගිහි පැවිදි දෙපක්ෂයම මා නිසාම කරනලදැයි ද නිමකන ලදැයිද දැනගනිත්වා යන සංකල්පය උපදී. මමවෙ අතිවාසා අස්සු යනු ගිහි පැවිදි සියල්ලෝ මාගේ වසඟයෙහි වසන්නෝ වෙත්වා. ගැල් ගොන් වෑ පොරෝ ආදීවූ ලැබියයුතුදේ වෙයිද යටත් පිරිසෙයින් කැඳ ටිකක් රත්කර පෙවීම වැනිදේ පවා කිච්චාකිච්චෙසු කුදුමහත්කටයුතු පිළිබඳවද මා වසඟයෙහිම පවතීවා, මගෙන් විමසාබලාම කරනු ලැබෙත්වායි සංකල්ප උපදී. ඉති බාලස්ස යනු යම් බාලයෙකුට යම්බඳු බලාපොරොත්තුද මෙවැනි සංකප්පො සංකල්ප උපදීද ඔහුට විපස්සනාදි භාවනාවක් නැත. මඟඵල නොවැඩේ. හුදෙක් ඔහුට සඳ නැගෙනවිට මුහුදේ ජලයමෙන් සදොරින් උපදනා තෘෂ්ණාද, නවවැදෑරුම් මානොව වඩ්ඪතීති මානයද වැඩෙන්නේය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියෙහි පිහිටියාහුය.
සුධම්මත්ථෙරොපි ඉමං ඔවාදං සුත්වා සත්ථාරං වන්දිත්වා උට්ඨායාසනා පදක්ඛිණං කත්වා තෙන අනුදූතෙන භික්ඛුනා සද්ධිං ගන්ත්වා උපාසකස්ස චක්ඛුපථෙ ආපත්තිං පටිකරිත්වා උපාසකං ඛමාපෙසි. සො උපාසකෙන “ඛමාමහං, භන්තෙ, සචෙ මය්හං දොසො අත්ථි, ඛමථ මෙ”ති පටිඛමාපිතො සත්ථාරා දින්නෙ ඔවාදෙ ඨත්වා කතිපාහෙනෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
සුධම්ම තෙරණුවෝත් මේ අවවාද අසා බුදුන් වැඳ අසුනින් නැගිට ප්රදක්ෂිණාකොට ඒ අනුදූත භික්ෂුව සමග ගොස් උපාසකයාගේ ඇස්ඉදිරිපිට ඇවතට පිළියම් යොදා උපාසකයන් ක්ෂමාකරවා ගත්තේය. හෙතෙම උපාසකයා විසින් ස්වාමීනි, මම ක්ෂමා කරමි. ඉදින් මාගේ වැරැද්දක් ඇත්නම් මටත් සමාවුව මැනවැයි තමනුත් ක්ෂමා කරවාගෙන බුදුන් විසින් දෙනු ලැබූ අවවාදයෙහි පිහිටා කීපදිනක්ම සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහුය.
උපාසකොපි චින්තෙසි – “මයා සත්ථාරං අදිස්වාව සොතාපත්තිඵලං පත්තං, අදිස්වා එව අනාගාමිඵලෙ පතිට්ඨිතො, සත්ථාරං මෙ දට්ඨුං වට්ටතී”ති. සො තිලතණ්ඩුලසප්පිඵාණිතවත්ථච්ඡාදනාදීහි පරිපූරානි පඤ්ච සකටසතානි යොජාපෙත්වා “සත්ථාරං දට්ඨුකාමා ආගච්ඡන්තු, පිණ්ඩපාතාදීහි න කිලමිස්සන්තී”ති භික්ඛුසඞ්ඝස්ස ආරොචාපෙත්වා භික්ඛුනීසඞ්ඝස්සාපි උපාසකානම්පි උපාසිකානම්පි ආරොචාපෙසි. තෙන සද්ධිං පඤ්චසතා පඤ්චසතා භික්ඛූ ච භික්ඛුනියො ච උපාසකා ච උපාසිකායො ච නික්ඛමිංසු. සො තෙසඤ්චෙව අත්තනො පරිසාය චාති තිණ්ණං ජනසහස්සානං යථා තිංසයොජනෙ මග්ගෙ යාගුභත්තාදීහි කිඤ්චි වෙකල්ලං න හොති, තථා සංවිදහි. තස්ස පන නික්ඛන්තභාවං ඤත්වා යොජනෙ යොජනෙ දෙවතා ඛන්ධාවාරං බන්ධිත්වා දිබ්බෙහි යාගුඛජ්ජකභත්තපානකාදීහි තං මහාජනං උපට්ඨහිංසු, කස්සචි කෙනචි වෙකල්ලං න හොති. එවං දෙවතාහි උපට්ඨියමානො දෙවසිකං යොජනං ගච්ඡන්තො මාසෙන සාවත්ථිං පාපුණි, පඤ්ච සකටසතානි යථාපූරිතානෙව අහෙසුං. දෙවතාහි චෙව මනුස්සෙහි ච අභිහටං පණ්ණාකාරං විස්සජ්ජෙන්තොව අගමාසි.
උපාසක තෙමේත් මම බුදුන් නොදැකම, සෝවාන්ඵලයටත්, නොදැකම අනාගාමී ඵලයටත් පැමිණියෙමි. දැන් බුදුන් දැකියයුතු යයි සිතීය. හෙතෙම තල සහල් වෙඬරු පැණි වස්ත්‍ර ඇතිරලි ආදිය පිරවූ ගැල්පන්සීයක් යොදවා බුදුන් දකිනුකැමැත්තෝ එත්වා, පිණ්ඩපාතාදියෙන් පීඩාවක් නොවන්නේයයි භික්ෂුසංඝයාටද භික්ෂුණීන්ටද, උපාසක උපාසිකාවන්ටද දන්වා යැවීය. ඔහු සමග පන්සීය පන්සීය බැගින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ නික්මුණාහුය. හෙතෙම ඔවුන්ටත් තමන්ගේ පිරිසටත් යන තුන්දහසක් පමණවූ ජනයාට තිස්යොදුනක් පමණ මගදී කිසි පීඩාවක් නොවන අයුරින් අවශ්‍ය කටයුතු සංවිධානය කෙළේය. ඔහු නික්මුණුබව අසා යොදුනක් පාසා දෙවිවරු කඳවුරු බැඳ දිව්‍යමය වූ කැඳබත් කැවිලි බීම ආදියෙන් මහාජනයාට උපස්ථාන කළහ. කිසිවෙකුටත් කිනම් හෝ පීඩාවක් නොවීය. මෙසේ දෙවියන්ගෙන් උපස්ථාන ලබමින් දිනකට යොදුන බැගින් යන්නේ මසකින් සැවතට පැමිණියාහුය. පන්සීයක් ගැල් බඩුපිරූ සැටියේම තිබුණේය. දෙවියන් හා මිනිසුන් විසින් ගෙනා පුදපඬුරුවලින්ම ගමන සිදුවිය.
සත්ථා ආනන්දත්ථෙරං ආහ – “ආනන්ද, අජ්ජ වඩ්ඪමානකච්ඡායාය චිත්තො ගහපති පඤ්චහි උපාසකසතෙහි පරිවුතො ආගන්ත්වා මං වන්දිස්සතී”ති. “කිං පන, භන්තෙ, තස්ස තුම්හාකං වන්දනකාලෙ කිඤ්චි පාටිහාරියං භවිස්සතී”ති? “භවිස්සති, ආනන්දා”ති. “කිං, භන්තෙ”ති? තස්ස ආගන්ත්වා “මං වන්දනකාලෙ රාජමානෙන අට්ඨකරීසමත්තෙ පදෙසෙ ජණ්ණුකමත්තෙන ඔධිනා පඤ්චවණ්ණානං දිබ්බපුප්ඵානං ඝනවස්සං වස්සිස්සතී”ති. තං කථං සුත්වා නගරවාසිනො “එවං මහාපුඤ්ඤො කිර චිත්තො නාම ගහපති ආගන්ත්වා අජ්ජ සත්ථාරං වන්දිස්සති, එවරූපං කිර පාටිහාරියං භවිස්සති, මයම්පි තං මහාපුඤ්ඤං දට්ඨුං ලභිස්සාමා”ති පණ්ණාකාරං ආදාය මග්ගස්ස උභොසු පස්සෙසු අට්ඨංසු. විහාරසමීපෙ ආගතකාලෙ පඤ්ච භික්ඛුසතානි පඨමං ආගමිංසු. චිත්තො ගහපති, “අම්මා, තුම්හෙ පච්ඡතො ආගච්ඡථා”ති මහාඋපාසිකායො ඨපෙත්වා පඤ්චහි උපාසකසතෙහි පරිවුතො සත්ථු සන්තිකං අගමාසි.
බුදුරජාණන්වහන්සේ අනඳතෙරුන් අමතා, ආනන්ද අද සවස් වේලාවෙහි චිත්ත ගෘහපතියා පන්සීයක් උපාසකවරුන්ද පිරිවරා අවුත් මා වඳින්නේයයි වදාළහ. ස්වාමීනි, කිම: ඔහු ඔබවහන්සේට වඳිනකාලයෙහි කිසියම් ප්රාතිහාර්යයක් වන්නේද? ආනන්ද එසේ වන්නේය. ස්වාමීනි ඒ කුමක්ද? ඔහු අවුත් මා වඳිනකාලයෙහි එක්යාළ දොළොසාමුණක් පමණ බිම්ප්රදේශයෙහි දණක්පමණ ගණකම ඇති පස්වණක්මලින් පිරීයන සේ ඝනවර්ෂාවක් වසින්නේය. මේ කථාව අසා නුවර වැසියෝ මෙබඳු මහ පිනැති චිත්ත ගෘහපති අවුත් අද බුදුන් වඳියි. මෙබඳු ප්රාතිහාර්යයක් වන්නේය. අපිත් ඒ මහ පින්වතා දැකගැනීමට වාසනාව ලබන්නෙමුයයි පුදපඬුරු රැගෙන පාරදෙපස සිටියාහුය. විහාරය සමීපයට ආ කල පන්සීයක් භික්ෂූහු ප්‍රථමයෙන් වැඩියාහුය. චිත්ත ගෘහපතියා, මෑණිවරුනි, නුඹලා පසුව එන්නැයි පන්සීයක් උපාසකවරු පිරිවරා බුදුන් ළඟට ගියේය.
බුද්ධානං සම්මුඛට්ඨානෙ පන ඨිතා වා නිසින්නා වා ඉතො වා එත්තො වා න හොන්ති, බුද්ධවීථියා ද්වීසු පස්සෙසු නිච්චලාව තිට්ඨන්ති. චිත්තො ගහපති මහන්තං බුද්ධවීථිං ඔක්කමි. තීණි ඵලානි පත්තෙන අරියසාවකෙන ඔලොකිතොලොකිතට්ඨානං කම්පි. “එසො කිර චිත්තො ගහපතී”ති මහාජනො ඔලොකෙසි. සො සත්ථාරං උපසඞ්කමිත්වා ඡබ්බණ්ණානං බුද්ධරස්මීනං අන්තො පවිසිත්වා ද්වීසු ගොප්ඵකෙසු සත්ථු පාදෙ ගහෙත්වා වන්දි. තං ඛණඤ්ඤෙව වුත්තප්පකාරං පුප්ඵවස්සං වස්සි, සාධුකාරසහස්සානි පවත්තයිංසු. සො එකමාසං සත්ථු සන්තිකෙ වසි, වසමානො ච සකලං බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං විහාරෙයෙව නිසීදාපෙත්වා මහාදානං අදාසි, අත්තනා සද්ධිං ආගතෙපි අන්තොවිහාරෙයෙව කත්වා පටිජග්ගි. එකදිවසම්පි අත්තනො සකටෙසු කිඤ්චි ගහෙතබ්බං නාහොසි, දෙවමනුස්සෙහි ආභතපණ්ණාකාරෙනෙව දානං අදාසි, සබ්බකිච්චානි අකාසි.
බුදුන් හමුවෙහි සිටින විට සිටගෙන හෝ ඉඳගෙන සිටියත් ඉදිරියෙන්ම හෝ පිටුපසින්ම නොසිටිති. ඉදිරියෙහි ඇති බුද්ධවීථියෙහි නොසිට දෙපසටවී නිසසලව සිටිත්, චිත්ත ගෘහපති නොපෑගූ බුද්ධවීථියට පැමිණියේය. ත්රිවිධඵලයට පැමිණි ආර්යශ්රාවකයා බැලුබැලූ හැමතැනම කම්පිත විය. චිත්ත ගෘහපති නම් මෙතෙමේයයි මහජනයා එදෙස බලාසිටියහ. හෙතෙම බුදුන්වෙත එළඹ සවණක් බුදුරැස් මැදට පැමිණ බුදුන්ගේ පාදයෙහි ගොප්ඇට මස අල්වා වැන්දේය. එකෙණෙහිම යටකී පරිදි මල්වැසි වැස්සේය. දහස් ගණන් සාදුකාර පැවැත්විණි. හෙතෙම එක් මසක් බුදුන් සමීපයෙහි වාසය කෙළේය. එසේ වාසයකරමින් බුදුන් ප්රමුඛ සියලු භික්ෂුසංඝයා විෂයෙහි විහාරයෙහිදීම මහා දානසත්කාර පැවැත්විය. තමන් සමග ආ පිරිසද විහාරයෙහිම නවත්වාගෙන පෝෂණය කෙළේය. එහෙත් එක් දවසක හෝ තමන්ගේ ගැල්වලින් ගෙනා උපකරණ ගැනීමක් නොවීය. දෙව්මිනිසුන් ගෙනා පුද පඬුරුවලින් හැම අවශ්‍යතාවක්ම ඉටුවිය.
සො සත්ථාරං වන්දිත්වා ආහ – “භන්තෙ, අහං ‘තුම්හාකං දානං දස්සාමී’ති ආගච්ඡන්තො මාසං අන්තරාමග්ගෙ අහොසිං. ඉධෙව මෙ මාසො වීතිවත්තො, මයා ආභතං පණ්ණාකාරං කිඤ්චි ගහෙතුං න ලභාමි, එත්තකං කාලං දෙවමනුස්සෙහි ආභතපණ්ණාකාරෙනෙව දානං අදාසිං, සොහං සචෙපි ඉධ සංවච්ඡරං වසිස්සාමි, නෙව මම දෙය්යධම්මං දාතුං ලභිස්සාමි. අහං සකටානි ඔතාරෙත්වා ගන්තුං ඉච්ඡාමි, පටිසාමනට්ඨානං මෙ ආරොචාපෙථා”ති.
චිත්ත ගෘහපතිතෙම බුදුන් වැඳ ස්වාමීනි, මම ඔබවහන්සේට දන් දෙන්නෙමියි සිතා එනවිට මාසයක්ම අතරමග ගතවිය. මෙහිදීත් මාසයක්ම ගෙවීගියේය. එහෙත් මා ගෙනා ද්‍රව්‍යවලින් කිසිවක් ගැනීමට අවශ්‍ය නොවීය. මෙතෙක් කල් දෙව්මිනිසුන් විසින් ගෙනෙනලද පුදපඬුරුවලින්ම දන් දුනිමි. ඒ මම මෙහි අවුරුද්දක් සිටියත් මගේ දානෝපකරණවලින්ම දනක් දීමට අවස්ථාව නොලබන්නෙමි. ගැල්වල බඩු හිස්කර යනු කැමැත්තෙමි. ඒ සඳහා සුදුසු තැනක් වදාළ මැනවැයි ඉල්ලා සිටියේය.
සත්ථා ආනන්දත්ථෙරං ආහ – “ආනන්ද, උපාසකස්ස එකං පදෙසං තුච්ඡං කාරෙත්වා දෙහී”ති. ථෙරො තථා අකාසි. කප්පියභූමි (මහාව· 295) කිර චිත්තස්ස ගහපතිනො අනුඤ්ඤාතා. උපාසකොපි අත්තනා සද්ධිං ආගතෙහි තීහි ජනසහස්සෙහි සද්ධිං තුච්ඡසකටෙහි පුන මග්ගං පටිපජ්ජි.
බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන් අමතා, ආනන්ද, මේ උපාසකවරයාට එක් තැනක් හිස්කර දෙන්නැයි වදාළහ. තෙරණුවෝ එසේ කළහ. කැප බිමක්ම චිත්ත ගෘශපති වෙනුවෙන් අනුදත්හ. උපාසක තෙමේත් තමන් සමග ආ තුන්දහසක් පමණ ජනයාද සමග හිස්ගැල්ද රැගෙන මගට පිළිපන්හ.
දෙවමනුස්සා උට්ඨාය, “අය්ය, තයා තුච්ඡසකටෙහි ගමනකම්මං කත”න්ති සත්තහි රතනෙහි සකටානි පූරයිංසු. සො අත්තනො ආභතපණ්ණාකාරෙනෙව මහාජනං පටිජග්ගන්තො අගමාසි. ආනන්දත්ථෙරො සත්ථාරං වන්දිත්වා ආහ – “භන්තෙ, තුම්හාකං සන්තිකං ආගච්ඡන්තොපි මාසෙන ආගතො, ඉධාපි මාසමෙව වුට්ඨො, එත්තකං කාලං දෙවමනුස්සෙහි අභිහටපණ්ණාකාරෙනෙව මහාවදානං අදාසි, ඉදානි පඤ්ච සකටසතානි තුච්ඡානි කත්වා මාසෙනෙව කිර ගමිස්සති, දෙවමනුස්සා පනස්ස උට්ඨාය, ‘අය්ය, තයා තුච්ඡසකටෙහි ගමනකම්මං කත’න්ති පඤ්ච සකටසතානි සත්තරතනෙහි පූරයිංසු. සො පුන අත්තනො ආභතපණ්ණාකාරෙනෙව කිර මහාජනං පටිජග්ගන්තො ගමිස්සතී”ති.
දෙව්මිනිස්සු, ආර්යයෙනි, ඔබ හිස්ගැල් සමග ගමන් කරන්නෙහියයි සත්රුවනින් ගැල් පුරාලූහ. හෙතෙම තමන්වෙත ගෙනආ ද්රව්යවලින්ම මහාජනයා පෝෂණය කරමින් ගියේය. ආනන්ද තෙරණුවෝ බුදුන් වැඳ, ස්වාමීනි, ඔබවහන්සේ ළඟට එන විටත් මසක් ගතවිය. මෙහිත් මාසයක්ම විසීය. මෙතෙක් කල් තමන්ට ලැබුණු උපකරණවලින්ම මහදන් දුන්නේය. දැන් ගැල් පන්සීය හිස්කරගෙන මසකින් ආපසුයයි. දෙව්මිනිස්සු නැගී සිට ආර්යය, ඔබ හිස්වූ ගැල්පන්සීයත් රැගෙන ආපසු යන්නෙහියයි සත්රුවනින් ඒ ගැල් පුරවාලූහ. නැවත හෙතෙම තමන්ට ගෙනත්දුන් පුදපඬුරුවලින්ම මහාජනයා පෝෂණය කරමින් යන්නේය.
“කිං පන, භන්තෙ, එතස්ස තුම්හාකං සන්තිකං ආගච්ඡන්තස්සෙවායං සක්කාරො උප්පජ්ජති, උදාහු අඤ්ඤත්ථ ගච්ඡන්තස්සාපි උප්පජ්ජතී”ති? “ආනන්ද, මම සන්තිකං ආගච්ඡන්තස්සාපි අඤ්ඤත්ථ ගච්ඡන්තස්සාපි එතස්ස උප්පජ්ජතෙව. අයඤ්හි උපාසකො සද්ධො පසන්නො සම්පන්නසීලො, එවරූපො පුග්ගලො යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙවස්ස ලාභසක්කාරො නිබ්බත්තතී”ති වත්වා සත්ථා ඉමං පකිණ්ණකවග්ගෙ ගාථමාහ –
ස්වාමීනි, කිම? මොහු නුඹවහන්සේ වෙත පැමිණීම නිසාම මේ සත්කාර සම්මාන ඉපදුණේද? නැතහොත් වෙනත් තැනකට යතත් මේ සත්කාර උපදින්නේද? ආනන්ද, මා ළඟට එද්දීත්, වෙනත් තැනකට යද්දීත් ඔහුට සත්කාර උපදින්නේමය. මේ උපාසකතෙම සැදැහැවත්ය, සිල්වත්ය, පැහැදීම් ඇත්තෙක. ඔහු යම්පෙදෙසක් භජනය කරන්නේනම් ඒ ඒ හැමතැන ඔහුට ලාභසත්කාර උපදින්නේයයි වදාරා ශාස්තෘන්වහන්සේ ප්රකීර්ණක වර්ගයෙහි එන මේ ගාථාවද ප්‍රකාශ කළහ.
“සද්ධො සීලෙන සම්පන්නො, යසො භොගසමප්පිතො; යං යං පදෙසං භජති, තත්ථ තත්ථෙව පූජිතො”ති. (ධ· ප· 303);
සැදෑ සිල් ගුණ ඇති යසස් සම්පත්වලින් හොබනා උතුමන් සිටින හැමතැන පිදුමට යුතු බඳුන් වේ
අත්ථො පනස්සා තත්ථෙව ආවිභවිස්සති. එවං වුත්තෙ ආනන්දත්ථෙරො චිත්තස්ස පුබ්බකම්මං පුච්ඡි. අථස්ස සත්ථා ආචික්ඛන්තො ආහ –
මෙහි අර්ථය එයින්ම පැහැදිලිවේ. මෙසේ වදාළකල්හි ආනන්ද තෙරණුවෝ චිත්ත ගෘහපතියා පෙර කළකම් විචාළෝය. ඉන්පසු එය ප්‍රකටකරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළහ.
ආනන්ද, අයං පදුමුත්තරස්ස භගවතො පාදමූලෙ කතාභිනීහාරො කප්පසතසහස්සං දෙවමනුස්සෙසු සංසරිත්වා කස්සපබුද්ධකාලෙ මිගලුද්දකකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය එකදිවසං දෙවෙ වස්සන්තෙ මිගානං මාරණත්තාය සත්තිං ආදාය අරඤ්ඤං ගන්ත්වා මිගෙ ඔලොකෙන්තො එකස්මිං අකටපබ්භාරෙ සසීසං පාරුපිත්වා එකං භික්ඛුං නිසින්නං දිස්වා “එකො, අය්යො, සමණධම්මං කරොන්තො නිසින්නො භවිස්සති, භත්තමස්ස ආහරිස්සාමී”ති වෙගෙන ගෙහං ගන්ත්වා එකස්මිං උද්ධනෙ හිය්යො, ආභතමංසං, එකස්මිං භත්තං පචාපෙත්වා අඤ්ඤෙ පිණ්ඩපාතචාරිකෙ භික්ඛූ දිස්වා තෙසම්පි පත්තෙ ආදාය පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා භික්ඛං සම්පාදෙත්වා, “අය්යෙ, පරිවිසථා”ති අඤ්ඤං ආණාපෙත්වා තං භත්තං පුටකෙ පක්ඛිපිත්වා ආදාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ නානාපුප්ඵානි ඔචිනිත්‍වා පත්තපුටෙ කත්වා ථෙරස්ස නිසින්නට්ඨානං ගන්ත්වා “මය්හං, භන්තෙ, සඞ්ගහං කරොථා”ති වත්වා පත්තං ආදාය පූරෙත්වා ථෙරස්ස හත්ථෙ ඨපෙත්වා තෙහි පුප්ඵෙහි පූජං කත්වා “යථා මෙ අයං රසපිණ්ඩපාතො පුප්ඵපූජාය සද්ධිං චිත්තං තොසෙසි, එවං නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ පණ්ණාකාරසහස්සානි ආදාය ආගන්ත්වා මය්හං චිත්තං තොසෙන්තු, පඤ්චවණ්ණකුසුමවස්සඤ්ච වස්සතූ”ති පත්ථනං පට්ඨපෙසි. සො යාවජීවං කුසලං කත්වා දෙවලොකෙ නිබ්බත්ති, නිබ්බත්තට්ඨානෙ ජණ්ණුකමත්තෙන ඔධිනා දිබ්බපුප්ඵවස්සං වස්සි. ඉදානිපිස්ස ජාතදිවසෙ චෙව ඉධ ච ආගතස්ස පුප්ඵවස්සවස්සනඤ්ච පණ්ණාකාරාභිහාරො ච සත්තහි රතනෙහි සකටපූරණඤ්ච තස්සෙව කම්මස්ස නිස්සන්දොති.
ආනන්ද, මේ උපාසක තෙම පියුමතුරා බුදුන්ගේ පාමුලදී කරනලද ප්‍රාර්ථනා ඇතිව කප්ලක්ෂයක් දෙව්මිනිස්සැප ලබා කාශ්‍යප බුදුන්කාලයෙහි මුවවැදි පවුලක ඉපදී වැඩිවියටපත්ව දිනක් වැසි පවත්නා අවස්ථාවේ මුවන් මරනු සඳහා සැතකුත් රැගෙන කැලෑවට ගොස් මුවන් සොයායන අතර එක්තරා ස්වාභාවික පර්වත පාමුලක හිස පටන් පෙරවාගෙන හිඳගෙන සිටින එක් භික්ෂුවක් දැක මේ එක් ආර්යනමක් මහණදම් පුරන්නේයයි සිතා මුන්වහන්සේට බත් ගෙනෙන්නෙමියි වේගයෙන් ගෙදර ගොස් එක් උදුනක ඊයේ ගෙනා මස්ද එක් උදුනක බත්ද උයවා තවත් පිඬුසිඟන භික්ෂූන් දැක උන්වහන්සේලාගේත් පාත්‍ර රැගෙන පැනවූ අසුන්වල වඩාහිඳුවා භික්ෂාව පිළියෙල කොට ආර්‍ය්‍යයන්වහන්සේලා වළඳවයි. තවත් කෙනෙකුට අණකොට බත් පොදියක් බැඳගෙන යන අතර අතරමගදී නොයෙක්මල් එකතුකොට ගොටුවක තබාගෙන (පොදියක් ලෙස) පළමු තෙරුන් සිටිතැනට ගොස් ස්වාමීනි, මට අනුකම්පා කරනුමැනවයි කියා පාත්‍රය ගෙන පුරවා තෙරුන් අත තබා ඒ මලින් පුදා යම්සේ, මේ රස අහරක් සමග මල් පූජාවෙන් මගේ සිත පිනාගියේද එසේ උපනුපන් තැන්වලදී පුදපඬුරු දහස්ගණනින් රැගෙන අවුත් මාගේ සිත පිනවා පස්වණක් මල්වැසි වසීවායි ප්‍රාර්ථනා තැබීය. හෙතෙම දිවිඇතිතාක් කුසල්කොට දෙව්ලොව උපන්නේය. උපනුපන් හැමතැන දිව්‍යමය මල්වැසි වැස්සේය. දැනුත් මොහු උපන් දිනයේද, දැන් මෙහි ආපසුද මල්වැසිද පුදපඬුරුද ගැල්පුරා සත්රුවන්ද එම පුණ්යකර්මයාගේ බලයෙන් උපන්නේය.
සුධම්මත්ථෙරවත්ථු චුද්දසමං.
දහහතරවන සුධම්ම තෙරුන්ගේ වස්තුවයි.