13. සට්ඨිකූටපෙතවත්ථු අට්ඨකථා
13. සට්ඨිකූටපෙතවත්ථු
13. සට්ඨිකුට ප්‍රේතවස්තුව
යාවදෙව අනත්ථායාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සට්ඨිකූටපෙතං ආරබ්භ කථෙසි.
යාවදෙව අනත්ථාය ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩවාසයකරන කාලයෙහි සට්ඨිකූට නම් ප්‍රේතයා අරභයා දේශනා කළසේක.
පුරිමනයෙනෙව හි මහාමොග්ගල්ලානත්ථෙරො ලක්ඛණත්ථෙරෙන සද්ධිං ගිජ්ඣකූටා ඔරොහන්තො අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. ථෙරෙන සිතකාරණං පුට්ඨො “භගවතො සන්තිකෙ මං පුච්ඡෙය්යාසී”ති වත්වා පිණ්ඩාය චරිත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා නිසින්නකාලෙ පුන පුට්ඨො ආහ –
පෙරකී පරිද්දෙන්ම මහමුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරණුවන් සමග ගිජුකුළු පව්වෙන් බසින විට එක්තරා ප්‍රදේශයකදී සිනා පහළකළහ. සිනාසීමට කරුණු විචාළකල බුදුන් ළඟදී ඒ ප්රශ්නය මගෙන් අසන්නැයි කියා පිඬු සිඟා බුදුන් ළඟට පැමිණ වැඳ සිටිකල්හි නැවත ප්රශ්නය නැගූවිට මෙසේ කීහ.
“අහං, ආවුසො, එකං පෙතං අද්දසං තිගාවුතප්පමාණෙන අත්තභාවෙන, තස්ස සට්ඨි අයකූටසහස්සානි ආදිත්තානි සම්පජ්ජලිතානි උපරිමත්ථකෙ පතිත්වා පතිත්වා උට්ඨහන්ති සීසං භින්දන්ති, භින්නං භින්නං පුන සමුට්ඨහති, ඉමිනා අත්තභාවෙන මයා එවරූපො අත්තභාවො න දිට්ඨපුබ්බො, අහං තං දිස්වා සිතං පාත්වාකාසි”න්ති. පෙතවත්ථුස්මිඤ්හි –
ඇවැත්නි මම එක් ප්‍රේතයෙක් දුටිමි. ඔහුගේ සිරුර තුන්ගවු පමණය. ඔහුගේ හිසට සැටක් පමණ ගිනිගෙන ඇවිළෙන යකුළු දහසක් වැටිවැටී උඩට විසිවෙයි. ඒ හැම වරකම හිස බිඳෙයි. බිඳෙන බිඳෙන තැන යළි පෑහෙයි. මේ ආත්මයේදී මම මෙබඳු ආත්ම භාවයක් දැක නැත. මම එය දැක සිනාසුණෙමියි කීහ. ප්රේතවස්තුවෙහිද :
“සට්ඨි කූටසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; සීසෙ තුය්හං නිපතන්ති, වොභින්දන්තෙව මත්ථක”න්ති. (පෙ· ව· 808, 810, 813) ආදි –
ගිනිදැල් විහිදුවන දහසක් පමණ කුළුගෙඩි තාගේ හිස බිඳිමින් නිරතුරුවම වැටෙනු ඇත එයින් බිඳෙනා හිස යළි යළිත් පෑසී යයි
ඉමමෙව පෙතං සන්ධාය වුත්තං. සත්ථා ථෙරස්ස කථං සුත්වාව, “භික්ඛවෙ, මයාපෙස සත්තො බොධිමණ්ඩෙ නිසින්නෙනෙව දිට්ඨො ‘යෙ ච පන මෙ වචනං න සද්දහෙය්යුං, තෙසං අහිතාය භවෙය්යා’ති පරෙසං අනුකම්පාය න කථෙසිං, ඉදානි පන මොග්ගල්ලානස්ස සක්ඛී හුත්වා කථෙමී”ති ආහ. තං සුත්වා භික්ඛූ තස්ස පුබ්බකම්මං පුච්ඡිංසු. සත්ථාපි නෙසං කථෙසි –
ආදිය මේ ප්‍රේතයා උදෙසාම කියන ලදි. ශාස්තෘන්වහන්සේ තෙරණුවන්ගේ කථාව අසමින්ම මහණෙනි, බෝධිමණ්ඩපයෙහි සිටි මමද මේ සත්ත්වයා දිටිමි. මා එය කීවිට කවුරු හෝ එය නොපිළිගතහොත් එය ඔවුන්ට අහිත පිණිස වියහැකියයි අනුන්ට අනුකම්පාව නිසා නොකීවෙමි. දැන් මුගලන් තෙරුන්ට සාක්ෂිවෙමින් එය කියමියි වදාළහ. ඒ අසා භික්ෂූහු ඔහුගේ පූර්වකර්මය ගැන ඇසූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ඒ කථාව වදාළහ.
අතීතෙ කිර බාරාණසියං සාළිත්තකසිප්පෙ නිප්ඵත්තිං පත්තො එකො පීඨසප්පි අහොසි. සො නගරද්වාරෙ එකස්ස වටරුක්ඛස්ස හෙට්ඨා නිසින්නො සක්ඛරානි ඛිපිත්වා තස්ස පණ්ණානි ඡින්දන්තො “හත්ථිරූපකං නො දස්සෙහි, අස්සරූපකං නො දස්සෙහී”ති ගාමදාරකෙහි වුච්චමානො ඉච්ඡිතිච්ඡිතානි රූපානි දස්සෙත්වා තෙසං සන්තිකා ඛාදනීයාදීනි ලභති. අථෙකදිවසං රාජා උය්යානං ගච්ඡන්තො තං පදෙසං පාපුණි. දාරකා පීඨසප්පිං පාරොහන්තරෙ කත්වා පලායිංසු. රඤ්ඤො ඨිතමජ්ඣන්හිකෙ රුක්ඛමූලං පවිට්ඨස්ස ඡිද්දාවඡිද්දච්ඡායා සරීරං ඵරි. සො “කිං නු ඛො එත”න්ති උද්ධං ඔලොකෙන්තො රුක්ඛපණ්ණෙසු හත්ථිරූපකාදීනි දිස්වා “කස්සෙතං කම්ම”න්ති පුච්ඡිත්වා “පීඨසප්පිනො”ති සුත්වා තං පක්කොසාපෙත්වා ආහ – “මය්හං පුරොහිතො අතිමුඛරො අප්පමත්තකෙපි වුත්තෙ බහුං භණන්තො මං උපද්දවෙති, සක්ඛිස්සසි තස්ස මුඛෙ නාළිමත්තා අජලණ්ඩිකා ඛිපිතු”න්ති? “සක්ඛිස්සාමි, දෙව. අජලණ්ඩිකා ආහරාපෙත්වා පුරොහිතෙන සද්ධිං තුම්හෙ අන්තොසාණියං නිසීදථ, අහමෙත්ථ කත්තබ්බං ජානිස්සාමී”ති.
අතීතයෙහි බරණැස අතකුරු ගැසීමෙහි නිපුණත්වයට පැමිණි එක් කොර මිනිහෙක් (පිළෙක්) සිටියේය. හෙතෙම නුවර දොරටුවේ එක් නුගයක් යට හිඳගෙන ගල්කැට විද ඒ ගසේ කොළ සිදුරු කරමින්, ගම්දරුවන් අපට ඇත්රූපයක් අපට අශ්වරූපයක් දක්වන්නැයි කීකල ඔවුන් කැමතිකැමති රූප අතකුරු ගලින් විද කපා පෙන්වා ඔවුන්ගෙන් කෑමබීම ලබයි. පසුව දිනක රජු උයනට යන අතර ඒ ස්ථානයට පැමිණියේය. ගම්දරුවෝ පිළා ගසේ මුල් ඇටුවන් අතරට දමා පලාගියහ. මධ්‍යාහ්න වේලාවේ එහි පැමිණි රජුට සිදුරුවූ කොළවල ඡායා තම ශරීරයෙහි වැටී ඇතිහැටි පෙනුණේය. රජු මේ කිමෙක්දැයි විමසා පිළාගේයයි අසා ඔහු කැඳවා, මගේ පුරෝහිතයා ඉතා මුඛරිය, වාචාළය. ටිකක් කීකල ඔහු බොහෝ කථාකරමින් මට හිරිහැර කරයි. ඔහු කථාකරනවිට නැළියක් පමණ එළුබෙටි ඔහුගේ කටට විදීමට පුළුවන්දැයි ඇසීය. එසේය දේවයන්වහන්ස, එළුබෙටි ගෙන්වා තබා පුරෝහිතත් සමග ඔබවහන්සේ තිරයකින් එහා සිටිනු මැනවි. කළයුතු ඉතිරිහරිය මම දනිමියි කීවේය.
අථ රාජා තථා කාරෙසි. ඉතරො කත්තරියග්ගෙන සාණියා ඡිද්දං කත්වා පුරොහිතස්ස රඤ්ඤා සද්ධිං කථෙන්තස්ස මුඛෙ විවටමත්තෙ එකෙකං අජලණ්ඩිකං ඛිපි. පුරොහිතො මුඛං පවිට්ඨං පවිට්ඨං ගිලි. පීඨසප්පී ඛීණාසු අජලණ්ඩිකාසු සාණිං චාලෙසි. රාජා තාය සඤ්ඤාය අජලණ්ඩිකානං ඛීණභාවං ඤත්වා ආහ – “ආචරිය, අහං තුම්හෙහි සද්ධිං කථෙන්තො කථං නිත්ථරිතුං න සක්ඛිස්සාමි, තුම්හෙ අතිමුඛරතාය නාළිමත්තා අජලණ්ඩිකා ගිලන්තාපි තුණ්හීභාවං නාපජ්ජථා”ති. බ්රාහ්මණො මඞ්ගුඋභාවං ආපජ්ජිත්වා තතො පට්ඨාය මුඛං විවරිත්වා රඤ්ඤා සද්ධිං සල්ලපිතුං නසක්ඛි. රාජා පීඨසප්පිගුණං අනුස්සරිත්වා තං පක්කොසාපෙත්වා “තං නිස්සාය මෙ සුඛං ලද්ධ”න්ති තුට්ඨො තස්ස සබ්බට්ඨකං නාම ධනං දත්වා නගරස්ස චතූසු දිසාසු චත්තාරො වරගාමෙ අදාසි. තමත්ථං විදිත්වා රඤ්ඤො අත්ථධම්මානුසාසකො අමච්චො ඉමං ගාථමාහ –
රජු එසේ කෙළේය. අනික් තැනැත්තේ කතුරකින් තිරයේ සිදුරක් තනා රජුන් සමග කථාකරන පුරෝහිතයා කටඅරින විටම එක් එක් එළුබෙට්ටක් බැගින් විද්දේය. පුරෝහිතයා කට වැටුණ හැම එකක්ම ගිල්ලේය. පීඨසප්පි එළුබෙටි අවසන්වූ පසු තිරය සෙලවීය. රජු ඒකරුණ දැන, ආචාර්යයෙනි, මා ඔබ සමග කථාකරද්දී කථාව නවත්වන්ට අපොහොසත්වීමි. ඔබ අතිශයින්ම මුඛරිව කථා කරද්දීම එළුබෙටි නැලියක් පමණ ගිලෙද්දීත් නිහඬ නොවීය. බමුණා නොසතුටු බවට පැමිණ එතැන්පටන් කටඇර රජුන් සමග කථාකරන්ට මැලිවිය. රජු පීඨසප්පි කැඳවා ඔබ නිසා මට පහසුවක් ලැබුණේයයි සතුටුව ඔහුට සබ්බට්ඨක නම් ධනයක්දී නුවර සිව්දිසාවෙන් ගම්වර සතරක්ද දෙවීය. ඒබව දැනගත් රජුගේ අත්ථධම්මානුශාසක නම් ඇමතියා මේ ගාථාව කීවේය:
“සාධු ඛො සිප්පකං නාම, අපි යාදිස කීදිසං; පස්ස ඛඤ්ජප්පහාරෙන, ලද්ධා ගාමා චතුද්දිසා”ති. (ජා· 1.1.107);
යම්කිසි ශිල්පයක් වැඩක් නිසි ලෙස උගතොත් එයින් නිසිපල ලැබුමට කවදා හෝ ඉඩ ලැබෙයි බලනු ඒ පිළවා සතර ගම්වරයක්ම ලද්දේ එකල ඒ ඇමතිතෙමේ නම් භාග්යවතුන්වහන්සේමය.
සො පන අමච්චො තෙන සමයෙන අයමෙව භගවා අහොසි. අථෙකො පුරිසො පීඨසප්පිනා ලද්ධසම්පත්තිං දිස්වා චින්තෙසි – “අයං නාම පීඨසප්පී හුත්වා ඉමං සිප්පං නිස්සාය මහාසම්පත්තිං පත්තො, මයාපෙතං සික්ඛිතුං වට්ටතී”ති. සො තං උපසඞ්කමිත්වා වන්දිත්වා “ඉදං මෙ, ආචරිය, සිප්පං දෙථා”ති ආහ. “න සක්කා, තාත, දාතු”න්ති. සො තෙන පටික්ඛිත්තො “හොතු, ආරාධෙස්සාමි න”න්ති තස්ස හත්ථපාදපරිකම්මාදීනි කරොන්තො චිරස්සං තං ආරාධෙත්වා පුනප්පුනං යාචි, පීඨසප්පී “අයං මෙ අතිවිය උපකාරො”ති තං පටිබාහිතුං අසක්කොන්තො සිප්පං සික්ඛාපෙත්වා “නිප්ඵන්නං තෙ, තාත, සිප්පං, ඉදානි කිං කරිස්සසී”ති ආහ. “බහි ගන්ත්වා සිප්පං වීමංසිස්සාමී”ති. “කිං කරිස්සසී”ති? “ගාවිං වා මනුස්සං වා පහරිත්වා මාරෙස්සාමී”ති. “තාතා, ගාවිං මාරෙන්තස්ස සතං දණ්ඩො හොති මනුස්සං මාරෙන්තස්ස සහස්සං, ත්වං සපුත්තදාරොපි තං නිත්ථරිතුං න සක්ඛිස්සසි, මා විනස්ස, යම්හි පහටෙ දණ්ඩො නත්ථි, තාදිසං නිමාතාපිතිකං කඤ්චි උපධාරෙහී”ති. සො “සාධූ”ති සක්ඛරා උච්ඡඞ්ගෙ කත්වා තාදිසං උපධාරයමානො විචරන්තො ගාවිං දිස්වා “අයං සසාමිකා”ති පහරිතුං න විසහි, මනුස්සං දිස්වා “අයං සමාතාපිතිකො”ති පහරිතුං න විසති.
ඉන්පසු එක් පුරුෂයෙක් පීඨසප්පි ලැබූ සම්පත් දැක, මේ තෙම පීඨසප්පි නම් ලබා මේ ශිල්පය නිසා මහසම්පතක් ලද්දේය. මාත් එය උගතයුතුයයි සිතීය. එසේ සිතා ඔහු වෙත පැමිණ වැඳ ඇදුරුතුමනි, මටත් මේ ශිල්පය දෙන්නැයි ඉල්ලා සිටියේය. දරුව එය දීමට නොහැකියයි ප්‍රතික්ෂේප කළවිට, එසේවේවා, ඔහු කෙසේ හෝ සතුටුකරවා ගන්නෙමියි ඔහුගේ අත්පා පිරිමැදීමේ ආදිය කිරීමෙන් කලකින් ඔහු සතුටු කරවා ගෙන නැවත නැවතත් ඉල්ලා සිටියේය. පීඨසප්පි මෙතෙම මට අතිශයින් උපකාරකයෙක් වෙයි. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකියයි ශිල්ප උගන්වා, දරුව දැන් ඔබ ශිල්ප ඉගෙන අවසානයි. දැන් කුමක් කරන්නෙහිදැයි ඇසීය. පිටත ගොස් ශිල්ප විමසාබලන්නෙමි, කුමක් කරන්නෙහිද? දෙනක් හෝ පහර දී මරන්නෙමි. දරුව දෙනක් මැරවහුර සීයක් දඩය. මිනිසකු මැරුවහුට දහසක් දඩය. අඹුදරුවන් සහිත ඔබේ සියලුදෙනාටම වුවත් එය ගෙවාදැමිය නොහැකිය. නොනැසෙව. යමෙකුට පහර දුන් කල දඩයක් නැත්නම් එබඳු මවුපියන් නැති කිසිවෙක් සොයා ගනුව. හෙතෙම යහපතැයි ගල්කැට පොදිය කරේ දමාගෙන එබන්දෙකු සොයමින් ඇවිදින අතර දෙනක් දැක මෑ ස්වාමියෙකුට අයත්යයි පහරදෙනු නොහැකිවිය. මිනිසෙකු දැක මෙතෙම මවුපියන් ඇත්තෙකියි පහරදෙනු නොහැකිවිය.
තෙන සමයෙන සුනෙත්තො නාම පච්චෙකබුද්ධො තං නගරං නිස්සාය පණ්ණසාලාය විහරති. සො තං පිණ්ඩාය පවිසන්තං නගරද්වාරන්තරෙ දිස්වා “අයං නිමාතාපිතිකො, ඉමස්මිං පහටෙ දණ්ඩො නත්ථි, ඉමං පහරිත්වා සිප්පං වීමංසිස්සාමී”ති පච්චෙකබුද්ධස්ස දක්ඛිණකණ්ණසොතං සන්ධාය සක්ඛරං ඛිපි. සා දක්ඛිණකණ්ණසොතෙන පවිසිත්වා වාමෙන නික්ඛමි, දුක්ඛා වෙදනා උප්පජ්ජි. පච්චෙකබුද්ධො භික්ඛාය චරිතුං නාසක්ඛි, ආකාසෙන පණ්ණසාලං ගන්ත්වා පරිනිබ්බායි.
එකල්හි සුනෙත්ත නම් පසේබුදුන්වහන්සේ නමක් ඒ නගරාසාන්නයේ පන්සලක වැඩවාසය කරති. ඔහු පසේබුදුන් පිඬුසිඟා වඩිනු නුවරදොරටුවේදී දැක මෙතෙම මවුපියන් නැත්තෙකි. මොහුට පහරදුන්කල දඬුවමක් නැත. මොහුට පහරදී ශිල්පය විමසා බලන්නෙමියි පසේබුදුන්ගේ දකුණු කන්සිදුර කුරුමාණම්කොට ගල්කැටක් විද්දේය. ඒ කැටය දකුණු කන්සිදුරක් පසාකරගෙන යම් කන්සිදුරෙන් නික්මුණේය. අතිශය දුක්ඛදායක වේදනාවක් ඇතිවිය. පසේබුදුන්ට පිඬුපිණිස යෑමට නොහැකිවිය. පන්සලට අහසින් ගොස් පිරිනිවියාහ.
මනුස්සා පච්චෙකබුද්ධෙ අනාගච්ඡන්තෙ “කිඤ්චි අඵාසුකං භවිස්සතී”ති චින්තෙත්වා තත්ථ ගන්ත්වා තං පරිනිබ්බුතං දිස්වා රොදිංසු පරිදෙවිංසු. සොපි මහාජනං ගච්ඡන්තං දිස්වා තත්ථ ගන්ත්වා පච්චෙකබුද්ධං සඤ්ජානිත්වා “අයං පිණ්ඩාය පවිසන්තො ද්වාරන්තරෙ මම සම්මුඛීභූතො, අහං අත්තනො සිප්පං වීමංසන්තො ඉමං පහරි”න්ති ආහ. මනුස්සා “ඉමිනා කිර පාපකෙන පච්චෙකබුද්ධො පහටො, ගණ්හථ ගණ්හථා”ති පොථෙත්වා තත්ථෙව නං ජීවිතක්ඛයං පාපෙසුං. සො අවීචිම්හි නිබ්බත්තිත්වා යාවායං මහාපථවී යොජනමත්තං උස්සන්නා, තාව පච්චිත්වා විපාකාවසෙසෙන ගිජ්ඣකූටමත්ථකෙ සට්ඨිකූටපෙතො හුත්වා නිබ්බත්ති. සත්ථා තස්ස ඉමං පුබ්බකම්මං කථෙත්වා, “භික්ඛවෙ, බාලස්ස නාම සිප්පං වා ඉස්සරියං වා උප්පජ්ජමානං අනත්ථාය උප්පජ්ජති. බාලො හි සිප්පං වා ඉස්සරියං වා ලභිත්වා අත්තනො අනත්ථමෙව කරොතී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ.
පසේ බුදුන්වහන්සේ පිඬුසිඟා නොවැඩි හෙයින් මිනිස්සු කිසි අපහසුවක් වියහැකියයි සිතා පන්සලට ගොස් පිරිනිවීගොස් සිටි උන්වහන්සේ දැක හඬා වැළපුණාහ. ඒ අතකුරුගල් විදින්නාත් පන්සලට යන මිනිසුන් දැක තෙමේත් ගොස් පසේබුදුන් හඳුනාගෙන මුන්වහන්සේ පිඬුපිණිස ගොස් නුවර දොරටුව ළඟදී මට හමුවූහ. මම මගේ ශිල්ප විමසා බලනු පිණිස ගල්කැටයකින් පහර දුන්නෙමියි කීය. මිනිස්සු, මේ පාපියා විසින් පසේබුදුරදුන්ට පහරදෙනලදි. මොහු අල්වා ගනිව්, අල්වා ගනිව්යයි තළාපෙළා එතැනම ඔහු මරාදැමූහ. හෙතෙම අවීචියෙහි ඉපිද මේ මහපොළොව යොදුනක් පමණ වැඩෙන තාක් කල් එහි පැසී විපාක අවසානයෙහි ගිජුකුළුපව්ව මුදුනෙහි සට්ඨිකූටප්රේතයෙකුව උපන්නේය. බුදුරජාණන්වහන්සේ මේ ඔහුගේ පූර්වකෘත කර්මය වදාරා, මහණෙනි, බාලයාට වනාහි ශිල්පයක් හෝ ඉසුරුමත්බවක් හෝ ලැබීම අනර්ථයක්ම ගෙනදෙන්නේය. අඥානයා වනාහි ශිල්පයක් හෝ ඉසුරුමත්බවක් හෝ ලැබ එය තමන්ගේ අනර්ථය සඳහාම යොදාගන්නේයයි පූර්වාපරසන්ධි ගළපා දහම්දෙසනසේක් මේ ගාථාවද වදාළසේක:
“යාවදෙව අනත්ථාය, ඤත්තං බාලස්ස ජායති; හන්ති බාලස්ස සුක්කංසං, මුද්ධමස්ස විපාතය”න්ති.
ශිල්පයක් හෝ ධනයක් බාලයා සතුවුවහොත් එය නොමගට යෙදීමෙන් ඔහු විනාශයට පැමිණෙයි
තත්ථ යාවදෙවාති අවධිපරිච්ඡෙදනත්ථෙ නිපාතො. ඤත්තන්ති ජානනසභාවො. යං සිප්පං ජානාති, යම්හි වා ඉස්සරියෙ යසෙ සම්පත්තියඤ්ච ඨිතො ජනෙන ඤායති, පාකටො පඤ්ඤාතො හොති, තස්සෙතං නාමං. සිප්පං වා හි ඉස්සරියාදිභාවො වා බාලස්ස අනත්ථායෙව ජායති. තං නිස්සාය සො අත්තනො අනත්ථමෙව කරොති. හන්තීති විනාසෙති. සුක්කංසන්ති කුසලකොට්ඨාසං, බාලස්ස හි සිප්පං වා ඉස්සරියං වා උප්පජ්ජමානං කුසලකොට්ඨාසං ඝාතෙන්තමෙව උප්පජ්ජති. මුද්ධන්ති පඤ්ඤායෙතං නාමං. විපාතයන්ති විද්ධංසයමානං. තස්ස හි තං සුක්කංසං හනන්තං පඤ්ඤාසඞ්ඛාතං මුද්ධං විපාතෙන්තං විද්ධංසෙන්තමෙව හන්තීති.
එහි යාවදෙව යනු කාලපරිච්ඡේදය දැක්වෙන නිපාතයකි. ඤත්තං යනු දැනීම් ස්වභාවයයි. යම්බඳු ශිල්පයක් දනීද, යම්බඳුවූ ඉසුරුමත්බවකට, යසසකට, සම්පත්තියකට පැමිණ සිටිනබව ජනයා විසින් දැනගනීද, ප්‍රකට වේද, මේ ඒ සඳහා යෙදෙන නමකි. ශිල්පයක් ඉසුරුමත් බවක් හෝ බාලස්ස අනත්ථායේව යනු ඒ ශිල්පධනය ආදිය බාලයා තමන්ටම අනර්ථය පිණිසම යොදාගනී. හන්ති විනාශ කරගනී. සුක්කංසං යනු කුසලකොටසයි. බාලයා දන්නා ශිල්පයත්, ඔහුට ලැබෙන ධනසම්පත් ආදියත් කුසල් විනාශ කරමින්ම උපදියි. මුද්ධං යනු ප්‍රඥාවට නමකි. විපාතයං යනු විනාශකරමින්, ඔහුගේ ඒ කුසල්කොටස් නසාදමන, ප්රඥාසංඛ්යාත මුදුන හෙළාදමන වනසාදමන හේතුවක්ම වෙයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු.
දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
සට්ඨිකූටපෙතවත්ථු තෙරසමං.
තෙළෙස්වන සට්ඨිකුට ප්රේතවස්තුවයි.