යෙදුමෙන් කියවන්න

12. අහිපෙතවත්‍ථු අට‍්ඨකථා

12. අහිපෙතවත්‍ථු

12. අභිප්‍රේත වස්තුව

න හි පාපං කතං කම‍්මන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං අහිපෙතං ආරබ‍්භ කථෙසි.

නහි පාපං කතං කම්මං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවන විහාරයෙහි වාසයකරන කාලයේ එක්තරා සර්පප්‍රේතයකු අරභයා දෙසූසේක.

එකස‍්මිඤ‍්හි දිවසෙ ජටිලසහස‍්සස‍්ස අබ‍්භන‍්තරො ආයස‍්මා ලක‍්ඛණත්‍ථෙරො ච මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ච “රාජගහෙ පිණ‍්ඩාය චරිස‍්සාමා”ති ගිජ‍්ඣකූටතො ඔතරන‍්ති. තෙසු ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො එකං අහිපෙතං දිස‍්වා සිතං පාත්‍වාකාසි. අථ නං ලක‍්ඛණත්‍ථෙරො “කස‍්මා, ආවුසො, සිතං පාතුකරොසී”ති සිතකාරණං පුච‍්ඡි. “අකාලො, ආවුසො ලක‍්ඛණ, ඉමස‍්ස පඤ‍්හස‍්ස, භගවතො සන‍්තිකෙ මං පුච‍්ඡෙය්‍යාසී”ති ථෙරො ආහ. තෙසු රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා භගවතො සන‍්තිකං ගන‍්ත්‍වා නිසින‍්නෙසු ලක‍්ඛණත්‍ථෙරො පුච‍්ඡි, “ආවුසො, මොග‍්ගල‍්ලානං ත්‍වං ගිජ‍්ඣකූටා ඔතරන‍්තො සිතං පාතුකරිත්‍වා මයා සිතකාරණං පුට‍්ඨො ‘භගවතො සන‍්තිකෙ මං පුච‍්ඡෙය්‍යාසී’ති අවච, කථෙහි ඉදානි තං කාරණ”න‍්ති. ථෙරො ආහ – “අහං, ආවුසො, එකං පෙතං දිස‍්වා සිතං පාත්‍වාකාසිං. තස‍්ස එවරූපො අත‍්තභාවො – මනුස‍්සසීසං විය අස‍්ස සීසං, අහිස‍්ස විය සෙසො අත‍්තභාවො, අහිපෙතො නාමෙස පමාණතො පඤ‍්චවීසතියොජනිකො, තස‍්ස සීසතො උට‍්ඨිතා අග‍්ගිජාලා යාව නඞ‍්ගුට‍්ඨා ගච‍්ඡන‍්ති, නඞ‍්ගුට‍්ඨතො උට‍්ඨිතා අග‍්ගිජාලා යාව සීසා, මජ‍්ඣෙසීසතො උට‍්ඨිතා ද‍්වෙ පස‍්සානි ගච‍්ඡන‍්ති, ද‍්වීහි පස‍්සෙහි උට‍්ඨිතා මජ‍්ඣෙ ඔතරන‍්තී”ති.

දිනක් ජටිලයන් දහසක් වසන පර්වතප්‍රාන්තයෙක්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවනුත් සමග මහමුගලන් තෙරණුවෝ රජගහනුවර සිඟා වඩින්නෙමුයි ගිජ්ඣකුටයෙන් බසිනවිට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ එක් සර්පප්‍රේතයකු දැක සිනා පහළකළහ. ඉන්පසු ඒ දුටු ලක්ඛණ තෙරණුවෝ ඇවැත්නි කුමක් නිසා සිනාසුණෙහිදැයි සිනාවට කාරණා විචාළහ. ඇවැත්නි එය කීමට මේ සුදුසු කාලය නොවෙයි. බුදුන් හමුවට ගිය කල එය අසන්නැයි කීහ. උන්වහන්සේලා රාජගෘහයෙහි පිඬුසිඟා බුදුන් හමුවට ගොස් සිටිකල, ලක්ඛණ තෙරණුවෝ ඇවැත් මෞද්ගල්‍යානයෙනි, ඔබ ගිජ්ඣකූටයෙන් බසිනවිට සිනාසී සිනාවෙන්නේ ඇයිදැයි මා විමසූවිට එය බුදුන් හමුවෙහිදී අසන්නැයි කීවෙහිය. දැන් ඒ කාරණය කියනු මැනවයි දන්වා සිටියහ. ඇවැත්නි, මම එක් ප්‍රේතයෙක් දැක සිනාසුණෙමි. ඔහුට මෙබඳු ආත්මභාවයක්-සිරුරක්විය. ඔහුගේ හිස මිනිස් හිසකි. අනිත් ශරීරය සර්පයෙකුගේ මෙනි. අහිප්‍රේත නම්වූ මොහුගේ සිරුර ප්‍රමාණයෙන් පස්විසියොදුනක් පමණ දිගය. හිසෙන් නැගෙන ගිනිජාලාවෝ නගුටු කෙළවර දක්වා දිවෙත්. නගුටින් නැගෙන ජාලාවෝ හිස දක්වා දිවෙත්. මැදින් නැගෙන ජාලාවෝ දෙපස දවමින් දිවයති. දෙපසින් නැගෙන ගිනිදැල් පිටමැදින් නැගෙයි.

ද‍්වින‍්නංයෙව කිර පෙතානං අත‍්තභාවො පඤ‍්චවීසතියොජනිකො, අවසෙසානං තිගාවුතප‍්පමාණො. ඉමස‍්ස චෙව අහිපෙතස‍්ස කාකපෙතස‍්ස ච පඤ‍්චවීසතියොජනිකො. තෙසු අයං තාව අහිපෙතො. කාකපෙතම‍්පි මහාමොග‍්ගල‍්ලානො ගිජ‍්ඣකූටමත්‍ථකෙ පච‍්චමානං දිස‍්වා තස‍්ස පුබ‍්බකම‍්මං පුච‍්ඡන‍්තො ඉමං ගාථමාහ –

ප්‍රේතයන් දෙදෙනාගේම සිරුරු විසිපස් යොදුන් පමණය. සෙස්සන්ගේ තුන්ගවු පමණය. මේ අහිප්‍රේතයාගේත්, කාකප්‍රේතයාගේත් විසිපස්යොදුන් පමණවේ. ඔවුන් අතර මේ අභිප්‍රේතයායි. මහමුගලන් හිමියෝ කාකප්‍රේතයාද ගිජ්ඣකූටය මුදුනේ පැසෙන සැටි දැක ඔහුගේ පෙර කළ කම් විමසමින් මේ ගාථාව කීහ:

“පඤ‍්චයොජනිකා ජිව‍්හා, සීසං තෙ නවයොජනං; කායො අච‍්චුග‍්ගතො තුය‍්හං, පඤ‍්චවීසතියොජනං; කිං නු කම‍්මං කරිත්‍වාන, පත‍්තොසි දුක‍්ඛමීදිස”න‍්ති.

පස් යොදුන් දිවකුත් නව යොදුන් පමණ හිසකුත් පස්විසි යොදුන් පමණවූ සිරුරක් ලබා සිටිනා ඔබ කළ කිනම් පවකින් මෙනම් දුකකට පැමිණියේදෝ

අථස‍්ස පෙතො ආචික‍්ඛන‍්තො –

ඉන්පසු ප්‍රේතයා:

“අහං භන‍්තෙ මොග‍්ගල‍්ලාන, කස‍්සපස‍්ස මහෙසිනො; සඞ‍්ඝස‍්ස ආභතං භත‍්තං, ආහාරෙසිං යදිච‍්ඡක”න‍්ති. –

මහ මුගලන් හිමියනි පෙර කසුප් බුදුන් සමයෙහි සඟනට ගෙනා බත් දැක කැමති සේ එය ගසාකෑවෙමි ඒ කළ අකුසලෙන් මෙවන් දුකකට පැමිණියෙමි

ගාථං වත්‍වා ආහ – “භන‍්තෙ, කස‍්සපබුද‍්ධකාලෙ සම‍්බහුලා භික‍්ඛූ ගාමං පිණ‍්ඩාය පවිසිංසු,. මනුස‍්සා ථෙරෙ දිස‍්වා සම‍්පියායමානා ආසනසාලායං නිසීදාපෙත්‍වා පාදෙ ධොවිත්‍වා තෙලං මක‍්ඛෙත්‍වා යාගුං පායෙත්‍වා ඛජ‍්ජකං දත්‍වා පිණ‍්ඩපාතකාලං ආගමයමානා ධම‍්මං සුණන‍්තා නිසීදිංසු. ධම‍්මකථාවසානෙ ථෙරානං පත‍්තෙ ආදාය අත‍්තනො අත‍්තනො ගෙහා නානග‍්ගරසභොජනස‍්ස පූරෙත්‍වා ආහරිංසු. තදා අහං කාකො හුත්‍වා ආසනසාලාය ඡදනපිට‍්ඨෙ නිලීනො තං දිස‍්වා එකෙන ගහිතපත‍්තතො තික‍්ඛත‍්තුං මුඛං පූරෙන‍්තො තයො කබළෙ අග‍්ගහෙසිං. තං පන භත‍්තං නෙව සඞ‍්ඝස‍්ස සන‍්තකං, න සඞ‍්ඝස‍්ස නියමෙත්‍වා දින‍්නං, න භික‍්ඛූහි ගහිතාවසෙසකං. අත‍්තනො අත‍්තනො ගෙහං නෙත්‍වා මනුස‍්සෙහි භුඤ‍්ජිතබ‍්බකං, කෙවලං සඞ‍්ඝං උද‍්දිස‍්ස අභිහටමත‍්තමෙව. තතො මයා තයො කබළා ගහිතා, එත‍්තකං මෙ පුබ‍්බකම‍්මං. ස‍්වාහං කාලං කත්‍වා තස‍්ස කම‍්මස‍්ස විපාකෙන අවීචිම‍්හි පච‍්චිත්‍වා තත්‍ථ පක‍්කාවසෙසෙන ඉදානි ගිජ‍්ඣකූටෙ කාකපෙතො හුත්‍වා නිබ‍්බත‍්තො ඉමං දුක‍්ඛං පච‍්චානුභොමී”ති.

මෙසේ ගාථාව කියා, ස්වාමීනි, කාශ්‍යප බුදුන්සමයේ බොහෝ භික්ෂූහු ගමට පිඬුසිඟා වැඩියහ. මිනිස්සු තෙරවරුන් දැක ප්‍රියමනාප සිත් ඇතිව ආසනශාලාවෙහි වඩා හිඳුවා කැඳ වළඳවා ඛාද්‍යවර්‍ග පිළිගන්වා පා දොවා තෙල් ගල්වා පිණ්ඩපාත කාලය එනතුරු බණ අසමින් සිටියාහුය. ධර්ම කථා අවසානයෙහි තෙරවරුන්ගේ පාත්‍ර රැගෙන තමතමන්ගේ ගෙවල්වලින් නන්වැදෑරුම් අග්‍රරසයෙන් යුත් භෝජනවලින් පුරවා ගෙන ආහ. එකල මම කපුටෙක් වී ආසනශාලාවේ වහළය උඩ සැඟවී සිට ඒ ආහාර දැක එකෙක් ගෙන ආ ආහාර පාත්‍රයෙන් තෙවරක් මුව පුරා බත්පිඬු තුනක් ගතිමි. ඒ බත වනාහි සංඝයා සතු නොවෙයි. සංඝයාට නියමකොට දුන් දෙයක්ද නොවෙයි. භික්ෂූන් විසින් වළඳා ඉතිරිවූ තමතමන්ගේ ගෙවල්වලට ගෙනගොස් මිනිසුන් විසින් අනුභව කළ යුත්තකුදු නොවෙයි. හුදෙක් සංඝයා උදෙසා ගෙන ආවක් පමණි. මම එයින් පිඬු තුනක් පමණක් ගතිමි. මා පෙර කළ කර්මය මෙපමණකි. ඒ මම මිය පරලොව ගොස් ඒ කර්ම විපාකයෙන් අවීචියෙහි පැසී ඒ පැසීමේ අවසානයෙහි දැන් ගිජුකුළුපව්වෙහි කාකප්‍රේතයෙක්ව ඉපදී මෙසේ දුක් විඳින්නෙමියි කීය.

ඉදං කාකපෙතස‍්ස වත්‍ථු.

මේ කාකප්‍රේතයාගේ වස්තුවයි.

ඉධ පන ථෙරො “අහිපෙතං දිස‍්වා සිතං පාත්‍වාකාසි”න‍්ති ආහ. අථස‍්ස සත්‍ථා සක‍්ඛී හුත්‍වාපි උට‍්ඨාය “සච‍්චං, භික‍්ඛවෙ, මොග‍්ගල‍්ලානො ආහ. මයාපෙස සම‍්බොධිපත‍්තදිවසෙයෙව දිට‍්ඨො, අපිචාහං ‘යෙ මෙ වචනං න සද‍්දහෙය්‍යුං, තෙසං අහිතාය භවෙය්‍යා’ති පරානුද‍්දයාය න කථෙසි”න‍්ති ආහ. ලක‍්ඛණසංයුත‍්තෙපි (සං· නි· 2.202 ආදයො) හි මහාමොග‍්ගල‍්ලානෙන දිට‍්ඨකාලෙයෙව සත්‍ථා තස‍්ස සක‍්ඛී හුත්‍වා විනීතවත්‍ථූනි කථෙසි, ඉදම‍්පි තෙන තථෙව කථිතං. තං සුත්‍වා භික‍්ඛූ තස‍්ස පුබ‍්බකම‍්මං පුච‍්ඡිංසු. සත්‍ථාපි තෙසං කථෙසි –

මෙහිදී මුගලන් තෙරණුවෝ අභිප්‍රේතයා දැක සිනා පහළකොළෝයයි කීහ. ඊළඟට ශාස්තෘන්වහන්සේ සාක්ෂි වශයෙන් සිට මහණෙනි මොග්ගල්ලාන කියන්නේ සැබෑවකි. මමත් මෙය බුදුවූ දිනයෙහිම දැක්කෙමි. එතෙකුදුවුවත්, මම එසේ කීවිට යමෙක් එය නොපිළිගතහොත් එය ඔවුන්ට අහිත පිණිස පවත්නේයයි අනුන්ගේ යහපත උදෙසා නොකීවෙමියි වදාළහ. ලක්‍ෂණසංයුක්තයෙහිද, මහමුගලන් තෙරුන් දුටු වේලෙහිම ශාස්තෘන්වහන්සේ සාක්ෂි වශයෙන් සිට විනීත වස්තු වදාළහ. මෙයද මුගලන් තෙරුන් විසින් එසේම කියනලද්ද අසා භික්ෂූහු ඒ ප්‍රේතයාගේ පූර්වකර්මයන් විචාළහ. බුදුහුද ඔවුන්ට එය පැහැදිලිකොට දුන්හ.

අතීතෙ කිර බාරාණසිං නිස‍්සාය නදීතීරෙ පච‍්චෙකබුද‍්ධස‍්ස පණ‍්ණසාලං කරිංසු. සො තත්‍ථ විහරන‍්තො නිබද‍්ධං නගරෙ පිණ‍්ඩාය චරති. නාගරාපි සායංපාතං ගන්‍ධපුප‍්ඵාදිහත්‍ථා පච‍්චෙකබුද‍්ධස‍්සූපට‍්ඨානං ගච‍්ඡන‍්ති. එකො බාරාණසිවාසී පුරිසො තං මග‍්ගං නිස‍්සාය ඛෙත‍්තං කසි. මහාජනො සායංපාතං පච‍්චෙකබුද‍්ධස‍්සූපට‍්ඨානං ගච‍්ඡන‍්තො තං ඛෙත‍්තං මද‍්දන‍්තො ගච‍්ඡති. කස‍්සකො ච “මා මෙ ඛෙත‍්තං මද‍්දථා”ති වාරෙන‍්තොපි වාරෙතුං නාසක‍්ඛි. අථස‍්ස එතදහොසි – “සචෙ ඉමස‍්මිං ඨානෙ පච‍්චෙකබුද‍්ධස‍්ස පණ‍්ණසාලා න භවෙය්‍ය, න මෙ ඛෙත‍්තං මද‍්දෙය්‍යු”න‍්ති. සො පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩාය පවිට‍්ඨකාලෙ පරිභොගභාජනානි භින්‍දිත්‍වා පණ‍්ණසාලං ඣාපෙසි. පච‍්චෙකබුද‍්ධො තං ඣාමං දිස‍්වා යථාසුඛං පක‍්කාමි.

අතීතයෙහි බරණැස සමීපයෙහි නදීතෙරක පසේබුදුවරයන්වහන්සේ නමක් උදෙසා මිනිස්සු පන්සලක් සෑදූහ. උන්වහන්සේ එහි වසමින් නිතර නගරයෙහි පිඬු පිණිස හැසුරුණහ. නුවර වැස්සෝත් උදේ සවස සුවඳමල් ආදිය රැගෙන පසේබුදුන්ට උවටැන් පිණිස යති. එක් බරණැස් වැසියෙක් ඒ මාර්ගය අසළ කුඹුරක් වැඩ කෙළේය. උදේ සවස පසේබුදුන්ට උවටැන් පිණිස යන මහාජනයා කුඹුර පාගාගෙන යති. ගොවියා මගේ කුඹුර නොපාගවයි වළක්වන නමුදු එය මුළුමනින් වළක්වා ගැනීමට අපොහොසත් විය. ඉන්පසු ඔහුට මෙබඳු සිතක් ඇතිවිය. යම්හෙයකින් පසේබුදුන්ගේ පන්සල මෙතැන නොතිබුණොත් එවිට මිනිස්සු මගේ කුඹුර නොපාගති. මෙසේ සිතූ ඔහු පසේබුදුන්වහන්සේ පිඬුපිණිස පිටත්ව ගියකල පරිභොග කළ භාණ්ඩ බිඳ දමා පන්සලට ගිනි තැබීය. පසේබුදුන්වහන්සේත් දැවුණු පන්සල දෙස බලා වෙනත් තැනකට පිටත්ව ගියහ.

මහාජනො ගන්‍ධමාලං ආදාය ආගතො ඣාමපණ‍්ණසාලං දිස‍්වා “කහං නු ඛො නො අය්‍යො ගතො”ති ආහ. සොපි මහාජනෙනෙව සද‍්ධිං ගතො මහාජනමජ‍්ඣෙ ඨිතකොව එවමාහ – “මයා තස‍්ස පණ‍්ණසාලා ඣාපිතා”ති. අථ නං “ගණ‍්හථ, ඉමං පාපිමං නිස‍්සාය මයං පච‍්චෙකබුද‍්ධං දට‍්ඨුං න ලභිම‍්හා”ති දණ‍්ඩාදීහි පොථෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙසුං. සො අවීචිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා යාවායං මහාපථවී යොජනමත‍්තං උස‍්සන‍්නා, තාව නිරයෙ පච‍්චිත්‍වා පක‍්කාවසෙසෙන ගිජ‍්ඣකූටෙ අහිපෙතො හුත්‍වා නිබ‍්බත‍්ති. සත්‍ථා ඉදං තස‍්ස පුබ‍්බකම‍්මං කථෙත්‍වා, “භික‍්ඛවෙ, පාපකම‍්මං නාමෙතං ඛීරසදිසං, යථා ඛීරං දුය‍්හමානමෙව න පරිණමති. තථා කම‍්මං කයිරමානමෙව න විපච‍්චති. යදා පන විපච‍්චති, තදා එවරූපෙන දුක‍්ඛෙන සොචතී”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

සුවඳමල් රැගෙන එහි පැමිණි මහාජනයා පිළිස්සුණු පන්සල දැක අපේ ආර්යයන්වහන්සේ කොහේ ගියසේක්දැයි ඇසූහ. කුඹුරු හිමියාද මහාජනයා සමගම අවුත් මහාජනයා මැද සිට මෙසේ උන්වහන්සේගේ පන්සල දැවුයේ මමයයි කීවේය. කෝපයට පත් මහාජනයා, මූ අල්ලා ගනිව්. මේ පාපියා නිසා අපට පසේබුදුන් දැකගන්ටත් බැරිවෙයි. කියමින් දඬුමුගුරු ආදියෙන් තළා ජීවිතක්ෂයට පත්කළහ. හෙතෙම අවීචියෙහි ඉපිද මේ මහපොළොව යොදුනක් පමණ උසට වැඩෙන තුරු එතෙක් නිරයේ පැසී, පැසීමේ අවසාන භාගයේ ගිජුකුළුපව්වෙහි අභිප්‍රේතයෙක්ව උපන්නේය. ශාස්තෘන්වහන්සේ ඔහුගේ මේ පූර්වකර්මය වදාරා මහණෙනි, මේ පාපකර්මය නම් කිරි හා සමානය. කිරි දොවාගත් පමණකින් වෙනසකට පත් නොවේද, එසේ කරන තුරුම (මුහුන් යොදනතුරුම) නොපැසේද, යම්කලක පව පැසවාද, එකල මෙබඳු දුකෙන් ශෝකකෙරේයයි පූර්වාපර සන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.

“න හි පාපං කතං කම‍්මං, සජ‍්ජුඛීරංව මුච‍්චති; ඩහන‍්තං බාලමන්‍වෙති, භස‍්මච‍්ඡන‍්නොව පාවකො”ති.

කළ පව එවේලෙම විපා නොදෙයි හැමවිට දෙවූ කිරි එකෙණෙහි වෙනසකට පත්නොවන සේ අලු යට අඟුර පසු කල මහ ගින්නක් මවන සේ

තත්‍ථ සජ‍්ජුඛීරං වාති තං ඛණංයෙව ධෙනුයා ථනෙහි නික‍්ඛන‍්තං අබ‍්භුණ‍්හං ඛීරං න මුච‍්චති න පරිණමති. ඉදං වුත‍්තං හොති – යථා ඉදං සජ‍්ජුඛීරං තං ඛණඤ‍්ඤෙව න මුච‍්චති න පරිණමති න පකතිං විජහති. යස‍්මිං පන භාජනෙ දුහිත්‍වා ගහිතං යාව තත්‍ථ තක‍්කාදිඅම‍්බිලං න පක‍්ඛිපති, යාව දධිභාජනාදිකං අම‍්බිලභාජනං න පාපුණාති, තාව පකතිං අවිජහිත්‍වා පච‍්ඡා ජහති, එවමෙව පාපකම‍්මම‍්පි කරියමානමෙව න විපච‍්චති. යදි විපච‍්චෙය්‍ය, න කොචි පාපකම‍්මං කාතුං විසහෙය්‍ය. යාව පන කුසලාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා ධරන‍්ති, තාව නං තෙ රක‍්ඛන‍්ති. තෙසං භෙදා අපායෙ නිබ‍්බත‍්තක‍්ඛන්‍ධෙසු විපච‍්චති, විපච‍්චමානඤ‍්ච ඩහන‍්තං බාලමන්‍වෙති.“කිං වියා”ති? “භස‍්මච‍්ඡන‍්නොව පාවකො”ති. යථා හි ඡාරිකාය පටිච‍්ඡන‍්නො වීතච‍්චිතඞ‍්ගාරො අක‍්කන‍්තොපි ඡාරිකාය පටිච‍්ඡන‍්නත‍්තා න තාව ඩහති, ඡාරිකං පන තාපෙත්‍වා චම‍්මාදීනං ඩහනවසෙන යාව මත්‍ථලුඞ‍්ගා ඩහන‍්තො ගච‍්ඡති, එවමෙව පාපකම‍්මම‍්පි යෙන කතං හොති, තං බාලං දුතියෙ වා තතියෙ වා අත‍්තභාවෙ නිරයාදීසු නිබ‍්බත‍්තං ඩහන‍්තං අනුගච‍්ඡතීති.

එහි සජ්ජුඛීරංවා යනු එකෙණෙහි දෙනගේ තනයෙන් දොවාගත් අතිශයින් උණුසුම් කිරි නමුච්චති මිදීමක් වැනි විපරිණාමයකට පත්නොවේද, මේ අර්ථය කියනලදි. එසේ මේ එකෙණෙහි දොවාගත් කිරි එකෙණෙහි නොමිදෙයි. පරිණාමයකට පත්නොවෙයි. ප්‍රකෘතිය අත්නොහරියි. යම් බඳුනකට දොවා ගත් කිරි යම්තාක් එහි මුහුන් ආදි ඇඹුල් නොදමාද, දී ආදිය තිබුණු ඇඹුල් බඳුනකට නොපැමිණේද, එතෙක් ප්‍රකෘතිය අත් නොහැර සිට පසුව ඇඹුල් ආදිය දැමූකල ප්‍රකෘතිය හරීද, පාපකර්මය මෙසේම කළ විටම විපාක නොදෙයි. යම්හෙයකින් එසේ විපාක දෙන්නේනම් කිසිවෙක් පව්කම් කිරීමට උත්සාහ නොවන්නේය. යම්තාක් කුසලයෙන් උපදින ස්කන්ධයෝ දරත්ද, එතෙක් ඒ කුසලයෝ ඔවුන් රකිති. ඔවුන්ගේ වෙනස අපාගතවූ විට පැසවායයි. එසේ පැසෙන්නාවූ බාලයා දවාලයි. කෙබඳුද? භස්මච්ඡන්නොව පාවකො යම්සේ අලුවලින් වැසීගිය ගිනිදැල් රහිත අඟුර පෑගුවත් අලුවලින් වැසී ඇතිනිසා එතෙක්ම නොදවයි. අලු රත්වී ඇත්නම් සම්ආදි කොටස් දවාගෙන හිස්මොලය දක්වාද දවාගෙනයයි. මෙසේම පාපකර්මයද යමකු විසින් කරන ලදනම් ඒ බාලයා දෙවෙනි හෝ තෙවෙනි අත්බැව්හි නිරයාදියෙහි උපන් විට දවදවා එයි.

දෙසනාවසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුන‍්ති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

අහිපෙතවත්‍ථු ද‍්වාදසමං.

දොළොස්වන අභිප්‍රේත වස්තුවයි.