යෙදුමෙන් කියවන්න

11. ජම‍්බුකත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

11. ජම‍්බුකත්‍ථෙරවත්‍ථු

11. ජම්බුකාජීවකයාගේ වස්තුව

මාසෙ මාසෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ජම‍්බුකං ආජීවකං ආරබ‍්භ කථෙසි.

මාසෙ මාසෙ කුසග්ගෙන යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසය කරන කාලයේ ජම්බුක නම් ආජීවකයා අරභයා දේශනා කළසේක.

අතීතෙ කිර කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ ගාමවාසී එකො කුටුම‍්බිකො එකස‍්ස ථෙරස‍්ස විහාරං කත්‍වා තං තත්‍ථ විහරන‍්තං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහි. ථෙරො තස‍්ස ගෙහෙ නිබද‍්ධං භුඤ‍්ජති. අථෙකො ඛීණාසවො භික‍්ඛු දිවා පිණ‍්ඩාය චරන‍්තො තස‍්ස ගෙහද‍්වාරං පාපුණි. කුටුම‍්බිකො තං දිස‍්වා තස‍්ස ඉරියාපථෙ පසන‍්නො ගෙහං පවෙසෙත්‍වා සක‍්කච‍්චං පණීතෙන භොජනෙන පරිවිසිත්‍වා, “භන‍්තෙ, ඉමං සාටකං රජිත්‍වා නිවාසෙය්‍යාථා”ති මහන‍්තං සාටකං දත්‍වා, “භන‍්තෙ, කෙසා වො දීඝා, තුම‍්හාකං කෙසොරොපනත්‍ථාය න‍්හාපිතං ආනෙස‍්සාමි, සයනත්‍ථාය ච වො මඤ‍්චකං ගාහාපෙත්‍වා ආගමිස‍්සාමී”ති ආහ.

අතීතයෙහි කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි ගම්වැසි එක් කෙළෙඹියෙක් එක් තෙරනමකට විහාරයක් කොටදී එහි නවත්වා සිවුපසයෙන් උපස්ථාන කෙළේය. තෙරණුවෝ නිරතුරු ඔහුගේ ගෙදර වළඳති. පසුව එක් රහත් භික්ෂූන්වහන්සේනමක් දවල් පිඬුපිණිස හැසිරෙමින් ඔහුගේ ගෙදොරට පැමිණියෝය. කෙළෙඹියා උන්වහන්සේ දැක ඉරියව් ගැන පැහැදී ගෙදරට කැඳවා ප්‍රණීත භෝජනයෙන් සකස්කොට වළඳවා, ස්වාමීනි, මේ සළුව පඬුපොවා පෙරවාගනු මැනවයි වටිනා සළුවක් දී, ස්වාමීනි, ඔබවහන්සේගේ කෙස් දිගවැඩිය, ඔබේ කෙස්බෑමට කරනවෑමියෙක් ගෙනෙන්නෙමි, ඔබට සැතපීමට ඇඳක්ද ගෙනෙන්නෙමියි කීවේය.

නිබද‍්ධං ගෙහෙ භුඤ‍්ජන‍්තො කුලූපකො භික‍්ඛු තං තස‍්ස සක‍්කාරං දිස‍්වා චිත‍්තං පසාදෙතුං නාසක‍්ඛි, “අයං තං මුහුත‍්තං දිට‍්ඨකස‍්ස එවරූපං සක‍්කාරං කරොති, නිබද‍්ධං ගෙහෙ භුඤ‍්ජන‍්තස‍්ස පන මය‍්හං න කරොතී”ති චින‍්තෙත්‍වා විහාරං අගමාසි. ඉතරොපි තෙනෙව සද‍්ධිං ගන‍්ත්‍වා කුටුම‍්බිකෙන දින‍්නසාටකං රජිත්‍වා නිවාසෙසි. කුටම‍්බිකොපි න‍්හාපිතං ආදාය ගන‍්ත්‍වා ථෙරස‍්ස කෙසෙ ඔහාරාපෙත්‍වා මඤ‍්චකං අත්‍ථරාපෙත්‍වා, “භන‍්තෙ, ඉමස‍්මිංයෙව මඤ‍්චකෙ සයථා”ති වත්‍වා ද‍්වෙපි ථෙරෙ ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා පක‍්කාමි.

නිබඳව වළඳන කුලුපග භික්ෂුවට රහතන්වහන්සේ කෙරෙහි දක්වන ඒ සත්කාර දැක සිත පහදවාගන්නට නොහැකිවිය. මේ කෙළෙඹියා ඒ වේලාවේ දුටු අයට මෙපමණ සත්කාර කරයි. නිබඳව ගෙදර වළඳන මට සත්කාර නොකරයි යනුවෙන් සිතා විහාරයට ගියේය. රහතන්වහන්සේත් ඒ භික්ෂුව සමගම ගොස් කෙළෙඹියා දුන් සාටකය පඬුපොවා පෙරවූහ. කෙළෙඹියා කරනවෑමියා රැගෙන ගොස් රහත්තෙරුන්ගේ කෙස්බා ඇඳට නංවා ස්වාමීනි, මේ ඇඳෙහිම නිදාගනු මැනවයි කියා තෙරවරුන් දෙනමටම හෙට දිනය සඳහා ආරාධනාකොට ගියේය.

නෙවාසිකො තස‍්ස තං සක‍්කාරං කයිරමානං අධිවාසෙතුං නාසක‍්ඛි. අථස‍්ස සො සායං ථෙරස‍්ස නිපන‍්නට‍්ඨානං ගන‍්ත්‍වා චතූහාකාරෙහි ථෙරං අක‍්කොසි, “ආවුසො, ආගන‍්තුක කුටුම‍්බිකස‍්ස තෙ ගෙහෙ භත‍්තං භුඤ‍්ජනතො වරතරං මීළ‍්හං ඛාදිතුං, කුටුම‍්බිකෙන ආනීතන‍්හාපිතෙන කෙසොහාරාපනතො වරතරං තාලට‍්ඨිකෙන කෙසෙ ලුඤ‍්චාපෙතුං. කුටුම‍්බිකෙන දින‍්නසාටකනිවාසනතො වරතරං නග‍්ගෙන විචරිතුං, කුටුම‍්බිකෙන ආභතමඤ‍්චකෙ නිපජ‍්ජනතො වරතරං භූමියං නිපජ‍්ජිතු”න‍්ති.

නේවාසිකභික්ෂුව අනිත් නමට සත්කාර කරනු ඉවසිය නොහැකිවිය. ඉන්පසු හෙතෙම සවස්කාලයෙහි රහත්තෙරුන් වැදහොත් තැනට ගොස් සතර ආකාරයකින් උන්වහන්සේට බැණවැදුණේය. ඒ මෙසේය. ඇවැත් ආගන්තුකය, ඔබ කෙළෙඹියාගේ ගෙදර බත් කනවාට වඩා අශුචි කෑම ඊට වඩා උතුම්ය. කෙළෙඹියා කැඳවාගෙන ආ කරනවෑමියා ලවා කෙස්බෑමට වඩා තල්ඇටවල පටලවා කෙස් ගළවාදැමීම උතුම්ය. කෙළෙඹියා දුන් සාටකය ඇඳීමට වඩා හෙළුවෙන් විසීම උතුම්ය. කෙළෙඹියා ගෙන ඇඳේ නිදනවාට වඩා බිම වැටී නිදාගැනීම උතුම්ය.

ථෙරොපි “මා එස බාලො මං නිස‍්සාය නස‍්සී”ති නිමන‍්තනං අනාදියිත්‍වා පාතොව උට‍්ඨාය යථාසුඛං අගමාසි. නෙවාසිකොපි පාතොව විහාරෙ කත‍්තබ‍්බවත‍්තං කත්‍වා භික‍්ඛාචාරවෙලාය “ඉදානිපි ආගන‍්තුකො නිද‍්දායති, ඝණ‍්ඩිකසද‍්දෙන පබුජ‍්ඣෙය්‍යා”ති සඤ‍්ඤාය නඛපිට‍්ඨෙනෙව ඝණ‍්ඩිං පහරිත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. කුටුම‍්බිකොපි සක‍්කාරං කත්‍වා ථෙරානං ආගමනමග‍්ගං ඔලොකෙන‍්තො නෙවාසිකං දිස‍්වා, “භන‍්තෙ, ථෙරො කුහි”න‍්ති පුච‍්ඡි.

රහත්තෙරණුවෝත්, මේ බාලයා මානිසා නොනැසේවායි ආරාධනය සිහිනොකොට උදෑසනම නැගිට කැමති පරිදි ගියෝය. නේවාසික භික්‍ෂුවද උදෑසන විහාරයෙහි කළයුතු වතාවත්කොට පිඬුපිණිස හැසිරෙන වේලාවෙහි තවත් මේ ආගන්තුකයා නිදයි. කෙණ්ඩි ශබ්දයෙන්වත් අවදිවනු ඇතැයි යන හැඟීමෙන් නියපිටින් කෙණ්ඩියට ගසා උදෑසනම නැගිට ගමට ගියේය. කෙළෙඹියාත් සත්කාර සූදානම් කොට තෙරුන්වහන්සේලා එනමග බලන්නේ නේවාසිකභික්ෂුව පමණක් දැක ස්වාමීනි, අනිත් තෙරණුවන් කොයිදැයි විචාළේය.

අථ නං නෙවාසිකො “මා, ආවුසො, කිඤ‍්චි අවච, තුය‍්හං කුලූපකො හිය්‍යො, තව නික‍්ඛන‍්තවෙලාය ඔවරකං පවිසිත්‍වා නිද‍්දං ඔක‍්කන‍්තො පාතොව උට‍්ඨාය මම විහාරසම‍්මජ‍්ජනසද‍්දම‍්පි පානීයඝටපරිභොජනීයඝටෙසු උදකසිඤ‍්චනසද‍්දම‍්පි ඝණ‍්ඩිකසද‍්දම‍්පි කරොන‍්තස‍්ස න ජානාතී”ති ආහ. කුටුම‍්බිකො චින‍්තෙසි – “තාදිසාය ඉරියාපථසම‍්පත‍්තියා සමන‍්නාගතස‍්ස මෙ අය්‍යස‍්ස යාව ඉමම‍්හා කාලා නිද‍්දායනං නාම නත්‍ථි, මං පන තස‍්ස සක‍්කාරං කරොන‍්තං දිස‍්වා අද‍්ධා ඉමිනා භදන‍්තෙන කිඤ‍්චි වුත‍්තං භවිස‍්සතී”ති. සො අත‍්තනො පණ‍්ඩිතභාවෙන තං සක‍්කච‍්චං භොජෙත්‍වා තස‍්ස පත‍්තං සාධුකං ධොවිත්‍වා නානග‍්ගරසභොජනස‍්ස පූරෙත්‍වා, “භන‍්තෙ, සචෙ මෙ අය්‍යං පස‍්සෙය්‍යාථ, ඉමමස‍්ස පිණ‍්ඩපාතං දදෙය්‍යාථා”ති ආහ.

ඉන්පසු නේවාසික භික්ෂුව, ඇවැත්නි, කුමක් කියමුද? ඔබේ කුලුපග භික්ෂුව ඊයේ ඔබ පිටත්වන වේලාවේ ඇඳට නැගී නින්දට වැටී, උදෙන්ම නැගිටි මම අමදින ශබ්දයෙනුත් පැන්බොන සෝදන කළගෙඩි ගැටෙන ශබ්දයෙනුත්, දිය ඉසින ශබ්දයෙනුත් කෙණ්ඩි ශබ්දයෙනුත්, ඇඳෙන් නොනැගිට නිදයි. කෙළෙඹියා මෙසේ සිතීය. එබඳු ඉරියව් සම්පතක් ඇති මගේ ආර්යයන්වහන්සේ මෙතෙක්කල් නොනිදන්නෝය. මා උන්වහන්සේට සත්කාර කරනු දැක ඒකාන්තයෙන් මුන්වහන්සේ විසින් කුමක් හෝ කියනලද්දේ විය හැකිය. හෙතෙම තමන් නුවණැති හෙයින් ඒ භික්ෂුව හොඳින් වළඳවා උන්වහන්සේගේ පාත්‍රය හොඳින් සෝදා නානාඅග්‍රරස ඇති භෝජන පුරවා ස්වාමීනි, මගේ ආර්යයන් දැක්කොත් මේ පිණ්ඩපාතය උන්වහන්සේට දෙනු මැනවැයි කීවේය.

ඉතරො තං ගහෙත්‍වාව චින‍්තෙසි – “සචෙ සො එවරූපං පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සති, ඉමස‍්මිංයෙව ඨානෙ පලුද‍්ධො භවිස‍්සතී”ති අන‍්තරාමග‍්ගෙ තං පිණ‍්ඩපාතං ඡඩ‍්ඩෙත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තං තත්‍ථ ඔලොකෙන‍්තො න අද‍්දස. අථ නං එත‍්තකස‍්ස කම‍්මස‍්ස කතත‍්තා වීසතිවස‍්සසහස‍්සානි කතොපි සමණධම‍්මො රක‍්ඛිතුං නාසක‍්ඛි. ආයුපරියොසානෙ පන කාලං කත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා එකං බුද‍්ධන‍්තරං මහාදුක‍්ඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහනගරෙ එකස‍්මිං බහ‍්වන‍්නපානෙ කුලඝරෙ නිබ‍්බත‍්ති.

අනික් භික්ෂුව පාත්‍රය අතට ගනිමින්ම ඉදින් ඔහු මේ පිණ්ඩපාතය වැළඳුවොත් මේ තැනදීම අතිලෝභයෙක් වන්නේයයි අතුරුමග පිණ්ඩපාතය දමා තෙරුන් වසන තැනට ගොස් උන්වහන්සේ එහි ඇද්දැයි බලන්නේ නොදැක්කේය. ඔහු මෙවැනි ක්‍රියාවක් කළහෙයින් අවුරුදු විසිදහසක් කළ මහණදහමද රකිනු නොහැකිවිය. ආයු කෙළවර අවීචිමහා නිරයෙහි ඉපදී එක් බුද්ධාන්තරයක් මහා දුක්විඳ මේ බුද්ධොත්පාදයෙහි රජගහ නුවර එක් බොහෝ කෑමබීම ඇතිකුලයෙක උපන්නේය.

සො පදසා ගමනකාලතො පට‍්ඨාය නෙව සයනෙ සයිතුං, න භත‍්තං භුඤ‍්ජිතුං ඉච‍්ඡති, අත‍්තනො සරීරවලඤ‍්ජමෙව ඛාදති. “බාලතාය අජානන‍්තො කරොතී”ති තං පොසයිංසු. මහල‍්ලකකාලෙපි වත්‍ථං නිවාසෙතුං න ඉච‍්ඡති, නග‍්ගොව විචරති, භූමියං සයති, අත‍්තනො සරීරවලඤ‍්ජමෙව ඛාදති. අථස‍්ස මාතාපිතරො “නායං කුලඝරස‍්ස අනුච‍්ඡවිකො, කෙවලං අලජ‍්ජනකො ආජීවකානං එස අනුච‍්ඡවිකො”ති තෙසං සන‍්තිකං නෙත්‍වා “ඉමං දාරකං පබ‍්බාජෙථා”ති අදංසු. අථ නං තෙ පබ‍්බාජෙසුං. පබ‍්බාජෙන‍්තා ච පන ගලප‍්පමාණෙ ආවාටෙ ඨපෙත්‍වා ද‍්වින‍්නං අංසකූටානං උපරිං පදරානි දත්‍වා තෙසං උපරි නිසීදිත්‍වා තාලට‍්ඨිඛණ‍්ඩෙන කෙසෙ ලුඤ‍්චිංසු. අථ නෙ තස‍්ස මාතාපිතරො ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා පක‍්කමිංසු.

ඔහු පා ඔසවා ඇවිදින කාලයේ පටන් ආසනයක නිදාගැනීමට හෝ බත් කෑමට හෝ නොකැමතිවිය. තම ශරීර මලම කයි. ළාබාලකම නිසා නොදැන කරතියි සලකා ඔහු පෝෂණය කළහ. වැඩිවයසටපත් කල වුවද රෙදි ඇඳීමට ප්‍රිය නොකරයි. නිරුවතින් සිට බිම නිදයි. තම ශරීරමලම අනුභව කරයි. ඉන්පසු ඔහුගේ මවුපියෝ මොහු කුලගෙයකට නොහොබී. මොහු ගැළපෙන්නේ ආජීවකයන්ට යයි ඔවුන් ළඟට ගෙනගොස් මේ දරුවා පැවිදි කරන්නැයි භාරදුන්හ. ආජීවකයෝ ඔහු පැවිදිකළහ. පැවිදි කරවන විටත් ගෙළ පමණ ගැඹුරු වළක ගිල්වා අංශසන්ධි දෙක ළඟ පුවරුවක් තබා එහි නැගී තල්ඇට කැබලිවලින් කෙස් ගැළවූහ. ඉන්පසු ඒ මවුපියෝ හෙටපිණිස ආරාධනාකොට ගියහ.

පුනදිවසෙ ආජීවකා “එහි, ගාමං පවිසිස‍්සාමා”ති තං වදිංසු. සො “ගච‍්ඡථ තුම‍්හෙ, අහං ඉධෙව භවිස‍්සාමී”ති න ඉච‍්ඡි. අථ නං පුනප‍්පුනං වත්‍වා අනිච‍්ඡමානං ඔහාය අගමංසු. සොපි තෙසං ගතභාවං ඤත්‍වා වච‍්චකුටියා පදරං විවරිත්‍වා ඔරුය‍්හ උභොහි හත්‍ථෙහි ආලොපං ආලොපං කත්‍වා ගූථං ඛාදි. ආජීවකා තස‍්ස අන‍්තොගාමතො ආහාරං පහිණිංසු. තම‍්පි න ඉච‍්ඡි. පුනප‍්පුනං වුච‍්චමානොපි “න මෙ ඉමිනා අත්‍ථො. ලද‍්ධො මෙ ආහාරො”ති ආහ. “කහං ලද‍්ධො”ති? “ඉධෙව ලද‍්ධො”ති. එවං දුතියෙ තතියෙ චතුත්‍ථෙපි දිවසෙ තෙහි බහුම‍්පි වුච‍්චමානො “අහං ඉධෙව භවිස‍්සාමී”ති ගාමං ගන‍්තුං න ඉච‍්ඡි.

දෙවෙනි දින ආජීවකයෝ ඔහුට ගමට යාමට එවයි කීහ. ඔබලා යන්න. මම මෙහිම සිටින්නෙමියි කීය. ඔවුහු නැවත නැවතත් කියා ඔහු නවතා ගමට ගියාහුය. හෙතෙම ඔවුන් ගිය බව දැන වැසිකිළියේ වසා තිබූ පුවරුව ඉවත් කොට එහි බැස දෑතින්ම පිඬු වශයෙන් ගෙන අශුචි කෑවේය. ආජීවකයෝ ඇතුළුගමෙන් ඔහුට ආහාර එවූහ. ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නැවත නැවතත් කීනමුත් මට මේ ආහාරයන් වැඩක් නැත. මට ආහාර ලැබුණේයයි කීය. ආහාර ලැබුණේ කොහෙන්ද? මෙහිදීම ලැබිණි. මෙසේ දෙවෙනි තුන්වෙනි සිව්වෙනි දිනවලත් ඔවුහු බොහෝකොට කීවත් මම මෙහිම සිටිමියි ගමට යෑමට නොකැමති විය.

ආජීවකා “අයං දිවසෙ දිවසෙ නෙව ගාමං පවිසිතුං ඉච‍්ඡති, න අම‍්හෙහි පහිතාහාරං ආහරිතුං ඉච‍්ඡති, ‘ඉධෙව මෙ ලද‍්ධො’ති වදති, කිං නු ඛො කරොති, පරිග‍්ගණ‍්හිස‍්සාම න”න‍්ති ගාමං පවිසන‍්තා එකං ද‍්වෙ ජනෙ තස‍්ස පරිග‍්ගණ‍්හනත්‍ථං ඔහාය ගමිංසු. තෙ පච‍්ඡතො ගච‍්ඡන‍්තා විය හුත්‍වා නිලීයිංසු. සොපි තෙසං ගතභාවං ඤත්‍වා පුරිමනයෙනෙව වච‍්චකුටිං ඔරුය‍්හ ගූථං ඛාදි.

ආජීවකයෝ, මොහු දිනපතා ගමට යාමටත්, අප එවන ආහාර ගැනීමටත් නොකැමති වෙයි. මෙහිදීම මම ආහාර ලැබුවෙමියිද කියයි. ඔහු කරන්නේ කුමක්දැයි අල්වා ගන්නෙමුයයි ගමට යනකල දෙතුන් දෙනෙක් ඔහු අල්වා ගැනීම සඳහා නවතා සෙස්සෝ ගියහ. ඒ දෙතුන් දෙනා පසුපස්සේ යන්නවුන් මෙන් ගොස් සැඟවුණාහ. හෙතෙමේද ඔවුන් ගියබව දැන පෙර පරිද්දෙන්ම වැසිකිළියට බැස අශුචි කෑවේය.

ඉතරෙ තස‍්ස කිරියං දිස‍්වා ආජීවකානං ආරොචයිංසු. තං සුත්‍වා ආජීවකා “අහො භාරියං කම‍්මං, සචෙ සමණස‍්ස ගොතමස‍්ස සාවකා ජානෙය්‍යුං, ‘ආජීවකා ගූථං ඛාදමානා විචරන‍්තී’ති අම‍්හාකං අකිත‍්තිං පකාසෙය්‍යුං, නායං අම‍්හාකං අනුච‍්ඡවිකො”ති තං අත‍්තනො සන‍්තිකා නීහරිංසු.

සෙස්සෝ ඔහුගේ ක්‍රියාව දැක ආජීවකයන්ට ඒ බව දැන්වූහ. ඒ ඇසූ ආජීවකයෝ අහෝ හරිම බරපතල කාර්යයක්, යම්හෙයකින් ශ්‍රමණගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මෙය දැනගතහොත් ආජීවකයෝ අශුචි කමින් ඇවිදිතියි අපට අපකීර්තිවන සේ ප්‍රකාශකරන්නාහුය. මොහු අපට ගැළපෙන්නෙක් නොවේයයි ඔහු නෙරපා හැරියාහුය.

සො තෙහි නීහරිතො මහාජනස‍්ස උච‍්චාරකරණට‍්ඨානෙ පත්‍ථරිතො එකො පිට‍්ඨිපාසාණො අත්‍ථි. තස‍්මිං මහන‍්තං සොණ‍්ඩි, පිට‍්ඨිපාසාණං නිස‍්සාය මහාජනස‍්ස උච‍්චාරකරණට‍්ඨානං. සො තත්‍ථ ගන‍්ත්‍වා රත‍්තිං ගූථං ඛාදිත්‍වා මහාජනස‍්ස සරීරවලඤ‍්ජනත්‍ථාය ආගමනකාලෙ එකෙන හත්‍ථෙන පාසාණස‍්ස එකං අන‍්තං ඔලුබ‍්භ එකං පාදං උක‍්ඛිපිත්‍වා ජණ‍්ණුකෙ ඨපෙත්‍වා උද‍්ධංවාතාභිමුඛො මුඛං විවරිත්‍වා තිට‍්ඨති. මහාජනො තං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, කස‍්මා අය්‍යො මුඛං විවරිත්‍වා ඨිතො”ති පුච‍්ඡති. “අහං වාතභක‍්ඛො, අඤ‍්ඤො මෙ ආහාරො නත්‍ථී”ති. අථ “කස‍්මා එකං පාදං ජණ‍්ණුකෙ කත්‍වා ඨිතොසි, භන‍්තෙ”ති? “අහං උග‍්ගතපො ඝොරතපො, මයා ද‍්වීහි පාදෙහි අක‍්කන‍්තා පථවී කම‍්පති, තස‍්මා එකං පාදං උක‍්ඛිපිත්‍වා ජණ‍්ණුකෙ ඨපෙත්‍වා ඨිතොම‍්හි. අහඤ‍්හි රත‍්තින්‍දිවං ඨිතකොව වීතිනාමෙමි, න නිසීදාමි, න නිපජ‍්ජාමී”ති.

නෙරපා දැමූ ඔහු, මිනිසුන් මල පහකරන ප්‍රකට එක් ගල්තලාවක ගල්වලක්ද සහිත තැනක් ඇත. එහි ගොස් රාත්‍රියෙහි අශුචි කා මිනිස්සු ශරීරකෘත්‍යය සඳහා එනවිට එක් අතකින් ගලේ එල්ලී එක් පයක් ඔසවා අනිත් පයින් දණ ගසා උඩුසුළඟ දෙසට හැරී කටඇරගෙන සිටී. මහාජනයා ඔහු දැක ළඟට පැමිණ වැඳ, ස්වාමීනි, ආර්යයන්වහන්සේ කුමක් නිසා මුඛය විවෘත කොට සිටින්නාහුදැයි අසයි. මම සුළඟ බුදින්නෙමි, මට වෙන අහරක් නැතැයි කියයි. ස්වාමීනි, එක් පාදයකින් දණගසා සිටින්නෙහිද? මම උග්‍රවූ ඝෝරතපස් කරමි. මා දෙපයින් පෑගුවොත් පොළොව කම්පාවෙයි. එනිසා එක් පයක් ඔසවා අනිත්පයේ දණින් සිටින්නෙමි. මම රෑදාවල් සිටගෙනම සිටින්නෙමි. ඉඳ නොගනිමි. නොනිඳමි.

මනුස‍්සා නාම යෙභුය්‍යෙන වචනමත‍්තමෙව සද‍්දහන‍්ති, තස‍්මා “අහො අච‍්ඡරියං, එවරූපාපි නාම තපස‍්සිනො හොන‍්ති, න නො එවරූපා දිට‍්ඨපුබ‍්බා”ති යෙභුය්‍යෙන අඞ‍්ගමගධවාසිනො සඞ‍්ඛුභිත්‍වා උපසඞ‍්කමිත්‍වා මාසෙ මාසෙ මහන‍්තං සක‍්කාරං අභිහරන‍්ති. සො “අහං වාතමෙව භක‍්ඛාමි, න අඤ‍්ඤං ආහාරං. අඤ‍්ඤඤ‍්හි මෙ ඛාදන‍්තස‍්ස තපො නස‍්සතී”ති තෙහි අභිහටං න කිඤ‍්චි ඉච‍්ඡති. මනුස‍්සා “මා නො, භන‍්තෙ, නාසෙථ, තුම‍්හාදිසෙන ඝොරතපෙන පරිභොගෙ කතෙ අම‍්හාකං දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තතී”ති පුනප‍්පුනං යාචන‍්ති. තස‍්ස අඤ‍්ඤො ආහාරො න රුච‍්චති. මහාජනස‍්ස පන යාචනාය පීළිතො තෙහි ආභතානි සප‍්පිඵාණිතාදීනි කුසග‍්ගෙන ජිව‍්හග‍්ගෙ ඨපෙත්‍වා “ගච‍්ඡථ, අලං වො එත‍්තකං හිතාය සුඛාය චා”ති උය්‍යොජෙසි. එවං සො පඤ‍්චපඤ‍්ඤාස වස‍්සානි නග‍්ගො ගූථං ඛාදන‍්තො කෙසෙ ලුඤ‍්චන‍්තො භූමියං සයමානො වීතිනාමෙසි.

මිනිස්සු වනාහි වචන මාත්‍රයෙන්ම යම්යම් දේ විශ්වාස කරන්නාහුය. එහෙයින්, අනේ පුදුමයි. මෙබඳු තපස්වීවරුනම් ඉතා දුලබය. අපි මීට පෙර මෙබඳු අය දැක නැත්තෙමු. මෙයින් අංගමගධවාසීහු කැළඹීගියාහුය. මාස් පතා මහත්වූ සත්කාර ආහාරපාන ගෙන ආහ. හෙතෙම මම වාතය පමණක් අනුභව කරමි. වෙන අහරක් මට නැත. වෙනත් දේ කෑවොත් මගේ තපස නැසෙයි කියමින් ඔවුන් ගෙනා දේ කිසිවක්ම නොපිළිගත්තේය. මිනිස්සු, අනේ ස්වාමීනි, අප නොනසන්න. ඔබ වැනි ඝෝරතපස්වී කෙනෙක් අපේ ආහාර පරිභෝග කළවිට එය අපට දිගුකලක් හිතසුව පිණිස වන්නේයයි නැවත නැවතත් ඉල්ලා සිටියහ. ඔහුට වෙනත් අහරක් රුචිනොවෙයි. මහාජනයාගේ ඉල්ලීම්වලින් බේරෙන්ට නොහැකිව ඔවුන් ගෙන ආ ගිතෙල් පැණි ආදියෙන් කුසතණ අගක් තෙමා දිව අග තියා දැන් ඔබ යන්න, මෙපමණකින් ඔබට බොහෝ පින් ලැබෙන්නේයයි පිටත්කෙළේය. මෙසේ ඔහු අවුරුදු පනස් පහක් නිරුවතින්ම අශුචි කමින් කෙස් උදුරා දමමින් බිම නිදමින් කාලය ගතකෙළේය.

බුද‍්ධානම‍්පි ඛො පච‍්චූසකාලෙ ලොකවොලොකනං අවිජහිතමෙව හොති. තස‍්මා එකදිවසං භගවතො පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තස‍්ස අයං ජම‍්බුකාජීවකො ඤාණජාලස‍්ස අන‍්තො පඤ‍්ඤායි. සත්‍ථා “කිං නු ඛො භවිස‍්සතී”ති ආවජ‍්ජෙත්‍වා තස‍්ස සහ පටිසම‍්භිදාහි අරහත‍්තස‍්සූපනිස‍්සයං දිස‍්වා “අහං එතං ආදිං කත්‍වා එකං ගාථං භාසිස‍්සාමි, ගාථාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො භවිස‍්සති. ඉමං කුලපුත‍්තං නිස‍්සාය මහාජනො සොත්‍ථිභාවං පාපුණිස‍්සතී”ති ඤත්‍වා පුනදිවසෙ රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආනන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි –

උදෑසන ලොව බැලීම බුදුවරුන් අත්නොහරින සිරිතකි. එහෙයින් එක් දිනක් උදෑසන ලොව බලන භාග්‍යවතුන්වහන්සේ නුවණදැලට ජම්බුකාජීවකයා හසුවිය. බුදුරජාණන්වහන්සේ මා එහි යෑමෙන් කුමක් වන්නේදැයි සිතාබලා, ඔහු සිව්පිළිසිඹියාසමග රහත්බවට පත්වන බවත්, මම මොහු ආදිකොට ඇති පිරිසට එක් ගාථාවක් කියන්නෙමි, ගාථා කෙළවර අසූසාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වන්නේය. මේ කුලපුත්‍ර නිසා මහාජනයා සුවපත් වන්නාහුයයිද දැන, දෙවෙනි දවසේ රජගහනුවර පිඬුපිණිස වැඩමවා පිණ්ඩපාතයෙන් අනතුරුව ආනන්ද හිමියන් අමතා-

“ආනන්‍ද, ජම‍්බුකාජීවකස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති. “භන‍්තෙ, කිං තුම‍්හෙයෙව ගමිස‍්සථා”ති? “ආම, අහමෙවා”ති එවං වත්‍වා සත්‍ථා වඩ‍්ඪමානකච‍්ඡායාය තස‍්ස සන‍්තිකං පායාසි.

ආනන්ද, අපි ජම්බුකාජීවකයා ළඟට යමුදැයි වදාළහ. ආනන්ද හිමියෝ, ස්වාමීනි, ඔබවහන්සේම වඩින්නාහුදැයි ඇසූහ. එසේය මමම යන්නෙමියි වදාරා සවස් වේලාවෙහි ඔහු සිටි තැනට වැඩමවූහ.

දෙවතා චින‍්තයිංසු – “සත්‍ථා සායං ජම‍්බුකාජීවකස‍්ස සන‍්තිකං ගච‍්ඡති, සො ච ජෙගුච‍්ඡෙ උච‍්චාරපස‍්සාවදන‍්තකට‍්ඨකිලිට‍්ඨෙ පිට‍්ඨිපාසාණෙ වසති, දෙවං වස‍්සාපෙතුං වට‍්ටතී”ති අත‍්තනො ආනුභාවෙන තං මුහුත‍්තංයෙව දෙවං වස‍්සාපෙසුං. පිට‍්ඨිපාසාණො සුචි නිම‍්මලො අහොසි. අථස‍්ස උපරි පඤ‍්චවණ‍්ණං පුප‍්ඵවස‍්සං වස‍්සාපෙසුං. සත්‍ථා සායං ජම‍්බුකාජීවකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “ජම‍්බුකා”ති සද‍්දමකාසි. ජම‍්බුකො “කො නු ඛො එස, දුජ‍්ජනො මං ජම‍්බුකවාදෙන වදතී”ති චින‍්තෙත්‍වා “කො එසො”ති ආහ. “අහං සමණො”ති. “කිං මහාසමණා”ති? “අජ‍්ජ මෙ එකරත‍්තිං ඉධ වසනට‍්ඨානං දෙහී”ති. “නත්‍ථි, මහාසමණ, ඉමස‍්මිං ඨානෙ වසනට‍්ඨාන”න‍්ති. “ජම‍්බුක, මා එවං කරි, එකරත‍්තිං මෙ වසනට‍්ඨානං දෙහි, පබ‍්බජිතා නාම පබ‍්බජිතං පත්‍ථෙන‍්ති, මනුස‍්සා මනුස‍්සං, පසවො පසව”න‍්ති. “කිං පන ත්‍වං පබ‍්බජිතො”ති? “ආම, පබ‍්බජිතොම‍්හී”ති. “සචෙ ත්‍වං පබ‍්බජිතො, කහං තෙ ලාබුකං, කහං ධූමකටච‍්ඡුකො, කහං යඤ‍්ඤසුත‍්තක”න‍්ති? “‘අත්‍ථෙතං මය‍්හං, විසුං විසුං පන ගහෙත්‍වා විචරණං දුක‍්ඛ’න‍්ති අබ‍්භන‍්තරෙනෙව ගහෙත්‍වා චරාමී”ති. සො “චරිස‍්සසි ත්‍වං එතං අග‍්ගණ‍්හිත්‍වා”ති කුජ‍්ඣි. අථ නං සත්‍ථා ආහ – “හොතු, ජම‍්බුක, මා කුජ‍්ඣ, වසනට‍්ඨානං මෙ ආචික‍්ඛා”ති. “නත්‍ථි, මහාසමණ, එත්‍ථ වසනට‍්ඨාන”න‍්ති.

දෙවිවරු මෙසේ සිතූහ. ශාස්තෘන්වහන්සේ ජම්බුකාජීවකන් සිටින තැනට වැඩමවති. ඔහු පිළිකුල් කටයුතු මලමුතු හා දැහැටි දඬු දැමූ ගල්තලාවෙහි සිටියි. වැසි වැස්විය යුතුයයි තම ආනුභාවයෙන් එකෙණෙහිම වැසි වැස්සවූහ. ගල්තලාව පිරිසිදුව නිර්මල විය. ඉන්පසු ඒ මත පංචවර්ණ මල්වැස්සක් වැස්සවූහ. බුදුරජාණන්වහන්සේ තමන්ම ජම්බුකාජීවකයන් වෙත වැඩමවා ජම්බුකයයි ශබ්දකළහ. ජම්බුක, මේ දුදනා කවුද? ජම්බුකයයි මට කථා කරන්නේ කවුදැයි සිතා මේ කවුදැයි ඇසීය. මම ශ්‍රමණයෙක්මියි වදාළහ. මහාශ්‍රමණය කුමක් නිසා ආවෙහිදැයි ඇසීය. අද රෑ මට මෙහි විසීමට තැනක් දෙන්නැයි ඉල්ලූහ. මහාශ්‍රමණය, මෙහි විසීමට තැනක් නැත. ජම්බුකය, එසේ නොකරව. එය රැයක් විසීමට මට තැනක් දෙව. පැවිද්දෝ පැවිද්දන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙති. සාමාන්‍ය මිනිස්සු මිනිසුන් හා එක්වීමට බලාපොරොත්තු වෙති. කිම ඔබ පැවිද්දෙක්ද? එසේම පැවිද්දෙක්මි. ඔබ පැවිද්දෙකු නම් ඔබේ ලබුකට්ට කොහිද? දුම්කබල කොහිද? පූනනූල කොහිද? ඒවා තිබේ. වෙනවෙනම ගෙන යෑම කරදර නිසා අභ්‍යන්තරයෙහිම තබාගෙන යන්නෙමි. ඔබ මේවාත් රැගෙන යන්නෙහිදැයි කිපුණේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ජම්බුක, එය එසේ වේවා, කිපෙන්ට අවශ්‍ය නැත. මට විසීමට තැනක් කියවයි වදාළහ. මහාශ්‍රමණය මෙහි විසීමට තැනක් නැත.

සත්‍ථා තස‍්ස වසනට‍්ඨානතො අවිදූරෙ එකං පබ‍්භාරං අත්‍ථි, තං නිද‍්දිසන‍්තො “එතස‍්මිං පබ‍්භාරෙ කො වසතී”ති ආහ. “නත්‍ථි කොචි, මහාසමණා”ති. “තෙන හි එතං මය‍්හං දෙහී”ති. “ත්‍වඤ‍්ඤෙව ජාන, මහාසමණා”ති. සත්‍ථා පබ‍්භාරෙ නිසීදනං පඤ‍්ඤාපෙත්‍වා නිසීදි. පඨමයාමෙ චත‍්තාරො මහාරාජානො චතුද‍්දිසං එකොභාසං කරොන‍්තා සත්‍ථු උපට‍්ඨානං ආගමිංසු. ජම‍්බුකො ඔභාසං දිස‍්වා “කො ඔභාසො නාමෙසො”ති චින‍්තෙසි. මජ‍්ඣිමයාමෙ සක‍්කො දෙවරාජා ආගමි. ජම‍්බුකො තම‍්පි දිස‍්වා “කො නාමෙසො”ති චින‍්තෙසි. පච‍්ඡිමයාමෙ එකාය අඞ‍්ගුලියා එකං, ද‍්වීහි ද‍්වෙ, දසහි දස චක‍්කවාළානි ඔභාසෙතුං සමත්‍ථො මහාබ්‍රහ‍්මා සකලං අරඤ‍්ඤං එකොභාසං කරොන‍්තො ආගමි.

බුදුරජාණන්වහන්සේ ඔහු වසන තැන ළඟින්ම ඇති එක් පර්වත ප්‍රාන්තයක් දැක එය පෙන්වමින් මේ ප්‍රාන්තයෙහි කවරෙක් වසන්නෙහිදැයි ඇසූහ. මහාශ්‍රමණය කිසිවෙක් නැත. එසේනම් එය මට දෙව. මහාශ්‍රමණය, එය ඔබට දැන් ගන්න. ශාස්තෘන්වහන්සේ නිසීදනයක් හදාගෙන හිඳගත්සේක. ප්‍රථම යාමයෙහි සතරවරම් දෙව්මහ රජවරු සතරදිශා ආලෝකමත් කරමින් බුදුන්ට උවටැන්කිරීමට පැමිණියහ. මධ්‍යම යාමයෙහි සක්දෙව්රජ පැමිණියේය. ජම්බුක ඔහු දැක මේ කවුරුන්දැයි සිතීය. අවසාන යාමයෙහි එක් ඇඟිල්ලකින් එක සක්වළක් දෙකකින් දෙකක් දසයකින් සක්වළ දසයක් ආලෝකමත් කළහැකි මහබඹු මුළුව වනයම ඒකාලෝක කරමින් පැමිණියේය.

ජම‍්බුකො තම‍්පි දිස‍්වා “කො නු ඛො එසො”ති චින‍්තෙත්‍වා පාතොව සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං ඨිතො සත්‍ථාරං පුච‍්ඡි – “මහාසමණ, තුම‍්හාකං සන‍්තිකං චතස‍්සො දිසා ඔභාසෙන‍්තො කෙ ආගතා”ති? “චත‍්තාරො මහාරාජානො”ති. “කිං කාරණා”ති? “මං උපට‍්ඨාතු”න‍්ති. “කිං පන ත්‍වං චතූහි මහාරාජෙහි උත‍්තරිතරො”ති? “ආම, ජම‍්බුක, මහාරාජූනම‍්පි අතිරාජා”ති. “මජ‍්ඣිමයාමෙ පන කො ආගතො”ති? “සක‍්කො දෙවරාජා, ජම‍්බුකා”ති. “කිං කාරණා”ති? “මං උපට‍්ඨාතුමෙවා”ති. “කිං පන ත්‍වං සක‍්කදෙවරාජතොපි උත‍්තරිතරො”ති? “ආම, ජම‍්බුක, සක‍්කතොපි උත‍්තරිතරොම‍්හි, එසො පන මය‍්හං ගිලානුපට‍්ඨාකො කප‍්පියකාරකසාමණෙරසදිසො”ති. “පච‍්ඡිමයාමෙ සකලං අරඤ‍්ඤං ඔභාසෙත්‍වා කො ආගතො”ති? “යං ලොකෙ බ්‍රාහ‍්මණාදයො ඛිපිත්‍වා පක‍්ඛලිත්‍වා ‘නමො මහාබ්‍රහ‍්මුනො’ති වදන‍්ති, සො එව මහාබ්‍රහ‍්මා”ති. “කිං පන ත්‍වං මහාබ්‍රහ‍්මතොපි උත‍්තරිතරො”ති? “ආම, ජම‍්බුක, අහඤ‍්හි බ්‍රහ‍්මුනාපි අතිබ්‍රහ‍්මා”ති.

ජම්බුක, බ්‍රහ්මයා දැක මේ කවරෙක්දැයි සිතා, උදෑසනම බුදුන් ළඟට ගොස් පිළිසඳර කථාකොට එකත්පසෙක හිඳ බුදුන්ගෙන්, මහාශ්‍රමණය, ඔබ ළඟට සතරදිසා ආලෝකමත් කරමින් ආවේ කවුරුන්ද? සතරවරම් දෙව්මහරජ දරුවෝය. කුමක් සඳහා ආවාහුද? මට උපස්ථාන කිරීඹය. ඇයි ඔබ සතරවරම් දෙවියන්ටත් වඩා උතුම්ද? එසේය ජම්බුක, මම සතරවරම් දෙව්මහරජදරුවනුත් ඉක්මවා සිටින අතිරාජ කෙනෙක්මි. මැදුම් යාමෙහි ආවේ කවුද? ශක්‍රදිව්‍යරාජයායි. කුමක් සඳහා ආවේද? මට උපස්ථාන සඳහාමයි. කිම ඔබ ශක්‍රයාටත් වඩා උසස්ද? එසේය. ජම්බුකය මම ශක්‍රයාටත් වඩා උසස්වෙමි. ඔහු මගේ ගිලානෝපස්ථාන කරන කප්පියකාරක සාමණේර නමකට සමානය. පශ්චිම යාමයෙහි සියලු වනය ඒකාලෝක කරමින් පැමිණියේ කවුද? ලෝකයෙහි බ්‍රාහ්මණාදීහු පැකිළී වැටී මහාබ්‍රහ්මයාට නමස්කාර වේවායි යමෙකුට කියත්ද? ඒ මහාබ්‍රහ්මයා පැමිණියේය. කිම ඔබ මහබඹාටත් වඩා උතුම්ද? එසේය ජම්බුකය, මම මහාබ්‍රහ්මයා ළඟ අතිබ්‍රහ්ම වෙමි.

“අච‍්ඡරියොසි ත්‍වං, මහාසමණ, මය‍්හං පන පඤ‍්ච පඤ‍්ඤාස වස‍්සානි ඉධ වසන‍්තස‍්ස එතෙසු එකොපි මං උපට‍්ඨාතුං නාගතපුබ‍්බො. අහඤ‍්හි එත‍්තකං අද‍්ධානං වාතභක‍්ඛො හුත්‍වා ඨිතකොව වීතිනාමෙසිං, න තාව තෙ මය‍්හං උපට‍්ඨානං ආගතපුබ‍්බා”ති.

මහාශ්‍රමණය, ඔබ ආශ්චර්යමත්ය. පස්පනස් වසක් මෙහි වසන මට උපස්ථාන පිණිස මෙයින් එක් කෙනෙකු ආවේ නැත. මම මෙතෙක් කල් වාතය ආහාරකොට ගනිමින් සිටගෙනම කාලය ගත කෙළෙමු. එනමුත් ඒ කිසිවෙක් මට උපස්ථාන සඳහා නොආවාහුය.

අථ නං සත්‍ථා ආහ – ජම‍්බුක, ත්‍වං ලොකස‍්මිං අන්‍ධබාලං මහාජනං වඤ‍්චයමානො මම‍්පි වඤ‍්චෙතුකාමො ජාතො, නනු ත්‍වං පඤ‍්චපඤ‍්ඤාස වස‍්සානි ගූථමෙව ඛාදි, භූමියංයෙව නිපජ‍්ජි, නග‍්ගො හුත්‍වා විචරි, තාලට‍්ඨිඛණ‍්ඩෙන කෙසෙ ලුඤ‍්චි. අථ ච පන ලොකං වඤ‍්චෙන‍්තො “අහං වාතභක‍්ඛො, එකපාදෙන තිට‍්ඨාමි, න නිසීදාමි, න නිපජ‍්ජාමී”ති වදෙසි, “මමම‍්පි වඤ‍්චෙතුකාමොසි පුබ‍්බෙපි ත්‍වං පාපිකං ලාමිකං දිට‍්ඨිං නිස‍්සාය එත‍්තකං කාලං ගූථභක‍්ඛො භූමිසයො නග‍්ගො විචරන‍්තො තාලට‍්ඨිඛණ‍්ඩෙන කෙසලුඤ‍්චනං පත‍්තො, ඉදානිපි පාපිකං ලාමිකං දිට‍්ඨිමෙව ගණ‍්හාසී”ති. “කිං පන මයා කතං, මහාසමණා”ති? අථස‍්ස සත්‍ථා පුබ‍්බෙ කතකම‍්මං ආචික‍්ඛි.

ඉන්පසු ශාස්තෘන්වහන්සේ, ජම්බුකය ඔබ මේ ලෝකයෙහි මෝඩ මහාජනයා රවටමින් මාත් වංචාවෙන් රැවටීමට කැමති වන්නෙහිය. ඔබ වසට පනස්පහක් අශුචිම කෑවා නොවේද? පොළොවෙහිම නිදා ගත්තෙහිය. නිරුවතින් ඇවිද්දෙහිය. තල්ඇට කැබලිවලින් හිසකෙස් උදුරා දැමුවෙහිය. එසේ කරමින්, ලෝකයා රවටමින් මම වාතය අනුභව කරමි. තනිපයින් සිටිමි. නොනිදන්නෙමි. හිඳනොගනිමියි කියමින් මාද රවටනු කැමැත්තෙහිය. පෙරත් ඔබ ලාමක පව්කාර පිළිගැනීම් නිසා මෙතෙක් කල් අශුචි කමින්, බිම නිදමින්, නිරුවතින් හැසිරෙමින්, තල්ඇට කැබලිවලින් හිසකෙස් ගැළවීමට පැමිණියෙහිය. දැනුත් ඒ ලාමක පව්කාර දෘෂ්ටිම පිළිගෙන සිටින්නෙහිය. මහාශ්‍රමණය, මා විසින් පෙර කුමක් කරන ලද්දේද? ශාස්තෘන්වහන්සේ පෙර ඔහු කළකම් ප්‍රකාශ කළහ.

තස‍්ස සත්‍ථරි කථෙන‍්තෙයෙව සංවෙගො උප‍්පජ‍්ජි, හිරොත‍්තප‍්පං උපට‍්ඨිතං, සො උක‍්කුටිකො නිසීදි. අථස‍්ස සත්‍ථා උදකසාටිකං ඛිපිත්‍වා අදාසි. සො තං නිවාසෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. සත්‍ථාපිස‍්ස අනුපුබ‍්බිං කථං කථෙත්‍වා ධම‍්මං දෙසෙසි. සො දෙසනාවසානෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා උට‍්ඨායාසනා පබ‍්බජ‍්ජඤ‍්ච උපසම‍්පදඤ‍්ච යාචි. එත‍්තාවතා තස‍්ස පුරිමකම‍්මං පරික‍්ඛීණං.

බුදුරජාණන්වහන්සේ ඔහුගේ පූර්ව කථාන්තරය කියාගෙන යද්දීම ඔහුට මහා සංවේගයක් ඇතිවිය. විලිලජ්ජා ඇතිවිය. හෙතෙම උක්කුටුකයෙන් හිඳගත්තේය. බුදුරජාණන්වහන්සේ ඔහුට දිය පෙරහන්කඩ දුන්හ. හෙතෙම එයින් විලිවසාගෙන බුදුන් වැඳ එක් පැත්තක හිඳගත්තේය. බුදුහුද ඔහුට පිළිවෙල කථාව කියා දහම් දෙසූහ. හෙතෙම දේශනාවසානයෙහි සිව්පිළිසිඹියා සමග රහත්බවට පැමිණ බුදුන් වැඳ අසුනින් නැගිට පැවිදි උපසම්පදා ඉල්ලා සිටියේය. එතැනින් ඔහුගේ පෙරකළ කම්වල විපාක අවසන්විය.

අයඤ‍්හි ඛීණාසවමහාථෙරං චතූහි අක‍්කොසෙහි අක‍්කොසිත්‍වා යාවායං මහාපථවී තිගාවුතාධිකං යොජනං උස‍්සන‍්නා, තාව අවීචිම‍්හි පච‍්චිත්‍වා තත්‍ථ පක‍්කාවසෙසෙන පඤ‍්චපඤ‍්ඤාස වස‍්සානි ඉමං විප‍්පකාරං පත‍්තො. තෙනස‍්ස තං කම‍්මං ඛීණං. වීසති පන වස‍්සසහස‍්සානි ඉමිනා කතස‍්ස සමණධම‍්මස‍්ස ඵලං නාසෙතුං න සක‍්කා. තස‍්මා සත්‍ථා දක‍්ඛිණහත්‍ථං පසාරෙත්‍වා “එහි, භික‍්ඛු, චර බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති ආහ. තාවදෙවස‍්ස ගිහිලිඞ‍්ගං අන‍්තරධායි අට‍්ඨපරික‍්ඛාරධරො සට‍්ඨිවස‍්සිකමහාථෙරො විය අහොසි.

මෙතෙම වනාහි රහතුන්වහන්සේ නමකට සිව්වැදෑරුම් ආක්‍රෝශවලින් බැණ වැදී මේ මහ පොළොව තුන් ගව්වකටත් වඩා වැඩෙන කාලාන්තරයක් තිස්සේ අවීචිමහානිරයෙහි පැසී අවසානයෙහි පස්පනස් වසරක් මෙසේ විප්‍රකාරයට පැමිණියේය. එයින් ඔහු කළ කම්පල අවසන් විය. විසිදහසක් අවුරුද්දක්කරන ලද මහණදම් පිරීමේ ඵලය විනාශකළ නොහැකිවිය. එහෙයින් බුදුරජාණන්වහන්සේ ඔහු දෙසට දකුණත දික්කොට මහණ මෙහි එව, බඹසරෙහි හැසිරෙවයි වදාළහ. එයින්ම ඔහුගේ ගිහිස්වභාවය අතුරුදහන් විය. අටපිරිකර දැරූ සැටවස් පිරුණු මහතෙරනමක් මෙන්විය.

අඞ‍්ගමගධවාසීනං තස‍්ස සක‍්කාරං ගහෙත්‍වා ආගතදිවසො කිරෙස, තස‍්මා උභයරට‍්ඨවාසිනො සක‍්කාරං ගහෙත්‍වා ආගතා තථාගතං දිස‍්වා “කිං නු ඛො අම‍්හාකං අය්‍යො ජම‍්බුකො මහා, උදාහු සමණො ගොතමො”ති චින‍්තෙත්‍වා “සචෙ සමණො ගොතමො මහා භවෙය්‍ය, අයං සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගච‍්ඡෙය්‍ය, ජම‍්බුකාජීවකස‍්ස පන මහන‍්තතාය සමණො ගොතමො ඉමස‍්ස සන‍්තිකං ආගතො”ති චින‍්තයිංසු. සත්‍ථා මහාජනස‍්ස පරිවිතක‍්කං ඤත්‍වා, “ජම‍්බුක, තව උපට‍්ඨාකානං කඞ‍්ඛං ඡින්‍දාහී”ති ආහ, සො “අහම‍්පි, භන‍්තෙ, එත‍්තකමෙව පච‍්චාසීසාමී”ති වත්‍වා චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා උට‍්ඨාය තාලප‍්පමාණං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා “සත්‍ථා මෙ, භන‍්තෙ භගවා, සාවකොහමස‍්මී”ති වත්‍වා ඔරුය‍්හ වන්‍දිත්‍වා පුන ද‍්විතාලමත‍්තං තිතාලමත‍්තන‍්ති එවං සත‍්තතාලමත‍්තං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ඔරුය‍්හ අත‍්තනො සාවකභාවං ජානාපෙසි. තං දිස‍්වා මහාජනො “අහො බුද‍්ධා නාම අච‍්ඡරියා අනොපමගුණා”ති චින‍්තෙසි. සත්‍ථා මහාජනෙන සද‍්ධිං කථෙන‍්තො එවමාහ –

මෙය සිදුවූයේ අංග මගධ දෙරටවාසීන් ජම්බුකාජීවකයන්ට පුදසත්කාර ගෙනආ දවසෙහිය. පුදසත්කාර ගෙනආ උභයරටවාසීහු කිම අපේ ආර්යවූ ජම්බුක වඩා උතුම්ද, නැතහොත් ශ්‍රමණ ගෞතමයන්වහන්සේ වඩා උතුම්දැයි සිතූහ. ඉදින් ශ්‍රමණ ගෞතමයන් වඩා උතුම් නම් මොහු ශ්‍රමණ ගෞතමයන් වෙත යන්නේය, ජම්බුකාජීවකයන් වඩා මහත් හෙයින් ගෞතමයෝ මොහු ළඟට ආවාහුදැයි සිතූහ. ශාස්තෘන්වහන්සේ මහාජනයාගේ කුකුස දැන, ජම්බුකය, ඔබේ උපස්ථායකයන්ගේ සැකය විසඳාලවයි වදාළහ. ස්වාමීනි, මමත් එයම බලාපොරොත්තුවෙන් සිටියෙමියි කියා චතුර්ථධ්‍යානයට සමවැදී නැගිට තල්ගසක් පමණ අහසට පැනනැගී, ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මාගේ ශාස්තෘවරයාය. මම උන්වහන්සේ ශ්‍රාවකයා වෙමියි කියා අහසින් බැස වැඳ නැවත තල්ගස් දෙකක් තුනක් වශයෙන් තල්ගස් හතක් පමණ අහසට නැගී බැස තමන් බුදුන්ගේ ශ්‍රාවකභාවය දන්වා සිටියේය. ඒ දුටු මහාජනයා, අහෝ බුදුවරු නම් ආශ්චර්යමත්හුය. පමණ නැති ගුණ ඇත්තෝයයි සිතූහ. බුදුරජාණන්වහන්සේ මහාජනයා සමග කථා කරමින් මෙසේ වදාළහ.

“අයං එත‍්තකං කාලං තුම‍්හෙහි ආභතං සක‍්කාරං කුසග‍්ගෙන ජිව‍්හග‍්ගෙ ඨපෙත්‍වා ‘තපචරණං පූරෙමී’ති ඉධ නිවුට‍්ඨො, සචෙපි ඉමිනා උපායෙන වස‍්සසතං තපචරණං පූරෙය්‍ය, යා චස‍්ස ඉදානි කාලං වා භත‍්තං වා කුක‍්කුච‍්චායිත්‍වා අභුඤ‍්ජන‍්තස‍්ස භත‍්තච‍්ඡෙදනකුසලචෙතනා, තස‍්සා තං තපචරණං සොළසිං කලම‍්පි න අග‍්ඝතී”ති අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මෙතෙම මෙතෙක් කල් තොප ගෙන ආ පූජා සත්කාර තණඅගින් දිවඅග තබා තපස්වරණය පුරන්නෙමියි මෙහි ඉවතට දැමීය. ඉතින් මේ ආකාරයෙන් අවුරුදු සියයක් තපස්වරණය පිරුවත් යම්තාක් ස්වල්ප ප්‍රමාණයක බතක් හෝ කුකුසින් සැක කොට නොබුදින නිසා භත්තච්ඡේදන කුසලචේතනාව අනුව කරන තපස්චරණයෙන් සොළසකින් කොටසක් හෝ නොවටණේයයි පූර්වාපර සන්ධි ගළපා දහම්දෙසමින් මේ ගාථාවද වදාළසේක:

“මාසෙ මාසෙ කුසග‍්ගෙන, බාලො භුඤ‍්ජෙය්‍ය භොජනං; න සො සඞ‍්ඛාතධම‍්මානං, කලං අග‍්ඝති සොළසි”න‍්ති.

කුසතණ අගින් ගෙන කුහක ලෙස බත් වළඳන තවුසා නියම රහතුන් මැද පිරිහෙයි උතුම් ගුණවලින් නොවටින බවට පත්වේ

තස‍්සත්‍ථො – සචෙ බාලො අපරිඤ‍්ඤාතධම‍්මො සීලාදිගුණා පරිබාහිරො තිත්‍ථායතනෙ පබ‍්බජිතො “තපචරණං පූරෙස‍්සාමී”ති මාසෙ මාසෙ පත‍්තෙ කුසග‍්ගෙන භොජනං භුඤ‍්ජන‍්තො වස‍්සසතං භුඤ‍්ජෙය්‍ය භොජනං. න සො සඞ‍්ඛාතධම‍්මානං, කලං අග‍්ඝති සොළසින‍්ති සඞ‍්ඛාතධම‍්මා වුච‍්චන‍්ති ඤාතධම‍්මා තුලිතධම‍්මා. තෙසු හෙට‍්ඨිමකොටියා සොතාපන‍්නො සඞ‍්ඛාතධම‍්මො, උපරිමකොටියා ඛීණාසවො. ඉමෙසං සඞ‍්ඛාතධම‍්මානං සො බාලො කලං න අග‍්ඝති සොළසින‍්ති පුග‍්ගලාධිට‍්ඨානා දෙසනා. අයං පනෙත්‍ථ අත්‍ථො – යා චස‍්ස තථා තපචරණං පූරෙන‍්තස‍්ස වස‍්සසතං චෙතනා යා ච සඞ‍්ඛාතධම‍්මානං කාලං වා භත‍්තං වා කුක‍්කුච‍්චායිත්‍වා අභුඤ‍්ජන‍්තානං එකා භත‍්තච‍්ඡෙදනකුසලචෙතනා, තස‍්සා චෙතනාය සා තාව දීඝරත‍්තං පවත‍්තචෙතනා සොළසිං කලං න අග‍්ඝති. ඉදං වුත‍්තං හොති – යං තස‍්සා සඞ‍්ඛාතධම‍්මානං චෙතනාය ඵලං, තං සොළස කොට‍්ඨාසෙ කත්‍වා තතො එකෙකං පුන සොළස සොළස කොට‍්ඨාසෙ කත්‍වා තතො එකස‍්ස කොට‍්ඨාසස‍්ස යං ඵලං, තදෙව තස‍්ස බාලස‍්ස තපචරණතො මහප‍්ඵලතරන‍්ති.

එහි අර්ථය නම්, යම් හෙයකින් බාලො දහම් කිසිවක්ම නොදන්නා සීලාදි ගුණයෙන් වෙන්ව තීර්ථායතනවල පැවිදිව තපස්වරණ පුරන්නෙමියි මාසෙ මාසෙ මසක් පාසා කුසග්ගෙන භොජනං කුසතණ අගින් තෙමා බොජුන් ගනිමින් වර්ෂ සියයක් හෝ කුහක ලෙස භූංජෙථ භොජනං, න සො සංඛත ධම්මානං කලං අග්ඝති සොළසිංති යන සංඛතධර්ම නම් දැනගත් දහම්ය. තුලනය කරනලද, පරීක්‍ෂා කරනලද දහම්ය. එයින් යටත්පිරිසෙයින් සෝවාන්වීමද, උඩත් පිරිසෙයින් රහත්වීමද වේ. මේ සංඛතධර්‍මවලින් ඒ බාලයා සොළොස් කලාවෙන් එකක් පමණවත් වටින්නේ නොවෙයි. මෙය පුද්ගලයන් අරමුණු කොට කළ දේශනාවකි. එහි තේරුම නම් එසේ තාපසචරණය පුරන්නාවූ ඔහුට වර්ෂ සියයක් ඉක්ම ගියත් ඒ කුශලචේතනාසංඛත ධර්‍ම හෝ කාලය හෝ සලකා බත්වුවද කුකුස් ඇතිව නොබුදින්නාවූ එක් බත් වේලක් හෝ කඩකරන කුසල චේතනාව පවතීද, එසේ කලක් පවතින චේතනා කලාවෙන් සොළොස් කොටසකින් එකක් පමණ හෝ නොඅගී. මෙය මෙසේද කියා ඇත. යම්බඳු වූ සංඛත ධර්‍මයන්ගේ කුසල චේතනා ඵලයක් වෙයිද, එය කොටස් සොළොසකට බෙදා ඉන්පසු ඒ කොටස් නැවත එකක් එකක් සොළොස් සොළොස් කොටස්වලට බෙදා එයිනුත් එක්කොටසක යම් ඵලයක් වෙයිද, එයද ඒ බාලයාගේ තපස්චරණයට වඩා මහත්වේ යනු අර්ථයි.

දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසීති.

දේශනා කෙළවර අසූසාරදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය.

ජම‍්බුකත්‍ථෙරවත්‍ථු එකාදසමං.

එකොළොස් වන ජම්බුකාජීවකයාගේ වස්තුවයි.