10. උප්පලවණ්ණත්ථෙරීවත්ථු අට්ඨකථා
10. උප්පලවණ්ණත්ථෙරීවත්ථු
10. උත්පලවර්ණාවගේ වස්තුව
මධුවා මඤ්ඤතීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො උප්පලවණ්ණත්ථෙරිං ආරබ්භ කථෙසි.
මධුවා මඤ්ඤතී බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩවාසය කරන කාලයෙහි උත්පලවණ්ණා තෙරණිය අරභයා දේශනා කළසේක.
සා කිර පදුමුත්තරබුද්ධස්ස පාදමූලෙ පත්ථනං පට්ඨපෙත්වා කප්පසතසහස්සං පුඤ්ඤානි කුරුමානා දෙවෙසු ච මනුස්සෙසු ච සංසරන්තී ඉමස්මිං බුද්ධුප්පාදෙ දෙවලොකතො චවිත්වා සාවත්ථියං සෙට්ඨිකුලෙ පටිසන්ධිං ගණ්හි. නීලුප්පලගබ්භසමානවණ්ණතාය චස්සා උප්පලවණ්ණාත්වෙව නාමං අකංසු. අථස්සා වයප්පත්තකාලෙ සකලජම්බුදීපෙ රාජානො ච සෙට්ඨිනො ච සෙට්ඨිස්ස සන්තිකං සාසනං පහිණිංසු – “ධීතරං අම්හාකං දෙතූ”ති. අපහිණන්තො නාම නාහොසි. තතො සෙට්ඨි චින්තෙසි – “අහං සබ්බෙසං මනං ගහෙතුං න සක්ඛිස්සාමි, උපායං පනෙකං කරිස්සාමී”ති ධීතරං පක්කොසාපෙත්වා, “අම්ම, පබ්බජිතුං සක්ඛිස්සසී”ති ආහ. තස්සා පච්ඡිමභවිකත්තා තං වචනං සීසෙ ආසිත්තං සතපාකතෙලං විය අහොසි. තස්මා පිතරං “පබ්බජිස්සාමි, තාතා”ති ආහ. සො තස්සා මහන්තං සක්කාරං කත්වා භික්ඛුනීඋපස්සයං නෙත්වා පබ්බාජෙසි.
ඈ වනාහි පියුමතුරා බුදුන්සමයෙහි ප්‍රාර්ථනා තබා කල්ප ලක්ෂයක් පින් කරමින් දෙව්මිනිසුන් අතර හැසිරෙමින් මේ බුද්ධොත්පාද කාලයෙහි දෙව්ලොවින් චුතව අවුත් සැවැත්නුවර සිටු පවුලක උපන්නාය. නිලුපුල් ගැබකට සමාන වර්ණ ඇතිවූ හෙයින් ඇය උත්පලවර්ණා යන නමින්ම හැඳින්විණි. ඈ වැඩිවියට පත්වූ කාලයෙහි මුළු දඹදිවම රජවරුද සිටුවරුද ඔබේ දුව අපට දෙන්නැයි සිටුවරයාට පණිවුඩ එවූහ. පණිවුඩ නොරවූ කෙනෙක් නැත. ඉන්පසු සිටුවරයා, මට සියල්ලන් සතුටු කළ නොහැකිය, මේ සඳහා උපායක් කළ යුතුයයි සිතා, දුව ළඟට කැඳවා, දුව පැවිදිවෙන්ට පුළුවන්දැයි ඇසීය. ඈ පශ්චිමභවික (අවසන් ආත්මභවය) වූ හෙයින් ඒ වචනය සියක්වර සිඳි තෙලක් හිස ගැල්වූවාක් මෙන් විය. පියාණෙනි පැවිදි වන්නෙමියි කීවාය. සිටුවරයා ඈට සත්කාර කොට ඈ භික්ෂුණීආරාමයට ගෙනගොස් පැවිදිකරවීය.
තස්සා අචිරපබ්බජිතාය එව උපොසථාගාරෙ කාලවාරො පාපුණි. සා දීපං ජාලෙත්වා උපොසථාගාරං සම්මජ්ජිත්වා දීපසිඛාය නිමිත්තං ගණ්හිත්වා ඨිතාව පුනප්පුනං ඔලොකයමානා තෙජොකසිණාරම්මණං ඣානං නිබ්බත්තෙත්වා තමෙව පාදකං කත්වා අරහත්තං පාපුණි සද්ධිං පටිසම්භිදාහි චෙව අභිඤ්ඤාහි ච.
පැවිදිවූ ළඟදීම ඈට පොහෝගෙයි වතාවත් සියල්ල භාරවිය. ඈ පහන්දල්වා පොහොයගෙය අතුපතු ගා පහන්සිළුව නිමිත්තක් හැටියට ගෙන නැවත නැවතත් ඒ දෙස බලමින් තේජෝකසිණාරම්මණයෙන් (ගිනිසිළු අරමුණ) ධ්‍යාන ලබා එයම පාදකකොටගෙන, සිව්පිළිසිඹියා හා අභිඥාද සහිතව රහත්බවට පැමිණියාය.
සා අපරෙන සමයෙන ජනපදචාරිකං චරිත්වා පච්චාගන්ත්වා අන්ධවනං පාවිසි. තදා භික්ඛුනීනං අරඤ්ඤවාසො අප්පටික්ඛිත්තො හොති. අථස්සා තත්ථ කුටිකං කත්වා මඤ්චකං පඤ්ඤාපෙත්වා සාණියා පරික්ඛිපිංසු. සා සාවත්ථියං පිණ්ඩාය පවිසිත්වා නික්ඛමි. මාතුලපුත්තො පනස්සා නන්දමාණවො නාම ගිහිකාලතො පට්ඨාය පටිබද්ධචිත්තො. සො තස්සා ආගතභාවං සුත්වා ථෙරියා ආගමනතො පුරෙතරමෙව අන්ධවනං ගන්ත්වා තං කුටිකං පවිසිත්වා හෙට්ඨාමඤ්චකෙ නිලීනො ථෙරියා ආගන්ත්වා කුටිකං පවිසිත්වා ද්වාරං පිධාය මඤ්චකෙ නිසින්නමත්තාය බහි ආතපතො ආගතත්තා චක්ඛුපථෙ අන්ධකාරෙ අවිගතෙයෙව හෙට්ඨාමඤ්චකතො නික්ඛමිත්වා මඤ්චකං අභිරුය්හ “මා නස්සි බාල, මා නස්සි බාලා”ති ථෙරියා වාරියමානොයෙව අභිභවිත්වා අත්තනා පත්ථිතකම්මං කත්වා පායාසි.
පසු කලෙක එතුමිය ජනපද චාරිකාවෙහි හැසිරී ආපසු පැමිණ අන්ධවනයට ගියාය. ඒ වනවිට භික්ෂුණීන්ට අරණ්‍යවාසය තහනම් නොවීය. එතුමිය අන්ධවනයෙහි කුටියික් කරගෙන ඇඳක් තබාගෙන තිරයකින් වටකොට ගෙන එහි සිටියාය. සැවැත් නුවරට පිඬුසිඟාගොස් ආපසු කුටියට පැමිණියාය. ඇගේ මාමාගේ පුතා වන නන්දමාණව නමැත්තා ගිහිකාලයේ පටන් ඈ පිළිබඳ බැඳුණු සිතකන් විසීය. හෙතෙම තෙරණිය මෙහි පැමිණි බව දැන පිඬුසිඟා කුටියට ඒමට පළමුවෙන්ම අන්ධවනයට ගොස් ඒ කුටිය ඇතුළට රිංගා ඇඳ යට සැඟවී සිටියේය. තෙරණිය අවුත් කුටියට පිවිස දොර වසා ඇඳේ හිඳගත් කෙණෙහි පිටතදී අව්වේම ආ නිසා ඇතිවූ ඇස්අඳුර පහවී යනකොටම නන්දමාණවයා ඇඳ යටින් නැගීසිට ඇඳට ගොඩවී බාලය නොනැසෙව. බාලය නොනැසෙවයි තෙරණිය වළක්වද්දීම ඈ යටපත් කරගෙන තමන් පැතූ දෙය ඉටුකරගෙන යන්ටගියේය.
අථස්ස අගුණං ධාරෙතුං අසක්කොන්තී විය මහාපථවී ද්වෙධා භිජ්ජි. සො පථවිං පවිට්ඨො ගන්ත්වා මහාඅවීචිම්හි එව නිබ්බත්ති. ථෙරීපි තමත්ථං භික්ඛුනීනං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො ආරොචයිංසු. තං සුත්වා සත්ථා භික්ඛූ ආමන්තෙත්වා, “භික්ඛවෙ, භික්ඛුභික්ඛූනී උපාසකඋපාසිකාසු යො කොචි බාලො පාපකම්මං කරොන්තො මධුසක්ඛරාදීසු කිඤ්චි දෙව මධුරරසං ඛාදමානො පුරිසො විය තුට්ඨහට්ඨො උදග්ගුදග්ගො විය කරොතී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
පසුව ඇගේ ගුණ දරා සිටිය නොහැකිවූවාක් මෙන් මහපොළොව පැළීගියේය. නන්දමාණවයා එතැනින් පොළොවට වැටී අවීචියෙහි උපන්නේය. තෙරණිය ගොස් එම පුවත භික්ෂුණීන්ට දන්වා සිටියහ. භික්ෂුණීහු ගොස් භික්ෂූන්ට දන්වා සිටියාහුය. භික්ෂූහු එය බුදුන්ට දන්වා සිටියහ. ඒ ඇසූ බුදුරජාණන්වහන්සේ භික්ෂූන් අමතා, මහණෙනි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ට යම් අඥානයෙක් පාපකාරී අපරාධයක් කරන්නේ මී හකුරු ආදී දෙයකින් මිහිරි රසයක් ලබන පුද්ගලයෙකු මෙන් මහත් ප්‍රීතියෙන් හා උද්දාමයෙනි. එහෙත් එහි විපාකය ගිනි අඟුරු ගිලින්නාසේ යයි වදාරා පූර්වාවර පුවත් ගළවා දහම්දෙසමින් මේ ගාථාව වදාළසේක.
“මධුවා මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති; යදා ච පච්චති පාපං, බාලො දුක්ඛං නිගච්ඡතී”ති.
පව පල නොදෙනතුරු අනුවණයාට මී වැනි එය පල දෙන විටදි ඔහු දැඩි දුකට පත් වේ
තත්ථ මධුවාති බාලස්ස හි පාපං අකුසලකම්මං කරොන්තස්ස තං කම්මං මධු විය මධුරරසං විය ඉට්ඨං කන්තං මනාපං විය උපට්ඨාති. ඉති නං සො මධුංව මඤ්ඤති. යාවාති යත්තකං කාලං. පාපං න පච්චතීති දිට්ඨධම්මෙ වා සම්පරායෙ වා විපාකං න දෙති, තාව නං එවං මඤ්ඤති. යදා චාති යදා පනස්ස දිට්ඨධම්මෙ වා විවිධා කම්මකාරණා කයිරමානස්ස, සම්පරායෙ වා නිරයාදීසු මහාදුක්ඛං අනුභවන්තස්ස තං පාපං පච්චති, අථ සො බාලො දුක්ඛං නිගච්ඡති වින්දති පටිලභතීති.
එහි මධුවා යනු අකුසල හෙවත් පාපකර්ම කරන අඥානයාට ඒ කරන පාපකර්මය කරන අවස්ථාවේ එය මීපැණි මෙන් මිහිරි රසයක් මෙන් අපූරු ලෙස, සිත් ඇදගන්නා ලෙස මනාප ලෙස වැටහෙයිද, එය ඔහු මිහිරි ලෙසම මඤ්ඤති සිතයි. යාව යනු යම්තාක් කල් ඒ ඒ පාපං න පච්චති පාපය විපාක නොදෙයිද, මෙලොවදී හෝ පරලොවදී හෝ විපාක නොදෙයිද, එතෙක් ඔහු එසේ සිතයි. යදා ච යනු යම් කලෙක මෙලොව හෝ පරලොව හෝ විවිධ කටයුතු කරන ඔහුට මෙලොවදී නැත්නම් නිරයාදියෙහි මහා දුක්විඳින පුද්ගලයාටයි. පාපං පච්චති අථ පව විපාක දෙනවිට ඒ බාලො දුක්ඛං නිගච්ඡති ඒ බාල අඥානයා දුක විඳියි. දුක් ලබයි යනු අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසු.
දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියහ.
අපරෙන පන සමයෙන ධම්මසභායං මහාජනො කථං සමුට්ඨාපෙසි “ඛීණාසවාපි මඤ්ඤෙ කාමසුඛං සාදියන්ති, කාමං සෙවන්ති, කිං න සෙවිස්සන්ති, න හි එතෙ කොළාපරුක්ඛා, න ච වම්මිකා අල්ලමංසසරීරාව, තස්මා එතෙපි කාමසුඛං සාදියන්ති, කාමං සෙවන්තී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “න, භික්ඛවෙ, ඛීණාසවා කාමසුඛං සාදියන්ති, න කාමං සෙවන්ති. යථා හි පදුමපත්තෙ පතිතං උදකබින්දු, න විලිම්පති, න සණ්ඨාති, විනිවත්තෙත්වා පතතෙව, යථා ච ආරග්ගෙ සාසපො න විලිම්පති, න සණ්ඨාති, විනිවත්තෙත්වා පතතෙව, එවං ඛීණාසවස්ස චිත්තෙ දුවිධොපි කාමො න විලිම්පති, න සණ්ඨාතී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං බ්රාහ්මණවග්ගෙ ගාථමාහ –
කලකට පසු ධර්මසභාවෙහි මහාජනයා කථාවක් ඇති කළහ. ක්ෂීණාශ්රවයෝ කම් සැප ඉවසත්නම්, කාම සේවනය කෙරෙත් නම් ඒ අය සේවනය නොකරන්නේ කුමක්ද? ඒ අයත් මල්නැති දිඹුල්ගස් මෙන් නොවෙත්, තුඹස් වගේද නොවෙති. තෙත ලේමස් ඇත්තෝය. එහෙයින් ඔවුහුද කම්සැප ඉවසති, කාමසේවනය කරති යනුවෙන් කථාවක් ඇතිකළහ. භාග්‍යවතුන්වහන්සේ මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි අසා මෙබඳු කථාවකිනැයි කීකල්හි මහණෙනි, ක්ෂීණාශ්රවයෝ කම්සැප නොඉවසති, කාමසේවනය නොකෙරෙති. නෙලුම් කොළයක වැටුණු දියබින්දු එහි නොඇළෙයිද, නොපිහිටයිද පෙරළී ගොස් වැටෙන්නේම වෙයිද, ඉදිකටුවේ අග අබඇටය නොරඳාද, පිහිටා නොසිටීද පෙරළීගොස් වැටෙන්නේවේද එපරිද්දෙන් රහතන්ගේ සිතෙහි දෙයාකාර කාමය නොඇළෙයි. නොපිහිටයි යනුවෙන් පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් බ්‍රාහ්මණ වර්ගයෙහි මේ ගාථාවද වදාළහ:
“වාරි පොක්ඛරපත්තෙව, ආරග්ගෙරිව සාසපො; යො න ලිම්පති කාමෙසු, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 401);
නෙලුම්පත දිය මෙන් ඉදි කටු අගෙහි අබ මෙන් යමෙක් කම්සුව නොවිඳී නම් ඔහු බමුණෙකියි පවසමි
ඉමිස්සා අත්ථො බ්රාහ්මණවග්ගෙයෙව ආවි භවිස්සති. සත්ථා පන රාජානං පසෙනදිකොසලං පක්කොසාපෙත්වා, “මහාරාජ, ඉමස්මිං සාසනෙ යථෙව කුලපුත්තා, එවං කුලධීතරොපි මහන්තං ඤාතිගණඤ්ච භොගක්ඛන්ධඤ්ච පහාය පබ්බජිත්වා අරඤ්ඤෙ විහරන්ති. තා එවං විහරමානා රාගරත්තා පාපපුග්ගලා ඔමානාතිමානවසෙන විහෙඨෙන්තිපි, බ්රහ්මචරියන්තරායම්පි පාපෙන්ති, තස්මා භික්ඛුනිසඞ්ඝස්ස අන්තොනගරෙ වසනට්ඨානං කාතුං වට්ටතී”ති. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා නගරස්ස එකපස්සෙ භික්ඛුනිසඞ්ඝස්ස වසනට්ඨානං කාරාපෙසි. තතො පට්ඨාය භික්ඛුනියො අන්තොගාමෙයෙව වසන්තීති.
මෙහි අර්ථය බ්‍රාහ්මණ වර්ගයෙහිදීම පැහැදිලි වන්නේය. ශාස්තෘන්වහන්සේ ප්‍රසේනජිත් කොසොල්රජු කැඳවා මහරජ මේ ශාසනයෙහි යම් ලෙසකින් කුලපුතුන් හා කුලදුවණියන් මහත්වූ නෑසමූහයත්, වස්තුසම්පතුත් හැරදමා පැවිදිව ආරණ්‍ය සෙනසුන්වල වාසයකරති. එසේ වසන ඔවුන් රාගයෙන් රත්වුණු පාපී පුද්ගලයෝ අන්‍යයන් පහත්කොට සලකන අතිමාන වශයෙන් හෝ සලකමින් වෙහෙසට පත් කිරීම හා බ්‍රහ්මචරිය ප්‍රතිපදාවට අනතුරුද කෙරෙති. එනිසා භික්ෂුණීසංඝයාට ඇතුල්නුවර වාසස්ථානයක් කිරීම සුදුසුයයි දන්වා සිටියහ. රජු මැනවයි පිළිගෙන නුවර එක් පෙදෙසක භික්ෂුණීසංඝයාට වාසස්ථානයක් කරවීය. එතැන් පටන් භික්ෂුණීහු ඇතුල්ගමෙහිම වාසයකරති.
උප්පලවණ්ණත්ථෙරීවත්ථු දසමං.
දසවන උත්පලවර්ණාවගේ වස්තුවයි.