9. සුමනමාලාකාරවත්ථු අට්ඨකථා
9. සුමනමාලාකාරවත්ථු
9. සුමනමාලාකාරයාගේ වස්තුව
තඤ්ච කම්මං කතං සාධූති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො සුමනං නාම මාලාකාරං ආරබ්භ කථෙසි.
තං ච කම්මං කතං සාධු ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයෙහි සුමනමාලාකාර නමැත්තා අරභයා දේශනා කරන ලද්දකි.
සො කිර දෙවසිකං බිම්බිසාරරාජානං පාතොව අට්ඨහි සුමනපුප්ඵනාළීහි උපට්ඨහන්තො අට්ඨ කහාපණෙ ලභති. අථෙකදිවසං තස්මිං පුප්ඵානි ගහෙත්වා නගරං පවිට්ඨමත්තෙ භගවා මහාභික්ඛුසඞ්ඝපරිවුතො ඡබ්බණ්ණරංසියො විස්සජ්ජෙත්වා මහතා බුද්ධානුභාවෙන මහතියා බුද්ධලීළාය නගරං පිණ්ඩාය පාවිසි. භගවා හි එකදා ඡබ්බණ්ණරංසියො චීවරෙන පටිච්ඡාදෙත්වා අඤ්ඤතරො පිණ්ඩපාතිකො විය චරති තිංසයොජනමග්ගං අඞ්ගුලිමාලස්ස පච්චුග්ගමනං ගච්ඡන්තො විය, එකදා ඡබ්බණ්ණරංසියො විස්සජ්ජෙත්වා කපිලවත්ථුප්පවෙසනාදීසු විය. තස්මිම්පි දිවසෙ සරීරතො ඡබ්බණ්ණරංසියො විස්සජ්ජෙන්තො මහන්තෙන බුද්ධානුභාවෙන මහතියා බුද්ධලීළාය රාජගහං පාවිසි.
සුමනමාලාකාර දිනපතා උදෑසනම බිම්බිසාර රජුට දසමන්මල් නැළි අටක් පිළිගන්වා කහවණු අට බැගින් ලබාගනියි. දිනක් ඔහු මල් රැගෙන නගරයට පිවිසි වේලාවේ මහාභික්ෂුසංඝයා පිරිවරා සවණක්රැස් විහිදුවමින් බුද්ධානුභාවයෙන් මුළුනගරය ආලෝකමත් කරමින් භාග්‍යවතුන්වහන්සේ නගරයට පිඬුපිණිස පිවිසිසේක. භාග්‍යවතුන්වහන්සේ එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ඇතැම් දවසක සවණක්රැස් සිවුරෙන් වසාගෙන, තුන්යොදුන් පමණ මග අංගුලිමාලට ඉදිරියෙන් යන්නාක් මෙන්ද, තවත් දිනෙක, කපිලවස්තුවට පිවිසියාක් මෙන් සවණක්රැස් විසුරුවමින්ද හැසිරෙති. මෙදිනද සිරුරින් සවණක් රැස් විහිදුවමින් මහත්වූ බුද්ධානුභාවයෙන්, මහත්වූ බුද්ධලීලාවෙන් රජගහ නුවරට පිවිසියාහුය.
මාලාකාරො භගවතො රතනග්ඝියසදිසං අත්තභාවං දිස්වා ද්වත්තිංසමහාපුරිසලක්ඛණඅසීතානුබ්යඤ්ජනසරීරසොභග්ගං ඔලොකෙත්වා පසන්නචිත්තො “කිං නු ඛො සත්ථු අධිකාරං කරොමී”ති චින්තෙත්වා අඤ්ඤං අපස්සන්තො “ඉමෙහි පුප්ඵෙහි භගවන්තං පූජෙස්සාමී”ති චින්තෙත්වා පුන චින්තෙසි – “ඉමානි රඤ්ඤො නිබද්ධං උපට්ඨානපුප්ඵානි, රාජා ඉමානි අලභන්තො මං බන්ධාපෙය්ය වා ඝාතාපෙය්ය වා රට්ඨතො වා පබ්බාජෙය්ය, කිං නු ඛො කරොමී”ති? අථස්ස එතදහොසි “රාජා මං ඝාතෙතු වා බන්ධාපෙතු වා රට්ඨතො පබ්බාජෙතු වා, සො හි මය්හං දදමානොපි ඉමස්මිං අත්තභාවෙ ජීවිතමත්තං ධනං දදෙය්ය, සත්ථුපූජා පන මෙ අනෙකාසු කප්පකොටීසු අලං හිතාය චෙව සුඛාය චා”ති අත්තනො ජීවිතං තථාගතස්ස පරිච්චජි.
මාලාකාර තෙම භාග්‍යවතුන්වහන්සේගේ රන්තොරණක් රුවන්තොරණක් වැනි දෙතිස් මහාපුරුෂලක්ෂණද අසූවක් අනුව්‍යංජනයෙන් ශෝභා සම්පන්න ශරීරය දැක පැහැදුණු සිත් ඇතිව බුදුන්ට කිසියම් පූජාවක් කරමියි සිතා වෙනත් කිසිවක් නොදැක මේ මල්වලින් බුදුන් පුදමියි සිතා නැවත මෙසේ සිතීය. මේ මල් නිතරම රජුට උපස්ථාන පිණිස ගෙනයන ඒවාය. රජු මේ මල් නොලැබ මා බන්ධනාගාරයේ දමනු ඇත. මා ඝාතනය කරනු ඇත. රටින් පිටුවහල් කරනු ඇත. දැන් ඉතින් කුමක් කරන්නෙම්ද? ඔහුට මෙබදු සිතක් පහළවිය. ඉතින් මේ රජු මා ඝාතනය කළත්, බන්ධනාගාරගත කළත් රටින් එළවා දැම්මත් කමක් නැත. ඔහු මට දෙන්නේත් මේ ලොව ජීවත්වීමට පමණක් සෑහෙන ධනයකි. බුදුන්ට පූජා පැවැත්වීමෙන් මට නොයෙක් කල්ප කෝටිගණනක් හිතසුව පිණිස වන්නේයයි තම ජීවිතය බුදුන් උදෙසා පරිත්‍යාග කෙළේය.
සො “යාව මෙ පසන්නං චිත්තං න පතිකුටති, තං තාවදෙව පූජං කරිස්සාමී”ති හට්ඨතුට්ඨො උදග්ගුදග්ගො සත්ථාරං පූජෙසි. කථං? පඨමං තාව ද්වෙව පුප්ඵමුට්ඨියො තථාගතස්ස උපරි ඛිපි, තා උපරිමත්ථකෙ විතානං හුත්වා අට්ඨංසු. අපරා ද්වෙ මුට්ඨියො ඛිපි, තා දක්ඛිණහත්ථපස්සෙන මාලාපටච්ඡන්නෙන ඔතරිත්වා අට්ඨංසු. අපරා ද්වෙ මුට්ඨියො ඛිපි, තා පිට්ඨිපස්සෙන ඔතරිත්වා තථෙව අට්ඨංසු. අපරා ද්වෙ මුට්ඨියො ඛිපි, තා වාමහත්ථපස්සෙන ඔතරිත්වා තථෙව අට්ඨංසු. එවං අට්ඨ නාළියො අට්ඨ මුට්ඨියො හුත්වා චතූසු ඨානෙසු තථාගතං පරික්ඛිපිංසු. පුරතො ගමනද්වාරමත්තමෙව අහොසි. පුප්ඵානං වණ්ටානි අන්තො අහෙසුං, පත්තානි බහිමුඛානි. භගවා රජතපත්තපරික්ඛිත්තො විය හුත්වා පායාසි. පුප්ඵානි අචිත්තකානිපි සචිත්තකං නිස්සාය සචිත්තකානි විය අභිජ්ජිත්වා අපතිත්වා සත්ථාරා සද්ධිංයෙව ගච්ඡන්ති, ඨිතඨිතට්ඨානෙ තිට්ඨන්ති. සත්ථු සරීරතො සතසහස්සවිජ්ජුලතා විය රංසියො නික්ඛමිංසු. පුරතො ච පච්ඡතො ච දක්ඛිණතො ච වාමතො ච සීසමත්ථකතො ච නිරන්තරං නික්ඛන්තරංසීසු එකාපි සම්මුඛසම්මුඛට්ඨානෙනෙව අපලායිත්වා සබ්බාපි සත්ථාරං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා තරුණතාලක්ඛන්ධප්පමාණා හුත්වා පුරතො එව ධාවන්ති.
හෙතෙම මගේ පැහැදුණු සිත වෙනස්වීයාමට පෙර පූජාව කරන්නෙමියි තුටුපහටුව උද්දාමයට පත්ව බුදුන් පිදුවේය. ඒ කෙසේද? පළමු කොටම මල්මිටි දෙකක් බුදුරදුන් ඉදිරියෙහි උඩට දැම්මේය. එය බුදුන්ගේ හිසට ඉහළින් වියනක් මෙන්වී සිටියේය. තවත් මල්මිටි දෙකක් උඩට දැමීය. ඒවා දකුණු අත් පැත්තෙන් මල්තිරයක් මෙන්වී සිටියේය. තවත් දෙමිටක් දැමූකල්හි ඒවා බුදුරදුන්ගේ පිටුපසින් මල්තිරයක්විය. තවත් දෙමිටක් දැමූකල එය වම්පසින් මල්තිරයක් විය. මෙසේ මල්නැළි අට සතර තැනක සිට බුදුරදුන් වසා ගත්තාමෙන් වී ඉතිරිවිය. මල්වල නැටි ඇතුලට විය. පෙති පිටතට විය. භාග්‍යවතුන්වහන්සේ රතුරෙද්දකින් වටකළාක්මෙන්වී වැඩියහ. සිතක් නැති මල් සිතක් ඇතිව පිදූ හෙයින් සිතක් ඇත්තාක් මෙන් වී නොබිඳී නොවැටී බුදුන් සමගම යයි. සිටිසිටි තැන්වල සිටී. බුද්ධ ශරීරයෙන් සිය ගණන් රැස්මාලා නික්මිණි. පෙරටුවෙන් පසුපසින් දකුණෙන් වමෙන් හිස්මුදුනින් අතරක් නැතිව නිකුත් රශ්මිවලින් එකක් හෝ හමුවූ තැන්වලින් පහව නොගොස් සියලු රැස්වළලු ශාස්තෘන්වහන්සේ තෙවරක් ප්රදක්ෂිණාකොට නාඹුල් තල්කඳන් පමණවී පෙරටුවෙන්ම දුවයි.
සකලනගරං සඞ්ඛුභි. අන්තොනගරෙ නව කොටියො, බහිනගරෙ නව කොටියොති අට්ඨාරසසු කොටීසු එකොපි පුරිසො වා ඉත්ථී වා භික්ඛං ගහෙත්වා අනික්ඛන්තො නාම නත්ථි. මහාජනො සීහනාදං නදන්තො චෙලුක්ඛෙපසහස්සානි කරොන්තො සත්ථු පුරතොව ගච්ඡති. සත්ථාපි මාලාකාරස්ස ගුණං පාකටං කාතුං තිගාවුතප්පමාණෙ නගරෙ භෙරිචරණමග්ගෙනෙව අචරි. මාලාකාරස්ස සකලසරීරං පඤ්චවණ්ණාය පීතියා පරිපූරි.
මුළු නගරය ඇළලී ගියේය. ඇතුළු නුවර නවකෝටියක්ද පිටනුවර නවකෝටියක්දැයි දහඅට කෝටියක් ජනයන්ගෙන් එක් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ආහාරයක් රැගෙන පැමිණියේ නැත. මහාජනයා සිංහනාද කරමින් හුණකළල් වනමින් බුදුන් පෙරටුවෙන්ම යෙති. ශාස්තෘන්වහන්සේ මාලාකාරයාගේ ගුණ ප්‍රකට කරමින් තුන්ගවු පමණවූ නගරයෙහි බෙර හඬවන මාර්ගයෙහිම වැඩිසේක. මාලාකාරයාගේ මුළුසිරුරම පස්වණක් ප්‍රීතියෙන් පිනාගියේය.
සො ථොකඤ්ඤෙව තථාගතෙන සද්ධිං චරිත්වා මනොසිලාරසෙ නිමුග්ගො විය බුද්ධරස්මීනං අන්තො පවිට්ඨො සත්ථාරං ථොමෙත්වා වන්දිත්වා තුච්ඡපච්ඡිමෙව ගහෙත්වා ගෙහං අගමාසි. අථ නං භරියා පුච්ඡි “කහං පුප්ඵානී”ති? “සත්ථා මෙ පූජිතො”ති. “රඤ්ඤො දානි කිං කරිස්සසී”ති? “රාජා මං ඝාතෙතු වා රට්ඨතො වා නීහරතු, අහං ජීවිතං පරිච්චජිත්වා සත්ථාරං පූජෙසිං, සබ්බපුප්ඵානි අට්ඨ මුට්ඨියොව අහෙසුං, එවරූපා නාම පූජා ජාතා. මහාජනො උක්කුට්ඨිසහස්සානි කරොන්තො සත්ථාරා සද්ධිං චරති, යො එස මහාජනස්ස උක්කුට්ඨිසද්දො, තස්මිං ඨානෙ එසො”ති.
හෙතෙම ටිකදුරක් බුදුන් සමග ගොස් මනෝසිලා වතුරක ගිළුණාක් මෙන් බුදුරැස් අතරට වැදී බුදුන්ට ස්තුති කොට වැඳ හිස් පැසම රැගෙන ගෙදර ගියේය. ඉන්පසු ඔහුගේ භාර්යාව මෙසේ ඇසුවාය. මල් කොහේද? මම ඒවා බුදුන්ට පිදුවෙමි. දැන් රජු කුමක් කෙරෙයිද? රජු මා මරා දමනු හැකිය, රටින් පිටුවහල් කළ හැකිය, මම ජීවිතය පුදා බුදුන් පිදුවෙමි. සියලුමල් අටමිටක් විය. මෙබඳු පූජාවක් සිදුවිය. මහාජනතාව දහස් ගණනින් උන්නාද පවත්වමින් බුදුන් සමග නගරයෙහි හැසිරෙති. එහි නැගෙන උන්නාද ශබ්දය දැනුත් ඇසෙයි.
අථස්ස භරියා අන්ධබාලතාය එවරූපෙ පාටිහාරියෙ පසාදං නාම අජනෙත්වා තං අක්කොසිත්වා පරිභාසිත්වා “රාජානො නාම චණ්ඩා, සකිං කුද්ධා හත්ථපාදාදිච්ඡෙදනෙන බහුම්පි අනත්ථං කරොන්ති, තයා කතකම්මෙන මය්හම්පි අනත්ථො සියා”ති පුත්තෙ ආදාය රාජකුලං ගන්ත්වා රඤ්ඤා පක්කොසිත්‍වා “කිං එත”න්ති පුච්ඡිතා ආහ – “මම සාමිකො තුම්හාකං උපට්ඨානපුප්ඵෙහි සත්ථාරං පූජෙත්වා තුච්ඡහත්ථො ඝරං ආගන්ත්වා ‘කහං පුප්ඵානී’ති මයා පුට්ඨො ඉදං නාම වදෙසි, අහං තං පරිභාසිත්වා ‘රාජානො නාම චණ්ඩා, සකිං කුද්ධා හත්ථපාදාදිච්ඡෙදනෙන බහුම්පි අනත්ථං කරොන්ති, තයා කතකම්මෙන මය්හම්පි අනත්ථො සියා’ති තං ඡඩ්ඩෙත්වා ඉධාගතා, තෙන කතං කම්මං සුකතං වා හොතු, දුක්කටං වා, තස්සෙවෙතං, මයා තස්ස ඡඩ්ඩිතභාවං ජානාහි, දෙවා”ති.
ඔහුගේ අනුවණ බිරිය මෙබඳු වූ ප්‍රාතිහාර්යයෙහි ප්‍රසාදයක් උපදවා ගතනොහැකිව ඔහුට බැණ දොඩා නින්දාකොට රජවරු, සැඩ පරුෂය, වරක් කිපුණොත් අත්පා කැපීම් ආදි බොහෝ අනර්ථ සිදුකරති. ඔබ කළ දෙයින් මටත් නපුරක් වියහැකියයි දරුවනුත් රැගෙන රජවාසලට ගියපසු රජු ඈ කැඳවා මේ කිමෙක්දැයි ඇසූකල, මේ මගේ සැමියා ඔබවහන්සේට ගෙනා මල්වලින් බුදුන් පුදා හිස් අතින් ගෙදර ආවේය. මල් කොයිදැයි මම ඇසීමි. මෙසේ වීයයි හේ කීය. මම ඔහුට බැණදොඩා, රජවරු චණ්ඩයෝය, වරක් කිපුණොත් අත් පා කපාදැමීම් ආදී බොහෝ වධබන්ධන කෙරෙත්, ඔබකළ වරදින් මාත් අනතුරේ වැටෙතියි ඔහු හැරදමා මෙහි ආවෙමි. ඔහු කළ දෙය හොඳක්වුවත් නරකක්වුවත් කමක් නැත. මම ඔහු හැරදමා ආබව දේවයන්වහන්සේ දැනගනු මැනව.
රාජා පඨමදස්සනෙනෙව සොතාපත්තිඵලං පත්තො සද්ධො පසන්නො අරියසාවකො චින්තෙසි – “අහො අයං ඉත්ථී අන්ධබාලා, එවරූපෙ ගුණෙ පසාදං න උප්පාදෙසී”ති. සො කුද්ධො විය හුත්වා, “අම්ම, කිං වදෙසි, මය්හං උපට්ඨානපුප්ඵෙහි තෙන පූජා කතා”ති? “ආම, දෙවා”ති. “භද්දකං තෙ කතං තං ඡඩ්ඩෙන්තියා, මම පුප්ඵෙහි පූජාකාරස්ස අහං කත්තබ්බයුත්තකං ජානිස්සාමී”ති තං උය්යොජෙත්වා වෙගෙන සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා සත්ථාරා සද්ධිංයෙව විචරි.
බුදුන් දුටු ප්‍රථම දර්ශනයෙන්ම රජු සෝවාන්ඵලයට පැමිණි ශ්රද්ධාවටත් ප්රසාදයටත් පත් ආර්යශ්රාවකයෙකි. ඔහු මෙසේ සීතිය. අනේ මේ මෝඩ ගැහැණිය මෙබඳු ගුණයන් කෙරෙහි පැහැදීමක් පවා උපදවා නොගත්තීයයි කෝපවූවාක් මෙන්වී මෑණියනි, කුමක් කියන්නීද? මා සඳහා ගෙනා මල්වලින් ඔහු පූජාවක් කෙළේද? එසේය දේවයිනි, ඔහු අත්හැර දැමීමෙන් ඔබ යහපත් වැඩක් කෙළෙහිය. මගේ මල් පූජාකළවුන්ට කළයුත්ත දනිමියි ඇය පිටත්කර වේගයෙන් බුදුන් වෙත ගොස් බුදුන් සමග ඇවිද්දේය.
සත්ථා රඤ්ඤො චිත්තප්පසාදං ඤත්වා භෙරිචරණවීථියා නගරං චරිත්වා රඤ්ඤො ඝරද්වාරං අගමාසි. රාජා පත්තං ගහෙත්වා සත්ථාරං ගෙහං පවෙසෙතුකාමො අහොසි. සත්ථා පන රාජඞ්ගණෙයෙව නිසීදනාකාරං දස්සෙසි. රාජා තං ඤත්වා “සීඝං මණ්ඩපං කරොථා”ති තඞ්ඛණඤ්ඤෙව මණ්ඩපං කාරාපෙසි. නිසීදි සත්ථා සද්ධිං භික්ඛුසඞ්ඝෙන. කස්මා පන සත්ථා රාජගෙහං න පාවිසි?
බුදුරජාණන්වහන්සේ ඔහුගේ සිතේ ඇති ප්‍රසාදය දැන බෙරගසන වීථියෙන් නගරයට පැමිණ රජමාලිගා දොරට වැඩියහ. රජු බුදුන්ගේ පාත්‍රය ගෙන බුදුන් ගෙතුළට වැඩමවාගනු කැමතිවිය. ශාස්තෘන්වහන්සේ රජමිදුලෙහිම වැඩ සිටීමට කැමතිබව දැක්වූහ. රජු ඒ දැන වහා මණ්ඩපයක් කරව්යයි එකෙණෙහිම මණ්ඩපයක් කරවූයේය. බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයාත් සමග එහි වැඩසිටිසේක. බුදුරජාණන්වහන්සේ රජගෙදරට වැඩමනොවූයේ කුමක් නිසාද?
එවං කිරස්ස අහොසි – “සචාහං අන්තො පවිසිත්වා නිසීදෙය්යං, මහාජනො මං දට්ඨුං න ලභෙය්ය, මාලාකාරස්ස ගුණො පාකටො න භවෙය්ය, රාජඞ්ගණෙ පන මං නිසින්නං මහාජනො දට්ඨුං ලභිස්සති, මාලාකාරස්ස ගුණො පාකටො භවිස්සතී”ති. ගුණවන්තානඤ්හි ගුණං බුද්ධා එව පාකටං කාතුං සක්කොන්ති, අවසෙසජනො ගුණවන්තානං ගුණං කථෙන්තො මච්ඡරායති.
ඉදින් මා රජගෙය ඇතුළට ගොස් හිඳගතහොත් මහාජනයාට මා බලාගැනීමට නොහැකිවන්නේය. මාලාකාරයාගේ ගුණද ප්‍රකට නොවන්නේය. රාජාංගනයේ සිටිකල මහාජනයාට මා දැක ගන්නටත්, මාලාකාරයාගේ ගුණ ප්රකටවීමටත් ඉඩ ලැබෙන්නේය, ගුණවතුන්ගේ ගුණ ප්රකටකරවන්නට බුදුවරුම සමත් වෙති. සෙසු අය ගුණවතුන්ගේ ගුණ කීමට මසුරුවෙතියි සිතා රජගේතුළට නොවැඩියහ.
චත්තාරො පුප්ඵපටා චතුද්දිසං අට්ඨංසු. මහාජනො සත්ථාරං පරිවාරෙසි. රාජා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙනාහාරෙන පරිවිසි. සත්ථා භත්තකිච්චාවසානෙ අනුමොදනං කත්වා පුරිමනයෙනෙව චතූහි පුප්ඵපටෙහි පරික්ඛිත්තො සීහනාදං නදන්තො මහාජනෙන පරිවුතො විහාරං අගමාසි. රාජා සත්ථාරං අනුගන්ත්වා නිවත්තො මාලාකාරං පක්කොසාපෙත්වා “මම ආහරිතපුප්ඵෙහි කින්ති කත්වා සත්ථාරං පූජෙසී”ති පුච්ඡි. මාලාකාරො “රාජා මං ඝාතෙතු වා රට්ඨතො වා පබ්බාජෙතූති ජීවිතං පරිච්චජිත්වා පූජෙසිං දෙවා”ති ආහ. රාජා “ත්වං මහාපුරිසො නාමා”ති වත්වා අට්ඨ හත්ථී ච අස්සෙ ච දාසෙ ච දාසියො ච මහාපසාධනානි ච අට්ඨ කහාපණසහස්සානි ච රාජකුලතො නීහරිත්වා සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතා අට්ඨ නාරියො ච අට්ඨ ගාමවරෙ චාති ඉදං සබ්බට්ඨකං නාම දානං අදාසි.
මල්තිර සතරක් සතර පැත්තෙන් විය. මහාජනයා බුදුන් පිරිවරා සිටියහ. රජු බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයාවහන්සේට ප්‍රණීත ආහාරය පිළිගැන්වීය. බුදුහු බත්කිස අවසානයෙහි අනුමෝදනාකොට පෙර පරිද්දෙන් මල්තිර සතරකින් වටවී ප්රීතිඝෝෂාකරන මහාජනයා පිරිවරා විහාරයට වැඩිසේක. රජු බුදුරදුන් අනුව ගොස් නැවතී මාලාකාර කැඳවා, මට ගෙනා මල්මිටිඅටින් කවර අයුරකින් බුදුන් පිදුවේදැයි ඇසීය. මාලාකාර, රජු මා මරා දැමුවත්, රටින් එළවා දැමුවත්, කමක් නැතැයි ජීවිත පරිත්‍යාගයෙන් පිදුවෙමි දේවයන්වහන්සයැයි පිළිතුරු දුන්නේය. රජු ඔබ මහා පුරුෂයෙකියි කියා ඇතුන් අටදෙනෙක්, ආදිවශයෙන් අසුන්, දාසයන් දාසීන් හා මහා පළඳනාද දී කහවණු අටදහසක් රජකුලයෙන් මුදාහැර සව්බරණින් සැරසුණු ස්ත්‍රීන් අටදෙනෙක්ද ගම්වර අටක්දැයි මෙසේ සියල්ලෙන් අට බැගින් සබ්බට්ඨක නම් පරිත්‍යාගයක් කෙළේය.
ආනන්දත්ථෙරො චින්තෙසි – “අජ්ජ පාතොව පට්ඨාය සීහනාදසහස්සානි චෙව චෙලුක්ඛෙපසහස්සානි ච පවත්තන්ති, කො නු ඛො මාලාකාරස්ස විපාකො”ති? සො සත්ථාරං පුච්ඡි. අථ නං සත්ථා ආහ – “ආනන්ද, ඉමිනා මාලාකාරෙන අප්පමත්තකං කම්මං කත”න්ති මා සල්ලක්ඛෙසි, අයඤ්හි මය්හං ජීවිතං පරිච්චජිත්වා පූජං අකාසි. සො එවං මයි චිත්තං පසාදෙත්වා –
ආනන්ද තෙරණුවෝ මෙසේ සිතූහ. අද උදේ පටන් සිංහනාද දහස් ගණනක්ද, හුණකුළල් වනමින් කරන පුදපෙරහැරද පවතී. මාලාකාරයාගේ පූජාවේ අනුසස් කෙසේවීදැයි බුදුරදුන්ගෙන් විචාළහ. ශාස්තෘන්වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා, ආනන්ද, මේ මාලාකාර විසින් කුඩා දෙයක් කරනලදැයි නොසලකව. මොහු විසින් මා වෙනුවෙන් දිවි පුදා මේ පූජාව කරනලදි. හෙතෙම මෙසේ මා කෙරෙහි සිත පහදවා කළ පිනෙන්
“කප්පානං සතසහස්සං, දුග්ගතිං න ගමිස්සති; ඨත්වා දෙවමනුස්සෙසු, ඵලං එතස්ස කම්මුනො; පච්ඡා පච්චෙකසම්බුද්ධො, සුමනො නාම භවිස්සතී”ති. –
කල්පලක්ෂයක් දුගතියකට නොයයි. දෙව්මිනිසුන් අතර මේ හේතුකොටගෙන මහත්ඵල ලබා පසුව සුමන නමින් පසේබුදුවරයෙකු වන්නේය.
ආහ. සත්ථු පන විහාරං ගන්ත්වා ගන්ධකුටිපවිසනකාලෙ තානි පුප්ඵානි ද්වාරකොට්ඨකෙ පතිංසු. සායන්හසමයෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “අහො අච්ඡරියං මාලාකාරස්ස කම්මං, ධරමානකබුද්ධස්ස ජීවිතං පරිච්චජිත්වා පුප්ඵපූජං කත්වා තඞ්ඛණඤ්ඤෙව සබ්බට්ඨකං නාම ලභතී”ති. සත්ථා ගන්ධකුටිතො නික්ඛමිත්වා තිණ්ණං ගමනානං අඤ්ඤතරෙන ගමනෙන ධම්මසභං ගන්ත්වා බුද්ධාසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “ආම, භික්ඛවෙ, යස්ස කම්මස්ස කතත්තා පච්ඡානුතප්පං න හොති, අනුස්සරිතානුස්සරිතක්ඛණෙ සොමනස්සමෙව උප්පජ්ජති, එවරූපං කම්මං කත්තබ්බමෙවා”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මෙසේ වදාරා බුදුරජාණන්වහන්සේ විහාරයට වැඩමවා ගඳකිළියට පිවිසෙන වේලාවෙහි ඒ මල් දොරටුව ළඟ වැටුණේය. සවස් වේලෙහි දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු, අනේ පුදුමයි මේ මාලාකාරයා ජීවමාන සම්මාසම්බුදුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ පූජාව නිසා එකෙණෙහිම සබ්බට්ඨක නම් පරිත්‍යාගයක් ලැබුවේයයි කථාවක් ඇති කළහ. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙන් නික්ම ත්‍රිවිධ ගමන් විලාසයන්ගෙන් එකකින් දම්සභාවට වැඩමවා බුදුඅසුන්හි වැඩහිඳ, මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙබඳු කථාවකිනුයි කීකල්හි, එසේය මහණෙනි, යම් ක්‍රියාවක් කිරීමෙන් පසු පසුතැවිල්ලක් නොවේනම් සිහිකරන කරන මොහොතෙහි සතුටක් ප්‍රීතියක්ම උපදීනම් එබඳු ක්‍රියා කළයුතුම වේයයි වදාරා මේ ගාථාව ප්‍රකාශ කළසේක:
“තඤ්ච කම්මං කතං සාධු, යං කත්වා නානුතප්පති; යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවතී”ති.
තමා කළ වැඩ ගැන සොම්නසම ඇතිවේ නම් එබඳු දේ කළ යුතු එයින් පසුතැවිලි ඇතිනොම වේ
තත්ථ යං කත්වාති යං දෙවමනුස්සසම්පත්තීනඤ්චෙව නිබ්බානසම්පත්තියා ච නිබ්බත්තනසමත්ථං සුඛුද්රයං කම්මං කත්වා නානුතප්පති, අථ ඛො දිට්ඨධම්මෙයෙව අනුස්සරිතානුස්සරිතක්ඛණෙයෙව පීතිවෙගෙන පතීතො සොමනස්සවෙගෙන ච සුමනො හුත්වා ආයතිං පීතිසොමනස්සජාතො හුත්වා විපාකං පටිසෙවති, තං කම්මං කතං සාධු භද්දකන්ති.
එහි යං කත්වා යනු යම් දෙව්මිනිස් සැප හා නිවන්සැපද උපදාදීමට සමත් සැපඋපදවන ක්‍රියාකොට නානුතප්පති නොතැවෙයි. එසේම මෙලොවදීත් සිහිකරන කරන මොහොතක් පාසා ඇතිවන ප්‍රීතිවේගයෙන් පතීතො ප්රමුදිතවන්නේ සොම්නස් වේගයෙනුත් සුමනො ප්‍රීතිමත් මනසක් ඇතිව මෙලොව ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විපාකං පටිසෙවති තං කම්මං කතං සාධු විපාක හෙවත් ප්‍රතිඵල ලබාගනීද එබඳු කර්ම යහපත්වේ.
දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසීති.
දේශනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය.
සුමනමාලාකාරවත්ථු නවමං.
නවවන සුමනමාලාකාරයාගේ වස්තුවයි.