8. කස්සකවත්ථු අට්ඨකථා
8. කස්සකවත්ථු
8. ගොවියාගේ කථාවස්තුව
න තං කම්මං කතං සාධූති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කස්සකං ආරබ්භ කථෙසි.
න තං කම්මං කතං සාධු ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි එක් ගොවියෙක් උදෙසා දේශනාකළහ.
සො කිර සාවත්ථිතො අවිදූරෙ එකං ඛෙත්තං කසති. චොරා උදකනිද්ධමනෙන නගරං පවිසිත්වා එකස්මිං අඩ්ඪකුලෙ උමඞ්ගං භින්දිත්වා බහුං හිරඤ්ඤසුවණ්ණං ගහෙත්වා උදකනිද්ධමනෙනෙව නික්ඛමිංසු. එකො චොරො තෙ වඤ්චෙත්වා එකං සහස්සත්ථවිකං ඔවට්ටිකාය කත්වා තං ඛෙත්තං ගන්ත්වා තෙහි සද්ධිං භණ්ඩං භාජෙත්වා ආදාය ගච්ඡන්තො ඔවට්ටිකතො පතමානං සහස්සත්ථවිකං න සල්ලක්ඛෙසි.
ඒ ගොවියා සැවැත්නුවර සමීපයෙහි එක් කුඹුරක ගොවිතැන් කරයි. සොරු දියකාණුව දිගේම අවුත් නුවරට වැද එක් ධනවත් නිවසකට උමගක් හාරා බොහෝ රන්රුවන් සොරා ගෙන ඒ දිය ඇලින්ම නික්මුණාහුය. එක්සොරෙක් අනිත් සොරුන් රවටා එක් දහසක් බැඳි පියල්ලක් (පොදියක්) කොට ඒ කුඹුරට ගොස් ඔවුන් සමග භාණ්ඩ බෙදාගෙන යන්නේ වළලු ආදි ආභරණ පොදියෙන් ගිලිහී වැටුණු දහසක් බැඳි පියල්ල ගැන නොදත්තාහුය.
තං දිවසං සත්ථා පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො තං කස්සකං අත්තනො ඤාණජාලස්ස අන්තොපවිට්ඨං දිස්වා “කිං නු ඛො භවිස්සතී”ති උපධාරයමානො ඉදං අද්දස – “අයං කස්සකො පාතොව කසිතුං ගමිස්සති, භණ්ඩසාමිකා චොරානං අනුපදං ගන්ත්වා ඔවට්ටිකතො පතමානං සහස්සත්ථවිකං දිස්වා එතං ගණ්හිස්සන්ති, මං ඨපෙත්වා තස්ස අඤ්ඤො සක්ඛී නාම න භවිස්සති, සොතාපත්තිමග්ගස්ස උපනිස්සයොපිස්ස අත්ථි, තත්ථ මයා ගන්තුං වට්ටතී”ති.
එදින බුදුරජාණන්වහන්සේ උදෑසන ලොව බලනසේක් ඒ ගොවියා තමන්ගේ ඥානදැලට පිවිසෙන බව දැක ඔහුට කුමක් සිදුවන්නේදැයි සොයාබලනසේක් මෙසේ දුටුසේක. මේ ගොවියා උදෑසනම සීසෑමට කුඹුරටයයි. භාණ්ඩ අයිතිකරුවෝ සොරුන්ගේ අඩිපාරදිගේ අවුත් දහසක් බැඳි පියල්ල දැක මොහු අල්ලාගන්නාහුය. මා හැර ඔහුට වෙනත් සාක්ෂියක් නැත. සෝවාන් වීමේ හේතු සම්පත්ද මොහුට ඇත. මා එහි යා යුතුයයි සිතූසේක.
සොපි කස්සකො පාතොව කසිතුං ගතො. සත්ථා ආනන්දත්ථෙරෙන පච්ඡාසමණෙන තත්ථ අගමාසි. කස්සකො සත්ථාරං දිස්වා ගන්ත්වා භගවන්තං වන්දිත්වා පුන කසිතුං ආරභි. සත්ථා තෙන සද්ධිං කිඤ්චි අවත්වාව සහස්සත්ථවිකාය පතිතට්ඨානං ගන්ත්වා තං දිස්වා ආනන්දත්ථෙරං ආහ – “පස්ස, ආනන්ද, ආසීවිසො”ති. “පස්සාමි, භන්තෙ, ඝොරවිසො”ති.
ඒ ගොවියාද පාන්දරම සීසෑමට ගියේය. ශාස්තෘන්වහන්සේ ආනන්ද තෙරණුවනුත් සමග එහි වැඩිසේක. ගොවියා බුදුන් දැක ළඟට ගොස් වැඳ නැවත සීසාන්ට පටන් ගත්තේය. ශාස්තෘන්වහන්සේ ඔහු හා කිසිවක් කතානොකොටම දහසක්බැඳි පියල්ල වැටුණුතැනට ගොස් එය බලා, ආනන්ද සර්පයා දුටුවෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය ඒ ඝෝරවිෂ සර්පයා දුටුවෙමියි කීහ.
කස්සකො තං කථං සුත්වා “මම වෙලාය වා අවෙලාය වා විචරණට්ඨානමෙතං, ආසීවිසො කිරෙත්ථ අත්ථී”ති චින්තෙත්වා සත්ථරි එත්තකං වත්වා පක්කන්තෙ “මාරෙස්සාමි න”න්ති පතොදලට්ඨිං ආදාය ගතො සහස්සභණ්ඩිකං දිස්වා “ඉමං සන්ධාය සත්ථාරා කථිතං භවිස්සතී”ති තං ආදාය නිවත්තො, අබ්යත්තතාය එකමන්තෙ ඨපෙත්වා පංසුනා පටිච්ඡාදෙත්වා පුන කසිතුං ආරභි.
ගොවියා ඒ කථාව අසාගෙන සිට, මම වේලාවේත් අවේලාවේත් මෙහි හැසිරෙන්නෙමි. මෙහි සර්පයෙක් ඇතැයි සිතා, බුදුන් ආපසු වැඩි කල ඌ මරා දමන්නෙමියි කෙවිටත් රැගෙන එහි ගියවිට දහසින් බැඳි පියල්ල දැක, මේ සඳහා බුදුරජාණන්වහන්සේ සර්පයායයි කියන ලදහයි සලකාගෙන එය රැගෙන නැවතී නුවණැති හෙයින් එය එක් පැත්තක තබා පසින් වසා නැවත හාන්ට පටන්ගත්තේය.
මනුස්සා ච විභාතාය රත්තියා ගෙහෙ චොරෙහි කතකම්මං දිස්වා පදානුපදං ගච්ඡන්තා තං ඛෙත්තං ගන්ත්වා තත්ථ චොරෙහි භණ්ඩස්ස භාජිතට්ඨානං දිස්වා කස්සකස්ස පදවලඤ්ජං අද්දසංසු. තෙ තස්ස පදානුසාරෙන ගන්ත්වා ථවිකාය ඨපිතට්ඨානං දිස්වා පංසුං වියූහිත්වා ථවිකං ආදාය “ත්වං ගෙහං විලුම්පිත්වා ඛෙත්තං කසමානො විය විචරසී”ති තජ්ජෙත්වා පොථෙත්වා නෙත්වා රඤ්ඤො දස්සයිංසු. රාජා තං පවත්තිං සුත්වා තස්ස වධං ආණාපෙසි. රාජපුරිසා තං පච්ඡාබාහං බන්ධිත්වා කසාහි තාළෙන්තා ආඝාතනං නයිංසු. සො කසාහි තාළියමානො අඤ්ඤං කිඤ්චි අවත්වා “පස්සානන්ද, ආසීවිසොති, පස්සාමි භගවා ඝොරවිසො”ති වදන්තො ගච්ඡති.
මිනිස්සු රාත්රිය පහව ගියකල්හි සොරුන් ගෙදර කර තිබූ ක්රියාව දැක ඔවුනගේ පියවර සටහන් අනුව කුඹුරට ගොස් එහිදී සොරු භාණ්ඩ බෙදූ තැන දැක ගොවියාගේ පාගැසුනු තැන්ද දුටුවාහුය. ඔවුහු ගොවියාගේ පියවර සටහන් අනුව ගොස් පසුම්බිය තැබූ තැන දැක පස් විසුරුවා හැර පසුම්බිය රැගෙන තෝ ගෙවල් කොල්ල කා කුඹුරෙහි සීසාන්නාක් මෙන් සිටින්නෙහිදැයි තර්ජනය කොට තළාගෙන ගොස් රජුන්ට පෙන්වූහ. රජු ඒ පුවත අසා ඔහුට දඬුවම් නියම කෙළේය. රාජපුරුෂයෝ ඔහුගේ දෙඅත් පිටුපසටකොට බැඳ කසයෙන් තළමින් ඝාතනය කරනතැනට ගෙනගියහ. ගොවියා කසයෙන් තළද්දී වෙන කිසිවක් නොකියා, පස්සානන්ද ආසිවිසොති, පස්සාමි භන්තෙ ඝෝරවිසොති (ආනන්ද සර්පයා දැක්කෙහිද, එසේය ස්වාමීනි, ඝෝරවිෂයා දැක්කෙමි) යන්න පමණක් කියමින් යයි.
අථ නං රාජපුරිසා “ත්වං සත්ථු චෙව ආනන්දත්ථෙරස්ස ච කථං කථෙසි, කිං නාමෙත”න්ති පුච්ඡිත්වා – “රාජානං දට්ඨුං ලභමානො කථෙස්සාමී”ති වුත්තෙ රඤ්ඤො සන්තිකං නෙත්වා රඤ්ඤො තං පවත්තිං කථයිංසු. අථ නං රාජා “කස්මා එවං කථෙසී”ති පුච්ඡි. සො “නාහං, දෙව, චොරො”ති වත්වා කසනත්ථාය නික්ඛන්තකාලතො පට්ඨාය සබ්බං තං පවත්තිං රඤ්ඤො ආචික්ඛි.
ඒ ඇසූ රාජපුරුෂයෝ, තෝ බුදුන්ගේත් අනඳ තෙරුන්ගේත් කථාවක් කියන්නෙහිය. මේ කිමෙක්දැයි විචාරා, රජුන් දකින්ට ලැබුණොත් කියන්නෙමියි කීකල්හි, රජු සමීපයට පමුණුවා රජුට ඒ පුවත කීවාහුය. ඉන්පසු රජු කුමක් නිසා මෙසේ කීවෙහිදැයි විචාළේය. හෙතෙම දේවයන්වහන්ස, මම සොරෙක් නොවෙමියි සීසෑම පිණිස පිටත්වී ආ තැන් පටන් සියලු පුවත් රජුට කීවේය.
රාජා තස්ස කථං සුත්වා “අයං භණෙ ලොකෙ අග්ගපුග්ගලං සත්ථාරං සක්ඛිං අපදිසති, න යුත්තං එතස්ස දොසං ආරොපෙතුං, අහමෙත්ථ කත්තබ්බං ජානිස්සාමී”ති තං ආදාය සායන්හසමයෙ සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං පුච්ඡි – “භගවා කච්චි තුම්හෙ ආනන්දත්ථෙරෙන සද්ධිං එතස්ස කස්සකස්ස කසනට්ඨානං ගතා”ති? “ආම, මහාරාජා”ති. “කිං වො තත්ථ දිට්ඨ”න්ති? “සහස්සත්ථවිකා, මහාරාජා”ති. “දිස්වා කිං අවොචුත්ථා”ති? “ඉදං නාම, මහාරාජා”ති. “භන්තෙ, සචායං පුරිසො තුම්හාදිසං අපදිසං නාකරිස්ස, න ජීවිතං අලභිස්ස, තුම්හෙහි පන කථිතකථං කථෙත්වා තෙන ජීවිතං ලද්ධ”න්ති. තං සුත්වා සත්ථා “ආම, මහාරාජ, අහම්පි එත්තකමෙව වත්වා ගතො, පණ්ඩිතෙන නාම යං කම්මං කත්වා පච්ඡානුතප්පං හොති, තං න කත්තබ්බ”න්ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
රජු ඒ කථාව අසා, පිනැතියෙනි, මොහු ලොව අග්ර පුද්ගලවූ ශාස්තෘන්වහන්සේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරයි. මොහුට දෝෂාරෝපණය අයුතුයි. මම මීට කළයුත්ත දනිමියි ඔහුත් රැගෙන සවස් වේලාවෙහි බුදුන් වෙතගොස් ස්වාමීනි, අනඳ තෙරණුවෝත් සමග ඔබවහන්සේ මේ ගොවියා සානා තැනට වැඩියාහුදැයි විචාළේය. එසේය මහරජ, ඔබවහන්සේලා එහිදී කුමක් දුටුවාහුද? දහසක් බැඳි පසුම්බිය දුටුවෙමු. එය දැක කුමක් කීවාහුද? මහරජ මෙසේ කීවෙමු. ස්වාමීනි, යම් හෙයකින් මේ පුරුෂයා ඔබවහන්සේ වැනි කෙනෙක් සාක්ෂි වශයෙන් ඉදිරිපත් නොකෙළේ නම් ඔහුගේ ජීවිතය නොලැබී යන්නේය. ඔබවහන්සේ කළ කථාව කියා ඔහු ජීවිතය ලැබීය. ඒ අසා ශාස්තෘන්වහන්සේ, එසේය මහරජ මමත් එපමණක්ම කියා ගියෙමි. නුවණැත්තා විසින් යම් කර්මයක් කොට පසුතැවීමක් ඇතිවේනම් එබඳු කර්මයක්නොකටයුතු යයි කියා පූර්වාපරසන්ධි ගළපා ධර්ම දේශනා කරමින් මේ ගාථාව වදාළහ.
“න තං කම්මං කතං සාධු, යං කත්වා අනුතප්පති; යස්ස අස්සුමුඛො රොදං, විපාකං පටිසෙවතී”ති.
කඳුළු පිරි දෑසින් හඬහඬා දුක් විඳිමින් පසුතැවිලි වන වැඩ කිසි විටක නොම කළයුතු
තත්ථ න තං කම්මන්ති යං නිරයාදීසු නිබ්බත්තනසමත්ථං දුක්ඛුද්රයං කම්මං කත්වා අනුස්සරන්තො අනුස්සරිතානුස්සරිතක්ඛණෙ අනුතප්පති අනුසොචති, තං කතං න සාධු න සුන්දරං නිරත්ථකං. යස්ස අස්සුමුඛොති යස්ස අස්සූහි තින්තමුඛො රොදන්තො විපාකං අනුභොතීති.
එහි න තං කම්මං යනු නිරයාදියේ උපදවන්නට සමත් දුක් උපදවාගෙන ක්රියාකොට පසුව සිහිකරන්නේ, සිහිකරන හැම මොහොතකම ඒ අනුව තැවෙයිද, ශෝක කෙරෙයිද, ඒ කළ ක්රියාව නුසුදුසුය. සුන්දර නොවෙයි. යස්ස අස්සු මුඛො යනු යමෙකුගේ ඇස් කඳුළින් තෙමී අඬමින් විපාක විඳියි.
දෙසනාවසානෙ කස්සකො උපාසකො සොතාපත්තිඵලං පත්තො, සම්පත්තභික්ඛූපි සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි ගොවි උපාසකතෙම සෝවාන්ඵලයට පැමිණියේය. පැමිණි භික්ෂූහුද සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
කස්සකවත්ථු අට්ඨමං.
අටවන ගොවියාගේ කථාවස්තුවයි.