යෙදුමෙන් කියවන්න

7. සුප‍්පබුද‍්ධකුට‍්ඨිවත්‍ථු අට‍්ඨකථා

7. සුප‍්පබුද‍්ධකුට‍්ඨිවත්‍ථු

7. සුප්පබුද්ධකුෂ්ටියාගේ වස්තුව

චරන‍්ති බාලා දුම‍්මෙධාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො සුප‍්පබුද‍්ධකුට‍්ඨිං ආරබ‍්භ කථෙසි. සුප‍්පබුද‍්ධකුට‍්ඨිවත්‍ථු උදානෙ (උදා· 43) ආගතමෙව.

චරන්ති බාලා දුම්මෙධා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවන විහාරයෙහි වාසයකරන කාලයෙහි සුප්පබුද්ධකුට්ඨි නමැත්තා අරභයා දේශනා කළසේක. සුප්පබුද්ධ වස්තුව උදාන පාළියෙහි එන කථාවමය.

තදා හි සුප‍්පබුද‍්ධකුට‍්ඨි පරිසපරියන‍්තෙ නිසින‍්නො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා සොතාපත‍්තිඵලං පත්‍වා අත‍්තනා පටිලද‍්ධගුණං සත්‍ථු ආරොචෙතුකාමො පරිසමජ‍්ඣෙ ඔගාහිතුං අවිසහන‍්තො මහාජනස‍්ස සත්‍ථාරං වන්‍දිත්‍වා අනුගන‍්ත්‍වා නිවත‍්තනකාලෙ විහාරං අගමාසි. තස‍්මිං ඛණෙ සක‍්කො දෙවරාජා “අයං සුප‍්පබුද‍්ධකුට‍්ඨි අත‍්තනො සත්‍ථු සාසනෙ පටිලද‍්ධගුණං පාකටං කාතුකාමො”ති ඤත්‍වා “වීමංසිස‍්සාමි න”න‍්ති ගන‍්ත්‍වා ආකාසෙ ඨිතොව එතදවොච – “සුප‍්පබුද‍්ධ, ත්‍වං මනුස‍්සදලිද‍්දො මනුස‍්සවරාකො, අහං තෙ අපරියන‍්තං ධනං දස‍්සාමි, ‘බුද‍්ධො න බුද‍්ධො, ධම‍්මො න ධම‍්මො, සඞ‍්ඝො න සඞ‍්ඝො, අලං මෙ බුද‍්ධෙන, අලං මෙ ධම‍්මෙන, අලං මෙ සඞ‍්ඝෙනා’ති වදෙහී”ති. අථ නං සො ආහ –

මේ කියන දිනයෙහි පිරිස් කෙළවර සිට බුදුන්ගේ බණ අසා සෝවාන් ඵලයට පැමිණ තමන් ලැබූ ඒ උසස් ගුණය බුදුන්ට දන්වනු කැමතිව පිරිස මැදින් රිංගා යනු නොහැකිව මහාජනයා බුදුන් වැඳ පසුගමන්කොට නැවතුණුපසු විහාරයට ගියේය. එකෙණෙහි ශක්‍රදිව්‍යරාජයා මේ සුප්‍රබුද්ධකුෂ්ටියා තමා බුදුසසුන්හි ලැබූ ගුණ ප්‍රකටකරනු කැමැත්තේයයි දැන ඔහු විමසාබලන්නෙමියි ගොස් අහසෙයි සිටම මෙසේ කීය. සුප්‍රබුද්ධය, ඔබ මිනිස් දිළින්දෙකි, මිනිස් දීනයෙකි. මම ඔබට අප්‍රමාණ ධනය දෙන්නෙමි. ඔබ, බුදුන් බුද්ධ නොවෙයි. ධර්මය ධර්මය නොවෙයි. සංඝයා සංඝයා නොවෙයි. මට බුදුන්ගෙන් වැඩක් නැත. මට ධර්මයෙන් වැඩක් නැත. මට සංඝයාගෙන් වැඩක් නැතැයි කියවයි කීය. ඉන්පසු ශක්‍රයාට සුප්‍රබුද්ධ මෙසේ කීවේය.

“කොසි ත්‍ව”න‍්ති? “අහං සක‍්කො”ති. අන්‍ධබාල, අහිරික ත්‍වං මයා සද‍්ධිං කථෙතුං න යුත‍්තරූපො, ත්‍වං මං “දුග‍්ගතො දලිද‍්දො කපණො”ති වදෙසි, නෙවාහං දුග‍්ගතො, න දලිද‍්දො, සුඛප‍්පත‍්තො අහමස‍්මි මහද‍්ධනො –

ඔබ කවුද? මම ශක්‍රයා වෙමි. අන්ධබාල, විලිලජ්ජානැති තෝ මා සමග කථා කිරීමට පවා නොහොබින්නෙකි. තෝ මා දුගියෙකි, දිළින්දෙකි ආදිය කියයි. එහෙත් මා එසේ නොවෙයි. මම මහත් ධනසැපතට පැමිණියෙක්මි. මම දුගියෙක් හෝ දිළින්දෙක් නොවෙමියි කියා,

“සද‍්ධාධනං සීලධනං, හිරී ඔත‍්තප‍්පියං ධනං; සුතධනඤ‍්ච චාගො ච, පඤ‍්ඤා වෙ සත‍්තමං ධනං.

සැදැහැ ධන සීලධන හිරිඔතප් නමැති ධන සුත ධනද ත්‍යාග ධන පැණ යනුවෙන්ය සත්දන

“යස‍්ස එතෙ ධනා අත්‍ථි, ඉත්‍ථියා පුරිසස‍්ස වා; ‘අදලිද‍්දො’ති තං ආහු, අමොඝං තස‍්ස ජීවිත”න‍්ති. (අ· නි· 7.5-6) –

යම් ගැහැණියකට හෝ පිරිමියෙකුට මෙධන ඇත්නම් නොසිස් දිවිඇති ඔහු දිළිඳෙකු නොවේ කිසිවිට

ඉමානි මෙ සත‍්තවිධඅරියධනානි සන‍්ති, යෙසඤ‍්හි ඉමානි සත‍්ත ධනානි සන‍්ති, න තෙ බුද‍්ධෙහි වා පච‍්චෙකබුද‍්ධෙහි වා “දලිද‍්දා”ති වුච‍්චන‍්තීති. සක‍්කො තස‍්ස කථං සුත්‍වා තං අන‍්තරාමග‍්ගෙ ඔහාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං තං වචනපටිවචනං ආරොචෙසි. අථ නං භගවා ආහ – “න ඛො, සක‍්ක, සක‍්කා තාදිසානං සතෙනපි සහස‍්සෙනපි සුප‍්පබුද‍්ධකුට‍්ඨිං ‘බුද‍්ධො න බුද‍්ධො’ති වා, ‘ධම‍්මො න ධම‍්මො’ති වා, ‘සඞ‍්ඝො න සඞ‍්ඝො’ති වා කථාපෙතු”න‍්ති. සුප‍්පබුද‍්ධොපි ඛො කුට‍්ඨි සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා සත්‍ථාරා කතපටිසන්‍ථාරො සම‍්මොදමානො අත‍්තනා පටිලද‍්ධගුණං ආරොචෙත්‍වා වුට‍්ඨායාසනා පක‍්කාමි. අථ නං අචිරපක‍්කන‍්තං ගාවී තරුණවච‍්ඡා ජීවිතා වොරොපෙසි.

මට මේ සප්තවිධ ආර්යධන ඇත. මේ ධන ඇත්තෙකු බුදුවරු පසේබුදුවරු දිළින්දෙකැයි නොකියති. ශක්‍රයා ඔහුගේ කථාව අසා ඔහු අතරමග හැරදමා බුදුන් හමුවට ගොස් ඒ සියලු වචන හා ප්‍රතිවචන දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, ශක්‍රය එබඳු සියගණනින් දහස්ගණනින් හෝ සුප්‍රබුද්ධකුෂ්ටි ලවා බුදුන් බුදුන් නොවේ දහම දහම නොවේ සංඝයා සංඝයා නොවේයයි කියවන්නට නොහැක්කේමය. සුප්‍රබුද්ධකුෂ්ටිද බුදුන් හමුවට ගොස් ශාස්තෘන්වහන්සේ සමග පිළිසඳර කථාකොට සතුටුවෙමින් තමන්ලැබූ ගුණ දන්වා අසුනින් නැගිට ගියේය. ඔහු එතනින් පිටත්වී ටිකවේලාවකින් අලුත වැදූ දෙනක් පැමිණ ඇන ඔහුගේ දිවි තොර කළාය.

සා කිර එකා යක‍්ඛිනී පුක‍්කුසාතිකුලපුත‍්තං, බාහියං දාරුචීරියං, තම‍්බදාඨිකචොරඝාතකං, සුප‍්පබුද‍්ධකුට‍්ඨින‍්ති ඉමෙසං චතුන‍්නං ජනානං අනෙකසතෙ අත‍්තභාවෙ ගාවී හුත්‍වා ජීවිතා වොරොපෙසි. තෙ කිර අතීතෙ චත‍්තාරො සෙට‍්ඨිපුත‍්තා හුත්‍වා එකං නගරසොභිනිං ගණිකං උය්‍යානං නෙත්‍වා දිවසං සම‍්පත‍්තිං අනුභවිත්‍වා සායන‍්හසමයෙ එවං සම‍්මන‍්තයිංසු – “ඉමස‍්මිං ඨානෙ අඤ‍්ඤො නත්‍ථි, ඉමිස‍්සා අම‍්හෙහි දින‍්නං කහාපණසහස‍්සඤ‍්ච සබ‍්බඤ‍්ච පසාධනභණ‍්ඩං ගහෙත්‍වා ඉමං මාරෙත්‍වා ගච‍්ඡාමා”ති. සා තෙසං කථං සුත්‍වා “ඉමෙ නිල‍්ලජ‍්ජා, මයා සද‍්ධිං අභිරමිත්‍වා ඉදානි මං මාරෙතුකාමා, ජානිස‍්සාමි නෙසං කත‍්තබ‍්බයුත‍්තක”න‍්ති තෙහි මාරියමානා “අහං යක‍්ඛිනී හුත්‍වා යථා මං එතෙ මාරෙන‍්ති, එවමෙව තෙ මාරෙතුං සමත්‍ථා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. තස‍්ස නිස‍්සන්‍දෙන ඉමෙ මාරෙසි.

ඈ වනාහි එක් යකිනියකි. පුක්කුසාති කුලපුත්, බාහිය දාරුචීරිය, තම්බදාඨිකචෝර ඝාතක, සුප්පබුද්ධකුට්ඨි යන මේ සතරදෙනා අවුරුදු සීයක් බැගින් මේ යකින්න දෙනක්වී ජීවිතයෙන් තොරකළාය. ඔවුහු අතීතයෙහි සිටුපුතුන් සිව්දෙනකුවී එක් නගර ශෝභිනියක් ගණිකා උයනකට කැඳවාගෙන ගොස් දවසක්පුරා ඈ සමග කාමයෙහි හැසිරී සවස් වේලෙහි, මෙහි අන් කිසිවෙක් නැත. මෑට අප දුන් කහවණු දහසත් සියලු පළඳනාත් ගෙන මැ මරා යමුයයි කතිකා කළහ. ඈ ඔවුන්ගේ කතාව අසා සිට, මොවුහු ලැජ්ජා නැත්තෝය. මා සමග අභිරමණය කොට දැන් මා මරණු කැමැත්තාහුය. මොවුන්ට කළයුත්ත දන්නෙමියි ඈ මරන අවස්ථාවේ මම යකිනියක්ව අද මොවුන් මා මරන්නාක් මෙන් මමත් එසේම මොවුන් මැරීමට සමර්ථ වෙම්වායි ප්‍රාර්ථනා කළාය. ඒ ප්‍රාර්ථනා හේතුවෙන් මොවුන් මැරුවාය.

සම‍්බහුලා භික‍්ඛූ තස‍්ස කාලකිරියං භගවතො ආරොචෙත්‍වා “තස‍්ස කා ගති, කෙන ච කාරණෙන කුට‍්ඨිභාවං පත‍්තො”ති පුච‍්ඡිංසු. සත්‍ථා සොතාපත‍්තිඵලං පත්‍වා තස‍්ස තාවතිංසභවනෙ උප‍්පන‍්නභාවඤ‍්ච තගරසිඛිපච‍්චෙකබුද‍්ධං දිස‍්වා නිට‍්ඨුභිත්‍වා අපසබ්‍යං කත්‍වා දීඝරත‍්තං නිරයෙ පච‍්චිත්‍වා විපාකාවසෙසෙන ඉදානි කුට‍්ඨිභාවප‍්පත‍්තිඤ‍්ච බ්‍යාකරිත්‍වා, “භික‍්ඛවෙ, ඉමෙ සත‍්තා අත‍්තනාව අත‍්තනො කටුකවිපාකකම‍්මං කරොන‍්තා විචරන‍්තී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා උත‍්තරි ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

බොහෝ භික්ෂූහු ගොස් සුප්පබුද්ධකුට්ඨිගේ මරණය පිළිබඳ පුවත භාග්‍යවතුන්වහන්සේට දන්වා ඔහු උපන්නේ කොහිද? කිනම් කරුණකින් කුෂ්ට ඇතිවීදැයි විචාළහ. ශාස්තෘන්වහන්සේ සෝවාන්ඵලයට පැමිණි ඔහු තව්තිසාවේ උපන්බවත්, තගරසිඛී නම් පසේබුදුන් දැක කෙළගසා අපහාසකොට බොහෝ කල් නිරයේ පැසී එහි ඉතිරි විපාක වශයෙන් මෙකල කුෂ්ඨියෙක් වූ බවද ප්‍රකාශකොට, මහණෙනි, මේ සත්ත්වයෝ තමන්ම තමන්ට කටුක විපාක ඇති පව්කම් කරමින් හැසිරෙතියි කියා පූර්වාපර සන්ධි ගළපා තවදුරටත් දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:

“චරන‍්ති බාලා දුම‍්මෙධා, අමිත‍්තෙනෙව අත‍්තනා; කරොන‍්තා පාපකං කම‍්මං, යං හොති කටුකප‍්ඵල”න‍්ති.

අනුවණ දනෝ මෙහි පව්කම් කරන අත්බව මිතුරෙක සේ ගෙන යති එය කටුක දුක් ගෙනදෙයි

තත්‍ථ චරන‍්තීති චතූහි ඉරියාපථෙහි අකුසලමෙව කරොන‍්තා විචරන‍්ති. බාලාති ඉධලොකත්‍ථඤ‍්ච පරලොකත්‍ථඤ‍්ච අජානන‍්තා ඉධ බාලා නාම. දුම‍්මෙධාති දුප‍්පඤ‍්ඤා. අමිත‍්තෙනෙව අත‍්තනාති අත‍්තනා අමිත‍්තභූතෙන විය වෙරිනා හුත්‍වා. කටුකප‍්ඵලන‍්ති තිඛිණඵලං දුක‍්ඛඵලන‍්ති.

එහි චරන්ති යනු සතර ඉරියව්වෙන්ම පව්කම්ම කරමින් හැසිරෙත් යන අර්ථයි. බාලා යනු මෙලෝ යහපත පරලෝ යහපත නොදන්නාහු බාලයෝය. දුම්මෙධා යනු ප්‍රඥාවෙන් හීනයෝයි. අමිත්තෙනෙව යනු හතුරෙක් මෙන්වී වෛරියෙක් මෙන්වී යනුයි. කටුකප්ඵලං යනු තියුණුදුක් නැමැති ඵලයෝයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන් ආදි ඵලවලට පැමිණියාහුය.

සුප‍්පබුද‍්ධකුට‍්ඨිවත්‍ථු සත‍්තමං.

සත්වන සුප්පබුද්ධකුෂ්ටියාගේ වස්තුවයි.