6. තිංසමත්තපාවෙය්යකභික්ඛුවත්ථු අට්ඨකථා
6. තිංසමත්තපාවෙය්යකභික්ඛුවත්ථු
6. තිහක් පමණ පාඨෙය්යක භික්ෂූන්ගේ වස්තුව
මුහුත්තමපි චෙ විඤ්ඤූති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො තිංසමත්තෙ පාවෙය්යකෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
මුහුත්තමපි චෙ විඤ්ඤූ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි තිහක් පමණවූ පාථෙය්යක භික්ෂූන් අරභයා දේශනාකළ සේක.
තෙසඤ්හි භගවා ඉත්ථිං පරියෙසන්තානං කප්පාසිකවනසණ්ඩෙ පඨමං ධම්මං දෙසෙසි. තදා තෙ සබ්බෙව එහිභික්ඛුභාවං පත්වා ඉද්ධිමයපත්තචීවරධරා හුත්වා තෙරස ධුතඞ්ගානි සමාදාය වත්තමානා පුනපි දීඝස්ස අද්ධුනො අච්චයෙන සත්ථාරං උපසඞ්කමිත්වා අනමතග්ගධම්මදෙසනං සුත්වා තස්මිංයෙව ආසනෙ අරහත්තං පාපුණිංසු.
ස්ත්රියක් සොයමින් ඇවිදින ඔවුන්ට කප්පාසික වනලැහැබෙහිදී ප්රථමයෙන් දහම් දෙසූසේක. එදින ඒ සියල්ලෝම ඒහිභික්ෂු භාවයෙන් පැවිදිව සෘද්ධිමය පාත්ර සිවුරු දරා තෙලෙස් ධුතාංග සමාදන්ව සිටිනඅතර, නැවත බොහෝ කලකින් බුදුන්වෙත පැමිණ අනමතග්ග සූත්රදේශනාව අසා ඒ ආසනයෙහිම රහත්බවට පැමිණියාහුය.
භික්ඛූ “අහො වතිමෙහි භික්ඛූහි ඛිප්පමෙව ධම්මො විඤ්ඤාතො”ති ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං. සත්ථා තං සුත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි ඉමෙ තිංසමත්තා සහායකා ධුත්තා හුත්වා තුණ්ඩිලජාතකෙ (ජා· 1.6.88 ආදයො) මහාතුණ්ඩිලස්ස ධම්මදෙසනං සුත්වාපි ඛිප්පමෙව ධම්මං විඤ්ඤාය පඤ්ච සීලානි සමාදියිංසු, තෙ තෙනෙව උපනිස්සයෙන එතරහි නිසින්නාසනෙයෙව අරහත්තං පත්තා”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
භික්ෂූහු අහෝ පුදුමයි, මේ භික්ෂූහු ඉතා ඉක්මනින්ම දහම දැනගත්තාහුයයි දම්සභා මණ්ඩපයෙහි කථාවක් ඇතිකළහ. බුදුරජාණන්වහන්සේ ඒ කථාව අසා, මහණෙනි දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තිහක් පමණ යහළුවෝ ධූර්තයන්ව සිට තුණ්ඩිල ජාතකයෙහි මහාතුණ්ඩිලගේ බණ අසාත් වහාම ධර්මය දැනගෙන පන්සිල් සමාදන් වූහ. ඒ හේතු සම්පත් බලයෙන් මෙකල සිටිඅසුනෙහිදීම රහත්බවට පැමිණියාහුදැයි වදාරා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
“මුහුත්තමපි චෙ විඤ්ඤූ, පණ්ඩිතං පයිරුපාසති; ඛිප්පං ධම්මං විජානාති, ජිව්හා සූපරසං යථා”ති.
මොහොතක් හෝ නුවණැත්තා පණ්ඩිතයෙකු ඇසුරු කළොත් වහා දහම ඉගෙනගනී දිව රස දැනගන්නාසේ
තස්සත්ථො – විඤ්ඤූ පණ්ඩිතපුරිසො මුහුත්තමපි චෙ අඤ්ඤං පණ්ඩිතං පයිරුපාසති, සො තස්ස සන්තිකෙ උග්ගණ්හන්තො පරිපුච්ඡන්තො ඛිප්පමෙව පරියත්තිධම්මං විජානාති. තතො කම්මට්ඨානං කථාපෙත්වා පටිපත්තියං ඝටෙන්තො වායමන්තො යථා නාම අනුපහතජිව්හාපසාදො පුරිසො රසවිජානනත්ථං ජිව්හග්ගෙ ඨපෙත්වා එව ලොණිකාදිභෙදං රසං විජානාති, එවං පණ්ඩිතො ඛිප්පමෙව ලොකුත්තරධම්මම්පි විජානාතීති.
එහි අර්ථය - විඤ්ඤූ යනු පණ්ඩිත පුරුෂයායි. මුහුත්තමපි චෙ යනු තවත් කෙනෙකි. පණ්ඩිතං පයිරුපාසති ඔහු ඒ පඬිවරයා සමීපයෙහි ඉගෙනගනිමින් සාකච්ඡාකරමින් ඛිප්පමෙව වහාම පර්යාප්ති ධර්මය විජානාති දැනගනියි. ඉන්පසු කර්මස්ථාන කියවාගෙන ප්රතිපත්ති පුරමින් වෑයම්කරමින්, යම්සේ නොනැසුණු ජිව්හප්රසාදය ඇති පුද්ගලයෙක් රසදැන ගැනීම සඳහා දිවඅග තබාගනිමින්ම ලුණු බහුලබව ආදී භේදවූ රසය දැනගනීද, මෙසේ පණ්ඩිතතෙම වහාම ලෝකෝත්තර ධර්මයද දැනගනී.
දෙසනාවසානෙ බහූ භික්ඛූ අරහත්තං පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියාහුය.
තිංසමත්තපාවෙය්යකභික්ඛුවත්ථු ඡට්ඨං.
සයවන තිහක් පමණ පාඨෙය්යක භික්ෂූන්ගේ වස්තුවයි.