5. උදායිත්ථෙරවත්ථු අට්ඨකථා
5. උදායිත්ථෙරවත්ථු
5. උදායි තෙරුන්ගේ වස්තුව
යාවජීවම්පි චෙ බාලොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො උදායිත්ථෙරං ආරබ්භ කථෙසි.
යාචජීවම්පි චෙ බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වසනකාලයෙහි උදායි තෙරුන් අරභයා දෙසූ සේක.
සො කිර මහාථෙරෙසු පටික්කන්තෙසු ධම්මසභං ගන්ත්වා ධම්මාසනෙ නිසීදි. අථ නං එකදිවසං ආගන්තුකා භික්ඛූ දිස්වා “අයං බහුස්සුතො මහාථෙරො භවිස්සතී”ති මඤ්ඤමානා ඛන්ධාදිපටිසංයුත්තං පඤ්හං පුච්ඡිත්වා කිඤ්චි අජානමානං “කො එසො, බුද්ධෙහි සද්ධිං එකවිහාරෙ වසමානො ඛන්ධධාතුආයතනමත්තම්පි න ජානාතී”ති ගරහිත්වා තං පවත්තිං තථාගතස්ස ආරොචෙසුං. සත්ථා තෙසං ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඒ තෙරනම මහාස්ථවිරයන්වහන්සේලා දම්සභා මණ්ඩපයෙන් ආපසු ගියකල ධර්මාසනයෙහි හිඳියි. දිනක් ආගන්තුක භික්ෂූහු මෙය දැක, මේ බහුශ්‍රැත මහතෙරනමකියි සිතා ස්කන්ධ පිළිබඳ ප්‍රශ්න අසා කිසිවක් නොදන්නාබව දැන මේ කවුද, බුදුන් සමග එකම විහාරයෙහි වසමින් ස්කන්ධ ධාතු ආයතන මාත්‍රයකුත් නොදනිතියි දොස්පරොස් කියා බුදුරදුන්ටත් ඒබව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන්ට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
“යාවජීවම්පි චෙ බාලො, පණ්ඩිතං පයිරුපාසති; න සො ධම්මං විජානාති, දබ්බී සූපරසං යථා”ති.
දිවි ඇති තෙක් බාලයා නුවණැතියෙකු ළඟ සිටියත් දහම දැන නොගනී හැන්ද රස නොදන්නා සේ
තස්සත්ථො – බාලො නාමෙස යාවජීවම්පි පණ්ඩිතං උපසඞ්කමන්තො පයිරුපාසන්තො “ඉදං බුද්ධවචනං, එත්තකං බුද්ධවචන”න්ති එවං පරියත්තිධම්මං වා “අයං චාරො, අයං විහාරො, අයං ආචාරො, අයං ගොචරො, ඉදං සාවජ්ජං, ඉදං අනවජ්ජං, ඉදං සෙවිතබ්බං, ඉදං න සෙවිතබ්බං, ඉදං පටිවිජ්ඣිතබ්බං, ඉදං සච්ඡිකාතබ්බ”න්ති එවං පටිපත්තිපටිවෙධධම්මං වා න ජානාති. යථා කිං? දබ්බී සූපරසං යථාති. යථා හි දබ්බී යාව පරික්ඛයා නානප්පකාරාය සූපවිකතියා සම්පරිවත්තමානාපි “ඉදං ලොණිකං, ඉදං අලොණිකං, ඉදං තිත්තකං, ඉදං ඛාරිකං, ඉදං කටුකං, ඉදං අම්බිලං, ඉදං අනම්බිලං, ඉදං කසාව”න්ති සූපරසං න ජානාති, එවමෙව බාලො යාවජීවම්පි පණ්ඩිතං පයිරුපාසමානො වුත්තප්පකාරං ධම්මං න ජානාතීති.
එහි අර්ථය බාලො බාල නම් වූ මොහු යාවජීවම්පි පණ්ඩිතං දිවි ඇතිතාක් පණ්ඩිතයෙකු ළඟට පැමිණ ආශ්‍රය කළත් මෙය බුද්ධ වචනයයි. බුදුදහම මෙපමණය, මෙසේ ත්‍රිපිටක දහම හෝ මෙය සමාචාරය, මෙය විහරණය මෙය ආචාරය මෙය ගෝචරය මෙය වැරදි සහිතය, මෙය නිවැරදිය මෙය සේවනය කටයුතුය. මෙය සේනය නොකටයුතුය. මෙය අවබෝධ කළයුතුය. මෙය සාක්ෂාත් කළයුතුය. මෙසේ ප්‍රතිපත්ති ප්‍රතිවෙධ ධර්මය නොදනී. කුමක් මෙන්ද? දබ්බී සූපරසං යථා යම්සේ හැන්ද ගෙවෙනතුරුම නානාප්‍රකාර සූප ව්යාංජනාදියෙහි පෙරළෙන නමුත් මෙය ලුණුරසය මෙහි ලුණු නැත. මෙය තිත්තය, සැරය, කටුකය, ඇඹුල්ය, ඇඹුල් නැත, කහටය ආදි සූපරස නොදනී. මේ ආකාරයෙන් අන්ධබාල නුවණ නැති පුද්ගලයා දිවිහිමියෙන් පණ්ඩිතයෙකු ඇසුරුකළත් ඉහත සඳහන් පරිදි ධර්ම නොදනී.
දෙසනාවසානෙ ආගන්තුකා භික්ඛූ ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
දේශනා කෙළවර ආගන්තුක භික්ෂූන්ගේ සිත් කෙළෙස්වලින් මිදුණේය.
උදායිත්ථෙරවත්ථු පඤ්චමං.
පස්වන උදායි තෙරුන්ගේ වස්තුවයි.