යෙදුමෙන් කියවන්න

4. ගණ‍්ඨිභෙදකචොරවත්‍ථු අට‍්ඨකථා

4. ගණ‍්ඨිභෙදකචොරවත්‍ථු

4. ගැටකපන සොරුන්ගේ වස්තුව

යො බාලොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ගණ‍්ඨිභෙදකචොරෙ ආරබ‍්භ කථෙසි.

යො බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වැඩ සිටි කාලයේ ගැටකපන සොරුන් අරභයා වදාළ සේක.

තෙ කිර ද‍්වෙ සහායකා ධම‍්මස‍්සවනත්‍ථාය ගච‍්ඡන‍්තෙන මහාජනෙන සද‍්ධිං ජෙතවනං ගන‍්ත්‍වා එකො ධම‍්මකථං අස‍්සොසි, එකො අත‍්තනො ගය‍්හූපගං ඔලොකෙසි. තෙසු එකො ධම‍්මං සුණමානො සොතාපත‍්තිඵලං පාපුණි, ඉතරො එකස‍්ස දුස‍්සන‍්තෙ බද‍්ධං පඤ‍්චමාසකමත‍්තං ලභි. තස‍්ස තං ගෙහෙ පාකභත‍්තං ජාතං, ඉතරස‍්ස ගෙහෙ න පච‍්චති. අථ නං සහායකචොරො අත‍්තනො භරියාය සද‍්ධිං උප‍්පණ‍්ඩයමානො “ත්‍වං අතිපණ‍්ඩිතතාය අත‍්තනො ගෙහෙ පාකභත‍්තමූලම‍්පි න නිප‍්ඵාදෙසී”ති ආහ. ඉතරො පන “බාලභාවෙනෙව වතායං අත‍්තනො පණ‍්ඩිතභාවං මඤ‍්ඤතී”ති තං පවත‍්තිං සත්‍ථු ආරොචෙතුං ඤාතීහි සද‍්ධිං ජෙතවනං ගන‍්ත්‍වා ආරොචෙසි. සත්‍ථා තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

ඒ සොරයහළුවෝ දෙදෙන බණ ඇසීමට යන මහාජනයා සමග දෙව්රමට ගොස් එකෙක් බණ ඇසීය. අනිකා බණ අසන්නන්ගෙන් තමන්ට ගතහැකි දේ ගැන සොයමින් බලමින් සිටියේය. ඔවුන්ගෙන් දහම් ඇසූ පුද්ගලයා සෝවාන්ඵලයට පැමිණියේය. අනිකා තවත් කෙනකුගේ ඉණේ තබාගෙන තිබුණු මාසක පහක් (මදටිය ඇටයක පමණ රත්රන්) ලැබුවේය. එය ඔහුගේ ගෙදර ඉවුම්පිහුම්වලට ප්‍රමාණවත් විය. සෝවාන් වූ අයගේ ගෙදරට එවැන්නක් නොලැබිණ. ඉන්පසු සහායක සොරා සෝවාන් වූ අයගේ බිරිඳ සමග දොස් නගමින් ඔබ අතිපණ්ඩිත කමෙන් තමන්ගේ ගෙදර ඉවුම් පිහුම්වලට මිලවත් නිෂ්පාදනය කර නොගත්තේයයි කීවේය. අනිත් සෝවාන් තැනැත්තා මොහු නුනුවණ හෙයින් තමන්ගේ නුවණැති බව නොදන්නේයයි ඒ පුවත බුදුන්ට දන්වනු පිණිස තමඤාතීන්ද සමග දෙව්රමට ගොස් එය දන්වා සිටියේය. ශාස්තෘන්වහන්සේ ඔහුට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ.

“යො බාලො මඤ‍්ඤති බාල්‍යං, පණ‍්ඩිතො වාපි තෙන සො; බාලො ච පණ‍්ඩිතමානී, ස වෙ ‘බාලො’ති වුච‍්චතී”ති.

තමා අනුවණ බව දන්නා නුවණැතියෙක් වේ තමා නුවණැතියයි ගත් බාලයා අනුවණයෙකි

තත්‍ථ යො බාලොති යො අන්‍ධබාලො අපණ‍්ඩිතො සමානො “බාලො අහ”න‍්ති අත‍්තනො බාල්‍යං බාලභාවං මඤ‍්ඤති ජානාති. තෙන සොති තෙන කාරණෙන සො පුග‍්ගලො පණ‍්ඩිතො වාපි හොති පණ‍්ඩිතසදිසො වා. සො හි “බාලො අහ”න‍්ති ජානමානො අඤ‍්ඤං පණ‍්ඩිතං උපසඞ‍්කමන‍්තො පයිරුපාසන‍්තො තෙන පණ‍්ඩිතභාවත්‍ථාය ඔවදියමානො අනුසාසියමානො තං ඔවාදං ගණ‍්හිත්‍වා පණ‍්ඩිතො වා හොති පණ‍්ඩිතතරො වා. ස වෙ බාලොති යො ච බාලො සමානො “කො අඤ‍්ඤො මයා සදිසො බහුස‍්සුතො වා ධම‍්මකථිකො වා විනයධරො වා ධුතඞ‍්ගධරො වා අත්‍ථී”ති එවං පණ‍්ඩිතමානී හොති. සො අඤ‍්ඤං පණ‍්ඩිතං අනුපසඞ‍්කමන‍්තො අපයිරුපාසන‍්තො නෙව පරියත‍්තිං උග‍්ගණ‍්හාති, න පටිපත‍්තිං පූරෙති, එකන‍්තබාලභාවමෙව පාපුණාති. සො ගණ‍්ඨිභෙදකචොරො විය. තෙන වුත‍්තං “ස වෙ ‘බාලො’ති වුච‍්චතී”ති.

ඒ ගාථාවෙහි යො බාලො යනු යම් අන්ධබාලයෙක් අපණ්ඩිතයෙක්ව සිට මම බාලයෙක්මියි ඒ තමන්ගේ බල්‍යං බාලබව මඤ්ඤති දැනගනීද, තෙන සො ඒ කරුණින් එම පුද්ගලයා පණ්ඩිතො වා පි පණ්ඩිතයකුට සමාන හෝ වෙයි. හෙතෙම මම බාලයෙක්මියි දැනගෙන අනිත් පඬිවරුන් වෙත පැමිණ ආශ්‍රය කරමින් ඒ පණ්ඩිතයන් විසින් දෙනු ලබන අවවාද අනුශාසනා අසා ඒවා ඉගෙන ගෙන පණ්ඩිතයෙක් හෝ ඉතා උසස් පඬිරුවනක් හෝ වෙයි. ස වෙ බාලොති යමෙක් බාලයෙක්ව සිට මා සමාන වෙන කවුද? මා සමාන බහුශ්‍රැත ධර්මකථික විනයධර ධුතවාදියෙක් හෝ ඇද්දැයි මෙසේ පණ්ඩිතමානි පණ්ඩිතකම නමැති මාන්නය පමණක් ඇත්තෙකුවෙයි. ඔහු සෙසු නුවණැතියන් වෙත නොයයි. ආශ්‍රය නොකරයි. ත්‍රිපිටකය ඉගෙන නොගනියි. ප්‍රතිපත්ති නොපුරයි. ඒකාන්තයෙන් බාල බවටම පැමිණෙයි. හෙතෙම ගැටකපන හොරා මෙනි. ස වෙ බාලොති වුච්චති යනු එසේ හෙයින් කියන ලදි.

දෙසනාපරියොසානෙ ඉතරස‍්ස ඤාතකෙහි සද‍්ධිං මහාජනො සොතාපත‍්තිඵලාදීනි පාපුණීති.

දේශනාවසානයෙහි අනිත් අයගේ ඥාතීන් සමග සිටි මහාජනයා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.

ගණ‍්ඨිභෙදකචොරවත්‍ථු චතුත්‍ථං.

සතරවන ගැටකපන සොරුන්ගේ වස්තුවයි.