යෙදුමෙන් කියවන්න

3. ආනන්‍දසෙට‍්ඨිවත්‍ථු අට‍්ඨකථා

3. ආනන්‍දසෙට‍්ඨිවත්‍ථු

3. ආනන්ද සිටුහුගේ වස්තුව

පුත‍්තා මත්‍ථීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො ආනන්‍දසෙට‍්ඨිං ආරබ‍්භ කථෙසි.

පුත්තාමත්ථි ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි ආනන්දසිටුවරයා අරභයා දේශනාකළ සේක.

සාවත්‍ථියං කිර ආනන්‍දසෙට‍්ඨි නාම චත‍්තාලීසකොටිවිභවො මහාමච‍්ඡරී අහොසි. සො අන්‍වඩ‍්ඪමාසං ඤාතකෙ සන‍්නිපාතෙත්‍වා පුත‍්තං මූලසිරිං නාම තීසු වෙලාසු එවං ඔවදති – “ඉදං චත‍්තාලීසකොටිධනං ‘බහූ’”ති මා සඤ‍්ඤං කරි, විජ‍්ජමානං ධනං න දාතබ‍්බං, නවං ධනං උප‍්පාදෙතබ‍්බං. එකෙකම‍්පි හි කහාපණං වයං කරොන‍්තස‍්ස පන ඛීයතෙව. තස‍්මා –

සැවැත් නුවර සතළිස්කෝටියක් ධනය ඇති එහෙත් මහාමසුරු ආනන්දසෙට්ඨි නමින් සිටුවරයෙක් විය. හෙතෙම අඩමසින් අඩමසට නෑයන් රැස්කරවා මූලසිරි නම් පුතාට තුන්වේලෙහි මෙසේ අවවාද දුන්නේය. පුත මේ සතළිස්කෙළක් ධනය මහත් ධනයක් සේ නොසලකව. තියෙන ධනයෙන් කිසිවක් නොදිය යුතුය. අලුත් අලුත් ධනය නිපදවිය යුතුය. එක එක කහවණුව බැගින් වියදම් කළත් ධනය ක්ෂයවී යන්නේය. එහෙයින්

“අඤ‍්ජනානං ඛයං දිස‍්වා, උපචිකානඤ‍්ච ආචයං; මධූනඤ‍්ච සමාහාරං, පණ‍්ඩිතො ඝරමාවසෙ”ති.

කරඬුවෙ ඇති අඳුන් ගානා කල්හි අඩුවේ කුඩ කුඩා වනමුත් බඳිනා තුඹස ලොකු වේ මල්රොන් පොදක් ගෙන ගොස් මහ මීයක් බඳින සේ නුවණින් යුතුව ගෙදරක විසීමයි පණ්ඩිතකම

සො අපරෙන සමයෙන අත‍්තනො පඤ‍්ච මහානිධියො පුත‍්තස‍්ස අනාචික‍්ඛිත්‍වා ධනනිස‍්සිතො මච‍්ඡෙරමලමලිනො කාලං කත්‍වා තස‍්සෙව නගරස‍්ස එකස‍්මිං ද‍්වාරගාමකෙ චණ‍්ඩාලානං කුලසහස‍්සං පටිවසති. තත්‍ථෙකිස‍්සා චණ‍්ඩාලියා කුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හි. රාජා තස‍්ස කාලකිරියං සුත්‍වා පුත‍්තමස‍්ස මූලසිරිං පක‍්කොසාපෙත්‍වා සෙට‍්ඨිට‍්ඨානෙ ඨපෙසි.

සිටුවරයා පසු කලක තමන්ගේ පංචමහා නිධාන ගැන පුතාටත් නොකියා සිතේ තිබුණු මසුරුමලයෙන් යුතුවම කළුරියකොට ඒ නුවරම තිබුණු සැඩොල් පවුල් දහසක් ඇති වාසල් ගමක එක් චණ්ඩාලියකගේ කුස පිළිසඳ ගත්තේය. රජු ඔහුගේ මරණ ගැන අසා මූලසිරි පුතා ගෙන්වා ඔහුට සිටු තනතුරු දුන්නේය.

තම‍්පි චණ‍්ඩාලකුලසහස‍්සං එකතොව භතියා කම‍්මං කත්‍වා ජීවමානං තස‍්ස පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය නෙව භතිං ලභති, න යාපනමත‍්තතො පරං භත‍්තපිණ‍්ඩම‍්පි. තෙ “මයං එතරහි කම‍්මං කරොන‍්තාපි පිණ‍්ඩභත‍්තම‍්පි න ලභාම, අම‍්හාකං අන‍්තරෙ කාළකණ‍්ණියා භවිතබ‍්බ”න‍්ති ද‍්වෙ කොට‍්ඨාසා හුත්‍වා යාව තස‍්ස මාතාපිතරො විසුං හොන‍්ති, තාව විභජිත්‍වා “ඉමස‍්මිං කුලෙ කාළකණ‍්ණී උප‍්පන‍්නා”ති තස‍්ස මාතරං නීහරිංසු.

එකට බැළමෙහෙකොට ජීවත්වන ඒ සැඩොල්පවුල් දහසට ඔහු පිළිසිඳ ගැනීමෙන් පසු බැළමෙහෙ නොලැබී ගියේය. යැපෙන පමණට අනුන්ගෙන් බත්පිඬක් පමණකුදු නොලැබිණි. ගම්වැසියෝ එකතුව දැන් අපි වැඩ කළත් බත්පිඬුවක් පමණවත් නොලබමු. අප අතර කාලකණ්ණියකු විය යුතුයයි දෙකොටසකට බෙදුණහ. එයින් බැළකම් නොලබන පිරිස යළිත් දෙකොටසකට ආදි වශයෙන් ඔහුගේ මවුපිය දෙදෙන වෙන්වන තුරුම බෙදිබෙදී ගොස් මේ ගෙදර කාලකණ්ණියා ඉපදී ඇතැයි ඒ බවදැන වෙන්කර දැමූහ.

සාපි යාවස‍්සා සො කුච‍්ඡිගතො, තාව යාපනමත‍්තම‍්පි කිච‍්ඡෙන ලභිත්‍වා පුත‍්තං විජායි. තස‍්ස හත්‍ථා ච පාදා ච අක‍්ඛීනි ච කණ‍්ණා ච නාසා ච මුඛඤ‍්ච යථාඨානෙ න අහෙසුං. සො එවරූපෙන අඞ‍්ගවෙකල‍්ලෙන සමන‍්නාගතො පංසුපිසාචකො විය අතිවිරූපො අහොසි. එවං සන‍්තෙපි තං මාතා න පරිච‍්චජි. කුච‍්ඡියං වසිතපුත‍්තස‍්මිඤ‍්හි සිනෙහො බලවා හොති.

ඔහු ඇගේ කුස පිළිසිඳ ගත්දාපටන් යැපීම් පමණටවත් ආහාර ලබාගත්තේ ඉතා අසීරුවෙනි. ඈ පුතෙක් වැදුවාය. ඔහුගේ අත් පා කන් නාසාද කටද නියමිත තැන්හි නියම ලෙස පිහිටා නොතිබිණි. ඔහු මෙසේ අංගවිකල භාවයෙන් යුක්තව පාංශුපිශාචයෙකු මෙන් අතිශයින්ම විරූපියෙක් විය. එසේවුවත් ඔහුගේ මව ඔහු අත් නොහළේය. තම කුසයේ උපන් දරුවා කෙරෙහි මවගේ ස්නේහය ඉතා බලවත්ය.

සා තං කිච‍්ඡෙන පොසයමානා තං ආදාය ගතදිවසෙ කිඤ‍්චි අලභිත්‍වා ගෙහෙ කත්‍වා සයමෙව ගතදිවසෙ භතිං ලභති. අථ නං පිණ‍්ඩාය චරිත්‍වා ජීවිතුං සමත්‍ථකාලෙ සා කපාලකං හත්‍ථෙ ඨපෙත්‍වා, “තාත, මයං තං නිස‍්සාය මහාදුක‍්ඛං පත‍්තා, ඉදානි න සක‍්කොමි තං පොසෙතුං, ඉමස‍්මිං නගරෙ කපණද‍්ධිකාදීනං පටියත‍්තභත‍්තානි අත්‍ථි, තත්‍ථ භික‍්ඛාය චරිත්‍වා ජීවාහී”ති තං විස‍්සජ‍්ජෙසි. සො ඝරපටිපාටියා චරන‍්තො ආනන්‍දසෙට‍්ඨිකාලෙ නිවුත‍්තට‍්ඨානං ගන‍්ත්‍වා ජාතිස‍්සරො හුත්‍වා අත‍්තනො ගෙහං පාවිසි. තීසු පන ද‍්වාරකොට‍්ඨකෙසු න කොචි සල‍්ලක‍්ඛෙසි.

ඈ ඔහු ඉතා දුකසේ පෝෂණය කරමින් ඔහුත් රැගෙනයන දවසෙහි කිසිවක් නොලබයි. ඔහු ගෙදර නවතා තමන් තනියම යන දවසෙහි බැළමෙහෙ ලැබෙයි. ඉන්පසු දරුවා තනියම ඇවිද ආහාර සොයාගෙන ජීවත්වීමට හැකිවූ අවස්ථාවෙහි කබලක් අතට දී දරුව, ඔබ නිසා අපි මහත්සේ දුක් වින්දෙමු. දැන් ඔබ පෝෂණය කිරීම අපට අපහසුය. මෙනුවර යාචක මඟියන් උදෙසා බත් පිළියෙලකරන තැන් ඇත. එහි ගොස් ජීවත් වන්නැයි කියා ඔහු පිටත්කර හැරියාහුය. හෙතෙම ගෙවල් පිළිවෙලින් ඇවිදිමින් ගොස් පෙර ආනන්ද සිටුකාලයේ නැවතී සිටිය ගේ ළඟට ගොස් ජාතිස්මරණය ලැබී තම ගෙට පිවිසියේය. දොරටු තුනකම සිටි කිසිවෙක් ඔහු හැඳින නොගත්තෝය.

චතුත්‍ථෙ ද‍්වාරකොට‍්ඨකෙ මූලසිරිසෙට‍්ඨිනො පුත‍්තකා දිස‍්වා උබ‍්බිග‍්ගහදයා පරොදිංසු. අථ නං සෙට‍්ඨිපුරිසා “නික‍්ඛම කාළකණ‍්ණී”ති පොථෙත්‍වා නීහරිත්‍වා සඞ‍්කාරට‍්ඨානෙ ඛිපිංසු. සත්‍ථා ආනන්‍දත්‍ථෙරෙන පච‍්ඡාසමණෙන පිණ‍්ඩාය චරන‍්තො තං ඨානං පත‍්තො ථෙරං ඔලොකෙත්‍වා තෙන පුට‍්ඨො තං පවත‍්තිං ආචික‍්ඛි.

සිව්වෙනි දොරටුවෙහි හුන් මූලසිරි සිටුපුතා දැක උද්වේගයට පැමිණ හැඬුවේය. ඉන්පසු ඔහුට සිටුවරයාගේ මිනිස්සු කාලකණ්ණිය පලායවයි තළමින් ගෙනගොස් කසළගොඩට දැමූහ. ශාස්තෘන්වහන්සේ පසුපස එන ආනන්ද තෙරණුවනුත් සමග පිඬු පිණිස හැසිරෙන අතර තෙරුන් දෙස බැලූහ. ආනන්ද හිමියන් විසින් ඒ ගැන අසාසිටි කල ඒ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළහ.

ථෙරො මූලසිරිං පක‍්කොසාපෙසි. අථ මහාජනකායො සන‍්නිපති. සත්‍ථා මූලසිරිං ආමන‍්තෙත්‍වා “ජානාසි එත”න‍්ති පුච‍්ඡිත්‍වා “න ජානාමී”ති වුත‍්තෙ, “පිතා තෙ ආනන්‍දසෙට‍්ඨී”ති වත්‍වා අසද‍්දහන‍්තං “ආනන්‍දසෙට‍්ඨි පුත‍්තස‍්ස තෙ පඤ‍්ච මහානිධියො ආචික‍්ඛාහී”ති ආචික‍්ඛාපෙත්‍වා සද‍්දහාපෙසි. සො සත්‍ථාරං සරණං අගමාසි. තස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

තෙරණුවෝ මූලසිරි කැඳවූහ. තවත් මහාජනයාද එහි රැස්වූහ. ශාස්තෘන්වහන්සේ මූලසිරිගෙන් මොහු හඳුනන්නේදැයි ඇසූ විට නොද්නනෙමියි කීකල මේ ඔබේ පියා වන ආනන්ද සිටුවරයායයි වදාරා නොඅදහන කල්හි, ආනන්ද සිටුවරය, ඔබේ පුතාට පංචමහානිධාන ඇති තැන් කියවයි එය කියාදෙවා අඳුනා ගැනීම තහවුරු කළහ. හෙතෙම බුදුන් සරණ ගියේය. බුදුහු ඔහුට දහම් දෙසමින් මේ ගාථාවද ප්‍රකාශකළසේක.

“පුත‍්තා මත්‍ථි ධනම‍්මත්‍ථි, ඉති බාලො විහඤ‍්ඤති; අත‍්තා හි අත‍්තනො නත්‍ථි, කුතො පුත‍්තා කුතො ධන”න‍්ති.

මට ධනය සහ පුතුන් ඇතැයි හඟින අනුවණයා එයින් වැනසී යනමුත් තමනට තමන් මිස කිසිවෙක්ම නැත සැබවින් එසේ සලකන කල පුතුන් හෝ මොන ධනයද ඒවා කොහෙන් ලබමුද?

තස‍්සත්‍ථො – පුත‍්තා මෙ අත්‍ථි, ධනං මෙ අත්‍ථි, ඉති බාලො පුත‍්තතණ‍්හාය චෙව ධනතණ‍්හාය ච හඤ‍්ඤති විහඤ‍්ඤති දුක‍්ඛයති, “පුත‍්තා මෙ නස‍්සිංසූ”ති විහඤ‍්ඤති, “නස‍්සන‍්තී”ති විහඤ‍්ඤති, “නස‍්සිස‍්සන‍්තී”ති විහඤ‍්ඤති. ධනෙපි එසෙව නයො. ඉති ඡහාකාරෙහි විහඤ‍්ඤති. “පුත‍්තෙ පොසෙස‍්සාමී”ති රත‍්තිඤ‍්ච දිවා ච ථලජලපථාදීසු නානප‍්පකාරතො වායමන‍්තොපි විහඤ‍්ඤති, “ධනං උප‍්පාදෙස‍්සාමී”ති කසිවාණිජ‍්ජාදීනි කරොන‍්තොපි විහඤ‍්ඤතෙව. එවං විහඤ‍්ඤස‍්ස ච අත‍්තා හි අත‍්තනො නත්‍ථි තෙන විඝාතෙන දුක‍්ඛිතං අත‍්තානං සුඛිතං කාතුං අසක‍්කොන‍්තස‍්ස පවත‍්තියම‍්පිස‍්ස අත‍්තා හි අත‍්තනො නත්‍ථි, මරණමඤ‍්චෙ නිපන‍්නස‍්ස මාරණන‍්තිකාහි වෙදනාහි අග‍්ගිජාලාහි විය පරිඩය‍්හමානස‍්ස ඡිජ‍්ජමානෙසු සන්‍ධිබන්‍ධනෙසු, භිජ‍්ජමානෙසු අට‍්ඨිසඞ‍්ඝාටෙසු නිමීලෙත්‍වා පරලොකං උම‍්මීලෙත්‍වා ඉධලොකං පස‍්සන‍්තස‍්සාපි දිවසෙ දිවසෙ ද‍්වික‍්ඛත‍්තුං න‍්හාපෙත්‍වා තික‍්ඛත‍්තුං භොජෙත්‍වා ගන්‍ධමාලාදීහි අලඞ‍්කරිත්‍වා යාවජීවං පොසිතොපි සහායභාවෙන දුක‍්ඛපරිත‍්තාණං කාතුං අසමත්‍ථතාය අත‍්තා හි අත‍්තනො නත්‍ථි. කුතො පුත‍්තා කුතො ධනං පුත‍්තා වා ධනං වා තස‍්මිං සමයෙ කිමෙව කරිස‍්සන‍්ති, ආනන්‍දසෙට‍්ඨිනොපි කස‍්සචි කිඤ‍්චි අදත්‍වා පුත‍්තස‍්සත්‍ථාය ධනං සණ‍්ඨපෙත්‍වා පුබ‍්බෙ වා මරණමඤ‍්චෙ නිපන‍්නස‍්ස, ඉදානි වා ඉමං දුක‍්ඛං පත‍්තස‍්ස කුතො පුත‍්තා කුතො ධනං. පුත‍්තා වා ධනං වා තස‍්මිං සමයෙ කිං දුක‍්ඛං හරිංසු, කිං වා සුඛං උප‍්පාදයිංසූති.

එහි අර්ථය නම් පුත්තා මෙ අත්ති ධනං මෙ අත්ථි ඉති බාලො යනු පුත්‍රතෘෂ්ණාවෙනුත් ධනතෘෂ්ණාවෙනුත් වැනසෙයි, විනාශවෙයි. විහඤ්ඤති දුකට පැමිණෙයි. මාගේ පුත්තු වැනසුණාහ. නැසෙන්නාහ, වැනසෙත්, නසින්නාහ යනුවෙන් නැසෙයි. ධනය පිළිබඳවද මෙසේමය. මෙසේ සය ආකාරයකින් වැනසෙයි. පුත්‍රයන් පෝෂණය කරන්නෙමියි රෑ ද දවල්ද ගොඩ ජලමාර්ග ආදියෙහි නානාප්‍රකාරයෙන් වෑයම් කරමින් නැසෙයි. ධනය රැස්කරන්නෙමියි කෘෂිවණික් කර්මාන්තයන් කරමින්ද නැසෙන්නේමය. මෙසේ නැසෙන වෙහෙසෙන්නාටද තමන් තමන්ටම අයත් නොවෙයි. ඒ වෙහෙසවීමෙන් දුකට පැමිණෙන තමන් සුවපත් කළනොහැකි වනහෙයිනුත් ඔහුට තමන් තමන්ටම නැතිවෙයි. මරණ මංචකයෙහි (ඇඳෙහි) වැතිරගත්කල මරණීයවේදනාවලින් ගිනිදැලින් මෙන් අතිශයින්ම දැවෙන්නාටද ශරීර හන්දි ආදිය සිදුරු වන කල්හිද, ඇට සැකිලි බිඳී යන විටද, ඇස පියාගත් විට පරලොවත්, ඇස ඇර බලන විට මෙලොවත් බලන්නාටද දවස් පතා දෙවරක් නාවා තෙවරක් කවාපොවා සුවඳ මල් ආදියෙන් සරසවා දිවි ඇතිතාක් උපස්ථානකොට නමුත් දුකෙන් රැකගැනීමට අසමත්වන හෙයිනි. අත්තාහි අත්තනො නත්ථි කුතො පුත්තා කුතො ධනං යනු පුතුන් හෝ ධනය හෝ ඒ අවසන් අවස්ථාවේ කුමක් නම් කරන්ටද? කවදාවත් කිසිවෙකුට කිසිවක්ම නොදී පුතුන් සඳහා ධනය රැස්කර තැබූ ආනන්ද සිටුවරයාටද කලින්ම හෝ මරණාසන්න මොහොතේ හෝ දැන් මේ දුකටපත් අවස්ථාවේ හෝ පුත්‍රයෝ කොහිද, රැස්කළ ධනය කොහිද, පුතුන් හෝ ධනය හෝ ඒ අවස්ථාවේ ඔහුගේ දුක නැති කෙළේද, සැපක් ගෙනදීමට සමත් වූයේද?

දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

දේශනා කෙළවර අසූසාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. දේශනාව මහාජනයාට සාර්ථකවිය.

ආනන්‍දසෙට‍්ඨිවත්‍ථු තතියං.

තුන්වන ආනන්ද සිටුහුගේ වස්තුවයි.