යෙදුමෙන් කියවන්න

2. මහාකස‍්සපත්‍ථෙරසද‍්ධිවිහාරිකවත්‍ථු අට‍්ඨකථා

2. මහාකස‍්සපත්‍ථෙරසද‍්ධිවිහාරිකවත්‍ථු

2. මහාකාශ්‍යප තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුවගේ වස්තුව

චරඤ‍්චෙ නාධිගච‍්ඡෙය්‍යාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං ජෙතවනෙ විහරන‍්තො මහාකස‍්සපත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකං ආරබ‍්භ කථෙසි. දෙසනා රාජගහෙ සමුට‍්ඨිතා.

චරං චෙ නාධිගච්ඡෙය්‍ය යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි මහාකාශ්‍යප තෙරණුවන්ගේ සද්ධිවිහාරික භික්ෂුවක් අරභයා දේශනා කළසේක. දේශනාව රජගහනුවර උපන්නකි.

ථෙරං කිර රාජගහං නිස‍්සාය පිප‍්පලිගුහායං වසන‍්තං ද‍්වෙ සද‍්ධිවිහාරිකා උපට‍්ඨහිංසු. තෙසු එකො සක‍්කච‍්චං වත‍්තං කරොති, එකො තෙන කතං කතං අත‍්තනා කතං විය දස‍්සෙන‍්තො මුඛොදකදන‍්තකට‍්ඨානං පටියාදිතභාවං ඤත්‍වා, “භන‍්තෙ, මුඛොදකදන‍්තකට‍්ඨානි මෙ පටියාදිතානි, මුඛං ධොවථා”ති වදති, පාදධොවනන‍්හානාදිකාලෙපි එවමෙව වදති. ඉතරො චින‍්තෙසි –

රජගහනුවර අසළ පිප්ඵලිගුහාවෙහි වාසයකළ මහාකාශ්‍යප තෙරණුවන්ට සද්ධිවිහාරිකයෝ දෙදෙනෙක් උපස්ථාන කළහ. ඔවුනතර එක් උපස්ථායකයෙක් ඉතා හොඳින් වතාවත් කෙළේය. අනිත් උපස්ථායකයා පළමුවැන්නා කළකළ දේ තමන් විසින් කරන ලද හැටියට පෙන්වමින් මුවදෝනා පැන් දැහැටි පිළියෙල වී ඇතිබව දැන ගොස්, ස්වාමීනි, මුවදොනා පැන් දැහැටි සූදානම්ය. මූණ සෝදාගනු මැනවයි කියයි. පාදොවන නාන ආදි කාලවලදීද මෙසේම කියයි. අනිත් තැනැත්තා මෙසේ සිතීය:

“අයං නිච‍්චකාලං මයා කතං කතං අත‍්තනා කතං විය කත්‍වා දස‍්සෙති, හොතු, කත‍්තබ‍්බයුත‍්තකමස‍්ස කරිස‍්සාමී”ති. තස‍්ස භුඤ‍්ජිත්‍වා සුපන‍්තස‍්සෙව න‍්හානොදකං තාපෙත්‍වා එකස‍්මිං ඝටෙ කත්‍වා පිට‍්ඨිකොට‍්ඨකෙ ඨපෙසි, උදකතාපනභාජනෙ පන නාළිමත‍්තං උදකං සෙසෙත්‍වා උසුමං මුඤ‍්චන‍්තං ඨපෙසි.

මොහු නිතරම මා විසින් කළ කළ දේ තමන් කළබවක් දක්වයි. එහෙම වුණාවේ, මොහුට කළයුත්ත කරන්නෙමියි ඔහු ආහාරගෙන නිදාසිටින වේලාවේ නානජලය උණුකොට වෙනත් සැළියකට වත්කොට එය සඟවා තැබීය. වෙනදා ජලය උණු කරන සැළියට වතුරටිකක් දමා ලිප මත තබා පැත්තකටවී සිටියේය.

තං ඉතරො සායන‍්හසමයෙ පබුජ‍්ඣිත්‍වා උසුමං නික‍්ඛන‍්තං දිස‍්වා “උදකං තාපෙත්‍වා කොට‍්ඨකෙ ඨපිතං භවිස‍්සතී”ති වෙගෙන ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, කොට‍්ඨකෙ උදකං ඨපිතං, න‍්හායථා”ති වත්‍වා ථෙරෙන සද‍්ධිංයෙව කොට‍්ඨකං පාවිසි. ථෙරො උදකං අපස‍්සන‍්තො “කහං උදකං, ආවුසො”ති ආහ. දහරො අග‍්ගිසාලං ගන‍්ත්‍වා භාජනෙ උළුඞ‍්කං ඔතාරෙත්‍වා තුච‍්ඡභාවං ඤත්‍වා “පස‍්සථ දුට‍්ඨස‍්ස කම‍්මං තුච‍්ඡභාජනං උද‍්ධනෙ ආරොපෙත්‍වා කුහිං ගතො, අහං ‘කොට‍්ඨකෙ උදක’න‍්ති සඤ‍්ඤාය ආරොචෙසි”න‍්ති උජ‍්ඣායන‍්තො ඝටං ආදාය තිත්‍ථං අගමාසි. ඉතරොපි පිට‍්ඨිකොට‍්ඨකතො උදකං ආහරිත්‍වා කොට‍්ඨකෙ ඨපෙසි.

අනික් උපස්ථායකයා සවස නැගිට උදුනෙහි දුම්දමන සැළිය දැක වතුර උණුකර කොටුවෙහි තබා ඇතැයි සිතා වහා ගොස් තෙරුන් වැඳ ස්වාමීනි, දියනානා කොටුවෙහි ජලය උණුකොට තබාඇත. නහනු මැනවයි කියා තෙරුණුත් සමගම කොටුවට පිවිසියේය. තෙරණුවෝ එහි ජලය නොදැක ඇවැත්නි ජලය කොහිදැයි ඇසූහ. ඔහු ගිනිශාලාවට ගොස් භාජනයට හැන්දක් දමා සැළිය හිස්බව දැන බලන්න මේ දුෂ්ටයාගේ වැඩ. හිස් බඳුන උදුනේ තබා කොහේ ගියේද? මම කොටුවෙහි ජලය ඇතැයි සිතා දැන්වූවෙමියි දොස් නගමින් කළ රැගෙන තොටට ගියේය. අනිත් උපස්ථායකයා පිටිපස්සෙහි තැබූ ජලය ගෙනවුත් කොටුවෙහි බහාලීය.

ථෙරො චින‍්තෙසි – “අයං දහරො ‘උදකං මෙ තාපෙත්‍වා කොට‍්ඨකෙ ඨපිතං, එථ, භන‍්තෙ, න‍්හායථා’ති වත්‍වා ඉදානි උජ‍්ඣායන‍්තො ඝටං ආදාය තිත්‍ථං ගච‍්ඡති, කිං නු ඛො එත”න‍්ති උපධාරෙන‍්තො “එත‍්තකං කාලං එස දහරො ඉමිනා කතං වත‍්තං අත‍්තනාව කතං විය පකාසෙතී”ති ඤත්‍වා සායං ආගන‍්ත්‍වා නිසින‍්නස‍්ස ඔවාදමදාසි, “ආවුසො, භික‍්ඛුනා නාම ‘අත‍්තනා කතමෙව කත’න‍්ති වත‍්තුං වට‍්ටති, නො අකතං, ත්‍වං ඉදානෙව ‘කොට‍්ඨකෙ උදකං ඨපිතං, න‍්හායථ, භන‍්තෙ’ති වත්‍වා මයි පවිසිත්‍වා ඨිතෙ ඝටං ආදාය උජ‍්ඣායන‍්තො ගච‍්ඡසි, පබ‍්බජිතස‍්ස නාම එවං කාතුං න වට‍්ටතී”ති.

තෙරණුවෝ මෙසේ සිතූහ. මේ බාලයා මා විසින් ජලය උණුකර තබන ලදි. ස්වාමීනි නහනු මැනවයි කියා දැන් දොස්බස් පවසමින් කළයත් රැගෙන තොටට යයි. මේ කිමෙක්දැයි සොයා බලමින්, මෙතෙක් කල් මේ බාලයා මොහු විසින් කරන ලද වතාවත් තමන් කළාක් මෙන් කීවේයයි දැන සවස ළඟට පැමිණි ඔහුට අවවාද කරමින් ඇවැත්නි, භික්ෂුව විසින් තමන් කළ දෙයක්ම තමන් විසින් කරන ලදැයි කිය යුතුය. නොකළ දෙයක් නොකිය යුතුය. ඔබ මේ දැන් කොටුවෙහි ජලය තබා ඇත. ස්වාමීනි, නහනු මැනවැයි කියා මා ආ පසු කළයත් රැගෙන දොස්බස් කියමින් තොටුපළට යන්නෙහිය. පැවිද්දන් මෙසේ කිරීම අයෝග්‍යය.

සො “පස‍්සථ ථෙරස‍්ස කම‍්මං, උදකමත‍්තකං නාම නිස‍්සාය මං එවං වදෙසී”ති කුජ‍්ඣිත්‍වා පුනදිවසෙ ථෙරෙන සද‍්ධිං පිණ‍්ඩාය න පාවිසි. ථෙරො ඉතරෙන සද‍්ධිං එකං පදෙසං අගමාසි. සො තස‍්මිං ගතෙ ථෙරස‍්ස උපට‍්ඨාකකුලං ගන‍්ත්‍වා “ථෙරො කහං, භන‍්තෙ”ති පුට‍්ඨො “ථෙරස‍්ස අඵාසුකං ජාතං, විහාරෙයෙව නිසින‍්නො”ති ආහ. “කිං පන, භන‍්තෙ, ලද‍්ධුං වට‍්ටතී”ති? “එවරූපං කිර නාම ආහාරං දෙථා”ති වුත‍්තෙ තෙන වුත‍්තනියාමෙනෙව සම‍්පාදෙත්‍වා අදංසු. සො අන‍්තරාමග‍්ගෙව තං භත‍්තං භුඤ‍්ජිත්‍වා විහාරං ගතො. ථෙරොපි ගතට‍්ඨානෙ මහන‍්තං සුඛුමවත්‍ථං ලභිත්‍වා අත‍්තනා සද‍්ධිං ගතදහරස‍්ස අදාසි. සො තං රජිත්‍වා අත‍්තනො නිවාසනපාරුපනං අකාසි.

හෙතෙම, බලන්න, මේ තෙරණුවන්ගේ හැටි. වතුර ටිකක් නිසා මට මෙසේ දොස් පවරතියි කිපී දෙවෙනි දා තෙරණුවන් සමඟ පිඬුපිණිස නොගියේය. මහාකාශ්‍යප තෙරණුවෝ අනිත් භික්ෂුවත් සමඟ එක පෙදෙසකට වැඩියහ. අර භික්ෂුව තෙරණුවන් වහන්සේ ගියකල්හි උන්වහන්සේගේ දායක ගෙදරකට ගොස් එහි හුන් අය තෙරුන්වහන්සේ කොහිදැයි ඇසූ පසු උන්වහන්සේට අපහසුකම් නිසා විහාරයෙහිම වැඩ සිටිතියි කීවේය. ස්වාමීනි යමක් අවශ්‍යදැයි ගෙදර අය ඇසූහ. මෙබඳු ආහාරයක් ලදහොත් මැනවයි කීවේය. ගෙදර අය ඔහු කී අයුරින්ම ආහාර සූදානම්කොට දුන්හ. ඔහු අතරමගදීම ඒ ආහාරය අනුභව කොට විහාරයට ගියේය. තෙරණුවෝ තමන් ගිය තැනින් වටිනා සිනිඳු වස්ත්‍රයක් ලැබී තමන් සමග ගිය දහර භික්ෂුවට එය දුන්හ. හෙතෙම එය පඩුපොවා තමන්ගේ ඇඳීම් පෙරවීම් සඳහා යොදා ගත්තේය.

ථෙරො පුනදිවසෙ තං උපට‍්ඨාකකුලං ගන‍්ත්‍වා, “භන‍්තෙ, ‘තුම‍්හාකං කිර අඵාසුකං ජාත’න‍්ති අම‍්හෙහි දහරෙන වුත‍්තනියාමෙනෙව පටියාදෙත්‍වා ආහාරො පෙසිතො, පරිභුඤ‍්ජිත්‍වා වො ඵාසුකං ජාත”න‍්ති වුත‍්තෙ තුණ‍්හී අහොසි. විහාරං පන ගන‍්ත්‍වා තං දහරං වන්‍දිත්‍වා නිසින‍්නං එවමාහ – “ආවුසො, තයා කිර හිය්‍යො, ඉදං නාම කතං, ඉදං පබ‍්බජිතානං න අනුච‍්ඡවිකං, විඤ‍්ඤත‍්තිං කත්‍වා භුඤ‍්ජිතුං න වට‍්ටතී”ති. සො කුජ‍්ඣිත්‍වා ථෙරෙ ආඝාතං බන්‍ධිත්‍වා “පුරිමදිවසෙ උදකමත‍්තං නිස‍්සාය මං මුසාවාදිං කත්‍වා අජ‍්ජ අත‍්තනො උපට‍්ඨාකකුලෙ භත‍්තමුට‍්ඨියා භුත‍්තකාරණා මං ‘විඤ‍්ඤත‍්තිං කත්‍වා භුඤ‍්ජිතුං න වට‍්ටතී’ති වදති, වත්‍ථම‍්පි තෙන අත‍්තනො උපට‍්ඨාකස‍්සෙව දින‍්නං, අහො ථෙරස‍්ස භාරියං කම‍්මං, ජානිස‍්සාමිස‍්ස කත‍්තබ‍්බයුත‍්තක”න‍්ති පුනදිවසෙ ථෙරෙ ගාමං පවිසන‍්තෙ සයං විහාරෙ ඔහීයිත්‍වා දණ‍්ඩං ගහෙත්‍වා පරිභොගභාජනානි භින්‍දිත්‍වා ථෙරස‍්ස පණ‍්ණසාලාය අග‍්ගිං දත්‍වා යං න ඣායති, තං මුග‍්ගරෙන පහරන‍්තො භින්‍දිත්‍වා නික‍්ඛමිත්‍වා පලාතො. සො කාලං කත්‍වා අවීචිමහානිරයෙ නිබ‍්බත‍්ති.

දෙවෙනි දිනයේ ඒ දායක ගෙදර අය තෙරණුවන් වෙත ගොස් ස්වාමීනි, ඔබවහන්සේට අපහසු බව දැන අපි ළාබාලතෙරුන් කීහැටියට ආහාර පිළියෙලකොට එව්වෙමු. එය වළඳා පහසු වූයෙහිදැයි විමසූ කල්හි නිහඬ වූහ. විහාරයට ගොස් ඒ තරුණ භික්ෂුව තමන් ළඟටවුත් වැඳ සිටි කල්හි ඇවැත්නි තොප ඊයේ මෙබන්දක් කර ඇත. එය පැවිද්දෙකුට අනුචිතය කාට හෝ කියා සාදාගත් දෙයක් අනුභව කිරීම පැවිද්දෙකුට නොවටීයයි කීහ. හෙතෙම කිපී තෙරුන් හා වෛර බැඳ පළමු දිනයේ වතුර ටිකක් නිසා මා බොරුකාරයකු කොට අද තමන්ගේ දායක ගෙදරින් බත්මිටක් කෑම නිමිතිකරගෙන කියා පිසවාගත් ආහාර කෑම අයෝග්‍යයයි කියයි. ලැබුණුවස්ත්‍රයත් තමන්ගේ උපස්ථායක භික්ෂුවට දුන්නේය. මේ තෙරුන්ගේ ක්‍රියා ඉතා නපුරුය. මොහුට කළයුත්ත දනිමියි දෙවෙනි දිනයේ තෙරුන් ගමට ගිය කල්හි තෙමේ විහාරයෙහි නැවතී දණ්ඩක් ගෙන ප්‍රයෝජනයට ගන්නා භාජන බිඳදමා තෙරුන්ගේ පන්සල ගිනිතබා නොදැවෙන බඩු, මුගුරු පහරින් කුඩුකර දමා පලාගියේය. හෙතෙම මරණින් පසු අවීචිමහානිරයේ උපන්නේය.

මහාජනො කථං සමුට‍්ඨාපෙසි – “ථෙරස‍්ස කිර සද‍්ධිවිහාරිකො ඔවාදමත‍්තං අසහන‍්තො කුජ‍්ඣිත්‍වා පණ‍්ණසාලං ඣාපෙත්‍වා පලාතො”ති. අථෙකො භික‍්ඛු අපරභාගෙ රාජගහා නික‍්ඛමිත්‍වා සත්‍ථාරං දට‍්ඨුකාමො ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා සත්‍ථාරා පටිසන්‍ථාරං කත්‍වා “කුතො ආගතොසී”ති පුට‍්ඨො “රාජගහතො, භන‍්තෙ”ති ආහ. “මම පුත‍්තස‍්ස මහාකස‍්සපස‍්ස ඛමනීය”න‍්ති? “ඛමනීයං, භන‍්තෙ, එකො පන සද‍්ධිවිහාරිකො ඔවාදමත‍්තෙන කුජ‍්ඣිත්‍වා පණ‍්ණසාලං ඣාපෙත්‍වා පලාතො”ති. සත්‍ථා “න සො ඉදානෙව ඔවාදං සුත්‍වා කුජ‍්ඣති, පුබ‍්බෙපි කුජ‍්ඣියෙව. න ඉදානෙව කුටිං දූසෙති, පුබ‍්බෙපි දූසෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි –

ඉන්පසු මහාජනයා, මහාකාශ්‍යප තෙරණුවන්ගේ සද්ධිවිහාරික භික්ෂුව අවවාදමාත්‍රයක් ඉවසාගත නොහැකිව කිපී පන්සල පුළුස්සා දමා පලාගියේයයි කථාවක් ඉපදවූහ. ඉන්පසු එක් භික්ෂුවක් සවස රජගහනුවරින් පිටත්ව බුදුන් දකිනු කැමැත්තෙන් දෙව්රමට ගොස් බුදුන් වැඳ බුදුරජාණන්වහන්සේ, පිළිසඳර කථාකොට කොහි සිට ආවෙහිදැයි ඇසූකල්හි ස්වාමීනි, රජගහනුවර සිටයයි කීවේය. මාගේ පුත්‍ර මහාකාශ්‍යප තෙරුන් සුවසේදැයි ඇසූ විට එසේය සුවසේය ස්වාමීනියි කීවේය. උන්වහන්සේගේ එක් සද්ධිවිහාරිකයෙක් අවවාද මාත්‍රයකට කිපී පන්සල ගිනිතියා පලාගියේයයිද දන්වා සිටියේය. ඔහු දැන් පමණක් අවවාද නිසා කිපුණෙක් නොවෙයි. පෙරත් එසේමය. කුටි විනාශ කෙළේත් දැන් පමණක් නොවෙයි. පෙරත් ඔහු කුටි දූෂණය කෙළේයයි අතීත කථාවක් ගෙන හැරපා වදාළ සේක:

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ හිමවන‍්තපදෙසෙ එකො සිඞ‍්ගිලසකුණො කුලාවකං කත්‍වා වසි. අථෙකදිවසං දෙවෙ වස‍්සන‍්තෙ එකො මක‍්කටො සීතෙන කම‍්පමානො තං පදෙසං අගමාසි. සිඞ‍්ගිලො තං දිස‍්වා ගාථමාහ –

අතීතයෙහි බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කාලයෙහි හිමවත්පෙදෙසෙහි එක් සිංගිල පක්ෂියෙක් (අඟක් වැනි හොටක් ඇති) කැදැල්ලක් සාදා එහි වාසයකෙළේය. දිනක් වැසි වසිනවිට එක් වඳුරෙක් සීතලෙන් වෙවුලමින් ඒ ප්‍රදේශයට පැමිණියේය. සිංගිල ඔහු දැක ගාථාවක් කීවේය.

“මනුස‍්සස‍්සෙව තෙ සීසං, හත්‍ථපාදා ච වානර; අථ කෙන නු වණ‍්ණෙන, අගාරං තෙ න විජ‍්ජතී”ති. (ජා· 1.4.81);

මිනිසෙකුට වැනි හිසක් අත් පාද ඔබට ඇත ඉතින් වානරය ඇයි ගෙයක් නොම හදන්නේ

මක‍්කටො “කිඤ‍්චාපි මෙ හත්‍ථපාදා අත්‍ථි, යාය පන පඤ‍්ඤාය විචාරෙත්‍වා අගාරං කරෙය්‍යං, සා මෙ පඤ‍්ඤා නත්‍ථී”ති චින‍්තෙත්‍වා තමත්‍ථං විඤ‍්ඤාපෙතුකාමො ඉමං ගාථමාහ –

වඳුරා, මට අත්පා ඇතත් කල්පනා කර බලා ගෙයක් හදාගන්නා නුවණ නැතැයි සිතා එය ප්‍රකාශකරන පිණිස මේ ගාථාව කීවේය:

“මනුස‍්සස‍්සෙව මෙ සීසං, හත්‍ථපාදා ච සිඞ‍්ගිල; යාහු සෙට‍්ඨා මනුස‍්සෙසු, සා මෙ පඤ‍්ඤා න විජ‍්ජතී”ති. (ජා· 1.4.82);

මිනිසෙකුට වැනි හිසක් අත් පාද ඇති නමුත් සිංගිලය ඔහුට මෙන් හොඳ නුවණ මට නැතිය

අථ නං “එවරූපස‍්ස තව කථං ඝරාවාසො ඉජ‍්ඣිස‍්සතී”ති ගරහන‍්තො සිඞ‍්ගිලො ඉමං ගාථාද‍්වයමාහ –

ඉතින් ඔබේ මේ කථාව අනුව ඔබේ ගෘහවාසය කෙසේනම් සම්පූර්ණ වන්නේදැයි ගරහමින් සිංගිල මේ ගාථා කීවේය:

“අනවට‍්ඨිතචිත‍්තස‍්ස, ලහුචිත‍්තස‍්ස දුබ‍්භිනො; නිච‍්චං අද‍්ධුවසීලස‍්ස, සුඛභාවො න විජ‍්ජති.

සසල සිතිවිලි ඇති කෙටි දුරක් පමණ දකිනා තිරගති නැති අයට කිසිවිටක සැපතක් නැත

“සො කරස‍්සු ආනුභාවං, වීතිවත‍්තස‍්සු සීලියං; සීතවාතපරිත‍්තාණං, කරස‍්සු කුටවං කපී”ති. (ජා· 1.4.83-84);

අතේ සවි ඇති තොප මැලිකමට හුරුවී ඇත රැකෙනු පිණිස සීතලෙන් වඳුර කුටියක් කර ගනු

මක‍්කටො “අයං මං අනවට‍්ඨිතචිත‍්තං ලහුචිත‍්තං මිත‍්තදුබ‍්භිං අද‍්ධුවසීලං කරොති, ඉදානිස‍්ස මිත‍්තදුබ‍්භිභාවං දස‍්සෙස‍්සාමී”ති කුලාවකං විද‍්ධංසෙත්‍වා විප‍්පකිරි. සකුණො තස‍්මිං කුලාවකං ගණ‍්හන‍්තෙ එව එකෙන පස‍්සෙන නික‍්ඛමිත්‍වා පලායි.

වඳුරා මේ සිංගිලයා මා සැලෙනසිත් ඇති, පටු කල්පනා ඇති, මිත්‍රද්‍රෝහී අස්ථිරගති ඇත්තෙකු කරයි. දැන් මොහුට මගේ මිත්‍රද්‍රෝහී බව පෙන්වමියි කුරුළුකූඩුව කඩා විසුරුවැ දැම්මේය. පක්ෂියා ඔහු කූඩුවට අත තබනවිටම එක් පැත්තකින් නික්මී ඉගිළීගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මක‍්කටො කුටිදූසකභික‍්ඛු අහොසි, සිඞ‍්ගිලසකුණො කස‍්සපො අහොසී”ති. ජාතකං සමොධානෙත්‍වා “එවං, භික‍්ඛවෙ, න ඉදානෙව, පුබ‍්බෙපි සො ඔවාදක‍්ඛණෙ කුජ‍්ඣිත්‍වා කුටිං දූසෙසි, මම පුත‍්තස‍්ස කස‍්සපස‍්ස එවරූපෙන බාලෙන සද‍්ධිං වසනතො එකකස‍්සෙව නිවාසො සෙය්‍යො”ති වත්‍වා ඉමං ගාථමාහ –

ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකකථාව අවසාන කළසේක. එදා වඳුරා නම් මේ කුටි දූෂක භික්ෂුවයි. සිංගිල පක්ෂියා නම් මහා කාශ්‍යප තෙරනුවෝයයි ජාතකය සසඳා, මහණෙනි, මොහු අද පමණක් නොව පෙරත් අවවාදයට කිපී ගෙවල් කඩාදමා විනාශ කෙළේය. මා පුත් කාශ්‍යපට මෙබඳු බාලයෙක් සමග වාසය කිරීමට වඩා හුදෙකලා වාසයම ශ්‍රේෂ්ඨයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ:

“චරඤ‍්චෙ නාධිගච‍්ඡෙය්‍ය, සෙය්‍යං සදිසමත‍්තනො; එකචරියං දළ‍්හං කයිරා, නත්‍ථි බාලෙ සහායතා”ති.

ගුණෙන් තමනට වැඩි නැතහොත් සම ගුණම ඇති අය ඇසුරට ගතයුතුය නැතොත් තනියම විසුම යහපති

තත්‍ථ චරන‍්ති ඉරියාපථචාරං අග‍්ගහෙත්‍වා මනසාචාරො වෙදිතබ‍්බො, කල්‍යාණමිත‍්තං පරියෙසන‍්තොති අත්‍ථො. සෙය්‍යං සදිසමත‍්තනොති අත‍්තනො සීලසමාධිපඤ‍්ඤාගුණෙහි අධිකතරං වා සදිසං වා න ලභෙය්‍ය චෙ. එකචරියන‍්ති එතෙසු හි සෙය්‍යං ලභමානො සීලාදීහි වඩ‍්ඪති, සදිසං ලභමානො න පරිහායති, හීනෙන පන සද‍්ධිං එකතො වසන‍්තො එකතො සංභොගපරිභොගං කරොන‍්තො සීලාදීහි පරිහායති. තෙන වුත‍්තං – “එවරූපො පුග‍්ගලො න සෙවිතබ‍්බො න භජිතබ‍්බො න පයිරුපාසිතබ‍්බො අඤ‍්ඤත්‍ර අනුද‍්දයා අඤ‍්ඤත්‍ර අනුකම‍්පා”ති (පු· ප· 121; අ· නි· 3.26). තස‍්මා සචෙ කාරුඤ‍්ඤං පටිච‍්ච “අයං මං නිස‍්සාය සීලාදීහි වඩ‍්ඪිස‍්සතී”ති තම‍්හා පුග‍්ගලා කිඤ‍්චි අපච‍්චාසීසන‍්තො තං සඞ‍්ගණ‍්හිතුං සක‍්කොති, ඉච‍්චෙතං කුසලං. නො චෙ සක‍්කොති, එකචරියං දළ‍්හං කයිරා එකීභාවමෙව ථිරං කත්‍වා සබ‍්බඉරියාපථෙසු එකකොව විහරෙය්‍ය. කිං කාරණා? නත්‍ථි බාලෙ සහායතාති සහායතා නාම චූළසීලං මජ‍්ඣිමසීලං මහාසීලං දස කථාවත්‍ථූනි තෙරස ධුතඞ‍්ගගුණා විපස‍්සනාගුණා චත‍්තාරො මග‍්ගා චත‍්තාරි ඵලානි තිස‍්සො විජ‍්ජා ඡ අභිඤ‍්ඤා. අයං සහායතාගුණො බාලං නිස‍්සාය නත්‍ථීති.

එහි චරං යන චතුර්විධ ඉරියව්වල පැවැත්ම නොගෙන මානසික හැසිරීම ගතයුතුයි. කල්‍යාණ මිත්‍රයෙකු සොයාබැලීම යන අර්ථය ගතයුතුය. සෙය්‍යං සදිසමත්තනො යනු තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණවලට වඩා වැඩිප්‍රමාණයක් හෝ සමානප්‍රමාණයක් ඇත්තෙකු හෝ නොලැබෙන්නේ නම් යන අර්ථයි. එකචරියං යනු ඉහත කී අයගෙන් තමන්ට වඩා ගුණ ඇත්තෙකු ලැබුණුවිට සීලාදි ගුණයෙන් තමන් වර්ධනය වෙයි. සමාන ගුණ ඇත්තෙකු ඇසුරු කරන විට තමන් ගුණයෙන් නොපිරිහෙයි. තමන්ට වඩා පහත් හීනයකු සමග විසීමෙන්, එකට යම්යම් වස්තු පරිභෝගකිරීමෙන් සීලාදියෙන් පිරිහෙයි. එහෙයින්, මෙබඳු පුද්ගලයන්, අනුකම්පාවෙන් මිස, දයාවෙන් මිස, සේවනය භජනය පයිරුපාසනය නොකළ යුතුයයි කියා තිබේ. එබඳු පුද්ගලයකුගෙන් කිසිවක් බලාපොරොත්තුත නොවී, මොහු මා නිසා සීලාදි ගුණයෙන් වැඩෙන්නට පුළුවන යන අදහසින් ඔහුට සංග්‍රහයක් කළහැකිය යන අදහසින් ඇසුරුකිරීමේ වරදක් නැත. වෙනත් අදහසකින් නම් නොවේ. එකචරියං දළ්හංකයිරා යනු චුල්ලසීල, මජ්ඣිමසීල, මහාසීල, දශකථාවස්තු තෙලෙස් ධුතාංගගුණ, විදර්ශනාගුණ, සතරමග, සතරඵල, ත්‍රිවිද්‍යා, ෂට්අභිඥා යන මේ සහායක ධර්මයෝය. මෙබඳුගුණ බාලයන් ඇසුරෙන් නොලැබේ.

දෙසනාවසානෙ ආගන‍්තුකො භික‍්ඛු සොතාපත‍්තිඵලං පත‍්තො, අඤ‍්ඤෙපි බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු, දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා අහොසීති.

දේශනාවසානයෙහි ආගන්තුක භික්ෂුව සෝවාන්ඵලයට පැමිණියේය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ආදි ඵලවලට පැමිණියාහුය. දේශනාව මහාජනයාට සාර්ථකවිය.

මහාකස‍්සපත්‍ථෙරසද‍්ධිවිහාරිකවත්‍ථු දුතියං.

දෙවන මහාකාශ්‍යප තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුවගේ වස්තුවයි.