1. අඤ්ඤතරපුරිසවත්ථු අට්ඨකථා
1. අඤ්ඤතරපුරිසවත්ථු
1. කුමුදු උපුල් ගෙනා දුප්පත් සේවකයාගේ වස්තුව
දීඝා ජාගරතො රත්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පසෙනදිකොසලඤ්චෙව අඤ්ඤතරඤ්ච පුරිසං ආරබ්භ කථෙසි.
දීඝා ජාගරතො රත්ති ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පසේනදි කොසොල් රජුද, තවත් පුරුෂයෙකුද අරභයා දේශනා කරනලදි.
රාජා කිර පසෙනදි කොසලො එකස්මිං ඡණදිවසෙ අලඞ්කතපටියත්තං සබ්බසෙතං එකං පුණ්ඩරීකං නාම හත්ථිං අභිරුය්හ මහන්තෙන රාජානුභාවෙන නගරං පදක්ඛිණං කරොති. උස්සාරණාය වත්තමානාය ලෙඩ්ඩුදණ්ඩාදීහි පොථියමානො මහාජනො පලායන්තො ගීවං පරිවට්ටෙත්වාපි ඔලොකෙතියෙව. රාජූනං කිර සුදින්නදානස්සෙතං ඵලං. අඤ්ඤතරස්සාපි දුග්ගතපුරිසස්ස භරියා සත්තභූමිකස්ස පාසාදස්ස උපරිතලෙ ඨිතා එකං වාතපානකවාටං විවරිත්වා රාජානං ඔලොකෙත්වාව අපගච්ඡි. රඤ්ඤො පුණ්ණචන්දො වලාහකන්තරං පවිට්ඨො විය උපට්ඨාසි. සො තස්සා පටිබද්ධචිත්තො හත්ථික්ඛන්ධතො පතනාකාරප්පත්තො විය හුත්වා ඛිප්පං නගරං පදක්ඛිණං කත්වා අන්තෙපුරං පවිසිත්වා එකං විස්සාසකං අමච්චං ආහ – “අසුකට්ඨානෙ තෙ මයා ඔලොකිතපාසාදො දිට්ඨො”ති? “ආම, දෙවා”ති. “තත්ථෙකං ඉත්ථිං අද්දසා”ති? “අද්දසං, දෙවා”ති. “ගච්ඡ, තස්සා සසාමිකඅසාමිකභාවං ජානාහී”ති.
සැණකෙළිදිනක පසේනදි කොසොල් රජු, අබරණින් සැරසූ මුළුමනින්ම සුදුපාටවූ පුණ්ඩරීක නම් ඇතා පිට නැගී මහත්වූ රාජානුභාවයෙන් නගරය ප්රදක්ෂිණා කරයි. මාර්ග අවහිරකම් ඉවත්කිරීම සඳහා කැට දඬුමුගුරුවලින් තළා පලවා හරින මහාජනයා එසේ පැන යද්දීත් බෙල්ල හරවා රජුන් දෙස බලති. මෙසේ ඒ රජුන් යහපත් ලෙස දන්දීම, සිල්රැකීම, යහපත් කාර්යයන්කිරීම ආදියේ ඵල භුක්තිවින්දේය. මෙසේ රජු යන අතර එක්තරා දුප්පත් එකෙකුගේ බිරිඳක් සත්බුමුපහයක ඉහළම මාලයේ සිට එක් වාකවුලුවක් හැර රජු දෙස බලා වහාම ඉවත්වූවාය. රජු එය දුටුවේ පිරුණුසඳ වළාගැබක සැඟවී ගියාක් මෙනි. රජු ඒදෙස බලා ඈ කෙරෙහි බැඳුණු සිතින් ඇතු පිටින්වැටෙන්නාක් මෙන්වී වහා නගර ප්රදක්ෂිණාවකොට ඇතුළු පුරයට ගොස් එක් විශ්වාස ඇමතියෙකු අමතා, අසවල් තැන මා බලාසිටි ප්‍රාසාදය දුටුවෙහිද? එසේය දේවයන්වහන්ස. එහි සිටි එක් ස්ත්‍රියක් දුටුවෙහිද? දැක්කෙමි දේවයන්වහන්ස, ඔබ එහි යන්න. ගොස් ඈ ස්වාමියෙකු ඇත්තියකද නැද්දැයි දැනගෙන එවයි කීවේය.
සො ගන්ත්වා තස්සා සසාමිකභාවං ඤත්වා ආගන්ත්වා රඤ්ඤො “සසාමිකා”ති ආරොචෙසි. අථ රඤ්ඤා “තෙන හි තස්සා සාමිකං පක්කොසාහී”ති වුත්තෙ සො ගන්ත්වා, “එහි, භො, රාජා තං පක්කොසතී”ති ආහ. සො “භරියං මෙ නිස්සාය භයෙන උප්පන්නෙන භවිතබ්බ”න්ති චින්තෙත්වා රඤ්ඤො ආණං පටිබාහිතුං අසක්කොන්තො ගන්ත්වා රාජානං වන්දිත්වා අට්ඨාසි. අථ නං රාජා “මං ඉතො පට්ඨාය උපට්ඨාහී”ති ආහ. “අලං, දෙව, අහං අත්තනො කම්මං කත්වා තුම්හාකං සුඞ්කං දදාමි, ඝරෙයෙව මෙ ජීවිකා හොතූ”ති. “තව සුඞ්කෙන මය්හං අත්ථො නත්ථි, අජ්ජතො පට්ඨාය මං උපට්ඨාහී”ති තස්ස ඵලකඤ්ච ආවුධඤ්ච දාපෙසි. එවං කිරස්ස අහොසි – “කඤ්චිදෙවස්ස දොසං ආරොපෙත්වා ඝාතෙත්වා භරියං ගණ්හිස්සාමී”ති. අථ නං සො මරණභයභීතො අප්පමත්තො හුත්වා උපට්ඨාසි.
ඔහු එහි ගොස් ඈ සස්වාමික බව දැන අවුත් ඈ සැමියෙකු ඇත්තියකියි රජුන්ට දන්වා සිටියේය. ඉන්පසු රජු එසේනම් ඇගේ සැමියා මෙහි කැඳවන්නැයි කීකල්හි ඇමතියා ඒ පුරුෂයා වෙත ගොස් පින්වත, රජු ඔබ කැඳවන්නෙහියයි දැන්වීය. හෙතෙම මේ මගේ භාර්යාව නිසා හටගත් බියජනක දෙයක් වියයුතුයි සිතා රජඅණ ප්‍රතික්ෂේප කළ නොහැකිව ගොස් රජුන් වැඳ සිටියේය. ඉන්පසු රජු ඔබ මාළඟ සේවය කරවයි කීවේය. දේවයන්වහන්ස, මට සේවය අවශ්‍ය නැත. මම මගේ පුරුදු වැඩ කර ඔබවහන්සේට අයබදු ගෙවන්නෙමි. එයම මගේ ජීවිකාව වීම මැනවයි කීය. තාගේ අයබද්දෙන් මට වැඩක් නැත, අද පටන් මාළඟ සේවය කරවයි කියා පලිහක් සහ ආවුධද දුන්නේය. එසේ කරන ලද්දේ ඔහු වෙත කිසියම් වරදක් පටවා මරාදමා ඔහුගේ භාර්යාව තමන් සතුකර ගන්නෙමි යන අදහසිනි. ඉන්පසු ඒ පුරුෂයා මරණබියෙන් බියපත්ව අප්‍රමාදව රජුට සේවය කෙළේය.
රාජා තස්ස දොසං අපස්සන්තො කාමපරිළාහෙ වඩ්ඪන්තෙ “එකමස්ස දොසං ආරොපෙත්වා රාජාණං කරිස්සාමී”ති පක්කොසාපෙත්වා එවමාහ – “අම්භො ඉතො යොජනමත්ථකෙ නදියා අසුකට්ඨානං නාම ගන්ත්වා සායං මම න්හානවෙලාය කුමුදුප්පලානි චෙව අරුණවතීමත්තිකඤ්ච ආහර. සචෙ තස්මිං ඛණෙ නාගච්ඡසි, ආණං තෙ කරිස්සාමී”ති.
රජුන්ට ඔහුගේ වරදක් දැකගත නොහැකිවුවත් රජුතුළ කාමදැවිල්ල වැඩීගිය හෙයින් මොහුට යම් දොසක් ආරෝපණය කොට රජ අණින් මරා දමමියි සිතා ඔහු තමා ළඟට කැඳවා එම්බල මෙහි සිට යොදුන් සියයක් ගිය ගැන නදියක් ඇත. එතැන් සිට අසවල් තැනට ගොස් සවස මා නාන වේලාවට කුමුදු හා උපුල් මල්ද රන්වන් මැටිද රැගෙන එව. ඉතින් ඒ වේලාවට නාවොත් තා මරාදමන ලෙස අණකරමියි කීවේය.
සෙවකො කිර චතූහිපි දාසෙහි පතිකිට්ඨතරො. ධනක්කීතාදයො හි දාසා “සීසං මෙ රුජ්ජති, පිට්ඨි මෙ රුජ්ජතී”ති වත්වා අච්ඡිතුං ලභන්තියෙව. සෙවකස්සෙතං නත්ථි, ආණත්තකම්මං කාතුමෙව වට්ටති. තස්මා සො “අවස්සං මයා ගන්තබ්බං, කුමුදුප්පලෙහි සද්ධිං අරුණවතීමත්තිකා නාම නාගභවනෙ උප්පජ්ජති, අහං කුහිං ලභිස්සාමී”ති චින්තෙන්තො මරණභයභීතො වෙගෙන ගෙහං ගන්ත්වා, “භද්දෙ, නිට්ඨිතං මෙ භත්ත”න්ති ආහ. “උද්ධනමත්ථකෙ, සාමී”ති. සො යාව භත්තං ඔතරති, තාව සන්ධාරෙතුං අසක්කොන්තො උළුඞ්කෙන කඤ්ජිකං හරාපෙත්වා යථාලද්ධෙන බ්යඤ්ජනෙන සද්ධිං අල්ලමෙව භත්තං පච්ඡියං ඔපීළෙත්වා ආදාය යොජනිකං මග්ගං පක්ඛන්දො, තස්ස ගච්ඡන්තස්සෙව භත්තං පක්කං අහොසි. සො අනුච්ඡිට්ඨං කත්වාව ථොකං භත්තං අපනෙත්වා භුඤ්ජන්තො එකං අද්ධිකං දිස්වා මයා අපනෙත්වා ඨපිතං ථොකං අනුච්ඡිට්ඨං භත්තමෙව අත්ථි ගහෙත්වා භුඤ්ජ සාමීති. සො ගණ්හිත්වා භුඤ්ජි. ඉතරොපි භුඤ්ජිත්වා එකං භත්තමුට්ඨිං උදකෙ ඛිපිත්වා මුඛං වික්ඛාලෙත්වා මහන්තෙන සද්දෙන “ඉමස්මිං නදීපදෙසෙ අධිවත්ථා නාගා සුපණ්ණා දෙවතා ච වචනං මෙ සුණන්තු, රාජා මය්හං ආණං කාතුකාමො ‘කුමුදුප්පලෙහි සද්ධිං අරුණවතීමත්තිකං ආහරා’ති මං ආණාපෙසි, අද්ධිකමනුස්සස්ස ච මෙ භත්තං දින්නං, තං සහස්සානිසංසං, උදකෙ මච්ඡානං දින්නං, තං සතානිසංසං. එත්තකං පුඤ්ඤඵලං තුම්හාකං පත්තිං කත්වා දම්මි, මය්හං කුමුදුප්පලෙහි සද්ධිං අරුණවතීමත්තිකං ආහරථා”ති තික්ඛත්තුං අනුස්සාවෙසි. තත්ථ අධිවත්ථො නාගරාජා තං සද්දං සුත්වා මහල්ලකවෙසෙන තස්ස සන්තිකං ගන්ත්වා “කිං වදෙසී”ති ආහ. සො පුනපි තථෙව වත්වා “මය්හං තං පත්තිං දෙහී”ති වුත්තෙ, “දෙමී”ති ආහ. පුනපි “දෙහී”ති වුත්තෙ, “දෙමි, සාමී”ති ආහ. එවං සො ද්වෙ තයො වාරෙ පත්තිං ආහරාපෙත්වා කුමුදුප්පලෙහි සද්ධිං අරුණවතීමත්තිකං අදාසි.
ඒ සේවකයා, දාසයන් සිව්දෙනා අතර කීකරු ලෙස ක්‍රියාකරන්නෙකි. මිලයට ගත් දාසාදීහු මගේ හිස රුදා දෙයි, මගේ පිට රිදෙයි කියා සේවයට නොඅවුත් සිටින්ට හැකිය. ඔහුට එසේනොවීය. එහෙයින් මා අවශ්‍යයෙන්ම යායුතුය. කුමුදු උපුල් හා අරුණුවන් මැටි නම් නාගලෝකයෙහි උපදියි. මම ඒවා කොහෙන් ලබන්නෙම්දැයි සිතමින් මරණබියෙන් බියපත්ව, ගෙදර ගොස් සොඳුර මට බත් සූදානම්දැයි ඇසීය. ස්වාමීනි, බත් තවමත් ලිප උඩය. හෙතෙම බත් ළිපෙන් බානතුරු සිටිය නොහැකිව සැන්දෙන් කැඳ ඉවත් කොට ලැබුණු ව්‍යංජනත් සමග තෙතබරි බත් මල්ලක දමා රැගෙන යොදුනක් මග ගෙවා ගියෙය්. ඔහු යනඅතර බතද ඉදීගියේය. ඔහු ඉඳුල් කිරීමට පෙර බත්ටිකක් වෙන්කරගෙන කනඅතර එක් මගියෙක් දැක මා ඉඳුල් නොකර වෙන්කර තැබූ බත් ඇත. එය රැගෙන අනුභව කරන්නැයි කීවේය. මගියා එය රැගෙන කෑවේය. අනිත් තැනැත්තා බත් කා එක් බත් මිටක් ජලයෙහි දමා කට සෝදාගෙන, මහත් හඬින් මේ නදී ප්‍රදේශයෙහි අධිගෘහිත නාග සුපර්ණ දේවතාවෝ මගේ වචනය අසත්වා, රජු මට දඬුවම් දෙනු පිණිස කුමුදු උපුල් මල් හා අරණුවන් මැටි ගෙනඑවයි නියෝග කෙළේය. මගියෙකුටත් මම බත් දුනිමි. එය දහසක් ආනිසංසය. ජලයෙහි මාලුන්ටත් බත්දුනිමි. එය සීයක් ආනිසංසය. මෙතෙක් මා ලැබූ පින් තොපට පවරා දෙමි. මට කුමුදුඋපුල් මල් සමග අරුණුවන් මැටි ගෙනවුත් දෙන්නැයි තුන්වරක් ඉල්ලා සිටියේය. එහි අධිගෘහිත නාරජ තෙමේ ඒ ශබ්දය අසා මහලු වෙසක්ගෙන ඔහු ළඟට ගොස් කුමක් කියන්නෙහිදැයි ඇසීය. හෙතෙම නැවත නැවතත් එයම කියා මට ඒ පින් දෙවයි කීකල දෙන්නෙමියි කීවේය. මෙසේ ඔහු දෙතුන්වරක් පින් ලබාගෙන කුමුදු උපුල්මල් සමග අරුණුවන් මැටි ගෙනවුත් දුන්නේය.
රාජා පන චින්තෙසි – “මනුස්සා නාම බහුමායා, සචෙ සො කෙනචි උපායෙන ලභෙය්ය, කිච්චං මෙ න නිප්ඵජ්ජෙය්යා”ති. සො කාලස්සෙව ද්වාරං පිදහාපෙත්වා මුද්දිකං අත්තනො සන්තිකං ආහරාපෙසි. ඉතරොපි පුරිසො රඤ්ඤො න්හානවෙලායමෙවාගන්ත්වා ද්වාරං අලභන්තො ද්වාරපාලං පක්කොසෙත්වා “ද්වාරං විවරා”ති ආහ. “න සක්කා විවරිතුං, රාජා කාලස්සෙව මුද්දිකං දත්වා රාජගෙහං ආහරාපෙසී”ති. සො “රාජදූතො අහං, ද්වාරං විවරා”ති වත්වාපි “ද්වාරං අලභන්තො නත්ථි මෙ ඉදානි ජීවිතං. කිං නු ඛො කරිස්සාමී”ති චින්තෙත්වා ද්වාරස්ස උපරිඋම්මාරෙ මත්තිකාපිණ්ඩං ඛිපිත්වා තස්සූපරි පුප්ඵානි ලග්ගෙත්වා මහාසද්දං කරොන්තො, “අම්භො, නගරවාසිනො රඤ්ඤො මයා ආණත්තියා ගතභාවං ජානාථ, රාජා මං අකාරණෙන විනාසෙතුකාමො”ති තික්ඛත්තුං විරවිත්වා “කත්ථ නු ඛො ගච්ඡිස්සාමී”ති චින්තෙත්වා “භික්ඛූ නාම මුදුහදයා, විහාරං ගන්ත්වා නිපජ්ජිස්සාමී”ති සන්නිට්ඨානමකාසි. ඉමෙ හි නාම සත්තා සුඛිතකාලෙ භික්ඛූනං අත්ථිභාවම්පි අජානිත්වා දුක්ඛාභිභූතකාලෙ විහාරං ගන්තුකාමා හොන්ති, තස්මා සොපි “මෙ අඤ්ඤං තාණං නත්ථී”ති විහාරං ගන්ත්වා එකස්මිං ඵාසුකට්ඨානෙ නිපජ්ජි. අථ රඤ්ඤොපි තං රත්තිං නිද්දං අලභන්තස්ස තං ඉත්ථිං අනුස්සරන්තස්ස කාමපරිළාහො උප්පජ්ජි. සො චින්තෙසි – “විභාතක්ඛණෙයෙව තං පුරිසං ඝාතාපෙත්වා තං ඉත්ථිං ආනෙස්සාමී”ති.
රජු මෙසේ සිතීය. මිනිස්සු නම් බොහෝ උපාය දන්නෝය. ඉදින් ඔහු කුමක් හෝ උපායකින් මේ දේවල් ලබා ගතහොත් මගේ බලාපොරොත්තු කඩවී යන්නේය. මෙසේ සිතා කල්තියාම දොරවල් වස්වා යතුරු තමා ළඟට ගෙන්වා ගත්තේය. අනිත් තැනැත්තාත් රජු නහන වේලාවටම එහි ගොස් යාමට දොරක් නොලබා දොරටුපාලයා කැඳවා දොර හරුවයි කීය. දොර හැරිය නොහැකියි. රජු කල්තියාම දොරවල් වස්වා යතුරු රජගෙදරට ගෙන්වා ගත්තේයයි කීය. හෙතෙම, මේ රාජදූතයෝ දොරහරිව්යයි මා කීවත් නොහරිති. දැන් ඉතින් මට ජීවත් වීමක්නම් නොලැබේ. කුමක් කරන්නෙම්දැයි සිතා දොරේ උළුවස්සෙහි මැටිපිඬ තබා එහි මල් ගසා මහත්හඬ නගා කෑගසන්නේ පින්වත් නගරවාසීනි, මා රජඅණ ඉටු කළබව දැනගනිව්, රජු මා නිකරුණේ නසා දැමීමට කැමතිවෙයි යනුවෙන් තෙවරක් කෑගසා කොහි යන්නෙම්දැයි සිතන්නේ භික්ෂූහුනම් මොළොක් හදවත් ඇත්තෝය. විහාරයට ගොස් නිදාගනිමියි නිගමනය කෙළේය. මේ මිනිස්සු සුඛිත මුදිත කාලවල භික්ෂූන් සිටින බවවත් නොදැන දුකට පත්වූවිට පන්සල්වලට යනු කැමැත්තාහු වෙති. එනිසා ඔහුද මට වෙනත් පිහිටක් නැතැයි පන්සලට ගොස් එක් තැනක නිදාගත්තේය. ඒ ස්ත්‍රිය ගැනම සිතමින් රෑ නිදි නොලබන රජුගේ කාමගින්න තවතවත් වැඩිවීගියේය. හෙතෙම, එලිය වැටුණු වහාම ඒ මිනිසා මරවා ඒ ස්ත්‍රිය ගෙන්වා ගනිමියි සිතුවේය.
තස්මිං ඛණෙයෙව සට්ඨියොජනිකාය ලොහකුම්භියා නිබ්බත්තා චත්තාරො පුරිසා පක්කුථිතාය උක්ඛලියා තණ්ඩුලා විය සම්පරිවත්තකං පච්චමානා තිංසාය වස්සසහස්සෙහි හෙට්ඨිමතලං පත්වා අපරෙහි තිංසාය වස්සසහස්සෙහි පුන මුඛවට්ටියං පාපුණිංසු. තෙ සීසං උක්ඛිපිත්වා අඤ්ඤමඤ්ඤං ඔලොකෙත්වා එකෙකං ගාථං වත්තුකාමා වත්තුං අසක්කොන්තා එකෙකං අක්ඛරං වත්වා පරිවත්තිත්වා ලොහකුම්භිමෙව පවිට්ඨා.
එම රාත්‍රියෙහිම ලෝකුඹුනරකයෙහි සැටයොදුන් පමණවූ ලෝහ කුම්භයක (සැළියක) උපන් මිනිසුන් සතර දෙනෙක් පැසෙන සහල් මෙන් පෙරළිපෙරළී පැසෙන අතර අවුරුදු තිස්දහසක් පැසිපැසී සැළිය යටට බැස තවත් අවුරුදු තිස්දහසක් සැළියේ උඩ මුවවිටට පැමිණියාහුය. ඔවුහු හිස් ඔසවා ඔවුනොවුන් දෙස බලා එක එක ගාථාව කියන්ට කැමතිවුවත් එය සම්පූර්ණයෙන් කියාගත නොහැකිව එක එක අකුරු බැගින් කියා නැවතත් සැළිය ඇතුළට බැස ගිළී ගියාහුය.
රාජා නිද්දං අලභන්තො මජ්ඣිමයාමසමනන්තරෙ තං සද්දං සුත්වා භීතො උත්රස්තමානසො “කිං නු ඛො මය්හං ජීවිතන්තරායො භවිස්සති, උදාහු මෙ අග්ගමහෙසියා, උදාහු මෙ රජ්ජං විනස්සිස්සතී”ති චින්තෙන්තො සකලරත්තිං අක්ඛීනි නිමීලෙතුං නාසක්ඛි. සො අරුණුග්ගමනවෙලාය එව පුරොහිතං පක්කොසාපෙත්වා, “ආචරිය, මයා මජ්ඣිමයාමසමනන්තරෙ මහන්තා භෙරවසද්දා සුතා, ‘රජ්ජස්ස වා අග්ගමහෙසියා වා මය්හං වා කස්ස අන්තරායො භවිස්සතී’ති න ජානාමි, තෙන මෙ ත්වං පක්කොසාපිතො”ති ආහ.
නිදි නොලබා සිටි රජු මධ්‍යම රාත්‍රියෙහි ඒ ශබ්දය අසා බියෙන් තැති ගැනී මේ කිමෙක්ද, මගේ ජීවිත විනාශයකවත් වන්නේද, නැතහොත් අගමෙහෙසියට අනතුරක්ද, නැතහොත් මගේ රාජ්‍යය විනාශවන්නේදැයි සිතමින් මුළු රෑතිස්සේ ඇස පියාගත නොහැකිවිය. හෙතෙම උදෑසන පුරෝහිතයන් කැඳවා ආචාර්යතුමනි, ඊයේ මධ්‍යම රාත්‍රියෙහි මහාභයානක ශබ්දකීපයක් මට ඇසිණි. රජයට හෝ මෙහෙසියට හෝ මට හෝ කිසියම් අනතුරක්වන්නේදැයි නොදනිමි. ඔබ මෙහි කැඳවනලද්දේ ඒ නිසායයි දන්වා සිටියේය.
මහාරාජ, කිං තෙ සද්දා සුතාති? “ආචරිය, දු-ඉති ස-ඉති න-ඉති සො-ඉතීති ඉමෙ සද්දෙ අස්සොසිං, ඉමෙසං නිප්ඵත්තිං උපධාරෙහී”ති. බ්රාහ්මණස්ස මහාඅන්ධකාරං පවිට්ඨස්ස විය න කිඤ්චි පඤ්ඤායති, “න ජානාමී”ති වුත්තෙ “පන ලාභසක්කාරො මෙ පරිහායිස්සතී”ති භායිත්‍වා “භාරියං, මහාරාජා”ති ආහ. “කිං, ආචරියා”ති? “ජීවිතන්තරායො තෙ පඤ්ඤායතී”ති. සො ද්විගුණං භීතො, “ආචරිය, අත්ථි කිඤ්චි පන පටිඝාතකාරණ”න්ති ආහ. “අත්ථි, මහාරාජ, මා භායි, අහං තයො වෙදෙ ජානාමී”ති. “කිං පන ලද්ධුං වට්ටතී”ති? “සබ්බසතයඤ්ඤං යජිත්වා ජීවිතං ලභිස්සසි, දෙවා”ති. “කිං ලද්ධුං වට්ටතී”ති? හත්‍ථිසතං අස්සසතං උසභසතං ධෙනුසතං අජසතං උරබ්භසතං කුක්කුටසතං සූකරසතං දාරකසතං දාරිකාසතන්ති එවං එකෙකං පාණජාතිං සතං සතං කත්වා ගණ්හාපෙන්තො “සචෙ මිගජාතිමෙව ගණ්හාපෙස්සාමි, ‘අත්තනො ඛාදනීයමෙව ගණ්හාපෙතී’ති වක්ඛන්තී”ති හත්ථිඅස්සමනුස්සෙපි ගණ්හාපෙති. රාජා “මම ජීවිතමෙව මය්හං ලාභො”ති චින්තෙත්වා “සබ්බපාණෙ සීඝං ගණ්හථා”ති ආහ. ආණත්තමනුස්සා අධිකතරං ගණ්හිංසු. වුත්තම්පි චෙතං කොසලසංයුත්තෙ –
මහරජතුමනි, ඔබට ඇසුණු ඒ ශබ්ද මොනවාද? ආචාර්යයෙනි, දු. ස. න. සො. යන මේ ශබ්ද ඇසිණි. මේ ශබ්දවල තේරුම් මොනවාදැයි පැහැදිලි කරන්න. බමුණාට එය මහඅඳුරකට පිවිසියාක් මෙන් කිසිවක් නොවැටහිණ. නොදන්නෙමියි කිවහොත් ලාභසත්කාරයෙන් පිරිහෙතියි බියවී මහරජතුමනි, මේ නම් මහා භයානක දෙයකියි කීවේය. ආචාර්යයෙනි ඒ කිමෙක්ද? ඔබේ ජීවිතයට අනතුරක් පෙනේයයි කීය. බියගත් රජු ආචාර්යයෙනි, මීට කිසියම් පිළියමක් ඇද්දැයි විමසීය. මහරජ බිය නොවන්න. මීට පිළියමක් ඇත. මම ත්‍රිවේදයම දනිමියි කීය. ඒ සඳහා කුමක් අවශ්‍යදැයි රජු ඇසීය. සර්වශත (සියල්ලෙන් සීයබැගින්) යාගයකොට ජීවිතය ලැබියහැකියයි බමුණා කීවේය. ඒ සඳහා කුමක් අවශ්‍යද? ඇතුන් සීයක්, අසුන් සීයක්, වෘෂභයන් සීයක්, දෙනුන් සීයක්, එළුවන් සීයක්, බැටලුවන් සීයක්, කුකුළන් සීයක්, ඌරන් සීයක්, ළමයින් සීයක්, දැරියන් සීයක් ආදී වශයෙන් එක් එක් සතුන්ගෙන් සීය බැගින්කොට මෘගජාතීන්ගෙන්ම ගන්නාවිට තමන්ගේ කෑම පිණිස ගත්තේයයි කියහැකියයි සිතා, ඇත් අසු මිනිසුන්ද ගැන්වීය. රජු තමන්ගේ ජීවිතයම තමන්ට වටින්නේයයි සිතා සියලු ප්‍රාණීන් වහාගෙන එව්යයි කීවේය. අණ කළ මිනිස්සු ඊටත් වඩා ප්‍රමාණවලින් රැස් කළහ. කෝසල සංයුත්තයෙහි මෙය මෙසෙ කියා ඇත.
“තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති, පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරිසතානි පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්තී”ති (සං· නි· 1.120).
එකල පසේනදි කෝසල රජු මහායාගයක් පටන්ගත්තේය. පන්සීයක් වෘෂභයන්ද, බැටලුවන් පන්සීයක්ද, බැටලුදෙනුන් පන්සීයක්ද, එළුවන් පන්සීයක්ද,.................. ගෙනවුත් යාගය පිණිස කණුවල බැඳ දමන ලදි. ඔහුගේ දාසයෝද,.......... කම්කරුවෝද ඔවුහු දඬුවම් බියෙන් තැතිගෙන කඳුළු පිරි දෑසින් යුතුව හඬමින් වැඩකටයුතු කරත්. මහාජනයා තමතමන්ගේ නැතිවී ගිය දූපුතුන් නෑයන් ගැන හඬමින් විලාප කියමින් මහත්සේ ශබ්දකළහ. පොළොව කම්පාවන්නාක් මෙන් විය.
මහාජනො අත්තනො අත්තනො පුත්තධීතුඤාතීනං අත්ථාය පරිදෙවමානො මහාසද්දමකාසි, මහාපථවීඋන්ද්රියනසද්දො විය අහොසි. අථ මල්ලිකා දෙවී තං සද්දං සුත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “කිං නු ඛො තෙ, මහාරාජ, ඉන්ද්රියානි අපාකතිකානි, කිලන්තරූපානි විය පඤ්ඤායන්තී”ති පුච්ඡි. “කිං තුය්හං, මල්ලිකෙ, ත්වං මම කණ්ණමූලෙන ආසිවිසම්පි ගච්ඡන්තං න ජානාසී”ති? “කිං පනෙතං, දෙවා”ති? “රත්තිභාගෙ මෙ එවරූපො නාම සද්දො සුතො, ස්වාහං පුරොහිතං පුච්ඡිත්වා ජීවිතන්තරායො තෙ පඤ්ඤායති, සබ්බසතයඤ්ඤං යජිත්වා ජීවිතං ලභිස්සසී”ති සුත්වා “මම ජීවිතමෙව මය්හං ලාභො”ති ඉමෙ පාණෙ ගණ්හාපෙසින්ති. මල්ලිකා දෙවී, “අන්ධබාලොසි, මහාරාජ, කිඤ්චාපි මහාභක්ඛොසි, අනෙකසූපබ්යඤ්ජනවිකතිකං දොණපාකං භොජනං භුඤ්ජසි, ද්වීසු රට්ඨෙසු රජ්ජං කාරෙසි, පඤ්ඤා පන තෙ මන්දා”ති ආහ. “කස්මා එවං වදෙසි, දෙවී”ති?
මල්ලිකා දේවිය රජුන් ළඟට ගොස්, මහරජතුමනි, ඔබේ ඉන්ද්රියයන් විකෘති වී ක්ලාන්ත වූ ගතියක් පෙන්නුම් කරන්නේ ඇයිදැයි ඇසුවාය. මල්ලිකා ඔබ මොනවද කියන්නෙ? ඔබ මගේ කන ළඟින යන සර්පයා පවා නොදකින්නෙහිය. දේවයන්වහන්ස සිදුවී ඇත්තේ කුමක්ද? රාත්‍රිභාගයෙහි මෙබඳු ශබ්දයක් ඇසුවෙමි. ඉන්පසු මම පුරෝහිතයා කැඳවීමි. මගේ ජීවිතයට අනතුරක් ඇතියි හේ කීවේය. සර්වශත යාගය කොට ජීවිතය බේරාගත හැකිබවද හේ කීය. මගේ ජීවිතය මට වටිනේයයි සිතා මේ ප්‍රාණීන් යාගපූජා සඳහා මෙහි ගෙන්වා ගත්තෙමියි රජු කීවේය. මල්ලිකා, දේවයන්වහන්ස, ඔබ අන්ධබාලයෙකි, එසේ වුවත් ද්‍රෝණ ගණනින්, බත් මාලුපිණි සූප වර්ග කන්නෙහිය. රටවල් දෙකක රාජ්‍යයද කරන්නෙහිය. ඔබේ නුවණ නම් බෙහෙවින්ම අල්පයයි කීවාය. ඔබ කුමක් හෙයින් මෙසේ කියන්නීද?
“කහං තයා අඤ්ඤස්ස මරණෙන අඤ්ඤස්ස ජීවිතලාභො දිට්ඨපුබ්බො, අන්ධබාලස්ස බ්රාහ්මණස්ස කථං ගහෙත්වා කස්මා මහාජනස්ස උපරි දුක්ඛං ඛිපසි, ධුරවිහාරෙ සදෙවකස්ස ලොකස්ස අග්ගපුග්ගලො අතීතාදීසු අප්පටිහතඤාණො සත්ථා වසති, තං පුච්ඡිත්වා තස්සොවාදං කරොහී”ති වුත්තෙ රාජා සල්ලහුකෙහි යානෙහි මල්ලිකාය සද්ධිං විහාරං ගන්ත්වා මරණභයතජ්ජිතො කිඤ්චි වත්තුං අසක්කොන්තො සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි.
මහරජ එකෙක් මරා තව එකෙක් ජීවිත ලාභය ලැබූ තැනක් මින්පෙර ඔබ දැක තිබේද? මෝඩ බමුණාගේ කථාව අසා කුමක් හෙයින් මහාජනයා පිට දුකක් හෙල්ලෙහිද? ළඟ විහාරයෙහි දෙවියන් සහිත ලෝකයාට අග්‍රපුද්ගලවූ අතීතාදී සියලු සීමා ඉක්මවා ගිය ඥානශක්තියක් ඇති බුදුරජාණන්වහන්සේ වැඩසිටින සේක. උන්වහන්සේගෙන් අසා අවවාද ලබාගෙන කටයුතු කරවයි කීකල්හි සැහැල්ලු වාහනයකින් මල්ලිකාත් සමග විහාරයට ගොස් මරණබියෙන් තැතිගෙන කිසිවක් කියාගත නොහැකිව බුදුන් වැඳ එක් පැත්තක හිඳගත්තේය.
අථ නං සත්ථා “හන්ද කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවා දිවස්සා”ති පඨමතරං ආලපි. සො තුණ්හීයෙව නිසීදි. තතො මල්ලිකා භගවතො ආරොචෙසි – “භන්තෙ, රඤ්ඤා කිර මජ්ඣිමයාමසමනන්තරෙ සද්දො සුතො. අථ නං පුරොහිතස්ස ආරොචෙසි. පුරොහිතො ‘ජීවිතන්තරායො තෙ භවිස්සති, තස්ස පටිඝාතත්ථාය සබ්බසතෙ පාණෙ ගහෙත්වා තෙසං ගලලොහිතෙන යඤ්ඤෙ යජිතෙ ජීවිතං ලභිස්සසී’ති ආහ. රාජා පාණෙ ගණ්හාපෙසි, තෙනායං මයා ඉධානීතො”ති. “එවං කිර, මහාරාජා”ති? “එවං, භන්තෙ”ති. “කින්ති තෙ සද්දො සුතො”ති? සො අත්තනා සුතනියාමෙනෙව ආචික්ඛි. තථාගතස්ස තං සුත්වාව එකොභාසො අහොසි. අථ නං සත්තා ආහ – “මා භායි, මහාරාජ, තව අන්තරායො නත්ථි, පාපකම්මිනො සත්ථා අත්තනො දුක්ඛං ආවීකරොන්තා එවමාහංසූ”ති. “කිං පන, භන්තෙ, තෙහි කත”න්ති? අථ ඛො භගවා තෙසං කම්මං ආචික්ඛිතුං “තෙන හි, මහාරාජ, සුණාහී”ති වත්වා අතීතං ආහරි –
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, මහරජ, මේ මහදවල් කුමක් හෙයින් හදිසියේ මෙන් පැමිණියේ ඇයිදැයි පළමුවෙන්ම කථාව පටන්ගත් සේක. රජු නිහඬවම සිටියේය. ඉන්පසු මල්ලිකා කථා කරමින්, ස්වාමීනි, රජු මධ්‍යම යාමයේදී ශබ්දයක් අසා ඇත. ඉන්පසු ඔහු පුරෝහිතයාට ඒ බව දැන්වීය. පුරෝහිතයා, මහරජ ඔබට ජීවිතන්තරායක් සිදුවෙයි. ඒ උවදුරින් වැළකීමට නම් සියලු ප්‍රාණීන්ගෙන් සියය බැගින් ගෙන ඔවුන්ගේ බෙලි කපා එයින් ගන්නා ලේවලින් යාගය කළ කල්හි ජීවිතය ලබාගත හැකියයි කියා ඇත. රජු ප්‍රාණීන් ගෙන්වා ගත්තේය. ඒ නිසා මම මොහු ගෙන ආවෙමියයි කීවාය. මහරජ එය ඇත්තද? ස්වාමීනි, එසේය. ඔබට ඇසුණේ කිනම් ශබ්දද? හෙතෙම තමන් ඇසූ ආකාරයටම කීවේය. බුදුරදුන්ට ඒ ඇසෙත්ම එකවරම තේරුම් ගියේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, මහරජ බිය නොවන්න. ඔබට අනතුරක් නැත. පව්කළ සත්ත්වයෝ තමන්ගේ දුක ප්‍රකට කරමින් මෙසේ කීවාහුයයි වදාළහ. ස්වාමීනි, ඔවුන් විසින් කරන ලද පව්කම කුමක්ද? ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ ඔවුන් කළකම් පවසන්නෙමි. එසේනම් මහරජ අසාගන්නැයි අතීතය ගෙනහැර පෑහ.
අතීතෙ වීසතිවස්සසහස්සායුකෙසු මනුස්සෙසු කස්සපො භගවා ලොකෙ උප්පජ්ජිත්වා වීසතියා ඛීණාසවසහස්සෙහි සද්ධිං චාරිකං චරමානො බාරාණසිමගමාසි. බාරාණසිවාසිනො ද්වෙපි තයොපි බහුතරාපි එකතො හුත්වා ආගන්තුකදානං පවත්තයිංසු. තදා බාරාණසියං චත්තාලීසකොටිවිභවා චත්තාරො සෙට්ඨිපුත්තා සහායකා අහෙසුං. තෙ මන්තයිංසු – “අම්හාකං ගෙහෙ බහුධනං, තෙන කිං කරොමා”ති? “එවරූපෙ බුද්ධෙ චාරිකං චරමානෙ දානං දස්සාම, සීලං රක්ඛිස්සාම, පූජං කරිස්සාමා”ති එකොපි අවත්වා තෙසු එකො තාව එවමාහ – “තිඛිණසුරං පිවන්තා මධුරමංසං ඛාදන්තා විචරිස්සාම, ඉදං අම්හාකං ජීවිතඵල”න්ති. අපරොපි එවමාහ – “දෙවසිකං තිවස්සිකගන්ධසාලිභත්තං නානග්ගරසෙහි භුඤ්ජන්තා විචරිස්සාමා”ති. අපරොපි එවමාහ – “නානප්පකාරං පූවඛජ්ජකවිකතිං පචාපෙත්වා ඛාදන්තා විචරිස්සාමා”ති. අපරොපි එවමාහ – “සම්මා මයං අඤ්ඤං කිඤ්චි න කරිස්සාම, ‘ධනං දස්සාමා’ති වුත්තෙ අනිච්ඡමානා ඉත්ථී නාම නත්ථි, තස්මා ධනෙන පලොභෙත්වා පාරදාරිකකම්මං කරිස්සාමා”ති. “සාධු, සාධූ”ති සබ්බෙව තස්ස කථාය අට්ඨංසු.
අතීතයෙහි විසිදහසක් ආයු ඇති මිනිස්සු විසූ සමයෙහි කාශ්‍යප නම් භාග්‍යවතුන්වහන්සේ ලොව පහළවී විසිදහසක් රහතන් පිරිවරා චාරිකාවේ හැසිරෙමින් බරණැසට වැඩමවූහ. බරණැස වැසි දෙතුන්දෙනාත්, ඊට වැඩිපුර මිනිස්සුත් එකතුව ආගන්තුකදාන දුන්හ. එකල බරණැස සතළිස් කෝටිය බැගින් ධනය ඇති යහළුවූ සිටුවරු සතරදෙනෙක් සිටියහ. දිනක් ඔවුහු මෙසේ සාකච්ඡා කළහ. ‘අපේ ගෙවල්වල බොහෝ ධනය ඇත. අපි එයින් කුමක් කරමුද? මෙබඳු බුදුවරයෙකු පිඬුසිඟා වඩිද්දීත්, දානයක් දෙමු, පිනක් කරමු, සීලයක් රකිමුයයි’ ඔවුන්ගෙන් කිසිවෙක් නොකීහ. එකෙක් මෙසේ කීවේය. සැර සුරා බොමින් මිහිරි මස් කමින් හැසිරෙමු. මෙය අපගේ ජීවිතයෙහි ඵලය වේ. තවත් එකෙක් මෙසේ කීවේය. දිනපතා තෙවරක් පැරණි බත් නානාග්රරස සමග කමින් ඇවිදිමු. සතරවැන්නා මෙසේ කීවේය. යහළුව වෙන කිසිවක් නොකරමු. මිලමුදල් දෙන්නෙමුයයි කීකල නොකැමති ස්ත්‍රියක් නම් නැත. ඒ නිසා ධනය යොදා පරස්ත්‍රීසේවනය කරමු. ඉතා හොඳයි ඉතා හොඳයි කියමින් සෙස්සෝ ඔහුගේ කථාවෙහි පිහිටියාහුය.
තෙ තතො පට්ඨාය අභිරූපානං ඉත්ථීනං ධනං පෙසෙත්වා වීසතිවස්සසහස්සානි පාරදාරිකකම්මං කත්වා කාලං කත්වා අවීචිනිරයෙ නිබ්බත්තා. තෙ එකං බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා තත්ථ කාලං කත්වා පක්කාවසෙසෙන සට්ඨියොජනිකාය ලොහකුම්භියා නිබ්බත්තිත්වා තිංසාය වස්සසහස්සෙහි හෙට්ඨිමතලං පත්වා පුනපි තිංසාය වස්සසහස්සෙහි ලොහකුම්භිමුඛං පත්වා එකෙකං ගාථං වත්තුකාමා හුත්වා වත්තුං අසක්කොන්තා එකෙකං අක්ඛරං වත්වා පුන පරිවත්තිත්වා, ලොහකුම්භිමෙව පවිට්ඨා. “වදෙහි, මහාරාජ, පඨමං තෙ කිං සද්දො නාම සුතො”ති? “දු-ඉති, භන්තෙ”ති. සත්ථා තෙන අපරිපුණ්ණං කත්වා වුත්තං ගාථං පරිපුණ්ණං කත්වා දස්සෙන්තො එවමාහ –
ඔවුහු ඉන්පසු අභිරූපී ගෑණුන් සොයසොයා මුදල් යමින් වර්ෂ විසිදහසක් පරස්ත්‍රීසේවනය කොට කළුරිය කිරීමෙන් පසු අවීචිමහා නිරයෙහි උපන්හ. ඔවුහු එක් බුද්ධාන්තරයක් අවීචිනරකයෙහි පැසී එහිදී කළුරිය කොට තවත් පව් ඉතිරිවූ හෙයින් සැට යොදුනක් පමණවූ පැසෙන ලෝහ ඇති ලෝකුඹුනරකයෙහි ඉපදී තිස්දහසක් අවුරුද්දක් එහි යටිතලයෙහි පැසී තවත් අවුරුදු තිස්දහසක් ලෝහකුම්භය මුදුනට පැමිණ එක් එක් ගාථාව කියනු කැමැත්තෙන් එය කියාගත නොහැකිව එහි එක් අකුර බැගින් කියා නැවත පෙරළීගොස් ලෝහකුම්භයටම වැටුණාහ. මහරජන දැන් ඔබ පළමුවෙන්ම ඇසූ ශබ්දය කියන්න. ස්වාමීනි ‘ද’ යන්නයි. බුදුහු ඔවුන් විසින් කියනුලැබූ අසම්පූර්ණ ගාථාව සම්පූර්ණ කර දක්වමින්-
“දුජ්ජීවිතමජීවිම්හ, යෙ සන්තෙ න දදම්හසෙ; විජ්ජමානෙසු භොගෙසු, දීපං නාකම්හ අත්තනො”ති. (ජා· 1.4.53; පෙ· ව· 804);
නපුරු දිවි ගෙවමින් ඇතිමුත් දනක් නොදෙමින් භෝග සම්පත් තිබුණත් සුවතැනක් නොම හදා ගත්තෙමු
අථ රඤ්ඤො ඉමිස්සා ගාථාය අත්ථං පකාසෙත්වා, “කිං තෙ, මහාරාජ, දුතියසද්දො තතියසද්දො චතුත්ථසද්දො සුතො”ති පුච්ඡිත්වා “එවං නාමා”ති වුත්තෙ අවසෙසං පරිපූරෙන්තො –
ඉන්පසු රජුට මේ ගාථාවේ තේරුම කියාදී මහරජ ඊළඟට ඔබට ඇසුණු දෙවෙනි තුන්වෙනි හා හතරවෙනි ශබ්ද මොනවාදැයි අසා ඒ මෙබඳු ශබ්දයයි කීකල්හි ඒ ගාථාද සම්පූර්ණ කරමින් (ඉතිරි අකුරු තුන ස. න. සො. යනුයි)
“සට්ඨිවස්සසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; නිරයෙ පච්චමානානං, කදා අන්තො භවිස්සති.
සැටදහස් අවුරුදු නිරයේ පැසුණි සැමතින් මේ පැසෙන නිරයෙන් කවදා මිදෙමුදෝ
“නත්ථි අන්තො කුතො අන්තො, න අන්තො පටිදිස්සති; තදා හි පකතං පාපං, මම තුය්හඤ්ච මාරිසා.
කෙළවරක් නෑ මෙහි එය කෙදින දක්නෙම් දෝ එදා කළ පව්කම් මෙසේ පලදෙයි හිතවත
“සොහං නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; වදඤ්ඤූ සීලසම්පන්නො, කාහාමි කුසලං බහු”න්ති. (ජා· 1.4.54-56; පෙ· ව· 802, 803, 805) –
මම මෙයින් චුතවී මනුලොව මිනිස් බව ලැබ බණ දැන සිල්වත්ව සිට බොහෝ පින්කම් කරනෙම්
පටිපාටියා ඉමා ගාථා වත්වා තාසං අත්ථං පකාසෙත්වා “ඉති ඛො, මහාරාජ, තෙ චත්තාරො ජනා එකෙකං ගාථං වත්තුකාමාපි වත්තුං අසක්කොන්තා එකකමෙව අක්ඛරං වත්වා පුන ලොහකුම්භිමෙව පවිට්ඨා”ති ආහ.
පිළිවෙළින් මේ ගාථා කියා අර්ථයද ප්‍රකාශකොට මහරජ, මෙසේ ඒ සිව්දෙනා ගාථා කියනු කැමති වුවත් කියා ගත නොහැකිව එක එක අතර බැගින් කියා නැවතත් ලෝකුඹු නරකයටම පිවිසියාහුයයි වදාළසේක.
රඤ්ඤා කිර පසෙනදිකොසලෙන තස්ස සද්දස්ස සුතකාලතො පට්ඨාය තෙ හෙට්ඨා භස්සන්ති එව, අජ්ජාපි එකං වස්සසහස්සං නාතික්කමන්ති. රඤ්ඤො තං දෙසනං සුත්වා මහාසංවෙගො උප්පජ්ජි.
පසේනදි කොසොල් රජුන්ට ඒ ශබ්ද ඇසූදා ඒ නිරිසත්තු නිරයේ යටටම බැස්සාහ. මේ වනවිට වර්ෂ දහසක් ඉක්මී ඇතත් දුක් විඳීම අවසන්වී නොමැත. ඒ දේශනාව ඇසූ රජුට මහත් සංවේගයක් ඇතිවිය.
සො “භාරියං වතිදං පාරදාරිකකම්මං නාම, එකං කිර බුද්ධන්තරං නිරයෙ පච්චිත්වා තතො චුතා සට්ඨියොජනිකාය ලොහකුම්භියා නිබ්බත්තිත්වා තත්ථ සට්ඨිවස්සසහස්සානි පච්චිත්වා එවම්පි නෙසං දුක්ඛා මුච්චනකාලො න පඤ්ඤායති, අහම්පි පරදාරෙ සිනෙහං කත්වා සබ්බරත්තිං නිද්දං න ලභිං, ඉදානි ඉතො පට්ඨාය පරදාරෙ මානසං න බන්ධිස්සාමී”ති චින්තෙත්වා තථාගතං ආහ – “භන්තෙ, අජ්ජ මෙ රත්තියා දීඝභාවො ඤාතො”ති.
මේ පරස්ත්‍රීසේවනය නම් ඉතා බරපතළ වරදකි. එක් බුද්ධාන්තරයක් නිරයෙහි පැසී එයින් චුතව සැටයොදුනක් පමණවූ ලෝහකුම්භයෙහි නැවත ඉපද එහි වර්ෂ හැටදාහක් පැසීගියත් ඔවුන් දුකින් මිදෙන කාලයක් නොපෙනෙයි. මමත් අන්‍ය ස්ත්‍රීන් කෙරෙහි ස්නේහකොට මුළු රෑ නිදි නොලැබුවෙමි. දැන් ඉතින් මෙතැන් සිට පරදාරාවන් කෙරෙහි සිත් නොඅලවා සිටිමියි සිතා බුදුරදුන්ට, ස්වාමීනි, අද මට රාත්‍රිය දීර්ඝ බවක් වැටහිණියයි කීවේය.
සොපි පුරිසො තත්ථෙව නිසින්නො තං කථං සුත්වා “ලද්ධො මෙ බලවප්පච්චයො”ති සත්ථාරං ආහ – “භන්තෙ, රඤ්ඤා තාව අජ්ජ රත්තියා දීඝභාවො ඤාතො, අහං පන හිය්යො සයමෙව යොජනස්ස දීඝභාවං අඤ්ඤාසි”න්ති. සත්ථා ද්වින්නම්පි කථං සංසන්දිත්වා “එකච්චස්ස රත්ති දීඝා හොති, එකච්චස්ස යොජනං දීඝං හොති, බාලස්ස පන සංසාරො දීඝො හොතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉහත මල් හා අරුණුවන් මැටි ගෙන ඒමට ගිය පුරුෂයාද මේ වේලාවට එතැනම සිට රජුගේ කතාව අසා මට හොඳ අවස්ථාවක් ලැබුණේයයි බුදුරදුන්ට, ස්වාමීනි, රජතුමාට අද රෑ දිගබව දැනගන්ට ලැබුණේය. මම ඊයේ සවසම යොදුනක දිග බව දැනගත්තෙමියි කියා සිටියේය. ශාස්තෘන්වහන්සේ දෙදෙනාගේම කථා සංසන්දනය කොට, එක් කෙනෙකුට රාත්‍රිය දීර්ඝ වෙයි. තවත් එකෙකුට යොදුන දික් වෙයි. අන්ධබාලයන්ට සංසාරය දීර්ඝ වේයයි කියා දහම් දෙසමින් මේ ගාථාව වදාළසේක.
“දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං; දීඝො බාලාන සංසාරො, සද්ධම්මං අවිජානත”න්ති.
නිදි නොලබන අයට රැය බොහෝ දික්ව වැටහේ පීඩා විඳින දනහට යොදුන බෙහෙවින් දික් වේ සදහම් නොදත් අයහට සසර බෙහෙවින් දික්වේ
තත්ථ දීඝාති රත්ති නාමෙසා තියාමමත්තාව, ජාගරන්තස්ස පන දීඝා හොති, ද්විගුණතිගුණා විය හුත්වා ඛායති. තස්සා දීඝභාවං අත්තානං මඞ්කුණසඞ්ඝස්ස භත්තං කත්වා යාව සූරියුග්ගමනා සම්පරිවත්තකං සෙමානො මහාකුසීතොපි, සුභොජනං භුඤ්ජිත්වා සිරිසයනෙ සයමානො කාමභොගීපි න ජානාති, සබ්බරත්තිං පන පධානං පදහන්තො යොගාවචරො ච, ධම්මකථං කථෙන්තො ධම්මකථිකො ච, ආසනසමීපෙ ඨත්වා ධම්මං සුණන්තො ච, සීසරොගාදිඵුට්ඨො වා හත්ථපාදච්ඡෙදනාදිං පත්තො වා වෙදනාභිභූතො ච, රත්තිං මග්ගපටිපන්නො අද්ධිකො ච ජානාති.
එහි දීඝා යනු, මේ රාත්‍රිය නම් යාම තුනක් පමණමය. නිදි වළක්වා සිටින්නාට නම් දික්වෙයි. දෙගුණ තෙගුණවී වැටහෙයි. ඒ රාත්‍රියේ දිගුබව තමන් මකුණු සමූහයාගේ ආහාරයක් වෙමින් හිරු නැග එනතුරුත් පෙරළිපෙරළී නිදන මහාකුසීතයෝත් මිහිරිබොජුන් කා සිරියහන් ගබඩාවේ නිදාගන්නා කාමභොගියෝත් නොදනිත්. මුළු රෑ වීර්යයෙන් භාවනාවේ යෙදෙන යෝගාවචරයාත්, බණකථා කියන ධර්මකථිකයාත්, ධර්මාසනය ළඟ සිට බණ අහන්නාත්, හිසේරුදාහැදුණ පුද්ගලයාත්, අත්පා කැපීම ආදියට භාජනවූ තැනැත්තාත්, වේදනාවෙන් පෙළෙන්නාත්, රාත්‍රියෙහි පාරට බැස්ස මගියාත් ඒ බව දන්නේය.
යොජනන්ති යොජනම්පි චතුගාවුතමත්තමෙව, සන්තස්ස පන කිලන්තස්ස දීඝං හොති, ද්විගුණතිගුණං විය ඛායති. සකලදිවසඤ්හි මග්ගං ගන්ත්වා කිලන්තො පටිපථං ආගච්ඡන්තං දිස්වා “පුරතො ගාමො කීවදූරො”ති පුච්ඡිත්වා “යොජන”න්ති වුත්තෙ ථොකං ගන්ත්වා අපරම්පි පුච්ඡිත්වා තෙනාපි “යොජන”න්ති වුත්තෙ පුන ථොකං ගන්ත්වා අපරම්පි පුච්ඡති. සොපි “යොජන”න්ති වදති. සො පුච්ඡිතපුච්ඡිතා යොජනන්තෙව වදන්ති, දීඝං වතිදං යොජනං, එකයොජනං ද්වෙ තීණි යොජනානි විය මඤ්ඤෙති. බාලානන්ති ඉධලොකපරලොකත්ථං පන අජානන්තානං බාලානං සංසාරවට්ටස්ස පරියන්තං කාතුං අසක්කොන්තානං යං සත්තතිංසබොධිපක්ඛියභෙදං සද්ධම්මං ඤත්වා සංසාරස්ස අන්තං කරොන්ති, තං සද්ධම්මං අවිජානතං සංසාරො දීඝො නාම හොති. සො හි අත්තනො ධම්මතාය එව දීඝො නාම. වුත්තම්පි චෙතං – “අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායතී”ති (සං· නි· 2.124). බාලානං පන පරියන්තං කාතුං අසක්කොන්තානං අතිදීඝොයෙවාති.
යොජනං යනු යොදුනද සිව්ගවු පමණමය. සන්තස්ස යනු ක්ලාන්තවූ තැනැත්තාටයි. ඔහුටද රාත්‍රිය දීර්ඝවේ. රැය දෙගුණ තෙගුණවූවාක් මෙන් දැනෙයි. මුළු දවස තිස්සේ පාරේ ගමන්කොට ක්ලාන්තවූ තැනැත්තා ඉදිරි මාර්ගයෙන් එන පුද්ගලයෙකු දැක ඉදිරියෙන් ඇති ගම කෙතෙක් දුරින් පිහිටා ඇද්දැයි අසා තවත් ටිකක් ගොස් තවකෙනෙකුගෙනුත් අසා බලයි. ඔහුද යොදුනක්යයි කියයි. ඔහු, ඇසූ සියල්ලෝම යොදුනක්යයි කියති. මෙය දිගයොදුනක් වියයුතුයි. ඒ නිසා එක් යොදුන දෙතුන්යොදුනක් මෙන් හඟියි. බාලානං යනු මෙලොව පරලොව දියුණුව පිළිබඳ නොදන්නාවූ බාලයන්ට - සසර පැවැත්ම අවසන් කිරීමට නොහැකිවූවන්ට - සත්තිස් බෝධිපාක්ෂික භේදයට අයත් සද්ධර්මය දැන සසර කෙළවර කරගත හැකිය. මේ අර්ථ අනුව සද්ධම්මං අවිජානතං සංසාරො දීඝො නමැයි කියනලදි. සංසාරය සිය ධර්මතාව අනුව ප්‍රකෘතියෙන්ම දීර්ඝම වෙයි. ඒ නිසා මෙසේ කියා ඇත. අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බා කෝටි නපඤ්ඤායති. (මහණෙනි, මේ සංසාරය අගක් මුලක් නැත්තකි. එහි පටන් ගැනීමක් හෝ කෙළවරක් හෝ නොපෙනෙයි) සසර කෙළවර කරගනු නොහැකි බාලයන්ට එය දීර්ඝම වෙයි.
දෙසනාවසානෙ සො පුරිසො සොතාපත්තිඵලං පත්තො, අඤ්ඤෙපි බහූ සොතාපත්තිඵලාදීනි පත්තා. මහාජනස්ස සාත්ථිකා ධම්මදෙසනා ජාතාති.
දේශනාවසානයෙහි ඒ පුරුෂයා සෝවාන්ඵලයට පැමිණියේය. අනිත් බොහෝ දෙනාත් සෝවාන්ඵලාදියට පැමිණියාහුය. මහාජනයට එය සාර්ථක ධර්මදේශනයක් විය.
රාජා සත්ථාරං වන්දිත්වා ගච්ඡන්තොයෙව තෙ සත්තෙ බන්ධනා මොචෙසි. තත්ථ ඉත්ථිපුරිසා බන්ධනා මුත්තා සීසං න්හත්වා සකානි ගෙහානි ගච්ඡන්තා “චිරං ජීවතු නො, අය්යා, මල්ලිකා දෙවී, තං නිස්සාය ජීවිතං ලභිම්හා”ති මල්ලිකාය ගුණකථං කථයිංසු. සායන්හසමයෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “අහො පණ්ඩිතා වතායං, මල්ලිකා, අත්තනො පඤ්ඤං නිස්සාය එත්තකස්ස ජනස්ස ජීවිතදානං අදාසී”ති. සත්ථා ගන්ධකුටියං නිසින්නොව තෙසං භික්ඛූනං කථං සුත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා ධම්මසභං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “න, භික්ඛවෙ, මල්ලිකා, ඉදානෙව අත්තනො පඤ්ඤං නිස්සාය මහාජනස්ස ජීවිතදානං දෙති, පුබ්බෙපි අදාසියෙවා”ති වත්වා තමත්ථං පකාසන්තො අතීතං ආහරි –
රජු බුදුන් වැඳ යන ගමන්ම ඒ බැඳ සිටි සියලු සත්ත්වයන් බන්ධනවලින් මුදාහැරියේය. එහි බන්ධනයෙන් මිදී ඉස් සෝදා නහා තම ගෙවල්වලට යන අය අපි මල්ලිකා දේවිය නිසා ජීවිත ලැබුවෙමු. ආර්ය මල්ලිකාවෝ බොහෝ කල් ජීවත්වෙත්වායි මල්ලිකාගේ ගුණ කීවාහුය. සවස් වේලෙහි භික්ෂූහු ධර්මසභායෙහි කථාවක් ඇති කළහ. ඒ මෙසේය. අහෝ ඥානවන්ත මල්ලිකා තමන්ගේ බුද්ධිමත්භාවයෙන් මෙපමණ ජනයාට ජීවිතදානය ලබාදුන්නීය. ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, මේ වේලාවේ කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විමසා; මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, මල්ලිකා තම නුවණින් මහාජනයාට ජීවිතදානය දුන්නා නොවෙයි. පෙරත් මෙසේම ජීවිතදාන දුන්නාමයයි වදාරා එය ප්‍රකටකරමින් අතීතය ගෙනහැරපෑහ:
අතීතෙ බාරාණසියං රඤ්ඤො පුත්තො එකං නිග්රොධරුක්ඛං උපසඞ්කමිත්වා තත්ථ නිබ්බත්තාය දෙවතාය ආයාචි – “සාමි දෙවරාජ, ඉමස්මිං ජම්බුදීපෙ එකසතරාජානො එකසතඅග්ගමහෙසියො, සචාහං පිතු අච්චයෙන රජ්ජං ලභිස්සාමී, එතෙසං ගලලොහිතෙන බලිං කරිස්සාමී”ති. සො පිතරි කාලකතෙ රජ්ජං පත්වා “දෙවතාය මෙ ආනුභාවෙන රජ්ජං පත්තං, බලිමස්සා කරිස්සාමී”ති මහතියා සෙනාය නික්ඛමිත්වා එකං රාජානං අත්තනො වසෙ වත්තෙත්වා තෙන සද්ධිං අපරම්පි අපරම්පීති සබ්බෙ රාජානො අත්තනො වසෙ කත්වා සද්ධිං අග්ගමහෙසීහි ආදාය ගච්ඡන්තො උග්ගසෙනස්ස නාම සබ්බකනිට්ඨස්ස රඤ්ඤො ධම්මදින්නා නාම අග්ගමහෙසී ගරුගබ්භා, තං ඔහාය ආගන්ත්වා “එත්තකජනං විසපානකං පායෙත්‍වා මාරෙස්සාමී”ති රුක්ඛමූලං සොධාපෙසි.
අතීතයෙහි බරණැස් රජුගේ පුත්‍රයා එක් නුගරුකක් වෙත ගොස් එහි අධිගෘහිත දේවතාවාට, දෙව්රජතුමනි, මේ දඹදිව රජවරු සීයකි, අගමෙහෙසියන් සීයකි. ඉදින් මම පියා ඇවෑමෙන් රාජ්‍ය ලැබුවහොත් ඔවුන්ගේ ගලලෝහිතයෙන් (බෙල්ලකපා එන ලෙයින්) ඔබට බිලිපූජා කරන්නෙමියි කීවේය. ඔහු පියා කළුරිය කළ පසු රජබවට පැමිණ දේවතාවාගේ ආනුභාවයෙන් මම රජවීමි. ඔහුට බිලිපූජා කරන්නෙමියි මහත්වූ සෙනග සමඟ පිටත්වී ගොස් එක් රජෙකු වශයෙන් සියලු රජවරු තමන් යටතට පත්කොටගෙන ඔවුන්ගේ මෙහෙසියන්ද ගෙන්වාගෙන යන්නේ, සියල්ලන්ට බාල උග්රසේන නම් රජුගේ දින්නා නම් අගමෙහෙසිය ගැබ්බරව සිටි හෙයින් ඇය නවතා අවුත් මේ හැමදෙනා විෂ පොවා මරන්නෙමියි ඒ රුක්මුල පිරිසිදු කෙළේය.
දෙවතා චින්තෙසි – “අයං රාජා එත්තකෙ රාජානො ගණ්හන්තො ‘මං නිස්සාය ගහිතා ඉමෙ’ති චින්තෙත්වා තෙසං ගලලොහිතෙන මය්හං බලිං කාතුකාමො, සචෙ පනායං එතෙ ඝාතෙස්සති, ජම්බුදීපෙ රාජවංසො උපච්ඡිජ්ජිස්සති, රුක්ඛමූලෙපි, මෙ අසුචි භවිස්සති, සක්ඛිස්සාමි නු ඛො එතං නිවාරෙතු”න්ති. සා උපධාරෙන්තී “නාහං සක්ඛිස්සාමී”ති ඤත්වා අඤ්ඤම්පි දෙවතං උපසඞ්කමිත්වා එතමත්ථං ආරොචෙත්වා “ත්වං සක්ඛිස්සසී”ති ආහ. තායපි පටික්ඛිත්තා අඤ්ඤම්පි අඤ්ඤම්පීති එවං සකලචක්කවාළදෙවතායො උපසඞ්කමිත්වා තාහිපි පටික්ඛිත්තා චතුන්නං මහාරාජූනං සන්තිකං ගන්ත්වා “මයං න සක්කොම, අම්හාකං පන රාජා අම්හෙහි පුඤ්ඤෙන ච පඤ්ඤාය ච විසිට්ඨො, තං පුච්ඡා”ති තෙහිපි පටික්ඛිත්තකාලෙ සක්කං උපසඞ්කමිත්වා තමත්ථං ආරොචෙත්වා, “දෙව, තුම්හෙසු අප්පොස්සුක්කතං ආපන්නෙසු ඛත්තියවංසො උපච්ඡිජ්ජිස්සති, තස්ස පටිසරණං හොථා”ති ආහ.
දේවතාවා මෙසේ සිතීය: මේ රජ මෙතෙක් රජවරුන් අල්ලාගෙන ඇත. මොවුන් අල්ලාගන්නට හැකිවූයේ මා නිසායයි සිතා ඔවුන්ගේ බොටුව සිඳ ගත් ලේවලින් මට බිලිපූජා කරනු කැමතිවෙයි. යම්හෙයකින් එසේ කළහොත් දඹදිව රාජ්‍යවංශය සිඳීයයි. මගේ රුක්ඛමූලයද අපිරිසිදු වෙයි. මොහු මෙයින් වළකාලන්ට හැකිවේදැයි සිතා බලන්නේ තමාට නම් එය නොකළ හැකියයි දැන වෙනත් දේවතාවෙකු ළඟට ගොස් ඒ තොරතුර කියා ඔබට මෙය නවත්වන්නට පිළිවන්දැයි ඇසීය. ඔහුද එය ප්‍රතික්ෂේප කළ පසු, තවත් දෙවියෙක් තවත් දෙවියෙක් ආදී වශයෙන් සියලු සක්වළවාසී දෙවියන් වෙත එළඹ වූවන්ට එය කළ නොහැකියයි ප්‍රතික්ෂේප කළපසු සතරවරම් දෙවියන් වෙතද ඉල්ලීම ඉදිරිපත් කෙළේය. ඔවුහුද එය ප්‍රතික්ෂේප කොට, අපේ දෙව්මහරජු ශක්‍රදේවේන්‍ද්‍රතෙම අපේ පිනටත් ප්‍රඥාවටත් වඩා බලවත්ය. එතුමාගෙන් අසන්නැයි කීය. ඔහු ගොස් ශක්‍රයාට මේබව දන්වා සිටියේය. දේවයිනි, ඔබ මේ ගැන අල්පෝත්සාහී වුවහොත් ක්ෂත්රිය වංශයම වැනසී යන්නේය. ඊට පිළිසරණක් වනු මැනවයි කීවේය.
සක්කො “අහම්පි නං පටිබාහිතුං න සක්ඛිස්සාමි, උපායං පන තෙ වක්ඛාමී”ති වත්වා උපායං ආචික්ඛි – “ගච්ඡ, ත්වං රඤ්ඤො පස්සන්තස්සෙව රත්තවත්ථං නිවාසෙත්වා අත්තනො රුක්ඛතො නික්ඛමිත්වා ගමනාකාරං දස්සෙහි. අථ තං රාජා ‘දෙවතා ගච්ඡති, නිවත්තාපෙස්සාමි න’න්ති නානප්පකාරෙන යාචිස්සති. අථ නං වදෙය්යාසි ‘ත්වං එකසතරාජානො සද්ධිං අග්ගමහෙසීහි ආනෙත්වා තෙසං ගලලොහිතෙන බලිං කරිස්සාමී’ති මය්හං ආයාචිත්වා උග්ගසෙනස්ස රඤ්ඤො දෙවිං ඔහාය ආගතො, නාහං තාදිසස්ස මුසාවාදස්ස බලිං සම්පටිච්ඡාමී”ති, “එවං කිර වුත්තෙ රාජා තං ආණාපෙස්සති, සා රඤ්ඤො ධම්මං දෙසෙත්වා එත්තකස්ස ජනස්ස ජීවිතදානං දස්සතී”ති. ඉමිනා කාරණෙන සක්කො දෙවතාය ඉමං උපායං ආචික්ඛි. දෙවතා තථා අකාසි.
ශක්‍ර තෙම, මමත් එය වළක්වන්ට අසමත්වෙමි. එහෙත් එක් උපායක් කියමියි කියා ඔබ එහි යන්න. ගොස් රජු බලාසිටිද්දීම රතුරෙද්දක් ඇඳ තමන් ගසින් බැස පිටත්වී යන අයුරක් පෙන්වන්න. එවිට රජු, දේවතාවා පිටත්ව යයි. ඔහු නවත්වා ගන්නෙමියි නොයෙක් අයුරින් ඉල්ලා සිටියි. ඉන්පසු ඔහුට මෙසේ කියව. ඔබ රජවරුන් සීයක් අගමෙහෙසියන්ද සමග අල්ලාගෙන අවුත් ඔවුන්ගේ බෙලි කපා ඒ ලේවලින් බිලිපූජා කරනු කැමැත්තෙහිය. මගේ ඉල්ලීමකුදු නැතිව උග්රසේන රජුගේ මෙහෙසිය අත්හැර ආවේය. මම එබඳු මුසාවාදියෙකුගේ බිලි පිළිනොගන්නෙමි. එසේ කීවිට රජු, ඈ ගෙන එන්නේය. ඈ පැමිණ රජුට බණ කියා තැතිගත් ජනයාට ජීවිතයදානය ලබාදෙන්නීය, මේ කරුණ නිසා ශක්‍රතෙම දේවතාවාට මෙම උපාය කියා දුන්නේය. දේවතාවා එසේ කෙළේය.
රාජාපි තං ආණාපෙසි. සා ආගන්ත්වා තෙසං රාජූනං පරියන්තෙ නිසින්නම්පි අත්තනො රාජානමෙව වන්දි. රාජා “මයි සබ්බරාජජෙට්ඨකෙ ඨිතෙ සබ්බකනිට්ඨං අත්තනො සාමිකං වන්දතී”ති තස්සා කුජ්ඣි. අථ නං සා ආහ – “කිං මය්හං තයි පටිබද්ධං, අයං පන මෙ සාමිකො ඉස්සරියස්ස දායකො, ඉමං අවන්දිත්වා කස්මා තං වන්දිස්සාමී”ති? රුක්ඛදෙවතා පස්සන්තස්සෙව මහාජනස්ස “එවං, භද්දෙ, එවං, භද්දෙ”ති වත්වා තං පුප්ඵමුට්ඨිනා පූජෙසි.
රජුද මෙහෙසිය ගෙනඒමට අණ කෙළේය. ඈ අවුත් ඒ රජවරුන්ගේ කෙළවර සිටි තමාගේ ස්වාමියා වූ රජුට වැන්දාය. රජු, සියලු රජුන්ට වැඩිමහළුව සිටින මා හැර සියල්ලන්ට බාලයා වූ උග්ගසේනට වැන්දායයි ඈ සමග කුපිතවිය. ඉන්පසු ඈ, රජුට, ඔබ හා මගේ ඇති සම්බන්ධය කුමක්ද? මේ මට සියලු සැප දෙන මගේ සැමියාය. ඔහුට නොවැඳ ඔබට වඳින්නේ කුමක් නිසාද? රුක්දෙවියා පැමිණ සිටි මහාජනයා බලාසිටිද්දීම, සොඳුර, එසේය, සොඳුර එසේයයි කියා මල්මිටකින් ඈ පිදුවේය.
පුන රාජා ආහ – “සචෙ මං න වන්දසි, මය්හං රජ්ජසිරිදායිකං එවං මහානුභාවං දෙවතං කස්මා න වන්දසී”ති? “මහාරාජ, තයා අත්තනො පුඤ්ඤෙ ඨත්වා රාජානො ගහිතා, න දෙවතාය ගහෙත්වා දින්නා”ති. පුනපි තං දෙවතා “එවං, භද්දෙ, එවං, භද්දෙ”ති වත්වා තථෙව පූජෙසි. පුන සා රාජානං ආහ – “ත්වං ‘දෙවතාය මෙ එත්තකා රාජානො ගහෙත්වා දින්නා’ති වදෙසි, ඉදානි තෙ දෙවතාය උපරි වාමපස්සෙ රුක්ඛො අග්ගිනා දඩ්ඪො, සා තං අග්ගිං නිබ්බාපෙතුං කස්මා නාසක්ඛි, යදි එවං මහානුභාවා”ති. පුනපි තං දෙවතා “එවං, භද්දෙ, එවං, භද්දෙ”ති වත්වා තථෙව පූජෙසි.
නැවත රජු මෙසේ ඇසීය: ඉතින් මා නොවැන්ඳත් මට මේ රාජ්‍ය සැපත සියල්ල ලබාදුන් මහත් ආනුභාසම්පන්න දේවතාවන්ට කුමක් නිසා නොවඳින්නෙහිද? මහරජතුමනි, ඔබ ඔබේ පිනින් රජුන් අල්ලාගත්තෙහිය. දෙවියන් ඔවුන් අල්ලා දුන්නේ නැත. නැවතද දේවතාවා සොඳුර එසේය, සොඳුර එසේමයයි කියා මල්මිටකින් පිදුවේය. නැවත ඈ රජුට මෙසේ කීවාය. රජතුමනි, ඔබ මෙතෙක් රජවරු දේවතාවා විසින් අල්ලා දෙන ලදැයි කියන්නෙහිය. ඉතින් ඒ දෙවියන් ඔය තරම් මහානුභාව සම්පන්න නම් ඔය දේවතාවාගේ ගසට වම්පසින් ඇති ගසක් මහා ගින්නකින් දැවී ගියේය. ඔහුට ඒ ගින්න නිවා ගත නොහැකිවූයේ ඇයි? දේවතාවා යළිත් සොඳුර එසේය, සොඳුර එසේයයි කියමින් තවත් මල්මිටකින් පිදීය.
සා කථයමානා ඨිතා රොදි චෙව හසි ච. අථ නං රාජා “කිං උම්මත්තිකාසී”ති ආහ. “කස්මා දෙව එවං වදෙසි”? “න මාදිසියො උම්මත්තිකා හොන්තී”ති. අථ “නං කිං කාරණා රොදසි චෙව හසසි චා”ති? “සුණාහි, මහාරාජ, අහඤ්හි අතීතෙ කුලධීතා හුත්වා පතිකුලෙ වසන්තී සාමිකස්ස සහායකං පාහුනකං ආගතං දිස්වා තස්ස භත්තං පචිතුකාමා ‘මංසං ආහරා’ති දාසියා කහාපණං දත්වා තාය මංසං අලභිත්වා ආගතාය ‘නත්ථි මංස’න්ති වුත්තෙ ගෙහස්ස පච්ඡිමභාගෙ සයිතාය එළිකාය සීසං ඡින්දිත්වා භත්තං සම්පාදෙසිං. සාහං එකිස්සාය එළිකාය සීසං ඡින්දිත්වා නිරයෙ පච්චිත්වා පක්කාවසෙසෙන තස්සා ලොමගණනාය සීසච්ඡෙදං පාපුණිං, ‘ත්වං එත්තකං ජනං වධිත්වා කදා දුක්ඛා මුච්චිස්සසී’ති එවමහං තව දුක්ඛං අනුස්සරන්තී රොදි”න්ති වත්වා ඉමං ගාථමාහ –
ඈ මෙසේ කියමින් සිටියදීම වරක් හඬා තව වරක් සිනාසුණාය. එවිට රජු ඇයි ඔබ උමතු වූවාදැයි ඇසීය. රජතුමනි එසේ කියන්නේ ඇයි? මා වැන්නියෝ උමතු නොවෙත්. එසේනම් කුමක් නිසා හැඬුවෙහිද? කුමක් නිසා සිනාසෙන්නීද? රජතුමනි, එසේ නම් අසාගන්න. මම අතීතයෙහි එක් කුලදුවක්ව පතිකුලයට ගොස් වසන අතර මගේ සැමියාගේ යහළු සැලකියයුතු ආගන්තුකයෙක් පැමිණි දවසක ඔහුට කෑම පිළියෙල කිරීමට මස් ගෙනඑවයි දාසියට කහවණු දුනිමි. ඈ මස් නොලැබ අවුත් මස් නැතැයි කීවාය. ගෙපිටිපස්සෙහි වැටී නිදන මරණයට ළංවී සිටි එළුදෙනකගේ බෙල්ල කපා ආහාරය පිළියෙල කෙළෙමි. ඒ මම එකම එළුදෙනකගේ හිස කපා ඒ පවින් නිරයෙහි පැසී, තවත් ඉතිරි පාපයෙන් ඇගේ ලොම් ගණනින් හිස ගසා දැමීමට හසුවීමි. ඔබ මෙතෙක් දෙනා මරා කවදා නම් ඒ දුකෙන් මිදෙන්නේදැයි, ඒසා මහාදුක සිහිකරමින් හැඬුවෙමියි කියා මේ ගාථාවද ප්‍රකාශ කළාය.
“එකිස්සා කණ්ඨං ඡෙත්වාන, ලොමගණනාය පච්චිසං; බහූනං කණ්ඨෙ ඡෙත්වාන, කථං කාහසි ඛත්තියා”ති.
එළුදෙනකගේ ගෙළ කපා ඇගේ ලොම් ගණනින් පැසුණෙමි බොහෝ අයගේ ගෙළ සිඳ කවදා මිදෙන්නද ඔබ.
අථ “කස්මා ත්වං හසසී”ති? “‘එතස්මා දුක්ඛා මුත්තාම්හී’ති තුස්සිත්වා, මහාරාජා”ති. පුනපි තං දෙවතා “එවං, භද්දෙ, එවං, භද්දෙ”ති වත්වා පුප්ඵමුට්ඨිනා පූජෙසි. රාජා “අහො මෙ භාරියං කතං කම්මං, අයං කිර එකං එළිකං වධිත්වා නිරයෙ පක්කාවසෙසෙන තස්සා ලොමගණනාය සීසච්ඡෙදං පාපුණි, අහං එත්තකං ජනං වධිත්වා කදා සොත්ථිං පාපුණිස්සාමී”ති සබ්බෙ රාජානො මොචෙත්වා අත්තනො මහල්ලකතරෙ වන්දිත්වා දහරදහරානං අඤ්ජලිං පග්ගය්හ සබ්බෙ ඛමාපෙත්වා සකසකට්ඨානමෙව පහිණි.
එසේ නම් කුමක් නිසා සිනාසුණෙහිද? මහරජ, ඒ දුකෙන් මම මිදුණෙමියි සතුටුවී සිනාසුණෙමි. නැවතද දේවතාවා එසේය සොඳුර, එසේය සොඳුරයයි කියා මල්මිටකින් පිදුවේය. රජු, අනේ බරපතළ පවති. එක් එළුදෙනක් මරා නිරයේ පැසී පසුව ඉතිරි පව් නිසා ඇගේ ලොම් ගණනින් හිස ගසාදැමීමට භාජන විය. මම මෙතරම් පිරිසක් මරා කවදා නම් සැපතකට පැමිණෙම්දැයි සියලු රජවරුන් මුදා තමන්ට වැඩිමහල්ලන්ට වැඳ වයසින් බාල අයට අත් ඔසවා ආචාර කොට සියල්ලන් සමාකොටගෙන ස්වකීය ස්ථානවලටම පිටත්කර හැරියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, න ඉදානෙව, මල්ලිකා දෙවී, අත්තනො පඤ්ඤං නිස්සාය මහාජනස්ස ජීවිතදානං දෙති, පුබ්බෙපි අදාසියෙවා”ති වත්වා අතීතං සමොධානෙසි – “තදා බාරාණසිරාජා පසෙනදි කොසලො අහොසි, ධම්මදින්නා, දෙවී මල්ලිකා, රුක්ඛදෙවතා අහමෙවා”ති. එවං අතීතං සමොධානෙත්වා පුන ධම්මං දෙසෙන්තො, “භික්ඛවෙ, පාණාතිපාතො නාම න කත්තබ්බයුත්තකො. පාණාතිපාතිනො හි දීඝරත්තං සොචන්තී”ති වත්වා ඉමා ගාථා ආහ –
බුදුහු මේ ධර්මදේශනාව ගෙනහැර පා, මහණෙනි, මල්ලිකා තමන්ගේ නුවණින් අනුන්ට ජීවිතදානය ලබා දුන්නේ අද පමණක් නොවේ, පෙරත් එසේම කළායයි වදාරා අතීත කථාව ගළපාලූහ. එදා බරණැස්රජු අද කොසොල්රජුය. දින්නා දේවිය නම් මල්ලිකාය. වෘක්ෂ දේවතාවා නම් මමයයි මෙසේ අතීතය ගළපා නැවතද දහම් දෙසනසේක් මහණෙනි, මේ ප්‍රාණාතිපාතය නොකළ යුත්තකි. පරපණ නසන්නෝ බොහෝකල් ශෝකකරන්නෝ වෙතියි මේ ගාථාවද වදාළහ:
“ඉධ සොචති පෙච්ච සොචති, පාපකාරී උභයත්ථ සොචති; සො සොචති සො විහඤ්ඤති, දිස්වා කම්මකිලිට්ඨමත්තනො”ති. (ධ· ප· 15);
“එවං චෙ සත්තා ජානෙය්යුං, දුක්ඛායං ජාතිසම්භවො; න පාණො පාණිනං හඤ්ඤෙ, පාණඝාතී හි සොචතී”ති. (ජා· 1.1.18);
ඉපදීම දුකයයි ලෝ දන දැන ගනිත් නම් පරපණ නසන්නේ නැත නසන අය සෝ දුකේ කිමිදෙති
අඤ්ඤතරපුරිසවත්ථු පඨමං.
පළමුවන කුමුදු උපුල් ගෙනා දුප්පත් සේවකයාගේ වස්තුවයි.