යෙදුමෙන් කියවන්න

15-16. ගරහදින‍්නවත්‍ථු අට‍්ඨකථා

15-16. ගරහදින‍්නවත්‍ථු

15-16. ගරහදින්න වස්තුව

යථා සඞ‍්කාරට‍්ඨානස‍්මින‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ගරහදින‍්නං නාම නිගණ‍්ඨසාවකං ආරබ‍්භ කථෙසි.

යථා සංඛාරධානස්මිං යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි ගරහදින්න නමැත්තා අරභයා දේශනාකළසේක.

සාවත්‍ථියඤ‍්හි සිරිගුත‍්තො ච ගරහදින‍්නො චාති ද‍්වෙ සහායකා අහෙසුං. තෙසු සිරිගුත‍්තො උපාසකො බුද‍්ධසාවකො, ගරහදින‍්නො නිගණ‍්ඨසාවකො. තං නිගණ‍්ඨා අභික‍්ඛණං එවං වදන‍්ති – “තව සහායකං සිරිගුත‍්තං ‘කිං ත්‍වං සමණං ගොතමං උපසඞ‍්කමසි, තස‍්ස සන‍්තිකෙ කිං ලභිස‍්සසී’ති වත්‍වා යථා අම‍්හෙ උපසඞ‍්කමිත්‍වා අම‍්හාකඤ‍්ච දෙය්‍යධම‍්මං දස‍්සති, කිං එවං ඔවදිතුං න වට‍්ටතී”ති. ගරහදින‍්නො තෙසං වචනං සුත්‍වා අභික‍්ඛණං ගන‍්ත්‍වා ඨිතනිසින‍්නට‍්ඨානාදීසු සිරිගුත‍්තං එවං ඔවදති – “සම‍්ම, කිං තෙ සමණෙන ගොතමෙන, තං උපසඞ‍්කමිත්‍වා කිං ලභිස‍්සසි, කිං තෙ මම, අය්‍යෙ, උපසඞ‍්කමිත්‍වා තෙසං දානං දාතුං න වට‍්ටතී”ති?

සැවැත්නුවර සිරිගුත්ත ගරහදින්න යන නම්වලින් යහළුවෝ දෙදෙනෙක් වූහ. එයින් සිරිගුත්ත උපාසකයෙකි. ගරහදින්න නිගණ්ඨශ්‍රාවකයෙකි. නිගණ්ඨයෝ ඔහු අමතා සිරිගුත්තට මෙසේ කියන්නැයි කීහ. ඔබ ශ්‍රමණභවත් ගෞතමයන් වෙත යන්නේ ඇයි? ඔහු ළඟදී කුමක් ලැබිය හැකිද? එසේ කියා අප ළඟටම පැමිණෙන ලෙසත් අපටම දියයුතුදේ දෙන්නැයි කියාත් අවවාද නොකරන්නේ ඇයි? ගරහදින්න ඔවුන්ගේ වචන අසා නිරතුරුව ගොස් සිටින හිඳින හැම තැනකදීම සිරිගුත්ත අමතා, යහළුව ඔබට ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇති ඵලය කුමක්ද? එහි ගොස් කුමක් ලබන්නටද? ඔබ අපේ ආර්යයන් වෙත නොයන්නේ ඇයි? උන්වහන්සේලාට දන් නොදෙන්නේ ඇයි?

සිරිගුත‍්තො තස‍්ස කථං සුත්‍වාපි බහූ දිවසෙ තුණ‍්හී හුත්‍වා නිබ‍්බිජ‍්ජිත්‍වා එකදිවසං, “සම‍්ම, ත්‍වං අභික‍්ඛණං ආගන‍්ත්‍වා මං ඨිතට‍්ඨානාදීසු එවං වදෙසි, ‘සමණං ගොතමං උපසඞ‍්කමිත්‍වා කිං ලභිස‍්සසි, මම, අය්‍යෙ, උපසඞ‍්කමිත්‍වා තෙසං දානං දෙහී’ති, කථෙහි තාව මෙ, තව, අය්‍යා, කිං ජානන‍්තී”ති? “‘අහො, සාමි, මා එවං වද, මම අය්‍යානං අඤ‍්ඤාතං නාම නත්‍ථි, සබ‍්බං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං සබ‍්බං කායවචීමනොකම‍්මං ඉදං භවිස‍්සති, ඉදං න භවිස‍්සතී’ති සබ‍්බං භබ‍්බාභබ‍්බං ජානන‍්තී”ති? “එවං වදෙසී”ති. “ආම, වදෙමී”ති. “යදි එවං, අතිභාරියං තෙ කතං, එත‍්තකං කාලං මය‍්හං එතමත්‍ථං අනාචික‍්ඛන‍්තෙන, අජ‍්ජ මයා අය්‍යානං ඤාණානුභාවො ඤාතො, ගච‍්ඡ, සම‍්ම, අය්‍යෙ, මම වචනෙන නිමන‍්තෙහී”ති. සො නිගණ‍්ඨානං සන‍්තිකං ගන‍්ත්‍වා තෙ වන්‍දිත්‍වා “මය‍්හං සහායකො සිරිගුත‍්තො ස‍්වාතනාය තුම‍්හෙ නිමන‍්තෙතී”ති ආහ. “සිරිගුත‍්තෙන සාමං ත්‍වං වුත‍්තො”ති? “ආම, අය්‍යා”ති. තෙ හට‍්ඨතුට‍්ඨා හුත්‍වා “නිප‍්ඵන‍්නං නො කිච‍්චං, සිරිගුත‍්තස‍්ස අම‍්හෙසු පසන‍්නකාලතො පට‍්ඨාය කා නාම සම‍්පත‍්ති අම‍්හාකං න භවිස‍්සතී”ති වදිංසු.

සිරිගුත්ත ඔහුගේ බස් අසාත් බොහෝ දිනවල නිහඬව සිට කළකිරීමට පත්ව එක්දිනක්, යහළුව නිතර පැමිණ මා හිඳින සිටින හැම තැනදීම ශ්‍රමණ ගෞතමයන් වෙත යෑමෙන් ඇතිඵලය කුමක්ද? මගේ ආර්යයන් වෙත පැමිණ දන්දෙව යනුවෙන් කියයි. ඔබේ ඔය ආර්යයන් දන්නේ මොනවාදැයි මට පළමුවෙන්ම කියා දෙන්නැයි කීවේය. අනේ, යහළුව, එසේ නොකියව. මගේ ආර්යයන් නොදන්නා දෙයක් නැත. අතීත අනාගත වර්තමාන සියල්ලත් සියලු කාය වචී මනෝකර්මයන්ගෙන් මෙය සිදුවෙයි, මෙය සිදුනොවෙයි ආදි සියල්ලත් සිදුවිය හැකි නොහැකි සියල්ලත් දනිත්යයි කීවේය. එසේනම් කියන්නේ එහෙමද? යහළුව, එසේය. ඉතින් මෙතෙක්කලක් මට එය නොකියා සිටීමෙන් ඔබ විසින් කර ඇත්තේ බරපතළ ක්‍රියාවකි. අද මම ඒ ආර්යයන්ගේ ඤාණානුභාවය දැන ගනිමි. යහළුවාණනි, මගේ වචනයෙන් ආර්යයන්ට දානයක් සඳහා නිමන්ත්‍රණය කරවයි සිරිගුත්ත කියා සිටියේය. හෙතෙම නිවටුන් හමුවට ගොස් ඔවුන්ට වැඳ මගේ යහළු සිරිගුත්ත හෙට දානය සඳහා ඔබවහන්සේලාට ආරාධනා කරන්නේයයි කීය. සිරිගුත්තම ඔබට මෙසේ කීවෙහිද? එසේමය ආර්යයෙනියි හේ කීය. නිගණ්ඨයෝ තුටුපහටු සිතින් අපේ කාර්යය ඉටුවීයයි සිරිගුත්ත අප සමග පැහැදුණු කාලයේ පටන් කවර නම් සැපතක් අපට නොලැබෙන්නේදැයි කීවාහුය.

සිරිගුත‍්තස‍්සාපි මහන‍්තං නිවෙසනං. සො තස‍්මිං ද‍්වින‍්නං ගෙහානං අන‍්තරෙ උභතො දීඝං ආවාටං ඛණාපෙත්‍වා ගූථකලලස‍්ස පූරාපෙසි. බහිආවාටෙ ද‍්වීසු පරියන‍්තෙසු ඛාණුකෙ කොට‍්ටාපෙත්‍වා තෙසු රජ‍්ජුයො බන්‍ධාපෙත්‍වා ආසනානං පුරිමපාදෙ ආවාටස‍්ස පුරිමපස‍්සෙ ඨපාපෙත්‍වා පච‍්ඡිමපාදෙ රජ‍්ජුකෙසු ඨපාපෙසි. “එවං නිසින‍්නකාලෙ එවං අවංසිරා පතිස‍්සන‍්තී”ති මඤ‍්ඤමානො යථා ආවාටො න පඤ‍්ඤායති, එවං ආසනානං උපරි පච‍්චත්‍ථරණානි දාපෙසි. මහන‍්තා මහන‍්තා චාටියො ඨපාපෙත්‍වා කදලිපණ‍්ණෙහි ච සෙතපිලොතිකාහි ච මුඛානි බන්‍ධාපෙත්‍වා තා තුච‍්ඡා එව ගෙහස‍්ස පච‍්ඡිමභාගෙ බහි යාගුභත‍්තසිත්‍ථසප‍්පිතෙලමධුඵාණිතපූවචුණ‍්ණමක‍්ඛිතා කත්‍වා ඨපාපෙසි. ගරහදින‍්නො පාතොව තස‍්ස ඝරං වෙගෙන ගන‍්ත්‍වා, “අය්‍යානං සක‍්කාරො සජ‍්ජිතො”ති පුච‍්ඡි. “ආම, සම‍්ම, සජ‍්ජිතො”ති. “කහං පන එසො”ති. “එතාසු එත‍්තිකාසු චාටීසු යාගු, එත‍්තිකාසු භත‍්තං, එත‍්තිකාසු සප‍්පිඵාණිතපූවාදීනි පූරිතානි, ආසනානි පඤ‍්ඤත‍්තානී”ති. සො “සාධූ”ති වත්‍වා ගතො තස‍්ස ගතකාලෙ පඤ‍්චසතා නිගණ‍්ඨා ආගමිංසු. සිරිගුත‍්තො ගෙහා නික‍්ඛමිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන නිගණ‍්ඨෙ වන්‍දිත්‍වා තෙසං පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො එවං චින‍්තෙසි – “තුම‍්හෙ කිර අතීතාදිභෙදං සබ‍්බං ජානාථ, එවං තුම‍්හාකං උපට‍්ඨාකෙන මය‍්හං කථිතං. සචෙ සබ‍්බං තුම‍්හෙ ජානාථ, මය‍්හං ගෙහං මා පවිසිත්‍ථ. මම ගෙහං පවිට‍්ඨානඤ‍්හි වො නෙව යාගු අත්‍ථි, න භත‍්තාදීනි. සචෙ අජානිත්‍වා පවිසිස‍්සථ, ගූථආවාටෙ වො පාතෙත්‍වා පොථෙස‍්සාමී”ති එවං චින‍්තෙත්‍වා පුරිසානං සඤ‍්ඤං අදාසි. එවං තෙසං නිසීදනභාවං ඤත්‍වා පච‍්ඡිමපස‍්සෙ ඨත්‍වා ආසනානං උපරි පච‍්චත්‍ථරණානි අපනෙය්‍යාථ, මා තානි අසුචිනා මක‍්ඛයිංසූති.

සිරිගුත්තට මහත් ගෙයක් විය. හෙතෙම ඒ ගෙවල් දෙක අතර දිග පළල ඇති වළක් කණවා අශුචි මඩවලින් පිරවිය. වළ දෙකෙළවර කණු සිටවා ලණු බැඳ ආසනවල ඉදිරි පා වළේ ඉදිරි කෙළවර තබා පසු පා ලණුවලින් ගැට ගසා තැබීය. ඒ ආසනවල හිඳිකල පසු පා ලණුවලින් ඇද්දවිට ඔවුන්ගේ හිස් යටට හැරී වැටෙන්නේය යන අදහසින් එසේ කරනලදි. ඉන්පසු වළ නොපෙනෙන සේ ඒ මත ඇතිරිලිවලින් වසන ලදි. ඉන්පසු ලොකු ලොකු හැළිසෝදවා කෙසෙල්කොළ හා රෙදිවලින් ඒ හැලිවල කටවල්බැඳ ඒවා හිස්වම කැඳබත් ගිතෙල් කැවුම්කුඩු ආදිය තවරා ගේපිටිපස තැබ්බවීය. එදින උදෑසනම ගරහදින්න ඉක්මන් ගමනින් සිරිගුත්තගේ ගෙට ගොස් ආර්යයන්ට සත්කාර සූදානම්දැයි විචාළේය. යහළුව එසේය සියල්ල සූදානම්යයි හෙතෙම කීවේය. ඒවා කොහේද? මෙතන මේ හැළිවල කැඳය. මෙපමණ සැළිවල බත්ය. මෙතෙක් හැළිවල ගිතෙල් පැණි කැවුම් ආදියය කීය. හෙතෙම යහපතැයි කියා ගියේය. ඔහු ගියකල පන්සීයක් නිගණ්ඨයෝ එහි පැමිණියාහුය. සිරිගුත්ත ගෙයින් නිකම අවුත් පසඟපිහිටුවා නිගණ්ඨයන් වැඳ ඔවුන් ඉදිරියේ ඇඳිලි බැඳ සිටගෙන, තෙපි වනාහි අතීතාදි සියලු කාලභේද දන්නාහුය. ඒ බව තොපගේ උපස්ථායකයා විසින් මට කියාදෙන ලදි. ඉදින් තෙපි ඒ සියල්ල නොදන්නාහු නම් මගේ ගෙට නොයව. නොදැන පිවිසි තොපට මෙහි කැඳබත් නැත. නොදැන ගෙට ඇතුළුවූ හෙයින් අශුචිවළට දමා දඬුවම්කෙරෙමියි සිතා මිනිසුන්ට, කථාකොට මොවුන් හිඳගත්කල පිටුපසින් සිට අසුන්වල ඇතිරිලි අශුචි නොගෑවෙනලෙස ඉවත්කරව්.

අථ නිගණ‍්ඨෙ “ඉතො එථ, භන‍්තෙ”ති ආහ. නිගණ‍්ඨා පවිසිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙසු නිසීදිතුං ආරභිංසු. අථ නෙ මනුස‍්සා වදිංසු – “ආගමෙථ, භන‍්තෙ, මා තාව නිසීදථා”ති. “කිං කාරණා”ති? “අම‍්හාකං ගෙහං පවිට‍්ඨානං අය්‍යානං වත‍්තං ඤත්‍වා නිසීදිතුං වට‍්ටතී”ති. “කිං කාතුං වට‍්ටති, ආවුසො”ති? “අත‍්තනො අත‍්තනො පත‍්තාසනමූලෙසු ඨත්‍වා සබ‍්බෙපි එකප‍්පහාරෙනෙව නිසීදිතුං වට‍්ටතී”ති. ඉදං කිරස‍්ස අධිප‍්පායො – “එකස‍්මිං ආවාටෙ පතිතෙ ‘මා, ආවුසො, අවසෙසා ආසනෙ නිසීදන‍්තූ’ති වත‍්තුං මා ලභතූ”ති. තෙ “සාධූ”ති වත්‍වා “ඉමෙහි කථිතකථං අම‍්හෙහි කාතුං වට‍්ටතී”ති චින‍්තයිංසු.

ඉන්පසු නිවටුන් අමතා, ස්වාමීනි, මෙහි එනු මැනවැයි කීය. නිගණ්ඨයෝ අවුත් පැනවූ අසුන්වල ඉඳගන්ට පටන්ගත්හ. ඉන්පසු මිනිස්සු ඔවුන් අමතා ස්වාමිවරුනි වඩිනු මැනවි. එහෙත් දැන්ම වැඩනොසිටිනුයි කීහ. ඒ කුමක් නිසාදැයි ඇසූහ. අපේ ගෙට පිවිසෙන ආර්යයන් වතාවත් දැන ඒ අනුව හිඳගැනීම කළයුතුය. ඇවැත්නි, කුමක් කටයුතුද තමතමන්ට ලැබෙන ආසනමුල සිට සියලුදෙනාට එකමවරම හිඳ ගැනීම කළයුතුය. මෙසේ කරන ලද්දේ එකෙක් වළෙහි වැටුණුවිට සෙස්සෝ හිඳ ගැනීම නොකෙරෙතියි සිතාය. ඔවුහු යහපතැයි කියා, මොවුන් කී කථාව අප විසින් කළයුතුයයි සිතූහ.

අථ සබ‍්බෙ අත‍්තනො අත‍්තනො පත‍්තාසනමූලෙ පටිපාටියා අට‍්ඨංසු. අථ නෙ, “භන‍්තෙ, ඛිප‍්පං එකප‍්පහාරෙනෙව නිසීදථා”ති වත්‍වා තෙසං නිසින‍්නභාවං ඤත්‍වා ආසනානං උපරි පච‍්චත්‍ථරණානි නීහරිංසු. නිගණ‍්ඨා එකප‍්පහාරෙනෙව නිසින‍්නා, රජ‍්ජූනං උපරි ඨපිතා ආසනපාදා භට‍්ඨා, නිගණ‍්ඨා අවංසිරා ආවාටෙ පතිංසු. සිරිගුත‍්තො තෙසු පතිතෙසු ද‍්වාරං පිදහිත්‍වා තෙ උත‍්තිණ‍්ණුත‍්තිණ‍්ණෙ “අතීතානාගතපච‍්චුප‍්පන‍්නං කස‍්මා න ජානාථා”ති දණ‍්ඩෙහි පාථෙත්‍වා “එත‍්තකං එතෙසං වට‍්ටිස‍්සතී”ති ද‍්වාරං විවරාපෙසි. තෙ නික‍්ඛමිත්‍වා පලායිතුං ආරභිංසු. ගමනමග‍්ගෙ පන තෙසං සුධාපරිකම‍්මකතං භූමිං පිච‍්ඡිලං කාරාපෙසි. තෙ තත්‍ථ අසණ‍්ඨහිත්‍වා පතිතෙ පතිතෙ පුන පොථාපෙත්‍වා “අලං එත‍්තකං තුම‍්හාක”න‍්ති උය්‍යොජෙසි. තෙ “නාසිතම‍්හා තයා, නාසිතම‍්හා තයා”ති කන්‍දන‍්තා උපට‍්ඨාකස‍්ස ගෙහද‍්වාරං අගමංසු.

ඉන්පසු සියලුදෙනු තමතමන්ට ලැබුණු අසුන්මුල පිළිවෙලින් සිටියාහුය. ඉන්පසු ඔවුහු ස්වාමීනි, වහා එක්වරම හිඳගනුමැනවැයි කියා ඔවුන් හිඳගන්නා බවදැන ආසනවල එලාතිබුණු ඇතිරිලි ඉවත්කළහ. නිගණ්ඨයෝ එක්වරම හිඳගත්හ. ලණුඋඩතිබුණු ආසනවල පා බිඳිණි. නිගණ්ඨයෝ හිස් පාතට හැරී වළෙහි වැටුණාහ. සිරිගුත්ත ඔවුන් වැටුණු පසු දොරවල් වසා උඩට එන එනවුන්ගෙන් අතීත අනාගත වර්තමාන කර්මයන් දැනගනිව් කියමින් පොලුවලින් තළවා මොවුන්ට මෙපමණක්ම සෑහේයයි දොරවල් හැර දැමීය. නිවටෝ නික්මී පලායන්ට පටන්ගත්හ. ඔවුන් ගමන් කරන මාර්ගය සුණු තවරා ඒ බිම නානුවර්ගවලින් පුරවා තිබිණි. ඔවුන් එහි සිටගෙන සිටිය නොහැකිව ලිස්සා වැටෙනවිට නැවතත් තළවා තොපට මේ ප්‍රමාණවත්යයි පිටත්කර හැරියේය. නිගණ්ඨයෝ අප නසාදමන ලදි. විනාශකරදමන ලදැයි හඬමින් උපස්ථායකයාගේ ගෙදරට ගියාහුය.

ගරහදින‍්නො තං විප‍්පකාරං දිස‍්වා කුද‍්ධො “නාසිතම‍්හි සිරිගුත‍්තෙන, හත්‍ථං පසාරෙත්‍වා වන්‍දන‍්තානං සදෙවකෙ ලොකෙ යථාරුචියා දාතුං සමත්‍ථෙ නාම පුඤ‍්ඤක‍්ඛෙත‍්තභූතෙ මම, අය්‍යෙ, පොථාපෙත්‍වා බ්‍යසනං පාපෙසී”ති රාජකුලං ගන‍්ත්‍වා තස‍්ස කහාපණසහස‍්සං දණ‍්ඩං කාරෙසි. අථස‍්ස රාජා සාසනං පෙසෙසි. සො ගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා, “දෙව, උපපරික‍්ඛිත්‍වා දණ‍්ඩං ගණ‍්හථ, මා අනුපපරික‍්ඛිත්‍වා”ති ආහ. “උපපරික‍්ඛිත්‍වා ගණ‍්හිස‍්සාමී”ති. “සාධු, දෙවා”ති. “තෙන හි ගණ‍්හාහී”ති. දෙව, මය‍්හං සහායකො නිගණ‍්ඨසාවකො මං උපසඞ‍්කමිත්‍වා ඨිතනිසින‍්නට‍්ඨානාදීසු අභිණ‍්හං එවං වදෙසි – “සම‍්ම, කිං තෙ සමණෙන ගොතමෙන, තං උපසඞ‍්කමිත්‍වා කිං ලභිස‍්සසී”ති ඉදං ආදිං කත්‍වා සිරිගුත‍්තො සබ‍්බං තං පවත‍්තිං ආරොචෙත්‍වා “දෙව, සචෙ ඉමස‍්මිං කාරණෙ දණ‍්ඩං ගහෙතුං යුත‍්තං, ගණ‍්හථා”ති. රාජා ගරහදින‍්නං ඔලොකෙත්‍වා “සච‍්චං කිර තෙ එවං වුත‍්ත”න‍්ති ආහ. “සච‍්චං, දෙවා”ති. ත්‍වං එත‍්තකම‍්පි අජානන‍්තෙ සත්‍ථාරොති ගහෙත්‍වා විචරන‍්තො “සබ‍්බං ජානන‍්තී”ති කිං කාරණා තථාගතසාවකස‍්ස කථෙසි. “තයා ආරොපිතදණ‍්ඩො තුය‍්හමෙව හොතූ”ති එවං ස‍්වෙව දණ‍්ඩං පාපිතො, තස‍්සෙව කුලූපකා පොථෙත්‍වා නීහටා.

ගරහදින්න ඔවුන්ගේ විප්‍රකාරය දැක, සිරිගුත්තයා විසින් මා නසා දමනලදි. අතදිගහැර සදෙව්ලෝ වැසියන් විසින් වඳිනුලබන, කැමතිපරිද්දෙන් දන්දිය හැකි පින්කෙත් බඳු මාගේ ආර්යයන් තළාපෙළා ව්‍යසනය පත්කරන ලද්දේයයි රජකුලයට ගොස් ඔහුට කහවණු දහසකට දඩනියම කරනලෙස ඉල්ලීය. ඉන්පසු රජු ඔහුට ලිපියක් යැවීය. සිරිගුත්ත එහි ගොස් රජුන් වැඳ දේවයන්වහන්ස, පරීක්ෂාකර දඩ ගන්නෙහිද, එසේ නොකොට ගන්නෙහිදැයි ඇසීය. පරීක්ෂාකොට ගන්නෙමියි රජු කීවේය. දේවයන්වහන්ස, මැනවි එසේනම් ගනු මැනවැයි ඔහු කීවේය. දේවයන්වහන්ස, මගේ යහළුවා, නිගණ්ඨ ශ්‍රාවකයෙකි. ඔහු මාවෙත පැමිණ මා සිටින හිඳින හැම තැනදීම නිතරම, යහළුව ශ්‍රමණ ගෞතමයන්ගෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද, එහි ගොස් කුමක් ලබා ගන්නෙහිද ආදි වශයෙන් සියල්ල සිරිගුත්ත ප්‍රකාශ කෙළේය. දේවයිනි, ඉදින් මෙහිදී දඩයක් ගතයුතුනම් එය ගනුමැනවැයි කීවේය. රජු ගරහදින්න දෙස බලා ඔබ මෙසේ කීවේ සැබෑදැයි ඇසීය. දේවයිනි එසේය. සැබෑයයි හේ කීවේය. ඔබ මෙපමණකුත් නොදන්නාවුන්ට බුදුන්යයි පිළිගෙන සියල්ල දන්නවුන්යයි කුමක් නිසා බුද්ධශ්‍රාවකයෙකුට කීවෙහිද? ඔබ නියම කළ දඩය ඔබ විසින්ම ගෙවිය යුතුයයි කීවේය. මෙසේ තමන්ම දඩත් ගෙවා කුලුපගයන්ටත් තළා පිටත්කර හැරියේය.

සො තං කුජ‍්ඣිත්‍වා තතො පට‍්ඨාය අඩ‍්ඪමාසමත‍්තම‍්පි සිරිගුත‍්තෙන සද‍්ධිං අකථෙත්‍වා චින‍්තෙසි – “එවං විචරිතුං මය‍්හං අයුත‍්තං, එතස‍්ස කුලූපකානම‍්පි මයා බ්‍යසනං කාතුං වට‍්ටතී”ති සිරිගුත‍්තං උපසඞ‍්කමිත්‍වා ආහ – “සහාය සිරිගුත‍්තා”ති. “කිං, සම‍්මා”ති? “ඤාතිසුහජ‍්ජානං නාම කලහොපි හොති විවාදොපි, කිං ත්‍වං කිඤ‍්චි න කථෙසි, කස‍්මා එවං කරොසී”ති? “සම‍්ම, තව මයා සද‍්ධිං අකථනතො න කථෙමී”ති. “යං, සම‍්ම, කතං, කතමෙව තං න මයං මෙත‍්තිං භින්‍දිස‍්සාමා”ති.

ගරහදින්න එතැන් පටන් අඩමසක් පමණ සිරිගුත්ත හා කථාබස් නොකොට මෙසේ නිකම්සිටීම මට නොහොබී. මොහුගේ කුලුපගයන්ටත් ව්‍යසන කළයුතුයයි සිතා, සිරිගුත්ත ළඟට ගොස්, යහළු සිරිගුත්තයයි ඇමතීය. ඇයි යහළුවාණනි ඇසූවිට, නෑදෑයන් අතර කෝලාහලද වෙයි, විවාහද වෙයි, ඔබ කිසිවක් කතානොකරන්නේත් ඇයිද? යහළුව, ඔබ මා හා කතා නොකරන හෙයින් කථා නොකෙළෙමි. එසේය ගියදේ ගියේමය. ඒනිසා අපේ මිත්‍රත්වය බිඳනොගනිමුයි කීය.

තතො පට‍්ඨාය උභොපි එකට‍්ඨානෙ තිට‍්ඨන‍්ති නිසීදන‍්ති. අථෙකදිවසං සිරිගුත‍්තො ගරහදින‍්නං ආහ – “කිං තෙ නිගණ‍්ඨෙහි, තෙ උපසඞ‍්කමිත්‍වා කිං ලභිස‍්සසි, මම සත්‍ථාරං උපසඞ‍්කමිතුං වා අය්‍යානං දානං දාතුං වා කිං තෙ න වට‍්ටතී”ති? සොපි එතමෙව පච‍්චාසීසති, තෙනස‍්ස කණ‍්ඩුවනට‍්ඨානෙ නඛෙන විලෙඛිතං විය අහොසි. සො, “සිරිගුත‍්ත, තව සත්‍ථා කිං ජානාතී”ති පුච‍්ඡි. “අම‍්භො, මා එවං වද, සත්‍ථු මෙ අජානිතබ‍්බං නාම නත්‍ථි, අතීතාදිභෙදං සබ‍්බං ජානාති, සොළසහාකාරෙහි සත‍්තානං චිත‍්තං පරිච‍්ඡින්‍දතී”ති. “අහං එවං න ජානාමි, කස‍්මා මය‍්හං එත‍්තකං කාලං න කථෙසි, තෙන හි ත්‍වං ගච‍්ඡ, තව සත්‍ථාරං ස‍්වාතනාය නිමන‍්තෙහි, භොජෙස‍්සාමි, පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං මම භික‍්ඛං ගණ‍්හිතුං වදෙහී”ති.

එතැන් පටන් දෙදෙනාම එකතැන සිටිති, හිඳිති. පසු දිනක සිරිගුත්ත ගරහදින්න අමතා, ඔබට නිවටුන් කරා යාමෙන් ඇති ඵලය කුමක්ද? ඔබට කුමක් නම් ලැබෙන්නේද? මගේ ශාස්තෘවරයන් වෙත යාමට හෝ ඒ ආර්යයන්ට දන්දීමට හෝ ඔබට නොවටීද? ඔහුත් එයම බලාපොරොත්තු විය. එහෙයින් එය කසන තැනට නියෙන් ඇන්නාක් මෙන්විය. හෙතෙම සිරිගුත්තගෙන් තොපගේ ශාස්තෘවරයන් කුමක් දනිත්දැයි ඇසීය. අපොයි එසේකීම නුසුදුසුය. මගේ ශාස්තෘන්වහන්සේ නොදන්නා දෙයක් නම් නැත. අතීතාදි කාලභේද සියල්ලක් දනිති. සොළොස් අයුරකින් සත්ත්වයන්ගේ සිත් පිරිසිඳ දනිතියි කීය. මම ඒ ආකාරයෙන් නොදනිමි. මෙතෙක් කල් එය මට නොකීවේ ඇයිද? යි ඇසීය. එසේනම් යව. හෙට දිනය සඳහා ශාස්තෘන්වහන්සේට නිමන්ත්‍රණය කරව. මම උන්වහන්සේ වළදවන්නෙමි. පන්සීයක් භික්ෂූන් සමඟ මගේ ගෙට භික්ෂාව සඳහා ආරාධනා කරවයි කීය.

සිරිගුත‍්තො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එවමාහ – “භන‍්තෙ, මම සහායකො ගරහදින‍්නො තුම‍්හෙ නිමන‍්තාපෙති, පඤ‍්චහි කිර භික‍්ඛුසතෙහි සද‍්ධිං ස‍්වෙ තස‍්ස භික‍්ඛං ගණ‍්හථ, පුරිමදිවසෙ ඛො පන තස‍්ස කුලූපකානං මයා ඉදං නාම කතං, මයා කතස‍්ස පටිකරණම‍්පි න ජානාමි, තුම‍්හාකං සුද‍්ධචිත‍්තෙන භික‍්ඛං දාතුකාමතම‍්පි න ජානාමි, ආවජ‍්ජෙත්‍වා යුත‍්තං චෙ, අධිවාසෙථ. නො චෙ, මා අධිවාසයිත්‍ථා”ති.

සිරිගුත්ත බුදුන් වෙත පැමිණ වැඳ, ස්වාමීනි, මගේ යහළු ගරහදින්න පන්සීයක් භික්ෂූන් සමඟ හෙට දිනයේ දන් සඳහා ආරාධනා කරයි. එහි වැඩමවා භික්ෂාව ගනුමැනවයි කීවේය. මින් පෙර දිනයේ මම ඔහුගේ හිතවතුනට මෙබඳු දෙයක් කෙළෙමි. මා කළ දේට මෙය පළිගැනීමක්දැයි නොදනිමි. ඔබවහන්සේට පිරිසිදු සිතින් දෙන දානයක්ද කියාත් නොදනිමි. කල්පනා කර බලා යුතුනම් පිළිගනු මැනවි. එසේ නොවේනම් භාරනොගනු මැනවයි කියා සිටියේය.

සත්‍ථා “කිං නු ඛො සො අම‍්හාකං කාතු කාමො”ති ආවජ‍්ජෙත්‍වා අද‍්දස “ද‍්වින‍්නං ගෙහානං අන‍්තරෙ මහන‍්තං ආවාටං ඛණාපෙත්‍වා අසීතිසකටමත‍්තානි ඛදිරදාරූනි ආහරාපෙත්‍වා පූරාපෙත්‍වා අග‍්ගිං දත්‍වා අම‍්හෙ අඞ‍්ගාරආවාටෙ පාතෙත්‍වා නිග‍්ගණ‍්හිතුකාමො”ති. පුන ආවජ‍්ජෙසි – “කිං නු ඛො තත්‍ථ ගතපච‍්චයා අත්‍ථො අත්‍ථි, නත්‍ථී”ති. තතො ඉදං අද‍්දස – “අහං අඞ‍්ගාරආවාටෙ පාදං පසාරෙස‍්සාමි, තං පටිච‍්ඡාදෙත්‍වා ඨපිතකිලඤ‍්ජං අන‍්තරධායිස‍්සති, අඞ‍්ගාරකාසුං භින්‍දිත්‍වා චක‍්කමත‍්තං මහාපදුමං උට‍්ඨහිස‍්සති, අථාහං පදුමකණ‍්ණිකා අක‍්කමන‍්තො ආසනෙ නිසීදිස‍්සාමි, පඤ‍්චසතා භික‍්ඛූපි තථෙව ගන‍්ත්‍වා නිසීදිස‍්සන‍්ති, මහාජනො සන‍්නිපතිස‍්සති, අහං තස‍්මිං සමාගමෙ ද‍්වීහි ගාථාහි අනුමොදනං කරිස‍්සාමි, අනුමොදනපරියොසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො භවිස‍්සති, සිරිගුත‍්තො ච ගරහදින‍්නො ච සොතාපන‍්නා භවිස‍්සන‍්ති, අත‍්තනො ච ධනරාසිං සාසනෙ විකිරිස‍්සන‍්ති, ඉමං කුලපුත‍්තං නිස‍්සාය මයා ගන‍්තුං වට‍්ටතී”ති භික‍්ඛං අධිවාසෙසි.

ඔහු අපට කුමක්කරනු කැමතිවේදැයි ආවර්ජනාකොට බැලූ ශාස්තෘන්වහන්සේ, ගෙවල් දෙකක් මැද මහත්වළක් කණවා කිහිරිදර අසූවක් පමණ ගෙන්වා වළ පුරවා ගිනි දල්වා ඒගිනි අඟුරුවලට දමා නිග්‍රහ කරනු කැමතිබව දුටුසේක. නැවත එහි යෑමෙන් වැඩක් ඇද්ද නැද්දැයි ආවර්ජනාකොට බලන කල, මම අඟුරුවළට පාදිගුකරමි. එවිට එය වසාතිබූ කළාලය අතුරුදහන්වෙයි. ගිනිඅඟුරු පලාගෙන රථරෝදයක් පමණ මහපියුමක් උඩට නැගී එයි. ඉන්පසු ඒ පියුම්කෙමිය පාගාගෙන ගොස් ආසනයෙහි හිඳගනිමි. පන්සීයක් භික්ෂූහුද ඒ අයුරින්ම ගොස් හිඳගනිති. එවිට මහාජනයා එහි රැස්වෙති. මම ඒ සමාගමයෙහි ගාථා දෙකකින් අනුමෝදනාව කරන්නෙමි. ඒ අනුමෝදනා අවසානයේ අසූහාරදහසක් දෙනාට ධර්මාවබෝධය වන්නේය. සිරිගුත්ත ගරහදින්න දෙදෙනා සෝවාන් වන්නාහුය. තමන්ගේ ධනරාශිය ශාසනයෙහි විසුරුවන්නාහුය. මේ කුලපුත්‍රයා නිසාම යායුතුයයි භික්ෂාදානය ඉවසූහ.

සිරිගුත‍්තො ගන‍්ත්‍වා සත්‍ථු අධිවාසනං ගරහදින‍්නස‍්ස ආරොචෙත්‍වා “ලොකජෙට‍්ඨස‍්ස සක‍්කාරං කරොහී”ති ආහ. ගරහදින‍්නො “ඉදානිස‍්ස කත‍්තබ‍්බයුත‍්තකං ජානිස‍්සාමී”ති ද‍්වින‍්නං ගෙහානං අන‍්තරෙ මහන‍්තං ආවාටං ඛණාපෙත්‍වා අසීතිසකටමත‍්තානි ඛදිරදාරූනි ආහරාපෙත්‍වා පූරාපෙත්‍වා අග‍්ගිං දත්‍වා ඛදිරඞ‍්ගාරරාසීනං යොජාපෙත්‍වා සබ‍්බරත‍්තිං ධමාපෙත්‍වා ඛදිරඞ‍්ගාරරාසිං කාරාපෙත්‍වා ආවාටමත්‍ථකෙ රුක‍්ඛපදරානි ඨපාපෙත්‍වා කිලඤ‍්ජෙන පටිච‍්ඡාදෙත්‍වා ගොමයෙන ලිම‍්පාපෙත්‍වා එකෙන පස‍්සෙන දුබ‍්බලදණ‍්ඩකෙ අත්‍ථරිත්‍වා ගමනමග‍්ගං කාරෙසි, “එවං අක‍්කන‍්තඅක‍්කන‍්තකාලෙ දණ‍්ඩකෙසු භග‍්ගෙසු පරිවට‍්ටෙත්‍වා අඞ‍්ගාරකාසුයං පතිස‍්සන‍්තී”ති මඤ‍්ඤමානො ගෙහපච‍්ඡාභාගෙ සිරිගුත‍්තෙන ඨපිතනියාමෙනෙව චාටියො ඨපාපෙසි, ආසනානිපි තථෙව පඤ‍්ඤාපෙසි. සිරිගුත‍්තො පාතොව තස‍්ස ගෙහං ගන‍්ත්‍වා “කතො තෙ, සම‍්ම, සක‍්කාරො”ති ආහ. “ආම, සම‍්මා”ති. “කහං පන සො”ති? “එහි, පස‍්සාමා”ති සබ‍්බං සිරිගුත‍්තෙන දස‍්සිතනයෙනෙව දස‍්සෙසි. සිරිගුත‍්තො “සාධු, සම‍්මා”ති ආහ. මහාජනො සන‍්නිපති. මිච‍්ඡාදිට‍්ඨිකෙන හි නිමන‍්තිතෙ මහන‍්තො සන‍්නිපාතො අහොසි. මිච‍්ඡාදිට‍්ඨිකාපි “සමණස‍්ස ගොතමස‍්ස විප‍්පකාරං පස‍්සිස‍්සාමා”ති සන‍්නිපතන‍්ති, සම‍්මාදිට‍්ඨිකාපි “අජ‍්ජ සත්‍ථා මහාධම‍්මදෙසනං දෙසෙස‍්සති, බුද‍්ධවිසයං බුද‍්ධලීලං උපධාරෙස‍්සාමා”ති සන‍්නිපතන‍්ති.

සිරිගුත්ත ගොස් බුදුන් ආරාධනය පිළිගත් බව ගරහදින්නට දන්වා තුන්ලෝ ගුරුන්ට සත්කාර කරවයි ගියේය. ගරහදින්න තෙමේ දැන් ඉතින් කළයුත්ත දන්නෙමියි ගෙවල් දෙක අතර මහත්වළක් කණවා ගැල්හැටක් පමණ කිහිරිදර ගෙන්වා වළ පුරවා ගිනි දල්වා පසුම්බි (හුළං ගහන මයිනහම) යොදා මුළු රාත්‍රියම ගිනිපිට කිහිරිඅඟුරු රාශියක්කොට වළට උඩින් ලීපුවරු තබා කළාලවලින් වසා ගොමගා එක්පැත්තකින් දුබලදඬු අතුරා යන ගමන්මග කරවීය. මෙසේ පාගන පාගන වේලාවෙහි දඬු බිඳී පෙරළී අඟුරුවළෙහි වැටෙන්නාහුයයි සිතමින් ගෙයි පිටිපස සිරිගුත්ත තැබූ අයුරින්ම ආහාරසැළි තැබ්බවීය. ආසනද එසේම පැනවීය. සිරිගුත්ත උදෑසනම ඔහුගේ ගෙට ගොස් යහළුව සත්කාර සූදානම් කෙලේදැයි ඇසීය, මිත්‍රය එසේය. ඒ කොහේදැයි ඇසීය. යහළුව එන්නැයි සියල්ල සිරිගුත්ත පෙන්වූ අයුරින්ම පෙන්වීය. සිරිගුත්ත යහළුව ඉතා මැනවියි කීය. මහාජනයා රැස්විය. මිසදිටුවෙකුගේ ආරාධනයක් නිසා මසහත් ජනසන්නිපාතයක් විය. මිසදිටුවොත් ශ්‍රමණ ගෞතමයන්ගේ විප්‍රකාරය බලමුයි රැස්වූහ. සම්දිටුවෝත් අද බුදුහු අගනා ධර්මයක් දෙසති, බුද්ධවිෂය බුද්ධලීලා බලාගනිමුයි රැස්වෙති.

පුනදිවසෙ සත්‍ථා පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං ගරහදින‍්නස‍්ස ගෙහද‍්වාරං අගමාසි. සො ගෙහා නික‍්ඛමිත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො චින‍්තෙසි – “භන‍්තෙ, ‘තුම‍්හෙ කිර අතීතාදිභෙදං සබ‍්බං ජානාථ, සත‍්තානං සොළසහාකාරෙහි චිත‍්තං පරිච‍්ඡින්‍දථා’ති එවං තුම‍්හාකං උපට‍්ඨාකෙන මය‍්හං කථිතං. සචෙ ජානාථ, මය‍්හං ගෙහං මා පවිසිත්‍ථ. පවිට‍්ඨානඤ‍්හි වො නෙව යාගු අත්‍ථි, න භත‍්තාදීනි, සබ‍්බෙ ඛො පන තුම‍්හෙ අඞ‍්ගාරකාසුයං පාතෙත්‍වා නිග‍්ගණ‍්හිස‍්සාමී”ති.

දෙවෙනි දින බුදුහු පන්සීයක් භික්ෂූන් සමග ගරහදින්නගේ ගෙදොරට වැඩියහ. හෙතෙම ගෙයින් එලියට අවුත් පසඟ පිහිටුවා වැඳ ඉදිරියෙහි ඇඳිලි බැඳ සිට, ස්වාමීනි, ඔබවහන්සේලා වනාහි අතීතාදි සියලු කාලභේද දන්නාහුය. සත්ත්වයන්ගේ සොළොස් ආකාර සිත් පිරිසිඳ දන්නාහුය. ඔබවහන්සේලාගේ උපස්ථායකයා මට කීවේ එහෙමයි. ඉදින් නොදන්නාහු නම් මගේ ගෙට ඇතුල් නොවන්න. ගෙට පිවිසෙන ඔබවහන්සේලාට මෙහි කැඳ නැත. බත් ආදි කිසිවකුදු නැත. ඔබ සියලු දෙනා ගිනිඅඟුරෙහි හෙළා නිග්‍රහ කරන්නෙමි.

එවං චින‍්තෙත්‍වා සත්‍ථු පත‍්තං ගහෙත්‍වා “ඉතො එථ භගවා”ති වත්‍වා, “භන‍්තෙ, අම‍්හාකං ගෙහං ආගතානං වත‍්තං ඤත්‍වා ආගන‍්තුං වට‍්ටතී”ති ආහ. “කිං කාතුං වට‍්ටති, ආවුසො”ති? “එකෙකස‍්ස පවිසිත්‍වා පුරතො ගන‍්ත්‍වා නිසින‍්නකාලෙ පච‍්ඡා අඤ‍්ඤෙන ආගන‍්තුං වට‍්ටතී”ති. එවං කිරස‍්ස අහොසි – “පුරතො ගච‍්ඡන‍්තං අඞ‍්ගාරකාසුයං පතිතං දිස‍්වා අවසෙසා න ආගච‍්ඡිස‍්සන‍්ති, එකෙකමෙව පාතෙත්‍වා නිග‍්ගණ‍්හිස‍්සාමී”ති.

මෙසේ සිතා බුදුන්ගේ පාත්‍රය ගෙන භාග්‍යවතුන්වහන්ස, මෙහි වඩිනු මැනවි, අපේ ගෙදොරට ආ අය වත් දැන ඇතුළුවිය යුතුයයි කීය. ඇවැත්නි, අප කුමක් කළයුතුද? එකඑක්කෙනා පිවිසී ඉදිරියට ගොස් ඔහු අසුනෙහි හිඳි කල්හි ඉන්පසු අනිත් අයෙක් යා යුත්තාහ. පෙරටුව එන්නා අඟුරුවළේ වැටෙනු දකින විට අනිත් අය නොඑන්නාහුය. එක එක්කෙනා ගිනි අඟුරුවළට දමා නිග්‍රහ කරන්නෙමියි සිතා මෙසේ කරන ලදි.්‍්

සත්‍ථා “සාධූ”ති වත්‍වා එකකොව පායාසි. ගරහදින‍්නො අඞ‍්ගාරකාසුං පත්‍වා අපසක‍්කිත්‍වා ඨිතො “පුරතො යාථ, භන‍්තෙ”ති ආහ. අථ සත්‍ථා අඞ‍්ගාරකාසුමත්‍ථකෙ පාදං පසාරෙසි, කිලඤ‍්ජං අන‍්තරධායි, අඞ‍්ගාරකාසුං භින්‍දිත්‍වා චක‍්කමත‍්තානි පදුමානි උට‍්ඨහිංසු. සත්‍ථා පදුමකණ‍්ණිකා අක‍්කමන‍්තො ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ බුද‍්ධාසනෙ නිසීදි, භික‍්ඛූපි තථෙව ගන‍්ත්‍වා නිසීදිංසු. ගරහදින‍්නස‍්ස කායතො ඩාහො උට‍්ඨහි.

ශාස්තෘන්වහන්සේ යහපතැයි කියා තනිවම වැඩිසේක. ගරහදින්න, අඟුරුවළතෙක් පැමිණ එයින් පැත්තකට වී ස්වාමීනි වඩිනු මැනවයි කීය. බුදුරජාණන්වහන්සේ අඟුරුවළට පා දික් කළ සේක. කළාල අතුරුදහන් විය. අඟුරුවළ බිඳගෙන රිය සකක් (කරත්ත රෝදයක්) පමණ නෙළුම්මල් උඩට ආවේය. ශාස්තෘන්වහන්සේ පියුම්කෙමි පාගමින් ගොස් පැනවූ බුද්ධාසනයෙහි වැඩ සිටිසේක. භික්ෂූහුද එසේම ගොස් වැඩ සිටියහ. ගරහදින්නගේ ඇඟ දැවෙන්නාක් මෙන් විය.

සො වෙගෙන ගන‍්ත්‍වා සිරිගුත‍්තං උපසඞ‍්කමිත්‍වා, “සාමි, මෙ තාණං හොහී”ති ආහ. “කිං එත”න‍්ති? “පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං ගෙහෙ යාගු වා භත‍්තාදීනි වා නත්‍ථි, කිං නු ඛො කරොමී”ති? “කිං පන තයා කත”න‍්ති ආහ.

හෙතෙම සිරිගුත්ත ළඟට ගොස් ස්වාමීනි මා නොනසා රැකගන්නැයි ඉල්ලීය. ඒ කුමක් නිසාද? පන්සීයක් භික්ෂූන්ට මේ ගෙහි කැඳ හෝ බත් හෝ නොමැති. දැන් කුමක් කරන්නෙම්ද? ඔබ මෙහි කෙළේ කුමක්ද?

අහං ද‍්වින‍්නං ගෙහානං අන‍්තරෙ මහන‍්තං ආවාටං අඞ‍්ගාරස‍්ස පූරං කාරෙසිං – “තත්‍ථ පාතෙත්‍වා නිග‍්ගණ‍්හිස‍්සාමී”ති. “අථ නං භින්‍දිත්‍වා මහාපදුමානි උට‍්ඨහිංසු. සබ‍්බෙ පදුමකණ‍්ණිකා අක‍්කමිත්‍වා ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙසු නිසින‍්නා, ඉදානි කිං කරොමි, සාමී”ති? නනු ත්‍වං ඉදානෙව මය‍්හං “‘එත‍්තිකා චාටියො, එත‍්තිකා යාගු, එත‍්තකානි සත‍්තාදීනී’ති දස‍්සෙසී”ති. “මුසා තං, සාමි, තුච‍්ඡාව චාටියො”ති. හොතු, “ගච‍්ඡ, තාසු චාටීසු යාගුආදීනි ඔලොකෙහී”ති.

මම ගෙවල් දෙක අතර මහත් අඟුරුආවාටයක් කොට අඟුරු පිරවීමි. එහි හෙලා නිග්‍රහ කරන්නෙමියි සිතාගෙනය. දැන් ඒ අඟුරුවළ බිඳගෙන මහ නෙළුම්මල් නැගී ඇත. සියලුදෙනා ඒ පියුම්කෙමි උඩ පා තබා ගොස් පැනවූ අසුන්වල වැඩහුන්නාහ. දැන් මා කුමක් කරන්ටද? ඔබ දැන් මට මෙතෙක් සැළිය මෙතෙක් කැඳය, මෙතෙක් බත්ය ආදි වශයෙන් පෙන්වූයේ නොවේද? ස්වාමීනි, ඒ බොරුය, සැළි සියල්ල හිස්ය. එසේ වේවා ගොස් ඒ හැළිවල කැඳ ආදිය බලවයි සිරිගුත්ත කීවේය.

තං ඛණඤ‍්ඤෙව තෙන යාසු චාටීසු “යාගූ”ති වුත‍්තං, තා යාගුයා පූරයිංසු, යාසු “භත‍්තාදීනී”ති වුත‍්තං, තා භත‍්තාදීනං පරිපුණ‍්ණාව අහෙසුං. තං සම‍්පත‍්තිං දිස‍්වාව ගරහදින‍්නස‍්ස සරීරං පීතිපාමොජ‍්ජෙන පරිපූරිතං, චිත‍්තං පසන‍්නං. සො සක‍්කච‍්චං බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා කතභත‍්තකිච‍්චස‍්ස සත්‍ථුනො අනුමොදනං කාරෙතුකාමො පත‍්තං ගණ‍්හි. සත්‍ථා අනුමොදනං කරොන‍්තො “ඉමෙ සත‍්තා පඤ‍්ඤාචක‍්ඛුනො අභාවෙනෙව මම සාවකානං බුද‍්ධසාසනස‍්ස ගුණං න ජානන‍්ති. පඤ‍්ඤාචක‍්ඛුවිරහිතා හි අන්‍ධා නාම, පඤ‍්ඤවන‍්තො සචක‍්ඛුකා නාමා”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

එකෙණෙහිම ගරහදින්න විසින් යම් සැළියක කැඳයයි කියන ලද නම් එය කැඳවලින් පිරුණේය. යම් හැළිවල බත්යයි කියන ලද නම් ඒ හැළි බතින් පිරුණේය. මේ සම්පත දුටු ගරහදින්නගේ සිරුර ප්‍රීති ප්‍රමෝදයෙන් පිරී ගියේය. සිත පැහැදිණි. හෙතෙම මනාකොට බුදුන්ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා බත්කිස අවසානයේ අනුමෝදනා අසනු පිණිස බුදුන්ගේ පාත්‍රය ගත්තේය. බුදුරජාණන්වහන්සේ අනුමෝදනා කරමින්. මේ මිනිස්සු නුවණැස් නැති හෙයින් මගේත් ශ්‍රාවකයන්ගේත් ගුණ නොදනිති. නුවණැස් නැත්තෝ අන්ධයෝය. නුවණැස ඇති අය නියම ලෙස ඇත්තෝ වෙතියි මේ ගාථා වදාළහ:

“යථා සඞ‍්කාරධානස‍්මිං, උජ‍්ඣිතස‍්මිං මහාපථෙ; පදුමං තත්‍ථ ජායෙථ, සුචිගන්‍ධං මනොරමං.

කසළ එක්රැසක්කොට දැමූ මහා වළකින් මනරම් සුවඳ විහිදෙන පියුමක් පිපෙන්නා සේ

“එවං සඞ‍්කාරභූතෙසු, අන්‍ධභූතෙ පුථුජ‍්ජනෙ; අතිරොචති පඤ‍්ඤාය, සම‍්මාසම‍්බුද‍්ධසාවකො”ති.

මෙසේ කසළ වන් අනුවණ පුහුදුනන් මැද සම්බුදු සසුන සව්වෝ නුවණින් උස්තැනට යෙති

තත්‍ථ සඞ‍්කාරධානස‍්මින‍්ති සඞ‍්කාරඨානස‍්මිං, කචවරරාසිම‍්හීති අත්‍ථො. උජ‍්ඣිතස‍්මිං මහාපථෙති මහාමග‍්ගෙ ඡඩ‍්ඩිතස‍්මිං. සුචිගන්‍ධන‍්ති සුරභිගන්‍ධං. මනො එත්‍ථ රමතීති මනොරමං. සඞ‍්කාරභූතෙසූති සඞ‍්කාරමිව භූතෙසු. පුථුජ‍්ජනෙති පුථූනං කිලෙසානං ජනනතො එවංලද‍්ධනාමෙ ලොකියමහාජනෙ. ඉදං වුත‍්තං හොති – යථා නාම මහාපථෙ ඡඩ‍්ඩිතෙ සඞ‍්කාරරාසිම‍්හි අසුචිජෙගුච‍්ඡියපටිකූලෙපි සුචිගන්‍ධං පදුමං ජායෙථ, තං රාජරාජමහාමත‍්තාදීනං මනොරමං පියං මනාපං උපරිමත්‍ථකෙ පතිට‍්ඨානාරහමෙව භවෙය්‍ය, එවමෙව සඞ‍්කාරභූතෙසුපි පුථුජ‍්ජනෙසු ජාතො නිප‍්පඤ‍්ඤස‍්ස මහාජනස‍්ස අචක‍්ඛුකස‍්ස අන‍්තරෙ නිබ‍්බත‍්තොපි අත‍්තනො පඤ‍්ඤාබලෙන කාමෙසු ආදීනවං, නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං දිස‍්වා නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො පබ‍්බජ‍්ජාමත‍්තෙනපි, කතො උත‍්තරිං සීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිවිමුත‍්තිඤාණදස‍්සනානි ආරාධෙත්‍වාපි අතිරොචති. සම‍්මාසම‍්බුද‍්ධසාවකො හි ඛීණාසවො භික‍්ඛු අන්‍ධභූතෙ පුථුජ‍්ජනෙ අතික‍්කමිත්‍වා රොචති විරොචති සොභතීති.

එහි සංකාරධානස්මිං යනු කසළ ඇති ස්ථානයයි. කසළරාශිය යන අර්ථයි. උජ්ඣිතස්මිං මහාපථෙ යනු මහාමාර්ගයෙහි දමන ලද යන අර්ථයි. සුචිගන්ධං යනු ඉතා මනා සුවඳ යනුයි. මනොරමං යනු සිත මෙහි අලවා යන අර්ථයෙනි. සංකාර භූතෙසු යනු කසළමෙන්වූ යන අර්ථයි. පුථුජ්ජනෙ යනු බොහෝවූ කෙලෙස් ඉපදවීම නිසා ලැබුණු නමෙන් යුතුව ලෝකයෙහි වසන මහාජනයායි. ඒ සඳහා කියනලදි. යම් ලෙසකින් මහාමාර්ගයෙහි දමනලද කසළගොඩක, අශුචි ආදි ජුගුප්සාජනකවුවද මිහිරි සුවඳැති පියුමක් හැදෙයිද, එය රාජරාජ මහ ඇමතියන්ට මනරම් ප්‍රියමනාප වූ උසස් අය අතරද පිළිගැනීමක් වන්නේද, එසේම කෙලෙස් කසටින් ගහනවූ පුහුදුන් කෙරෙහි උපන් නුවණ නැති මහාජනයාගේ ප්‍රඥාචක්ෂුවෙන් තොරවූ අය අතර උපන්නේ නමුත්, තමන්ගේ ප්‍රඥා බලයෙන් කාමයන්හි ආදීනවද, නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසද දැක නික්මී පැවිදිවූයේ පැවිදිවීම් මාත්‍රයෙනුත් එයින් එහාට ඇති සීල සමාධි ප්‍රඥා විමුක්තිඥා දර්ශනයක් ලබාගෙන අතිශයින්ම ප්‍රීති වන්නේය. සම්මාසම්බුද්ධසාවකො යනු ක්ෂීණාශ්‍රව රහත් භික්ෂූන්වහන්සේය. නුවණැසින් අන්ධ වූ පුහුදුන් හා ඉක්මවා ගොස් බබළයි. ශෝභමාන වෙයි යන අර්ථයි.

දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. ගරහදින‍්නො ච සිරිගුත‍්තො ච සොතාපත‍්තිඵලං පාපුණිංසු. තෙ සබ‍්බං අත‍්තනො ධනං බුද‍්ධසාසනෙ විප‍්පකිරිංසු. සත්‍ථා උට‍්ඨායාසනා විහාරමගමාසි. භික‍්ඛූ සායන‍්හසමයෙ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “අහො අච‍්ඡරියා බුද‍්ධගුණා නාම, තථාරූපං නාම ඛදිරඞ‍්ගාරරාසිං භින්‍දිත්‍වා පදුමානි උට‍්ඨහිංසූ”ති.

දේශනාවසානයෙහි අසූහාර දහසක්ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. ගරහදින්න සිරිගුත්ත දෙදෙනා සෝවාන්ඵලයට පැමිණියාහුය. ඒ දෙදෙනා තමන්සතු ධනය බුද්ධ ශාසනයෙහි දියුණුව සඳහා වියදම් කළහ. බුදුරජාණන්වහන්සේ අසුනින් නැගිට විහාරයට වැඩමවූසේක. සවස් භාගයෙහි ධර්මසභාවට රැස්වූ භික්ෂූහු, අහෝ බුද්ධ ගුණ නම් පුදුමයි, ඒසා කිහිරිඅඟුරු රාශිය බිඳගෙන පියුම් නැගී සිටියේය, යනුවෙන් කථාවක් ඉපදවූහ.

සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා, “ඉමාය නාමා”ති වුත‍්තෙ – “අනච‍්ඡරියං, භික‍්ඛවෙ, යං මම එතරහි බුද‍්ධභූතස‍්ස අඞ‍්ගාරරාසිම‍්හා පදුමානි උට‍්ඨිතානි, අපරිපක‍්කෙ ඤාණෙ වත‍්තමානස‍්ස බොධිසත‍්තභූතස‍්සපි මෙ උට‍්ඨහිංසූ”ති වත්‍වා, “කදා, භන‍්තෙ, ආචික‍්ඛථ නො”ති යාචිතො අතීතං ආහරිත්‍වා –

බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් යුක්තව සිටියාහුදැයි අසා මෙනම් කථාවකිනුයි කීකල්හි, මහණෙනි, දැන් බුද්ධත්වයට පැමිණී සිටින මට මෙකල, අඟුරු රාශියකින් පියුම් පැන නැගීම පුදුමයක් නොවෙයි. ප්‍රදේශඥානයක් ලබාසිටි බෝසත්වරයෙකුව සිටියදීත් මාවෙනුවෙන් පියුම් පැන නැංගේයයි වදාරා, ස්වාමීනි, ඒ කවරදාදැයි වදාරන්නැයි ඉල්ලා සිටිකල අතීතය ගෙනහැර පා වදාළහ:

“කාමං පතාමි නිරයං, උද‍්ධංපාදො අවංසිරො; නානරියං කරිස‍්සාමි, හන්‍ද පිණ‍්ඩං පටිග‍්ගහා”ති. (ජා· 1.1.40) –

නොවරදවාම හිස් යටට හා පා උඩට ගෙන පනින්නෙමි ගින්නට නුසුදුසු දෙයක් නොකරමි එසේ හැසිරෙන මම පිණ්ඩපාතය ගන්නෙමි

ඉදං ඛදිරඞ‍්ගාරජාතකං විත්‍ථාරෙත්‍වා කථෙසීති.

යනුවෙන් ඛදිරංගාරජාතකය සවිස්තරව දේශනා කළහ.

ගරහදින‍්නවත්‍ථු ද‍්වාදසමං.

දොළොස්වන ගරහදින්න වස්තුවයි.

පුප‍්ඵවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පුෂ්පවර්ග වර්ණනාව නිමි

චතුත්‍ථො වග‍්ගො.

සතරවන වර්ගයයි.