යෙදුමෙන් කියවන්න

14. ගොධිකත්‍ථෙරපරිනිබ‍්බානවත්‍ථු අට‍්ඨකථා

14. ගොධිකත්‍ථෙරපරිනිබ‍්බානවත්‍ථු

14. ගෝධික තෙරුන්ගේ පරිනිර්වාණ වස්තුව

තෙසං සම‍්පන‍්නසීලානන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තො ගොධිකත්‍ථෙරස‍්ස පරිනිබ‍්බානං ආරබ‍්භ කථෙසි.

තෙසං සම්පන්නං සීලානං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනයෙහි වාසයකරන කාලයෙහි ගෝධික තෙරුන්ගේ පිරිනිවන්පෑම අරභයා දෙසූසේක.

සො හි ආයස‍්මා ඉසිගිලිපස‍්සෙ කාළසිලායං විහරන‍්තො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො සාමායිකං චෙතොවිමුත‍්තිං ඵුසිත්‍වා එකස‍්ස අනුස‍්සායිකස‍්ස රොගස‍්ස වසෙන තතො පරිහායි. සො දුතියම‍්පි තතියම‍්පි ඡක‍්ඛත‍්තුං ඣානං නිබ‍්බත‍්තෙත්‍වා පරිහීනො, සත‍්තමෙ වාරෙ උප‍්පාදෙත්‍වා චින‍්තෙසි – “අහං ඡක‍්ඛත‍්තුං ඣානා පරිහීනො, පරිහීනජ‍්ඣානස‍්ස ඛො පන අනියතා ගති, ඉදානෙව සත්‍ථං ආහරිස‍්සාමී”ති කෙසොරොපනසත්‍ථකං ගහෙත්‍වා ගලනාළිං ඡින්‍දිතුං පඤ‍්චකෙ නිපජ‍්ජි. මාරො තස‍්ස චිත‍්තං ඤත්‍වා “අයං භික‍්ඛු සත්‍ථං ආහරිතුකාමො, සත්‍ථං ආහරන‍්තා ඛො පන ජීවිතෙ නිරපෙක‍්ඛා හොන‍්ති, තෙ විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තම‍්පි පාපුණන‍්ති, සචාහං එතං වාරෙස‍්සාමි, න මෙ වචනං කරිස‍්සති, සත්‍ථාරං වාරාපෙස‍්සාමී”ති අඤ‍්ඤාතකවෙසෙන සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා එවමාහ –

ඒ ආයුෂ්මතුන්වහන්සේ ඉසිගිලි පර්වතය අසළ කළුගල්තලාවක වාසය කරන කාලයෙහි අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යයෙන් ආත්ම කල්පනාවලින් තොරව, සමාධියට සමවැදී, චිත්තවිමුක්තියට පැමිණියේ නමුත් එක් ආභ්‍යන්තරික රෝගයක හේතුවෙන් ඒ සමාධියෙන් පිරිහුණාහුය. උන්වහන්සේ මෙසේ දෙවෙනි තෙවෙනි ආදි වශයෙන් සය වාරයක්ම ධ්‍යාන උපදවාගෙන, මම දැන් සයවාරයක්ම ධ්‍යාන ලබා එයින් පිරිහුණෙමි, ධ්‍යානයෙන් පිරිහෙන්නාගේ ඊළඟ උත්පත්තිය අනියතය. දැන් මම ආයුධයක් ප්‍රයෝජනයට ගන්නෙමියි කෙස්කපන කඩකැත්ත ගෙන ගළනාළය සිඳගැනීමට පුටුවෙහි වාඩිවූහ. මේ දුටු මාරයා, උන්වහන්සේගේ සිතත් දැක මේ භික්ෂුව සැතක් ගනිමියි සිතයි. සැතක් අතට ගත්පසු ජීවිතය ගැන කළකිරෙයි. ඒ අය විපස්සනා වඩා රහත් වන්නාහුය. දැන් මම මෙය වළක්වන්නට ගියහොත් මගේ වචනය භාර නොගැනීමටද පුළුවන. බුදුන් ලවාම වළක්වන්නෙමියි අමුතු වෙසක් මවාගෙන බුදුන් හමුවට ගොස්-

“මහාවීර මහාපඤ‍්ඤ, ඉද‍්ධියා යසසා ජලං; සබ‍්බවෙරභයාතීත, පාදෙ වන්‍දාමි චක‍්ඛුම.

මහා වීරය මහා නුවණැති ඉද්ධිබල ඇති කිසි බියක් නැති යමක් කියිනා පිණිස ආවෙමි ඔබේ පා පිණිපා කරන්නෙමි

“සාවකො තෙ මහාවීර, මරණං මරණාභිභූ; ආකඞ‍්ඛති චෙතයති, තං නිසෙධ ජුතින්‍ධර.

හිමියනි ඔබගේ සවුවෙක් මරණ මුවට පැමිණ සිටී මරණයටම සිත මෙහෙයයි එය වළකාලනු මැනවී

“කථඤ‍්හි භගවා තුය‍්හං, සාවකො සාසනෙ රතො; අප‍්පත‍්තමානසො සෙක‍්ඛො, කාලං කයිරා ජනෙ සුතා”ති. (සං· නි· 1.159);

සසුන්කෙතේ සිත ඇලවූ රහත්නොවූ ඔබෙ සවුවෙක් යම්හෙයකින් මිය ගියහොත් ඔහුට කුමක් සිදුවෙයිදෝ

තස‍්මිං ඛණෙ ථෙරෙන සත්‍ථං ආහරිතං හොති. සත්‍ථා “මාරො අය”න‍්ති විදිත්‍වා ඉමං ගාථමාහ –

යන ආකාරයෙන් අසා සිටියේය. ඒ වේලාවේ තෙරණුවෝ කඩකැත්ත අතට ගෙන සිටියේය. බුදුරජාණන්වහන්සේ මොහු මාරයායයි දැන මේ ගාථාව වදාළහ.

“එවඤ‍්හි ධීරා කුබ‍්බන‍්ති, නාවකඞ‍්ඛන‍්ති ජීවිතං; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, ගොධිකො පරිනිබ‍්බුතො”ති. (සං· නි· 1.159);

දිරිය ඇති මේ වැනි සවුවෝ දිවිය නොතකති තණ්හාව මුළුසුන් කොට පිරිනිවියේය ගෝධික

අථ ඛො භගවා සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං ථෙරස‍්ස සත්‍ථං ආහරිත්‍වා නිපන‍්නට‍්ඨානං අගමාසි. තස‍්මිං ඛණෙ මාරො පාපිමා “කත්‍ථ නු ඛො ඉමස‍්ස පටිසන්‍ධිවිඤ‍්ඤාණං පතිට‍්ඨිත”න‍්ති ධූමරාසි විය තිමිරපුඤ‍්ජො විය ච හුත්‍වා සබ‍්බදිසාසු ථෙරස‍්ස විඤ‍්ඤාණං සමන්‍වෙසති. භගවා තං ධූමතිමිරභාවං භික‍්ඛූනං දස‍්සෙත්‍වා “එසො ඛො, භික‍්ඛවෙ, මාරො පාපිමා ගොධිකස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං සමන්‍වෙසති ‘කත්‍ථ ගොධිකස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං පතිට‍්ඨිත’න‍්ති. අපතිට‍්ඨිතෙන ච, භික‍්ඛවෙ, විඤ‍්ඤාණෙන ගොධිකො කුලපුත‍්තො පරිනිබ‍්බුතො”ති ආහ. මාරොපි තස‍්ස විඤ‍්ඤාණට‍්ඨානං දට‍්ඨුං අසක‍්කොන‍්තො කුමාරකවණ‍්ණො හුත්‍වා බෙලුවපණ‍්ඩුවීණං ආදාය සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි –

ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්වහන්සේලාද සමඟ කඩකැත්තද රැගෙන උන්වහන්සේ හොත්තැනට වැඩියහ. ඒවේලෙහි පාපී මාරයා මොහුගේ ප්‍රතිසන්ධිවිඥානය (ඉපදීම) කොහේදැයි දුම්රාශියක් මෙන්ද අඳුරුපිඬක් මෙන්ද වී සියලු දිසාවන්හි පැතිර සොයන්නට විය. භාග්‍යවතුන් වහන්සේ ඒ දුම හා අඳුර භික්ෂූන්ට පෙන්වා, මහණෙනි, මේ පාපීමාරයා ගෝධික කුලපුත්‍රයාගේ උපන්තැන සොයා ඇවිදියි. ගෝධික කුලපුත්‍රයාගේ ප්‍රතිසන්ධිවිඥානය කොහේවත් නොපිහිටා ඔහු පිරිනිවන් පෑවේය. මාරයාද උන්වහන්සේගේ ප්‍රතිසන්ධිවිඥානය දැකගනු නොහැකිව කුමාරයෙකුගේ වෙසක් ගෙන බේලුවපණ්ඩු නම් වීනාවක් රැගෙන බුදුන් වෙත එළඹ මෙසේ විචාළේය.

“උද‍්ධං අධො ච තිරියං, දිසා අනුදිසා ස‍්වහං; අන්‍වෙසං නාධිගච‍්ඡාමි, ගොධිකො සො කුහිං ගතො”ති. (සං· නි· 1.159);

උඩ යට සරසටද දිසා විදිසා හැමතැන ගෝධික සොයා බැලුවෙමි ඔහු ආගිය අතක් නුදුටිමි

අථ නං සත්‍ථා ආහ –

ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ:

“යො ධීරො ධිතිසම‍්පන‍්නො, ඣායී ඣානරතො සදා; අහොරත‍්තං අනුයුඤ‍්ජං, ජීවිතං අනිකාමයං.

වීරවත් ගති හා දැහැන් සුවයෙහි නියැළුණු දිවිය ගැන නොතකා දිවරෑ භාවනා කළ

“ජෙත්‍වාන මච‍්චුනො සෙනං, අනාගන‍්ත්‍වා පුනබ‍්භවං; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, ගොධිකො පරිනිබ‍්බුතො”ති. (සං· නි· 1.159);

මරබලය බිඳහළ නැවත ඉපදුම නැති කළ තණ්හාව මැඩ ගෝධික පිරිනිවනට පැමිණියේ

එවං වුත‍්තෙ මාරො පාපිමා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි –

(මෙසේ කී කල පව්කාර මාරයා බුදුරදුන්ට මේ ගාථාව කීවේය.)

“තස‍්ස සොකපරෙතස‍්ස, වීණා කච‍්ඡා අභස‍්සථ; තතො සො දුම‍්මනො යක‍්ඛො, තත්‍ථෙවන‍්තරධායථා”ති. (සං· නි· 1.159);

ශෝකයෙන් පීඩිත මරුගෙ වීණාව හැළුණේ දුකටපත් ඒ මරතෙම අතුරුදන්විය එතැනම

සත්‍ථාපි “කිං තෙ, පාපිම, ගොධිකස‍්ස කුලපුත‍්තස‍්ස නිබ‍්බත‍්තට‍්ඨානෙන? තස‍්ස හි නිබ‍්බත‍්තට‍්ඨානං තුම‍්හාදිසානං සතම‍්පි සහස‍්සම‍්පි දට‍්ඨුං න සක‍්කොතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ශාස්තෘන්වහන්සේත්, පව්කාර මාරය, ගෝධික කුලපුත්‍රයාගේ උපන් තැන තා වැන්නවුන් සියයක් දහසක් බැලුවත් දැකගත නොහැකියයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.

“තෙසං සම‍්පන‍්නසීලානං, අප‍්පමාදවිහාරිනං; සම‍්මදඤ‍්ඤා විමුත‍්තානං, මාරො මග‍්ගං න වින්‍දතී”ති.

එබඳු සිල් හා සිහිඇති සම්දිටු මිදුණු සිත්ඇති උතුමන් ගිය නිවන්මග මරුට කිසිදා නොපෙනේ

තත්‍ථ තෙසන‍්ති යථා අප‍්පතිට‍්ඨිතෙන විඤ‍්ඤාණෙන ගොධිකො කුලපුත‍්තො පරිනිබ‍්බුතො, යෙ ච එවං පරිනිබ‍්බායන‍්ති, තෙසං සම‍්පන‍්නසීලානන‍්ති පරිපුණ‍්ණසීලානං. අප‍්පමාදවිහාරිනන‍්ති සතිඅවිප‍්පවාසසඞ‍්ඛාතෙන අප‍්පමාදෙන විහරන‍්තානං. සම‍්මදඤ‍්ඤා විමුත‍්තානන‍්ති හෙතුනා ඤායෙන කාරණෙන ජානිත්‍වා “තදඞ‍්ගවිමුත‍්තියා, වික‍්ඛම‍්භනවිමුත‍්තියා, සමුච‍්ඡෙදවිමුත‍්තියා, පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තියා, නිස‍්සරණවිමුත‍්තියා”ති ඉමාහි පඤ‍්චහි විමුත‍්තීහි විමුත‍්තානං. මාරො මග‍්ගං න වින්‍දතීති එවරූපානං මහාඛීණාසවානං සබ‍්බථාමෙන මග‍්ගන‍්තොපි මාරො ගතමග‍්ගං න වින්‍දති න ලභති න පස‍්සතීති.

එහි තෙසං යනු කිසියම් තැනක නොපිහිටන විඤ්ඤාණය ඇති හෙවත් වෙනත් තැනක නූපදිනසුලු ගෝධික කුලපුත් තෙමේ පිරිනිවුණේමය, මෙසේ පිරිනිවීම වෙයි. තෙසං සම්පන්න සීලානං යනු සම්පූර්ණ සිල්වතුන්ගේ අප්පමාද විහාරිනං යනු සිහිය විසිරයන්නට නොදී එම අප්‍රමාදයෙන් වාසයකරන්නන්හටයි. සම්මදඤ්ඤා විමුත්තානං යනු හේතුවශයෙන් නයවශයෙන් කාරණා වශයෙන් දැනගෙන. තදංග වික්ඛම්භන - සමුච්ඡේද පටිප්පස්සද්ධි - නිස්සරණ යන පස් වැදෑරුම් විමුක්තිවලින්ම මිදීමයි. මාරො මග්ගං න වින්දති යනු මෙබඳු වූ මහා ක්ෂීණාශ්‍රවයන්ගේ සියලු වීර්යයෙන් ගියමගෙහි අන්තර හෙවත් අවසානය මාරයාට නොපෙනෙයි, දැකගත නොහැකි වෙයි. අවබෝධ නොවෙයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පත‍්තා. දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා ජාතාති.

දේශනාවසානයෙහි බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය. දේශනාව මහාජනයාට සාර්ථක විය.

ගොධිකත්‍ථෙරපරිනිබ‍්බානවත්‍ථු එකාදසමං.

එකොළොස්වන ගෝධික තෙරුන්ගේ පරිනිර්වාණ වස්තුවයි.