13. මහාකස්සපත්ථෙරපිණ්ඩපාතදින්නවත්ථු අට්ඨකථා
13. මහාකස්සපත්ථෙරපිණ්ඩපාතදින්නවත්ථු
13. මහාකාශ්‍යප තෙරණුවන්ට පිණ්ඩපාතය දීමේ වස්තුව
අප්පමත්තො අයං ගන්ධොති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො මහාකස්සපත්ථෙරස්ස පිණ්ඩපාතදානං ආරබ්භ කථෙසි.
අප්පමත්තො අයං ගන්ධො යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන සමයෙහි මහාකාශ්යපතෙරණුවන්ගේ පිණ්ඩපාත දානයක් අරභයා දේශනා කළසේක.
එකස්මිඤ්හි දිවසෙ ථෙරො සත්තාහච්චයෙන නිරොධා වුට්ඨාය “රාජගහෙ සපදානං පිණ්ඩාය චරිස්සාමී”ති නික්ඛමි. තස්මිං පන සමයෙ සක්කස්ස දෙවරඤ්ඤො පරිචාරිකා කකුටපාදිනියො පඤ්චසතා අච්ඡරායො “ථෙරස්ස පිණ්ඩපාතං දස්සාමා”ති උස්සාහජාතා පඤ්ච පිණ්ඩපාතසතානි සජ්ජෙත්වා ආදාය අන්තරාමග්ගෙ ඨත්වා, “භන්තෙ, ඉමං පිණ්ඩපාතං ගණ්හථ, සඞ්ගහං නො කරොථා”ති වදිංසු. “ගච්ඡථ තුම්හෙ, අහං දුග්ගතානං සඞ්ගහං කරිස්සාමී”ති. “භන්තෙ, මා නො නාසෙථ, සඞ්ගහං නො කරොථා”ති. ථෙරො ඤත්වා පුන පටික්ඛිපිත්වා පුනපි අපගන්තුං අනිච්ඡමානා යාචන්තියො “අත්තනො පමාණං න ජානාථ, අපගච්ඡථා”ති අච්ඡරං පහරි.
දිනක් තෙරණුවෝ සත්දිනකින් පසු නිරෝධයෙන් නැගිට රජගහනුවර සපදාන පිඬුසිඟායන්නෙමියි නික්මුණාහුය. එදින සක්දෙව් රජුජුගේ, පරෙවි පාවැනි පාඇති පන්සීයක් දිව්‍යාප්සරාවෝ තෙරණුවන්ට පිණ්ඩපාතය දෙමුයයි උත්සාහවී පිණ්ඩපාත පන්සීයක් සූදානම් කරගෙන ගොස් අතරමඟ සිට, ස්වාමීනි, අපට අනුග්‍රහකොට මේ පිණ්ඩපාතය පිළිගනුමැනවයි ඉල්ලාසිටියහ. තෙපි යව්. මම දුප්පතුන්ට සංග්‍රහ කරනු කැමැත්තෙමියි කීහ. ස්වාමීනි, අප නොනසා අපට අනුකම්පා කරනු මැනවයි කීවාහුය. තෙරණුවෝ ඔවුන් ගැන දැනගෙන ප්‍රතික්ෂේප කළ නමුත් නැවතත් පහවී යනු නොකැමතිව ඉල්ලා සිටින ඔවුන්ට, තමන්ගේ ප්‍රමාණය නොදන්නහුද, පහව යව්යයි අසුරු ගැසූහ.
තා ථෙරස්ස අච්ඡරසද්දං සුත්වා සන්ථම්භිත්වා සම්මුඛා ඨාතුං අසක්කොන්තියො පලායිත්වා දෙවලොකමෙව ගන්ත්වා, සක්කෙන “කහං ගතාත්ථා”ති පුට්ඨා, “‘සමාපත්තිතො වුට්ඨිතස්ස ථෙරස්ස පිණ්ඩපාතං දස්සාමා’ති ගතාම්හා, දෙවා”ති. “දින්නො පන වා”ති? “ගණ්හිතුං න ඉච්ඡතී”ති. “කිං කථෙසී”ති? “‘දුග්ගතානං සඞ්ගහං කරිස්සාමී’ති ආහ, දෙවා”ති. “තුම්හෙ කෙනාකාරෙන ගතා”ති. “ඉමිනාව, දෙවා”ති. සක්කො “තුම්හාදිසියො ථෙරස්ස පිණ්ඩපාතං කිං දස්සන්තී”ති සයං දාතුකාමො හුත්වා, ජරාජිණ්ණො මහල්ලකො ඛණ්ඩදන්තො පලිතකෙසො ඔතග්ගසරීරො මහල්ලකතන්ත වායො හුත්වා සුජම්පි දෙවධීතරං තථාරූපමෙව මහල්ලිකං කත්වා එකං පෙසකාරවීථිං මාපෙත්වා තන්තං පසාරෙන්තො අච්ඡි.
ඔවුහු තෙරුන්ගේ අසුරු ගැසූ ශබ්දය අසා තැතිගෙන එහි සිටිනු නොහැකිව පලාගොස් දෙව්ලොවටම පැමිණ ශක්‍රයා විසින් කොහේ ගියාහුදැයි ඇසූකල්හි, සමවතින් නැගී සිටි තෙරුන්ට පිණ්ඩපාතය දෙන්ට ගියෙමුයි කීවාහුය. ඉතින් තොප පිණ්ඩපාතය දුන්නාහුද, නැද්දැයි විචාළ කල්හි, පිළිගනු කැමති නොවූහයි කීවාහුය. කුමක් කීවාහුදැයි විචාළ විට දේවයිනි, දුප්පතුන්ට සංග්‍රහ කරන බව කීවාහුය. තෙපි එහි ගියේ කවර ආකාරයකින්ද? මේ හැටියෙන්මය දේවයිනි. තෙපි කෙසේනම් තෙරුන්ට පිණ්ඩපාතය දිය හැකිදැයි කියා, තමන් පිණ්ඩපාතය දෙනු කැමතිව, ජරාවෙන් දිරාගිය, දත් බිඳීගිය කෙස් පැසුණු නැමීගිය සිරුරක් ඇති මහල් නූල්කටින්නකුගේ ස්වරූපය ගෙන සුජා නම් දෙව්දුව එබඳුම මැහැල්ලක්කොට එක් පේසකාරක (රෙදිවියන්නන්ගේ) වීථියක් මවා නූල් දිගහරිමින් සිටියේය.
ථෙරොපි “දුග්ගතානං සඞ්ගහං කරිස්සාමී”ති නගරාභිමුඛො ගච්ඡන්තො බහිනගරෙ එව තං වීථිං දිස්වා ඔලොකෙන්තො ද්වෙ ජනෙ අද්දස. තස්මිං ඛණෙ සක්කො තන්තං පසාරෙති, සුජා තසරං වට්ටෙති. ථෙරො චින්තෙසි – “ඉමෙ මහල්ලකකාලෙපි කම්මං කරොන්තියෙව ඉමස්මිං නගරෙ ඉමෙහි දුග්ගතතරා නත්ථි මඤ්ඤෙ, ඉමෙහි දින්නං උළුඞ්කමත්තම්පි සාකමත්තම්පි ගහෙත්වා ඉමෙසං සඞ්ගහං කරිස්සාමී”ති. සො තෙසං ගෙහාභිමුඛො අහොසි. සක්කො තං ආගච්ඡන්තං දිස්වා සුජං ආහ – “භද්දෙ, මය්හං අය්යො ඉතො ආගච්ඡති, ත්වං අපස්සන්තී විය තුණ්හී හුත්වා නිසීද, ඛණෙන ථෙරං වඤ්චෙත්වා පිණ්ඩපාතං දස්සාමා”ති. ථෙරො ආගන්ත්වා ගෙහද්වාරෙ අට්ඨාසි. තෙපි අපස්සන්තා විය අත්තනො කම්මමෙව කරොන්තා ථොකං ආගමිංසු.
තෙරණුවෝත් දුප්පතුන්ට සංග්‍රහ කෙරෙමියි නගරයට මුහුණලා වඩනාසේක් නගරයෙන් පිටත එම වීථියම දැක එහි වඩනාසේක් ඒ දෙදෙනා දුටුවහ. ඒ වේලාවේ ශක්‍රතෙමේ නූල් දිගහරියි. සුජා නූල් දණ්ඩෙහි ඔතයි. තෙරණුවෝ, මොවුහු මහලුව සිටියදීත් වැඩ කරති. මෙනුවර මොවුනට වඩා දුප්පතුන් නැතැයි සිතමි. මොවුන් දෙන බත්හැන්දක් වුවද පිළිගෙන මොවුන්ට සංග්‍රහ කෙරෙමියි සිතා ඔවුන්ගේ ගෙදරට ගොස් අභිමුඛව සිටියහ. එසේ එන්නාවූ තෙරුන් දැක ශක්‍රතෙමේ. සුජාවට කථාකොට, සොඳුර, මගේ ආර්යයන්වහන්සේ අපේ ගෙදරට වඩිනාසේක. ඔබ ඒ නොදැක්කාක් මෙන් නිහඬව හිඳුව. ක්ෂණයකින් රවටා පිණ්ඩපාතය දෙමුයයි කීවේය. තෙරණුවෝ අවුත් ගෙදොර සිටගත්හ. ඔවුහු නොදැක්කාක් මෙන් තමන්ගේ වැඩ කරමින් ටිකවේලාවක් සිටියාහුය.
අථ සක්කො “ගෙහද්වාරෙ එකො ථෙරො විය ඨිතො, උපධාරෙහි තාවා”ති ආහ. “ගන්ත්වා උපධාරෙථ, සාමී”ති. සො ගෙහා නික්ඛමිත්වා ථෙරං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා උභොහි හත්ථෙහි ජණ්ණුකානි ඔලම්බිත්වා නිත්ථුනන්තො උට්ඨාය “කතරො ථෙරො නු ඛො අය්යො”ති ථොකං ඔසක්කිත්වා “අක්ඛීනි මෙ ධූමායන්තී”ති වත්වා නලාටෙ හත්ථං ඨපෙත්වා උද්ධං ඔලොකෙත්වා “අහො දුක්ඛං, අය්යො නො මහාකස්සපත්ථෙරො චිරස්සං මෙ කුටිද්වාරං ආගතො, අත්ථි නු ඛො කිඤ්චි ගෙහෙ”ති ආහ. සුජා ථොකං ආකුලං විය හුත්වා “අත්ථි, සාමී”ති පටිවචනං අදාසි.
ඉන්පසු ශක්‍රතෙමේ ගෙදොර එක් තෙරකෙනෙකුන් මෙන් සිටින්නේ කවරෙක්දැයි සොයාබලන ලෙස කීවේය. හිමියනි, ඔබම ගොස් සොයාබලනු මැනවියි ඈ කීවාය. හෙතෙම ගෙයින් නික්ම තෙරුන් පසඟපිහිටුවා වැඳ දෑතින් තමදණ හිස්වලට අත තබා වෑයමින් (දණිපනිගා) නැගිට කිනම් තෙරකෙනෙකුන්දැයි මදක් පසුපසට ගොස් මගේ ඇස්වලින් දුම්දමන්නාක් වැනියයි කියා නළල උඩද අත තියා උඩබලා අනේ. හරිම දුකකි. අපේ ආර්යවූ මහාකාශ්‍යප හිමියෝ බොහෝ කලකින් අප කුටි දොරට වැඩියෝය. ගෙදර කිසිවක් ඇද්දැයි ඇසීය. සුජා ටිකක් කලබලවූවාක් වැනිවී ස්වාමීනි, ඇතැයි කීවාය.
සක්කො, “භන්තෙ, ලූඛං වා පණීතං වාති අචින්තෙත්වා සඞ්ගහං නො කරොථා”ති පත්තං ගණ්හි. ථෙරො “එතෙහි දින්නං සාකං වා හොතු කුණ්ඩකමුට්ඨි වා, සඞ්ගහං නෙසං කරිස්සාමී”ති පත්තං අදාසි. සො අන්තොඝරං පවිසිත්වා ඝටිඔදනං නාම ඝටියා උද්ධරිත්වා පත්තං පූරෙත්වා ථෙරස්ස හත්ථෙ ඨපෙසි. සො අහොසි පිණ්ඩපාතො අනෙකසූපබ්යඤ්ජනො, සකලං රාජගහනගරං ගන්ධෙන අජ්ඣොත්ථරි.
ස්වාමීනි, මිහිරි අමිහිරි නොබලා අපට සංග්‍රහ කළ මැනවයි පාත්‍රය ගත්තේය. තෙරණුවෝ, මොවුන් දෙනුලබන්නේ පලා වුවත් ධාන්‍යකුඩු වුවත් ඔවුන්ට සංග්‍රහ පිණිස පාත්‍රය දුන්හ. හෙතෙම ගෙතුළට ගොස් වළඳ ශබ්දකර (නැතිබව ඇඟවීමට) එයින් එකතුකරගත් බතින් පාත්‍රය පුරවා තෙරුන් අත තැබීය. නොයෙක් සූපව්යංජනයෙන් යුත් ඒ පිණ්ඩපාතය මුළු නගරය සුවඳින් පුරවාලන්ට සමත් විය.
තදා ථෙරො චින්තෙසි – “අයං පුරිසො අප්පෙසක්ඛො, පිණ්ඩපාතො මහෙසක්ඛො, සක්කස්ස භොජනසදිසො, කො නු ඛො එසො”ති. අථ නං “සක්කො”ති ඤත්වා ආහ – “භාරියං තෙ කම්මං කතං දුග්ගතානං සම්පත්තිං විලුම්පන්තෙන, අජ්ජ මය්හං දානං දත්වා කොචිදෙව දුග්ගතො සෙනාපතිට්ඨානං වා සෙට්ඨිට්ඨානං වා ලභෙය්‍යා”ති. “මයා දුග්ගතතරො නත්ථි, භන්තෙ”ති. “කිං කාරණා ත්වං දුග්ගතො දෙවලොකෙ රජ්ජසිරිං අනුභවන්තො”ති? “භන්තෙ, එවං නාමෙතං, මයා පන අනුප්පන්නෙ බුද්ධෙ කල්යාණකම්මං කතං, බුද්ධුප්පාදෙ වත්තමානෙ කල්යාණකම්මං කත්වා චූළරථදෙවපුත්තො මහාරථදෙවපුත්තො අනෙකවණ්ණදෙවපුත්තොති ඉමෙ තයො සමානදෙවපුත්තා මම ආසන්නට්ඨානෙ නිබ්බත්තා, මයා තෙජවන්තතරා. අහඤ්හි තෙසු දෙවපුත්තෙසු ‘නක්ඛත්තං කීළිස්සාමා’ති පරිචාරිකායො ගහෙත්වා අන්තරවීථිං ඔතිණ්ණෙසු පලායිත්වා ගෙහං පවිසාමි. තෙසඤ්හි සරීරතො තෙජො මම සරීරං ඔත්ථරති, මම සරීරතො තෙජො තෙසං සරීරං න ඔත්ථරති, ‘කො මයා දුග්ගතතරො, භන්තෙ’ති. ‘එවං සන්තෙපි ඉතො පට්ඨාය මය්හං මා එවං වඤ්චෙත්වා දානමදාසී’”ති.
තෙරණුවෝ, මොහුගේ පිණ්ඩපාතය දුප්පත් එකක්ද, පොහොසත් එකක්ද, ශක්රභෝජනය හා සමානය. මේ කවරෙක්දැයි සිතූහ. පසුව ශක්‍රයා බව දැන, දුප්පතුන්ගේ සම්පත් වළකා ඔබ විසින් කළ දෙය බරපතළය. අද මා පැමිණියේ කවුරු හෝ දුප්පතෙකු මට දන්දී සේනාපතිතැනක් හෝ සිටුතනතුරටක් හෝ ඔහුට ලබාදීම සඳහාය. ස්වාමීනි, මට වඩා දුප්පතෙක් තවත් ඇද්ද? දෙව්ලොව දෙව්සිරිවිඳින ඔබ දුප්පතෙකු වන්නේ කෙසේද? ස්වාමීනි, එය එසේ නොවේ. මම බුදුන් උපදින්නටන පෙර යහපත් ක්‍රියා කෙළෙමි. දැන් මේ පවතින බුද්ධෝත්පාදකාලයෙහි යහපත් ක්‍රියාකොට චූලරථය, මහාරථය, අනන්තවර්ණදේවපුත්ර යන නමින් සිටින දේවපුත්‍රයන් තිදෙනා මට සමානව මටත් වඩා තේජස් ඇතිව ඉපදී සිටිති. නැකැත්කෙළි කෙළිමුයි පිරිවර දෙවඟනක් හා වීථිය මැදට පැමිණිකල ඔවුන් ළඟ සිටිනු නොහැකි මම පලාගොස් මගේ දිව්‍ය විමානයට වැදගනිමි. ඔවුන්ගේ සිරුරින් නැගෙන තේජස මා සිරුර වසා ගනී. මගේ සිරුරු තේජස ඔවුන්ගේ සිරුරු නොවසයි. ඉතින් ස්වාමීනි, මට වඩා දුප්පතෙක් තවත් ඇද්ද? එහෙම වුණත් මෙතැන් පටන් මා මෙසේ රවටා දන් නොදෙවයි කීහ.
“වඤ්චෙත්වා තුම්හාකං දානෙ දින්නෙ මය්හං කුසලං අත්ථි, න අත්ථී”ති? “අත්ථාවුසො”ති. “එවං සන්තෙ කුසලකම්මකරණං නාම මය්හං භාරො, භන්තෙ”ති. සො එවං වත්වා ථෙරං වන්දිත්වා සුජං ගහෙත්වා ථෙරං පදක්ඛිණං කත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති උදානං උදානෙසි. තෙන වුත්තං –
වසන් කොට ඔබවහන්සේට දුන් දනෙහි මට පිනක් ලැබේද, නැද්ද? ඇවැත්නි, ඇත. එසේකල කුසල්කිරීම ස්වාමීනි, මට භාරය. හෙතෙම එසේ කියා තෙරුන් වැඳ සුජාද සමග තෙරණුවන් ප්රදක්ෂිණා කොට අහසට නැගී අහෝ දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං ආදි ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය. එහෙයින් මෙසේ කියා තිබේ:
“එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං විහරති, සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා. අථ ඛො ආයස්මා මහාකස්සපො තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස එතදහොසි – “යංනූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්ය”න්ති.
එක් සමයෙක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර වේළුවනයේ කලන්දකනිවාප නම් ස්ථානයෙහි වැඩවාසය කරනසේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ සතියක් එක් තැනක හිඳගෙනම පිප්ඵලිගුහාවෙහි වාසය කරති. එක්තරා සමාධියකට සමවැදී සතියක් එක් පර්යංකයකින් වැඩ සිටියේද වෙයි. ඉන්පසු ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවෝ ඒ සතියට පසු ඒ සමාධියෙන් නැගිට්ටාහ. ඒ සමාධියෙන් නැගිටි ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් වහන්සේට, මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් ඉතා යෙහෙකියි සිතිණි.
“තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි දෙවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය. අථ ඛො ආයස්මා මහාකස්සපො තානි පඤ්චමත්තානි දෙවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
ඒ වේලාවෙහි දේවතාවන් පන්සීයකට ආයුෂ්මත් මහාකාශ්‍යප හිමියන්ට පිණ්ඩපාතය පිදීමට උනන්දුවක් ඇතිවිය. ආයුෂ්මත් මහාකාශ්‍යප හිමියෝ ඒ පන්සීයක් දේවතාවන්ගේ බලාපොරොත්තුව ප්‍රතික්ෂේප කොට පූර්වාහ්න කාලයෙහි සිවුරු හැඳපෙරවාගෙන පාසිවුරු රැගෙන රජගහනුවර පිඬුසිඟා වැඩියහ.
“තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමො හොති. පෙසකාරවණ්ණං අභිනිම්මිනිත්වා තන්තං විනාති, සුජා අසුරකඤ්ඤා තසරං පූරෙති. අථ ඛො ආයස්මා මහාකස්සපො රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සක්කස්ස දෙවානමින්දස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, අද්දසා ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං දූරතොව ආගච්ඡන්තං, දිස්වා ඝරා නික්ඛමිත්වා පච්චුග්ගන්ත්වා හත්ථතො පත්තං ගහෙත්වා ඝරං පවිසිත්වා ඝටියා ඔදනං උද්ධරිත්වා පත්තං පූරෙත්වා ආයස්මතො මහාකස්සපස්ස අදාසි.
එකල්හි ශක්‍රදේවේන්‍ද්‍රතෙම ආයුෂ්මත් මහාකාශ්යපහිමියන්ට පිණ්ඩපාතය දෙනු කැමතිව සන්නාලියෙකුගේ වෙස්ගෙන නූල් වියමින් සිටියේය. සුජා නම් අසුර කන්‍යාව නූල් පන්දුවෙහි ඔතමින් සිටියාය. ආයුෂ්මත් මහාකාශ්යපහිමියෝ සක්දෙවිඳුන්ගේ නිවසට වැඩියහ. සක්දෙවිඳු තෙමේ දුරින් වඩින ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් දැක, ගෙයින් නික්ම පෙරගමන්කොට පාත්‍රය ඉල්ලාගෙන ගෙට ගොස් ඝටිතෝදනය (වලඳ සූරමින් එකතු කර ආහාර-දංකුඩය) උපුටාගෙන පාත්‍රය පුරවා ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන්ට පූජාකෙළේය.
සො අහොසි පිණ්ඩපාතො අනෙකසූපො අනෙකබ්යඤ්ජනො අනෙකරසබ්යඤ්ජනො. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි – ‘කො නු ඛො අයං සත්තො, යස්සායං එවරූපො ඉද්ධානුභාවො’ති. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි – ‘සක්කො ඛො අයං දෙවානමින්දො’ති විදිත්වා සක්කං දෙවානමින්දං එතදවොච – ‘කතං ඛො තෙ ඉදං, කොසිය, මා පුනපි එවරූපමකාසී’”ති. “අම්හාකම්පි, භන්තෙ කස්සප, පුඤ්ඤෙන අත්ථො, අම්හාකම්පි පුඤ්ඤෙන කරණීය”න්ති.
ඒ පිණ්ඩපාතය නොඑක් සුප, ව්‍යංජනවලින් සපිරි එකක් විය. මහාකාශ්‍යප හිමියන්ට, මේ තරම් සෘද්ධිආනුභාවයක් ඇති මේ පුද්ගලයා කවුද? යන සිතක් ඇතිවිය. ඒහාත් සමගම උන්වහන්සේට මේනම් ශක්රදේවේන්ද්රයාමයයි සිතක්ද පහළවිය. මෙසේ දැන, ශක්‍ර දේවේන්ද්රයාට මෙසේ කීහ. ශක්රදේවේන්ද්රය, ඔබ නැවතත් මෙසේ කළේ කෙසේද? ස්වාමීනි, මහාකාශ්‍යපයන් වහන්ස, අපටත් පිනෙන් ප්‍රයෝජන ඇත. අප විසිනිදු පින් කරගත යුතුය.
“අථ ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තලික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙසි – ‘අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත’”න්ති (උදා· 27).
ඉන්පසු සක්දෙවිඳු ආයුෂ්මත් මහාකාශ්යපහිමියන්ට වැඳ පැදකුණුකොට අහසට නැගී අහස අන්තරීක්ෂයෙහි තෙවරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශකෙළේය. ‘අහෝ දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං’ (අහෝ! කාශ්‍යප හිමියන් වෙත දානයක්දීම උතුම් දානයි) යනු ඒ ප්රීතිඋදානයයි.
අථ ඛො භගවා විහාරෙ ඨිතො එව තස්ස තං සද්දං සුත්වා භික්ඛූ ආමන්තෙත්වා – “පස්සථ, භික්ඛවෙ, සක්කං දෙවානමින්දං උදානං උදානෙත්වා ආකාසෙන ගච්ඡන්ත”න්ති ආහ. “කිං පන තෙන කතං, භන්තෙ”ති? “වඤ්චෙත්වා තෙන මය්හං පුත්තස්ස කස්සපස්ස පිණ්ඩපාතො දින්නො, තං දත්වා තුට්ඨමානසො උදානං උදානෙන්තො ගච්ඡතී”ති. “ථෙරස්ස පිණ්ඩපාතං දාතුං වට්ටතී”ති කථං, භන්තෙ, තෙන ඤාතන්ති. “භික්ඛවෙ, මම පුත්තෙන සදිසං නාම පිණ්ඩපාතිකං දෙවාපි මනුස්සාපි පිහයන්තීති වත්වා සයම්පි උදානං උදානෙ”සි. සුත්තෙ පන එත්ථකමෙව ආගතං –
භාග්‍යවතුන්වහන්සේ ඔහුගේ ඒ ශබ්දය අසා භික්ෂූන් අමතා, මහණෙනි සක්දෙව්රජ ප්‍රීතිවාක්‍ය කියමින් අහසින් යනහැටි අර බලව්යයි වදාළහ. ස්වාමීනි, ඔහු කළ පින්කම කුමක්ද? ඔහු රැවටිල්ලෙන් මපුත් කාශ්‍යප තෙරුන්ට පිණ්ඩපාතය දෙනලදි. එසේ දන්දී සතුටුසිතින් ප්‍රීතිවාක්‍ය කියමින් යයි. කාශ්‍යප තෙරණුවන්ට පිණ්ඩපාතය දියයුතු යයි ඔහු දැනගත්තේ කෙසේද ස්වාමීනියි භික්ෂූහු ඇසූහ. මහණෙනි, මගේ පුත්‍රයා සමාන පිණ්ඩපාතිකයෙකු දෙවියන්ද මිනිසුන්ද ප්රියකෙරෙතියි උන්වහන්සේද උදන් ඇනූහ. සූත්‍රයෙහි ආවේ මෙපමණකි.
“අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය සක්කස්ස දෙවානමින්දස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තලික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙන්තස්ස “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති (උදා· 27).
භාග්‍යවතුන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවා ගිය අතිපිරිසිදුවූ දිව්‍යමය ශ්රොතෘවෙන්, අහසට නැගී අහස අන්තරීක්ෂයෙහි සිට ශක්රදේවෙන්ද්රන්ගේ අහොදානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං යන උදානය ඇසූසේක.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ එකරුණ දැන ඒ වේලාවෙහි මෙම උදානය ප්‍රකාශ කළසේක:
“පිණ්ඩපාතිකස්ස භික්ඛුනො, අත්තභරස්ස අනඤ්ඤපොසිනො; දෙවා පිහයන්ති තාදිනො, උපසන්තස්ස සදා සතීමතො”ති. (උදා· 27);
අනුන් පෝෂණයක් අතහැර තමන් පොහොනා පිඬුසිඟා වළඳන රහතුන් වහන්සේලා සදා සිහි නුවණින් හා නිවුණු ගුණයෙන් නොසැලී සිටින උතුමෝ දෙවියන් අතර පියවෙතී
ඉමඤ්ච පන උදානං උදානෙත්වා, “භික්ඛවෙ, සක්කො දෙවානමින්දො මම පුත්තස්ස සීලගන්ධෙන ආගන්ත්වා පිණ්ඩපාතං අදාසී”ති වත්වා ඉමං ගාථමාහ –
මේ උදානයත් ප්‍රකාශ කොට, මහණෙනි, සක්දෙවිඳු මගේ පුතාගේ සිල්සුවඳින් මෙහි අවුත් පිණ්ඩපාතය පිදීයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළසේක.
“අප්පමත්තො අයං ගන්ධො, ය්වායං තගරචන්දනං; යො ච සීලවතං ගන්ධො, වාති දෙවෙසු උත්තමො”ති.
තගර රතුසඳුන් යන සුවඳ ඉතා අල්පය සිල්වතුනගේ සුවඳ දෙවියන් අතරටද යේ
තත්ථ අප්පමත්තොති පරිත්තප්පමාණො. යො ච සීලවතන්ති යො පන සීලවන්තානං සීලගන්ධො, සො තගරං විය ලොහිතචන්දනං විය ච පරිත්තකො න හොති, අතිවිය උළාරො විප්ඵාරිතො. තෙනෙව කාරණෙන වාති දෙවෙසු උත්තමොති පවරො සෙට්ඨො හුත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බත්ථමෙව වායති, ඔත්ථරන්තො ගච්ඡතීති.
එහි අප්පමත්තො යනු අල්පමාත්‍ර යන අදහසයි. යොචසීලවතං යනු යම් ඒ සිල්වතුන්ගේ සිල්සුවඳක් වේනම් එය තුවරලාවලමෙන් හෝ රත්සඳුන්වල මෙන් හෝ සීමා සහිත නොවෙයි. ඉතාමහත් ලෙස පුළුල්ව පැතිරේ. ඒ කරුණ නිසාය. වාති දෙවෙසු උත්තමො උතුම්ය. ශ්‍රේෂ්ඨ බවට පැමිණ දෙවියන් අතරද මිනිසුන් අතරද හැමතැනම හමායයි, මැඩපවත්වාගෙන යයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පත්තා. දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියහ. දේශනාව මහාජනයාට සාර්ථක එකක් විය.
මහාකස්සපත්ථෙරපිණ්ඩපාතදින්නවත්ථු දසමං.
දශවන මහාකාශ්‍යප තෙරණුවන්ට පිණ්ඩපාතය දීමේ වස්තුවයි.