11-12. ආනන්දත්ථෙරපඤ්හාවත්ථු අට්ඨකථා
11-12. ආනන්දත්ථෙරපඤ්හාවත්ථු
11-12. ආනන්දතෙරුන්ගේ ප්‍රශ්නවිසඳීමේ වස්තුව
න පුප්ඵගන්ධො පටිවාතමෙතීති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො ආනන්දත්ථෙරස්ස පඤ්හං විස්සජ්ජෙන්තො කථෙසි.
න පුප්ඵගන්ධො පටිවාතමෙති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කාලයෙහි ආනන්ද තෙරණුවන්ගේ ප්‍රශ්නයක් විසඳමින් දේශනා කළ සේක.
ථෙරො කිර සායන්හසමයෙ පටිසල්ලීනො චින්තෙසි – “භගවතා මූලගන්ධො, සාරගන්ධො, පුප්ඵගන්ධොති තයො උත්තමගන්ධා වුත්තා, තෙසං අනුවාතමෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං. අත්ථි නු ඛො තං ගන්ධජාතං, යස්ස පටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති. අථස්ස එතදහොසි – “කිං මය්හං අත්තනා විනිච්ඡිතෙන, සත්ථාරංයෙව පුච්ඡිස්සාමී”ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා පුච්ඡි. තෙන වුත්තං –
දිනක් තෙරණුවෝ ඵලසමවතින් සිටින අතර, භාග්‍යවතුන්වහන්සේ සාරගන්ධ, මූලගන්ධ, පුප්ඵගන්ධයයි උතුම් සුවඳවර්ග තුනක් ගැන දෙසනලදි. ඒ සියලු සුවඳවර්ග වාතය හමන අතටමය. (යටිසුළඟට) උඩුසුළඟට නොයයි. මේ සුවඳවර්ග අතර පටිවාතයට හෙවත් උඩුසුළඟට යන සුවඳකුත් ඇද්දැයි සිතූහ. ඉන්පසු උන්වහන්සේට මා මෙය තමන්ම විනිශ්චය කරන්නේ ඇයි? බුදුන්ගෙන්ම විචාරන්නෙමියි සිතිණි. උන්වහන්සේ බුදුන් වෙත පැමිණ විචාළහ.
“අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයෙ පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච –
ඉන්පසු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැගිට බුදුරජාණන්වහන්සේ සිටි තැනට අවුත් මෙසේ දන්වා සිටියහ.
“තීණිමානි, භන්තෙ, ගන්ධජාතානි, යෙසං අනුවාතමෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං. කතමානි තීණි? මූලගන්ධො, සාරගන්ධො, පුප්ඵගන්ධො, ඉමානි ඛො, භන්තෙ, තීණි ගන්ධජාතානි. යෙසං අනුවාතමෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං. අත්ථි නු ඛො, භන්තෙ, කිඤ්චි ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති? (අ· නි· 3.80)
ස්වාමීනි, සුවඳවර්ග තුනක් ඇත. ඒ හැම සුවඳක්ම වාතය හමන අතටම යයි. පටිවාතයට හෙවත් උඩුසුළඟට නොයයි. ඒ කවර සුළඟද? මූලගන්ධ (මුල්වල සුවඳ) සාරගන්ධ (සදුන් ආදි අරටුවල සුවඳ) පුප්ඵගන්ධ (මල්වල සුවඳ) යන තුනයි. ස්වාමීනි, මේ සුවඳවර්ගවල සුවඳ හුළඟ හමන අතටම යයි. උඩුසුළඟට නොයයි. ස්වාමීනි, උඩුසුළඟටත් යටිසුළඟටත් එකසේ ගළායන සුවඳකුත් ඇද්ද?
අථස්ස භගවා පඤ්හං විස්සජ්ජෙන්තො –
භාග්‍යවතුන්වහන්සේ ඒ ප්රශ්නය විසඳමින්
“අත්ථානන්ද, කිඤ්චි ගන්ධජාතං, යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති. “කතමං පන තං, භන්තෙ, ගන්ධජාතං”? “යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති?
ආනන්ද, අනුවාතපටිවාත යන දෙපැත්තටම එකසේ ගලායන සුවඳක් ඇත. ස්වාමීනි, ඒ අනුවාතයටත් පටිවාතයටත් අනුවාත පටිවාත දෙකටමත් ගලායන සුවඳ කුමක්ද?
“ඉධානන්ද, යස්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො.
ආනන්ද, යම් ගමන නියම්ගමක සිටින ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේද, දහම් සරණගියේද, සඟුන්සරණ ගියේද, ප්‍රාණවධයෙන්, සොරකමෙන්, වැරදිකාමසේවනයෙන් මුසාවාදයෙන් රහමෙර බීමෙන් වැළකී සිටින්නේද, සිල්වත් යහපත් පිළිවෙතින්, දුරුකළ මසුරුමල කෙලෙස් ඇති සිතින් ගිහිගෙයි වසන්නේද, ත්‍යාග සඳහා මුදාහළ වස්තුසම්පත් ඇති, දීමෙන් පිරිසිදු අත් ඇති, දන්දීමෙහි යෙදෙන, යාචකයන්ට දන්දෙන දාන සංවිධානයෙහි යෙදෙන පිළිවෙත්වලින් යුක්ත නම්,
“තස්ස දිසාසු සමණබ්රාහ්මණා වණ්ණං භාසන්ති, ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති…පෙ… දානසංවිභාගරතො’”ති.
ඔහු හෝ ඈ පිළිබඳව දිසා අනුදිසාවල මහණ බමුණෝ වර්ණනා කරති. අසවල් නම් ගමේ හෝ නියම්ගමේ ස්ත්‍රිය හෝ පුරුෂයා බුදුන් සරණ ගියේය -පෙ- දන්දීම් ආදිය සංවිධානය කරයි. අසවල් ගමේ-නියම්ගමේ සිටින අසවල් පුද්ගලයා හෝ ස්ත්‍රිය බුදුන් සරණ ගියේය -පෙ- දන්දීමේ ආදිය සංවිධානය කරන්නේයයි
“දෙවතාපිස්ස වණ්ණං භාසන්ති, ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති…පෙ… දානසංවිභාගරතො’”ති. “ඉදං ඛො තං, ආනන්ද, ගන්ධජාතං, යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී”ති (අ· නි· 3.80) වත්වා ඉමා ගාථා අභාසි –
දෙවියන් වැනි අමනුෂ්‍යයන් පවා ගුණවර්ණනා කෙරෙති. ආනන්ද මෙන්න මේ අයුරින් ගුණවැනුම් නමැති සුවඳජාතිය දිසාවිදිසා හැම තැනමත් අනුවාතයෙහිත් පටිවාතයෙහිත් අනුවාතපටිවාත දෙකේමත් හමායයි යනුවෙන් වදාරා මේ ගාථා ප්‍රකාශ කළහ.
“න පුප්ඵගන්ධො පටිවාතමෙති, න චන්දනං තගරමල්ලිකා වා; සතඤ්ච ගන්ධො පටිවාතමෙති, සබ්බා දිසා සප්පුරිසො පවායති. (අ· නි· 3.80);
සඳුන් තුවරලා හා දැසමන් බෝලිද්ද මල් සුවඳ හැම අත නොහමයි යටිසුළඟට හමායයි සත්පුරුෂ සිල්වතුන්ගේ සිල්සුවඳ දස දිසාවෙහි පැතිරී හමා දුවයයි සියලු සීමා බිඳගෙන
“චන්දනං තගරං වාපි, උප්පලං අථ වස්සිකී; එතෙසං ගන්ධජාතානං, සීලගන්ධො අනුත්තරො”ති.
සඳුන් තුවරලා හෝ උපුල්මල් දෑසමන් හෝ සියලුම සුවඳ පරදා සිල්සුවඳ පැතිරීයයි
තත්ථ න පුප්ඵගන්ධොති තාවතිංසභවනෙ පරිච්ඡත්තකරුක්ඛො ආයාමතො ච විත්ථාරතො ච යොජනසතිකො, තස්ස පුප්ඵානං ආභා පඤ්ඤාස යොජනානි ගච්ඡති, ගන්ධො යොජනසතං, සොපි අනුවාතමෙව ගච්ඡති, පටිවාතං පන අට්ඨඞ්ගුලමත්තම්පි ගන්තුං න සක්කොති, එවරූපොපි න පුප්ඵගන්ධො පටිවාතමෙති. චන්දනන්ති චන්දනගන්ධො. තගරමල්ලිකා වාති ඉමෙසම්පි ගන්ධො එව අධිප්පෙතො. සාරගන්ධානං අග්ගස්ස හි ලොහිතචන්දනස්සාපි තගරස්සපි මල්ලිකායපි අනුවාතමෙව වායති, නො පටිවාතං. සතඤ්ච ගන්ධොති සප්පුරිසානං පන බුද්ධපච්චෙකබුද්ධසාවකානං සීලගන්ධො පටිවාතමෙති. කිං කාරණා? සබ්බා දිසා සප්පුරිසො පවායති යස්මා පන සප්පුරිසො සීලගන්ධෙන සබ්බාපි දිසා අජ්ඣොත්ථරිත්වාව ගච්ඡති, තස්මා “තස්ස ගන්ධො න පටිවාතමෙතී”ති න වත්තබ්බො. තෙන වුත්තං “පටිවාතමෙතී”ති. වස්සිකීති ජාතිසුමනා. එතෙසන්ති ඉමෙසං චන්දනාදීනං ගන්ධජාතානං ගන්ධතො සීලවන්තානං සප්පුරිසානං සීලගන්ධොව අනුත්තරො අසදිසො අපටිභාගොති.
එහි න පුප්ඵගන්ධො යනු තව්තිසාවේ පරසතුගස දිග පළලින් යොදුන් සියයකි. එහි මල්වල ප්‍රභාවය පනස් යොදුනක පැතිරෙයි. සුවඳ යොදුන් සියයක් පැතිරෙයි. එයවුවද යන්නේ සුළං හමන පැත්තටය. උඩුසුළඟට අඟල් භාගයක්වත් නොයයි. මේ අයුරින් මල් සුවඳ පටිවාතයට නොයයි. චන්දනං යනු සඳුන් සුවඳයි. තගරමල්ලිකා යනු මේ වර්ගවල මල්සුවඳ අදහස් කරනලදි. සාරගන්ධවලින් අග්‍රවූ රත්සඳුන්වලද තුවරලා බෝලිද්ද යන මල්වල සුවඳද වාතය හමායන පැත්ත අනුවමයයි. ප්රතිවාතයෙහි හමානොයයි. සතංවගන්ධො යනු බුදුපසේබුදු මහරහතුන්ගේ සිල්සුවඳ වාතය හමාඑන උඩුසුළඟෙහි පවා හමායයි. කුමක් නිසාද? සබ්බාදිසා සප්පුරිසො පවාති යම් හෙයකින් සත්පරුෂයා තම සිල් සුවඳින් සියලු දිසාවන් අභිභවනය කොටයයිද ඒනිසා ඔහුගේ සිල්සුවඳ උඩුසුළඟටත් හමායන්නේයයි කිවයුතුය. පටිවාතමෙති යයි කීවේ එහෙයිනි. වස්සිකී යනු දැසමන්ය. එතෙසං යනු මේ සඳුන් ආදි සුවඳ වර්ගවල සුවඳින් සිල්වත් සත්පුරුෂයන්ගේ සීලගන්ධොව අනුත්තරො සිල්සුවඳම අසමාන-ප්‍රතිභාග රහිතම වේ.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පත්තා. දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. දේශනාව මහාජනයාට සාර්ථක විය.
ආනන්දත්ථෙරපඤ්හාවත්ථු නවමං.
නවවන ආනන්දතෙරුන්ගේ ප්‍රශ්නවිසඳීමේ වස්තුවයි.