යෙදුමෙන් කියවන්න

10. විසාඛාවත්‍ථු අට‍්ඨකථා

10. විසාඛාවත්‍ථු

10. විශාඛා වස්තුව

යථාපි පුප‍්ඵරාසිම‍්හාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං උපනිස‍්සාය පුබ‍්බාරාමෙ විහරන‍්තො විසාඛං උපාසිකං ආරබ‍්භ කථෙසි.

‘යථාපි පුප්ඵරාසිම්හා’ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාමයෙහි වාසයකරන කාලයෙහි විශාඛා උපාසිකාව අරභයා දේශනාකළසේක.

සා කිර අඞ‍්ගරට‍්ඨෙ භද‍්දියනගරෙ මෙණ‍්ඩකසෙට‍්ඨිපුත‍්තස‍්ස ධනඤ‍්චයසෙට‍්ඨිනො අග‍්ගමහෙසියා සුමනදෙවියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති. තස‍්සා සත‍්තවස‍්සිකකාලෙ සත්‍ථා සෙලබ්‍රාහ‍්මණාදීනං බොධනෙය්‍යබන්‍ධවානං උපනිස‍්සයසම‍්පදං දිස‍්වා මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො චාරිකං චරමානො තං නගරං පාපුණි.

ඕතොමෝ අංගරටෙහි භද්දිය නම් නගරයෙහි විසූ මෙණ්ඩක සිටාණන්ගේ පුත් ධනංජය සිටුහුගේ අගමෙහෙසිය වූ සුමනා දේවියගේ කුසෙහි උපන්නීය. ඇගේ සත්වයස් වියෙහි ශාස්තෘන්වහන්සේ සේලබ්‍රාහ්මණාදීන්ගේ ධර්මාවබෝධය පිළිබඳ හේතුසම්පත් දැක මහා භික්ෂුසංඝයා පිරිවරා චාරිකාවේ හැසිරෙමින් ඒ නගරයට පැමිණිසේක.

තස‍්මිඤ‍්ච සමයෙ මෙණ‍්ඩකො, ගහපති, තස‍්මිං නගරෙ පඤ‍්චන‍්නං මහාපුඤ‍්ඤානං ජෙට‍්ඨකො හුත්‍වා සෙට‍්ඨිට‍්ඨානං කරොති. පඤ‍්ච මහාපුඤ‍්ඤා නාම මෙණ‍්ඩකො සෙට‍්ඨි, චන්‍දපදුමා නාම තස‍්සෙව ජෙට‍්ඨකභරියා, තස‍්සෙව ජෙට‍්ඨකපුත‍්තො ධනඤ‍්චයො නාම, තස‍්ස භරියා සුමනදෙවී නාම, මෙණ‍්ඩකසෙට‍්ඨිනො දාසො පුණ‍්ණො නාමාති. න කෙවලඤ‍්ච මෙණ‍්ඩකසෙට‍්ඨියෙව, බිම‍්බිසාරරඤ‍්ඤො පන විජිතෙ පඤ‍්ච අමිතභොගා නාම අහෙසුං – ජොතිකො, ජටිලො, මෙණ‍්ඩකො, පුණ‍්ණකො, කාකවලියොති. තෙසු අයං මෙණ‍්ඩකසෙට‍්ඨි දසබලස‍්ස අත‍්තනො නගරං සම‍්පත‍්තභාවං ඤත්‍වා පුත‍්තස‍්ස ධනඤ‍්චයසෙට‍්ඨිනො ධීතරං විසාඛං දාරිකං පක‍්කොසාපෙත්‍වා ආහ – “අම‍්ම, තුය‍්හම‍්පි මඞ‍්ගලං, අම‍්හාකම‍්පි මඞ‍්ගලං, තව පරිවාරෙහි පඤ‍්චහි දාරිකාසතෙහි සද‍්ධිං පඤ‍්ච රථසතානි ආරුය‍්හ පඤ‍්චහි දාසිසතෙහි පරිවුතා දසබලස‍්ස පච‍්චුග‍්ගමනං කරොහී”ති. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා තථා අකාසි. කාරණාකාරණෙසු පන කුසලත‍්තා යාවතිකා යානස‍්ස භූමි, යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකාව සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.

ඒ කාලයෙහි මෙණ්ඩක ගෘහපතියා ඒ නගරයෙහි මහ පින්වතුන් පස්දෙනා අතර ජ්‍යෙෂ්ඨත්වයද සිටු තනතුරද ලබා වාසය කරයි. ඒ මහපින්වතුන් නම්, මෙණ්ඩක සිටු, චන්ද්‍රපදුමා නම් ඔහුගේම ජ්‍යෙෂ්ඨ භාර්යාව, ඔහුගේම ජ්‍යෙෂ්ඨ පුත්‍ර ධනංජය, ඔහුගේ භාර්යාව වූ සුමනාදේවී, මෙණ්ඩක සිටුහුගේ දාස පුණ්ණ යන අයයි. මෙණ්ඩක සිටුවරයාට පමණක් නොව, බිම්බිසාර රජුගේ විජිතයෙහි අමිතභෝගී තවත් ධනවතුන් පස්දෙනකුද වාසය කළහ. ඒ පස්දෙනා නම්, ජෝතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක, කාකවලිය යන අයයි. ඔවුන් අතර මේ මෙන්ඩක සිටුතෙම බුදුරදුන් තමන්ගේ නුවරට පැමිණි බව දැන සියපුත් ධනංජය සිටුහුගේ දූ වූ විශාඛා දැරිය කැඳවා ඔබටත් මෙය වැඩදායකය. අපටත් වැඩ දායකය, ඔබේ පිරිවර පන්සීයක් දැරියන්ද පන්සීයක් රටවලින් පන්සීයක් දාසියන්ද කැටුව දසබලයන්වහන්සේට පෙරගමන් කරවයි කියා යැවීය. ඈ මැනවැයි පිළිගෙන එසේ කළාය. කාරණාකාරණා දන්නා හෙයින් යානයෙන් යායුතු තැන් ගොස් ඉන්පසු යානයෙන් බැස පයින්ම බුදුන් කරා එළඹ වැඳ එක්පැත්තක හුන්නාය.

අථස‍්සා චරියාවසෙන සත්‍ථා ධම‍්මං දෙසෙසි. සා දෙසනාවසානෙ පඤ‍්චහි දාරිකාසතෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. මෙණ‍්ඩකසෙට‍්ඨිපි ඛො සත්‍ථාරමුපසඞ‍්කමිත්‍වා ධම‍්මකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය ස‍්වාතනාය නිමන‍්තෙත්‍වා පුනදිවසෙ අත‍්තනො නිවෙසනෙ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා එතෙනෙව උපායෙන අඩ‍්ඪමාසං මහාදානමදාසි. සත්‍ථා භද‍්දියනගරෙ යථාභිරන‍්තං විහරිත්‍වා පක‍්කාමි.

ඉන්පසු ඇගේ චරිතයට අනුකූලවනසේ බුදුරදුන් විසින් දෙසනලද දහම්කථා අසා දේශනාවසානයෙහි පන්සීයක් දැරියන් සමග සෝතාපත්තිඵලයෙහි පිහිටියාය. එසේ සෝවාන්ඵලයෙහි පිහිටා හෙට දිනය සඳහා ආරාධනාකොට දෙවෙනි දවස තව නිවසෙහි කෑයුතු බුදියයුතු ප්‍රණීතාහාරයෙන් බුදුන් ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා මේ ආකාරයෙන් අටමසක් මහදන් දුන්නාය. බුදුරජාණන්වහන්සේ භද්දිය නගරයෙහි කැමති පරිදි සිට වැඩියාහුය.

තෙන ඛො පන සමයෙන බිම‍්බිසාරො ච පසෙනදි කොසලො ච අඤ‍්ඤමඤ‍්ඤං භගිනිපතිකා හොන‍්ති. අථෙකදිවසං කොසලරාජා චින‍්තෙසි – “බිම‍්බිසාරස‍්ස විජිතෙ පඤ‍්ච අමිතභොගා මහාපුඤ‍්ඤා වසන‍්ති, මය‍්හං විජිතෙ එකොපි තාදිසො නත්‍ථි, යංනූනාහං බිම‍්බිසාරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එකං මහාපුඤ‍්ඤං යාචෙය්‍ය”න‍්ති. සො තත්‍ථ ගන‍්ත්‍වා රඤ‍්ඤා කතපටිසන්‍ථාරො “කිං කාරණා ආගතොසී”ති පුට‍්ඨො “‘තුම‍්හාකං විජිතෙ පඤ‍්ච අමිතභොගා මහාපුඤ‍්ඤා වසන‍්ති, තතො එකං ගහෙත්‍වා ගමිස‍්සාමී’ති ආගතොම‍්හි, තෙසු මෙ එකං දෙථා”ති ආහ. “මහාකුලානි අම‍්හෙහි චාලෙතුං න සක‍්කා”ති ආහ. “අහං අලද‍්ධා න ගමිස‍්සාමී”ති ආහ.

එකල්හි බිම්බිසාර, පසේනදිකෝසල දෙදෙනා ඔවුනොවුන්ට දෙසුරුබඩු හෙවත් දෙමස්සිනාවරු වූහ. දිනක් කොසොල්රජු, බිම්බිසාරගේ විජිතයෙහි අමිගභොගී ධනවත්තු වෙසෙති, මගේ විජිතයෙහි එබඳු එකෙකුද නැත. මම බිම්බිසාර වෙතගොස් එක් මහ පින්වතකු ඉල්ලා ගන්නෙම් නම් මැනව යි සිතීය. ඔහු එහි ගොස් රජුන් සමග පිළිසඳර කථාකොට කුමක් නිසා ආවෙහිදැයි ඇසූ පසු ඔබේ විජිතයෙහි අමිතභොගී මහාපින්වන්තයෝ පස්දෙනෙක් සිටිති. එයින් එක් කෙනෙකු රැගෙන යාමට පැමිණියෙමි. එයින් එක් කෙනකු මට දෙනු මැනවයි කීය. ඒ මහාකුලවතුන් සෙලවීම අපට කළ නොහැකියයි බිම්බිසාර කීවේය. එයින් කෙනෙක් නොලබා මම නොයන්නෙමියි කොසොල්රජු කීය.

රාජා අමච‍්චෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා “ජොතිකාදීනං මහාකුලානං චාලනං නාම මහාපථවියා චාලනසදිසං, මෙණ‍්ඩකමහාසෙට‍්ඨිස‍්ස පුත‍්තො ධනඤ‍්චයසෙට‍්ඨි නාම අත්‍ථි, තෙන සද‍්ධිං මන‍්තෙත්‍වා පටිවචනං තෙ දස‍්සාමී”ති වත්‍වා තං පක‍්කොසාපෙත්‍වා, තාත, කොසලරාජා “‘එකං ධනසෙට‍්ඨිං ගහෙත්‍වා ගමිස‍්සාමී’ති වදති, ත්‍වං තෙන සද‍්ධිං ගච‍්ඡාහී”ති. “තුම‍්හෙසු පහිණන‍්තෙසු ගමිස‍්සාමි, දෙවා”ති. “තෙන හි පරිවච‍්ඡං කත්‍වා ගච‍්ඡ, තාතා”ති. සො අත‍්තනො කත‍්තබ‍්බයුත‍්තකමකාසි. රාජාපිස‍්ස මහන‍්තං සක‍්කාරං කත්‍වා, “ඉමං ආදාය ගච‍්ඡථා”ති පසෙනදිරාජානං උය්‍යොජෙසි. සො තං ආදාය සබ‍්බත්‍ථ එකරත‍්තිවාසෙන ගච‍්ඡන‍්තො එකං ඵාසුකට‍්ඨානං පත්‍වා නිවාසං ගණ‍්හි, අථ නං ධනඤ‍්චයසෙට‍්ඨි පුච‍්ඡි – “ඉදං කස‍්ස විජිත”න‍්ති? “මය‍්හං, සෙට‍්ඨී”ති. “කීව දූරො ඉතො සාවත්‍ථී”ති ? “සත‍්තයොජනමත්‍ථකෙ”ති. “අන‍්තොනගරං සම‍්බාධං, අම‍්හාකං පරිජනො මහන‍්තො, සචෙ රොචෙථ, ඉධෙව වසෙය්‍යාම, දෙවා”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තස‍්මිං ඨානෙ නගරං මාපෙත්‍වා තස‍්ස දත්‍වා අගමාසි. තස‍්මිං පදෙසෙ සයං වසනට‍්ඨානස‍්ස ගහිතත‍්තා නගරස‍්ස සාකෙතන‍්ත්‍වෙව නාමං අහොසි.

රජු ඇමතියන් සමග සාකච්ඡා කොට ජෝති ආදි මහාකුල සෙලවීම පොළොව සෙලවීමකට සමානයි. මෙණ්ඩකසිටුපුත් ධනංජය සිටුවරයා සමග සාකච්ඡාකොට ඔබට පිළිතුරක් දෙන්නෙමුයයි කියා ඔහු කැඳවා, පුත්‍රය, කොසොල්රජු එක් ධනවත් සිටුවරයකු රැගෙනම යෑමට ආබව කියයි. ඔබ ඔහු සමග යන්නැයි කීහ, ඔබ කියන හෙයින් යන්නෙමැයි ධනංජය කීවේය. එසේ නම් අවශ්‍ය දේ සූදානම් කරගෙන යන්න. හෙතෙම යෑමට ප්‍රථම තමන් විසින් කළයුතු සියල්ල කෙළේය. රජුද ඔහුට මහත් සත්කාර පිළියෙලකොට, මොහු රැගෙන යන්නැයි පසේනදි රජුන් වෙත යැවීය. කොසොල්රජු ධනංජයත් සමග එක් තැනක දෙරැයක් නොවසා වහා යන්නේ එක් පහසු තැනකට පැමිණ නවාතැන් ගත්තේය. එතනදී ධනාංය, මේ කාගේ විජිතයක්දැයි ඇසීය. සිටුවරය, මෙය මගේ විජිතයයි. සැවැත් නුවරට මෙහි සිට කෙතෙක් දුරද? සත් යොදුනක් පමණි. ඇතුළු නගරය කරදර සහිතයි. අපේ පිරිවර ජනයාද මහත්ය. රජතුමනි, ඔබ කැමති නම් අපි මෙහිම වසන්නෙමුයයි ධනංජය ඇසීය. රජු මැනවයි පිළිගෙන එතැන නගරයක් නිර්මාණය කරවා ඔහුට භාරදී ගියේය. ඒ පෙදෙස සවස විසීමට ගත්හෙයින් නගරය සාකේත නම් විය.

සාවත්‍ථියම‍්පි ඛො මිගාරසෙට‍්ඨිනො පුත‍්තො පුණ‍්ණවඩ‍්ඪනකුමාරො නාම වයප‍්පත‍්තො අහොසි. අථ නං මාතාපිතරො වදිංසු – “තාත, තව රුච‍්චනට‍්ඨානෙ එකං දාරිකං උපධාරෙහී”ති. “‘මය‍්හං එවරූපාය භරියාය කිච‍්චං නත්‍ථී’ති, පුත‍්ත, මා එවං කරි, කුලං නාම අපුත‍්තකං න තිට‍්ඨතී”ති. සො පුනප‍්පුනං වුච‍්චමානො “තෙන හි පඤ‍්චකල්‍යාණසමන‍්නාගතං දාරිකං ලභමානො තුම‍්හාකං වචනං කරිස‍්සාමී”ති ආහ.

සැවැත්නුවරද මිගාර සිටුහුගේ පුත් පුණ්ණවඩ්ඪන නම් වියපත් කුමරෙක් විසීය. ඔහුගේ මවුපියෝ, දරුව ඔබ කැමති තැනකින් එක් දැරියක් සොයා ගන්නැයි කීහ. මට එබඳු ගැටගසා ගැනීමකින් බැඳීමකින් වැඩක් නැතැයි ඔහු කීවේය. පුතා එසේ නොකියන්න. අපුත්‍රකවූ කුලය නැසී වැනසී යන්නේය. හෙතෙම නැවත නැවතත් එයම කියන හෙයින් එසේනම් පංචකල්‍යාණ ගුණයන්ගෙන් පිරිපුන් දැරියක ලැබුණොත් නුඹලාගේ වචනය ඉටුකරමියි කීය.

“කානි පනෙතානි පඤ‍්ච කල්‍යාණානි නාම, තාතා”ති. කෙසකල්‍යාණං, මංසකල්‍යාණං, අට‍්ඨිකල්‍යාණං, ඡවිකල්‍යාණං, වයකල්‍යාණන‍්ති. මහාපුඤ‍්ඤාය හි ඉත්‍ථියා කෙසා මොරකලාපසදිසා හුත්‍වා මුඤ‍්චිත්‍වා විස‍්සට‍්ඨා නිවාසනන‍්තං පහරිත්‍වා නිවත‍්තිත්‍වා උද‍්ධග‍්ගා තිට‍්ඨන‍්ති, ඉදං කෙසකල්‍යාණං නාම, දන‍්තාවරණං බිම‍්බඵලසදිසං වණ‍්ණසම‍්පන‍්නං සමං සුඵුසිතං හොති, ඉදං මංසකල්‍යාණං නාම, දන‍්තා සුක‍්කා සමා අවිරළා උස‍්සාපෙත්‍වා ඨපිතවජිරපන‍්ති විය සමච‍්ඡින‍්නසඞ‍්ඛපන‍්ති විය ච සොභන‍්ති, ඉදං අට‍්ඨිකල්‍යාණං නාම, කාළියා චුණ‍්ණකාදීහි අවිලිත‍්තො එව ඡවිවණ‍්ණො සිනිද‍්ධො නීලුප‍්පලදාමසදිසො හොති, ඔදාතාය ච කණිකාරපුප‍්ඵදාමසදිසො හොති, ඉදං ඡවිකල්‍යාණං නාම, දසක‍්ඛත‍්තුං විජාතාපි ඛො පන සකිං විජාතා විය අවිගතයොබ‍්බනායෙව හොති, ඉදං වයකල්‍යාණං නාම හොති.

ඒ පංචකල්‍යාණ ලක්ෂණනම් කවරහුද? කේශකල්‍යාණය, මාංශකල්‍යාණය, අට්ඨි (ඇට) කල්‍යාණය, ඡවි හෙවත් (සම) කල්‍යාණය, වයස් කල්‍යාණය වශයෙනි. මහපිනැති ස්ත්‍රියගේ කෙස් මොනරපිලක් සමානව පවතී. එය මුදා හළ විට විලුඹ දක්වා ගොස් නැවතී අක්බඹුරුව උඩට නැමී සිටියි. මෙය කේශ කල්‍යාණය නම්. තොල් බිඹුඵල සදිසිය. වර්ණ සම්පන්න වූ මුළුඇඟ මසින් පිරී පවතී. මෙය මාංශකල්‍යාණ නම්. සුදුදත් විවර රහිතව සමව පෙළට තැබූ වීදුරුකැටපෙළක් පබළු දලුවක හිඳවුවාක් මෙන් ශෝභමාන වේ. අට්ඨිකල්‍යාණය නම් මේය. ඡවි වර්ණය සිනිඳුය. නිලුපුල්දාමයක් සේ වෙයි. ඡවිකල්‍යාණය නම් මෙබඳුය. දහවරක් දරුවන් වැදුවත් වරක් වැදූ එකියක මෙන් යොවුන් බව පහ නොවීම පවතී. මෙය වයස්කල්‍යාණයයි.

අථස‍්ස මාතාපිතරො අට‍්ඨුත‍්තරසතබ්‍රාහ‍්මණෙ නිමන‍්තෙත්‍වා භොජෙත්‍වා “පඤ‍්චකල්‍යාණසමන‍්නාගතා ඉත්‍ථියො නාම හොන‍්තී”ති පුච‍්ඡිංසු. “ආම, හොන‍්තී”ති. “තෙන හි එවරූපං දාරිකං පරියෙසිතුං අට‍්ඨ ජනා ගච‍්ඡන‍්තූ”ති බහුං ධනං දත්‍වා “ආගතකාලෙ වො කත‍්තබ‍්බං ජානිස‍්සාම, ගච‍්ඡථ, එවරූපං දාරිකං පරියෙසථ, දිට‍්ඨකාලෙ ච ඉමං පිලන්‍ධනං දදෙය්‍යාථා”ති සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණමාලං දත්‍වා උය්‍යොජෙසුං.

ඉන්පසු ඔහුගේ මවුපියෝ බමුණන් එක්සියඅට දෙනෙකුන් කැඳවා කවාපොවා පංචකල්‍යාණයෙන් යුත් ස්ත්‍රීන් ඇද්දැයි විමසූහ. එසේය ඇත. එසේනම් එබඳු දැරියක් සෙවීමට අටදෙනෙක් යවයි. බොහෝ මිලමුදල් දී මෙය ඉටුකර ආපසු ඔබ වෙනුවෙන් කළයුතු දෙය දනිමු. යන්න ගොස් මෙබඳු දැරියක් සොයන්න. හමුවූ පසු මෙය පළඳවන්නැයි ලක්ෂයක් අගනා ස්වර්ණමය මාලයක් දී පිටත්කර හැරියාහ.

තෙ මහන‍්තමහන‍්තානි නගරානි ගන‍්ත්‍වා පරියෙසමානා පඤ‍්චකල්‍යාණසමන‍්නාගතං දාරිකං අදිස‍්වා නිවත‍්තිත්‍වා ආගච‍්ඡන‍්තා විවටනක‍්ඛත‍්තදිවසෙ සාකෙතං අනුප‍්පත‍්තා – “අජ‍්ජ අම‍්හාකං කම‍්මං නිප‍්ඵජ‍්ජිස‍්සතී”ති චින‍්තයිංසු. තස‍්මිං පන නගරෙ අනුසංවච‍්ඡරං විවටනක‍්ඛත‍්තං නාම හොති. තදා බහි අනික‍්ඛමනකුලානිපි පරිවාරෙන සද‍්ධිං ගෙහා නික‍්ඛමිත්‍වා අප‍්පටිච‍්ඡන‍්නෙන සරීරෙන පදසාව නදීතීරං ගච‍්ඡන‍්ති. තස‍්මිං දිවසෙ ඛත‍්තියමහාසාලාදීනං පුත‍්තාපි “අත‍්තනො සමානජාතිකං මනාපං කුලදාරිකං දිස‍්වා මාලාගුළෙන පරික‍්ඛිපිස‍්සාමා”ති තං තං මග‍්ගං නිස‍්සාය තිට‍්ඨන‍්ති. තෙපි ඛො බ්‍රාහ‍්මණා නදීතීරෙ එකං සාලං පවිසිත්‍වා අට‍්ඨංසු.

ඔවුහු විශාල නගරවලට ගොස් සොයන්නාහු පංචකල්‍යාණයෙන් සමන්විත දැරියක් නොදැක නැවතී ආපසු එනවිට සියල්ලන් එළියට අවුත් විනෝදවන නැකැත් ඇති දිනයක සාකේතයට පැමිණ අද අපසතු කටයුත්ත සම්පූර්ණවිය හැකියයි සිතූහ. ඒ නගරයෙහි වසරක් පාසා විවටනක්ඛත්ත (සියල්ලන් එළියට අවුත් ප්‍රීතිවන නැකතක්) නම් නැකත්කෙළිදිනයක් වෙයි. එදින එළියට නොබසින පවුල්වල අයද පිරිවර සහිතව ගෙයින් නික්මී සිරුරු නොවසා පයින්ම නදීතෙරට යති. ක්ෂත්‍රිය මහාසාලාදීන්ගේ පුතුන්ද තමන්ට සමානජාතික එමෙන් කුලදැරියන් දැක මල්මාලා දමා (නියම කරගැනීම) එන්නෙමුයයි ඒ ඒ මාර්ග අයින්වල රැඳී සිටිති. ඒ බමුණෝත් ගංඉවුරේ එක් ශාලාවක සිටියාහුය.

“තස‍්මිං ඛණෙ විසාඛා පන‍්නරසසොළසවස‍්සුද‍්දෙසිකා හුත්‍වා සබ‍්බාභරණපටිමණ‍්ඩිතා පඤ‍්චහි කුමාරිකාසතෙහි පරිවුතා නදිං ගන‍්ත්‍වා න‍්හායිස‍්සාමී”ති තං පදෙසං පත‍්තා, අථ ඛො මෙඝො උට‍්ඨහිත්‍වා පාවස‍්සි. පඤ‍්චසතා කුමාරිකායො වෙගෙන ගන‍්ත්‍වා සාලං පවිසිංසු. බ්‍රාහ‍්මණා ඔලොකෙන‍්තා තාසු එකම‍්පි පඤ‍්චකල්‍යාණසමන‍්නාගතං න පස‍්සිංසු. අථ විසාඛා පකතිගමනෙනෙව සාලං පාවිසි, වත්‍ථාභරණානි තෙමිංසු. බ්‍රාහ‍්මණා තස‍්සා චත‍්තාරි කල්‍යාණානි දිස‍්වා දන‍්තෙ පස‍්සිතුකාමා “අලසජාතිකා අම‍්හාකං ධීතා, එතිස‍්සා සාමිකො කඤ‍්ජිකමත‍්තම‍්පි න ලභිස‍්සති මඤ‍්ඤෙ”ති අඤ‍්ඤමඤ‍්ඤං කථයිංසු. අථ නෙ විසාඛා ආහ – “කං වදෙථ තුම‍්හෙ”ති? “තං කථෙම, අම‍්මා”ති. මධුරො හි තස‍්සා සද‍්දො කංසතාළසරො විය නිච‍්ඡරති. අථ නෙ පුන මධුරසද‍්දෙන “කිං කාරණා භණථා”ති පුච‍්ඡි. “තව පරිවාරිත්‍ථියො වත්‍ථාලඞ‍්කාරෙ අතෙමෙත්‍වා වෙගෙන සාලං පවිට‍්ඨා, තුය‍්හං එත‍්තකං ඨානං වෙගෙන ආගමනමත‍්තම‍්පි නත්‍ථි, වත්‍ථාභරණානි තෙමෙත්‍වා ආගතාසි. තස‍්මා කථෙම, අම‍්මා”ති.

ඒ වේලාවෙහි පසළොස් හැවිරිදි විශාඛාවත් සව්බරණින් සැරසී පන්සීයක් කුමාරිකාවන් සමග ගඟට ගොස් නහන්නෙමුයයි ඒ පෙදෙසට පැමිණියාහුය. එවිට මහ වර්ෂාවක් වැස්සේය. පන්සීයක් කුමරියෝ වේගයෙන් දුව අවුත් ශාලාවට පිවිසුණාහ. ඔවුන් දෙස බැලූ බමුණන්ට පංචකල්‍යාණයෙන් යුතු දැරියක් හමුනොවීය. විශාඛාවෝ ප්‍රකෘති ගමනින්ම ශාලාවට පිවිසියාය. වස්ත්‍රාභරණ තෙමී තිබිණි. බමුණෝ ඇයගේ කල්‍යාණ ලකුණු හතරක් දැක දන්ත කල්‍යාණය දැකගනු පිණිස, අලසගති ඇති මේ අපේ දුවණිය ලබන සැමියා නම් කැඳ ටිකක්වත් නොලබන්නෙකු වියහැකිය ආදි වශයෙන් ඔවුනොවුන් කථාබහ කළහ. ඉන්පසු විශාඛාව ඔවුන් අමතා, ඔබලා කුමක් කියන්නහුදැයි ඇසුවාය. ඔවුහු කළ කථාව කීහ. ඇගේ හඬ මිහිරිය. කංසතාලයකින් මෙන් හඬ නිකුත්වී යයි. නැවත ඇය මිහිරි හඬින්ම ඔබ කියන්නේ කුමක්දැයි නැවතත් විචාළාය. එය ඔවුහු කියා සිටිකල කුමක් නිසා එසේ කියවුදැයි ඇසුවාය. ඔබේ පිරිවර ස්ත්‍රීහු වස්ත්‍රාලංකාර තෙමා නොගෙන වේගයෙන් ශාලාවට පැමිණියාහුය. ඔබට මේ කෙටිදුරවත් වේගයෙන් එන්ට නොහැකිවී වස්ත්‍රාභරණ තෙමාගෙන ආවෙහිය. එහෙයින් අපි ඒ ගැන කථා කෙළෙමු.

“තාතා, එවං මා වදෙථ, අහං එතාහි බලවතරා, කාරණං පන සල‍්ලක‍්ඛෙත්‍වා ජවෙන නාගතාම‍්හී”ති. “කිං, අම‍්මා”ති? “තාතා, චත‍්තාරො ජනා ජවමානා න සොභන‍්ති, අපරම‍්පි කාරණං අත්‍ථී”ති. “කතමෙ චත‍්තාරො ජනා ජවමානා න සොභන‍්ති, අම‍්මා”ති? තාතා, අභිසිත‍්තරාජා තාව සබ‍්බාභරණපටිමණ‍්ඩිතො කච‍්ඡං බන්‍ධිත්‍වා රාජඞ‍්ගණෙ ජවමානො න සොභති, “කිං අයං රාජා ගහපතිකො විය ධාවතී”ති අඤ‍්ඤදත්‍ථු ගරහං ලභති, සණිකං ගච‍්ඡන‍්තොව සොභති. රඤ‍්ඤො මඞ‍්ගලහත්‍ථීපි අලඞ‍්කතො ජවමානො න සොභති, වාරණලීළාය ගච‍්ඡන‍්තොව සොභති. පබ‍්බජිතො ජවමානො න සොභති, “කිං අයං සමණො ගිහී විය ධාවතී”ති කෙවලං ගරහමෙව ලභති, සමිතගමනෙන පන සොභති. ඉත්‍ථී ජවමානා න සොභති, “කිං එසා ඉත්‍ථී පුරිසො විය ධාවතී”ති ගරහිතබ‍්බාව හොති, “ඉමෙ චත‍්තාරො ජනා ජවමානා න සොභන‍්ති, තාතා”ති. “කතමං පන අපරං කාරණං, අම‍්මා”ති? “තාතා, මාතාපිතරො නාම ධීතරං අඞ‍්ගපච‍්චඞ‍්ගානි සණ‍්ඨාපෙත්‍වා පොසෙන‍්ති. මයඤ‍්හි වික‍්කිණෙය්‍යභණ‍්ඩං නාම, අම‍්හෙ පරකුලපෙසනත්‍ථාය පොසෙන‍්ති. සචෙ ජවමානානං නිවත්‍ථදුස‍්සකණ‍්ණෙ වා අක‍්කමිත්‍වා භූමියං වා පක‍්ඛලිත්‍වා පතිතකාලෙ හත්‍ථො වා පාදො වා භිජ‍්ජෙය්‍ය, කුලස‍්සෙව භාරො භවෙය්‍ය, පසාධනභණ‍්ඩං පන මෙ තෙමෙත්‍වා සුස‍්සිස‍්සති. ඉමං කාරණං සල‍්ලක‍්ඛෙත්‍වා න ධාවිතාම‍්හි, තාතා”ති.

දරුවනි, එසේ නොකියව්. මා මොවුන්ගේ භාරකරුය. මේ කරුණු ගැන සලකා ජවයෙන් නාවෙමියි කීවාය. මෑණියනි ඒ කුමක් නිසාද? දරුවනි, සතර දෙනෙකුගේ දුවමන නොහොබනේය. තවද කරුණක් ඇත. මෑණියනි, කවර නම් සතරදෙනාගේ දුවයෑම නොහොබීද? දරුවනි, අභිෂේක ලැබූ රජවරු සව්බරණින් සැරසී අමුඩයක් ගසාගෙන රාජාංගනයෙහි දිවීම නොහොබී. මේ මහරජ ගොවියකු මෙන් දුවයි කියා දුටුදුටුවන්ගේ නින්දා අපහාස ලබයි. එනිසා රජු සෙමින් යන විට හොබණේය. රජුගේ මගුල්ඇතාද අලංකාර ලෙස සැරසුණේ දුවමින් යන ගමන නොහොබී. ඇත් ගමනින් යන විටම හොබී. පැවිද්දාගේද දුවමින් වේගයෙන් යන ගමන නොහොබී. මේ ශ්‍රමණයා ගිහියකු වගේ දුවන්නේ ඇයිදැයි ගර්හා ලබයි. සාමාන්‍ය ගමනම පැවිද්දාට හොබණේය. දුවන ස්ත්‍රියද ශෝභමාන නොවෙයි. ඇයි, මේ ස්ත්‍රිය පිරිමියෙකු මෙන් දුවන්නීයයි ගර්හා කටයුතුවේ. මේ සිවුදෙනා දුවනවිට නොහොබී. මෑණියනි, එය අපි පිළිගනිමු. තවත් කාරණා ඇද්දැයි බමුණෝ ඇසූහ. එසේය දරුවනි, මවුපියෝ දුවගේ අඟපසඟ සකස්කොට පෝෂණය කරත්. අප වනාහි විකිණීමට ඇති භාණ්ඩ මෙනි. අප පෝෂණය කරන්නේ වෙනත් පවුල්වලට යැවීම සඳහාය. ඉතින් දුවනවිට රෙදිකෙළවර හෝ පෑගී බිම වැටුණොත් අත්පා කැඩීබිඳී යාහැකිය. එසේ වුවහොත් සිය ගෙදරම නැවතීමට සිදුවේ. අඳිනපළඳින දේ තෙමුණත් වියළීයයි. දරුවනි, මේ ආදි කරුණු සලකා නොදිව්වෙමියි කීවාය.

බ්‍රාහ‍්මණා තස‍්සා කථනකාලෙ දන‍්තසම‍්පත‍්තිං දිස‍්වා “එවරූපා නො දන‍්තසම‍්පත‍්ති දිට‍්ඨපුබ‍්බා”ති තස‍්සා සාධුකාරං දත්‍වා, “අම‍්ම, තුය‍්හමෙවෙසා අනුච‍්ඡවිකා”ති වත්‍වා තං සුවණ‍්ණමාලං පිලන්‍ධයිංසු. අථ නෙ පුච‍්ඡි – “කතරනගරතො ආගතාත්‍ථ, තාතා”ති? “සාවත්‍ථිතො, අම‍්මා”ති. “සෙට‍්ඨිකුලං කතරං නාමා”ති? “මිගාරසෙට‍්ඨි නාම, අම‍්මා”ති. “අය්‍යපුත‍්තො කො නාමා”ති? “පුණ‍්ණවඩ‍්ඪනකුමාරො නාම, අම‍්මා”ති. සා “සමානජාතිකං නො කුල”න‍්ති අධිවාසෙත්‍වා පිතු සාසනං පහිණි “අම‍්හාකං රථං පෙසෙතූ”ති. කිඤ‍්චාපි හි සා ආගමනකාලෙ පදසා ආගතා, සුවණ‍්ණමාලාය පන පිලන්‍ධනකාලතො පට‍්ඨාය තථා ගන‍්තුං න ලභති, ඉස‍්සරදාරිකා රථාදීහි ගච‍්ඡන‍්ති, ඉතරා පකතියානකං වා අභිරුහන‍්ති, ඡත‍්තං වා තාලපණ‍්ණං වා උපරි කරොන‍්ති, තස‍්මිම‍්පි අසති නිවත්‍ථසාටකස‍්ස දසන‍්තං උක‍්ඛිපිත්‍වා අංසෙ ඛිපන‍්තා ගච‍්ඡන‍්ති එව. තස‍්සා පන පිතා පඤ‍්ච රථසතානි පෙසෙසි. සා සපරිවාරා රථං ආරුය‍්හ ගතා. බ්‍රාහ‍්මණාපි එකතොව අගමංසු.

බමුණෝ ඈ කථා කරන අතරතුර දන්ත සම්පත්තිය දැක මෙබඳු දන්තකල්‍යාණයක් අපි මීට පෙර දැක නැතැයි ඈට සාධුකාර දී මෑණියනි, ඔබටම මෙය සුදුසුවන්නේයයි කියා ගෙනගිය රන්මාලය පැළඳවූවාහුය. ඉන්පසු ඈ, ඔබ කවර නුවරක සිට ආවාහුදැයි ඇසුවාය. මෑණියනි, සැවැත්නුවර සිටයි. කවර සිටුපවුලෙන්ද. මෑණියනි, මිගාරසිටු කුලයෙනි. එහි ප්‍රධාන ආර්යපුත්‍රයා කවරෙක්ද? මෑණියනි, පුණ්ණවඩ්ඪන කුමරායි. ඈ තමාට සමාන කුලයකියි පිළිගෙන පියාට, අපට රථයක් එවන්නැයි හසුනක් යැව්වාය. ඈ එනවිට පයින් ආ නමුත් මාලය පැළඳූ වේලාවේ පටන් එසේ යාමට නුපුළුවන. ඉසුරුමත් කාන්තාවෝ රථාදියෙන්ම යෙති. සෙස්සෝ ප්‍රකෘති යානයකට හෝ නැගී යෙති. කුඩයක් හෝ තල්අත්තක් හෝ ඉසලා ගනිති. එසේ නැතිවිට ඇඳි රෙද්දෙන් වාටියක් හෝ ඉරා දසරුවෙහි ලා ගනිති. ඇගේ පියා රිය පන්සීයක් එවීය. ඈ සපිරිවරින් රියට නැගී ගියාය. බමුණෝද එක්ව ගියාහුය.

අථ නෙ සෙට‍්ඨි පුච‍්ඡි – “කුතො ආගතාත්‍ථා”ති? “සාවත්‍ථිතො මහාසෙට‍්ඨී”ති. “සෙට‍්ඨි කතරො නාමා”ති? “මිගාරසෙට‍්ඨි නාමා”ති. “පුත‍්තො කො නාමා”ති? “පුණ‍්ණවඩ‍්ඪනකුමාරො නාම මහාසෙට‍්ඨී”ති. “ධනං කිත‍්තක”න‍්ති? “චත‍්තාලීසකොටියො මහාසෙට‍්ඨී”ති. “ධනං තාව අම‍්හාකං ධනං උපාදාය කාකණිකමත‍්තං, දාරිකාය පන ආරක‍්ඛමත‍්තාය ලද‍්ධකාලතො පට‍්ඨාය කිං අඤ‍්ඤෙන කාරණෙනා”ති අධිවාසෙසි. සො තෙසං සක‍්කාරං කත්‍වා එකාහද‍්වීහං වසාපෙත්‍වා උය්‍යොජෙසි.

ඉන්පසු සිටුවරයා ඔවුන්ගෙන් කොහි සිට ආවාහුදැයි ඇසීය. මහාසිටුතුමනි, සැවැත්නුවර සිටයි. නුඹලාගේ සිටුවරයා කිනම්ද? මිගාර නම් සිටුහුයි. ඔහුගේ පුතාගේ නම කුමක්ද, පුණ්ණවඩ්ඪන නම් කුමරායි. කෙතෙක් ධනවත්ද? මහාසිටුතුමනි, සතළිස් කෝටියකි. ධනය නම් අපේ ධනය හා සසඳන විට කාකණිකයක් (පහෙන් දෙකක්) පමණය. රන්මාලයකුත් දී ඇති හෙයින් එයිනුත් දැරියට ආරක්ෂාවක් ලැබෙන නිසා වෙනත් ධනයක් නැතත් ප්‍රමාණවත් වේයයි ඉවසා සිටියේය. හෙතෙම ඔවුන්ට සත්කාර කොට දවසක් දෙකක් නවත්වාගෙන සිට පිටත්කර හැරියේය.

තෙ සාවත්‍ථිං ගන‍්ත්‍වා මිගාරසෙට‍්ඨිස‍්ස “ලද‍්ධා නො දාරිකා”ති ආරොචයිංසු. “කස‍්ස ධීතා”ති? “ධනඤ‍්චයසෙට‍්ඨිනො”ති. සො “මහාකුලස‍්ස මෙ දාරිකා ලද‍්ධා, ඛිප‍්පමෙව නං ආනෙතුං වට‍්ටතී”ති තත්‍ථ ගමනත්‍ථං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “‘මහාකුලං එතං මයා බිම‍්බිසාරස‍්ස සන‍්තිකා ආනෙත්‍වා සාකෙතෙ නිවෙසිතං, තස‍්ස සම‍්මානං කාතුං වට‍්ටතී’ති අහම‍්පි ආගමිස‍්සාමී”ති ආහ, සො “සාධු, දෙවා”ති වත්‍වා ධනඤ‍්චයසෙට‍්ඨිනො සාසනං පෙසෙසි – “මයි ආගච‍්ඡන‍්තෙ රාජාපි ආගමිස‍්සති, මහන‍්තං රාජබලං එත‍්තකස‍්ස ජනස‍්ස කත‍්තබ‍්බයුත‍්තකං කාතුං සක‍්ඛිස‍්සසි, න සක‍්ඛිස‍්සසී”ති? ඉතරොපි “සචෙපි දස රාජානො ආගච‍්ඡන‍්ති, ආගච‍්ඡන‍්තූ”ති පටිසාසනං පෙසෙසි. මිගාරසෙට‍්ඨි තාව මහන‍්තෙ නගරෙ ගෙහගොපකමත‍්තං ඨපෙත්‍වා සෙසජනං ආදාය ගන‍්ත්‍වා අඩ‍්ඪයොජනමත‍්තෙ ඨානෙ ඨත්‍වා “ආගතාම‍්හා”ති සාසනං පහිණි.

ඔවුහු සැවැත්නුවරට ගොස් අප විසින් දැරියක් සොයා ගත්තෙමුයයි මිගාර සිටුවරයාට දන්වා සිටියහ. සිටුවරයා ඔවුන්ගෙන්, ඒ කාගේ දුවකදැයි ඇසුවේය. ධනංජය සිටුවරයාගේය. ඔහු මහාකුලයකින් මට දැරියක් ලැබිණි. වහාම ඈ ගෙන්වා ගතයුතුයයි එහි යෑම සඳහා රජුට දන්වා සිටියේය. රජු මෙය මහකුලයකි. මාවිසින් බිම්බිසාර ළඟට ගෙනවුත් සාකේතයෙහි නවත්වන ලදි. ඔහුට සම්මාන කළයුතුයයි මමත් ඒ ගමනට එන්නෙමියි කීවේය. හෙතෙම යහපති දේවයිනියි කියා ධනංජය සිටුවරයා වෙත, මා එන විට මහත් බලකායක් සමග රජතුමාත් එන්නේය. මෙතරම් පිරිසකට අවශ්‍ය කටයුතු සංවිධාන කිරීමට හැකිද නොහැකිදැයි අසා හසුනක් යැවීය. ධනංජය, ඉදින් රජවරු දසදෙනෙක් ආවත් කමක් නැතැයි ප්‍රතිහසුනක් එවීය. මිගාර සිටුහුත් ගෙවල්දොරවල් බලාගන්නා අය හැර සෙසු සියල්ලන් කැඳවාගෙන සාකේත නුවරට අඩයොදුනක් පමණ තැන් තබා අපි ආවෙමුයයි හසුනක් යැවීය.

ධනඤ‍්චයසෙට‍්ඨි බහුපණ‍්ණාකාරං පෙසෙත්‍වා ධීතරා සද‍්ධිං මන‍්තෙසි, “අම‍්ම, සසුරො කිර තෙ කොසලරඤ‍්ඤා සද‍්ධිං ආගතො, තස‍්ස කතරං ගෙහං පටිජග‍්ගිතබ‍්බං, රඤ‍්ඤො කතරං, උපරාජාදීනං කතරානී”ති? පණ‍්ඩිතා සෙට‍්ඨිධීතා වජිරග‍්ගතිඛිණඤාණා කප‍්පසතසහස‍්සං පත්‍ථිතපත්‍ථනා අභිනීහාරසම‍්පන‍්නා “සසුරස‍්ස මෙ අසුකගෙහං පටිජග‍්ගථ, රඤ‍්ඤො අසුකගෙහං, උපරාජාදීනං අසුකානී”ති සංවිදහිත්‍වා දාසකම‍්මකරෙ පක‍්කොසාපෙත්‍වා “එත‍්තකා රඤ‍්ඤො කත‍්තබ‍්බකිච‍්චං කරොථ, එත‍්තකා උපරාජාදීනං, හත්‍ථිඅස‍්සාදයොපි තුම‍්හෙයෙව පටිජග‍්ගථ, අස‍්සබන්‍ධාදයොපි ආගන‍්ත්‍වා මඞ‍්ගලඡණං අනුභවිස‍්සන‍්තී”ති සංවිදහි. “කිං කාරණා”? “‘මයං විසාඛාය මඞ‍්ගලට‍්ඨානං ගන‍්ත්‍වා න කිඤ‍්චි ලභිම‍්හ, අස‍්සරක‍්ඛණාදීනි කරොන‍්තා සුඛං න විචරිම‍්හා’ති කෙචි වත‍්තුං මා ලභිංසූ”ති.

ධනංජය සිටු බොහෝ පණිවුඩ කරුවන් හා පුද පඬුරු යවා දුව සමග - දුව, තොපගේ මයිලණුවෝ කොසොල්රජුත් සමග ආවෝය. ඔහුට කිනම් ගෙයක් පිළියෙල කරමුද, රජුන්ට කිනම් ගෙයද, යුවරජාදීන්ට කිනම් ගෙවල්දැයි ඇසුවේය. සිටුදුව නුවණැතිය. වජ්‍රාග්‍රයක් වැනි තියුණු බුද්ධියෙන් යුතුය. කප්ලක්ෂයක පටන් කළ ප්‍රාර්ථනා ඇත්තීය. පෙරුම් පුරා ඇති ඕතොමෝ මගේ මාමාට අසවල් ගෙයද, රජුන්ට අසවල් ගෙයද, උපරාජාදීන්ට අසවල් ගෙවල්යයිද නියමකොට සංවිධානය කරවා දැසිදස්කම්කරුවන් කැඳවා රජුන් වෙනුවෙන් මේ දේ කරව්, උපරාජාදීන්ට මේ දේයයි වැඩෙහි යොදවා, ඇත්අස් ආදීහු තෙපිම පෝෂණය කරව්, එවිට අසුන් ඇතුන් බඳිනා අයද අවුත් මගුල්සැණකෙළියට සහභාගීවනු ඇතියි ඒ ලෙස සියල්ල සංවිධාන කළාය. එලෙසින් කරනලද්දේ කුමක් නිසාදයත්, අපි විශාඛාවගේ මංගල්‍යස්ථානයට ගොස් කිසිවක් නොලැබීමු. ඇතුන් අසුන් බලාගනිමින් සිටියෙමුයි කිසිවකුටත් කථාකිරීමට ඉඩ නොලබාදීම සඳහාය.

තං දිවසමෙව විසාඛාය පිතා පඤ‍්චසතෙ සුවණ‍්ණකාරෙ පක‍්කොසාපෙත්‍වා “ධීතු මෙ මහාලතාපසාධනං නාම කරොථා”ති රත‍්තසුවණ‍්ණස‍්ස නික‍්ඛසහස‍්සං, තදනුරූපානි ච රජතමණිමුත‍්තාපවාළවජිරාදීනි දාපෙසි. රාජා කතිපාහං වසිත්‍වාව ධනඤ‍්චයසෙට‍්ඨිස‍්ස සාසනං පහිණි “න සක‍්කා සෙට‍්ඨිනා අම‍්හාකං චිරං පොසනං නාම කාතුං, දානි දාරිකාය ගමනකාලං ජානාතූ”ති.

විශාඛාවගේ පියා එදිනම පන්සීයක් රන්කරුවන් කැඳවා මගේ දුවණියට මහලියපළඳනාවක් කරව්යයි, ශුද්ධ රත්රන් කලං දහසක්ද, ඊට අදාළ රිදී මුතු පබළු වජ්‍ර ආදියද දෙවීය. රජු කීපදිනක් ගතකොට ධනංජය සිටුවරයාට මෙබඳු හසුනක් යැවීය. සිටාණනි, ඔබට අප පෝෂණය කිරීමත් අපහසුවකි. දැරිය කැඳවාගෙන යන දිනය දන්වා එවන්න.

සොපි රඤ‍්ඤො සාසනං පෙසෙසි – “ඉදානි වස‍්සකාලො ආගතො, න සක‍්කා චතුමාසං විචරිතුං, තුම‍්හාකං බලකායස‍්ස යං යං ලද‍්ධුං වට‍්ටති, සබ‍්බං තං මම භාරො, මයා පෙසිතකාලෙ දෙවො ගමිස‍්සතී”ති. තතො පට‍්ඨාය සාකෙතනගරං නිච‍්චනක‍්ඛත‍්තං විය අහොසි. රාජානං ආදිං කත්‍වා සබ‍්බෙසං මාලාගන්‍ධවත්‍ථාදීනි පටියත‍්තානෙව හොන‍්ති. තතො තෙ ජනා චින‍්තයිංසු – “සෙට‍්ඨි අම‍්හාකමෙව සක‍්කාරං කරොතී”ති, එවං තයො මාසා අතික‍්කන‍්තා, පසාධනං පන තාව න නිට‍්ඨාති. කම‍්මන‍්තාධිට‍්ඨායකා ආගන‍්ත්‍වා සෙට‍්ඨිනො ආරොචෙසුං – “අඤ‍්ඤං අසන‍්තං නාම නත්‍ථි, බලකායස‍්ස පන භත‍්තපචනදාරූනි නප‍්පහොන‍්තී”ති.

සිටුවරයාත් රජුන්ට ලිපියක් යැවීය: මේ වැසිකාලයයි. සිවුමසක් ඇතුළත එහෙමෙහෙ ඇවිදීම අපහසුය. ඔබතුමාගේ බලකායට අවශ්‍ය ද සැපයීම මට භාරය. දේවයන්වහන්ස, එනිසා මා කියා එවන වේලාවෙහි යමු’ය කියායි. එතැන්පටන් මුළු සාකේත නගරය නිරන්තර නැකැත්කෙළියක් විය. රජුන් ඇතුළු සියල්ලන්ට මල්ගඳවිලවුන් හා වස්ත්‍රාදිය පිළියෙලවී තිබිණි. ඒ සිය්ලලෝ මේ සිටුවරයා අපටම සැළකිලි කරයි. මේ අයුරින් දැන් තෙමසක් ඉක්ම ගියේය. මහලියපළිඳනාව මෙතෙක්ම නිමවා අවසන් නොවීය. කර්මාන්තය භාරකරුවෝ අවුත් සිටුවරයාට; අපට වෙනත් අවශ්‍ය දෙය්ක නම් නැත. බලකායට ආහාර පිසීමට අවශ්‍ය දර ප්‍රමාණවත් නැතැයි කීහ.

“ගච‍්ඡථ, තාතා, ඉමස‍්මිං නගරෙ පරිජිණ‍්ණා හත්‍ථිසාලාදයො චෙව පරිජිණ‍්ණකානි ච ගෙහානි ගහෙත්‍වා පචථා”ති. එවං පචන‍්තානම‍්පි අඩ‍්ඪමාසො අතික‍්කන‍්තො. තතො පුනපි “දාරූනි නත්‍ථී”ති ආරොචයිංසු. “ඉමස‍්මිං කාලෙ න සක‍්කා දාරූනි ලද‍්ධුං, දුස‍්සකොට‍්ඨාගාරානි විවරිත්‍වා ථූලසාටකෙහි වට‍්ටියො කත්‍වා තෙලචාටීසු තෙමෙත්‍වා භත‍්තං පචථා”ති. තෙ අඩ‍්ඪමාසං තථා අකංසු. එවං චත‍්තාරො මාසා අතික‍්කන‍්තා, පසාධනම‍්පි නිට‍්ඨිතං.

සිටුවරයා, ඔවුන් අමතා, යම් මේ නගරයේ දිරාගිය ඇත්ශාලා, දිරූ ගෙවල් කඩා ඒ දර ගෙන ආහාර පිසව්යයි කීය. එසේ කළත් තවත් අඩමසකින් පැමිණ දර නැතැයි දැන්වූහ. මේ කාලයේ දර සෙවීම අපහසුය. රෙදි ගබඩා හැර ගොරෝසු සළු රැගෙන වැටි වශයෙන් හදා තෙල්සැළිවල දමා තෙමා ආහාර පිසව්යයි නියෝග කෙළේය. ඔවුහු අඩමසක් එසේ කළහ. මෙසේ සිවුමසක් ගතවෙන විටත් පළඳනාවේ වැඩ අවසන් නොවීය.

තස‍්මිං පසාධනෙ චතස‍්සො වජිරනාළියො උපයොගං අගමංසු, මුත‍්තානං එකාදස නාළියො, පවාළස‍්ස බාවීසති නාළියො, මණීනං තෙත‍්තිංස නාළියො. ඉති එතෙහි ච අඤ‍්ඤෙහි ච රතනෙහි නිට‍්ඨානං අගමාසි. අසුත‍්තමයං පසාධනං රජතෙන සුත‍්තකිච‍්චං කරිංසු. තං සීසෙ පටිමුක‍්කං පාදපිට‍්ඨිං ගච‍්ඡති. තස‍්මිං තස‍්මිං ඨානෙ මුද‍්දිකා යොජෙත්‍වා කතා සුවණ‍්ණමයා ගණ‍්ඨිකා හොන‍්ති, රජතමයා පාසකා, මත්‍ථකමජ‍්ඣෙ එකා මුද‍්දිකා, ද‍්වීසු කණ‍්ණපිට‍්ඨීසු ද‍්වෙ, ගලවාටකෙ එකා, ද‍්වීසු ජත‍්තූසු ද‍්වෙ, ද‍්වීසු කප‍්පරෙසු ද‍්වෙ, ද‍්වීසු කටිපස‍්සෙසු ද‍්වෙති. තස‍්මිං ඛො පන පසාධනෙ එකං මොරං කරිංසු, තස‍්ස දක‍්ඛිණපක‍්ඛෙ රත‍්තසුවණ‍්ණමයානි පඤ‍්ච පත‍්තසතානි අහෙසුං, වාමපක‍්ඛෙ පඤ‍්ච පත‍්තසතානි, තුණ‍්ඩං පවාළමයං, අක‍්ඛීනි මණිමයානි, තථා ගීවා ච පිඤ‍්ඡානි ච, පත‍්තනාළියො රජතමයා, තථා ජඞ‍්ඝායො. සො විසාඛාය මත්‍ථකමජ‍්ඣෙ පබ‍්බතකූටෙ ඨත්‍වා නච‍්චනමයූරො විය ඛායති. පත‍්තනාළිසහස‍්සස‍්ස සද‍්දො දිබ‍්බසඞ‍්ගීතං විය පඤ‍්චඞ‍්ගිකතූරියඝොසො විය ච පවත‍්තති. සන‍්තිකං උපගතායෙව තස‍්සා අමොරභාවං ජානන‍්ති. පසාධනං නවකොටිඅග‍්ඝනකං අහොසි, සතසහස‍්සං හත්‍ථකම‍්මමූලං දීයිත්‍ථ.

පළඳනාවේ නූල්වලින් කළයුතු තැන් රන්නූලෙන් කරනලදි. එය පැළඳිකල ඉස්මුදුනේ සිට පිටිපතුල දක්වා වැටෙයි. තැන්තැන්වල මුදුත් යොදා තිබිණි. රත්රන් ගැටද විය. ඒ කොකු ගන්වනපාස හෙවත් මළ රිදීය. මස්තක මුදුනේ එක් මුදුවකි. කන්සිළු දෙකෙළවර මුදු දෙකකි. ගළවළුව ළඟ එක් මුද්දකි. දෙදසරුවේ මුදු දෙකකි. දෙවැලමිටදී දෙකකි. උකුළු දෙකෙළවර මුදු දෙකකි. ඒ ප්‍රසාධනයේ මුදුනෙහි නටන මොනරෙකි. උගේ දකුණු පියාපතේ ස්වර්ණමය පියාපත් පන්සීයකි. වම් පියාපතේද පියාපත් පන්සීයකි. තුඩ පබළුමුවාය. ඇස් නීලමාණික්‍යමයය. ග්‍රීවයත් පිළත් නිල්මිණිමුවාය. තඹවන්තටු රන්මුවාය. පාසඟලත් එසේමය. විශාඛාව ඒ ආභරණය පැළඳි කල පර්වතමුදුනක සිට නටන මොනරකුමෙන් දිස්විය. පියාපත් දහසක හඬ දිව්‍යසංගීතයක් මෙන් හෝ පංචාංගිකතූර්ය නාදයක් මෙන් හෝ පැවතිණි. සමීඵයට පැමිණි කෙනෙක් පමණක් ඌ ජීවමාන මොනරකු නොවන බව දැනගත්හ. ඒ පළඳනාව කෝටි නවයක් අගනේය. සෑදීමේ කුලිය පමණක් ලක්ෂයකි.

“කිස‍්ස පන නිස‍්සන්‍දෙන තායෙතං පසාධනං ලද‍්ධ”න‍්ති? සා කිර කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ වීසතියා භික‍්ඛුසහස‍්සානං චීවරසාටකං දත්‍වා සුත‍්තම‍්පි සූචියොපි රජනම‍්පි අත‍්තනො සන‍්තකමෙව අදාසි. තස‍්ස චීවරදානස‍්ස නිස‍්සන්‍දෙන ඉමං මහාලතාපසාධනං ලභි. ඉත්‍ථීනඤ‍්හි චීවරදානං මහාලතාපසාධනභණ‍්ඩෙන මත්‍ථකං පප‍්පොති, පුරිසානං ඉද‍්ධිමයපත‍්තචීවරෙනාති. එවං මහාසෙට‍්ඨි චතූහි මාසෙහි ධීතු පරිවච‍්ඡං කත්‍වා තස‍්සා දෙය්‍යධම‍්මං දදමානො කහාපණපූරානි පඤ‍්ච සකටසතානි අදාසි, සුවණ‍්ණභාජනපූරානි පඤ‍්ච, රජතභාජනපූරානි පඤ‍්ච, තම‍්බභාජනපූරානි පඤ‍්ච, පත‍්තුණ‍්ණවත්‍ථකොසෙය්‍යවත්‍ථපූරානි පඤ‍්ච, සප‍්පිපූරානි පඤ‍්ච, තෙලපූරානි පඤ‍්ච, සාලිතණ‍්ඩුලපූරානි පඤ‍්ච, නඞ‍්ගලඵාලාදිඋපකරණපූරානි පඤ‍්චසකටසතානි අදාසි. එවං කිරස‍්ස අහොසි – “මම ධීතු ගතට‍්ඨානෙ ‘අසුකෙන නාම මෙ අත්‍ථො’ති මා පරස‍්ස ගෙහද‍්වාරං පහිණී”ති. තස‍්මා සබ‍්බූපකරණානි දාපෙසි. එකෙකස‍්මිං රථෙ සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතා තිස‍්සො තිස‍්සො වණ‍්ණදාසියො ඨපෙත්‍වා පඤ‍්ච රථසතානි අදාසි. “එතං න‍්හාපෙන‍්තියො භොජෙන‍්තියො අලඞ‍්කරොන‍්තියො විචරථා”ති දියඩ‍්ඪසහස‍්සපරිචාරිකායො අදාසි. අථස‍්ස එතදහොසි – “මම ධීතු ගාවො දස‍්සාමී”ති. සො පුරිසෙ ආණාපෙසි – “ගච‍්ඡථ භණෙ චූළවජස‍්ස ද‍්වාරං විවරිත්‍වා තීසු ගාවුතෙසු තිස‍්සො භෙරියො ගහෙත්‍වා තිට‍්ඨථ, පුථුලතො උසභමත‍්තෙ ඨානෙ උභොසු පස‍්සෙසු තිට‍්ඨථ. ගාවීනං තතො පරං ගන‍්තුං මා අදත්‍ථ. එවං ඨිතකාලෙ භෙරිසඤ‍්ඤං කරෙය්‍යාථා”ති. තෙ තථා අකංසු. තෙ ගාවීනං වජතො නික‍්ඛමිත්‍වා ගාවුතං ගතකාලෙ භෙරිසඤ‍්ඤං අකංසු, පුන අඩ‍්ඪයොජනං ගතකාලෙ අකංසු. පුනපි තිගාවුතං ගතකාලෙ භෙරිසඤ‍්ඤං අකංසු, පුථුලතො ගමනඤ‍්ච නිවාරෙසුං. එවං දීඝතො තිගාවුතෙ, පුථුලතො උසභමත‍්තෙ ඨානෙ ගාවියො අඤ‍්ඤමඤ‍්ඤං නිඝංසන‍්තියො අට‍්ඨංසු.

කිනම් කුශල හේතුවකින් ඈ මේ පළඳනාව ලැබුවාද? ඈ කාශ්‍යප බුදුන්කල විසිදහසක් භික්ෂූන්ට චීවර සඳහා රෙදි පූජාකොට නූල්ද ඉදිකටුද පඬුද තමන්ම දුන්නාය. ඒ චීවරදානයේ පිනෙන් මේ ප්‍රසාධනය ලැබුවාය. ස්ත්‍රීන්ට චීවරදාන නිසා මහලියපළඳනාවක් ලැබීමෙන් පින මස්තකප්‍රාප්ත වෙයි. පුරුෂයන්ට සෘද්ධිමය පාත්‍ර හා සිවුරු ලැබීමෙනි. මෙසේ ඒ මහසිටු සිවුමසක් දුවට මගුල් පෙරහැර පවත්වා ඈට කහවනු පිරවූ ගැල් පන්සීයක් දායාද වශයෙන් දුන්නේය. ඒ හැරුණුකොට රත්රන් පිරවූ ගැල්පන්සීයක්, රිදී පිරවූ ගැල් පහක්, තඹ බඳුන් ගැල් පහක්, පටරෙදි හා කෝසෙය්‍ය වස්ත්‍ර පිරවූ ගැල් පන්සීයක්, ගිතෙල්, ඇල්හාල් පිරවූ ගැල් පහක්, නගුල් වියගස් ආදිය පිරවූ ගැල් පන්සීයක් ආදි වශයෙන් දුන්නේය. එසේ කරන ලද්දේ මගේ දුව ගිය තැනකදී අසවල් දෙය මට අවශ්‍යයයි අනුන්ගේ ගෙවල්වලට කිසිවකු නොයැවිය යුතුයයි සිතමින්ය. එක් එක් රියක සර්වාලංකාරයෙන් සැරසුණු වර්ණදාසීන් (වෙශ්‍යාවන්) තිදෙනා බැගින් ඇති රථ පන්සීයක්ද දුන්නේය. කුමරිය නෑවීම, ආහාර කැවීම, සැරසීම ආදිය කරව්යයි එක්දහස් පන්සීයක් පරිචාරිකාවන්ද දුන්නේය. ඉන්පසු මගේ දුවට සරකුන්ද අවශ්‍යයයි සිතා, මිනිසුන්ට කථාකොට සගයෙනි යව්. කුඩා ගවගාල හැර දිගින් තුන්ගව්වක් තුළ බෙරතුනක් ගෙන සිටිව්. පළලින් රියන් එක්සිය සතළිසක් තැන බෙර රැගෙන සිටිව්. දෙනුන්ට ඉන් එහා යෑමට ඉඩ නොදෙව්. එසේ සිට බෙරහඬ නංවාලවයි කීවේය. ඔවුහු එසේ කළහ. ඔවුහු දෙනුන් ගාලෙන් නික්මී ගව්වක් ගිය තැන බෙර නාදකළහ. නැවත අඩ යොදුනක් ගියකල බෙර ගැසූහ. නැවතත්ත තුන් ගව්වක් ගිය කලද බෙර නාදකළහ. හරස් අතට දෙනුන්ගේ ගමනද නැවැත්වූහ. මෙසේ දිගින් ගව්තුනක්ද පළලින් රියන් එකසිය හතළිහක්ද යන බිම් පෙදෙසක දෙන්නු ඔවුනොවුන් එකට ගැටෙමින් පිරී සිටියහ.

මහාසෙට‍්ඨි “මම ධීතු එත‍්තකා ගාවො අලං, ද‍්වාරං පිදහථා”ති වජද‍්වාරං පිදහාපෙසි. ද‍්වාරස‍්මිං පිදහිතෙ විසාඛාය පුඤ‍්ඤබලෙන බලවගාවො ච ධෙනුයො ච උප‍්පතිත්‍වා උප‍්පතිත්‍වා නික‍්ඛමිංසු. මනුස‍්සානං වාරෙන‍්තානං වාරෙන‍්තානමෙව සට‍්ඨිසහස‍්සා බලවගාවො ච සට‍්ඨිසහස‍්සා ධෙනුයො ච නික‍්ඛන‍්තා, තත‍්තකා බලවවච‍්ඡා තාසං ධෙනූනං උසභා උප‍්පතිත්‍වා අනුබන්‍ධා අහෙසුං.

සිටුතෙම, මගේ දුවට මෙපමණක් දෙනුන් සෑහෙයි. දොරවල් වසව්යයි ගාල්දොර වැස්සවීය. එසේ වැසූකල විශාඛාවගේ පින්බලයෙන් සැට දහසක් ගොනුන්ද දෙනුන්ද පැනපැන අවුත් නික්මුණාහ. මිනිස්සු වළක්වද්දීත් එපමණක් ගොන්නුද දෙන්නු නික්මුණාහුය. එහි වසුපැටියෝ ඒ දෙනුන්ගේ වෘෂභයන් බවට පත්වූහ.

“කිස‍්ස පන නිස‍්සන්‍දෙන එවං ගාවො ගතා”ති? නිවාරෙන‍්තානං නිවාරෙන‍්තානං දින‍්නදානස‍්ස. සා කිර කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ කිකිස‍්ස රඤ‍්ඤො සත‍්තන‍්නං ධීතානං කනිට‍්ඨා සඞ‍්ඝදාසී නාම හුත්‍වා වීසතියා භික‍්ඛුසහස‍්සානං පඤ‍්චගොරසදානං දදමානා ථෙරානඤ‍්ච දහරානඤ‍්ච සාමණෙරානඤ‍්ච පත‍්තං පිදහිත්‍වා, “අලං, අල”න‍්ති නිවාරෙන‍්තානම‍්පි “ඉදං මධුරං, ඉදං මනාප”න‍්ති අදාසි. එවං තස‍්ස නිස‍්සන්‍දෙන වාරියමානාපි ගාවො නික‍්ඛමිංසු.

කිනම් පිනකින් මේ හරක් මෙසේ ගියාහුද? අනුන් නවත්වද්දීත් දන් දුන් හෙයිනි. ඈ කාශ්‍යප බුදුන්ගේ කාලයෙහි කිකී නම් රජුගේ දූවරුන් සත්දෙනාගෙන් සංඝදාසී නමින් බාලම දුවණිය වී විසිදහසක් භික්ෂූන්ට පස්ගෝරස දන් දෙන අවස්ථාවේ ළදරු සාමණේරවරු පාත්‍රය අතින් වසා එපා එපායයි කියද්දීත් මෙය මිහිරියි, මෙය මනාපයි කියමින් දන් දුන්නාය. මෙසේ මේ පිනෙන් වළක්වද්දීත් හරක් නික්මුණාහ.

සෙට‍්ඨිනා එත‍්තකස‍්ස ධනස‍්ස දින‍්නකාලෙ සෙට‍්ඨිභරියා ආහ – “තුම‍්හෙහි මය‍්හං ධීතු සබ‍්බං සංවිදහිතං, වෙය්‍යාවච‍්චකරා පන දාසදාසියො න සංවිදහිතා, කිං කාරණා”ති? “මම ධීතරි සසිනෙහනිස‍්සිනෙහානං ජානනත්‍ථං. අහඤ‍්හි තාය සද‍්ධිං ආගච‍්ඡමානකෙ ගීවාය ගහෙත්‍වා න පහිණාමි, යානං ආරුය‍්හ ගමනකාලෙයෙව එතාය සද‍්ධිං ගන‍්තුකාමා ගච‍්ඡන‍්තු, මා අගන‍්තුකාමාති වක‍්ඛාමී”ති ආහ.

සිටුවරයා විසින් මෙතෙක් ධනය දුන්කළ සිටුබිරිඳ, හිමියනි, ඔබ මගේ දුවට සියල්ල සංවිධානය කෙළෙහිය. එහෙත් ඇගේ වතාවත් සඳහා දාසදාසීන් සංවිධානය නොකෙළෙහිදැයි ඇසුවාය. මම ඈ සමග නොයන්නන් බෙල්ලෙන් අල්වා නොයවන්නෙමි. රථයට නැගී යන වේලාවෙහි දුව සමග යනු කැමැත්තෝ යෙත්වා, නොයනු කැමැත්තෝ නොයත්වායි කියමි.

අථ “ස‍්වෙ මම ධීතා ගමිස‍්සතී”ති ගබ‍්භෙ නිසින‍්නො ධීතරං සමීපෙ නිසීදාපෙත්‍වා, “අම‍්ම, පතිකුලෙ වසන‍්තියා නාම ඉමඤ‍්ච ඉමඤ‍්ච ආචාරං රක‍්ඛිතුං වට‍්ටතී”ති ඔවාදමදාසි. අයම‍්පි මිගාරසෙට‍්ඨි අනන‍්තරගබ‍්භෙ නිසින‍්නො ධනඤ‍්චයසෙට‍්ඨිනො ඔවාදං අස‍්සොසි. සොපි සෙට‍්ඨි ධීතරං එවං ඔවදි –

ඉන්පසු හෙට මගේ දුව පිටවී යන්නීයයි ගර්හයෙහි සිට දුව සමීපයෙහි හිඳුවාගෙන, දුව, පතිකුලයට ගියපසු මේ ආචාරධර්මයන් රැකියයුතුයයි අවවාද දුන්නේය. මිගාර සිටාණෝත් ළඟම ගර්හාගාරයක සිටි ධනංජයට අවවාද දුන්නේය. හෙතෙම සිටු දුව අමතා,

“අම‍්ම, සසුරකුලෙ වසන‍්තියා නාම අන‍්තොඅග‍්ගි බහි න නීහරිතබ‍්බො, බහිඅග‍්ගි අන‍්තො න පවෙසෙතබ‍්බො, දදන‍්තස‍්සෙව දාතබ‍්බං, අදදන‍්තස‍්ස න දාතබ‍්බං, දදන‍්තස‍්සාපි අදදන‍්තස‍්සාපි දාතබ‍්බං, සුඛං නිසීදිතබ‍්බං, සුඛං භුඤ‍්ජිතබ‍්බං, සුඛං නිපජ‍්ජිතබ‍්බං, අග‍්ගි පරිචරිතබ‍්බො, අන‍්තොදෙවතා නමස‍්සිතබ‍්බා”ති.

දුව පතිකුලයෙහි වසනවිට ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය, පිටත ගිනි ඇතුළට නොගතයුතුය. දෙන්නාටම දියයුතුය. නොදෙන්නාට නොදිය යුතුය, දෙන්නාටත් නොදන්නාටත් දියයුතුය, සුවසේ හිඳ ගතයුතුය, සුවසේ කෑයුතුය, සුවසේ නිදාගතයුතුය, ගිනි පිරිමැසියයුතුය. ඇතුළත දෙවියන් වැඳියයුතුය.

ඉමං දසවිධං ඔවාදං දත්‍වා පුනදිවසෙ සබ‍්බා සෙනියො සන‍්නිපාතෙත්‍වා රාජසෙනාය මජ‍්ඣෙ අට‍්ඨ කුටුම‍්බිකෙ පාටිභොගෙ ගහෙත්‍වා, “සචෙ මෙ ගතට‍්ඨානෙ ධීතු දොසො උප‍්පජ‍්ජති, තුම‍්හෙහි සොධෙතබ‍්බො”ති වත්‍වා නවකොටිඅග‍්ඝනකෙන මහාලතාපසාධනෙන ධීතරං පසාධෙත්‍වා න‍්හානචුණ‍්ණමූලකං චතුපණ‍්ණාසකොටිධනං දත්‍වා යානං ආරොපෙත්‍වා සාකෙතස‍්ස සාමන‍්තා අත‍්තනො සන‍්තකෙසු අනුරාධපුරමත‍්තෙසු චුද‍්දසසු භත‍්තගාමෙසු භෙරිං චරාපෙසි – “මම ධීතරා සද‍්ධිං ගන‍්තුකාමා ගච‍්ඡන‍්තූ”ති. තෙ සද‍්දං සුත්‍වාව – “අම‍්හාකං අය්‍යාය ගමනකාලෙ කිං අම‍්හාකං ඉධා”ති චුද‍්දස ගාමකා කිඤ‍්චි අසෙසෙත්‍වා නික‍්ඛමිංසු? ධනඤ‍්චයසෙට‍්ඨිපි රඤ‍්ඤො ච මිගාරසෙට‍්ඨිනො ච සක‍්කාරං කත්‍වා ථොකං අනුගන‍්ත්‍වා තෙහි සද‍්ධිං ධීතරං උය්‍යොජෙසි.

මේ දසවිධ අවවාදදී දෙවෙනි දවස සියලු ශ්‍රේණීන් කැඳවා රාජසෙනඟ මැද කෙළෙඹියන් අට දෙනෙකු ඇපකාරයන් හැටියට තබා ඉදින් එහි ගියපසු මගේ දුව අතින් දෝෂයක් ඇතිවුවහොත් ඔබ විසින් එය නිවැරදි කළයුතුයයි කියා, නවකෙළක් අගනා මහලියපළඳනාවෙන් දුව සරසා නානවිට අවශ්‍ය කුඩුවර්ග සඳහා සිවුපණස්කෙළක් ධනය දී රියට නංවා, සාකේත නගරය වටා තමා සන්තක, අනුරාධපුරය පමණවූ බත්ගම් තුදුසක ප්‍රචාරයක් කරනුයේ, මගේ දුව සමග යනුකැමති අය යෙත්වායි කියා යැවීය. ගම්වැසියෝ ඒ අසා අපේ ආර්යාව යනවිට අපට මෙහි විසීම කුමකටදැයි තුදුසක් ගම්වලල අය කිසිවෙක් නොනැවතී නික්මුණාහුය. ධනංජය සිටුවරයාත් රජුටත් මිගාර සිටුවරයාටත් සත්කාර කොට ටිකදුරක් පසුගමන්කොට ඔවුන් සමග දුව පිටත් කෙළේය.

මිගාරසෙට‍්ඨිපි සබ‍්බපච‍්ඡතො යානකෙ නිසීදිත්‍වා ගච‍්ඡන‍්තො බලකායං දිස‍්වා, “කෙ නාමෙතෙ”ති පුච‍්ඡි. “සුණිසාය වො වෙය්‍යාවච‍්චකරා දාසිදාසා”ති. “එත‍්තකෙ කො පොසෙස‍්ස”ති? “පොථෙත්‍වා තෙ පලාපෙථ, අපලායන‍්තෙ ඉතො දණ‍්ඩං කරොථා”ති. විසාඛා පන “අපෙථ, මා වාරෙථ, බලමෙව බලස‍්ස භත‍්තං දස‍්සතී”ති ආහ. සෙට‍්ඨි එවං වුත‍්තෙපි, “අම‍්ම, නත්‍ථි අම‍්හාකං එතෙහි අත්‍ථො, කො එතෙ පොසෙස‍්සතී”ති ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පොථෙත්‍වා පලාපෙත්‍වා සෙසකෙ “අලං අම‍්හාකං එත‍්තකෙහී”ති ගහෙත්‍වා පායාසි.

මිගාර සිටුතෙමේ සියලු දෙනාට පසුව යානයක හිඳ යන අතර බලකාය දැක මේ කවුරුන්දැයි ඇසීය. ඔබේ යෙහෙළියට මෙහෙකම් කරන දාසදාසියෝයයි කීකල, මෙතරම් පිරිසක් පෝෂණය කරන්නේ කවුරුන්ද, ඔවුන් තළා පලවා හරිව්, පලා නොයන්නෝ එත්වයි විධාන කළහ. විශාඛාවෝ, පහවයව්, නොවළක්වව්, ඔවුන්ගේ පෝෂණය සාදාගැනීමට ඔවුන්ම වගබලා ගන්නවා ඇතියි කීවාය. මෙසේ කීනමුත් සිටුවරයා, දුව, නැහැ. මොවුන්ගෙන් අපට වැඩක් නැත. මොවුන් පෝෂණය කරන්නේ කවුරුන්දැයි ගල්කැට ලීදඬු ආදියෙන් තළා පලාගියවුන් හැර ඉතිරිවූවන් හැරගෙන මෙපමණ අපට ප්‍රමාණවත්යයි පිටත්ව ගියේය.

අථ විසාඛා සාවත්‍ථිනගරද‍්වාරං සම‍්පත‍්තකාලෙ චින‍්තෙසි – “පටිච‍්ඡන‍්නයානස‍්මිං නු ඛො නිසීදිත්‍වා පවිසිස‍්සාමි, උදාහු රථෙ ඨත්‍වා”ති. අථස‍්සා එතදහොසි – “පටිච‍්ඡන‍්නයානෙන මෙ පවිසන‍්තියා මහාලතාපසාධනස‍්ස විසෙසො න පඤ‍්ඤායිස‍්සතී”ති. සා සකලනගරස‍්ස අත‍්තානං දස‍්සෙන‍්තී රථෙ ඨත්‍වා නගරං පාවිසි. සාවත්‍ථිවාසිනො විසාඛාය සම‍්පත‍්තිං දිස‍්වා, “එසා කිර විසාඛා නාම, එවරූපා අයං සම‍්පත‍්ති එතිස‍්සාව අනුච‍්ඡවිකා”ති ආහංසු. ඉති සා මහාසම‍්පත‍්තියා සෙට‍්ඨිනො ගෙහං පාවිසි.

ඉන්පසු විශාඛාව සැවැත්නුවර දොරටුවට පැමිණ, වැසුණු යානයකින් යම්ද නැතහොත් විවෘත රියකින් යන්නෙම්දැයි සිතුවාය. වැසුණු යානයකින් යනවිට මහලියපළඳනාවේ විශේෂත්වයක් නොපෙනේයයි සිතා සියලු නගරවාසීන්ට තමන් පෙනෙමින් විවෘතරථයක සිට නුවරට පිවිසියාය. විශාඛාව දුටු සැවැත්නුවර වැසියෝ මේ විශාඛාවටම මෙබඳු සම්පත් ලැබීම සුදුසුයයි කීවාහුය. ඈ මහසම්පත් සහිතව සිටුමැදුරට පැමිණියාය.

ගතදිවසෙ චස‍්සා සකලනගරවාසිනො “අම‍්හාකං ධනඤ‍්චයසෙට‍්ඨි අත‍්තනො නගරං සම‍්පත‍්තානං මහාසක‍්කාරං අකාසී”ති යථාසත‍්ති යථාබලං පණ‍්ණාකාරං පහිණිංසු. විසාඛා පහිතපහිතං පණ‍්ණාකාරං තස‍්මිංයෙව නගරෙ අඤ‍්ඤමඤ‍්ඤෙසු කුලෙසු සබ‍්බත්‍ථකමෙව දාපෙසි. ඉති සා “ඉදං මය‍්හං මාතු දෙථ, ඉදං මය‍්හං පිතු දෙථ, ඉදං මය‍්හං භාතු දෙථ, ඉදං මය‍්හං භගිනියා දෙථා”ති තෙසං තෙසං වයානුරූපං පියවචනං වත්‍වා පණ‍්ණාකාරං පෙසෙන‍්තී සකලනගරවාසිනො ඤාතකෙ විය අකාසි. අථස‍්සා රත‍්තිභාගසමනන‍්තරෙ ආජඤ‍්ඤවළවාය ගබ‍්භවුට‍්ඨානං අහොසි. සා දාසීහි දණ‍්ඩදීපිකා ගාහාපෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා වළවං උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා තෙලෙන මක‍්ඛාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමාසි.

ඈ එහි ගිය දිනයේම සියලු නුවරවැස්සෝ අපේ ධනංජය සිටුතුමා, ඔබගේ නගරයට ගිය වෙලාවේ මහත් සත්කාර කෙළේයයි තමතමන්ගේ ශක්තිබල පමණින් පඬුරු යැවූහ. විශාඛාවෝද එසේ ලැබුණු තුඩුපඬුරු ඒ නගරයෙහිම නොයෙක් පවුල් අතර සියල්ලම බෙදා හැරියාය. මෙසේ ඈ මෙය මගේ මෑණියන්ට දෙව. මෙය පියාට. මෙය සොහොයුරාට, මෙය නැගණියන්ටයයි ඔවුනොවුන්ගේ වයස් අනුව ප්‍රියවචනද සහිතව යැවූවිට සියලු නුවර වැස්සෝ නෑයන් මෙන් වූහ. ඈ එහි ගිය දවසේම රාත්‍රිභාගයෙහි ආජානීය වෙළඹක් පැටවකු වැදුවාය. ඈ දාසීන් සමග දඬුවැටපහන් ගෙන්වාගෙන එහි ගොස් වෙළඹ උණුදියෙන් නාවා තෙල්ගා තමන් වසන තැනටම ගියාය.

මිගාරසෙට‍්ඨිපි පුත‍්තස‍්ස ආවාහමඞ‍්ගලං කරොන‍්තො ධුරවිහාරෙ වසන‍්තම‍්පි තථාගතං අමනසිකරිත්‍වා දීඝරත‍්තං නග‍්ගසමණකෙසු පතිට‍්ඨිතෙන පෙමෙන චොදියමානො “මය‍්හං අය්‍යානම‍්පි සක‍්කාරං කරිස‍්සාමී”ති එකදිවසං අනෙකසතෙසු නවභාජනෙසු නිරුදකපායාසං පචාපෙත්‍වා පඤ‍්චසතෙ අචෙලකෙ නිමන‍්තාපෙත්‍වා අන‍්තොගෙහං පවෙසෙත්‍වා, “ආගච‍්ඡතු මෙ සුණිසා, අරහන‍්තෙ වන්‍දතූ”ති විසාඛාය සාසනං පහිණි. සා “අරහන‍්තො”ති වචනං සුත්‍වා සොතාපන‍්නා අරියසාවිකා හට‍්ඨතුට‍්ඨා හුත්‍වා තෙසං භොජනට‍්ඨානං ආගන‍්ත්‍වා තෙ ඔලොකෙත්‍වා, “එවරූපා හිරොත‍්තප‍්පවිරහිතා අරහන‍්තා නාම න හොන‍්ති, කස‍්මා මං සසුරො පක‍්කොසාපෙසී”ති, “ධී, ධී”ති සෙට‍්ඨිං ගරහිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතා.

මිගාර සිටුතෙමේත් පුතාගේ ආවාහමංගල්‍යය සූදානම් කොට ළඟම විහාරයේ වැඩ සිටින තථාගතයන්වහන්සේ සිහිනොකර දිගුකලක පටන් නිර්වස්ත්‍ර ශ්‍රමණයන් කෙරෙහි ලෙන්ගතුකම් දැක්වීමේ පුරුද්දට අනුව මගේ ආර්යයන්වහන්සේලාටත් සත්කාර කරන්නෙමියි දිනක් සියගණන් අලුත් බඳුන්වල ජලය රහිතව පායාස උයවා පන්සීයක් නිර්වස්ත්‍ර තවුසන්ට ආරාධනා කොට තමන්ගේ ගෙදරට කැඳවා, මගේ යෙහෙළියන් අවුත් රහතන්වහන්සේලා වඳින්නැයි විශාඛාවට හසුනක් යැවීය. ඈ රහත් යන වචනය අසා සේවාන් ආර්යශ්‍රාවිකාවක හෙයින් තුටුපහටුව ඔවුන්ගේ බොජුන්හලට පැමිණ ඔවුන් දැක මෙවැනි ලැජ්ජාභය නැති එවුන් රහතන්වහන්සේලාද? මගේ මාමා මා මෙහි කැඳවූයේත් ඇයිදැයි චී චී යනුවෙන් සිටුවරයාට ගර්හාකොට තමන් වසන තැනටම ගියාය.

අචෙලකා තං දිස‍්වා සබ‍්බෙ එකප‍්පහාරෙනෙව සෙට‍්ඨිං ගරහිංසු – “කිං ත්‍වං, ගහපති, අඤ‍්ඤං නාලත්‍ථ, සමණස‍්ස ගොතමස‍්ස සාවිකං මහාකාළකණ‍්ණිං ඉධ පවෙසෙසි, වෙගෙන නං ඉමස‍්මා ගෙහා නික‍්කඩ‍්ඪාපෙහී”ති. සො “න සක‍්කා මයා ඉමෙසං වචනමත‍්තෙනෙව නික‍්කඩ‍්ඪාපෙතුං, මහාකුලස‍්ස සා ධීතා”ති චින‍්තෙත්‍වා, “අය්‍යා, දහරා නාම ජානිත්‍වා වා අජානිත්‍වා වා කරෙය්‍යුං, තුම‍්හෙ තුණ‍්හී හොථා”ති තෙ උය්‍යොජෙත්‍වා සයං මහාරහෙ ආසනෙ නිසීදිත්‍වා සුවණ‍්ණපාතියං නිරුදකං මධුපායාසං පරිභුඤ‍්ජි.

අචේලකයෝ ඈ දැක සියල්ලෝ එකහඬින් සිටුවරයාට ගැරහූහ. ගෘහපතිය, ඔබට වෙනත් යෙහෙළියක් සොයාගත නොහැකිවීද? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවිකාවක්වූ මේ මහා කාලකණ්ණිය මෙහි ගෙනාවේ ඇයි? වහාම මෑ මේ ගෙයින් එලවා දමවයි කීහ. හෙතෙම, මොවුන්ගේ වචන මාත්‍රයෙන් ඈ බැහැර කළ නොහැකිය. ඈ මහාකුලයක දුවණියකියි සිතා, ආර්යයෙනි, ලාබාල අය දැනගෙනත් නොදැනත් නොයෙක්දේ කරත්, ඔබවහන්සේලා නිහඬවනු මැනවැයි ඔවුන් පිටත් කර මහාර්ඝ අසුනක හිඳගෙන රන්තලියකට දිය නුමුසු මීපැණි සහිත පායාසය ගෙන අනුභව කරයි.

තස‍්මිං සමයෙ එකො පිණ‍්ඩපාතිකත්‍ථෙරො පිණ‍්ඩාය චරන‍්තො තං නිවෙසනං පාවිසි. විසාඛා සසුරං බීජයමානා ඨිතා තං දිස‍්වා “සසුරස‍්ස ආචික‍්ඛිතුං අයුත‍්ත”න‍්ති යථා සො ථෙරං පස‍්සති, එවං අපගන‍්ත්‍වා අට‍්ඨාසි. සො පන බාලො ථෙරං දිස‍්වාපි අපස‍්සන‍්තො විය හුත්‍වා අධොමුඛො භුඤ‍්ජතෙව. විසාඛා “ථෙරං දිස‍්වාපි මෙ සසුරො සඤ‍්ඤං න කරොතී”ති ඤත්‍වා, “අතිච‍්ඡථ, භන‍්තෙ, මය‍්හං සසුරො පුරාණං ඛාදතී”ති ආහ. සො නිගණ‍්ඨෙහි කථිතකාලෙ අධිවාසෙත්‍වාපි “පුරාණං ඛාදතී”ති වුත‍්තක‍්ඛණෙයෙව හත්‍ථං අපනෙත්‍වා, “ඉමං පායාසං ඉතො නීහරථ, එතං ඉමස‍්මා ගෙහා නික‍්කඩ‍්ඪථ, අයං මං එවරූපෙ මඞ‍්ගලකාලෙ අසුචිඛාදකං නාම කරොතී”ති ආහ.

ඒ වේලාවෙහිම එක් තෙරුන්වහන්සේ නමක් පිඬුපිණිස හැසිරෙන ගමන් ඒ ගෙටද පැමිණියහ. මාමාට පවන් සලමින් සිටි විශාඛාව උන්වහන්සේ දැක මාමාට ඒ බව කීම නුසුදුසුයයි ඔහුට තෙරණුවන් පෙනෙන සේ එතැනින් ඉවත්ව සිටියාය. ඒ බාලතෙම තෙරුන් දැකත් නුදුටුවාක් මෙන් වී මුහුණ යටට හරවාගෙනම කෑවේය. විශාඛාවෝ සිය මාමා තෙරණුවන් දැකත් ඒ ගැන නොසලකන බව දැන, ස්වාමීනි, වෙනත් ගේකට වඩිනු මැනවි. මගේ මාමා පුරාණය අනුභව කරන්නේයයි කීහ. සිටුතෙම, නිගණ්ඨයන් දොස්කී කල්හිත් ඉවසා සිටි නමුත් පුරාණය කයි යනුවෙන් කී ක්ෂණයකින්ම අත ඉවතට ගෙන මේ පායාස මෙතනින් ගෙන යව්. මෑ මේ ගෙයින් බැහැර කරව්. මෑ මගේ මේ මංගල්‍ය අවස්ථාවේ මා අශුචි කන්නෙකු බවට පත්කරතියි කීවේය.

තස‍්මිං ඛො පන නිවෙසනෙ සබ‍්බෙපි දාසකම‍්මකරා විසාඛාය සන‍්තකාව, කො නං හත්‍ථෙ වා පාදෙ වා ගණ‍්හිස‍්සති, මුඛෙන කථෙතුං සමත්‍ථොපි නත්‍ථි. විසාඛා සසුරස‍්ස කථං සුත්‍වා ආහ – “තාත, න එත‍්තකෙනෙව මයං නික‍්ඛමාම, නාහං තුම‍්හෙහි උදකතිත්‍ථතො කුම‍්භදාසී විය ආනීතා, ධරමානකමාතාපිතූනං ධීතරො නාම න එත‍්තකෙනෙව නික‍්ඛමන‍්ති, එතෙනෙව මෙ කාරණෙන පිතා ඉධාගමනකාලෙ අට‍්ඨ කුටුම‍්බිකෙ පක‍්කොසාපෙත්‍වා ‘සචෙ මෙ ධීතු දොසො උප‍්පජ‍්ජති, සොධෙය්‍යාථා’ති වත්‍වා මං තෙසං හත්‍ථෙ ඨපෙසි, තෙ පක‍්කොසාපෙත්‍වා මය‍්හං දොසාදොසං සොධාපෙථා”ති.

එම සිටු නිවසෙහි සියලු දාසකම්කරුවෝ විශාඛාව සන්තකයහ. කවුරු නම් අත්පාවලින් අල්ලා ගනිත්ද? කටෙන් වචනයක් කීමට සමර්ථයෙක් නැත. විශාඛා, මාමාගේ කථාව අසා, පියාණනි, මෙපමණකින් අපි බැහැර නොයන්නෙමු. ඔබ මා මෙහි ගෙන ආවේ තීර්ථයෙන් දිය අදින කුම්භදාසියක මෙන් නොවෙයි. මවුපියන් ඇත දූවරු මෙවැනි දේකින් නික්ම නොයන්නියෝය. මේ කරුණ නිසාම මගේ පියා මා මෙහි එනවිට කෙළෙඹියන් අටදෙනෙකු කැඳවා යම් යෙහෙකින් මගේ දුවණියගේ දොෂක් ඇතිවුවහොත් එය පිරිසිදු කරව්යයි ඇපකොට මා ඔවුන් භාරයේ තැබීය. එහෙයින් ඔවුන් කැඳවා මගේ දෝෂඅදෝෂභාවය පිරිසිදු කරන්නැයි කීවාය.

සෙට‍්ඨි “කල්‍යාණං එසා කථෙතී”ති අට‍්ඨ කුටුම‍්බිකෙ පක‍්කොසාපෙත්‍වා, “අයං දාරිකා මඞ‍්ගලකාලෙ නිසීදිත්‍වා සුවණ‍්ණපාතියං නිරුදකපායාසං පරිභුඤ‍්ජන‍්තං මං ‘අසුචිඛාදකො’ති වදතී”ති ආහ, “ඉමිස‍්සා දොසං ආරොපෙත්‍වා ඉමං ගෙහතො නික‍්කඩ‍්ඪථා”ති. “එවං කිර, අම‍්මා”ති. නාහං එවං වදාමි, එකස‍්මිං පන පිණ‍්ඩපාතිකත්‍ථෙරෙ ඝරද‍්වාරෙ ඨිතෙ සසුරො මෙ අප‍්පොදකං මධුපායාසං පරිභුඤ‍්ජන‍්තො තං න මනසිකරොති, අහං “මය‍්හං සසුරො ඉමස‍්මිං අත‍්තභාවෙ පුඤ‍්ඤං න කරොති, පුරාණපුඤ‍්ඤමෙව ඛාදතී”ති චින‍්තෙත්‍වා, “අතිච‍්ඡථ, භන‍්තෙ, මය‍්හං සසුරො පුරාණං ඛාදතී”ති අවචං, “එත්‍ථ මෙ කො දොසො”ති? “අය්‍ය, ඉධ දොසො නත්‍ථි, අම‍්හාකං ධීතා යුත‍්තං කථෙති, ත්‍වං කස‍්මා කුජ‍්ඣසී”ති? “අය්‍යා, එස තාව දොසො මා හොතු, අයං පන එකදිවසං මජ‍්ඣිමයාමෙ දාසීපරිවුතා පච‍්ඡාගෙහං අගමාසී”ති. “එවං කිර, අම‍්මා”ති. “තාතා, නාහං අඤ‍්ඤෙන කාරණෙන ගතා, ඉමස‍්මිං පන ගෙහෙ ආජානෙය්‍යවළවාය විජාතාය සඤ‍්ඤම‍්පි අකත්‍වා නිසීදිතුං නාම අයුත‍්ත”න‍්ති දණ‍්ඩදීපිකා ගාහාපෙත්‍වා උණ‍්හොදකාදීනිපි ගාහාපෙත්‍වා දාසීහි සද‍්ධිං ගන‍්ත්‍වා වළවාය විජාතපරිහාරං කාරාපෙසිං, “එත්‍ථ මෙ කො දොසො”ති? “අය්‍ය, ඉධ දොසො නත්‍ථි, අම‍්හාකං ධීතා තව ගෙහෙ දාසීහිපි අකත‍්තබ‍්බයුත‍්තකං කම‍්මං කරොති, ත්‍වං කිං එත්‍ථ දොසං පස‍්සසී”ති?

සිටුතෙම මෑ යහපත් දෙයක් කියන්නීයයි කෙළෙඹියන් අටදෙනා කැඳවා, මේ දැරිය, මේ මංගල මොහොතේ රන්තලියෙහි නිරුදක පායාසය අනුභව කරන මා අශුචි කන්නෙකියි කියයි. මෑට දොස් පවරා මෑ මෙතනින් ඉවත් කරව්යයි කීවේය. මෑණියනි එසේදැයි ඔවුහු ඇසූහ. මම එසේ නොකියමි. එක් පිණ්ඩපාතික තෙරනමක් පිඬු පිණිස ගෙදොර සිටියදී මගේ මාමා දියරහිත මධුපායාසය අනුභව කළේ තෙරුන් ගැන නොසිතාය. මම මගේ මාමා මේ ආත්මයේ පින් නොකරයි. පෙර කළ පින්වල ආනිසංස අනුභව කරයි යන කල්පනාවෙන් ස්වාමීනි, වෙනත් ගෙයකට වඩිනු මැනවි, මගේ මාමා පුරාණය අනුභව කරන්නේයයි කීවෙමි, මෙහි මගේ කිසි දොසක් ඇද්ද? නැත. අපේ දුව යුක්තියක්ම කියයි. ඉතින් ඇයට කිපෙන්නේ ඇයි? ආර්යයනි, දෝෂය මෙපමණක්ද? එසේ වේවා, මෑ එක්දිනක් රෑ මැදුම්යම දාසදාසියන් පිරිවරා ගෙපිටිපස්සට ගියාය. මෑණියනි, එසේ කළාද? දරුවනි, මම වෙනත් කරුණකට නොගියෙමි. මේ ගෙදර ආජානේය වෙළඹක් පැටවෙකු වැදුවාය. එය ගණනකට නොගෙන සිටීම අයුක්තකියි දඬුවැටපහන් ගෙන්වාගෙන දාසීන් සමග ගොස් වෙළඹට දරුවන් ලැබීමේදී කළයුතු සත්කාර කරවීමියි කීවාය. ආර්යයනි, අපේ දුව ඔබගේ ගෙදර දාසීන්වත් නොකරන වැඩ පවා කරයි. ඔබ එහි කිසියම් වරදක් දකින්නෙහිද? ආර්යයනි, මෙයද දොසක් විය නොහැකිය.

අය්‍යා, ඉධාපි තාව දොසො මා හොතු, ඉමිස‍්සා පන පිතා ඉධාගමනකාලෙ ඉමං ඔවදන‍්තො ගුය‍්හෙ පටිච‍්ඡන‍්නෙ දස ඔවාදෙ අදාසි, තෙසං අත්‍ථං න ජානාමි, තෙසං මෙ අත්‍ථං කථෙතු. ඉමිස‍්සා පන පිතා “අන‍්තොඅග‍්ගි බහි න නීහරිතබ‍්බො”ති ආහ, “සක‍්කා නු ඛො අම‍්හෙහි උභතො පටිවිස‍්සකගෙහානං අග‍්ගිං අදත්‍වා වසිතු”න‍්ති? “එවං කිර, අම‍්මා”ති. “තාතා, මය‍්හං පිතා න එතං සන්‍ධාය කථෙසි. ඉදං පන සන්‍ධාය කථෙසි – ‘අම‍්ම, තව සස‍්සුසසුරසාමිකානං අගුණං දිස‍්වා බහි තස‍්මිං තස‍්මිං ගෙහෙ ඨත්‍වා මා කථෙසි. එවරූපො හි අග‍්ගිසදිසො අග‍්ගි නාම නත්‍ථී’”ති.

මැගේ පියා මෑ මෙහි එන දවසේ සැඟවුණු අරුත් ඇති අවවාද දහයක් දුන්නේය. ඒ අවවාදවල අර්ථය මම නොදනිමි. මට ඒ අවවාදවල අර්ථ කියා දෙනු මැනවි. මැගේ පියා ඇතුළත ගිනි පිටට නොදියයුතුයයි කීවේය. ළඟම ඇති ගෙයකට ගින්දර ටිකක් නොදී අපට ජීවත්වීමට හැකිද? මෑණියනි, මෙසේ කීවේ ඇයිද? දරුවනි, මගේ පියා මෙය කීවේ සාමාන්‍ය ගිනි ගැන නොවේ. එය කියන ලද්දේ, මේ අර්ථය සඳහාය, එනම් දුව, ඔබේ නැදිමයිලන්ගේ අගුණ දැක බැහැර ඒ ඒ ගෙවල්වලට ගොස් එහි සිට ඒ අගුණ නොකියව. එබඳු බිහිසුනු වෙනත් ගින්නක් නැත.

අය්‍යා, එතං තාව එවං හොතු, ඉමිස‍්සා පන පිතා “බාහිරතො අග‍්ගි න අන‍්තො පවෙසෙතබ‍්බො”ති ආහ, “කිං සක‍්කා අම‍්හෙහි අන‍්තො අග‍්ගිම‍්හි නිබ‍්බුතෙ බාහිරතො අග‍්ගිං අනාහරිතු”න‍්ති? “එවං කිර, අම‍්මා”ති. තාතා, මය‍්හං පිතා න එතං සන්‍ධාය කථෙසි, ඉදං පන සන්‍ධාය කථෙසි – සචෙ පටිවිස‍්සකගෙහෙසු ඉත්‍ථියො වා පුරිසා වා සස‍්සුසසුරසාමිකානං අගුණං කථෙන‍්ති, තෙහි කථිතං ආහරිත්‍වා “අසුකො නාම තුම‍්හාකං එවඤ‍්ච එවඤ‍්ච අගුණං කථෙතී”ති පුන මා කථෙය්‍යාසි. “එතෙන හි අග‍්ගිනා සදිසො අග‍්ගි නාම නත්‍ථී”ති. එවං ඉමස‍්මිම‍්පි කාරණෙ සා නිද‍්දොසාව අහොසි. යථා ච එත්‍ථ, එවං සෙසෙසුපි.

ආර්යයනි, එය එසේමයි. මැයගේ පියා බැහැර ගිනි ඇතුළට නොගතයුතුයයි යන්නෙන් කීවේත් එබඳු අදහසකි. ගෙයතුළ ඇතිවන ගිනි ඇතිකල පිටතිනුත් අපට ගෙන ඒම කළ හැකිද? මගේ පියා එය කියන ලද්දේ ඉහත අර්ථය දැක්වීමට නොවේ. එසේ කියනලද්දේ මෙන්න මේ අර්ථය සඳහාය. එනම්, ළඟපාත ගෙවල්වල ගැහැණු හෝ මිනිස්සු නැදිමයිලන්ගේ අගුණ කියති. ඔවුන් කියන ඒ අගුණකථා අසාගෙන අවුත් අසවල් අය ඔබේ මේ මේ අගුණ කියතියි එය නැවත නොකියව යන අර්ථයයි. එබඳු ගින්නක් හා සමාන වෙනත් ගින්නක් නැති හෙයිනි. මෙසේ මේ කාරණයෙනුත් ඈ නිදොස් කෙනෙක්ම වූවාය. සෙසු කරුණුවලදීත් අර්ථ ගතයුත්තේ මේ අයුරිනි.

තෙසු පන අයමධිප‍්පායො – යම‍්පි හි තස‍්සා පිතරා “යෙ දදන‍්ති, තෙසංයෙව දාතබ‍්බ”න‍්ති වුත‍්තං. තං “යාචිතකං උපකරණං ගහෙත්‍වා යෙ පටිදෙන‍්ති, තෙසඤ‍්ඤෙව දාතබ‍්බ”න‍්ති සන්‍ධාය වුත‍්තං.

ඒ සෙසු කරුණුවල අදහස මෙසේ දතයුතුයි, ඇගේ පියා දෙන්නාටම දියයුතුයයි කීවේ යමෙක් යමක් ඉල්ලාගෙන ආපසු දෙයිද ඔවුන්ටම දියයුතුයි යන අදහස සඳහා කියනලදි.

“යෙ න දෙන‍්ති, තෙසං න දාතබ‍්බ”න‍්ති ඉදම‍්පි යෙ යාචිතකං ගහෙත්‍වා න පටිදෙන‍්ති, තෙසං න දාතබ‍්බන‍්ති සන්‍ධාය වුත‍්තං.

යමෙක් ගත්දෙය ආපසු නොදෙයිද, ඔවුන්ට නොදියයුතුයි යන අදහස සඳහා කියනලදි.

“දදන‍්තස‍්සාපි අදදන‍්තස‍්සාපි දාතබ‍්බ”න‍්ති ඉදං පන දලිද‍්දෙසු ඤාතිමිත‍්තෙසු සම‍්පත‍්තෙසු තෙ පටිදාතුං සක‍්කොන‍්තු වා මා වා, තෙසං දාතුමෙව වට‍්ටතීති සන්‍ධාය වුත‍්තං.

දෙන්නාටත් නොදෙන්නාටත් දියයුතුයි යනු දිළිනදන් නෑමිතුරන් ආදි තමන් වෙත පැමිණෙන අය සඳහා ආපසු දීමට හැකිවුවත් නැතත් දියයුතුමය යන අර්ථය සඳහා කියනලදි.

“සුඛං නිසීදිතබ‍්බ”න‍්ති ඉදම‍්පි සස‍්සුසසුරසාමිකෙ දිස‍්වා වුට‍්ඨාතබ‍්බට‍්ඨානෙ නිසීදිතුං න වට‍්ටතීති සන්‍ධාය වුත‍්තං.

සැපසේ ඉඳගත යුතුය යනු මෙහි, නැන්දා මාමා ස්වාමියා යන අය දැක නැගී සිටිය යුතු තැන්වල ඉඳගෙන සිටීම නුසුදුසුය යන අදහස සඳහා කියනලදි.

“සුඛං භුඤ‍්ජිතබ‍්බ”න‍්ති ඉදං පන සස‍්සුසසුරසාමිකෙහි පුරෙතරං අභුඤ‍්ජිත්‍වා තෙ පරිවිසිත්‍වා සබ‍්බෙහි ලද‍්ධාලද‍්ධං ඤත්‍වා පච‍්ඡා සයං භුඤ‍්ජිතුං වට‍්ටතීති සන්‍ධාය වුත‍්තං.

සැපසේ කෑයුතුය යනු නැන්දා මාමා ස්වාමියා ආදීන්ට පෙර නොකා ඔවුන්ට කවා සියල්ලන්ට ආහාර ලැබූනොලැබූබව දැනගෙන පසුව තමන් ආහාර ගතයුතුය යන අදහස සඳහා කියනලදි.

“සුඛං නිපජ‍්ජිතබ‍්බ”න‍්ති ඉදම‍්පි සස‍්සුසසුරසාමිකෙහි පුරෙතරං සයනං ආරුය‍්හ න නිපජ‍්ජිතබ‍්බං, තෙසං කත‍්තබ‍්බයුත‍්තකං වත‍්තපටිවත‍්තං කත්‍වා පච‍්ඡා සයං නිපජ‍්ජිතුං යුත‍්තන‍්ති සන්‍ධාය වුත‍්තං.

සැපසේ නිදියයුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය නිදීමට පෙර ඇඳට ගොස් නොනිදිය යුතුය. ඔවුන් සඳහා කළයුතු වත්පිළිවෙත්කොට පසුව තමන් නිදාගත යුතුය යන අදහස සඳහා කියනලදි.

“අග‍්ගි පරිචරිතබ‍්බො”ති ඉදං පන සස‍්සුම‍්පි සසුරම‍්පි සාමිකම‍්පි අග‍්ගික‍්ඛන්‍ධං විය උරගරාජානං විය ච කත්‍වා පස‍්සිතුං වට‍්ටතීති සන්‍ධාය වුත‍්තං.

ගිනි පිරිමැසිය යුතුය යනු නැන්දා මාමා ස්වාමියා යන අය ගිනිකඳන් මෙන්ද, නාගරාජයන් මෙන්ද සිතා ඔවුන් දෙස බැලියයුතුය යන අදහසයි.

“අන‍්තොදෙවතා නමස‍්සිතබ‍්බා”ති ඉදම‍්පි සස‍්සුඤ‍්ච සසුරඤ‍්ච සාමිකඤ‍්ච දෙවතා විය කත්‍වා දට‍්ඨුං වට‍්ටතීති සන්‍ධාය වුත‍්තං. එවං සෙට‍්ඨි ඉමෙසං දසඔවාදානං අත්‍ථං සුත්‍වා පටිවචනං අපස‍්සන‍්තො අධොමුඛො නිසීදි.

ඇතුළත දෙවියන් නැමදිය යුතුය යනු නැන්දා මාමා සැමියා යන අය දෙවියන් ලෙස දැක්කයුතුය යන අදහස සඳහා කියනලදි. සිටුවරයා මෙසේ ඒ දසඅවවාදයේ අර්ථ අසා පිළිතුරක් දීගත නොහැකිව බිම බලා සිටියේය.

අථ නං කුටුම‍්බිකා “කිං සෙට‍්ඨි අඤ‍්ඤොපි අම‍්හාකං ධීතු දොසො අත්‍ථී”ති පුච‍්ඡිංසු. “නත්‍ථි, අය්‍යා”ති. “අථ කස‍්මා නං නිද‍්දොසං අකාරණෙන ගෙහා නික‍්කඩ‍්ඪාපෙසී”ති එවං වුත‍්තෙ විසාඛා ආහ – “තාතා, කිඤ‍්චාපි මය‍්හං සසුරස‍්ස වචනෙන පඨමමෙව ගමනං න යුත‍්තං, පිතා පන මෙ ආගමනකාලෙ මම දොසසොධනත්‍ථාය මං තුම‍්හාකං හත්‍ථෙ ඨපෙසි, තුම‍්හෙහි ච මෙ නිද‍්දොසභාවො ඤාතො, ඉදානි ච මය‍්හං ගන‍්තුං යුත‍්ත”න‍්ති දාසිදාසෙ “යානාදීහි සජ‍්ජාපෙථා”ති ආණාපෙසි.

අනතුරුව කෙළෙඹියෝ, සිටුතුමනි, අප දුවණියගේ තවත් දොස් ඇද්දැයි ඇසූහ. ආර්යවරුනි නැත. එසේනම් නිදොස් මැය නිකරුණේ ගෙයින් පිටත්කර හරින්නෙහිදැයි ඇසූහ. එය ඇසූ විශාඛාව, ආර්යවරුනි, කෙසේ වෙතත් මගේ මාමාගේ වචනයට අනුව පළමුව පිටත්ව නොගියෙමි. එසේ යෑම යුතුනැත. මගේ පියා මා මෙහි එවනවිට මගේ දොස් නිදොස්කරනු පිණිස මා ඔබට භාර කොට එවීය. නුඹලා විසිනුත් මගේ නිදොස් බව දැනගන්නා ලදහ. දැන් ඉතින් මා පිටත්ව යෑම සුදුසුයයි දාසදාසියන් හා යානවාහනාදිය සූදානම් කරව්යයි අණ කළාය.

අථ නං සෙට‍්ඨි කුටුම‍්බිකෙ ගහෙත්‍වා “අම‍්ම, මයා අජානිත්‍වාව කථිතං, ඛමාහි මෙ”ති ආහ. “තාත, තුම‍්හාකං ඛමිතබ‍්බං තාව ඛමාමි, අහං පන බුද‍්ධසාසනෙ අවෙච‍්චප‍්පසන‍්නස‍්ස කුලස‍්ස ධීතා, න මයං විනා භික‍්ඛුසඞ‍්ඝෙන වත‍්තාම, සචෙ මම රුචියා භික‍්ඛුසඞ‍්ඝං පටිජග‍්ගිතුං ලභාමි, වසිස‍්සාමී”ති. “අම‍්ම, ත්‍වං යථාරුචියා තව සමණෙ පටිජග‍්ගා”ති ආහ.

ඉන්පසු සිටුවරයා ඒ කෙළෙඹියනුත් සමග ගොස් දුව මා නොදැන කීදෙයට මට සමාවන්න. පියාණනි, ඔබට ක්ෂමා කළයුතුය. එහෙයින් ක්ෂමා කරමි. මම බුදුසසුනෙහි නොසැලෙන සැදැහැති කුලදුවක වෙමි. භික්ෂුසංඝයාගෙන් තොරව විසීම මට කළනොහැකිය. ඉදින් මගේ රුචියට අනුව භික්ෂුසංඝයාට සැලකීමට ඉඩ ලබන්නෙම් නම් මෙහි වසමියි කීවාය. දරුව ඔබට මනාප අයුරකින් ඔබේ ශ්‍රමණයන්ට පිළිදැගුම් කරවයි ඔහු කීය.

විසාඛා දසබලං නිමන‍්තාපෙත්‍වා පුනදිවසෙ නිවෙසනං පවෙසෙසි. නග‍්ගසමණාපි සත්‍ථු මිගාරසෙට‍්ඨිනො ගෙහං ගමනභාවං සුත්‍වා ගන‍්ත්‍වා ගෙහං පරිවාරෙත්‍වා නිසීදිංසු. විසාඛා දක‍්ඛිණොදකං දත්‍වා “සබ‍්බො සක‍්කාරො පටියාදිතො, සසුරො මෙ ආගන‍්ත්‍වා දසබලං පරිවිසතූ”ති සාසනං පෙසෙසි. අථ නං ගන‍්තුකාමං ආජීවකා “මා ඛො ත්‍වං, ගහපති, සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං ගච‍්ඡා”ති නිවාරෙසුං. සො “සුණ‍්හා මෙ සයමෙව පරිවිසතූ”ති සාසනං පහිණි. සා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා නිට‍්ඨිතෙ භත‍්තකිච‍්චෙ පුන සාසනං පෙසෙසි – “සසුරො මෙ ආගන‍්ත්‍වා ධම‍්මකථං සුණාතූ”ති. අථ නං “ඉදානි අගමනං නාම අතිවිය අයුත‍්ත”න‍්ති ධම‍්මං සොතුකාමතාය ගච‍්ඡන‍්තං පුන තෙ ආහංසු – “තෙන හි සමණස‍්ස ගොතමස‍්ස ධම‍්මං සුණන‍්තො බහිසාණියා නිසීදිත්‍වා සුණාහී”ති. පුරෙතරමෙවස‍්ස ගන‍්ත්‍වා සාණිං පරික‍්ඛිපිංසු. සො ගන‍්ත්‍වා බහිසාණියං නිසීදි.

විශාඛාවෝ බුදුන්ට ඇරැයුම් කොට දෙවෙනි දිනයේ නිවසට කැඳවූවාහුය. නග්න ශ්‍රමණයෝත් බුදුන් මිගාර සිටුගෙදරට එනබව අසා එහි ගොස් ගෙය පිරිවරා සිටියාහුය. විශාඛාව දක්ෂිණෝදකය පිළිගන්වා සියලු සත්කාර පිළියෙල කොට මගේ මාමාත් අවුත් දසබලයන්වහන්සේ වළඳවාවයි හසුනක් යැව්වාය. එහි යනු කැමතිවූ සිටුවරයා, ගෘහපතිය, ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත නොයවයි ආජීවකයෝ වැළැක්වූහ. මගේ යෙහෙළිය ඔබම බුදුන් වළඳවාපිය මැනවැයි කියා යැවීය. ඈ බුදුන් ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා බත්කිස අවසන, නැවත, මගේ මාමා අවුත් ධර්මය අසන්නැයි ලිපියක් යැව්වාය. ඉන්පසු ඔහු දැන් නොයාම නම් ඉතාම අකටයුත්තකියි ධර්මය අසනු කැමැත්තෙන් යන ඔහුට නිගණ්ඨයෝ මෙසේ කීය. එසේනම් බුදුන් සමීපයට නොගොස් තිරයකින් මෙහා සිට බණ අසවයි කියා ඔහු එහි යාමට පෙරාතුවම ගොස් තිරයක් ඇද තැබූහ. සිටුතෙම ගොස් තිරයෙන් පිටුපස හිඳගත්තේය.

සත්‍ථා “ත්‍වං බහිසාණියං වා නිසීද, පරකුට‍්ටෙ වා පරසෙලෙ වා පරචක‍්කවාළෙ වා පන නිසීද, අහං බුද‍්ධො නාම සක‍්කොමි තං මම සද‍්දං සාවෙතු”න‍්ති මහාජම‍්බුං ඛන්‍ධෙ ගහෙත්‍වා චාලෙන‍්තො විය අමතවස‍්සං වස‍්සෙන‍්තො විය ච ධම‍්මං දෙසෙතුං අනුපුබ‍්බිං කථං ආරභි.

තථාගතයන් වහන්සේ, ඔබ තිරයකින් එහා හෝ සිටින්න. බිත්තියෙන් හෝ පර්වතයෙකින් හෝ පරසක්වළ හෝ සිටින්න. මම බුද්ධ නම් වෙමි. මගේ ශබ්දය ඔබට ඇස්වීමට මට හැකියයි මහදඹකඳක් සොලවන්නාක් මෙන්ද අමා වැස්සක් වස්වන්නාක් මෙන්ද දහම් දෙසීමට පිළිවෙල කථාව පටන්ගත්හ.

සම‍්මාසම‍්බුද‍්ධෙ ච පන ධම‍්මං දෙසෙන‍්තෙ පුරතො ඨිතාපි පච‍්ඡතො ඨිතාපි චක‍්කවාළසතං චක‍්කවාළසහස‍්සං අතික‍්කමිත්‍වා ඨිතාපි අකනිට‍්ඨභවනෙ ඨිතාපි “සත්‍ථා මමඤ‍්ඤෙව ඔලොකෙති, මය‍්හමෙව ධම‍්මං දෙසෙතී”ති වදන‍්ති. සත්‍ථා හි තං තං ඔලොකෙන‍්තො විය තෙන තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො විය ච අහොසි. චන්‍දසමා කිර බුද‍්ධා. යථා චන්‍දො ගගනමජ‍්ඣෙ ඨිතො “මය‍්හං උපරි චන්‍දො, මය‍්හං උපරි චන්‍දො”ති සබ‍්බසත‍්තානං ඛායති, එවමෙව යත්‍ථ කත්‍ථචි ඨිතානං අභිමුඛෙ ඨිතා විය ඛායන‍්ති. ඉදං කිර තෙසං අලඞ‍්කතසීසං ඡින්‍දිත්‍වා අඤ‍්ජිතඅක‍්ඛීනි උප‍්පාටෙත්‍වා හදයමංසං උප‍්පාටෙත්‍වා පරස‍්ස දාසත්‍ථාය ජාලිසදිසෙ පුත‍්තෙ කණ‍්හාජිනාසදිසා ධීතරො මද‍්දිසදිසා පජාපතියො පරිච‍්චජිත්‍වා දින‍්නදානස‍්ස ඵලං.

බුදුවරුන් දහම් දෙසනකල ඉදිරිපිට සිටියත් පසුපස සිටියත් සක්වළ සීයක් ලක්ෂයක් ඉක්මවා සිටියත් අකනිටාබඹලොව සිටියත්, බුදුරජාණන්වහන්සේ ඔවුන් දෙසම බලන්නාක් මෙන්ද ඔවුනොවුන් සමග කථා කරන්නාක් මෙන්ද දැනෙයි. බුදුවරු සඳ වැනි උපමා ඇත්තෝය. සඳ අහස මැද සිටි කල්හි මගේ හිස උඩින් සඳය, සඳ මගේ හිස උඩින්ය වශයෙන් වැටහෙයි. ඒ නිසා බුදුන් කොහි වැඩ සිටියත් ඉදිරියෙහි සිටින්නාක් මෙන් වැටහෙයි. මේ වනාහි උන්වහන්සේගේ සැරසූ හිස සිඳ, අඳුන්ගෑ ඇස් ගළවා හදවත උපුටා අනුන්ට දාසයන්කොට ජාලිය සදිසි පුතුන්, කෘෂිණාජිනා වැනි දූවරුන් මද්‍රි වැනි භාර්යාවන් පරිත්‍යාග කොට දුන් දානයෙහි ප්‍රතිඵලයයි.

මිගාරසෙට‍්ඨිපි ඛො තථාගතෙ ධම‍්මදෙසනං විනිවත‍්තෙන‍්තෙ බහිසාණියං නිසින‍්නොව සහස‍්ස නයපටිමණ‍්ඩිතෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය අචලාය සද‍්ධාය සමන‍්නාගතො තීසු රතනෙසු නික‍්කඞ‍්ඛො හුත්‍වා සාණිකණ‍්ණං උක‍්ඛිපිත්‍වා ආගන‍්ත්‍වා සුණ‍්හාය ථනං මුඛෙන ගහෙත්‍වා, “ත්‍වං මෙ අජ‍්ජතො පට‍්ඨාය මාතා”ති තං මාතුට‍්ඨානෙ ඨපෙසි. තතො පට‍්ඨාය මිගාරමාතා නාම ජාතා. පච‍්ඡාභාගෙ පුත‍්තං ලභිත්‍වාපි මිගාරොතිස‍්ස නාමමකාසි.

මිගාරසිටුහුත් තථාගතදේශනාව අසමින්ම තිරයෙන් බැහැර සිටිමින්ම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන්පෙලෙහි පිහිටා අචල ශ්‍රද්ධාවෙන් සම්පූර්ණව තිසරණයෙහි නිසැකවී තිරකෙළවර ඔසවා ගොස් යෙහෙළියගේ තනය මුවින් ගෙන ඔබ අද පටන් මගේ අම්මායයි ඇය මවුතනතුරෙහි තබාගත්තේය. ඈ එවක් පටන් මිගාරමාතා නමින් ප්‍රකටවූවාය. පසුකල පුතෙකු ලබා ඔහුට මිගාර යන නම තැබීය.

මහාසෙට‍්ඨි සුණ‍්හාය ථනං විස‍්සජ‍්ජෙත්‍වා ගන‍්ත්‍වා භගවතො ද‍්වීසු පාදෙසු සිරසා නිපතිත්‍වා පාදෙ පාණීහි ච පරිසම‍්බාහන‍්තො මුඛෙන ච පරිචුම‍්බන‍්තො “මිගාරො අහං, භන‍්තෙ, මිගාරො අහං, භන‍්තෙ”ති තික‍්ඛත‍්තුං නාමං සාවෙත්‍වා, “අහං, භන‍්තෙ, එත‍්තකං කාලං යත්‍ථ නාම ද‍්වින‍්නං මහප‍්ඵලන‍්ති න ජානාමි, ඉදානි ච මෙ සුණිසං නිස‍්සාය ඤාතං, සබ‍්බා අපායදුක‍්ඛා මුත‍්තොම‍්හි, සුණිසා මෙ ඉමං ගෙහං ආගච‍්ඡන‍්තී මම අත්‍ථාය හිතාය සුඛාය ආගතා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මහසිටු යෙහෙළියගේ තනය මුවෙන් මුදාහැර ගොස් බුදුන්ගේ පාමුල වැඳවැටී අත්වලින් පා මඩිමින් මුහුණ තබා සිඹිමින් ස්වාමීනි, මම මිගාර යයි තෙවරක් කියා ස්වාමීනි, මම මෙතෙක්කල් යම් තැනකට දුන්නොත් එය මහත්ඵල වන්නේයයි නොදනිමි. දැන් මගේ යෙහෙළියන් නිසා එය දැන ගතිමි. සියලු අපා දුකින් මිදුණෙමි. මගේ යෙහෙළිය මේ ගෙට ඒමෙන් ඒ පැමිණීම මට හිතවැඩක් පිණිසම වීයයි කියා මේ ගාථාවද කීවේය.

“සොහං අජ‍්ජ පජානාමි, යත්‍ථ දින‍්නං මහප‍්ඵලං; අත්‍ථාය වත මෙ භද‍්දා, සුණිසා ඝරමාගතා”ති.

යම් තැනක දුන්නොත් එය මහත්ඵලවීමට නම් එතැන අද දුටුවෙමි අදම එය දැනගත්තෙමි යෙහෙළිය මෙගෙට ඒමෙන් මහඵලයක්ම සිදුවිණි

විසාඛා පුනදිවසත්‍ථායපි සත්‍ථාරං නිමන‍්තෙසි. අථස‍්සා පුනදිවසෙපි සස‍්සු සොතාපත‍්තිඵලං පත‍්තා. තතො පට‍්ඨාය තං ගෙහං සාසනස‍්ස විවටද‍්වාරං අහොසි.

විශාඛාවෝ දෙවෙනි දිනය සඳහාද බුදුන්ට නිමන්ත්‍රණය කළෝය. ඉන්පසු දෙවෙනි දිනයේ, නැන්දා සෝවාන් ඵලයට පැමිණියාය. එතැන්පටන් එය සසුන සඳහා විවෘත දොරවල් ඇති ගෙයක්විය.

තතො සෙට‍්ඨි චින‍්තෙසි – “බහූපකාරා මෙ සුණිසා පසන‍්නාකාරමස‍්සා කරිස‍්සාමි, එතිස‍්සා භාරියං පසාධනං නිච‍්චකාලං පසාධෙතුං න සක‍්කා, සල‍්ලහුකමස‍්සා දිවා ච රත‍්තො ච සබ‍්බඉරියාපථෙසු පසාධනයොග‍්ගං පසාධනං කාරෙස‍්සාමී”ති සතසහස‍්සග‍්ඝනකං ඝනමට‍්ඨකං නාම පසාධනං කාරෙත්‍වා තස‍්මිං නිට‍්ඨිතෙ බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සක‍්කච‍්චං භොජෙත්‍වා විසාඛං සොළසහි ගන්‍ධොදකඝටෙහි න‍්හාපෙත්‍වා සත්‍ථු සම‍්මුඛෙ ඨපෙත්‍වා පසාධෙත්‍වා සත්‍ථාරං වන්‍දාපෙසි. සත්‍ථා අනුමොදනං කත්‍වා විහාරමෙව ගතො.

දිනක් සිටුතෙම, මගේ යෙහෙළිය මට බෙහෙවින් උපකාරවත් වූවාය. එහෙයින් ඈ පහදින යමක් කරන්නෙමියි, මැගේ පළඳනාව ඉතා බරය. එය නිතර පැළඳීම අසීරුය, මෑට රෑදාවල් දෙකේම සැහැල්ලුව පැළඳ සිටියහැකි පළඳනාවක් කරදෙන්නෙමියි සිතා ලක්ෂයක් වටිනා ‘ඝනමට්ටක’ නම් පළඳනාවක් කරවා එය නිමිකල්හි බුදුන්ප්‍රමුඛ භික්ෂුසංඝයා වළඳවා අන්තයෙහි සුවඳපැන් සොළොස් කළයකින් විශාඛාවන් නහවා බුදුන් ඉදිරියෙහි පළඳනාව පළඳවා බුදුන් වැන්දවීය. ශාස්තෘන්වහන්සේ අනුමෝදනා පවත්වා විහාරයට වැඩමවූසේක.

විසාඛාපි තතො පට‍්ඨාය දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්තී සත්‍ථු සන‍්තිකා අට‍්ඨ වරෙ (මහාව· 350) ලභිත්‍වා ගගනතලෙ චන්‍දලෙඛා විය පඤ‍්ඤායමානා පුත‍්තධීතාහි වුඩ‍්ඪිං පාපුණි. තස‍්සා කිර දස පුත‍්තා දස ධීතරො ච අහෙසුං. තෙසු එකෙකස‍්ස දස දස පුත‍්තා දස දස ධීතරො අහෙසුං. තෙසු තෙසුපි එකෙකස‍්ස දස දස පුත‍්තා දස දස ධීතරො චාති එවමස‍්සා පුත‍්තනත‍්තපනත‍්තසන‍්තානවසෙන පවත‍්තානි වීසාධිකානි චත‍්තාරි සතානි අට‍්ඨ ච පාණසහස‍්සානි අහෙසුං. තෙනාහු පොරාණා –

විශාඛාවෝද එතැන් පටන් දානාදි පින්කම් කරමින් බුදුන් හමුවෙහි වර අටක්ද ලබා, ගගනතලයෙහි චන්ද්‍රරේඛාවක් මෙන් ප්‍රකටව දූපුතුන් සමග වෘද්ධියට පැමිණියාහුය. ඈ පුත්තු දසදෙනෙක්ද, දූවරු දසදෙනෙක්ද වූවාහුය. ඔවුනතර එක් එක් පුතෙකුට දුවකටද දහය දහය බැගින් දූපුතුන් වූහ. ඔවුන්ටද එකඑක්කෙනාට දහය දහය බැගින් දූපුත්තු වූහ. මෙසේ ඇයට (පුත්‍ර නප්තෘ පනත්ත) දරු මුණුබුරු මීමුණුබුරු සන්තාන වශයෙන් අටදහස් හාරසියවිස්සක පරපුරක් ඇතිවිය.

“විසාඛා වීසති පුත‍්තා, නත‍්තා ච චතුරො සතා; පනත‍්තා අට‍්ඨසහස‍්සා, ජම‍්බුදීපෙ සුපාකටා”ති.

[missing trans]

ආයු වීසවස‍්සසතං අහොසි, සීසෙ එකම‍්පි පලිතං නාම නාහොසි, නිච‍්චං සොළසවස‍්සුද‍්දෙසිකා විය අහොසි. තං පුත‍්තනත‍්තපනත‍්තපරිවාරං විහාරං ගච‍්ඡන‍්තිං දිස‍්වා, “කතමා එත්‍ථ විසාඛා”ති පරිපුච‍්ඡිතාරො හොන‍්ති? යෙ නං ගච‍්ඡන‍්තිං පස‍්සන‍්ති, “ඉදානි ථොකං ගච‍්ඡතු, ගච‍්ඡමානාව නො, අය්‍යා සොභතී”ති, චින‍්තෙන‍්ති. යෙ නං ඨිතං නිසින‍්නං නිපන‍්නං පස‍්සන‍්ති, “ඉදානි ථොකං නිපජ‍්ජතු, නිපන‍්නාව නො, අය්‍යා, සොභතී”ති චින‍්තෙන‍්ති. ඉති සා “චතූසු ඉරියාපථෙසු අසුකඉරියාපථෙන නාම න සොභතී”ති වත‍්තබ‍්බා න හොති. පඤ‍්චන‍්නං ඛො පන හත්‍ථීනං බලං ධාරෙති. රාජා “විසාඛා කිර පඤ‍්චන‍්නං හත්‍ථීනං බලං ධාරෙතී”ති සුත්‍වා තස‍්සා විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා ආගමනවෙලාය ථාමං වීමංසිතුකාමො හත්‍ථිං විස‍්සජ‍්ජාපෙසි, සො සොණ‍්ඩං උක‍්ඛිපිත්‍වා විසාඛාභිමුඛො අගමාසි.

ඈ එක්සියවිසි අවුරුද්දක් ජීවත්වූවාය. හිස එක් නරකෙසක් හෝ නොවීය. නිතර සොළොස් හැවිරිදි දැරියක මෙන්විය. දරු මුනුබුරු මීමුණුබුරන් පිරිවරා විහාරයට යන ඈ දැන මෙතන විශාඛා කවුරුන්දැයි විචාරන තරමට සමානව සිටියාය. යන්නාවූ විශාඛා දැක ආර්යාව යනවිටම හොබනේය. ටිකක් හෝ යෑම මැනවයි සිතූහ. ඒ පිරිසෙහි යමෙක් සිටීම, හිඳීම, වැදහෙවීම දැක, දැන් ටිකක් වැද හොවීනම් යහපති, ආර්යාව වැදහොවින විට වඩාත් ශෝභනයයි සිතූහ. මෙසේ ඇගේ සතර ඉරියව්වලදීම යහපත් ලෙසම දුටුවහ. ඈ ඇතුන් පස්දෙනෙකුන්ගේ ධෛර්යය දරයි. රජු විශාඛා ඇතුන් පස්දෙනෙකුන්ගේ ශක්තිය දරන්නීයයි අසා, ඈ විහාරයට ගොස් බණ අසා එන වේලාවෙහි ශක්තිය විමසනු පිණිස ඇතා ලිහා ඉදිරියට හැරියේය. ඇතා සොඬ ඔසවාගෙන විශාඛාව ඉදිරියට ගියේය.

තස‍්සා පරිවාරිත්‍ථියො පඤ‍්චසතා එකච‍්චා පලායිංසු, එකච‍්චා න පරිස‍්සජ‍්ජිත්‍වා “කිං ඉද”න‍්ති වුත‍්තෙ – “රාජා කිර තෙ, අය්‍යෙ, බලං වීමංසිතුකාමො හත්‍ථිං විස‍්සජ‍්ජාපෙසී”ති වදිංසු. විසාඛා ඉමං දිස‍්වා, “කිං පලායිතෙන, කථං නු ඛො තං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා, “සචෙ තං දළ‍්හං ගණ‍්හිස‍්සාමි, විනස‍්සෙය්‍යා”ති ද‍්වීහි අඞ‍්ගුලීහි සොණ‍්ඩාය ගහෙත්‍වා පටිපණාමෙසි. හත්‍ථී අත‍්තානං සන්‍ධාරෙත්‍වා ඨාතුං නාසක‍්ඛි, රාජඞ‍්ගණෙ උක‍්කුටිකො හුත්‍වා පතිතො. මහාජනො සාධුකාරං අදාසි. සාපි සපරිවාරා සොත්‍ථිනා ගෙහං අගමාසි.

ඇගේ පිරිවර ස්ත්‍රීන්ගෙන් සමහරු පලාදිව ගියහ. සමහරු නැවතී සිටිනු දැක ඇයිදැයි ඇසූකල ආර්යාවනි, රජු ඔබේ ශක්තිය විමසීමට ඇතු එවා ඇතැයි කීවාහුය. විශාඛා මේ දැක පලායෑමෙන් වැඩක් නැත. මේ ඇතා කෙසේ ගන්නෙම්දැයි සිතා, මොහු දැඩිව අල්ලා ගත්තොත් නැසෙනු ඇතැයි ඇඟිලිවලින් සොඬය අල්ලාගෙන මදක් නැමීය. ඇතුට එය දැරීමටවත් හිටගෙන සිටීමටවත් නොහැකිවිය. රජමිදුලෙහි උක්කුටුකව වැටුණේය. මහාජනයා සාධුකාර දුන්හ. ඈ සපිරිවරින් සැපසේ ගෙට පැමිණියාය.

තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං විසාඛා මිගාරමාතා බහුපුත‍්තා හොති බහුනත‍්තා අරොගපුත‍්තා අරොගනත‍්තා අභිමඞ‍්ගලසම‍්මතා, තාවතකෙසු පුත‍්තනත‍්තෙසු එකොපි අන‍්තරා මරණං පත‍්තො නාම නාහොසි. සාවත්‍ථිවාසිනො මඞ‍්ගලෙසු ඡණෙසු විසාඛං පඨමං නිමන‍්තෙත්‍වා භොජෙන‍්ති. අථෙකස‍්මිං උස‍්සවදිවසෙ මහාජනෙ මණ‍්ඩිතපසාධිතෙ ධම‍්මස‍්සවනාය විහාරං ගච‍්ඡන‍්තෙ විසාඛාපි නිමන‍්තිතට‍්ඨානෙ භුඤ‍්ජිත්‍වා මහාලතාපසාධනං පසාධෙත්‍වා මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා ආභරණානි ඔමුඤ‍්චිත්‍වා උත‍්තරාසඞ‍්ගෙන භණ‍්ඩිකං බන්‍ධිත්‍වා දාසියා අදාසි. යං සන්‍ධාය වුත‍්තං –

එකල්හි, සැවැත්නුවර, විශාඛමිගාරමාතාවට බොහෝ පුත්තු බොහෝ මුණුබුරෝ වූහ. ඔවුහු නිරෝගී වූහ. මංගල සම්මතයහ. එතරම් පුතුන් මුණුබුරන් දහස් ගණනක් සිටියද එයින් එකෙකු හෝ අතරතුර මරණයට පත්නොවීය. සැවැත්නුවර වැසියෝ මංගල්‍ය සැණකෙළි අවස්ථාවලදී ප්‍රථමයෙන්ම විශාඛාවට ආරාධනාකොට වළඳවති. එක් උත්සව දිනයක සැදී පැහැදුණු මහාජනයා බණ අසනු පිණිස විහාරයට යනකල ආරාධනා කළ තැනක ආහාර ගත් විශාඛාවෝද මහලියපළඳනාව පැළඳ මහාජනයා සමග විහාරයට ගොස් ආභරණ ගළවා දාසියට දුන්නාය. මේ සඳහා මෙසේත් කියා ඇත.

“තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං උස‍්සවො හොති, මනුස‍්සා අලඞ‍්කතපටියත‍්තා ආරාමං ගච‍්ඡන‍්ති, විසාඛාපි මිගාරමාතා අලඞ‍්කතපටියත‍්තා විහාරං ගච‍්ඡති. අථ ඛො විසාඛා මිගාරමාතා ආභරණානි ඔමුඤ‍්චිත්‍වා උත‍්තරාසඞ‍්ගෙන භණ‍්ඩිකං බන්‍ධිත්‍වා දාසියා අදාසි ‘හන්‍ද ජෙ ඉමං භණ‍්ඩිකං ගණ‍්හාහී’”ති (පාචි· 503).

‘එකල සැවැත්නුවර උත්සවයක් විය. මහාජනයා හොඳින් සැරසී විහාරයට යනකල, විශාඛාවෝද හොඳින් සැරසී විහාරයට ගියහ. ඉක්බිති විශාඛාමිගාරමාතා ආභරණ ගළවා උතුරුසළුවෙහි පොදියක් කොට බැඳ දාසියට දුන්නාය. කෙල්ල මේ ආභරණ පොදිය ගනුව කියාය.’

සා කිර විහාරං ගච‍්ඡන‍්තී චින‍්තෙසි – “එවරූපං මහග‍්ඝං පසාධනං සීසෙ පටිමුක‍්කං යාව පාදපිට‍්ඨිං අලඞ‍්කාරං අලඞ‍්කරිත්‍වා විහාරං පවිසිතුං අයුත‍්ත”න‍්ති නං ඔමුඤ‍්චිත්‍වා භණ‍්ඩිකං කත්‍වා අත‍්තනො පුඤ‍්ඤෙනෙව නිබ‍්බත‍්තාය පඤ‍්චහත්‍ථිථාමධරාය දාසියා හත්‍ථෙ අදාසි. සා එව කිර තං ගණ‍්හිතුං සක‍්කොති. තෙන නං ආහ – “අම‍්ම, ඉමං පසාධනං ගණ‍්හ, සත්‍ථුසන‍්තිකා නිවත‍්තනකාලෙ පසාධෙස‍්සාමි න”න‍්ති. තං පන දත්‍වා ඝනමට‍්ඨකං පසාධනං පසාධෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං අස‍්සොසි, ධම‍්මස‍්සවනාවසානෙ භගවන‍්තං වන්‍දිත්‍වා උට‍්ඨාය පක‍්කාමි. සාපිස‍්සා දාසී තං පසාධනං පමුට‍්ඨා. ධම‍්මං සුත්‍වා පන පක‍්කන‍්තාය පරිසාය සචෙ කිඤ‍්චි පමුට‍්ඨං හොති, තං ආනන්‍දත්‍ථෙරො පටිසාමෙති. ඉති සො තං දිවසං මහාලතාපසාධනං දිස‍්වා සත්‍ථු ආරොචෙසි – “භන‍්තෙ, විසාඛා පසාධනං පමුස‍්සිත්‍වා ගතා”ති. “එකමන‍්තං ඨපෙහි, ආනන්‍දා”ති. ථෙරො තං උක‍්ඛිපිත්‍වා සොපානපස‍්සෙ ලග‍්ගෙත්‍වා ඨපෙසි.

ඕතොමෝ හිස පටන් පාදාන්තය දක්වා අලංකාර කරන මේ පළඳනා පැළඳ විහාරයට පිවිසීම අයොග්‍යයයි එය මුදා පොදියක් කොට තමන්ගේ පිනටම උපන් ඇතුන් පස්දෙනකුන් උසුලන බර දැරියහැකි දාසිය අත තැබීය. ඇයම එය ඉසිලීමට සමත් වෙයි. එහෙයින් ඇයට මෙසේ කීවාය. දැරිය, මේ පසාධනා ගන්න. බුදුන් ළඟින් ඉවත්ව එනකල එය පැළඳගන්නෙමි. එය ඈ අතට දී ඝනමට්ටක පළඳනාව පැළඳ බුදුන් වෙත පැමිණ බණ අසා අවසානයෙහි බුදුන් වැඳ ආපසු යෑමට පැමිණියාය. දාසියට පළඳනා තැබූ තැන අමතක විය. බණ ඇසීමට පැමිණි අයගේ යමක් අමතකවූ විට එය රැගෙන තැබීම ආනන්ද හිමියන්ගේ සිරිතකි. එහෙයින් එදින උන්වහන්සේ මහලියපළඳනාව දැක බුදුන්ට දන්වා සිටියහ. ස්වාමීනි, විශාඛාව පළඳනාව අමතක කර ගියාය. ආනන්ද එසේනම් එය යම්කිසි තැනක තබන්න. තෙරණුවෝ එය ඔසවා ගෙනගොස් ඉණිමං කෙළවරේ එල්ලා තැබූහ.

විසාඛාපි සුප‍්පියාය සද‍්ධිං “ආගන‍්තුකගමිකගිලානාදීනං කත‍්තබ‍්බයුත‍්තකං ජානිස‍්සාමී”ති අන‍්තොවිහාරෙ විචරි. තා පන උපාසිකායො අන‍්තොවිහාරෙ දිස‍්වා සප‍්පිමධුතෙලාදීහි අත්‍ථිකා පකතියාව දහරා ච සාමණෙරා ච ථාලකාදීනි ගහෙත්‍වා උපසඞ‍්කමන‍්ති. තස‍්මිම‍්පි දිවසෙ තථෙව කරිංසු. අථෙකං ගිලානං භික‍්ඛුං දිස‍්වා සුප‍්පියා (මහාව· 280) “කෙනත්‍ථො අය්‍යස‍්සා”ති පුච‍්ඡිත්‍වා “පටිච‍්ඡාදනීයෙනා”ති වුත‍්තෙ හොතු, අය්‍ය, පෙසෙස‍්සාමීති දුතියදිවසෙ කප‍්පියමංසං අලභන‍්තී අත‍්තනො ඌරුමංසෙන කත‍්තබ‍්බකිච‍්චං කත්‍වා පුන සත්‍ථරි පසාදෙන පාකතිකසරීරාව අහොසි.

විශාඛාව සුප්පියා සමග ආගන්තුකයන් ගිලනුන් ගමිකයන් ආදීන් වෙනුවෙන් කළයුතුදේ විමසමින් ඇතුළු විහාරයෙහි හැසුරුණාය. ඒ උපාසිකාව ඇතුළු විහාරයෙහි ඇවිදිනු දකින, ගිතෙල් මීපැණි, තෙල් ආදිය අවශ්‍යවන අයත් විශේෂයෙන් ළදරු සාමණේරවරුනුත් තලි ආදිය රැගෙන ඈවෙත පැමිණෙත්. එදවසද ඔවුහු එසේ කළහ. එක් ගිලන් භික්ෂුවක් දුටු සුප්පියා ස්වාමීනි කුමක් අවශ්‍යදැයි අසා, දඩමසක් කැමැත්තෙමියි කීකල ස්වාමීනි, එසේය එවන්නෙමියි කියා ගොස් දෙවෙනි දිනයේදී කැපසරුප් මසක් නොලැබ තම කළවා මාංශයෙන් කොටසක් කපා පිස යවා කළයුතු කාර්යයකොට, යළි බුදුන් කෙරෙහි ප්‍රසාද බලයෙන් ප්‍රකෘතිමත් සිරුරු ඇත්තියක්ද වූවාය.

විසාඛාපි ගිලානෙ ච දහරෙ ච සාමණෙරෙ ච ඔලොකෙත්‍වා අඤ‍්ඤෙන ද‍්වාරෙන නික‍්ඛමිත්‍වා විහාරූපචාරෙ ඨිතා, “අම‍්ම, පසාධනං ආහර පසාධෙස‍්සාමී”ති ආහ. තස‍්මිං ඛණෙ සා දාසී පමුස‍්සිත්‍වා නික‍්ඛන‍්තභාවං ඤත්‍වා, “අය්‍යෙ, පමුට‍්ඨාම‍්හී”ති ආහ. “තෙන හි ගන‍්ත්‍වා ගණ‍්හිත්‍වා එහි, සචෙ පන මය‍්හං අය්‍යෙන ආනන්‍දත්‍ථෙරෙන උක‍්ඛිපිත්‍වා අඤ‍්ඤස‍්මිං ඨානෙ ඨපිතං හොති, මා ආහරෙය්‍යාසි, අය්‍යස‍්සෙව තං මයා පරිච‍්චත‍්ත”න‍්ති. ජානාති කිර සා “කුලමනුස‍්සානං පමුට‍්ඨභණ‍්ඩකං ථෙරො පටිසාමෙතී”ති; තස‍්මා එවමාහ. ථෙරොපි තං දාසිං දිස‍්වාව “කිමත්‍ථං ආගතාසී”ති පුච‍්ඡිත්‍වා, “අය්‍යාය මෙ පසාධනං පමුස‍්සිත්‍වා ආගතාම‍්හී”ති වුත‍්තෙ, “එතස‍්මිං මෙ සොපානපස‍්සෙ ඨපිතං, ගච‍්ඡ නං ගණ‍්හාහී”ති ආහ. සා, “අය්‍ය, තුම‍්හාකං හත්‍ථෙන ආමට‍්ඨභණ‍්ඩකං මය‍්හං අය්‍යාය අනාහාරියං කත”න‍්ති වත්‍වා තුච‍්ඡහත්‍ථාව ගන‍්ත්‍වා, “කිං, අම‍්මා”ති විසාඛාය පුට‍්ඨා තමත්‍ථං ආරොචෙසි. “අම‍්ම, නාහං මම අය්‍යෙන ආමට‍්ඨභණ‍්ඩං පිලන්‍ධිස‍්සාමි, පරිච‍්චත‍්තං මයා. අය්‍යානං පන පටිජග‍්ගිතුං දුක‍්ඛං, තං විස‍්සජ‍්ජෙත්‍වා කප‍්පියභණ‍්ඩං උපනෙස‍්සාමි, ගච‍්ඡ, තං ආහරාහී”ති. සා ගන‍්ත්‍වා ආහරි. විසාඛා තං අපිලන්‍ධිත්‍වාව කම‍්මාරෙ පක‍්කොසාපෙත්‍වා අග‍්ඝාපෙසි. තෙහි “නව කොටියො අග‍්ඝති, හත්‍ථකාරාපණියං පනස‍්ස සතසහස‍්ස”න‍්ති වුත‍්තෙ පසාධනං යානෙ ඨපාපෙත්‍වා “තෙන හි තං වික‍්කිණථා”ති ආහ.

විශාඛාවෝ, ගිලනුන් ද ළදරු සාමණේරවරුන්ද බලා වෙනත් දොරටුවකින් නික්මී විහාරයට ආසන්න තැනක සිට, මෑණියනි, පසාධනය ගෙනව, එය පැළඳ ගන්නෙමියි කීවාය. එකෙණෙහි ඒ දාසිය අමතකව ආ බව දැන, ආර්යාවනි, එය අමතකව ආවෙමියයි කීවාය. එසේනම් ගොස් එය ගෙන එව. ඉදින් මාගේ ආර්යයන්වහන්සේ වන ආනන්ද හිමියන් විසින් එය රැගෙන වෙනත් තැනක තබා ඇත්නම් එය නොගෙනව. මම එය ආර්යයන්වහන්සේටම පරිත්‍යාග කරමි. මිනිසුන්ගේ අමතකව යන බඩු ආනන්ද හිමියන් තැන්පත් කර තබන බව ඈ දන්නා නිසා මෙසේ කීවාය. තෙරණුවෝද ඒ දාසිය දැක කුමක් නිසා ආවාදැයි අසා මගේ ආර්යාවගේ පළඳනාව අමතකව ගියෙමියි කී විට එය මම ඉණිමං කෙළවර එල්ලා ඇත. රැගෙන යවයි කීහ. ආර්යයන්වහන්ස, ඔබවහන්සේගේ අතින් ඇල්ලූ ආභරණ අපේ ආර්යාවට ආභරණ නොවන හැටියට ප්‍රකාශ කරනලදැයි කියා හිස් අතින්ම ගොස් මෑණියනි කිමෙක්දැයි විශාඛාව ඇසූ විට එපුවත දන්වා සිටියාය. මෑණියනි, ආර්යයන්වහන්සේ විසින් අතින් ඇල්ලූ මේ පළඳනා නැවත පැළඳීමට මම නොකැමැත්තෙමි. එය මම ආර්යයන්වහන්සේලා උදෙසා පරිත්‍යාග කරමි. එහෙත් මෙය ආර්යයන්වහන්සේ විසින් පරිහරණය කිරීම අපහසුය. එනිසා මෙය විකුණා කැපභාණ්ඩ ගෙන එන්නෙමි. යව. ගොස් එය රැගෙන එවයි කීවාය. ඈ ගොස් එය ගෙන ආවාය. විශාඛාව එය නොපැළඳම ලෝහකාරකයන් (ලෝකුරුවන්) කැඳවා එහි අගය විමසුවාය. මෙහි අගය නවකෝටියකි. කරවීමේ කුලිය ලක්ෂයකියි කීකල පළඳනාව යානයක තබා එසේනම් මෙය විකුණව්යයි කීවාය.

භත‍්තකං ධනං දත්‍වා ගණ‍්හිංතු න කොචි සක‍්ඛිස‍්සති. තඤ‍්හි පසාධනං පසාධෙතුං අනුච‍්ඡවිකා ඉත්‍ථියො නාම දුල‍්ලභා. පථවිමණ‍්ඩලස‍්මිඤ‍්හි තිස‍්සොව ඉත්‍ථියො මහාලතාපසාධනං ලභිංසු විසාඛා මහාඋපාසිකා, බන්‍ධුලමල‍්ලසෙනාපතිස‍්ස භරියා, මල‍්ලිකා, බාරාණසීසෙට‍්ඨිනො ධීතාති.

එපමණ ධනයක් දී එය ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය. ඒ පළඳනාව පැළඳීමට සුදුසු ස්ත්‍රීහුද දුර්ලභය. මේ පොළොවෙහි ස්ත්‍රීන් තිදෙනෙක් පමණක් මහලියපළඳනාව ලැබූහ. විශාඛා මහාඋපාසිකාව, බන්ධුලමල්ල සේනාපතිගේ භාර්යාවවූ මල්ලිකාව සහ බරණැස් සිටුදුවණිය යනු ඒ ඇයයි.

තස‍්මා විසාඛා සයමෙව තස‍්ස මූලං දත්‍වා සතසහස‍්සාධිකා නව කොටියො සකටෙ ආරොපෙත්‍වා විහාරං නෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, මය‍්හං අය්‍යෙන ආනන්‍දත්‍ථෙරෙන මම පසාධනං හත්‍ථෙන ආමට‍්ඨං, තෙන ආමට‍්ඨකාලතො පට‍්ඨාය න සක‍්කා තං මයා පිලන්‍ධිතුං. තං පන විස‍්සජ‍්ජෙත්‍වා කප‍්පියං උපනෙස‍්සාමීති වික‍්කිණාපෙන‍්තී අඤ‍්ඤං තං ගණ‍්හිතුං සමත්‍ථං අදිස‍්වා අහමෙව තස‍්ස මූලං ගාහාපෙත්‍වා ආගතා, චතූසු පච‍්චයෙසු කතරපච‍්චයෙන උපනෙස‍්සාමි, භන‍්තෙ”ති.

ඒ නිසා විශාඛාව තමන්ම එහි මිල ගෙවා නවකෝටි එක්ලක්ෂයක් ගැළක පටවාගෙන විහාරයට ගොස් බුදුන් වැඳ ස්වාමීනි, මගේ ආර්යවූ ආනන්ද හිමියන් විසින් මගේ පළඳනාව ඔසවා ගෙන ඒමෙන් උන්වහන්සේ අතින් අත ගෑවුණු නිසා මට ඒ පළඳනාව පැළඳීමට නොහැකිවීමි. එය විකුණා කැප සරුප් පරිදි පරිහරණයට යෙදවීම සඳහා විකිණීමට යෙදුවෙමි. එය මිළදී ගැනීමට හැකි අයෙක් නොදැක මාම එය මිලදීගෙන ඒ මුදල් රැගෙන ආවෙමි. ඒ මුදල සිවුපසයෙන් කුමක් සඳහා යොදවන්නෙම්ද?

පාචීනද‍්වාරෙ සඞ‍්ඝස‍්ස වසනට‍්ඨානං කාතුං තෙ යුත‍්තං විසාඛෙති “යුත‍්තං, භන‍්තෙ”ති විසාඛා තුට‍්ඨමානසා නවකොටීහි භූමිමෙව ගණ‍්හි. අපරාහි නවකොටීහි විහාරං කාතුං ආරභි.

විශාඛාවනි, පෙරදිග දොරටුවෙහි, භික්ෂුසංඝයා උදෙසා වාසස්ථානයක් කරවීම සුදුසුයි. ස්වාමීනි, එය සුදුසුයයි සතුටු සිතින් පිළිගත් විශාඛාව නවකෝටියට බිම් කොටසක් ගත්තාය. තවත් නවකෝටියකින් විහාරය තැනීම ආරම්භ කළාය.

අථෙකදිවසං සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො දෙවලොකා චවිත්‍වා භද‍්දියනගරෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තස‍්ස භද‍්දියස‍්ස නාම සෙට‍්ඨිපුත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං දිස‍්වා අනාථපිණ‍්ඩිකස‍්ස ගෙහෙ භත‍්තකිච‍්චං කත්‍වා උත‍්තරද‍්වාරාභිමුඛො අහොසි. පකතියා හි සත්‍ථා විසාඛාය ගෙහෙ භික‍්ඛං ගණ‍්හිත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමිත්‍වා ජෙතවනෙ වසති. අනාථපිණ‍්ඩිකස‍්ස ගෙහෙ භික‍්ඛං ගහෙත්‍වා පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා පුබ‍්බාරාමෙ වසති. උත‍්තරද‍්වාරං සන්‍ධාය ගච‍්ඡන‍්තංයෙව භගවන‍්තං දිස‍්වා, “චාරිකං පක‍්කමිස‍්සතී”ති ජානන‍්ති.

ඉන්පසු දිනක බුදුරජාණන්වහන්සේ උදෑසන ලොවබලන සේක් දෙව්ලොවින් චුතව භද්දිය නුවර සිටුපවුලේ උපන් භද්දිය නම් සිටුපුත්‍රයාගේ හේතුසම්පත් දැක අනේපිඬුසිටුහුගේ ගෙදර දන් වළඳා උතුරු දොරටුවට අභිමුඛව වැඩසිටිසේක. සිරිතක් වශයෙන් විශාඛාවගේ ගෙදර දන් වළඳා දකුණුදොරින් නික්ම දෙව්රමෙහි වැඩ වසති. අනේපිඬුසිටුගෙදරින් දන් වළඳා දකුණුදොරින් නික්ම දෙව්රමෙහි වැඩ වසති. අනේපිඬුසිටුගෙදරින් දන් වළඳා පෙරදිග දොරටුවෙන් නික්මී පූර්වාරාමයෙහි වැඩවසති. උතුරු දොරින් නික්මුණු භාග්‍යවතුන්වහන්සේ දැක චාරිකාවේ හැසිරෙන බව සෙසු අය දැනගනිත්.

විසාඛාපි තං දිවසං “සත්‍ථා උත‍්තරද‍්වාරාභිමුඛො ගතො”ති සුත්‍වා වෙගෙන ගන‍්ත්‍වා වන්‍දිත්‍වා ආහ – “චාරිකං ගන‍්තුකාමත්‍ථ, භන‍්තෙ”ති? “ආම, විසාඛෙ”ති. “භන‍්තෙ, එත‍්තකං ධනං පරිච‍්චජිත්‍වා තුම‍්හාකං විහාරං කාරෙමි, නිවත‍්තථ, භන‍්තෙ”ති. “අනිවත‍්තගමනං ඉදං විසාඛෙ”ති. සා “අද‍්ධා හෙතුසම‍්පන‍්නං කඤ‍්චි පස‍්සිස‍්සති භගවා”ති චින‍්තෙත්‍වා, “තෙන හි, භන‍්තෙ, මය‍්හං කතාකතවිජානනකං එකං භික‍්ඛුං නිවත‍්තෙත්‍වා ගච‍්ඡථා”ති ආහ. “යං රුච‍්චසි, තස‍්ස පත‍්තං ගණ‍්හ විසාඛෙ”ති ආහ. සා කිඤ‍්චාපි ආනන්‍දත්‍ථෙරං පියායති, “මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො ඉද‍්ධිමා, එතං මෙ නිස‍්සාය කම‍්මං ලහුං නිප‍්ඵජ‍්ජිස‍්සතී”ති පන චින‍්තෙත්‍වා ථෙරස‍්ස පත‍්තං ගණ‍්හි. ථෙරො සත්‍ථාරං ඔලොකෙසි. සත්‍ථා “තව පරිවාරෙ පඤ‍්චසතෙ භික‍්ඛූ ගහෙත්‍වා නිවත‍්ත මොග‍්ගල‍්ලානා”ති ආහ. සො තථා අකාසි.

විශාඛාවෝ එදින භාග්‍යවතුන්වහන්සේ උතුරු දොරටුව පැත්තෙන් වඩින්නාහුයයි අසා වේගයෙන් ගොස් වැඳ ස්වාමීනි, චාරිකාවේ වඩිනසේක්දැයි ඇසුවාය. විශාඛාව එසේය. ස්වාමීනි, මෙතෙක් ධනය වියදම් කොට ඔබවහන්සේ උදෙසා විහාරයක් කරවමි. එහෙයින් නවතිනු මැනවියි ඉල්ලාසිටියාය. විශාඛාවනි, මෙය නොනැවැත්විය යුතු ගමනකි. ඈ මෙය ඒකාන්තයෙන් හේතුසම්පත් ඇති කිසිවෙකු දැක යන බුදුන්ගේ ගමනකියි සිතා, එසේනම් ස්වාමීනි, කළයුතුනොකළයුතු දේ දන්නා එක් භික්ෂුනමක් සමග වඩිනු මැනවයි කීවාය. විශාඛාවනි ඒ භික්ෂුවගේ පාත්‍රය ගනුවයි වදාළකල්හි, ඈ ආනන්ද හිමියන් ප්‍රිය කරන නමුත්, මහමුගලන් හිමියෝ සෘද්ධිමත්හ. උන්වහන්සේ නවතා ගැනීමෙන් මාගේ විහාරකාර්යය සැහැල්ලු වියහැකියයි සිතා මුගලන් හිමියන්ගේ පාත්‍රය ගත්තාය. තෙරණුවෝ බුදුන් දෙස බැලූහ. මොග්ගල්ලාන, ඔබගේ පිරිවර භික්ෂූන් පන්සීයක් සමග නවතින්නැයි වදාළහ. උන්වහන්සේ නැවතුණහ.

තස‍්සානුභාවෙන පඤ‍්ඤාසසට‍්ඨියොජනානිපි රුක‍්ඛත්‍ථාය ච පාසාණත්‍ථාය ච ගතා මනුස‍්සා මහන‍්තෙ මහන‍්තෙ රුක‍්ඛෙ ච පාසාණෙ ච ගහෙත්‍වා තං දිවසමෙව ආගච‍්ඡන‍්ති, නෙව සකටෙ රුක‍්ඛපාසාණෙ ආරොපෙන‍්තා කිලමන‍්ති, න අක‍්ඛො භිජ‍්ජති. න චිරස‍්සෙව ද‍්වෙභූමිකං පාසාදං කරිංසු. හෙට‍්ඨාභූමියං පඤ‍්ච ගබ‍්භසතානි, උපරිභූමියං පඤ‍්ච ගබ‍්භසතානීති ගබ‍්භසහස‍්සපටිමණ‍්ඩිතො පාසාදො අහොසි. අට‍්ඨකරීසෙ පරිසුද‍්ධෙ භූමිභාගෙ පාසාදං කාරාපෙසි, “සුද‍්ධපාසාදො පන න සොභතී”ති තං පරිවාරෙත්‍වා පඤ‍්ච පධානවෙත‍්තගෙහසතානි, පඤ‍්ච චූළපාසාදසතානි, පඤ‍්ච දීඝමාළකසතානි කාරාපෙසි.

ලී දඬු සඳහාද ගල්ගඩොල් සඳහාද පනස්සැට යොදුන් දුර සිටවුවද විශාල ගස්ගල් පටවාගත් ගැල්වුවද උන්වහන්සේගේ ආනුභාවයෙන් එදිනම ආපසු පැමිණියේය. ගස්ගල් පැටවීමෙන් ගැල්වලටද කිසි හානියක් නොවීය. ගැල්වල රෝද ගරාදි නොබිඳිණි. නොබෝ කලකින් දෙමහල් ප්‍රාසාදය නිමවිය. යටිමහලේ කාමර පන්සීයකි. උඩුමහලේ කාමර පන්සීයකි. එය කාමර දහසකින් හෙබි ප්‍රාසාදයක්විය.

අථ සත්‍ථා නවහි මාසෙහි චාරිකං චරිත්‍වා පුන සාවත්‍ථිං අගමාසි. විසාඛායපි පාසාදෙ කම‍්මං නවහි මාසෙහි නිට‍්ඨිතං. පාසාදකූටං ඝනකොට‍්ටිතරත‍්තසුවණ‍්ණෙනෙව සට‍්ඨිඋදකඝටගණ‍්හනකං කාරාපෙසි. “සත්‍ථා ජෙතවනවිහාරං ගච‍්ඡතී”ති ච සුත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා සත්‍ථාරං අත‍්තනො විහාරං නෙත්‍වා පටිඤ‍්ඤං ගණ‍්හි, “භන‍්තෙ, ඉමං චතුමාසං භික‍්ඛුසඞ‍්ඝං ගහෙත්‍වා ඉධෙව වසථ, පාසාදමහං කරිස‍්සාමී”ති. සත්‍ථා අධිවාසෙසි.

බුදුරජාණන්වහන්සේ නවමසක් චාරිකාවේ හැසිර යළි සැවැත්නුවරට වැඩමවූහ. විශාඛාවගේ ප්‍රාසාදයේ වැඩද නවමසකින් අවසන් විය. රත්රනින් නිමවූ ප්‍රාසාදයේ කොත පැන්කළ හැටක් දරන තරම් විශාලත්වයෙන් කරවනලදි. ශාස්තෘන්වහන්සේ දෙව්රමට වඩිතියි අසා පෙරගමන් කොට බුදුන් තම විහාරයට පමුණුවා, ස්වාමීනි, මේ සාරමාසය භික්ෂුසංඝයා සමග මෙහිම වසනු මැනවි. ප්‍රාසාද පූජාව කරන්නෙමියි ඉල්ලා සිටියාය. ශාස්තෘන්වහන්සේ ආරාධනය ඉවසූසේක.

සා තතො පට‍්ඨාය බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස විහාරෙ එව දානං දෙති. අථස‍්සා එකා සහායිකා සතසහස‍්සග‍්ඝනකං එකං වත්‍ථං ආදාය ආගන‍්ත්‍වා, “සහායිකෙ අහං ඉමං වත්‍ථං තව පාසාදෙ භූමත්‍ථරණසඞ‍්ඛෙපෙන අත්‍ථරිතුකාමා, අත්‍ථරණට‍්ඨානං මෙ ආචික‍්ඛථා”ති ආහ. “සාධු සහායිකෙ, සචෙ ත්‍යාහං ‘ඔකාසො නත්‍ථී’ති වක‍්ඛාමි, ත්‍වං ‘මෙ ඔකාසං අදාතුකාමා’ති මඤ‍්ඤිස‍්සසි, සයමෙව පාසාදස‍්ස ද‍්වෙ භූමියො ගබ‍්භසහස‍්සඤ‍්ච ඔලොකෙත්‍වා අත්‍ථරණට‍්ඨානං ජානාහී”ති ආහ. සා සතසහස‍්සග‍්ඝනකං වත්‍ථං ගහෙත්‍වා තත්‍ථ තත්‍ථ විචරන‍්තී තතො අප‍්පතරමූලං වත්‍ථං අදිස‍්වා “නාහං ඉමස‍්මිං පාසාදෙ පුඤ‍්ඤභාගං ලභාමී”ති දොමනස‍්සප‍්පත‍්තා එකස‍්මිං ඨානෙ රොදන‍්තී අට‍්ඨාසි.

විශාඛාවෝ එතැන් පටන් බුද්ධප්‍රමුඛ මහඟනට එම විහාරයෙහිම දන්දෙති. දිනක් ඇගේ යෙහෙළියක් දහසක් වටිනා එක් වස්ත්‍රයක් රැගෙන අවුත් යෙහෙළිය, මම මේ වස්ත්‍රය ඔබේ ප්‍රාසාදයේ බුමුතුරුණක් වශයෙන් අතුරනු කැමැත්තෙමි. එය ඵලන තැනක් කියන්නැයි පැවසුවාය. යෙහෙළිය, ඉදින් මම ඔබට ඒ සඳහා තැනක් නැතැයි කීවොත්, ඒ සඳහා අවකාශයක් නොදෙනු කැමැත්තේයයි ඔබ සිතන්නෙහිය. ඒ නිසා ඔබම මේ ප්‍රාසාදයේ මහල් දෙකේම බිමත් කාමර දහසත් බලා වස්ත්‍රය අතුරක තැනක් සොයාගන්නැයි කීවාය. දෙවැන්නී දහසක් අගනා වස්ත්‍රයත් රැගෙන ඇවිද බලන්නී ඊට වඩා වටිනාකමින් අඩු වස්ත්‍රයක් අතුරා ඇති තැනක් නොදැක මට මේ ප්‍රාසාද පූජාවට හවුල්වීමට ඉඩක් ලබාගත නොහැකියයි දොම්නසටපත්වී එක් තැනක හඬමින් සිටියාය.

අථ නං ආනන්‍දත්‍ථෙරො දිස‍්වා, “කස‍්මා රොදසී”ති පුච‍්ඡි. සා තමත්‍ථං ආරොචෙසි. ථෙරො “මා චින‍්තයි, අහං තෙ අත්‍ථරණට‍්ඨානං ආචික‍්ඛිස‍්සාමී”ති වත්‍වා, “සොපානපාදමූලෙ පාදධොවනට‍්ඨානෙ ඉමං පාදපුඤ‍්ඡනකං කත්‍වා අත්‍ථරාහි, භික‍්ඛූ පාදෙ ධොවිත්‍වා පඨමං එත්‍ථ පාදං පුඤ‍්ඡිත්‍වා අන‍්තො පවිසිස‍්සන‍්ති, එවං තෙ මහප‍්ඵලං භවිස‍්සතී”ති ආහ. විසාඛාය කිරෙතං අසල‍්ලක‍්ඛිතට‍්ඨානං.

ඉන්පසු එසේ සිටි ඈ දුටු ආනන්ද තෙරණුවෝ අඬන්නේ ඇයිදැයි ඇසූහ. ඈ ඒ කරුණ දන්වා සිටියාය. ඔබ නොහඬන්න. මම එය අතුරන තැනක් කියන්නෙමියි කියා, ඉණිමංකෙළවර පා ධෝවනය කරන තැනත් පාපිස්නා තැනත් අතර මෙය අතුරන්න. එවිට භික්ෂූහු පා දොවා ප්‍රථමයෙන් මෙහි පා පිස ඇතුළට පිවිසෙනු ඇත. එවිට ඒ පින ඔබට මහත්ඵලවන්නේයයි කීහ. එය විශාඛාව විසිනුදු නොසැලකූ තැනකි.

විසාඛා චත‍්තාරො මාසෙ අන‍්තොවිහාරෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං අදාසි, අවසානදිවසෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස චීවරසාටකෙ අදාසි. සඞ‍්ඝනවකෙන ලද‍්ධචීවරසාටකා සහස‍්සග‍්ඝනකා හොන‍්ති. සබ‍්බෙසං පත‍්තානි පූරෙත්‍වා භෙසජ‍්ජං අදාසි. දානපරිච‍්චාගෙ නව කොටියො අගමංසු. ඉති විහාරස‍්ස භූමිග‍්ගහණෙ නව කොටියො, විහාරස‍්ස කාරාපනෙ නව, විහාරමහෙ නවාති සබ‍්බාපි සත‍්තවීසති කොටියො සා බුද‍්ධසාසනෙ පරිච‍්චජි. ඉත්‍ථිභාවෙ ඨත්‍වා මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ගෙහෙ වසමානාය එවරූපො මහාපරිච‍්චාගො නාම අඤ‍්ඤිස‍්සා නත්‍ථි. සා විහාරමහස‍්ස නිට‍්ඨිතදිවසෙ වඩ‍්ඪමානකච‍්ඡායාය පුත‍්තනත‍්තපනත‍්තපරිවුතා “යං යං මයා පුබ‍්බෙ පත්‍ථිතං, සබ‍්බමෙව මත්‍ථකං පත‍්ත”න‍්ති පාසාදං අනුපරියායන‍්තී පඤ‍්චහි ගාථාහි මධුරසද‍්දෙන ඉමං උදානං උදානෙසි –

විශාඛාව සිවුමසක් ඇතුළුවිහාරයෙහි බුද්ධ ප්‍රමුඛ මහසඟනට දන් දුන්නාය. අවසාන දිනයෙහි භික්ෂූන්ට සිවුරුරෙදි දුන්නාය. නවක සංඝයාට ලැබුණු චීවරසාටක දහසක් මිලය. සියලු දෙනාගේම පාත්‍ර බෙහෙත්වලින් පුරවා දුන්නාය. ඒ දානපරිත්‍යාගයට කෝටි නවයක් වැයවිය. මෙසේ විහාරය සඳහා බිම මිලදී ගැනීමට නවකෝටියක, විහාර කර්මාන්තයට නවකෝටියක, විහාර පූජාවට නවකෝටියක වශයෙන් ඈ විසිහත් කෝටියක් ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කළාය. ස්ත්‍රියකව සිට මිථ්‍යාදෘෂ්ටිකයෙකුගේ ගෙදර වසමින් මෙබඳු පරිත්‍යාගයක් කළ අන් ස්ත්‍රියක් නැත. ඈ විහාරපූජාව අවසන්වූ දිනයෙහි හිරු බැස යන සවස් වේලෙහි පුතුන් මුණුබුරන් පිරිවරා මා විසින් පෙර පැතූ සියල්ලක්ම මුදුන් පැමිණියේයයි සිතමින් විහාරය හාත්පස ඇවිදිමින් මිහිරි හඬින් ගාථාපහක් කියමින් ප්‍රීති උදානයක් ප්‍රකාශකළාය.

“කදාහං පාසාදං රම‍්මං, සුධාමත‍්තිකලෙපනං; විහාරදානං දස‍්සාමි, සඞ‍්කප‍්පො මය‍්හ පූරිතො.

සුදුමැටි අලෙව් දුන් දුටුවන් පහදවනසුලු පහයක් නිමා කොට ගෙන කවදා පුදන්නෙම්දැයි මා තුළ තිබූ පැතුමන් අද මුදුන්පත්විය එලෙසම

“කදාහං මඤ‍්චපීඨඤ‍්ච, භිසිබිම‍්බොහනානි ච; සෙනාසනභණ‍්ඩං දස‍්සාමි, සඞ‍්කප‍්පො මය‍්හ පූරිතො.

ඇඳපුටු බුමුතුරුණු එලා නිම කළ සෙනසුන් කවදා පුදන්නෙම්දැයි මගේ සිත තිබූ පැතුමන් කිසි අඩුවක් නැතුව එලෙසින් මුදුන්පත් විය

“කදාහං සලාකභත‍්තං, සුචිං මංසූපසෙචනං; භොජනදානං දස‍්සාමි, සඞ‍්කප‍්පො මය‍්හ පූරිතො.

ලහබතින් පිරිසිදු මස් හා උචිත ලෙස පිසූ දන් සකසා පුදන්නට කවදා ලැබේදැයි යන පැතුමන් පිරූ පෙරසිට එලෙසින් මුදුන්පත් විය

“කදාහං කාසිකං වත්‍ථං, ඛොමකප‍්පාසිකානි ච; චීවරදානං දස‍්සාමි, සඞ‍්කප‍්පො මය‍්හ පූරිතො.

කසීවත් කොමු කපුවිල්න නිමවූ සුදුසු චීවර අරියමහසඟනට කවදා පුදන්නෙම්දැයි පැතූ පැතුමන් පෙර සිට එලෙසින් මුදුන්පත් විය

“කදාහං සප‍්පිනවනීතං, මධුතෙලඤ‍්ච ඵාණිතං; භෙසජ‍්ජදානං දස‍්සාමි, සඞ‍්කප‍්පො මය‍්හ පූරිතො”ති.

කිරි වෙඬරු මීපැණිවලින් සපිරුණු බෙහෙතුත් අරිය මහසඟනට කෙදින පුදන්නෙම්දැයි පැතූ දහසක් පැතුමන් මුදුන්පත් විය එලෙසම

භික‍්ඛූ තස‍්සා සද‍්දං සුත්‍වා සත්‍ථු ආරොචයිංසු – “භන‍්තෙ, අම‍්හෙහි එත‍්තකෙ අද‍්ධානෙ විසාඛාය ගායනං නාම න දිට‍්ඨපුබ‍්බං, සා අජ‍්ජ පුත‍්තනත‍්තපනත‍්තපරිවුතා ගායමානා පාසාදං අනුපරියායති, කිං නු ඛ‍්වස‍්සා පිත‍්තං වා කුපිතං, උදාහු උම‍්මත‍්තිකා ජාතා”ති? සත්‍ථා “න, භික‍්ඛවෙ, මය‍්හං ධීතා ගායති, අත‍්තනො පනස‍්සා අජ‍්ඣාසයො පරිපුණ‍්ණො, සා ‘පත්‍ථිතපත්‍ථනා මෙ මත්‍ථකං පත‍්තා’ති තුට‍්ඨමානසා උදානං උදානෙන‍්තී විචරතී”ති වත්‍වා “කදා පන, භන‍්තෙ, තාය පත්‍ථනා පත්‍ථිතා”ති? “සුණිස‍්සථ, භික‍්ඛවෙ”ති. “සුණිස‍්සාම, භන‍්තෙ”ති වුත‍්තෙ අතීතං ආහරි –

භික්ෂූහු ඇගේ ගායනාහඬ අසා බුදුරදුන් වෙත පැමිණ, ස්වාමීනි, අපි මෙතෙක් දිගු කලක් යනතුරු විශාඛාවගේ ගායනයක් නම් කිසිකලෙකත් නොඇසීමු. ඕතොමෝ අද පුතුන් මුණුබුරන් පිරිවරා ගෙන ගායනාකරමින් විහාරය වටායයි. කිම ඇගේ පිත කිපී ගොස්ද, නැතහොත් උමතුරෝගය වැළඳීදැයි ඇසූහ. බුදුරජාණන්වහන්සේ, මහණෙනි, එසේ නොවෙයි. මගේ දුවගේ ප්‍රාර්ථනා අද සම්පූර්ණ විය. අදහස ඉටුවිය. ඒ සොම්නසින් ගායනාකරමින් උදන් අනමින් විහාරය වටා ඇවිදින්නීයයි වදාළහ. ස්වාමීනි, ඇගේ මේ ප්‍රාර්ථනා කවදා කළ පැතුම්ද? මහණෙනි එසේ නම් අසව්දැයි වදාළහ. එසේය ස්වාමීනි, අසන්නෙමුයයි කීකල අතීත කථාව ගෙන හැර පෑහ.

“අතීතෙ, භික‍්ඛවෙ, ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ පදුමුත‍්තරො නාම බුද‍්ධො ලොකෙ නිබ‍්බත‍්ති. තස‍්ස වස‍්සසතසහස‍්සං ආයු අහොසි, ඛීණාසවානං සතසහස‍්සපරිවාරො, නගරං හංසවතී නාම, පිතා සුනන්‍දො නාම රාජා, මාතා සුජාතා නාම දෙවී, තස‍්ස අග‍්ගඋපට‍්ඨායිකා එකා උපාසිකා අට‍්ඨ වරෙ යාචිත්‍වා මාතුට‍්ඨානෙ ඨත්‍වා සත්‍ථාරං චතූහි පච‍්චයෙහි පටිජග‍්ගන‍්තී සායංපාතං උපට‍්ඨානං ගච‍්ඡති. තස‍්සා එකා සහායිකා තාය සද‍්ධිං විහාරං නිබද‍්ධං ගච‍්ඡති. සා තස‍්සා සත්‍ථාරා සද‍්ධිං විස‍්සාසෙන කථනඤ‍්ච වල‍්ලභභාවඤ‍්ච දිස‍්වා, ‘කිං නු ඛො කත්‍වා එවං බුද‍්ධානං වල‍්ලතා හොතී’ති චින‍්තෙත්‍වා සත්‍ථාරං පුච‍්ඡි – ‘භන‍්තෙ, එසා ඉත්‍ථී තුම‍්හාකං කිං හොතී’”ති? “උපට‍්ඨායිකානං අග‍්ගා”ති. “භන‍්තෙ, කිං කත්‍වා උපට‍්ඨායිකානං අග‍්ගා හොතී”ති? “කප‍්පසතසහස‍්සං පත්‍ථනං පත්‍ථෙත්‍වා”ති. “ඉදානි පත්‍ථෙත්‍වා ලද‍්ධුං සක‍්කා, භන‍්තෙ”ති. “ආම, සක‍්කා”ති. “තෙන හි, භන‍්තෙ, භික‍්ඛුසතසහස‍්සෙන සද‍්ධිං සත‍්තාහං මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. සත්‍ථා අධිවාසෙසි. සා සත‍්තාහං දානං දත්‍වා ඔසානදිවසෙ චීවරසාටකෙ දත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, “භන‍්තෙ, නාහං ඉමස‍්ස දානස‍්ස ඵලෙන දෙවිස‍්සරියාදීනං අඤ‍්ඤතරං පත්‍ථෙමි, තුම‍්හාදිසස‍්ස පනෙකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ අට‍්ඨ වරෙ ලභිත්‍වා මාතුට‍්ඨානෙ ඨත්‍වා චතූහි පච‍්චයෙහි පටිජග‍්ගිතුං සමත්‍ථානං අග‍්ගා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං පට‍්ඨපෙසි. සත්‍ථා “සමිජ‍්ඣිස‍්සති නු ඛො ඉමිස‍්සා පත්‍ථනා”ති අනාගතං ආවජ‍්ජෙන‍්තො කප‍්පසතසහස‍්සං ඔලොකෙත්‍වා “කප‍්පසතසහස‍්සපරියොසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තදා ත්‍වං විසාඛා නාම උපාසිකා හුත්‍වා තස‍්ස සන‍්තිකෙ අට‍්ඨ වරෙ ලභිත්‍වා මාතුට‍්ඨානෙ ඨත්‍වා චතූහි පච‍්චයෙහි පටිජග‍්ගන‍්තීනං උපට‍්ඨායිකානං අග‍්ගා භවිස‍්සසී”ති ආහ. තස‍්සා සා සම‍්පත‍්ති ස‍්වෙව ලද‍්ධබ‍්බා විය අහොසි.

මහණෙනි, මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් බුදුකෙනෙක් ලොව පහළ වූහ. උන්වහන්සේට ආයුෂ අවුරුදු ලක්ෂයකි. පිරිවර ක්ෂීණාශ්‍රවයන් ලක්ෂයකි. නගරය හංසවතී නමි. පියා සුනන්ද නම් රජුය. මව සුජාතා නම් දේවීය. උන්වහන්සේගේ අග්‍රඋපස්ථායිකාවවූ එක් උපාසිකාවක් වර අටක් ඉල්ලාගෙන මාතෘස්ථානයෙහි සිට බුදුන් සිවුපසයෙන් පෝෂණය කරයි. උදේ සවස උවටැනටයයි. ඇගේ එක් සහායිකාවක්ද ඈ සමග විහාරයටයයි. ඒ සහායිකාව අනිත් උපාසිකාව බුදුන් සමග ඇති විශ්වාසභාවයද ස්වාමිත්වයද දැක කුමක්කොට මෙසේ බුදුන්ට වල්ලභවන්නීදැයි සිතා, බුදුන්වෙත පැමිණ, ස්වාමීනි, මේ ස්ත්‍රිය ඔබවහන්සේගේ කවුරුන්දැයි විචාළාය. ඇය උපස්ථායිකාවන්ගෙන් අග්‍රය. කුමක් කොට උපස්ථායිකාවන්ගෙන් අග්‍ර වූවාද? කල්ප ලක්ෂයක් ප්‍රාර්ථනා තැබීමෙනි. දැනුත් ප්‍රාර්ථනාකොට ලැබිය හැකිද ස්වාමීනි, එසේය ලැබිය හැකිය. ස්වාමීනි, එසේනම් භික්ෂූන් ලක්ෂයක්ද සමග සතියක් මාගේ දානය භාරගනු මැනවැයි ආරාධනා කළාය. ශාස්තෘන්වහන්සේ ආරාධනය ඉවසූසේක. ඈ සතියක් දන්දී අවසාන දිනයේ සිවුරු රෙදිද දී බුදුන් පාමුල ඉඳගෙන ස්වාමීනි, මම මේ දානයෙහි ඵල වශයෙන් දිවඉසුරු ආදි වෙනත් දෙයක් නොපතමි. ඔබවහන්සේ වැනි එක් බුදුවරයෙකු සමීපයෙහි වර අටක් ලැබ මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් පෝෂණය කිරීමට සමර්ථවූවන් අතර අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කළාය. ශාස්තෘන් වහන්සේ මැගේ ප්‍රාර්ථනාව සමෘද්ධවේද නැද්දැයි අනාගතය කල්ප ලක්ෂයක් බලා කල්පලක්ෂයකගේ කෙළවර ගෞතම නම් බුදුවරයන් වහන්සේ උපදින්නෝය. එකල ඔබ විශාඛා නම් උපාසිකාවක වී ඒ බුදුන් හමුවෙහි වර අටක් ලැබූ මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් බුදුන් පෝෂණය කරන උපාසිකාවන් අතර අග්‍ර වන්නෙහියයි ප්‍රකාශ කළහ. ඇගේ ඒ සම්පත්තිය හෙටම ලැබුවාක් මෙන් විය.

සා යාවතායුකං පුඤ‍්ඤං කත්‍වා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තී කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ කිකිස‍්ස කාසිරඤ‍්ඤො සත‍්තන‍්නං ධීතානං කනිට‍්ඨා සඞ‍්ඝදාසී නාම හුත්‍වා පරකුලං අගන‍්ත්‍වා තාහි ජෙට‍්ඨභගිනීහි සද‍්ධිං දීඝරත‍්තං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාදමූලෙපි “අනාගතෙ තුම‍්හාදිසස‍්ස බුද‍්ධස‍්ස මාතුට‍්ඨානෙ ඨත්‍වා චතුපච‍්චයදායිකානං අග‍්ගා භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි.

ඕතොමෝ ආයු ඇතිතාක් පින්කොට එයින් චුතව දෙව්ලොව ඉපද දෙව්ලොව මිනිස්ලොව සැරිසරන්නී කාශ්‍යප සම්බුදුන් කල කසීරට කිකීනම් රජුන්ගේ සත්දූවරුන්ගේ බාලම වූ සංඝදාසී නමින් ප්‍රකටව වෙනත් පවුලකට ගොස් එහි නැගණිවරුන් සමග දිගුකලක් දානාදි පින්කම් කොට, කාශ්‍යප බුදුන් පාමුලද අනාගතයෙහි ඔබ වැනි බුදුකෙනකුන්හට මාතෘස්ථානයෙහි සිට සිවුපසයෙන් බුදුන් පෝෂණය කරන දායිකාවන්ගෙන් අග්‍රවෙම්වායි ප්‍රාර්ථනා කළාය.

සා තතො පට‍්ඨාය පන දෙවමනුස‍්සෙසු සංසරන‍්තී ඉමස‍්මිං අත‍්තභාවෙ මෙණ‍්ඩකසෙට‍්ඨිපුත‍්තස‍්ස ධනඤ‍්චයසෙට‍්ඨිනො ධීතා හුත්‍වා නිබ‍්බත‍්තා. මය‍්හං සාසනෙ බහූනි පුඤ‍්ඤානි අකාසි. ඉති ඛො, භික‍්ඛවෙ, “න මය‍්හං ධීතා ගායති, පත්‍ථිතපත්‍ථනාය පන නිප‍්ඵත‍්තිං දිස‍්වා උදානං උදානෙතී”ති වත්‍වා සත්‍ථා ධම‍්මං දෙසෙන‍්තො, “භික‍්ඛවෙ, යථා නාම ඡෙකො මාලාකාරො නානාපුප‍්ඵානං මහන‍්තං රාසිං කත්‍වා නානප‍්පකාරෙ මාලාගුණෙ කරොති, එවමෙව විසාඛාය නානප‍්පකාරානි පුඤ‍්ඤානි කාතුං චිත‍්තං නමතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එතැන්පටන් දෙව්මිනිසුන් අතර සැරිසරමින් අවුත් මේ ආත්ම භාවයෙහි මෙණ්ඩක සිටුපුත් ධනංජය සිටුහුගේ දුවණියවී ඉපිද, මගේ සසුනෙහි බොහෝ පින් කළාය. මහණෙනි, මෙසේ මගේ දුවණිය ගායනා කරමින් පැතූ පැතුම් මුදුන් පැමිණි බව දැක උදන් ඇනීයයි වදාරා ශාස්තෘන්වහන්සේ දහම් දෙසමින්, මහණෙනි, දක්ෂ මල්කරුවෙක් නානාප්‍රකාර මහත්වූ මල් රාශියක් ලැබ නන්වැදෑරුම් මල්මාලා කරයිද, ඒ අයුරින් විශාඛාවගේ සිත නානාප්‍රකාට කුසල් කිරීමට නැමීයන්නේ යයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.

“යථාපි පුප‍්ඵරාසිම‍්හා, කයිරා මාලාගුණෙ බහූ; එවං ජාතෙන මච‍්චෙන, කත‍්තබ‍්බං කුසලං බහු”න‍්ති.

නොයෙක් මල් රැස්කර බුහුටිවූ මල්කරුවෙක් එකින්එක මල් තබමින් නොයෙක් මල්දම් ගොතන්නා සේ උපන් හැම මිනිසා නොයෙක් පින්කම් කළයුතුම වේ.

තත්‍ථ පුප‍්ඵරාසිම‍්හාති නානප‍්පකාරානං පුප‍්ඵානං රාසිම‍්හා. කයිරාති කරෙය්‍ය. මාලාගුණෙ බහූති එකතො වණ‍්ටිකමාලාදිභෙදා නානප‍්පකාරා මාලාවිකතියො. මච‍්චෙනාති මරිතබ‍්බසභාවතාය “මච‍්චො”ති ලද‍්ධනාමෙන සත‍්තෙන චීවරදානාදිභෙදං බහුං කුසලං කත‍්තබ‍්බං. තත්‍ථ පුප‍්ඵරාසිග‍්ගහණං බහුපුප‍්ඵදස‍්සනත්‍ථං. සචෙ හි අප‍්පානි පුප‍්ඵානි හොන‍්ති, මාලාකාරො ච ඡෙකො නෙව බහූ මාලාගුණෙ කාතුං සක‍්කොති, අඡෙකො පන අප‍්පෙසු බහූසුපි පුප‍්ඵෙසු න සක‍්කොතියෙව. බහූසු පන පුප‍්ඵෙසු සති ඡෙකො මාලාකාරො දක‍්ඛො කුසලො බහූ මාලාගුණෙ කරොති, එවමෙව සචෙ එකච‍්චස‍්ස සද‍්ධා මන්‍දා හොති, භොගා ච බහූ සංවිජ‍්ජන‍්ති, නෙව සක‍්කොති බහූනි කුසලානි කාතුං, මන්‍දාය ච පන සද‍්ධාය මන්‍දෙසු ච පන භොගෙසු න සක‍්කොති. උළාරාය ච පන සද‍්ධාය මන්‍දෙසු ච භොගෙසු න සක‍්කොතියෙව. උළාරාය ච පන සද‍්ධාය උළාරෙසු ච භොගෙසු සති සක‍්කොති. තථාරූපා ච විසාඛා උපාසිකා. තං සන්‍ධායෙතං වුත‍්තං – “යථාපි…පෙ… කත‍්තබ‍්බං කුසලං බහු”න‍්ති.

එහි පුප්ඵරාසිම්හා යනු නානාප්‍රකාර මල්රාශියකින්ය. කයිරා යනු කරන්නේය. මාලාගුණෙ බහු යනු නටු එකතු කරමින් ගොතන මල්දම් ආදි වෙනස් වෙනස් ලෙස ගොතන මල්දම් සමූහයයි. (විවිධ මල්දම්ය). මච්චෙන යනු මරණයට පැමිණිය යුතුය යන අරුතින් මේ නම ලබා ඇති සත්ත්වයා විසින් චීවරදානාදි භේද ඇති බහුං කුසලං කත්තබ්බං යනු පුෂ්පරාශියක් ගැනීම බොහෝමල් ඇති බව දැක්වීම සඳහායි. යම් ලෙසකින් අඩුමල් ප්‍රමාණයක් ඇත්තේ නම් මල්කරු දක්ෂයෙක් වූයේ නමුත් බොහෝ මල්දම් කිරීමට නොහැකිවේ. අදක්ෂ මල්කරුවෙකුට අඩුමල් ප්‍රමාණයක් ලැබුණු විට බොහෝ මල්දම් ගෙතීම කළ නොහැකිම වෙයි. බොහෝ මල් ලැබුණොත් දක්ෂ වූ මල්කරු බොහෝ මල්දම් ගොතයි. ඒ ආකාරයෙන් යම්හෙයකින් එක් පුද්ගලයකුගේ ශ්‍රද්ධාව අඩු වෙයිද, සම්පත් බොහෝ ඇතත් ඔහුට බොහෝ කුසල් කිරීමට නොහැකිවෙයි. ශ්‍රද්ධාවත් අඩුනම් සම්පතුත් අඩුනම් එබඳු පුද්ගලයාට බොහෝ කුසල් කළ නොහැකිමවෙයි. මහත්වූ ශ්‍රද්ධාව ඇති නමුත් අල්පවූ සම්පත් ඇත්තෙකුටද බොහෝ කුසල් කළ නොහැකිවේ. මහත්වූ ශ්‍රද්ධාවත්, මහත් වූ සම්පතුත් ඇත්තාට මහත්වූ කුසල් කළ හැකිවෙයි. උපාසිකා විශාඛාවෝ එබඳුවූහ. ඒනිසා මෙසේ කියා ඇත. යථාපි -පෙ- කත්තබ්බං කුසලං බහුං යනුවෙන්.

දෙසනාවසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං. මහාජනස‍්ස සාත්‍ථිකා ධම‍්මදෙසනා ජාතාති.

දේශනාවසානයේ බොහෝ අය සෝවාන් ආදි මග ඵලවලට පත්වූහ. මහාජනයාටද එය සාර්ථක දේශනාවක් විය.

විසාඛාවත්‍ථු අට‍්ඨමං

අටවන විශාඛා වස්තුවයි.