8-9. ඡත්තපාණිඋපාසකවත්ථු අට්ඨකථා
8-9. ඡත්තපාණිඋපාසකවත්ථු
8-9. ඡත්තපාණී උපාසක වස්තුව
යථාපි රුචිරං පුප්ඵන්ති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො ඡත්තපාණිඋපාසකං ආරබ්භ කථෙසි.
යථාපි රුචිරං පුප්ඵං ආදිමේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි ඡත්තපාණී නම් උපාසකවරයා අරභයා දේශනාකළසේක.
සාවත්ථියඤ්හි ඡත්තපාණි නාම උපාසකො තිපිටකධරො අනාගාමී. සො පාතොව උපොසථිකො හුත්වා සත්ථු උපට්ඨානං අගමාසි. අනාගාමිඅරියසාවකානඤ්හි සමාදානවසෙන උපොසථකම්මං නාම නත්ථි, මග්ගෙනෙව තෙසං බ්රහ්මචරියඤ්ච එකභත්තිකඤ්ච ආගතං. තෙනෙවාහ – “ඝටිකාරො ඛො, මහාරාජ, කුම්භකාරො එකභත්තිකො බ්‍රහ්මචාරී සීලවා කල්යාණධම්මො”ති (ම· නි· 2.288). එවං අනාගාමිනො පකතියාව එකභත්තිකා ච බ්රහ්මචාරිනො ච හොන්ති. සොපි තථෙව උපොසථිකො හුත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා ධම්මකථං සුණන්තො නිසීදි.
සැවැත්නුවර, ඡත්තපාණී නමින් ත්‍රිපිටකධාරී අනාගාමී උපාසකවරයෙක් විය. ඔහු උදෑසනම සිල්සමාදන් වී බුද්ධොපස්ථාන සඳහා ගියේය. අනාගාමී ආර්යශ්රාවකයන්ට සමාදන්වීම් වශයෙන් උපොසථ කර්මයක් නැත. ආර්යමාර්ගයෙන්ම ඔවුහු බ්‍රහ්මචර්යාවද එක් වේලක් වැළඳීමද යන අංගවලට පැමිණෙති. එහෙයින්ම මෙසේ වදාරා තිබේ “මහරජ, ඝටීකාර කුම්භකාර තෙම එකභක්තිකය, බ්‍රහ්මචාරීය, සිල්වත්ය, යහපත් දහම්හි පිහිටියේය.” මෙසේ අනාගාමීහු ප්‍රකෘතියෙන්ම ඒකභක්තික බ්‍රහ්මචාරීහු වෙත්. ඔහුද එසේ පෙහෙවස් සමාදන්ව බුදුන් වෙත පැමිණ වැඳ දහම්කථා අසමින් හුන්නේය.
තස්මිං සමයෙ රාජා පසෙනදි කොසලො සත්ථු උපට්ඨානං අගමාසි. ඡත්තපාණි උපාසකො තං ආගච්ඡන්තං දිස්වා “උට්ඨාතබ්බං නු ඛො, නො”ති චින්තෙත්වා – “අහං අග්ගරාජස්ස සන්තිකෙ නිසින්නො, තස්ස මෙ පදෙසරාජානං දිස්වා උට්ඨාතුං න යුත්තං, රාජා ඛො පන මෙ අනුට්ඨහන්තස්ස කුජ්ඣිස්සති, එතස්මිං කුජ්ඣන්තෙපි නෙව උට්ඨහිස්සාමි. රාජානං දිස්වා උට්ඨහන්තෙන හි රාජා ගරුකතො හොති, නො සත්ථා, තස්මා නෙව උට්ඨහිස්සාමී”ති න උට්ඨහි. පණ්ඩිතපුරිසා නාම ගරුතරානං සන්තිකෙ නිසීදිත්වා අනුට්ඨහන්තං දිස්වා න කුජ්ඣන්ති. රාජා පන තං අනුට්ඨහන්තං දිස්වා කුපිතමානසො සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි.
ඒ වේලාවේ පසේනදි කොසොල් රජතුමාද බුද්ධඋපස්ථාන පිණිස එහි පැමිණියේය. උපාසකතෙම එහි එන්නාවූ රජුන් දැක නැගිටිය යුතුද නැද්දැයි සිතා මම අග්රරාජයන්වූ බුදුන් ළඟ හිඳගෙන සිටිමි. එබඳු මා ප්‍රාදේශීය රජකු දැක හිටගැනීම අයුතුය. රජු නැගී නොසිටින මා දැක කිපෙන්නේය. ඔහු කිපුණත් නොනැගිටිමි. රජුන් දැක නැගී සිටීම ඔහුට ගරු කිරීමකි, එය බුදුන්ට ගෞරවයක් නොවන හෙයින් නොනැගිටිමියි නොනැගිට හුන්නේය. නුවණැත්තෝ ගරුකළයුත්තන් ළඟ ඉඳගෙන සිට නොනැගිටීම ගැන නොකිපෙත්. කොසොල් රජු මෙසේ නොනැගිට සිටින උපාසකවරයා දැක කිපුණු සිත් ඇතිව බුදුන්ට වැඳ එක්පසෙක හිඳගත්තේය.
සත්ථා කුපිතභාවං ඤත්වා, “මහාරාජ, අයං ඡත්තපාණි උපාසකො පණ්ඩිතො දිට්ඨධම්මො තිපිටකධරො අත්ථානත්ථකුසලො”ති උපාසකස්ස ගුණං කථෙසි. රඤ්ඤො තස්ස ගුණකථං සුණන්තස්සෙව චිත්තං මුදුකං ජාතං.
බුදුරජාණන්වහන්සේ ඔහු කිපුණු බව දැන, මහරජ මේ ඡත්තපාණී උපාසකතෙම නුවණැත්තෙක. දහම් දුටුකෙනක, ත්‍රිපිටකධාරීය, අර්ථඅනර්ථයන් දැනීමේ දක්ෂයෙකියි උපාසකවරයාගේ ගුණ ප්‍රකාශ කළහ. ඔහුගේ ගුණකථා ඇසීමෙන් රජුගේ සිත මෘදුබවට පත්විය.
අථෙකදිවසං රාජා උපරිපාසාදෙ ඨිතො ඡත්තපාණිං උපාසකං කතභත්තකිච්චං ඡත්තමාදාය උපාහනමාරුය්හ රාජඞ්ගණෙන ගච්ඡන්තං දිස්වා පක්කොසාපෙසි. සො ඡත්තුපාහනං අපනෙත්වා රාජානමුපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි. අථ නං රාජා ආහ – “භො උපාසක, කින්තෙ ඡත්තුපාහනං අපනීත”න්ති. “‘රාජා පක්කොසතී’ති සුත්වා අපනෙත්වා ආගතොම්හී”ති. “අජ්ජ අම්හාකං රාජභාවො තුම්හෙහි ඤාතො භවිස්සතී”ති. “සදාපි මයං, දෙව, තුම්හාකං රාජභාවං ජානාමා”ති. “යදි එවං කස්මා පුරිමදිවසෙ සත්ථු සන්තිකෙ නිසින්නො මං දිස්වා න උට්ඨහී”ති? “මහාරාජ, අහං අග්ගරාජස්ස සන්තිකෙ නිසින්නො, පදෙසරාජානං දිස්වා උට්ඨහන්තො සත්ථරි අගාරවං පවෙදෙය්යං, තස්මා න උට්ඨහි”න්ති. “හොතු, භො, තිට්ඨතෙතං”. “තුම්හෙ කිර දිට්ඨධම්මිකසම්පරායිකානං අත්ථානත්ථානං කුසලා තිපිටකධරා අම්හාකං අන්තෙපුරෙ ධම්මං වාචෙථා”ති.
දිනක් රජු ප්‍රාසාදය මුදුනෙහි සිටින විට අහර ගෙන අවසන්වූ ඡත්තපාණී උපාසක තෙම පාවහන් යුවළ දමාගෙන කුඩය ඉසලාගෙන රාජාංගනයෙහි යනු දැක කැඳවීය. හෙතෙම කුඩය හකුළා පාවහන් ඉවත්කොට රජුන් වෙත පැමිණ වැඳ එක්පැත්තක සිටියේය. ඉන්පසු රජු, පින්වත් උපාසකය ඔබ කුඩය හකුළා පාවහන් ඉවත් කර දැම්මේ ඇයි? රජු කැඳවන බව දැන ඒවා ඉවත්කර ආවෙමි. මා රජ බව ඔබ දැනගත්තේ අදද? රජතුමනි, ඔබ රජ බව මම හැමදාම දැන සිටිමි. එසේ නම් පෙර දිනයකදී බුදුන් සමීපයෙහි හිඳගෙන සිට මා දැක නොනැගිට්ටේ ඇයිද? මහරජතුමනි, මම එදා අග්රරාජයන්වහන්සේ ළඟ හිඳගෙන සිටියෙමි. ප්‍රාදේශීය රජකු දැක නැගී සිටියේනම් එය ශාස්තෘන්වහන්සේට අගෞරවයක් ප්‍රකාශ කිරීමකි. එහෙයින් නොනැගිට්ටෙමි. කමක් නැහැ, එය එසේ වේවා, ඔබ මෙලොව පරලොව අර්ථයන් දැනීමෙහි දක්ෂයෙකි. ත්‍රිපිටක ධාරියෙකි. අපේ අන්තඃපුරයෙහි අයට ධර්මය උගන්වන්නැයි රජු කීවේය.
“න සක්කොමි, දෙවා”ති. “කිං කාරණා”ති? “රාජගෙහං නාම මහාසාවජ්ජං, දුයුත්තසුයුත්තකානි ගරුකානෙත්ථ, දෙවා”ති. “මා එවං වදෙථ, ‘පුරිමදිවසෙ මං දිස්වා න උට්ඨිතොම්හී’ති මා කුක්කුච්චං කරොථා”ති. “දෙව, ගිහීනං විචරණට්ඨානං නාම මහාසාවජ්ජං, එකං පබ්බජිතං පක්කොසාපෙත්වා ධම්මං වාචාපෙථා”ති. රාජා “සාධු, භො, ගච්ඡථ තුම්හෙ”ති තං උය්යොජෙත්වා සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං යාචි, “භන්තෙ, මල්ලිකා ච දෙවී වාසභඛත්තියා ච ධම්මං පරියාපුණිස්සාමාති වදන්ති, පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නිබද්ධං මම ගෙහං ගන්ත්වා තාසං ධම්මං උද්දිසථා”ති. “බුද්ධානං නිබද්ධං එකට්ඨානගමනං නාම නත්ථි, මහාරාජා”ති. “තෙන හි, භන්තෙ, අඤ්ඤං එකං භික්ඛුං දෙථා”ති. සත්ථා ආනන්දත්ථෙරස්ස භාරමකාසි. ථෙරො නිබද්ධං ගන්ත්වා තාසං උද්දෙසං උද්දිසති. තාසු මල්ලිකා සක්කච්චං ගහෙත්වා සජ්ඣායිත්වා උද්දෙසං පටිච්ඡාපෙසි. වාසභඛත්තියා පන නෙව සක්කච්චං ගණ්හාති, න සජ්ඣායති, න උද්දෙසං පටිච්ඡාපෙතුං සක්කොති.
දේවයන්වහන්ස, එය කළ නොහැකියි. හේතුව කුමක්ද? මහරජතුමනි, රජගෙදරට කටයුතු මහා භාරධූරය. පෙර නුපුරුදු හෙයිනුත් මෙය බරපතලය. එසේ නොකියව. පෙර දවස මා දැක නොනැගිට්ටෙමියි කුකුසක් නොකරව. දේවයිනි, ගිහියන් හැසිරෙන තැන්වල වැරදි සිදුවිය හැකිය. එනිසා එක් පැවිද්දෙකු කැඳවා ධර්මය උගන්වනු මැනවි’ යි කීය. රජු එසේනම් යහපති ඔබ යන්නැයි ඔහු පිටත් කර බුදුන් හමුවට ගොස්, ‘ස්වාමීනි, මල්ලිකාත් වාසභඛත්තියාත් ධර්මය ඉගෙන ගන්නෙමුයයි කියති. පන්සීයක් භික්ෂූන්ද කැටුව නිබද්ධව එහි වැඩමවා ධර්මය උගන්වනු මැනවැයි ඉල්ලා සිටියේය. මහරජ බුදුවරු නිබද්ධව එක් තැනකටම නොයති. එසේනම් ස්වාමීනි, එක් තෙරනමක් දෙනු මැනවි. ශාස්තෘන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. උන්වහන්සේ නිබද්ධව එහි ගොස් ඔවුන්ට පාඩම් ඉගැන්වූහ. ඔවුන් අතර මල්ලිකා සකස්ව ඉගෙන සජ්ඣායනාකොට ආචාර්යවරයාට පාඩම් දෙයි. වාසභඛත්තියා සකසා ඉගෙන නොගනී. සජ්ඣායනා නොකරයි. ගුරුවරයාට කටපාඩම් නොදෙයි.
අථෙකදිවසං සත්ථා ථෙරං පුච්ඡි – “කිමානන්ද, උපාසිකා ධම්මං පරියාපුණන්තී”ති? “ආම, භන්තෙ”ති. “කා සක්කච්චං ගණ්හාතී”ති? “මල්ලිකා, භන්තෙ, සක්කච්චං ගණ්හාති, සක්කච්චං සජ්ඣායති, සක්කච්චං උද්දෙසං පටිච්ඡාපෙතුං සක්කොති. තුම්හාකං පන ඤාතිධීතා නෙව සක්කච්චං ගණ්හාති, න සජ්ඣායති, න උද්දෙසං පටිච්ඡාපෙතුං සක්කොතී”ති.
දිනක් බුදුරජාණන්වහන්සේ ආනන්ද හිමියන්ගෙන්, ආනන්ද, උපාසිකාවරු ධර්මය ප්‍රගුණ කෙරෙත්දැයි ඇසූහ. ස්වාමීනි, මල්ලිකා හොඳින් ඉගෙන ගනී. මැනවින් සජ්ඣායනා කරයි. උග්තදෙය මැනවින් කටපාඩම්දීමට දක්ෂයි. ඔබ වහන්සේගේ ඥාතිදුවණිය හොඳින් ඉගෙනීම නොකරයි. හොඳින් සජ්ඣායනා නොකරයි. හොඳින් පාඩම්දීමට අපොහොසත්යයි කීහ.
සත්ථා ථෙරස්ස වචනං සුත්වා, “ආනන්ද, මයා කථිතධම්මො නාම සක්කච්චමසුණන්තස්ස අග්ගණ්හන්තස්ස අසජ්ඣායන්තස්ස අදෙසෙන්තස්ස වණ්ණසම්පන්නං අගන්ධකපුප්ඵං විය අඵලො හොති, සක්කච්චං පන සවනාදීනි කරොන්තස්ස මහප්ඵලො හොති මහානිසංසො”ති වත්වා ඉමා ද්වෙ ගාථා අභාසි –
බුදුහු තෙරුන්ගේ වචනය අසා ආනන්ද, මා කී දහම සකසා නොඅසන්නාට, ඉගෙන නොගන්නාට, සජ්ඣායනා නොකරන්නාට, දේශනා නොකරන්නාට වර්ණයෙන් යුත් සුවඳ නැති මල්ක මෙන් ඵලයක් නොලැබෙයි. සකසා අසාගැනීම් ආදියකරන පුද්ගලයාට මහත්ඵල මහානිසංස වේයයි පවසා මේ ගාථා වදාළහ:
“යථාපි රුචිරං පුප්ඵං, වණ්ණවන්තං අගන්ධකං; එවං සුභාසිතා වාචා, අඵලා හොති අකුබ්බතො.
මැනවින් දෙසු දහම් පිළිනොපැද වැඩ කළහොත් එය නොලැබී යයි පාට මලමෙන් සුවඳ නැතිමුත්
“යථාපි රුචිරං පුප්ඵං, වණ්ණවන්තං සගන්ධකං; එවං සුභාසිතා වාචා, සඵලා හොති කුබ්බතො”ති.
මැනවින් දෙසු දහම් පිළිපදින එහි නියැලෙන ඵලය ඔහු සතුවේ සුවඳැති පාට මලමෙන්
තත්ථ රුචිරන්ති සොභනං. වණ්ණවන්තන්ති වණ්ණසණ්ඨානසම්පන්නං, අගන්ධකන්ති ගන්ධවිරහිතං පාලිභද්දකගිරිකණ්ණිකජයසුමනාදිභෙදං.
එහි රුචිරං යනු ශෝභනය. වණ්ණවන්තං යනු වර්ණ සටහන්වලින් සම්පූර්ණවීමයි. අගන්ධකං යනු සුවඳ රහිතය.
එවං සුභාසිතා වාචාති සුභාසිතා වාචා නාම තෙපිටකං බුද්ධවචනං. තං වණ්ණසණ්ඨානසම්පන්නං අගන්ධකපුප්ඵසදිසං. යථා පන අගන්ධකපුප්ඵං යො නං ධාරෙති, තස්ස සරීරෙ ගන්ධං න ඵරති, එවං එතම්පි යො නං සක්කච්චං සවනාදීහි න සමාචරති, තස්ස සක්කච්චං අසමාචරන්තස්ස යං තත්ථ කත්තබ්බං, තං අකුබ්බතො සුතගන්ධඤ්ච වාචාගන්ධඤ්ච පටිපත්තිගන්ධඤ්ච න ආවහති අඵලා හොති. තෙන වුත්තං – “එවං සුභාසිතා වාචා, අඵලා හොති අකුබ්බතො”ති. සගන්ධකන්ති චම්පකනීලුප්පලාදිභෙදං. එවන්ති යථා තං පුප්ඵං ධාරෙන්තස්ස සරීරෙ ගන්ධො ඵරති, එවං තෙපිටකබුද්ධවචනසඞ්ඛාතා සුභාසිතා වාචාපි. කුබ්බතොති යො සක්කච්චං සවනාදීහි තත්ථ කත්තබ්බං කරොති, සා අස්ස පුග්ගලස්ස සඵලා හොති, සුතගන්ධවාචාගන්ධපටිපත්තිගන්ධානං ආවහනතො මහප්ඵලා හොති, මහානිසංසාති අත්ථො.
එවං සුභාසිතාවාචා නම් ත්‍රිපිටක බුද්ධ වචනය සකසා නොහැදැරීමෙන් ලබන ඵලය වර්ණසටහන් සහිත සුවඳනැති මලක් සමාන වේ. යම් ලෙසකින් සුවඳ රහිත මලක් යමෙක් පළඳියිද, එයින් ඔහුගේ සිරුර සුවඳවත් නොවන්නාසේය. එසේම යමෙක් ත්‍රිපිටක ධර්මය සකසා ශ්‍රවණය කිරීම් ආදි වශයෙන් නොහැසිරෙයිද, එසේ සකස් කොට නොහැසිරෙන්නාට, එහි යෙදීම් වශයෙන් කළයුතු දේ නොකරන්නාට ඇසීම්සුවඳ, ත්යාගසුවඳ, ප්රතිපත්තිසුවඳ වහනය නොවෙයි. අසඵලවෙයි. එහෙයිනි කියනලද්දේ එවං සුභාසිතා වාචා අඵලාහොති අකුබ්බතො කියා. සගන්ධකං යනු සපුනිලුපුල් ආදි ආකාර ඇති මල්ය. එවං යනු යම්සේ එබඳු මල් දරන්නාගේ සිරුරෙන් සුවඳ පැතිරෙයිද, ත්‍රිපිටක වචන සංඛ්‍යාත සුභාෂිත වචනයද එබඳුය. පකුබ්බතො යනු යමෙක් සකසා අසාගැනීම් ආදි එහිලා කළයුතු දේ කරයිද, ඒ ක්‍රියාව ඒ පුද්ගලයාට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. සුතගන්ධ, වාතගන්ධ, පටිපත්තිගන්ධ යන සුවඳ ඔහු කෙරෙන් නික්මෙන හෙයින් මහත්ඵල මහානිසංස වේ යනු අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පත්තා. දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය. මහාජනයාට එය සාර්ථක දේශනාවක් විය.
ඡත්තපාණිඋපාසකවත්ථු සත්තමං.
සත්වන ඡත්තපාණී උපාසක වස්තුවයි.