යෙදුමෙන් කියවන්න

7. පාවෙය්‍යකාජීවකවත්‍ථු අට‍්ඨකථා

7. පාවෙය්‍යකාජීවකවත්‍ථු

7. පාඨිකාජීවක වස්තුව

න පරෙසං විලොමානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො පාවෙය්‍යං නාම ආජීවකං ආරබ‍්භ කථෙසි.

‘න පරෙසං විලොමානි’ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි පාඨික නම් ආජීවකයා අරභයා දේශනාකරන ලද්දකි.

සාවත්‍ථියං කිරෙකා ගහපතානී පුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා පාවෙය්‍යං නාම ආජීවකං පටිජග‍්ගි. තස‍්සානන‍්තරඝරෙසු මනුස‍්සා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා ආගන‍්ත්‍වා, “අහො අච‍්ඡරියා බුද‍්ධානං ධම‍්මදෙසනා”ති නානප‍්පකාරෙහි බුද‍්ධගුණෙ වණ‍්ණෙන‍්ති. සා බුද‍්ධානං ගුණකථං සුත්‍වා විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සොතුකාමා ආජීවකස‍්ස එතමත්‍ථං කථෙත්‍වා, “ගච‍්ඡිස‍්සාමි අහං බුද‍්ධසන‍්තිකං, අය්‍යා”ති ආහ. සො “මා ගච‍්ඡාහී”ති නිවාරෙත්‍වා තං පුනප‍්පුනං යාචමානම‍්පි නිවාරෙසි එව.

සැවැත්නුවර එක් ගෘහපතිනියක් පාඨික නම් ආජීවකයෙක් පුත්‍රස්ථානයේ තබා පෝෂණය කරන්නීය. ඇගේ අසල්වාසී ගෙවල්වල මිනිස්සු බුදුන්ගේ බණ අසා අවුත් ‘අහෝ පුදුමයි බුදුරදුන්ගේ ධර්මදේශනා’ යයි නානාප්‍රකාරයෙන් බුද්ධගුණ වර්ණනා කෙරෙත්, ඈ බුදුන්ගේ ගුණකතා අසා විහාරයට ගොස් බණ අසනු කැමතිව ඒ බව ආජීවකයාට කියා ආර්යයෙනි, මම එහි යන්නෙමියි කීවාය. හෙතෙම නොයවයි ගමන වළකයි, ඔහුගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිමුත් වැළැක්වූයේමය.

සා “අයං මම විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සොතුං න දෙති, සත්‍ථාරං නිමන‍්තෙත්‍වා ඉධෙව ධම‍්මං සුණිස‍්සාමී”ති සායන‍්හසමයෙ පුත‍්තං පක‍්කොසිත්‍වා, “ගච‍්ඡ, තාත, ස‍්වාතනාය සත්‍ථාරං නිමන‍්තෙහී”ති පෙසෙසි. සො ගච‍්ඡන‍්තො පඨමතරං ආජීවකස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා නිසීදි. අථ නං සො “කහං ගච‍්ඡසී”ති ආහ. “මාතු වචනෙන සත්‍ථාරං නිමන‍්තෙතුං ගච‍්ඡාමී”ති ආහ. “මා තස‍්ස සන‍්තිකං ගච‍්ඡාහී”ති. “අලං, අය්‍ය, මම මාතු භායාමි, ගච‍්ඡිස‍්සාමහ”න‍්ති. “එතස‍්ස කතසක‍්කාරං උභොපි ඛාදිස‍්සාම, මා ගච‍්ඡාහී”ති. “අලං, අය්‍ය, මාතා මෙ තජ‍්ජෙස‍්සතී”ති. තෙන හි ගච‍්ඡ, ගන‍්ත්‍වා පන නිමන‍්තෙත්‍වා, “අම‍්හාකං ගෙහං අසුකට‍්ඨානෙ වා අසුකවීථියං වා අසුකමග‍්ගෙන වා ගන‍්තබ‍්බ”න‍්ති මා ආචික‍්ඛි. “සන‍්තිකෙ ඨිතො විය අඤ‍්ඤෙන මග‍්ගෙන ගච‍්ඡන‍්තො විය පලායිත්‍වා එහී”ති.

ඈ මොහු මට විහාරයට ගොස් බණ අසන්ට නොදෙයි. බුදුන්ට ආරාධනා කොට මෙහිදීම බණ අසන්නෙමියි සවස්වේලෙහි පුත්‍රයා කැඳවා, යව, ගොස් හෙට දානය පිණිස බුදුන්ට ආරාධනා කරවයි යැවුවාය. ඔහු යන ගමන් ප්‍රථමයෙන් ආජීවකයන් වසනතැනට ගොස් ඔවුන් වැඳ සිටියේය. ඉන්පසු ඔහුගෙන් ඒ ආජීවකයා, කොහේ යන්නෙහිදැයි ඇසීය. ‘මවගේ වචනයෙන් බුදුන්ට ආරාධනා කරන්ට යන්නෙමි. ‘බුදුන් ළඟට නොයව. නෑ ආර්යයෙනි, මම මවට බිය වන්නෙමි. එනිසා යන්නෙමි. තමන්ට කරන සත්කාර අප දෙදෙනාට බෙදාගෙන කෑමට හැකි වේයයි සිතා නොයවයි කීය. නැහැ ආර්යයෙනි, අම්මා මට තර්ජනය කරනු ඇති, එහෙයින් යන්නෙමියි කීවේය. එසේනම් යව, ගොස් ආරාධනා කොට, අපේ ගෙය අසවල්තැනය, අසවල් වීථියේය, අසවල් පාරෙන් යායුතුය කියා කිසිවක් නොකියව, ළඟමයයි දැනෙන්ට හැර වෙනත් පාරකින් යන්නාක් මෙන් මෙහි පලාඑවයි කීය.

සො ආජීවකස‍්ස වචනං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා නිමන‍්තෙත්‍වා ආජීවකෙන වුත‍්තනියාමෙනෙව සබ‍්බං කත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “කිං තෙ කත”න‍්ති පුට‍්ඨො, “සබ‍්බං කතං, අය්‍යා”ති ආහ. “භද‍්දකං තෙ කතං, තස‍්ස සක‍්කාරං උභොපි ඛාදිස‍්සාමා”ති වත්‍වා පුනදිවසෙ ආජීවකො පාතොව තං ගෙහං අගමාසි. තං ගහෙත්‍වා පච‍්ඡාගබ‍්භෙ නිසීදාපෙසුං.

ඔහු ආජීවකයාගේ කථාව අසා බුදුන් හමුවට ගොස් ආරාධනා කොට ආජීවකයා කී හැටියටම සියල්ලකොට ඔහු සමීපයට ගොස් ඔබ මොකද කෙළේයයි ඇසූකල ‘ආර්යයෙනි, ඔබ කී සියල්ල ඉටු කෙළෙමි’යි කීය. ඔබ කෙළේ හොඳම දෙයකි ‘දැන් බුදුන් උදෙසා සූදානම් කරන සත්කාර අප දෙදෙනා කන්නෙමු’ යයි කියා දෙවෙනි දිනයේ ආජීවක තෙම උදෑසනම ඒ ගෙට ගියේය. ඔහු කැඳවා පිටුපස ගෙයක නැවැත්වීය.

පටිවිස‍්සකමනුස‍්සා තං ගෙහං අල‍්ලගොමයෙන උපලිම‍්පිත්‍වා ලාජපඤ‍්චමානි පුප‍්ඵානි විකිරිත්‍වා සත්‍ථු නිසීදනත්‍ථාය මහාරහං ආසනං පඤ‍්ඤාපෙසුං. බුද‍්ධෙහි සද‍්ධිං අපරිචිතමනුස‍්සා හි ආසනපඤ‍්ඤත‍්තිං න ජානන‍්ති, බුද‍්ධානඤ‍්ච මග‍්ගදෙසකෙන කිච‍්චං නාම නත්‍ථි, බොධිමූලෙ දසසහස‍්සිසොකධාතුං කම‍්පෙත්‍වා සම‍්බොධිං පත‍්තදිවසෙයෙව හි නෙසං “අයං මග‍්ගො නිරයං ගච‍්ඡති, අයං තිරච‍්ඡානයොනිං, අයං පෙත‍්තිවිසයං, අයං මනුස‍්සලොකං, අයං දෙවලොකං, අයං අමතමහානිබ‍්බාන”න‍්ති සබ‍්බෙ මග‍්ගා ආවිභූතා. ගාමනිගමාදීනං පන මග‍්ගෙ වත‍්තබ‍්බමෙව නත්‍ථි.

අසල්වැසි මිනිස්සු ඒ ගෙය ගොමපිරිබඩගා විලඳපස්වැනිකොට ඇති මල් විසුරුවා බුදුන් වැඩ හිඳවනු සඳහා මාහැඟි අසුනක්ද පැනවූහ. බුදුවරුන් සමග පුරුද්දක් නැති මිනිස්සු අසුන් පැනවීම නොදනිති. බුදුවරුන්ට මග කියා දෙන්නෙක්ද නැත. බෝධිමූලයෙහිදී දසසහශ්‍රී ලෝකධාතුව කම්පාකොට බුද්ධත්වයට පත්වූ දිනයෙහිම උන්වහන්සේලාට, මේ මගින් නිරයට යයි. මෙය තිරිසන් යෝනියෙහි උපදින මගය, මෙය ප්‍රේත විෂයට යන මගය. මෙය මිනිස්ලොවට යන මගය, මෙය දෙව්ලොවටය, මෙය අමෘතමහා නිර්වාණයට මගයයි සියලු මාර්ග ප්‍රකටවෙයි. ගම් නියම්ගම්වලට යන මාර්ග ගැන කියන්ටම දෙයක් නැත.

තස‍්මා සත්‍ථා පාතොව පත‍්තචීවරමාදාය මහාඋපාසිකාය ගෙහද‍්වාරං ගතො. සා ගෙහා නික‍්ඛමිත්‍වා සත්‍ථාරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා අන‍්තොනිවෙසනං පවෙසෙත්‍වා ආසනෙ නිසීදාපෙත්‍වා දක‍්ඛිණොදකං දත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසි. උපාසිකා කතභත‍්තකිච‍්චස‍්ස සත්‍ථුනො අනුමොදනං කාරෙතුකාමා පත‍්තං ගණ‍්හි. සත්‍ථා මධුරස‍්සරෙන අනුමොදනධම‍්මකථං ආරභි. උපාසිකා “සාධු, සාධූ”ති සාධුකාරං දදමානා ධම‍්මං සුණි. ආජීවකොපි පච‍්ඡාගබ‍්භෙ නිසින‍්නොව තස‍්සා සාධුකාරං දත්‍වා ධම‍්මං සුණන‍්තියා සද‍්දං සුත්‍වා සන්‍ධාරෙතුං නාසක‍්ඛි. “න ඉදානෙසා මය‍්හ”න‍්ති නික‍්ඛමිත්‍වා “නට‍්ඨාසි කාළකණ‍්ණි, එතස‍්ස එවං සක‍්කාරං කරොතී”ති නානප‍්පකාරෙන උපාසිකඤ‍්ච සත්‍ථාරඤ‍්ච අක‍්කොසන‍්තො පලායි. උපාසිකා තස‍්ස කථාය ලජ‍්ජිතා අඤ‍්ඤථත‍්තං ගතං චිත‍්තං දෙසනානුසාරෙන ඤාණං පෙසෙතුං නාසක‍්ඛි.

එහෙයින් ශාස්තෘන්වහන්සේ උදෑසනම පාසිවුරු ගෙන මහා උපාසිකාවගේ ගෙදරට වැඩියාහ. ඈ ගෙයින් නික්ම අවුත් පසඟ පිහිටුවා බුදුන්ට වැඳ ඇතුල්ගෙට වැඩමවා අසුන්හි වඩාහිඳුවා පැන් පිළිගන්වා ප්‍රණීතවූ ඛාදනීය භෝජනීයවලින් වැළඳවූවාය. බත්කිස නිමවූ පසු උපාසිකාව බුදුන් ලවා අනුමෝදනා කරවාගනු කැමතිව පාත්‍රය ගත්තාය. ශාස්තෘන්වහන්සේ මිහිරි හඬින් අනුමෙවෙනි බණ පටන්ගත්සේක. උපාසිකාව සාධු, සාධුයයි සාධුකාර දෙමින් බණ අසයි. ගෙහි පිටිපස්සේ ගැබක හුන් ආජීවකයාට එහි සිට ඇගේ සාධුකාර නාදය අසා ඉවසා සිටිය නොහැකි විය. දැන් මෙය මට ඉවසාගත නොහැකියයි ගෙයින් පිටතට අවුත්, කාලකණ්ණිය, නැහුණා නොවේද, මොහුට මෙබඳු සත්කාර කරන්නේ ඇයිදැ’යි නානාප්‍රකාරයෙන් උපාසිකාවටත්, බුදුන්ටත් බණිමින් පලාගියේය. ඔහුගේ කථාවෙන් ලජ්ජාවට පත් උපාසිකාවගේ සිත වෙනත් අතකට යොමුවූ හෙයින් දේශනාවට අනුව නුවණ මෙහෙයවීමට නොහැකි විය.

අථ නං සත්‍ථා “කිං උපාසිකෙ චිත‍්තං දෙසනානුගතං කාතුං න සක‍්කොසී”ති? “භන‍්තෙ, එතස‍්ස මෙ කථාය චිත‍්තං අඤ‍්ඤථත‍්තං උපගත”න‍්ති. සත්‍ථා “එවරූපස‍්ස විසභාගජනස‍්ස කථිතං කථං නාම ආවජ‍්ජිතුං න වට‍්ටති, එවරූපං අසමන‍්නාහරිත්‍වා අත‍්තනො කතාකතමෙව ඔලොකෙතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ඇයි උපාසිකාව, සිත දේශනාගත කළ නොහැකිදැයි ඇසූහ. ස්වාමීනි, මොහුගේ මේ කථාවෙන් මගේ සිත වෙනත් අතකට ගියේය. බුදුරජාණන්වහන්සේ, මෙබඳු විසභාග පුද්ගලයන් කියන කතා ගැන සිතීම අවශ්‍ය නැත. එබඳු කථා ගැන විමසීම් නොකොට තමන් කළ නොකළ දේ ගැන බලාගැනීම ඉතා වැදගත්යයි ප්‍රකාශකොට මේ ගාථාව වදාළහ:

“න පරෙසං විලොමානි, න පරෙසං කතාකතං; අත‍්තනොව අවෙක‍්ඛෙය්‍ය, කතානි අකතානි චා”ති.

අනුන් රළු කියමන් කළ නොකළදේ නොසොයා සියතින් කෙරුණු නොකෙරුණු දේගැන සොයනු යහපති

තත්‍ථ න පරෙසං විලොමානීති පරෙසං විලොමානි ඵරුසානි මම‍්මච‍්ඡෙදකවචනානි න මනසිකාතබ‍්බානි. න පරෙසං කතාකතන‍්ති “අසුකො උපාසකො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො, නාපිස‍්ස ගෙහෙ කටච‍්ඡුභික‍්ඛාදීනි දිය්‍යන‍්ති, න සලාකභත‍්තාදීනි, න චීවරාදිපච‍්චයදානං එතස‍්ස අත්‍ථි, තථා අසුකා උපාසිකා අස‍්සද‍්ධා අප‍්පසන‍්නා, නාපිස‍්සා ගෙහෙ කටච‍්ඡුභික‍්ඛාදීනි දිය්‍යන‍්ති, න සලාකභත‍්තාදීනි, න චීවරාදිපච‍්චයදානං එතිස‍්සා අත්‍ථි, තථා අසුකො භික‍්ඛු අස‍්සද‍්ධො අප‍්පසන‍්නො, නාපි උපජ‍්ඣායවත‍්තං කරොති, න ආචරියවත‍්තං, න ආගන‍්තුකවත‍්තං, න ගමිකවත‍්තං, න චෙතියඞ‍්ගණවත‍්තං, න උපොසථාගාරවත‍්තං, න භොජනසාලාවත‍්තං, න ජන‍්තාඝරවත‍්තාදීනි, නාපිස‍්ස කිඤ‍්චි ධුතඞ‍්ගං අත්‍ථි, න භාවනාරාමතාය උස‍්සාහමත‍්තම‍්පී”ති එවං පරෙසං කතාකතං නාම න ඔලොකෙතබ‍්බං. අත‍්තනොව අවෙක‍්ඛෙය්‍යාති “කථං භූතස‍්ස මෙ රත‍්තින්‍දිවා වීතිවත‍්තන‍්තීති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බ”න‍්ති (අ· නි· 10.48) ඉමං ඔවාදං අනුස‍්සරන‍්තො සද‍්ධාපබ‍්බජිතො කුලපුත‍්තො “කිං නු ඛො අහං ‘අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා’ති තිලක‍්ඛණං ආරොපෙත්‍වා යොගෙ කම‍්මං කාතුං සක‍්ඛිං, නාසක‍්ඛි”න‍්ති එවං අත‍්තනො කතාකතානි ඔලොකෙය්‍යාති.

එහි න පරෙසං විලොමානි යනු ඵරුෂ මරබිඳෙන වචන මෙනෙහි නොකළ යුතුය. න පරෙසං කතාකතං යනු මේ ගෙදර හැන්දක් පමණවත් දන් නොදෙයි. සලාකබත් චීවරාදි ප්‍රත්‍යදාන එකත්වත් නැත. එසේම අසවල් භික්ෂුව සැදැහැ නැත්තෙක. අප්‍රසන්නය. ඔහු උපාධ්‍යායවත් නොකරයි. ආචාර්යවත් ආගන්තුකවත් ගමිකවත් චෛත්‍යාංගනවත් උපොසථාගාරවත් භොජනශාලා ජන්තාඝරවත් නොපුරයි. ඔහුට කිසි ධුතාංගයකුදු ඇත්තේ නැත. භාවනාවේ යෙදීම ගැන ඔහුට කිසි උත්සාහමාත්‍රයකුදු නැත. මෙසේ ඔවුනොවුන් විසින් කළ නොකළ දේ ගැන නොබැලිය යුතුයි. අත්තනොව අවෙක්ඛෙය්‍ය යනු මගේ රෑදාවල් ගෙවීයන්නේ කෙසේදැයි පැවිද්දා විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කළයුතුයි යන මේ අවවාදය සිහිකරමින් සැදැහැයෙන් පැවිදිවූ කුලපුත්‍රයා, කිම? මම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ආකාරයෙන් සියල්ල ත්‍රිලක්ෂණයට නගා භාවනා කිරීමට ශක්තිමත් වන්නෙම්ද නොවන්නෙම්දැයි මෙසේ තමන් විසින් කළනොකළ දේ බැලිය යුතුය යනු අර්ථයි.

දෙසනාවසානෙ සා උපාසිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතා, දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා ජාතාති.

දේශනාවසානයේ උපාසිකාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. දේශනාව මහජනයාට සාර්ථක විය.

පාවෙය්‍යකාජීවකවත්‍ථු ඡට‍්ඨං.

සයවන පාඨිකාජීවක වස්තුවයි.