6. මච්ඡරියකොසියසෙට්ඨිවත්ථු අට්ඨකථා
6. මච්ඡරියකොසියසෙට්ඨිවත්ථු
6. මසුරුකෝසිය සිටාණන්ගේ වස්තුව
යථාපි භමරො පුප්ඵන්ති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො මච්ඡරියකොසියසෙට්ඨිං ආරබ්භ කථෙසි. තස්ස වත්ථු රාජගහෙ සමුට්ඨිතං.
යථාපි භමරො පුප්ඵං ආදි මේ ධර්මදේශනාව බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයේ මච්ඡරියකෝසියසිටුවරයා අරභයා දේශනා කරන ලදි. කථා වස්තුව රජගහනුවර උපන්නකි.
රාජගහනගරස්ස කිර අවිදූරෙ සක්කාරං නාම නිගමො අහොසි. තත්ථෙකො මච්ඡරියකොසියො නාම සෙට්ඨි අසීතිකොටිවිභවො පටිවසති. සො තිණග්ගෙන තෙලබින්දුම්පි පරෙසං න දෙති, න අත්තනා පරිභුඤ්ජති. ඉතිස්ස තං විභවජාතං නෙව පුත්තදාරාදීනං, න සමණබ්රාහ්මණානං අත්ථං අනුභොති, රක්ඛසපරිග්ගහිතා පොක්ඛරණී විය අපරිභොගං තිට්ඨති.
රජගහනුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගමක් විය. එහි අසූකෙළක් පමණ ධනය ඇති මච්ඡරියකෝසිය නම් සිටුවරයෙක් විසීය. හෙතෙම තණකොළ අගකින් ගතහැකි තෙල්බිඳුවක් පමණ දෙයක්වත් කිසිවෙකුටත් නොදෙයි. තමනුත් පරිභෝජනය නොකරයි. මෙසේ ඔහුගේ ධනම්පතින් අඹුදරුවන්ට හෝ මහණ බමුණන්ට හෝ කිසි ප්‍රයෝජනයක් නොවීය. රකුසන් අරක්ගත් පොකුණක් මෙන් ප්‍රයෝජනයට නොගෙන තිබිණි.
සත්ථා එකදිවසං පච්චූසසමයෙ මහාකරුණාසමාපත්තිතො වුට්ඨාය සකලලොකධාතුයං බොධනෙය්යබන්ධවෙ ඔලොකෙන්තො පඤ්චචත්තාලීසයොජනමත්ථකෙ වසන්තස්ස සෙට්ඨිනො සපජාපතිකස්ස සොතාපත්තිඵලස්ස උපනිස්සයං අද්දස. තතො පුරිමදිවසෙ පන සො රාජානං උපට්ඨාතුං රාජගෙහං ගන්ත්වා රාජූපට්ඨානං කත්වා ආගච්ඡන්තො එකං ඡාතජ්ඣත්තං ජනපදමනුස්සං කුම්මාසපූරං කපල්ලකපූවං ඛාදන්තං දිස්වා තත්ථ පිපාසං උප්පාදෙත්වා අත්තනො ඝරං ගන්ත්වා චින්තෙසි – “සචාහං කපල්ලකපූවං ඛාදිතුකාමොම්හීති වක්ඛාමි, බහූ මනුස්සා මයා සද්ධිං ඛාදිතුකාමා භවිස්සන්ති, එවං මෙ බහූනි තිලතණ්ඩුලසප්පිඵාණිතාදීනි පරික්ඛයං ගමිස්සන්ති, න කස්සචි කථෙස්සාමී”ති තණ්හං අධිවාසෙන්තො චරති. සො ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො ජාතො. තතො තණ්හං අධිවාසෙතුං අසක්කොන්තො ගබ්භං පවිසිත්වා මඤ්චකෙ උපගූහිත්වා නිපජ්ජි. එවං ගතොපි ධනහානිභයෙන න කස්සචි කිඤ්චි කථෙසි.
දිනක් ශාස්තෘන්වහන්සේ මහාකරුණා සමාපත්තියෙන් නැගිට මුළුලොව තුළ දහම අවබෝධ කළහැකි නෑයන් ගැන සිත යොදා බලනවිට හතළිස්පස් යොදුනක් දුරින් සිටි බිරිඳ සහ සිටුවරයා සෝවාන්ඵලයෙහි පිහිටීමට හේතුසම්පත් ඇතිබව දුටුසේක. එයින් පෙරදින සිටුවරයා රාජකාරිය සඳහා රජගෙට ගොස් රාජකාරිකොට නිමවා ආපසු එනවිට කුම්මාසයෙන් පිරුණු කෝම්පිට්ටුවක් (මැස්සන් පිරුණ) කමින් සිටි බඩසයින් පෙළුණ මිනිසෙකු දැක එහි ආශාව ඇතිකරගෙන තමන්ගේ ගෙට ගොස්, ඉතින් මම කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීවොත් හුඟදෙනෙක් මා සමග එය කෑමට කැමතිවනු ඇත. එවිට බොහෝවූ තල සහල් ගිතෙල් පැණි ආදිය වැය කිරීමට සිදුවෙයි. කිසිවෙකුටත් නොකියමියි ආශාව මැඩගෙන වාසය කරයි. කල් ගතවෙවී යද්දී ඔහුගේ ඇඟ පඬුපැහැගැන්වී නහර ඉපිළී ගියේය. ඉන්පසු තෘෂ්ණාව ඉවසාගත නොහී ඇතුළු ගැබට වැදී ඇඳේ වැතිරී සිටියේය. මෙබඳු තත්ත්වයකට පත්වී නමුත් වස්තුහානි බියෙන් කිසිවෙකුටත් ඒ බව නොකීවේය.
අථ නං භරියා උපසඞ්කමිත්වා පිට්ඨිං පරිමජ්ජිත්වා, “කිං තෙ, සාමි, අඵාසුකං ජාත”න්ති පුච්ඡි. “න මෙ කිඤ්චි අඵාසුකං අත්ථී”ති. “කිං නු ඛො තෙ රාජා කුපිතො”ති? “රාජාපි මෙ න කුප්පතී”ති. “අථ කිං තෙ පුත්තධීතාහි වා දාසකම්මකරාදීහි වා කිඤ්චි අමනාපං කතං අත්ථී”ති? “එවරූපම්පි නත්ථී”ති. “කිස්මිඤ්චි පන තෙ තණ්හා අත්ථී”ති? එවං වුත්තෙපි ධනහානිභයෙන කිඤ්චි අවත්වා නිස්සද්දොව නිපජ්ජි, අථ නං භරියා “කථෙහි, සාමි කිස්මිඤ්චි තෙ තණ්හා අත්ථී”ති ආහ. සො වචනං පරිගිලන්තො විය “අත්ථි මෙ තණ්හා”ති ආහ. “කිං තණ්හා, සාමී”ති? “කපල්ලකපූවං ඛාදිතුකාමොම්හී”ති. “අථ කිමත්ථං මෙ න කථෙසි, කිං ත්වං දලිද්දොසි, ඉදානි සකලනිගමවාසීනං පහොනකෙ කපල්ලකපූවෙ පචිස්සාමී”ති. “කිං තෙ එතෙහි, අත්තනො කම්මං කත්වා ඛාදිස්සන්තී”ති? “තෙන හි එකරච්ඡවාසීනං පහොනකෙ පචිස්සාමී”ති. “ජානාමහං තව මහද්ධනභාව”න්ති. “ඉමස්මිං ගෙහසාමන්තෙ සබ්බෙසං පහොනකං කත්වා පචාමී”ති. “ජානාමහං තව මහජ්ඣාසයභාව”න්ති. “තෙන හි තෙ පුත්තදාරමත්තස්සෙව පහොනකං කත්වා පචාමී”ති. “කිං තෙ එතෙහී”ති? “කිං පන තුය්හඤ්ච මය්හඤ්ච පහොනකං කත්වා පචාමී”ති? “ත්වං කිං කරිස්සසී”ති ? “තෙන හි එකකස්සෙව තෙ පහොනකං කත්වා පචාමී”ති.
ඉන්පසු ඔහුගේ බිරිඳ ළඟට අවුත් පිට අතගගා හිමියනි, ඔබට ඇති අපහසුව කුමක්දැයි ඇසුවාය. නෑ මට කිසි අපහසුවක් නැත. එසේනම් රජු ඔබ හා නොමනාපවීද? නැහැ. රජුත් මා සමග අමනාපයක් නැත. එසේනම් ඔබේ දූදරුවන් හෝ දාසකම්කරුවන් සමග හෝ කිසි අමනාපයක් වෙලාවත්ද? එබන්දකුත් නැත. එසේනම් කිසිවක් ගැන ඔබතුළ ආශාවක් හෝ ඇද්ද? එසේ කියද්දී ධනහානි බියෙන් කිසිවක්ම නොකියා නිහඬවම වැදහොත්තේය. ඉන්පසු ඔහුට භාර්යාව, හිමියනි කියන්න, ඔබේ ආශාව කුමක් ගැනදැයි ඇසුවාය. හෙතෙම වචන ගිලින්නාක් මෙන් මට එක ආශාවක් ඇතැයි කීවේය. ස්වාමීනි, ඒ ආශාව කුමක්ද? කෝම්පිට්ටුවක් කනු කැමැත්තෙමියි කීය. ඉතින් එය නොකීවේ ඇයිදැයි ඈ ඇසුවාය. ඔබ දිළින්දෙක් නොවෙයි. දැන් සියලු නිගමවාසීන්ටම ඇතිවන සේ කබලුකැවුම් පිසින්නෙමියි කීවාය. ඔවුන්ගෙන් අපට වැඩක් නැත. ඔවුන් වැඩකර කනවා ඇතියි කීය. එසේනම් එක් ප්‍රදේශයක වැසියනට පොහෝනා තරම් පිසන්ටද? මම ඔබේ පෝසත්කම දන්නෙමි. මේ ගෙදර සීමාවේ සිටින්නන්ට තරම් වන සේ පිසන්ටද? ඔබේ ලොකු අදහස් මම දනිමි. එසේනම් ඔබේ අඹුදරුවන්ට ප්‍රමාණවත් පරිදි පිසින්ටද? එවුන්ගෙනුත් ඇති ඵලය කුමක්ද? එසේනම් ඔබටත් මටත් ඇති තරම් පිසන්ටද? ඔබට මොකටද, ඔබ මොනවද කරන්නේ? එහෙන්ම ඔබට පමණක් ඇති තරමට පිසන්නෙමියි කීවාය.
“ඉමස්මිං ඨානෙ පචමානෙ බහූ පච්චාසීසන්ති. සකලතණ්ඩුලෙ ඨපෙත්වා භින්නතණ්ඩුලෙ ච උද්ධනකපල්ලානි ච ආදාය ථොකං ඛීරසප්පිමධුඵාණිතඤ්ච ගහෙත්වා සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලං ආරුය්හ පච, තත්ථාහං එකකොව නිසීදිත්වා ඛාදිස්සාමී”ති. සා “සාධූ”ති පටිස්සුණිත්වා ගහෙතබ්බං ගාහාපෙත්වා පාසාදං අභිරුය්හ දාසියො විස්සජ්ජෙත්වා සෙට්ඨිං පක්කොසාපෙසි, සො ආදිතො පට්ඨාය ද්වාරානි පිදහන්තො සබ්බද්වාරෙසු සූචිඝටිකං දත්වා සත්තමතලං අභිරුහිත්වා තත්ථපි ද්වාරං පිදහිත්වා නිසීදි. භරියාපිස්ස උද්ධනෙ අග්ගිං ජාලෙත්වා කපල්ලං ආරොපෙත්වා පූවෙ පචිතුං ආරභි.
මෙතැන සිට පිසුවොත් බොහෝ දෙනා බලාසිටිති. සියලු සහල් පැසෙක දමා සුණුසහල්ද, උයන තැටිද රැගෙන කිරි ගිතෙල් මීපැණි ටිකක්ද සත්මහල්පහයේ උඩම තලයට ගෙනගොස් පිසව, මම එහිදී තනිවම සිට කන්නෙමියි කීවේය. ඈ යහපතැයි පිළිගෙන ගතයුතුදේ ගෙන්වාගෙන ප්‍රාසාදයට නැගී දාසීන් පිටත්කර යවා සිටුවරයා කැඳවූවාය. හෙතෙම මුලින්ම යටිමහලේ පටන් දොරවල් වසාගෙන සියලු දොරවල්වල යතුරු අගුල් ලා සත්වෙනි මහලට නැගී එහිත් දොර වසාගෙන සිටියේය. ඔහුගේ භාර්යාව උදුනෙහි ගිනි දල්වා කබල ලිප තබා කැවුම් පිසින්ට පටන්ගත්තාය.
අථ සත්ථා පාතොව මහාමොග්ගල්ලානත්ථෙරං ආමන්තෙසි – “එසො, මොග්ගල්ලාන, රාජගහස්ස අවිදූරෙ සක්කාරනිගමෙ මච්ඡරියසෙට්ඨි ‘කපල්ලකපූවෙ ඛාදිස්සාමී’ති අඤ්ඤෙසං දස්සනභයෙන සත්තභූමිකෙ පාසාදෙ කපල්ලකපූවෙ පචාපෙති, ත්වං තත්ථ ගන්ත්වා සෙට්ඨිං දමෙත්වා නිබ්බිසෙවනං කත්වා උභොපි ජායම්පතිකෙ පූවෙ ච ඛීරසප්පිමධුඵාණිතානි ච ගාහාපෙත්වා අත්තනො බලෙන ජෙතවනං ආනෙහි, අජ්ජාහං පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං විහාරෙ එව නිසීදිස්සාමි, පූවෙහෙව භත්තකිච්චං කරිස්සාමී”ති.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ උදෑසනම මහමුගලන් හිමියන් අමතා, මොග්ගල්ලාන, මේ රජගහනුවර සමීපයෙහි සක්ඛර නම් නියම්ගම මසුරුසිටුතෙමේ කබලුකැවුම් කන්නෙමියි එය අනුන් දකී යන බියෙන් සත්මහල් පහයේ සත්වෙනි මහලේ කබලු කැවුම් පිසවයි. ඔබ එහි ගොස් සිටාණන් දමනයකොට ඔහු සුසීල බවට පමුණුවා අඹුසැමියන් දෙදෙනාත්, කැවුනුත් කිරි ගිතෙල් මීපැණි ආදියත් ගෙන්වාගෙන තමන්ගේ බලයෙන් දෙව්රමට ගෙන එන්න. අද මම පන්සීයක් භික්ෂූන් සමග විහාරයෙහිම ඉන්නෙමි. කැවුම්වලින්ද බත්කිසද කරන්නෙමියි වදාළහ.
ථෙරො “සාධු, භන්තෙ”ති සත්ථු වචනං සම්පටිච්ඡිත්වා තාවදෙව ඉද්ධිබලෙන තං නිගමං ගන්ත්වා තස්ස පාසාදස්ස සීහපඤ්ජරද්වාරෙ සුනිවත්ථො සුපාරුතො ආකාසෙ එව මණිරූපකං විය අට්ඨාසි. මහාසෙට්ඨිනො ථෙරං දිස්වාව හදයමංසං කම්පි. සො අහං එවරූපානංයෙව දස්සනභයෙන ඉමං ඨානමාගතො, අයඤ්ච භික්ඛු ආකාසෙනාගන්ත්වා වාතපානද්වාරෙ ඨිතොති. සො ගහෙතබ්බගහණං අපස්සන්තො අග්ගිම්හි පක්ඛිත්තලොණසක්ඛරා විය දොසෙන තටතටායන්තො එවමාහ –
තෙරණුවෝ ස්වාමීනි, යහපතැයි බුදුන්ගේ වචනය පිළිගෙන එකෙණෙහිම සෘද්ධි බලයෙන් ඒ නිගමයට ගොස් ඒ ප්‍රාසාදයේ සීමැදුරු කවුළුදොරදී හොඳින් හැඳ පෙරවාගෙන මැණික්රුවන් මෙන් අහසෙහිම සිටියහ. තෙරණුවන් දුටු හැටියේම මහසිටුහුගේ හදවත කම්පනය විය. හෙතෙම, මම මෙවැන්නක් නිසාම බියෙන් මේ උඩුමහලට ආවෙමි. මොහුත් ඇවිත් වාකවුළුදොරටුවේම සිටියේයයි ගතයුතු ද පවා ගැනීමට අසමත්ව ගින්නට දැමූ ලුණුකැට මෙන් කෝපයෙන් ගිනිගෙන පිපිරි පිපිරී තතනමින් මෙසේ කීවේය:
“සමණ, ආකාසෙ ඨත්වාපි කිං ලභිස්සසි, ආකාසෙ අපදෙ පදං දස්සෙත්වා චඞ්කමන්තොපි නෙව ලභිස්සසී”ති. ථෙරො තස්මිං එව ඨානෙ අපරාපරං චඞ්කමි. සෙට්ඨි “චඞ්කමන්තො කිං ලභිස්සසි, ආකාසෙ පල්ලඞ්කෙන නිසීදන්තොපි න ලභිස්සසියෙවා”ති ආහ. ථෙරො පල්ලඞ්කං ආභුජිත්වා නිසීදි. අථ නං “ආකාසෙ නිසින්නො කිං ලභිස්සසි, ආගන්ත්වා වාතපානස්ස උම්මාරෙ ඨිතොපි න ලභිස්සසී”ති ආහ. ථෙරො උම්මාරෙ ඨිතො. “උම්මාරෙ ඨිතොපි කිං ලභිස්සසි, ධූමායන්තොපි න ලභිස්සසි එවා”ති ආහ. ථෙරොපි ධූමායි. සකලපාසාදො එකධූමො අහොසි.
ශ්‍රමණය, අහසෙහි සිට කුමක් ලබන්ටද? අහසෙහි සිටීම නොව පියවර දක්වා ඇවිද්දත් ලැබෙන දෙයක් නැතැයි කීවේය. තෙරණුවෝ එතැනම එහා මෙහා සක්මන් කළෝය. සිටුතෙම, ඇවිද කුමක් ලබන්ටද, පර්යංකයක් බැඳ හිඳගත්තත් යමක් ලැබෙන්නේ නැතැයි කීවේය. තෙරණුවෝ පළක් බැඳ වැඩහුන්හ. ඉන්පසු පළක්බැඳ හුන්නත් වැඩක් නැත. කවුළුවෝ උළුවස්සේ සිටියත් නොලැබෙන්නේමයයි කීවේය. තෙරණුවෝ උළුවස්ස උඩ සිටියහ. උළුවස්සේ සිටියත් කිසිවක් නොලැබෙයි. ඒ තියා දුම් දමදමා සිටියත් කිසිවක් නොලැබෙන්නේයයි කීවේය. තෙරණුවෝ දුම් දමමින් සිටියහ. මුළු ප්‍රාසාදය එකම දුම්කඳක් විය.
සෙට්ඨිනො අක්ඛීනං සූචියා විජ්ඣනකාලො විය අහොසි, ගෙහජ්ඣායනභයෙන පන “ත්වං පජ්ජලන්තොපි න ලභිස්සසී”ති අවත්වා “අයං සමණො සුට්ඨු ලග්ගො, අලද්ධා න ගමිස්සති, එකමස්ස පූවං දාපෙස්සාමී”ති භරියං ආහ – “භද්දෙ එකං ඛුද්දකපූවං පචිත්වා සමණස්ස දත්වා උය්යොජෙහි න”න්ති. සා ථොකං එව පිට්ඨං කපල්ලපාතියං පක්ඛිපි, මහාපූවො හුත්වා සකලපාතිං පූරෙත්වා උද්ධුමාතො හුත්වා අට්ඨාසි.
සිටුහුගේ ඇස් ඉදිකටුනේ විදිනකලක් මෙන් විය. ගෙය දැවෙන බියෙන් ඔබ ගිනි ඇවිළුණත් කිසිවක් නොලැබෙන්නේයයි නොකියා මේ ශ්‍රමණයා මටත් වඩා කැවුමට රුචි ඇත්තෙක. නොලැබ නම් නොයයි සිතා මොහුට එක් කැවුමක් දෙන්නෙමියි, බිරිඳ අමතා, ‘සොඳුර එක් කුඩා කැවුමක් පිස ශ්‍රමණයාට දී පිටත්කර යවවයි කීය. ඈ එක් කුඩා පිටිපිඬක් තැටියට දැම්මාය. එය මහකැවුමක් වී මුළු තැටියම පිරී උඩට පිපී සිටියේය.
සෙට්ඨි තං දිස්වා “බහුං තයා පිට්ඨං ගහිතං භවිස්සතී”ති සයමෙව දබ්බිකණ්ණෙන ථොකං පිට්ඨං ගහෙත්වා පක්ඛිපි, පූවො පුරිමපූවතො මහන්තතරො ජාතො. එවං යං යං පචති, සො සො මහන්තමහන්තොව හොති. සො නිබ්බින්නො භරියං ආහ – “භද්දෙ, ඉමස්ස එකං පූවං දෙහී”ති. තස්සා පච්ඡිතො එකං පූවං ගණ්හන්තියා සබ්බෙ එකාබද්ධා අල්ලීයිංසු. සා සෙට්ඨිං ආහ – “සාමි, සබ්බෙ පූවා එකතො ලග්ගා, විසුං කාතුං න සක්කොමී”ති. “අහං කරිස්සාමී”ති සොපි කාතුං නාසක්ඛි. උභොපි ජනා කොටියං ගහෙත්වා කඩ්ඪන්තාපි වියොජෙතුං නාසක්ඛිංසු එව. අථස්ස පූවෙහි සද්ධිං වායමන්තස්සෙව සරීරතො සෙදා මුච්චිංසු, පිපාසා උපච්ඡිජ්ජි.
සිටුවරයා එය දැක, ඈ පිටිගොඩක් දැම්මායයි සිතා තමන්ම හැඳි කෙළවරින් පිටිටිකක් රැගෙන තැටියට දැම්මේය. ඒ කැවුම පළමු කැවුමටත් වඩා විශාල විය. මෙසේ පිසන පිසන කැවුම් එකින් එකට මහත්විය. ඔහු කළකිරී භාර්යාවට කථා කොට, සොඳුර මොහුට එක් කැවුමක් දෙවයිකීය. ඇගේ කැවුම් පැසෙන් එකක් ගන්නාවිට සියලු කැවුම් එකට බැඳී එල්ලී ආවේය. ඈ සිටුවරයාට, ‘සැමියාණනි, සියලු කැවුම් එකට ඇලී වෙන්කළ නොහැකිය.’ මම එය කරන්නෙමියි ඔහුද උත්සාහ ගත් නමුත් ඔහුටද නොහැකිවිය. දෙදෙනාම දෙකෙළවරින් ගෙන ඇද්ද නමුත් ඒත් ගැළවිය නොහැකිවිය. මෙසේ ඔවුන් කැවුම් සමග දැඟලීමෙන් සිරුරුවලින් දාඩිය වැගිරෙන්නට විය. වතුර පිපාසයද හැදුණි.
තතො භරියං ආහ – “භද්දෙ, න මෙ පූවෙහි අත්ථො, පච්ඡියා සද්ධිංයෙව ඉමස්ස දෙහී”ති. සා පච්ඡිං ආදාය ථෙරං උපසඞ්කමිත්වා අදාසි. ථෙරො උභින්නම්පි ධම්මං දෙසෙසි, තිණ්ණං රතනානං ගුණං කථෙසි, “අත්ථි දින්නං, අත්ථි යිට්ඨ”න්ති දින්නදානාදීනං ඵලං ගගනතලෙ පුණ්ණචන්දං විය දස්සෙසි.
ඉන්පසු සිටුවරයා බිරිඳට කථාකොට, ‘සොඳුර අපට මේ කැවුම්වලින් වැඩක් නැත. කැවුම් පැස සමගම මොහුට දෙවයි කීවේය. ඈ පැස රැගෙන තෙරුන් වෙත ගියාය. තෙරණුවෝ දෙදෙනාට දහම් දෙසූහ. ත්‍රිවිධරත්නයේ ගුණ ප්‍රකාශ කළහ. දෙනලද, පුදනලද දෙයෙහි ඵලය ගුවන්තලයේ සඳමෙන් පෙන්වා දුන්හ.
තං සුත්වා පසන්නචිත්තො හුත්වා සෙට්ඨි “භන්තෙ, ආගන්ත්වා ඉමස්මිං පල්ලඞ්කෙ නිසීදිත්වා පරිභුඤ්ජථා”ති ආහ. ථෙරො, “මහාසෙට්ඨි, සම්මාසම්බුද්ධො ‘පූවෙ ඛාදිස්සාමී’ති පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං විහාරෙ නිසින්නො, තුම්හාකං රුචියා සති අහං වො නෙස්සාමි, සෙට්ඨිභරියං පූවෙ ච ඛීරාදීනි ච ගණ්හාපෙථ, සත්ථු සන්තිකං ගමිස්සාමා”ති ආහ. “කහං පන, භන්තෙ, එතරහි සත්ථා”ති? “ඉතො පඤ්චචත්තාලීසයොජනමත්ථකෙ ජෙතවනවිහාරෙ, මහාසෙට්ඨී”ති. “භන්තෙ, කාලං අනතික්කමිත්වා එත්තකං අද්ධානං කථං ගමිස්සාමා”ති.
ඒ අසා පැහැදුණු සිත් ඇති සිටුතෙම, ස්වාමීනි, ඇවිත් මේ පළඟෙහි වැඩසිට වැළඳුව මැනවැයි කීවේය. තෙරණුවෝ, මහසිටුතුමනි, සම්මාසම්බුදුන්වහන්සේ කැවුම් වළඳන්නෙමියි පන්සීයක් භික්ෂූන් සමග විහාරයෙහි වැඩසිටිති. ඔබේ රුචිය පරිදි සිටුබිරිඳත් කැවුනුත් කිරි ආදියත් රැගෙන බුදුන් ළඟට යමුයයි පැවසූහ. හිමියනි, ශාස්තෘන්වහන්සේ දැන් කොහිද? මෙයින් යොදුන් සතළිස්පන්දහසකට එහා ජේතවන විහාරයෙහිය. ස්වාමීනි, කාලය නොයික්මවා මෙතෙක් දුරක් කෙසේ යන්නෙමුද?
“මහාසෙට්ඨි, තුම්හාකං රුචියා සති අහං වො අත්තනො ඉද්ධිබලෙන නෙස්සාමි, තුම්හාකං පාසාදෙ සොපානසීසං අත්තනො ඨානෙ එව භවිස්සති, සොපානපරියොසානං පන වො ජෙතවනද්වාරකොට්ඨකෙ භවිස්සති, උපරිපාසාදා හෙට්ඨාපාසාදං ඔතරණකාලමත්තෙනෙව ජෙතවනං නෙස්සාමී”ති. සො “සාධු, භන්තෙ”ති සම්පටිච්ඡි.
මහාසිටාණනි, ඔබේ කැමැත්ත ඇත්නම් මම ඔබහැම මගේ සෘද්ධිබලයෙන් ගෙනයන්නෙමි. සිටාණන්ගේ ඉණිමංහිස මේ මාලිගයේම වේවා, හිණිපාමුල දෙව්රමෙහි වේවායි කීවිට එසේය ස්වාමීනියි පිළිගත්තේය.
ථෙරො සොපානසීසං තත්ථෙව කත්වා “සොපානපාදමූලං ජෙතවනද්වාරකොට්ඨකෙ හොතූ”ති අධිට්ඨාසි. තථෙව අහොසි. ඉති ථෙරො සෙට්ඨිඤ්ච සෙට්ඨිභරියඤ්ච උපරිපාසාදා හෙට්ඨාපාසාදං ඔතරණකාලතො ඛිප්පතරං ජෙතවනං සම්පාපෙසි. තෙ උභොපි සත්ථාරං උපසඞ්කමිත්වා කාලං ආරොචෙසුං. සත්ථා භත්තග්ගං පවිසිත්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. මහාසෙට්ඨි බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දක්ඛිණොදකං අදාසි. භරියාපිස්ස තථාගතස්ස පත්තෙ පූවං පතිට්ඨාපෙසි. සත්ථා අත්තනො යාපනමත්තං ගණ්හි, පඤ්චසතා භික්ඛූපි යාපනමත්තං ගණ්හිංසු. සෙට්ඨි ඛීරසප්පිමධුසක්ඛරාදීනි දදමානො න ඛයං අගමාසි. සත්ථා පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං භත්තකිච්චං නිට්ඨාපෙසි. මහාසෙට්ඨිපි සද්ධිං භරියාය යාවදත්ථං ඛාදි. පූවානං පරියොසානමෙව න පඤ්ඤායති. සකලවිහාරෙ භික්ඛූනඤ්ච විඝාසාදානඤ්ච දින්නෙසුපි පරියන්තො න පඤ්ඤායතෙව. “භන්තෙ, පූවා පරික්ඛයං න ගච්ඡන්තී”ති භගවතො ආරොචෙසුං. “තෙන හි ජෙතවනද්වාරකොට්ඨකෙ ඡඩ්ඩෙථා”ති. අථ නෙ ද්වාරකොට්ඨකස්ස අවිදූරෙ පබ්භාරට්ඨානෙ ඡඩ්ඩයිංසු. යාවජ්ජතනාපි තං ඨානං කපල්ලකපූවපබ්භාරන්තෙව පඤ්ඤායති.
තෙරණුවෝ හිණිමංහිස එහිම සිටිනසේ හිණි පාමුල දෙව්රම දෙරකොටුවෙහි වේවායි ඉටුහ. එය එසේමවිය. භාර්යාව උඩ ප්‍රාසාදයෙන් යටතලයට බසින වේලාවටත් අඩු කලකින් වහාම ජේතවනාරාමයට පැමිණවූහ. ඒ දෙදෙනාම බුදුන් වෙත පැමිණ වැළඳීමට කාලයයයි දන්වා සිටියහ. බුදුහු භික්ෂුසංඝයා සමග දානශාලාවට වැඩමවා පැනවූ බුද්ධාශනයෙහි වැඩහුන්හ. මහාසිටුවරයා බුද්ධප්‍රමුඛ සංඝයාට දක්ෂිණෝදකය පිළිගැන්වීය. භාර්යාව බුදුන්ගේ පාත්‍රයට කැවුමක් පිළිගැන්වූවාය. ශාස්තෘන්වහන්සේ තමන් යැපෙන ප්‍රමාණයක් පිළිගත්හ. පන්සීයක් භික්ෂූහුද තමන් යැපෙන පමණක් පිළිගත්හ. සිටුවරයා කිරි ගිතෙල් මී පැණි හකුරු ආදිය පිළිගන්වමින් ගියේය. බුදුරජාණන්වහන්සේ භික්ෂූන් පන්සීයක් සමග ආහාර වළඳා අවසන් කළහ. මහාසිටුවරයාත් බිරිඳද සමග ඇති තරම් කෑහ. කැවුම් ඉවරවීමක් නොවීය. මුළු විහාරයේම භික්ෂූන්ට කුස පිරෙන තරම් දුන්නත් කැවුම් ඉවරවීමක් නොවීය. ස්වාමීනි, කැවුම් අවසන් නොවන්නේයයි භාග්‍යවතුන්වහන්සේට දැන්වූහ. එසේ නම් ජේතවන දොරකොටුවෙහි තබව්යයි වදාළහ. ඉන්පසු ඔවුහු කැවුම් ගෙන ගොස් දොරකොටුව සමීපයෙහිවූ ගල්තලාවක දැම්මාහ. අදත් ඒ ස්ථානය ‘කපල්ලකපූවපබ්භාර’ (කැවුම්ගල) යන නමින් ප්රකටය.
මහාසෙට්ඨි සහ භරියාය භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං අට්ඨාසි. භගවා අනුමොදනමකාසි. අනුමොදනාවසානෙ උභොපි සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථාරං වන්දිත්වා ද්වාරකොට්ඨකෙ සොපානං ආරුය්හ අත්තනො පාසාදෙයෙව පතිට්ඨහිංසු.
මහසිටු හා බිරිඳ බුදුන් වෙත එළඹ එකත්පසෙක සිටියෝය. බුදුරජාණන්වහන්සේ අනුමෝදනාබණ දෙසූහ. අනුමෝදනා අවසානයෙහි ඒ දෙදෙනාම සෝවාන්ඵලයෙහි පිහිටා බුදුන් වැඳ දොරකොටුවෙහි හිණිමං කෙළවර හිඳ තමන්ගේ ප්‍රාසාදයෙහි පිහිටියාහුය.
තතො පට්ඨාය සෙට්ඨි අසීතිකොටිධනං බුද්ධසාසනෙයෙව වික්කිරි. පුනදිවසෙ සායන්හසමයෙ ධම්මසභායං සන්නිසින්නා භික්ඛූ “පස්සථාවුසො, මහාමොග්ගල්ලානත්ථෙරස්ස ආනුභාවං, අනුපහච්ච නාම සද්ධං, අනුපහච්ච භොගෙ මච්ඡරියසෙට්ඨිං මුහුත්තෙනෙව දමෙත්වා නිබ්බිසෙවනං කත්වා පූවෙ ගාහාපෙත්වා ජෙතවනං ආනෙත්වා සත්ථු සම්මුඛං කත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙසි, අහො මහානුභාවො ථෙරො”ති ථෙරස්ස ගුණං කථෙන්තා නිසීදිංසු.
එතැන් පටන් සිටුවරයා අසූකෙළක් ධනය බුදුසසුන උදෙසා වියදම් කෙළේය. දෙවෙනි දින ධම්සභාමණ්ඩපයෙහි රැස්වූ භික්ෂූහු ඇවැත්නි, මහමුගලන් තෙරණුවන්ගේ ආනුභාවය බලනු මැනවි. මසුරු සිටාණන්ගේ සැදැහැයත් නොනසා භෝගසම්පත් නොනසා ඒ සිටුවරයා මොහොතකින් දමනය කොට පහදවාගෙන කැවුම්ද ගෙන්වාගෙන දෙව්රමට කැඳවාගෙන අවුත් බුදුන්ට මුණගස්වා සෝවාන්ඵලයෙහි පිහිටුවාලූහ. අපොයි මේ තෙරණුවන්ගේ මහානුභාවයක හැටියයි තෙරුන්ගේ ගුණකථා කියමින් සිටියාහුය.
සත්ථා දිබ්බාය සොතධාතුයා කථං සුත්වා ආගන්ත්වා, “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, කුලදමකෙන නාම භික්ඛුනා අනුපහච්ච සද්ධං, අනුපහච්ච භොගෙ, කුලං අකිලමෙත්වා අවිහෙඨෙත්වා පුප්ඵතො රෙණුං ගණ්හන්තෙන භමරෙන විය උපසඞ්කමිත්වා බුද්ධගුණං ජානාපෙතබ්බං, තාදිසො මම පුත්තො මොග්ගල්ලානො”ති ථෙරං පසංසිත්වා ඉමං ගාථමාහ –
ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා, මහණෙනි, කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙබඳු කථාවකිනියි කීකල්හි ‘මහණෙනි, කුල දමනය කරන භික්ෂුව, ඔවුන්ගේ ශ්රද්ධාවත නොනසා, භෝගයනුත් නොනසා ඒ කුල ක්ලාන්ත භාවයට හෝ වෙහෙසට පත්නොකොට මලෙන් රොන් ගන්නා බඹරා මෙන් ඔවුන් වෙත පැමිණ බුදුගුණ හඳුන්වා දිය යුතුය. මාගේ පුත්‍ර මොග්ගල්ලාන එබඳුයයි පසසා මේ ගාථාව දෙසූහ:
“යථාපි භමරො පුප්ඵං, වණ්ණගන්ධමහෙඨයං; පලෙති රසමාදාය, එවං ගාමෙ මුනී චරෙ”ති.
මලට එන බඹරා එහි පැහැ සුවඳ නොනසා රසය ගෙන යන මෙන් මුනිහු ගම්වල හැසිරෙති
තත්ථ භමරොති යා කාචි මධුකරජාති. පුප්ඵන්ති පුප්ඵාරාමෙ චරන්තො පුප්ඵඤ්ච වණ්ණඤ්ච ගන්ධඤ්ච අහෙඨයන්තො අවිනාසෙන්තො විචරතීති අත්ථො. පලෙතීති එවං චරිත්වා යාවදත්ථං රසං පිවිත්වා අපරම්පි මධුකරණත්ථාය ආදාය පලෙති, සො එවං වනගහනං අජ්ඣොගාහෙත්වා එකස්මිං රුක්ඛසුසිරෙ තං රජමිස්සකං රසං ඨපෙත්වා අනුපුබ්බෙන මධුරරසං මධුං කරොති, න තස්ස පුප්ඵාරාමෙ විචරිතපච්චයා පුප්ඵං වා වණ්ණගන්ධං වාස්ස විගච්ඡති, අථ ඛො සබ්බං පාකතිකමෙව හොති. එවං ගාමෙ මුනී චරෙති එවං සෙඛාසෙඛභෙදො අනාගාරියමුනි කුලපටිපාටියා ගාමෙ භික්ඛං ගණ්හන්තො විචරතීති අත්ථො. න හි තස්ස ගාමෙ චරණපච්චයා කුලානං සද්ධාහානි වා භොගහානි වා හොන්ති. සද්ධාපි භොගාපි පාකතිකාව හොන්ති.
එහි භමරො යනු යම්කිසි මධුකර ජාතියකි. පුප්ඵං යනු බඹරා මල්උයනකට ගොස් මලද එහි පාටද සුවඳද නොතළා විනාශ නොකොට හැසිරෙයි යනු අර්ථයයි. පලෙති යනු එසේ ඇති නැති පැණි බී තවත් මී බැඳීම පිණිසද රොන් රැගෙනයයි. හෙතෙම මෙසේ වනගහනය සිසාරා ගොස් එක් ගස් සිදුරක ඒ රොන්රස තැන්පත් කොට ක්‍රමයෙන් ඒ මීරස මීපැණි බවට පත් කරයි, ඔහුට ඒ මල්උයනෙහි හැසිරීමෙන් මල් හෝ වේවා වර්ණගන්ධ වේවා නොලැබී නොයයි. එහෙත් සියල්ල ස්වභාවයෙන්ම සිදුවේ. එවං ගාමෙ මුනී චරෙ යනු මෙසේ ශේඛ අශේඛ භේද ඇති අනගාරික මුනිවරයා කුල පිළිවෙලින් ගමෙහි භික්ෂාව ගනිමින් හැසිරෙයි යනු අර්ථයි. ඔහු ඒ ගමෙහි හැසිරීම නිසා කුලවල ශ්‍රද්ධා හානියක් භෝග හානියක් හෝ නොවෙයි. ශ්රද්ධාවත් භෝග සම්පතත් ඒ තිබුණු සැටියෙන්ම තිබෙයි.
එවං චරිත්වා ච පන නික්ඛමිත්වා සෙඛමුනි තාව බහිගාමෙ උදකඵාසුකට්ඨානෙ සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා නිසින්නො අක්ඛභඤ්ජනවණපටිච්ඡාදනපුත්තමංසූපමාදිවසෙන පච්චවෙක්ඛන්තො පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා තථාරූපං වනසණ්ඩං අනුපවිසිත්වා අජ්ඣත්තිකකම්මට්ඨානං සම්මසන්තො චත්තාරො මග්ගෙ, චත්තාරි ච සාමඤ්ඤඵලානි හත්ථගතානෙව කරොති. අසෙඛමුනි පන දිට්ඨධම්මසුඛවිහාරමනුයුඤ්ජති. අයමස්ස භමරෙන සද්ධිං මධුකරණසරික්ඛතා වෙදිතබ්බා. ඉධ පන ඛීණාසවොව අධිප්පෙතො.
මෙසේ හැසිරෙන ශේඛමුනිවරයා ගමෙන් බැහැර ජලපහසුව ඇති තැනක සංඝාටිය අසුනක් ලෙස පනවාගෙන හිඳ ප්රත්යවේක්ෂා කරමින් පිණ්ඩපාතය වළඳා එබඳු වනලැහැබකට පිවිසී ආධ්‍යාත්මික කමටහන් මෙනෙහි කරමින් සතරමාර්ග සතරඵලයන් අත්පත්කරගන්නාක් මෙන් කරයි. අශේඛ මුනිවරයා මෙලොවදීම ඒ සැප විහරණය ලබයි. මේ හැසිරීම බඹරා මල්රොන් උරා මී බැඳීමකට සමාන ලෙස දැනගත යුතුය. මෙහි අදහස් වන්නේ රහතන්වහන්සේ බව දැනගත යුතුය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං වත්වා උත්තරිපි ථෙරස්ස ගුණං පකාසෙතුං “න, භික්ඛවෙ, ඉදානෙව මොග්ගල්ලානෙන මච්ඡරියසෙට්ඨි දමිතො, පුබ්බෙපි නං දමෙත්වා කම්මඵලසම්බන්ධං ජානාපෙසි එවා”ති වත්වා ඉමමත්ථං පකාසෙන්තො අතීතං ආහරිත්වා –
ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව වදාරා තවදුරටත් තෙරුවන්ගුණ ප්‍රකාශ කිරීම සඳහා මහණෙනි, මුගලන් තෙරණුවන් විසින් මච්ඡරිය සිටුවරයා දමනය කරනලද්දේ දැන් පමණක් නොවෙයි. පෙරද ඔහු දමනය කොට කර්මඵලයන්ගේ සම්බන්ධය අවබෝධ කරවනලදැයි ඒ අර්ථය ප්‍රකට කරවනු සඳහා අතීත කථාවකුදු ගෙනහැරපා:
“උභො ඛඤ්ජා උභො කුණී, උභො විසමචක්ඛුකා; උභින්නං පිළකා ජාතා, නාහං පස්සාමි ඉල්ලිස”න්ති. (ජා· 1.1.78) –
දෙන්නම කොරුය දෙන්නම පිළු බවද පෙනේ දෙදෙනාගෙම ඇසුත් වපරැස් බවද පෙනේ දෙදෙනගෙ හිසේ පිළිකා ඇති බවද පෙනේ ඉල්ලිසයන් හැදිනිය නොහැකි බව පෙනේ
ඉමං ඉල්ලිසජාතකං කථෙසීති.
යන ඉල්ලීස ජාතක කථා පුවතද ප්‍රකාශකළ සේක.
මච්ඡරියකොසියසෙට්ඨිවත්ථු පඤ්චමං.
පස්වන මසුරුකෝසිය සිටාණන්ගේ වස්තුවයි.