5. පතිපූජිකකුමාරිවත්ථු අට්ඨකථා
5. පතිපූජිකකුමාරිවත්ථු
5. පතිපූජිකා වස්තුව
පුප්ඵානි හෙවාති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො පතිපූජිකං නාම කුමාරිකං ආරබ්භ කථෙසි. වත්ථු තාවතිංසදෙවලොකෙ සමුට්ඨිතං.
පුප්ඵානිහෙව ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වසන සමයෙහි පතිපූජිකාව අරභයා දෙසූසේක. කථාවස්තුව තව්තිසා දෙව්ලොව උපන්නකි.
තත්ථ කිර මාලභාරී නාම දෙවපුත්තො අච්ඡරාසහස්සපරිවුතො උය්යානං පාවිසි. පඤ්චසතා දෙවධීතරො රුක්ඛං ආරුය්හ පුප්ඵානි පාතෙන්ති, පඤ්චසතා පතිතානි පුප්ඵානි ගහෙත්වා දෙවපුත්තං අලඞ්කරොන්ති. තාසු එකා දෙවධීතා රුක්ඛසාඛායමෙව චුතා, සරීරං දීපසිඛා විය නිබ්බායි. සා සාවත්ථියං එකස්මිං කුලගෙහෙ පටිසන්ධිං ගහෙත්වා ජාතකාලෙ ජාතිස්සරා හුත්වා “මාලභාරීදෙවපුත්තස්ස භරියාම්හී”ති අනුස්සරන්තී වුඩ්ඪිමන්වාය ගන්ධමාලාදීහි පූජං කත්වා සාමිකස්ස සන්තිකෙ අභිනිබ්බත්තිං පත්ථෙසි.
එහි මාලාභාරී නම් දිව්‍යපුත්‍රයා දිව්‍ය අප්සරාවන් දහසක් පිරිවරා උයනට පිවිසියේය. පන්සීයක් දෙව්දුවණියෝ ගස්වලට නැගී මල් කඩා දමත්, පන්සීයක් කැඩූ මල් රැගෙන දිව්‍යපුත්‍රයා සරසති. එයින් එක් දෙව්දුවක් ගස්අත්තකදීම මළාය. සිරුර පහන්සිළුවක් මෙන් නිවීගියේය. සැවැත්නුවර එක් කුලගෙයක උපන් ඈ උපන් හැටියේම පසුගිය ජාතිසිහිකිරීමේ ශක්තිය ලබා පෙර මාලාභාරී දිව්යපුත්රයාගේ භාර්යාවවූ බව දැක වැඩිවියට පැමිණ සුවඳමල් පූජාකොට යළිත් සිය සැමියා ළඟම ඉපදීමට ප්‍රාර්ථනා කළාය.
සා සොළසවස්සකාලෙ පරකුලං ගතාපි සලාකභත්තපක්ඛිකභත්තවස්සාවාසිකාදීනි දත්වා, “අයං මෙ සාමිකස්ස සන්තිකෙ නිබ්බත්තනත්ථාය පච්චයො හොතූ”ති වදති. අථස්සා භික්ඛූ “අයං කුමාරිකා උට්ඨාය සමුට්ඨාය පතිමෙව පත්ථෙතීති පතිපූජිකා”ති නාමං කරිංසු. සාපි නිබද්ධං ආසනසාලං පටිජග්ගති, පානීයං උපට්ඨපෙති, ආසනානි පඤ්ඤපෙති. අඤ්ඤෙපි මනුස්සා සලාකභත්තාදීනි දාතුකාමා, “අම්ම, ඉමානිපි භික්ඛුසඞ්ඝස්ස පටිපාදෙය්යාසී”ති වත්වා ආහරිත්වා දෙන්ති. සාපි එතෙන නියාමෙන ආගච්ඡන්තී ගච්ඡන්තී එකපදවාරෙ ඡපඤ්ඤාස කුසලධම්මෙ (ධ· ස· 1; ධ· ස· අට්ඨ· 1 යෙවාපනකවණ්ණනා) පටිලභති. තස්සා කුච්ඡියං ගබ්භො පතිට්ඨහි. සා දසමාසච්චයෙන පුත්තං විජායි. තස්ස පදසා ගමනකාලෙ අඤ්ඤම්පි අඤ්ඤම්පීති චත්තාරො පුත්තෙ පටිලභි.
ඈ සොළොස්සැවිරිදි කල්හි පතිකුලයට ගොසිනුත්, සලාකබත්, පාක්ෂිකබත්, වස්සාවාසික යන දන්දී මේ කළ පින් මගේ සැමියා ළඟ ඉපදීමට හේතු වාසනා වේවායි පැතුවාය. ඉන්පසු භික්ෂූහු මොතොමෝ මහත් උනන්දුවෙන් ස්වාමියාම පතයි කියා ඈ පතිපූජිකා නමින් හැඳින්වූහ. ඈද නිරතුරුව ආසනශාලා සූදානම් කරයි. පැන් ගෙන එයි. අසුන් පනවයි. වෙනත් මිනිස්සු සලාකබත් ආදිය දෙනු කැමැත්තෙන් මෑණියනි, මේ දනුත් භික්ෂු සංඝයාට පිළියෙල කර දෙන්නැයි කියා ගෙනවුත් දෙති. ඈ මේ අයුරින් යාම්ඊම් කිරීමෙන් එක් පියවරකට සපණසක් පමණ කුසල්දහම් ලබා ගත්තාය. මේ අතර ඇගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඈ දසමස් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. ඔහු පියවර ඔසවන කාලයේ තවත් පුතෙකුද, තවත් පුතෙකුද වශයෙන් පුතුන් සතර දෙනෙකුම ලැබුවාය.
සා එකදිවසං දානං දත්වා පූජං කත්වා ධම්මං සුත්වා සික්ඛාපදානි රක්ඛිත්වා දිවසපරියොසානෙ තං ඛණං නිබ්බත්තෙන කෙනචි රොගෙන කාලං කත්වා අත්තනො සාමිකස්සෙව සන්තිකෙ නිබ්බත්ති. ඉතරාපි එත්තකං කාලං දෙවපුත්තං අලඞ්කරොන්ති එව. දෙවපුත්තො තං දිස්වා “ත්වං පාතොව පට්ඨාය න දිස්සසි, කුහිං ගතාසී”ති ආහ. “චුතාම්හි සාමී”ති. “කිං වදෙසී”ති? “එවමෙතං, සාමී”ති. “කුහිං නිබ්බත්තාසී”ති? “සාවත්ථියං කුලගෙහෙ”ති. “කිත්තකං කාලං තත්ථ ඨිතාසී”ති? “දසමාසච්චයෙන මාතු කුච්ඡිතො නික්ඛමිත්වා සොළසවස්සකාලෙ පරකුලං ගන්ත්වා චත්තාරො පුත්තෙ විජායිත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා තුම්හෙ පත්ථෙත්වා ආගන්ත්වා තුම්හාකමෙව සන්තිකෙ නිබ්බත්තාම්හි, සාමී”ති. “මනුස්සානං කිත්තකං ආයූ”ති? “වස්සසතමත්ත”න්ති. “එත්තකමෙවා”ති? “ආම, සාමී”ති. “එත්තකං ආයුං ගහෙත්වා නිබ්බත්තමනුස්සා කිං නු ඛො සුත්තපමත්තා කාලං අතික්කාමෙන්ති, උදාහු දානාදීනි පුඤ්ඤානි කරොන්තී”ති. “කිං වදෙථ, සාමි”? “අසඞ්ඛ්යෙය්යං ආයුං ගහෙත්වා නිබ්බත්තා විය අජරාමරා විය ච නිච්චං පමත්තා, මනුස්සා”ති. මාලභාරීදෙවපුත්තස්ස මහාසංවෙගො උදපාදි “වස්සසතමත්තමායුං ගහෙත්වා නිබ්බත්තමනුස්සා කිර පමත්තා නිපජ්ජිත්වා නිද්දායන්ති, කදා නු ඛො දුක්ඛා මුච්චිස්සන්තී”ති? මනුස්සානං පන වස්සසතං තාවතිංසානං දෙවානං එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසිකො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බවස්සසහස්සං ආයුප්පමාණං, තං මනුස්සගණනාය තිස්සො වස්සකොටියො, සට්ඨි ච වස්සසතසහස්සානි හොන්ති. තස්මා තස්ස දෙවපුත්තස්ස එකදිවසොපි නාතික්කන්තො මුහුත්තසදිසොව කාලො අහොසි. එවං අප්පායුකමනුස්සානං පමාදො නාම අතිවිය අයුත්තොති.
දිනක් ඈ දන්පූජා කොට බණ අසා සිල්රැක සවස්භාගයේ එකෙණෙහි උපන් රෝගයකින් කළුරිය කොට තම පැරණි ස්වාමියා ළඟ උපන්නීය. සෙසු දෙවඟනෝ එතෙක් කල්ම දිව්‍යපුත්‍රයා සරසමින්ම සිටියාහුය. දිව්‍යපුත්‍රයා ඈ දැක, ඔබ උදේ පටන්ම නොදැක්කෙහිය, කොහි ගියාදැයි ඇසීය. ස්වාමීනි, මම චුතවීමි. කුමක් කියන්නීද? එසේය ස්වාමීනි, චුතවී සිටියෙමි. කොහි උපන්නීද? ස්වාමීනි, සැවැත් නුවර කුලගෙයකය. කෙතෙක් කල් එහි සිටියාද? ඈ දසමසක් ඇවෑමෙන් මවුකුසින් බිහිවී සොළොසැවිරිදි කල වෙනත් කුලයකට ගොස් දරුවන් සිවුදෙනකුද වදා දානාදි පින්කොට නුඹ පතා අවුත් ඔබ සමීපයෙහිම ඉපදුණෙමියි කීවාය. එහි මිනිසුන්ට ආයුෂ ප්‍රමාණය කෙතෙක්ද? අවුරුදු සියයක් පමණය. එපමණක්මද? එසේය හිමියනි. මෙපමණ ආයුෂත් ගෙන උපන් මිනිස්සු පමාව පව්කම් කරමින් සිටිත්ද, නැතහොත් දානාදි පින්කම් කරත්ද? හිමියනි, කුමක් කියන්නෙහිද? අසංඛ්‍යයක් ආයු ඇතිව උපන්නාක්හු මෙන්ද අජරාමරවූවන් මෙන්ද මිනිස්සු නිතර ප්‍රමාද වන්නෝයයි කීවාය. මාලාභාරී දේවතාවට බලවත් සංවේගයක් හටගත්තේය. අවුරුදු සියයක් ආයු රැගෙන ආ මිනිස්සුත් ප්‍රමාදව වැදහෙවී නිදත්. කවදා නම් දුකෙන් මිදෙන්ටද? අපේ තව්තිසාවේ දෙවියන්ට මිනිස් ලොව අවුරුදු සියයක් රෑදාවලකි. එබඳු රාත්‍රි තිහක් මාසයකි. එබඳු මාස දොළහක් වර්ෂයකි. එබඳු අවුරුදුවලින් දිව්යවර්ෂ ලක්ෂයක් අපේ ආයුෂ ප්‍රමාණය වෙයි. එය මිනිස් ආයුෂයෙන් තුන්කෝටි සැටලක්ෂයකි. එහෙයින් ඒ දිව්‍යපුත්‍රයාට (පතිපූජිකා නැතුව සිටිකාලය) එක්දවසක්වත් නොවීය. මොහොතක කාලයක් විය. මෙබඳු අල්පායුෂ්ක මිනිස්සු ප්‍රමාදවීම අයුත්තකි.
පුනදිවසෙ භික්ඛූ ගාමං පවිට්ඨා ආසනසාලං අපටිජග්ගිතං, ආසනානි අපඤ්ඤත්තානි, පානීයං අනුට්ඨපිතං දිස්වා, “කහං පතිපූජිකා”ති ආහංසු. “භන්තෙ, කහං තුම්හෙ තං දක්ඛිස්සථ, හිය්යො අය්යෙසු භුඤ්ජිත්වා ගතෙසු සායන්හසමයෙ මතා”ති. තං සුත්වා පුථුජ්ජනා භික්ඛූ තස්සා උපකාරං සරන්තා අස්සූනි සන්ධාරෙතුං නාසක්ඛිංසු. ඛීණාසවානං ධම්මසංවෙගො උදපාදි. තෙ භත්තකිච්චං කත්වා විහාරං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා පුච්ඡිංසු – “භන්තෙ, පතිපූජිකා නාම උපාසිකා උට්ඨාය සමුට්ඨාය නානප්පකාරානි පුඤ්ඤානි කත්වා සාමිකමෙව පත්ථෙසි, සා ඉදානි මතා, කහං නු ඛො නිබ්බත්තා”ති? “අත්තනො සාමිකස්සෙව සන්තිකෙ, භික්ඛවෙ”ති. “නත්ථි, භන්තෙ, සාමිකස්ස සන්තිකෙ”ති.
දෙවෙනි දින භික්ෂූහු ගමට පිවිස ආසනහාලාව සූදානම් කර නැතිබවත්, අසුන් පනවා නැතිබවත්, පැන්පෙරා තබා නැතිබවත් දැක පතිපූජිකාව කොහේදැයි විමසූහ. ස්වාමීනි, ඔබවහන්සේලා කෙසේ නම් ඈ දකින්ටද? ඊයේ ඈ භික්ෂූන් වළඳවා ආර්යයන්වහන්සේලා ගියපසු සවස්වේලේ මිය ගියාය. මේ ගැන ඇසූ පුහුදුන් භික්ෂූහු ඇගේ උපකාර සිහිකර කඳුළු නොවගුරුවා සිටින්ට නොහැකිවූහ. රහතුන්ට ධර්මසංවේගය ඇතිවිය. ඔවුහු දන් වළඳා විහාරයට ගොස් බුදුරදුන්ගෙන් මෙසේ ඇසූහ. ස්වාමීනි, පතිපූජිකාව මහත් උද්යෝගයෙන් නානාප්‍රකාර පින්කම් කර සිය පුරාණ සැමියාම ප්‍රාර්ථනා කළාය. ඈ දැන් මිය ගොස් කොහි ඉපදුනීද? මහණෙනි, තමන්ගේ සැමියා ළඟමය.
“න සා, භික්ඛවෙ, එතං සාමිකං පත්ථෙති, තාවතිංසභවනෙ තස්සා මාලභාරීදෙවපුත්තො නාම සාමිකො, සා තස්ස පුප්ඵපිලන්ධනට්ඨානතො චවිත්වා පුන ගන්ත්වා තස්සෙව සන්තිකෙ නිබ්බත්තා”ති. “එවං කිර, භන්තෙ”ති. “ආම, භික්ඛවෙ”ති. “අහො පරිත්තං, භන්තෙ, සත්තානං ජීවිතං, පාතොව අම්හෙ පරිවිසිත්වා සායං උප්පන්නබ්යාධිනා මතා”ති. සත්ථා “ආම, භික්ඛවෙ, පරිත්තං සත්තානං ජීවිතං නාම, තෙනෙව ඉමෙ සත්තෙ වත්ථුකාමෙහි චෙව කිලෙසකාමෙහි ච අතිත්තෙ එව අන්තකො අත්තනො වසෙ වත්තෙත්වා කන්දන්තෙ පරිදෙවන්තෙ ගහෙත්වා ගච්ඡතී”ති වත්වා ඉමං ගාථමාහ –
ස්වාමීනි, සැමියා සමීපයෙහි නූපන්නොත් කුමක් වෙයිද? මහණෙනි, ඈ සැමියා පැතුවා පමණක් නොවේ. තව්තිසාවේ ඇගේ මාලාභාරී නම් දිව්‍යපුත්‍රයා සැමියා වෙයි. ඈ ඔහුට මල් පළඳවමින් සිට එතැනින් චුතවී අවුත් නැවත ගොස් ඔහු සමීපයෙහිම උපන්නාය. ස්වාමීනි, එසේද? එසේය ස්වාමීනි. අනේ ස්වාමීනි, සතුන්ගේ ජීවිතය කෙතරම් ස්වල්ප ආයුප්රමාණයක් ඇත්තක්ද? උදෑසනම අප වළඳවා සවස උපන් රෝගයකින් මළාය. බුදුරජාණන්වහන්සේ. එසේය මහණෙනි, සත්වයන්ගේ ජීවිතය අල්පායුෂ්කය. එහෙයින් මේ සත්ත්වයෝ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් අතෘප්තිකර හෙයින් මරුවා ඔවුන් තමා වසඟයට ගෙන හඬද්දී වැළපෙද්දී ගෙනයන්නේයයි වදාරා මේ ගාථාවද වදාළහ:
“පුප්ඵානි හෙව පචිනන්තං, බ්‍යාසත්තමනසං නරං; අතිත්තංයෙව කාමෙසු, අන්තකො කුරුතෙ වස”න්ති.
කම්සැපයට ගිජුවී එයම සොයමින් ඇවිදින ඒ ඇලුම් උදෙසා දිවිය කැප කළ මිනිසා නොතිත් ආශාවෙන් එහිම වැනසීයයි උයනකට ගිය මල්කරු එහෙමෙහෙ දුවන්නා සේ නිදනා ගමක් ගං වතුරෙන් ගසා යනසේ මාරදිය පාරෙන් ගසාගොස් වැනසීයයි
තත්ථ පුප්ඵානි හෙව පචිනන්තන්ති පුප්ඵාරාමෙ මාලාකාරො නානාපුප්ඵානි විය අත්තභාවපටිබද්ධානි චෙව උපකරණපටිබද්ධානි ච කාමගුණපුප්ඵානි ඔචිනන්තමෙව. බ්‍යාසත්තමනසං නරන්ති අසම්පත්තෙසු පත්ථනාවසෙන, සම්පත්තෙසු ගෙධවසෙන විවිධෙනාකාරෙන ආසත්තචිත්තං. අතිත්තංයෙව කාමෙසූති වත්ථුකාමකිලෙසකාමෙසු පරියෙසනෙනපි පටිලාභෙනපි පරිභොගෙනපි නිධානෙනපි අතිත්තං එව සමානං. අන්තකො කුරුතෙ වසන්ති මරණසඞ්ඛාතො අන්තකො කන්දන්තං පරිදෙවන්තං ගහෙත්වා ගච්ඡන්තො අත්තනො වසං පාපෙතීති අත්ථො.
එහි පුප්ඵානිහෙව පචිනන්තං යනු මල් උයනකට ගිය මල්කරුවා නොයෙක් මල් සොයා එහෙමෙහෙ ඇවිදින්නාක් මෙන් තමන් පිළිබඳවූත්, නොයෙක් උපකරණ පිළිබඳවූත් කාම ආශා නමැති මල් සොයමින්ම සිටියි. බ්‍යාසත්තමනසං නරං යනු නොලැබුණු දේ පතමින් ලැබුණු දේ ගැන ගිජු වෙමින් නොයෙක් අයුරින් ඇළුණු සිත් ඇතිකර ගැනීමයි. අතිත්තංයෙවකාමෙසු යනු වස්තුකාම ක්ලේශකාමයන් සෙවීමෙන් ලබා ගැනීමෙන් පරිභෝග කිරීමෙන් තැන්පත් කිරීමෙන් තෘප්තිමත් නොවීමයි. අන්තකො කුරුතෙ වසං යනු මරණසංඛ්යාත මරුවා එම පුද්ගලයා අඬද්දී වැළපෙද්දී අල්ලාගෙන තම වසඟයට පමුණුවා ගනී යන අර්ථයයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පත්තා, දෙසනා මහාජනස්ස සාත්ථිකා ජාතාති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ. දේශනාව මහා ජනයාට සාර්ථක විය.
පතිපූජිකකුමාරිවත්ථු චතුත්ථං.
සිව්වන පතිපූජිකා වස්තුවයි.