යෙදුමෙන් කියවන්න

4. විටටූභවත්‍ථු අට‍්ඨකථා

4. විටටූභවත්‍ථු

4. විඩුඩහ වස්තුව

පුප‍්ඵානිහෙව පචිනන‍්තන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො සපරිසං මහොඝෙන අජ‍්ඣොත්‍ථරිත්‍වා මාරිතං විටටූභං ආරබ‍්භ කථෙසි.

පුප්ඵානිහෙව පචිනන්තං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වසන සමයෙහි පිරිසත් සමග මහා වතුරපාරක වැටී මැරුණු විඩූඩහ අරභයා දේශනා කරනලද.

තත්‍රායං අනුපුබ‍්බිකථා – සාවත්‍ථියඤ‍්හි මහාකොසලරඤ‍්ඤො පුත‍්තො පසෙනදිකුමාරො නාම. වෙසාලියං ලිච‍්ඡවිරඤ‍්ඤො පුත‍්තො ලිච‍්ඡවිකුමාරො මහාලි නාම, කුසිනාරායං මල‍්ලරාජපුත‍්තො බන්‍ධුලො නාමාති ඉමෙ තයො දිසාපාමොක‍්ඛස‍්සාචරියස‍්ස සන‍්තිකෙ සිප‍්පුග‍්ගහණත්‍ථං තක‍්කසිලං ගන‍්ත්‍වා බහිනගරෙ සාලාය සමාගතා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ආගතකාරණඤ‍්ච කුලඤ‍්ච නාමඤ‍්ච පුච‍්ඡිත්‍වා සහායකා හුත්‍වා එකතොව ආචරියං උපසඞ‍්කමිත්‍වා සිප‍්පං සික‍්ඛන‍්තා න චිරස‍්සෙව උග‍්ගහිතසිප‍්පා ආචරියං ආපුච‍්ඡිත්‍වා එකතොව නික‍්ඛමිත්‍වා සකසකට‍්ඨානානි අගමංසු.

මේ එහි පිළිවෙල කතාවයි. සැවැත්නුවර මහකොසොල් රජුපුත් පසේනදි නම් කුමරා විශාලානුවර මහාලි නම් ලිච්ඡවි කුමරා කුසිනාරාවේ මල්ලරජුපුත් බන්ධුල යන කුමාරවරු තිදෙනා දිසාපාමොක් ඇදුරන් ළඟ ශිල්පශාස්ත්‍ර හැදෑරීම සඳහා ගොස් නුවරින් බැහැර ශාලාවකදී එකට එකතුවී ඔවුනොවුන් එහි පැමිණි කාරණය කුලය නම්හොත් විචාරා දැනගෙන යහළුවන් වී එක්වම ආචාර්යයන් සමීපයට ගොස් මද කලකින්ම ශිල්ප ඉගෙන ආචාර්යයන්ගෙන් අවසර ලබාගෙන එකටම පිටත්වී ස්වකීය තැන්වලට ගියාහුය.

තෙසු පසෙනදිකුමාරො පිතු සිප‍්පං දස‍්සෙත්‍වා පසන‍්නෙන පිතරා රජ‍්ජෙ අභිසිත‍්තො. මහාලිකුමාරො ලිච‍්ඡවීනං සිප‍්පං දස‍්සෙන‍්තො මහන‍්තෙන උස‍්සාහෙන දස‍්සෙසි, තස‍්ස අක‍්ඛීනි භිජ‍්ජිත්‍වා අගමංසු. ලිච‍්ඡවිරාජානො “අහො වත අම‍්හාකං ආචරියො අක‍්ඛිවිනාසං පත‍්තො, න නං පරිච‍්චජිස‍්සාම, උපට‍්ඨහිස‍්සාම න”න‍්ති තස‍්ස සතසහස‍්සුට‍්ඨානකං එකං ද‍්වාරං අදංසු. සො තං නිස‍්සාය පඤ‍්චසතෙ ලිච‍්ඡවිරාජපුත‍්තෙ සිප‍්පං සික‍්ඛාපෙන‍්තො වසි.

ඔවුන් අතර පසේනදි කුමරා සිය පියාට ශිල්ප දක්වා පැහැදුණු පියා ඔහු රාජ්‍යයෙහි අභිෂේක කෙළේය. මහාලි කුමරා ලිච්ඡවීන්ට මහත්වූ උත්සාහයෙන් ශිල්ප දැක්වීය. එහිදී ගන්නාලද වෑයම නිසා ඔහුගේ ඇස් දෙකම විනාශවිය. ලිච්ඡවී රජදරුවෝ අනේ අපේ ආචාර්යවරයාගේ ඇස් විනාශවීයයි අපි ඔහු හැර නොදමමු, ඔහුට සලකන්නෙමුයයි ලක්ෂයක් අයබදු උපදින එක් ගම්දොරක් දුන්හ. හෙතෙම එය ලබා පන්සීයක් ලිච්ඡවි රාජපුත්‍රයන්ට ශිල්ප උගන්වමින් සිටියේය.

බන්‍ධුලකුමාරො සට‍්ඨිං සට‍්ඨිං වෙළූ ගහෙත්‍වා මජ‍්ඣෙ අයසලාකං පක‍්ඛිපිත්‍වා සට‍්ඨිකලාපෙ උස‍්සාපෙත්‍වා ඨපිතෙ මල‍්ලරාජකුලෙහි “ඉමෙ කප‍්පෙතූ”ති වුත‍්තො අසීතිහත්‍ථං ආකාසං උල‍්ලඞ‍්ඝිත්‍වා අසිනා කප‍්පෙන‍්තො අගමාසි. සො ඔසානකලාපෙ අයසලාකාය “කිරී”ති සද‍්දං සුත්‍වා, “කිං එත”න‍්ති පුච‍්ඡිත්‍වා සබ‍්බකලාපෙසු අයසලාකානං ඨපිතභාවං ඤත්‍වා අසිං ඡඩ‍්ඩෙත්‍වා රොදමානො “මය‍්හං එත‍්තකෙසු ඤාතිසුහජ‍්ජෙසු එකොපි සසිනෙහො හුත්‍වා ඉමං කාරණං නාචික‍්ඛි. සචෙ හි අහං ජානෙය්‍යං, අයසලාකාය සද‍්දං අනුට‍්ඨාපෙන‍්තොව ඡින්‍දෙය්‍ය”න‍්ති වත්‍වා, “සබ‍්බෙපිමෙ මාරෙත්‍වා රජ‍්ජං කරෙය්‍ය”න‍්ති මාතාපිතූනං කථෙසි. තෙහි “පවෙණිරජ‍්ජං නාම, තාත, ඉදං න ලබ‍්භා එවං කාතු”න‍්ති නානප‍්පකාරෙන වාරිතො “තෙන හි මම සහායකස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති සාවත්‍ථිං අගමාසි.

බන්ධුලකුමරා උණගස් හැට බැගින් ගෙන මිටි බැඳ ඒවා මැදට යකඩකූරු ගසා මිටි හැට උඩට ඔසවා කෙළින්කරතබා මල්ලරාජ කුලයේ අය විසින් මේවා කැපියයුතු යයි කීකල අසූ රියනක් අහසට පැන කඩුවෙන් ඒ උණගස්මිටි හැට කපා හෙළාගෙන යන අතර, අවසාන මිටි කපද්දී කිණි යන හඬක් ඇසිණි. ඒ හඬ කුමක්දැයි අසා, ඒ සියලු උණගස් මැද යකඩකූරු ගසා ඇති බව දැන කඩුව පැත්තකට දමා අඬමින්, මගේ මෙතරම් නෑයන් සිටිද්දී එයින් එක් කෙනෙකු හෝ මට හිතවත්ව මේ කාරණය නොකීවාහුය. යම් ලෙසකින් යකඩකූරු දමා ඇති බව කල්තියා මා දැනගත්තා නම්, මේ යකඩ හඬක් නොඇසෙන සේ සිඳින්නෙමියි කියා මුන් සියලුදෙනා මරා පරාජය කරන්නෙම්දැයි මවුපියන්ට කීවේය. දරුව මෙය ඔවුන්ගේ ප්‍රවේණි රාජ්‍යයයි. මෙය ලැබිය නොහැක්කකි. එසේ නොකරවයි නොයෙක් අයුරින් වැළැක්වූ හෙයින්, එසේනම් මගේ යහළුවා ළඟට යන්නෙමියි සැවැත්නුවරට ගියේය.

පසෙනදි කොසලො රාජා තස‍්සාගමනං සුත්‍වා පච‍්චුග‍්ගන‍්ත්‍වා මහන‍්තෙන සක‍්කාරෙන තං නගරං පවෙසෙත්‍වා සෙනාපතිට‍්ඨානෙ ඨපෙසි. සො මාතාපිතරො පක‍්කොසාපෙත්‍වා තත්‍ථෙව වාසං කප‍්පෙසි. අථෙකදිවසං රාජා උපරිපාසාදෙ ඨිතො අන‍්තරවීථිං ඔලොකයමානො “අනාථපිණ‍්ඩිකස‍්ස චූළඅනාථපිණ‍්ඩිකස‍්ස විසාඛාය සුප‍්පවාසායා”ති එතෙසං ගෙහෙ නිච‍්චං භත‍්තකිච‍්චත්‍ථාය ගච‍්ඡන‍්තෙ අනෙකසහස‍්සෙ භික‍්ඛූ දිස‍්වා, “කහං, අය්‍යා, ගච‍්ඡන‍්තී”ති පුච‍්ඡිත්‍වා, “දෙව, අනාථපිණ‍්ඩිකස‍්ස ගෙහෙ නිච‍්චභත‍්තසලාකභත‍්තගිලානභත‍්තාදීනං අත්‍ථාය දෙවසිකං ද‍්වෙ භික‍්ඛුසහස‍්සානි ගච‍්ඡන‍්ති, චූළඅනාථපිණ‍්ඩිකස‍්ස ගෙහෙ පඤ‍්චසතානි, තථා විසාඛාය තථා සුප‍්පවාසායා”ති වුත‍්තෙ සයම‍්පි භික‍්ඛුසඞ‍්ඝං උපට‍්ඨහිතුකාමො විහාරං ගන‍්ත්‍වා භික‍්ඛුසහස‍්සෙන සද‍්ධිං සත්‍ථාරං නිමන‍්තෙත්‍වා සත‍්තාහං සහත්‍ථා දානං දත්‍වා සත‍්තමෙ දිවසෙ සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, පඤ‍්චහි මෙ භික‍්ඛුසතෙහි සද‍්ධිං නිබද‍්ධං භික‍්ඛං ගණ‍්හථා”ති ආහ.

පසේනදි කොසොල්රජු ඔහුගේ පැමිණීම ගැන අසා පෙරගමන්කොට මහත් හරසරින් නුවරට කැඳවාගෙන අවුත් සේනාපති තනතුරෙහි තැබීය. හෙතෙම මවුපියන්ද ගෙන්වාගෙන එහි වාසය කෙළේය. දිනක් රජු ප්‍රාසාදතලයෙහි සිට ඇතුළුවීථිය දෙස බලාසිටින විට අනේපිඬුසිටුවරයාගේ, සුළුඅනාථපිණ්ඩිකගේ, විශාඛාවගේ සහ සුප්පවාසාවගේත් යන මොවුන්ගේ ගෙවල්වල බත්කිස පිණිස වඩින දහස් ගණන් භික්ෂූන් දැක මේ ආර්යයන්වහන්සේලා කොහි වැඩමවන සේක්දැයි අසා, දේවයිනි, අනේපිඬුසිටුවරයාගේ ගෙදර නිත්‍යබත් හා ගිලානබත් ආදිය සඳහා දිනපතා භික්ෂූන් දෙදහසක් වැඩමවති. සුළුඅනේපිඬුසිටුහුගේ ගෙදරට පන්සීයකි. විශාඛාවගේත් සුප්පාවාසාවගේත් ගෙවල්වලද එසේය. ඒ අසා තමාත් භික්ෂුසංඝයාට උවටැන් කරනු කැමැත්තෙන් විහාරයට ගොස් භික්ෂූන් දහසක් සමග ශාස්තෘන්වහන්සේට දානයට ආරාධනාකොට සත්දිනක් දන්දී සත්වෙනි දිනයෙහි වැඳ බුදුන්ප්‍රමුඛ පන්සීයක් භික්ෂූන්ට නිබඳව තමනිවසේ භික්ෂාව ගන්නැයි ආරාධනා කෙළේය.

“මහාරාජ බුද‍්ධා නාම එකට‍්ඨානෙ නිබද‍්ධං භික‍්ඛං න ගණ‍්හන‍්ති, බහූ ජනා බුද‍්ධානං ආගමනං පච‍්චාසීසන‍්තී”ති. “තෙන හි එකං භික‍්ඛුං නිබද‍්ධං පෙසෙථා”ති ආහ. සත්‍ථා ආනන්‍දත්‍ථෙරස‍්ස භාරං අකාසි. රාජා භික‍්ඛුසඞ‍්ඝෙ ආගතෙ පත‍්තං ගහෙත්‍වා, “ඉමෙ නාම පරිවිසන‍්තූ”ති අවිචාරෙත්‍වාව සත‍්තාහං සයමෙව පරිවිසිත්‍වා අට‍්ඨමෙ දිවසෙ වික‍්ඛිත‍්තචිත‍්තො පමජ‍්ජමකාසි. රාජකුලෙ නාම අනාණත‍්තා ආසනානි පඤ‍්ඤාපෙත්‍වා භික‍්ඛූ නිසීදාපෙත්‍වා පරිවිසිතුං න ලභන‍්ති “න මයං ඉධ ඨාතුං සක‍්ඛිස‍්සාමා”ති බහූ භික‍්ඛූ පක‍්කමිංසු. රාජා දුතියදිවසෙපි පමජ‍්ජි, දුතියදිවසෙපි බහූ භික‍්ඛූ පක‍්කමිංසු. තතියදිවසෙපි පමජ‍්ජි, තදා ආනන්‍දත්‍ථෙරං එකකමෙව ඨපෙත්‍වා අවසෙසා පක‍්කමිංසු. පුඤ‍්ඤවන‍්තා නාම කාරණවසිකා හොන‍්ති, කුලානං පසාදං රක‍්ඛන‍්ති. තථාගතස‍්ස ච සාරිපුත‍්තත්‍ථෙරො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරොති ද‍්වෙ අග‍්ගසාවකා, ඛෙමා උප‍්පලවණ‍්ණාති ද‍්වෙ අග‍්ගසාවිකා, උපාසකෙසු චිත‍්තො, ගහපති, හත්‍ථකො ආළවකොති ද‍්වෙ අග‍්ගඋපාසකා, උපාසිකාසු වෙළුකණ‍්ඨකී නන්‍දමාතා, ඛුජ‍්ජුත‍්තරාති ද‍්වෙ අග‍්ගඋපාසිකා, ඉති ඉමෙ අට‍්ඨ ජනෙ ආදිං කත්‍වා ඨානන‍්තරපත‍්තා සබ‍්බෙපි සාවකා එකදෙසෙන දසන‍්නං පාරමීනං පූරිතත‍්තා මහාපුඤ‍්ඤා අභිනීහාරසම‍්පන‍්නා. ආනන්‍දත්‍ථෙරොපි කප‍්පසතසහස‍්සං පූරිතපාරමී අභිනීහාරසම‍්පන‍්නො මහාපුඤ‍්ඤො අත‍්තනො කාරණවසිකතාය කුලස‍්ස පසාදං රක‍්ඛන‍්තො අට‍්ඨාසි. තං එකකමෙව නිසීදාපෙත්‍වා පරිවිසිංසු.

මහරජ, බුදුවරු එකම ස්ථානයක නිරතුරුව දන් නොවළඳති. බොහෝ අය බුදුන්ගේ පැමිණීම අපේක්ෂා කරන හෙයිනි. ස්වාමීනි, එසේනම් එක භික්ෂුනමක් නිබඳව එවනු මැනවි. බුදුරජාණන්වහන්සේ එය ආනන්ද හිමියන්ට භාර කළහ. රජු භික්ෂුසංඝයා වැඩමවූකල්හි පාත්‍රය ගෙන මුන්වහන්සේලා වැළඳවුව මැනවැයි කිසිවකුට භාරනොදී සත්දිනක් සියතින්ම වළඳවා අටවෙනි දිනයේ කළයුතු රාජකාරි ඇති හෙයින් ප්‍රමාදවිය. රජගෙදරත් කිසිවකුට අණකර නොතිබූ නිසා අසුන් පනවා භික්ෂූන් වඩාහිඳුවා වළඳවන්ට නොලැබිණි. බොහෝ භික්ෂූහු අපට මෙහි සිටීම අපහසුයයි ආපසු වැඩියාහුය. රජු දෙවෙනි දිනයේද පමාවිය. එදිනත් බොහෝ භික්ෂූහු ආපසු වැඩියහ. තෙවෙනි දිනයේත් රජු පමාවිය. එදින ආනන්දතෙරුන් පමණක් තනිවම නවතා අවශේෂ භික්ෂූහු වැඩියාහුය. පින්වන්තයෝ කාරණා සිතියහැකි අයවෙති. කුලයන්ගේ උපාසකවරුන් ප්‍රසාදයත් රකිති. බුදුරජාණන්වහන්සේට සැරියුත් මහමුගලන් දෙඅගසව්වන්වහන්සේ හා ඛේමා උප්පලවණ්ණා අග්‍රශ්‍රාවිකා දෙනමක් හා චිත්තගෘහපති හත්ථාලවක යන උපාසකවරු හා වේළුකණ්ඨකී නන්දමාතා ඛුජ්ජුත්තරා යන උපාසිකාවරු යන මේ අටදෙනා ආදිකොට ඨානාන්තරවලට පත් සියලුම ශ්‍රාවකයෝ දසපාරමිතාවලින් කොටසක් හෝ පුරා ඇතිහෙයින් මහ පිනැතියෝය. උතුම් ප්‍රාර්ථනා ඇත්තෝය. ආනන්දතෙරණුවෝත් කප්ලක්ෂයක පටන් පිරූ පාරමිතා ඇති උතුම් ප්‍රාර්ථනා ඇති මහපින්වන්තයෙකි. උන්වහන්සේ කාරණා සිතා ගැනීමේ දක්ෂතා ඇතිහෙයින් කුලයන්ගේ, උපාසකවරුන්ගේ ප්‍රසාදය රකිමින් තනියම සිටියහ. උන්වහන්සේ පමණක් වඩා හිඳුවා වැළඳවූහ.

රාජා භික‍්ඛූනං ගතකාලෙ ආගන‍්ත්‍වා ඛාදනීයභොජනීයානි තථෙව ඨිතානි දිස‍්වා, “කිං, අය්‍යා, නාගමිංසූ”ති පුච‍්ඡිත්‍වා, “ආනන්‍දත්‍ථෙරො එකකොව ආගතො දෙවා”ති සුත්‍වා, “අද‍්ධා එත‍්තකං මෙ භත‍්තච‍්ඡෙදනමකංසූ”ති භික‍්ඛූනං කුද‍්ධො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා, “භන‍්තෙ, මයා පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං භික‍්ඛා පටියත‍්තා, ආනන්‍දත්‍ථෙරො කිර එකකොවාගතො, පටියත‍්තා භික‍්ඛා තථෙව ඨිතා, පඤ‍්චසතා භික‍්ඛූ මම ගෙහෙ සඤ‍්ඤං න කරිංසු, කිං නු ඛො කාරණ”න‍්ති ආහ. සත්‍ථා භික‍්ඛූනං දොසං අවත්‍වා, “මහාරාජ, මම සාවකානං තුම‍්හෙහි සද‍්ධිං විස‍්සාසො නත්‍ථි, තෙන න ගතා භවිස‍්සන‍්තී”ති වත්‍වා කුලානං අනුපගමනකාරණඤ‍්ච උපගමනකාරණඤ‍්ච පකාසෙන‍්තො භික‍්ඛූ ආමන‍්තෙත්‍වා ඉමං සුත‍්තමාහ –

රජු භික්ෂූන් ගිය පසු අවුත් ඒ ඒ තැන්වල තිබූ කෑයුතු බුදියයුතුදේ එලෙසින්ම තිබෙනු දැක, ඇයි ආර්යයන්වහන්සේලා නොවැඩිසේක්දැයි අසා ආනන්දතෙරණුවෝ තනියම වැඩිසේක දේවනයන්වහන්සැයි අසා, මගේ මෙපමණ ද්‍රව්‍ය සම්භාරයක් විනාශ කොළෝයයි භික්ෂූන් කෙරෙහි කිපී බුදුන් ළඟට ගොස්, ස්වාමීනි, මම පන්සීයක් භික්ෂූන් උදෙසා දානය පිළියෙල කෙළෙමි. ආනන්ද හිමියෝ පමණක් වැඩිසේක. පිළියෙල කළ දානය එහෙම පිටින්ම ඉතිරිව ඇත. පන්සීයක් භික්ෂූහු මගේ ගෙදරට දැන්වීමක් නොකළහ. ඊට හේතුව කුමක්දැයි විමසීය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ දෝෂයක් නොවදාරා මහරජ, මගේ ශ්‍රාවකයන් ඔබ හා සම කුළුපග කමක් නැත. එනිසා භික්ෂූන් නොආවා වියහැකියයි පවසා, කුලයන් වෙත යායුතු කරුණුත් නොයායුතු කරුණුත් ප්‍රකට කෙරෙමින් භික්ෂූන් අමතා මේ සූත්‍රය දේශනා කළසේක.

“නවහි, භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා නාලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපෙන පච‍්චුට‍්ඨෙන‍්ති, න මනාපෙන අභිවාදෙන‍්ති, න මනාපෙන ආසනං දෙන‍්ති, සන‍්තමස‍්ස පරිගුහන‍්ති, බහුකම‍්පි ථොකං දෙන‍්ති, පණීතම‍්පි ලූඛං දෙන‍්ති, අසක‍්කච‍්චං දෙන‍්ති නො සක‍්කච‍්චං, න උපනිසීදන‍්ති ධම‍්මස‍්සවනාය, භාසිතමස‍්ස න සුස‍්සූසන‍්ති. ඉමෙහි ඛො, භික‍්ඛවෙ, නවහඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා නාලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා නාලං උපනිසීදිතුං.

මහණෙනි, අංග නවයකින් යුක්ත කුලයන් වෙත පළමුව නොපැමිණියත් පසුව යාම හෝ නොවටී. දෙවනුව ගියත් එහි වාඩිවී නැවතීමත් වටනේ නොවෙයි. කෙබදු අංග නවයකින්ද? ගෙට යනකල කැමැත්තෙන් නැගී නොසිටිත්ද? කැමැත්තෙන් නොවඳිත්ද, කැමැත්තෙන් අසුන් පනවා නොදෙත්ද, දෙන්ට දෙයක් ඇතත් නැතිබැරිකම් කියා නොදෙත්ද, බොහෝ ඇතත් ටිකක් දෙත්ද, ප්‍රණීත දේ ඇතත් කටුක දේ දෙත්ද, සකසා නොදෙත්ද, දෙනදෙය වුවත් අපිළිවෙලින් නොසැලකිලිමත් ලෙස දෙත්ද, අනුමෙවෙනි බණ නාසත්ද, මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත මුලින් නොපැමිණියත් පසුව හෝ නොපැමිණිය යුතුය. පැමිණියත් නැවතී හිඳ නොගත යුතුය.

“නවහි, භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා අලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා අලං උපනිසීදිතුං. කතමෙහි නවහි? මනාපෙන පච‍්චුට‍්ඨෙන‍්ති, මනාපෙන අභිවාදෙන‍්ති, මනාපෙන ආසනං දෙන‍්ති, සන‍්තමස‍්ස න පරිගුහන‍්ති, බහුකම‍්පි බහුකං දෙන‍්ති, පණීතම‍්පි පණීතං දෙන‍්ති, සක‍්කච‍්චං දෙන‍්ති නො අසක‍්කච‍්චං, උපනිසීදන‍්ති ධම‍්මස‍්සවනාය, භාසිතමස‍්ස සුස‍්සූසන‍්ති. ඉමෙහි ඛො, භික‍්ඛවෙ, නවහඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා අලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා අලං උපනිසීදිතු”න‍්ති (අ· නි· 9.17).

මහණෙනි, අංග නවයකින් යුත් කුලයන් වෙත පළමුවෙන් නොපැමිණියත් පැමිණිය යුතුවේ. පැමිණ නැවතී හිඳගැනීම යුතුය. කෙබදු අංග නවයකින්ද? යම් කුලයක්, පවුලක් කරා යනවිට මනාපෙන් හිඳිඅසුන්වලින් නැගිටිත්ද, කැමැත්තෙන් වැඳුම් පිදුම් කෙරෙත්ද, මනාපෙන් අසුන් පනවා දෙත්ද, ඇතිදේ නොසඟවා දෙත්ද, බොහෝදේ ඇතිවිට බොහෝ දෙත්ද, ප්‍රණීතදේ ඇතිවිට ප්‍රණීත දේ දේත්ද, සකස් කොටම දෙත්ද නොසකස්ව නොදෙත්ද, අනුමෝදනා බණ කැමැත්තෙන් රැඳී අසත්ද මහණෙනි, මේ අංග නවයෙන් යුත් කුලයන් වෙත පළමුව නොගියත් යායුතුය. දෙවනුව හෝ යායුතුය. පැමිණ නැවතී හිඳගතයුතුය.

ඉති ඛො, මහාරාජ, මම සාවකා තුම‍්හාකං සන‍්තිකා විස‍්සාසං අලභන‍්තා න ගතා භවිස‍්සන‍්තීති. පොරාණකපණ‍්ඩිතාපි හි අවිස‍්සාසිකට‍්ඨානෙ සක‍්කච‍්චං උපට‍්ඨියමානාපි මාරණන‍්තිකං වෙදනං පත්‍වා විස‍්සාසිකට‍්ඨානමෙව අගමිංසූති. “කදා, භන‍්තෙ”ති රඤ‍්ඤා පුට‍්ඨො අතීතං ආහරි –

මහරජ මේ කරුණු අනුව මගේ ශ්‍රාවකයෝ ඔබ වෙතින් විශ්වාසයක් නොලබා නොගියා වියහැකියයි වදාළහ. එසේ වදාරා පුරාණ නුවණැත්තෝත් විශ්වාසයක් නොමැති තැන සකස්ව උපස්ථාන කළත්, මරණාසන්න වේදනාවට පැමිණ විශ්වාසික ස්ථානයටම ගියහයි වදාළකල්හි, ස්වාමීනි, ඒ කවදාදැයි ඇසූවිට අතීත කථාවක් ගෙනහැරපෑහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ කෙසවො නාම රාජා රජ‍්ජං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජි. තං පඤ‍්ච පුරිසසතානි අනුපබ‍්බජිංසු. සො කෙසවතාපසො නාම අහොසි. පසාධනකප‍්පකො පනස‍්ස අනුපබ‍්බජිත්‍වා කප‍්පකො නාම අන‍්තෙවාසිකො අහොසි. කෙසවතාපසො පරිසාය සද‍්ධිං අට‍්ඨ මාසෙ හිමවන‍්තෙ වසිත්‍වා වස‍්සාරත‍්තසමයෙ ලොණම‍්බිලසෙවනත්‍ථාය බාරාණසිං පත්‍වා භික‍්ඛාය පාවිසි.

අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය හැරදමා ගොස් සෘෂිපැවිද්දෙන් පැවිදිවිය. ඔහු අනුව ගොස් තවත් පුරුෂයෝ පන්සීයක්ද පැවිදිවූහ. ඔහු කේසවතාපස නමින් ප්‍රකට විය. ඇඳුම් පැළඳුම් පළඳවන කපුවාද ගොස් පැවිදිව කප්පක නමින් අතවැසි වූයේය. කේසව තවුසා පිරිසත් සමග අටමසක් හිමවත වැස වර්ෂාකාලයෙහි ලුණුඇඹුල්, සේවනය සඳහා බරණැසට අවුත් පිඬුසිඟා ගියේය.

අථ නං රාජා දිස‍්වා පසීදිත්‍වා චතුමාසං අත‍්තනො සන‍්තිකෙ වසනත්‍ථාය පටිඤ‍්ඤං ගහෙත්‍වා උය්‍යානෙව වසාපෙන‍්තො සයං සායංපාතං අස‍්ස උපට‍්ඨානං ගච‍්ඡති. අවසෙසා තාපසා කතිපාහං වසිත්‍වා හත්‍ථිසද‍්දාදීහි උබ‍්බාළ‍්හා හුත්‍වා උක‍්කණ‍්ඨිත්‍වා, “ආචරිය, උක‍්කණ‍්ඨිතම‍්හා, ගච‍්ඡාමා”ති ආහංසු. “කහං, තාතා”ති? “හිමවන‍්තං, ආචරියා”ති. රාජා අම‍්හාකං ආගතදිවසෙයෙව චතුමාසං ඉධ වසනත්‍ථාය පටිඤ‍්ඤං ගණ‍්හි. “කථං ගමිස‍්සථ, තාතා”ති? “තුම‍්හෙහි අම‍්හාකං අනාචික‍්ඛිත්‍වාව පටිඤ‍්ඤා දින‍්නා, මයං ඉධ න සක‍්කොම වසිතුං, ඉතො අවිදූරෙ තුම‍්හාකං පවත‍්තිස‍්සවනට‍්ඨානෙ වසිස‍්සාමා”ති වන්‍දිත්‍වා පක‍්කමිංසු. කප‍්පන‍්තෙවාසිකෙන සද‍්ධිං ආචරියො ඔහීයි.

ඉන්පසු බරණැස් රජු ඔවුන් දැක පැහැදී ඉදිරි සිවුමස තමන් සමීපයෙහි වාසයකිරීම පිණිස ප්‍රතිඥා ඇතිකර ගෙන උයනෙහි වාසය කරවා තෙමේ උදේ සවස උපස්ථානයට යයි. අවශේෂ තවුසෝ කීප දිනක් සිට ඇතුන්ගේ ශබ්දාදිය ඉවසනු නොහැකිව කළකිරී ආචාර්යයෙනි, අපි කළකිරුණෙමු පිටත්වී යම්හයි කීහ. දරුවෙනි අපි කොහි යන්නෙමුද, ආචාර්යතුමනි, හිමවතට යමු. රජතුමා අප පැමිණි දිනයෙහිම සාරමසක් මෙහි විසීම පිණිස ප්‍රතිඥාවක් ගත්තේය. ඉතින් දරුවනි, කෙසේ යන්නෙමුද, ඔබට අපට නොදන්වාම ප්‍රතිඥා දුන්නෙහිය. අපට මෙහි විසිය නොහැකියි. මේ කිට්ටුව ඔබේ පුවත් දැනගත හැකි තැනක වසන්නෙමුයි වැඳ පිටත්ව ගියහ. කපුඅන්තේවාසිකයා සමග ආචාර්යවරයා නැවතුණේය.

රාජා උපට‍්ඨානං ආගතො, “කහං, අය්‍යා”ති පුච‍්ඡි. “සබ‍්බෙ උක‍්කණ‍්ඨිතම‍්හාති වත්‍වා හිමවන‍්තං ගතා, මහාරාජා”ති ආහ. කප‍්පකොපි න චිරස‍්සෙව උක‍්කණ‍්ඨිත්‍වා ආචරියෙන පුනප‍්පුනං වාරියමානොපි “න සක‍්කොමී”ති වත්‍වා පක‍්කාමි. ඉතරෙසං පන සන‍්තිකං අගන‍්ත්‍වා ආචරියස‍්ස පවත‍්තිං සුණන‍්තො අවිදූරෙ ඨානෙ වසි. අපරභාගෙ ආචරියස‍්ස අන‍්තෙවාසිකෙ අනුස‍්සරන‍්තස‍්ස කුච‍්ඡිරොගො උප‍්පජ‍්ජි. රාජා වෙජ‍්ජෙහි තිකිච‍්ඡාපෙසි, රොගො න වූපසම‍්මති. තාපසො ආහ – “කිං, මහාරාජ, ඉච‍්ඡසි මෙ රොගවූපසම”න‍්ති? “භන‍්තෙ, සචාහං සක‍්කුණෙය්‍යං, ඉදානෙව වො ඵාසුකං කරෙය්‍ය”න‍්ති. “මහාරාජ, සචෙ මෙ ඵාසුකං ඉච‍්ඡසි, මං අන‍්තෙවාසිකානං සන‍්තිකං පෙසෙහී”ති. රාජා “සාධු, භන‍්තෙ”ති තං මඤ‍්චකෙ නිපජ‍්ජාපෙත්‍වා නාරදඅමච‍්චප‍්පමුඛෙ චත‍්තාරො අමච‍්චෙ “මම අය්‍යස‍්ස පවත‍්තිං ඤත්‍වා, මය‍්හං සාසනං පහිණෙය්‍යාථා”ති උය්‍යොජෙසි.

උපස්ථානයට ආ රජු ආර්යයන් කොහේදැයි ඇසීය. මහරජ, කළකිරුණෙමුයි කියා හිමවතට ගියෝය. කපුඅතවැසියාද නොබෝ කලකින්ම කළකිරී ගුරුතුමා යළියළිත් නවතද්දීම සිටිය නොහැකියයි කියා යන්ට ගියේය. අනිත් තවුසන් ළඟට පැමිණ ආචාර්යයන්ගේ තොරතුරු අසාගෙන ළඟම තැනක විසීය. අතවැස්සන් ගැනම සතමන් හුන් ආචාර්යයන්ට පසුකලෙක උදරරෝගයක් හටගත්තේය. රජු වෙදුන් ලවා පිළියම් කරවන නමුත් රෝගය නොසංසිඳිණ. මගේ රෝගය සංසිඳුවීමට ඔබ කැමැත්තෙහිදැයි කේසවතවුසා ඇසීය. ස්වාමීනි, එය මට කළහැකි නම් මේ දැන්මම ඔබට පහසු කරවන්නෙමියි රජු කීවේය. මහරජ මා සනීප කරවනු කැමැත්තෙහි නම් මා මගේ අතවැස්සන් ළඟට යවන්නැයි කීය. රජු ස්වාමීනි, යහපතැයි කියා ඇඳක වැදහොවා නාරද නම් ඇමති ප්‍රමුඛ තවත් ඇමතියන් සිව්දෙනෙකුන් සමග මගේ ආර්යයන්වහන්සේගේ තොරතුරු නිතර දන්වා එවන්නැයි කියා පිටත් කෙළේය.

කප‍්පන‍්තෙවාසිකො ආචරියස‍්ස ආගමනං සුත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා ඉතරෙ “කහ”න‍්ති වුත‍්තෙ, “අසුකට‍්ඨානෙ කිර වසන‍්තී”ති ආහ. තෙපි ආචරියස‍්සාගමනභාවං සුත්‍වා තත්‍ථෙව සමොසරිත්‍වා ආචරියස‍්ස උණ‍්හොදකං දත්‍වා ඵලාඵලං අදංසු. තං ඛණඤ‍්ඤෙව රොගො වූපසම‍්මති. සො කතිපාහෙනෙව සුවණ‍්ණවණ‍්ණො අහොසි. අථ නං නාරදො පුච‍්ඡි –

කපුඅතවැස්සා ගුරුතුමා එන බව අසා පෙරගමන් කොට අනිත් අය කොහේදැයි ඇසූ කල අසවල් තැන වසතියි කීවේය. ඒ තවුසෝත් ගුරුතුමා ආ බව අසා එතැනට එකතුවී ඇදුරුතුමාට උණුවතුර සපයාදී වනඵලාඵලද ගෙනදුන්හ. එකෙණෙහිම රෝගය සංසිඳුණේය. කීප දිනකින්ම තවුස්තෙමේ රන්වන් සිරුරු ඇත්තෙකු විය. පසුව නාරද ඇමති මෙසේ ඇසීය:

“මනුස‍්සින්‍දං ජහිත්‍වාන, සබ‍්බකාමසමිද‍්ධිනං; කථං නු භගවා කෙසී, කප‍්පස‍්ස රමති අස‍්සමෙ.

හැම සම්පත් ඇති රජසැප හැරදා කේසී කොහොමද ඔබ තුටු වන්නේ කපුවා සමගින් දිවිය ගෙවන්නේ

“සාදූනි රමණීයානි, සන‍්ති වක‍්ඛා මනොරමා; සුභාසිතානි කප‍්පස‍්ස, නාරද රමයන‍්ති මං.

වනඅසපුව කෙලෙසද සිත් ගන්නේ සිත් අලවන ගස් වැල් මෙහි බොහොමයි එයින් ගතත් සිත පිබිදී යයි කපුවාගේ සුමිහිරිවූ වචනය මනෝරමයි සිත් සනසාලයි මේ ඈ කරුණින් නාරද මැතිසඳ මගේ සිතේ රමණය වැඩිවෙයි

“සාලීනං ඔදනං භුඤ‍්ජෙ, සුචිං මංසූපසෙචනං; කථං සාමාකනීවාරං, අලොණං ඡාදයන‍්ති තං.

සුවදින් මුසු ඇල්හාලේ බත් කා පිරිසිදු මස් ඈ අහරින් ගත කළ ඌරුහැලින් හා ලුණු නැති අහරින් කෙසේද ඔබ දිවි ගතවෙන්නේ

“සාදුං වා යදි වාසාදුං, අප‍්පං වා යදි වා බහුං; විස‍්සත්‍ථො යත්‍ථ භුඤ‍්ජෙය්‍ය, විස‍්සාසපරමා රසා”ති. (ජා· 1.4.181-184);

මිහිරිම හෝ අමිහිරි හෝ වේවා ටිකක්ම වූ හෝ බොහෝවුණත් විස්වාසෙන් යම්දෙයක් බුදිනු නම් ඒ විස්වාසය පරම රසයි

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙන‍්තො “තදා රාජා මොග‍්ගල‍්ලානො අහොසි, නාරදො සාරිපුත‍්තො, කප‍්පන‍්තෙවාසිකො ආනන්‍දො, කෙසවතාපසො අහමෙවා”ති වත්‍වා, “එවං, මහාරාජ, පුබ‍්බෙපි පණ‍්ඩිතා මාරණන‍්තිකං වෙදනං පත්‍වා විස‍්සාසිකට‍්ඨානං ගමිංසු, මම සාවකා තුම‍්හාකං සන‍්තිකෙ විස‍්සාසං න ලභන‍්ති මඤ‍්ඤෙ”ති ආහ. රාජා “භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං මයා විස‍්සාසං කාතුං වට‍්ටති, කථං නු ඛො කරිස‍්සාමීති සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඤාතිධීතරං මම ගෙහෙ කාතුං වට‍්ටති, එවං සන‍්තෙ ‘දහරා ච සාමණෙරා ච සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඤාතිරාජා’ති මම සන‍්තිකං විස‍්සත්‍ථා නිබද‍්ධං ආගමිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා – “එකං මෙ ධීතරං දෙන‍්තූ”ති සාකියානං සන‍්තිකං සාසනං පෙසෙසි. “කතරස‍්ස සක්‍යස‍්ස ධීතා”ති ච පුච‍්ඡිත්‍වා, “ඤත්‍වා ආගච‍්ඡෙය්‍යාථා”ති වත්‍වා දූතෙ ආණාපෙසි. දූතා ගන‍්ත්‍වා සාකියෙ දාරිකං යාචිංසු.

ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැරපා ජාතකය සසඳමින් එකල රජු මොග්ගල්ලානය. නාරද සාරීපුත්‍රය. කපුඅතවැසියා ආනන්දය. කේසවතාපස නම් මමමයයි වදාරා, මහරජ මේ ආකාරයෙන් අතීතයේද, පණ්ඩිතයෝ මාරාන්තික වේදනාවට පත්ව විශ්වාසික ස්ථානවලටම ගියාහුය. මගේ ශ්‍රාවකයෝ ඔබ හමුවෙහි විශ්වාවසය නොලබතියි සිතමියි වදාළහ. රජු භික්ෂුසංඝයා සමග මා විශ්වාස වියයුතුයි. එය කරන්නේ කෙසේදැයි සම්මාසම්බුදුන්ගේ ඥාතිදුවණියක් මගේ ගෙදර නවත්වා ගතයුතුයි. එසේකල ළදරු සාමණේරවරුද මා සම්මාසම්බුදුන්ගේ නෑරජෙකියි මා සමග විශ්වාසවන්තව නිරන්තරයෙන්ම එන්නාහුයයි සිතා මට එක් දුවණියක් දෙව්යයි ශාක්‍යයන් වෙත පණිවුඩ යැවීය. කිනම් ශාක්‍යයාගේ දුවණියද යන්න දැනගෙන එව්යයි දූතයන්ට අණ කෙළේය. දූතයෝ ගොස් ශාක්‍යදුවණියක ඉල්ලූහ.

තෙ සන‍්නිපතිත්‍වා, “පක‍්ඛන‍්තරිකො රාජා, සචෙ න දස‍්සාම, විනාසෙස‍්සති නො, න ඛො පන අම‍්හෙහි කුලෙන සදිසො, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති මන‍්තයිංසු. මහානාමො “මම දාසියා කුච‍්ඡිම‍්හි ජාතා වාසභඛත‍්තියා නාම ධීතා රූපසොභග‍්ගප‍්පත‍්තා අත්‍ථි, තං දස‍්සාමා”ති වත්‍වා දූතෙ ආහ – “සාධු, රඤ‍්ඤො දාරිකං දස‍්සාමා”ති. “සා කස‍්ස, ධීතා”ති? “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස චූළපිතුපුත‍්තස‍්ස මහානාමස‍්ස සක‍්කස‍්ස ධීතා වාසභඛත‍්තියා නාමා”ති.

ඔවුහු එකට රැස්වී, මේ රජු පක්ෂබල ඇති කෙනෙකි. ඉදින් නොදී සිටියොත් අප විනාශකර දමනු ඇති. අපේ කුලය හා සමාන නොවූවත් මෙය කෙසේ හෝ කළ යුත්තකියි සිතූහ. මහානාම නම් ශාක්‍යරජු, මගේ දාසියගේ කුස උපන් වාසභඛත්තියා නම් දුව රූපයෙන් අගතැන්පත්ව සිටී. ඈ දෙමුයයි කියා දූතයන්ට මෙසේකීය. හොඳයි රජුට දැරියක් දෙන්නෙමු. ඈ කාගේ දුවක්ද? සම්මාසම්බුදුන්ගේ සුළුපියාගේ පුත් මහානාම ශාක්‍යයාගේ දුවූ වාසභඛත්තියා නමැත්තියයි.

තෙ ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචයිංසු. රාජා “යදි එවං, සාධු, සීඝං ආනෙථ, ඛත‍්තියා ච නාම බහුමායා, දාසිධීතරම‍්පි පහිණෙය්‍යුං, පිතරා සද‍්ධිං එකභාජනෙ භුඤ‍්ජන‍්තිං ආනෙය්‍යාථා”ති පෙසෙසි. තෙ ගන‍්ත්‍වා, “දෙව, තුම‍්හෙහි සද‍්ධිං එකතො භුඤ‍්ජන‍්තිං රාජා ඉච‍්ඡතී”ති ආහංසු. මහානාමො “සාධු, තාතා”ති තං අලඞ‍්කාරාපෙත්‍වා අත‍්තනො භොජනකාලෙ පක‍්කොසාපෙත්‍වා තාය සද‍්ධිං එකතො භුඤ‍්ජනාකාරං දස‍්සෙත්‍වා දූතානං නිය්‍යාදෙසි. තෙ තං ආදාය සාවත්‍ථිං ගන‍්ත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසුං. රාජා තුට‍්ඨමානසො තං පඤ‍්චන‍්නං ඉත්‍ථිසතානං ජෙට‍්ඨිකං කත්‍වා අග‍්ගමහෙසිට‍්ඨානෙ අභිසිඤ‍්චි. සා න චිරස‍්සෙව සුවණ‍්ණවණ‍්ණං පුත‍්තං විජායි.

දූතයෝ ගොස් රජුට එපවත් දැන්වූහ. රජු ඉතින් එය මැනවි. වහා කැඳවාගෙන එවු. ක්ෂත්‍රියයෝ නම් බොහෝ මායා ඇත්තෝය. දාසී දුවක් වුවද එව්වොත්?යි පියා සමග එකම භාජනවල ආහාර අනුභවකරන්නියක ගෙන එවුයයි දූතයන් යැවීය. ඔවුහු ගොස් දේවයන්වහන්ස, ඔබ සමග එකට ආහාර ගන්නා දුවණියක් රජු කැමති වන්නේයයි දැන්වූහ. මහානාම, දරුවනි යහපතැයි ඈ සරසවා තමන් ආහාර ගන්නා වේලාවෙහි කැඳවා ඈ සමග එකට ආහාර ගන්නාබව පෙන්වා දූතයන්ට භාරදුන්නේය. ඔවුහු ඈ කැටුව සැවතට ගොස් ඒ පුවත රජුට දැන්වූහ. තුටුපහටුවූ රජු ඈ ස්ත්‍රීන් පන්සීයකට නායිකා කොට අග්‍රමහේෂිකා තනතුරෙහි අභිෂේක කෙළේය. ඈ නොබෝ දිනකින් රන්වන් පුතකු වැදුවාය.

අථස‍්ස නාමග‍්ගහණදිවසෙ රාජා දාරකස‍්ස අය්‍යකස‍්ස සන‍්තිකං පෙසෙසි “සක්‍යරාජධීතා වාසභඛත‍්තියා පුත‍්තං විජාතා, කිමස‍්ස නාමං කරොමා”ති? තං පන සාසනං ගහෙත්‍වා ගතො අමච‍්චො ථොකං බධිරධාතුකො, සො ගන‍්ත්‍වා රඤ‍්ඤො අය්‍යකස‍්ස ආරොචෙසි, සො තං සුත්‍වා “වාසභඛත‍්තියා පුත‍්තං අවිජායිත්‍වාපි සබ‍්බජනං අභිභවි, ඉදානි පන රඤ‍්ඤො අතිවිය වල‍්ලභා භවිස‍්සතී”ති ආහ. බධිරො අමච‍්චො “වල‍්ලභා”ති වචනං දුස‍්සුතං සුත්‍වා “විටටූභො”ති සල‍්ලක‍්ඛෙත්‍වා රාජානං උපගන‍්ත්‍වා, “දෙව, කුමාරස‍්ස කිර ‘විටටූභො’ති නාමං කරොථා”ති ආහ. රාජා “පොරාණකං නො කුලසන‍්තකං නාමං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා තං නාමං අකාසි. අථස‍්ස දහරකාලෙයෙව රාජා “සත්‍ථු පියං කරොමී”ති සෙනාපතිට‍්ඨානං අදාසි.

ඔහුට නම්තබන දිනයෙහි රජු තමන්ගේ මවගේ මව ළඟට පුතා යැවීය. ශාක්‍යරාජ්‍ය දුහිතෘ වාසභඛත්තියා පුතකු වැදුවාය. ඔහුට නමක් තැබියයුතුය. එය දන්වා එවන්නැයි හසුනක්ද යැවීය. ඒ හසුන ගෙන ගිය ඇමතියා මදක් බිහිරි තැනැත්තෙකි. ඔහු ගොස් මිත්තනියට දැන්වීය. ඈ ඒ අසා වාසභඛත්තියා පුතුන් නොවදත් සියලු ජනයන් අභිභවා සිටී. දැන් ඈ රජුන්ට අතිශයින්ම වල්ලභ වන්නේයයි කීවාය. බිහිරි ඇමතියා වල්ලභ යන වචනය බාගෙට අසා, එය විඩුඩහයයි සලකාගෙන රජුන් වෙත ගොස් දේවයන්වහන්ස, කුමරාට විඩුඩහ කියා නම් කරන්නැයි දන්වා සිටියේය. රජු එය තම කුලසන්තක පුරාණ නමක් වියයුතුයයි සිතා පුතාට විඩුඩහ යන නම තැබීය. ඉන්පසු ළමාකාලයේදීම ඔහු බුදුරදුන්ට ප්‍රියයෙකු කරනු කැමැත්තෙන් සෙන්පති තනතුරෙහි පිහිටුවීය.

සො කුමාරපරිහාරෙන වඩ‍්ඪන‍්තො සත‍්තවස‍්සිකකාලෙ අඤ‍්ඤෙසං කුමාරානං මාතාමහකුලතො හත්‍ථිරූපකඅස‍්සරූපකාදීනි ආහරියමානානි දිස‍්වා මාතරං පුච‍්ඡි – “අම‍්ම, අඤ‍්ඤෙසං මාතාමහකුලතො පණ‍්ණාකාරො ආහරීයති, මය‍්හං කොචි කිඤ‍්චි න පෙසෙසි, කිං ත්‍වං නිමාතා නිපිතා”ති? අථ නං සා, “තාත, තව සක්‍යරාජානො මාතාමහා දූරෙ පන වසන‍්ති, තෙන තෙ කිඤ‍්චි න පෙසෙන‍්තී”ති වඤ‍්චෙසි. සොළසවස‍්සිකකාලෙ, “අම‍්ම, තව මාතාමහකුලං පස‍්සිතුකාමොම‍්හී”ති වත්‍වා, “අලං, තාත, කිං තත්‍ථ ගන‍්ත්‍වා කරිස‍්සතී”ති වාරියමානොපි පුනප‍්පුනං යාචි. අථස‍්ස මාතා “තෙන හි ගච‍්ඡා”ති සම‍්පටිච‍්ඡි. සො පිතු ආරොචෙත්‍වා මහන‍්තෙන පරිවාරෙන නික‍්ඛමි. වාසභඛත‍්තියා පුරෙතරං පණ‍්ණං පෙසෙසි – “අහං ඉධ සුඛං වසාමි, මාස‍්ස කිඤ‍්චි සාමිනො අන‍්තරං දස‍්සයිංසූ”ති. සාකියා විටටූභස‍්ස ආගමනං ඤත්‍වා, “වන්‍දිතුං න සක‍්කොමා”ති තස‍්ස දහරදහරෙ කුමාරෙ ජනපදං පහිණිත්‍වා තස‍්මිං කපිලපුරං සම‍්පත‍්තෙ සන්‍ථාගාරෙ සන‍්නිපතිංසු. කුමාරො තත්‍ථ ගන‍්ත්‍වා අට‍්ඨාසි.

ඔහු කුමාරපෙරහරින් වැඩී සත්වයස් සපිරිකල, අනිත් දරුවන්ට මවුකුලයෙන් ඇත් රූප අශ්වරූපාදිය තෑගි වශයෙන් ගෙනඑනු බලා මෑණියන්ගෙන් මෑණියනි, අනිත් කුමාරවරුන්ට ඇත් අස් ආදි රූප පණිවුඩකරුවෝ ගෙන එති. මට කවුරුවත් එවැනි කිසිවක් නොඑවති. ඇයි ඔබට මවුපියන් නැද්දැයි ඇසීය. ඉන්පසු ඈ, දරුව ඔබේ ශාක්‍යරජදරුවෝ, මීමුත්තෝ බොහෝ දුර සිටිත්. ඔවුන් යම් යම් දේ එවනවා ඇතැයි කුමරා වංචාවෙන් රඳවා ගත්තාය. සොළොස් වයස්වූ පසු, මෑණියනි, ඔබේ මීමුතු කුලිකයන් දකිනු කැමැත්තෙමියි කීය. පුත, වැඩක් නැහැ. එහි ගොස් කුමක් කරන්ටදැයි වළක්වන නමුදු නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඉන්පසු ඈ එසේනම් යන්නැයි පිළිගත්තාය. ඔහු පියාටද දන්වා මහත්පිරිවර සහිතව පිටත්විය. වාසභඛත්තියා කුමරා එහි යෑමට පෙරාතුව, මම මෙහි සුවසේ රැකෙමින් වසමි. මේ එන කුමරාට ස්වාමිදරුවන් විසින්, කිසිම තොරතුරක් නොදන්වන්නැයි ලිපියක් යැව්වාය. ශාක්‍යයෝ විඩුඩහගේ පැමිණීම ගැන අසා අපට වැඳිය නොහැකියයි කුමරාට වයසින් බාල කුමාරවරු ජනපදයට යවා විඩුඩහ කපිලපුරයට පැමිණිකල සන්ථාගාරයෙහි රැස්වූහ. කුමරා එහිගොස් සිටියේය.

අථ නං “අයං තෙ, තාත, මාතාමහො, අයං මාතුලො”ති වත්‍වා වන්‍දාපෙසුං. සො සබ‍්බෙ වන්‍දමානො විචරිත්‍වා එකම‍්පි අත‍්තානං වන්‍දන‍්තං අදිස‍්වා “කිං නු ඛො මං වන්‍දන‍්තා නත්‍ථී”ති පුච‍්ඡි. සාකියා, “තාත, තෙ කනිට‍්ඨකුමාරා ජනපදං ගතා”ති වත්‍වා තස‍්ස මහන‍්තං සක‍්කාරං කරිංසු. සො කතිපාහං වසිත්‍වා මහන‍්තෙන පරිවාරෙන නික‍්ඛමි. අථෙකා දාසී සන්‍ථාගාරෙ තෙන නිසින‍්නඵලකං “ඉදං වාසභඛත‍්තියාය දාසියා පුත‍්තස‍්ස නිසින‍්නඵලක”න‍්ති අක‍්කොසිත්‍වා පරිභාසිත්‍වා ඛීරොදකෙන ධොවි.

ඉන්පසු ඔහුට, දරුව මේ ඔබගේ මවගේ මවය, මේ මාමායයි කීපසු ඒ සියල්ලන්ටම වඳිමින් ගොස් තමන්ට වඳින එක් කෙනෙක් හෝ නොදැක, ඇයි මට වඳින්නෙක් නැද්දැයි ඇසුවේය. බාල ශාක්‍යකුමාරවරු ජනපදවලට ගොස් ඇතැයි කියා ඔහුට මහත්වූ සත්කාර කළාහුය. කුමරා කීපදිනක් එහි සිට සපිරිවරින් නික්මුණේය. ඉන්පසු එක් දාසියක් සන්ථාගාරයෙහි කුමරා සිටි ඵලකය ගෙන මෙය වාසභඛත්තියා දාසියගේ පුතා හිඳගත් පුවරුවයිය බැණබැණ කිරිදියෙන් සෝදයි.

එකො පුරිසො අත‍්තනො ආවුධං පමුස‍්සිත්‍වා නිවත‍්තො තං ගණ‍්හන‍්තො විටටූභකුමාරස‍්ස අක‍්කොසනසද‍්දං සුත්‍වා තං කාරණං පුච‍්ඡිත්‍වා, “වාසභඛත‍්තියා දාසියා කුච‍්ඡිම‍්හි මහානාමසක‍්කං පටිච‍්ච ජාතා”ති ඤත්‍වා බලකායස‍්ස කථෙසි. “වාසභඛත‍්තියා කිර දාසිධීතා”ති මහාකොලාහලං අහොසි. තං සුත්‍වා විටටූභො “එතෙ තාව මම නිසින‍්නඵලකං ඛීරොදකෙන ධොවන‍්තු, අහං පන රජ‍්ජෙ පතිට‍්ඨිතකාලෙ එතෙසං ගලලොහිතං ගහෙත්‍වා මම නිසින‍්නඵලකං ධොවිස‍්සාමී”ති චිත‍්තං පට‍්ඨපෙසි. තස‍්මිං සාවත්‍ථිං ගතෙ අමච‍්චා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචයිංසු. රාජා “මය‍්හං දාසිධීතරං අදංසූ”ති සාකියානං කුජ‍්ඣිත්‍වා වාසභඛත‍්තියාය ච පුත‍්තස‍්ස ච දින‍්නපරිහාරං අච‍්ඡින්‍දිත්‍වා දාසදාසීහි ලද‍්ධබ‍්බමත‍්තමෙව දාපෙසි.

ඉක්බිති එක් ආරක්ෂක පුරුෂයෙක් බැරිවීගිය තමන්ගේ ආයුධ සොයා යන අතර එහි නැවතී එය ගන්නා අතර ඒ විඩුඩහ කුමරාට බණින ශබ්දය අසා ඒ ගැන දාසියගෙන් අසා, කුමරා මහානාම ශාක්‍යයාට දාව වාසභඛත්තියා දාසියගේ කුස උපන් බව දැන බලහමුදාවට ඒ බව දැන්වීය. වාසභඛත්තියා දාසී දුවණියකැයි දැනගත්විට මහා කෝලාහලයක් ඇතිවිය. කුමරා ඒ අසා මොවුහු මා හිඳගත් පුවරුව කිරිදියෙන් සෝදති. මම රාජ්‍යයෙහි පිහිටිකල මොවුන්ගේ ගලලෝහිතයෙන් මගේ හිඳිනා පුවරුව සෝදවන්නෙමියි සිතාගත්තේය. ඔහු සැවැත්නුවරට ගියකල්හි ඇමතියෝ ඒ පුවත රජුට දන්වා සිටියහ. රජු මට දාසියකගේ දුවක් දුන්නාහුයයි ශාක්‍යයන් කෙරෙහි කිපී වාසභඛත්තියාවටත් පුතාටත් දුන් සැලකිලි කඩාදමා දාසදාසියන්ට ලැබියයුතු දේ පමණක් දෙවීය.

තතො කතිපාහච‍්චයෙන සත්‍ථා රාජනිවෙසනං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි. රාජා ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හාකං කිර ඤාතකෙහි දාසිධීතා මය‍්හං දින‍්නා, තෙනස‍්සා අහං සපුත‍්තාය පරිහාරං අච‍්ඡින්‍දිත්‍වා දාසදාසීහි ලද‍්ධබ‍්බමත‍්තමෙව දාපෙසි”න‍්ති ආහ. සත්‍ථා “අයුත‍්තං, මහාරාජ, සාකියෙහි කතං, දදන‍්තෙහි නාම සමානජාතිකා දාතබ‍්බා අස‍්ස, තං පන, මහාරාජ, වදාමි, වාසභඛත‍්තියා ඛත‍්තියරාජධීතා ඛත‍්තියරඤ‍්ඤො ගෙහෙ අභිසෙකං ලභි. විටටූභොපි ඛත‍්තියරාජානමෙව පටිච‍්ච ජාතො, මාතුගොත‍්තං නාම කිං කරිස‍්සති, පිතුගොත‍්තමෙව පමාණන‍්ති. පොරාණකපණ‍්ඩිතා දලිද‍්දිත්‍ථියා කට‍්ඨහාරිකාය අග‍්ගමහෙසිට‍්ඨානං අදංසු, තස‍්සා ච කුච‍්ඡිම‍්හි ජාතකුමාරො ද‍්වාදසයොජනිකාය බාරාණසියා රජ‍්ජං පත්‍වා කට‍්ඨවාහනරාජා නාම ජාතො”ති කට‍්ඨහාරිජාතකං (ජා· 1.1.7) කථෙසි. රාජා ධම‍්මකථං සුත්‍වා “පිතුගොත‍්තමෙව කිර පමාණ”න‍්ති තුස‍්සිත්‍වා වාසභඛත‍්තියාය ච පුත‍්තස‍්ස ච පකතිපරිහාරමෙව දාපෙසි.

ඉන් කීපදිනකට පසු බුදුරජාණන්වහන්සේ රජමාලිගයට ගොස් වැඩහුන්සේක. රජු අවුත් වැඳ, ස්වාමීනි, නුඹවහන්සේගේ නෑදෑයෝ මට දාසිදුවණියක් දුන්නාහුය. එනිසා මම ඔවුන්ට දුන් සැලකිලි කඩකොට දාසදාසියන්ට ලැබියයුතු දේ පමණක් දෙවීමියි කීවේය. ශාස්තෘන්වහන්සේ, මහරජ, ශාක්‍යයන් විසින් කරනලද්දේ අයුක්තියකි. දෙන්නාහුනම් සමජාතිකයන් දියයුතුය. ඒ ගැන මම මෙසේ කියමි. වාසභඛත්තියා ක්ෂත්‍රිය රජකුගේ ගෙහි අභිෂේක ලැබුවාය. විඩුඩහත් ක්ෂත්‍රිය රජකුටම දාව උපන්නේය. මවු පක්ෂයේ ගෝත්‍රය කුමක් කරන්ටද? පියපක්ෂයේ ගෝත්‍රයම ප්‍රමාණවත්ය. පැරණි නුවණැත්තෝ දර විකුණා ජීවත්වන දිළිඳුස්ත්‍රියකට අගමෙහෙසුන් තනතුරු දුන්නාහුය. ඇගේ කුස උපන් කුමරා දොළොස්යොදුනක්වූ බරණැස රාජ්‍යයට පැමිණ කට්ඨවාහන නම් වීයයි කට්ඨහාරිජාතකය වදාළහ. ඒ දහම් කථාව අසා පීතෘගෝත්‍රයම වුවත් ප්‍රමාණවත්යයි සතුටුව මවුපියන්ට උචිත සැලකිලිම දෙවීය.

බන්‍ධුලසෙනාපතිස‍්සපි ඛො කුසිනාරායං මල‍්ලරාජධීතා මල‍්ලිකා නාම භරියා දීඝරත‍්තං පුත‍්තං න විජායි. අථ නං බන්‍ධුලො “අත‍්තනො කුලඝරමෙව ගච‍්ඡා”ති උය්‍යොජෙසි. සා “සත්‍ථාරං දිස‍්වාව ගමිස‍්සාමී”ති ජෙතවනං පවිසිත්‍වා තථාගතං වන්‍දිත්‍වා ඨිතා, “කහං ගච‍්ඡසී”ති වුත‍්තා “සාමිකො මං භන‍්තෙ, කුලඝරං පෙසෙතී” ආහ. “කිං කාරණා”ති? “වඤ‍්ඣා කිරස‍්මි අපුත‍්තිකා”ති. “යදි එවං, ගමනකිච‍්චං නත්‍ථි, නිවත‍්තස‍්සූ”ති. සා තුට‍්ඨමානසා සත්‍ථාරං වන්‍දිත්‍වා නිවෙසනං ගන‍්ත්‍වා “කස‍්මා නිවත‍්තාසී”ති වුත‍්තා “දසබලෙන නිවත‍්තිතාම‍්හී”ති ආහ බන්‍ධුලො “දිට‍්ඨං භවිස‍්සති දීඝදස‍්සිනා කාරණ”න‍්ති සම‍්පටිච‍්ඡි. සා න චිරස‍්සෙව ගබ‍්භං පටිලභිත්‍වා උප‍්පන‍්නදාහළා “දොහළො මෙ උප‍්පන‍්නො”ති ආරොචෙසි. “කිං දොහළො”ති? “වෙසාලිනගරෙ ගණරාජකුලානං අභිසෙකමඞ‍්ගලපොක‍්ඛරණියං ඔතරිත්‍වා න‍්හත්‍වා පානීයං පාතුකාමාම‍්හි, සාමී”ති.

කුසිනාරාවේ බන්ධුලසේනාපතිගේ මල්ලිකාදේවියගේ දුවණියවූ මල්ලිකා නම් භාර්යාවද බොහෝ කල් ගතවීත් නොවැදුවාය. ඉන්පසු බන්ධුල තමන්ගේ කුලගෙයටම යන්නැයි පිටත්කෙළේය. ඈ බුදුන් දැක යන්නෙමියි දෙව්රමට ගොස් බුදුන් වැඳ සිටිකල්හි. බුදුහු කොයි යන්නීදැයි ඇසූවිට ස්වාමීනි, මගේ සැමියා මා කුලගෙදරට යවන්නීයයි කීවාය. කුමක් නිසාද? මම පුතුන් නොලබන වඳ එකියක්මි ඒ නිසාය. කාරණය එය නම් යාමට වුවමනාවක් නැත, නැවතුවයි වදාළහ. ඈ තුටුසිතින් බුදුන් වැඳ ආපසු රජමාලිගාවට ගියවිට නැවතුණේ ඇයිදැයි ඇසූකල දසබලයන්වහන්සේ මා නැවැත්වූහයි කීවාය. බන්ධුල තෙම, දුරදිග දක්නා බුදුන් විසින් යම්කිසි කරුණක් දකින්නට ඇතැයි සිතා භාරගත්තේය. ඕතොමෝ නොබෝ කලකින්ම ගැබක් පිහිටා උපන් දොළදුකක් නිසා මට දොළදුකක් ඇතිවීයයි දැන්වූවාය. ඒ දොළදුක කුමක්ද? වේසාලී නගරයේ ගණරාජකුලයේ අයගේ අභිෂේකයේදී පැන් ගන්නා පොකුණට බැස නහා එයින් පැන් ටිකක් බීම ඒ දොළදුකයයි කීවාය.

බන්‍ධුලො “සාධූ”ති වත්‍වා සහස‍්සථාමධනුං ගහෙත්‍වා තං රථං ආරොපෙත්‍වා සාවත්‍ථිතො නික‍්ඛමිත්‍වා රථං පාජෙන‍්තො මහාලිලිච‍්ඡවිනො දින‍්නද‍්වාරෙන වෙසාලිං පාවිසි. මහාලිලිච‍්ඡවිනො ච ද‍්වාරසමීපෙ එව නිවෙසනං හොති. සො රථස‍්ස උම‍්මාරෙ පනිඝාතසද‍්දං සුත්‍වාව “බන්‍ධුලස‍්ස රථසද‍්දො එසො, අජ‍්ජ ලිච‍්ඡවීනං භයං උප‍්පජ‍්ජිස‍්සතී”ති ආහ.

බන්ධුල යහපතැයි පිළිගෙන දහසක්දෙනා ඔසවන දුන්න ගෙන එය රථයකට නංවා සැවැත්නුවරින් පිටත්ව රථය පදවාගෙන ගොස් මහාලි නම් ලිච්ඡවි විසින් දෙනලද දොරටුවෙන් වේසාලියට පිවිසියේය. මහාලි ලිච්ඡවිගේත් නිවස ඒ දොරටුව සමීපයෙහිම විය. හෙතෙම රථය එළිපත්තේ වැදුණු ශබ්දය අසා බන්ධුලගේ රියහඬ අද ලිච්ඡවීන් භය උපදවන්නේයයි කීය.

පොක‍්ඛරණියා අන‍්තො ච බහි ච ආරක‍්ඛා බලවතී, උපරි ලොහජාලං පත්‍ථටං, සකුණානම‍්පි ඔකාසො නත්‍ථි. බන්‍ධුලසෙනාපති පන රථා ඔතරිත්‍වා ආරක‍්ඛකෙ මනුස‍්සෙ වෙත‍්තෙන පහරන‍්තො පලාපෙත්‍වා ලොහජාලං ඡින්‍දිත්‍වා අන‍්තොපොක‍්ඛරණීයං භරියං න‍්හාපෙත්‍වා සයම‍්පි න‍්හත්‍වා පුන තං රථං ආරොපෙත්‍වා නගරා නික‍්ඛමිත්‍වා ආගතමග‍්ගෙනෙව පායාසි.

පොකුණ ඇතුළතිනුත් පිටතිනුත් ආරක්ෂාව බලවත්ය. උඩින් වසා ඇති ලෝහමය දැල නිසා ප්කෂියෙකුටවත් යාමට ඉඩක් නැත. බන්ධුල සේනාපති රථයෙන් බැස ආරක්ෂකයන්ට වේවැලින් පහර දෙමින් ඔවුන් පලවාහැර ලෝහමය දැල සිඳදමා පොකුණ ඇතුළත භාර්යාව නහවා තමාත් නාගෙන නැවත රථයට නංවා නගරයෙන් නික්මී ආමගින්ම ආපසු ගියේය.

තෙ ආරක‍්ඛමනුස‍්සා ලිච‍්ඡවිරාජූනං ආරොචෙසුං. ලිච‍්ඡවිරාජානො කුජ‍්ඣිත්‍වා පඤ‍්ච රථසතානි ආරුය‍්හ “බන්‍ධුලමල‍්ලං ගණ‍්හිස‍්සාමා”ති නික‍්ඛමිංසු. තං පවත‍්තිං මහාලිස‍්ස ආරොචෙසුං. මහාලි, “මා ගමිත්‍ථ, සො හි වො සබ‍්බෙ ඝොතෙස‍්සතී”ති ආහ. තෙපි “මයං ගමිස‍්සාම එවා”ති වදිංසු. “තෙන හි තස‍්ස රථචක‍්කස‍්ස යාව නාභිතො පථවිං පවිට‍්ඨට‍්ඨානං දිස‍්වා නිවත‍්තෙය්‍යාථ, තතො අනිවත‍්තන‍්තා පුරතො අසනිසද‍්දං විය සුණිස‍්සථ, තම‍්හා ඨානා නිවත‍්තෙය්‍යාථ. තතො අනිවත‍්තන‍්තා තුම‍්හාකං රථධුරෙසු ඡිද‍්දං පස‍්සිස‍්සථ, තම‍්හා ඨානා නිවත‍්තෙය්‍යාථ, පුරතො මා ගමිත්‍ථා”ති. තෙ තස‍්ස වචනෙන අනිවත‍්තිත්‍වා තං අනුබන්‍ධිංසු එව. මල‍්ලිකා දිස‍්වා, “රථා, සාමි, පඤ‍්ඤායන‍්තී”ති ආහ. “තෙන හි එකස‍්සෙව රථස‍්ස පඤ‍්ඤායනකාලෙ මං ආරොචෙය්‍යාසී”ති. සා යදා සබ‍්බෙ රථා එකො විය හුත්‍වා පඤ‍්ඤායිංසු, තදා “එකමෙව, සාමි, රථසීසං පඤ‍්ඤායතී”ති ආහ. බන්‍ධුලො “තෙන හි ඉමා රස‍්මියො ගණ‍්හාහී”ති තස‍්සා රස‍්මියො දත්‍වා රථෙ ඨිතොව ධනුං ආරොපෙසි, රථචක‍්කං යාව නාභිතො පථවිං පාවිසි.

ආරක්ෂකයෝ ගොස් එය ලිච්ඡවීන්ට දැන්වූහ. කිපීගිය ලිච්ඡවී රජවරු පන්සීයක් රථවලට නැගී බන්ධුලමල්ලයා අල්වා ගනිමුයයි නික්මුණාහුය. ඒ පුවත මහලී ලිච්ඡවිටද දැන්වූහ. හෙතෙම, නොයව්, ඔහු ඒකාන්තයෙන් තොප සියල්ලන් මරාදමනු ඇතැයි කීවේය. ඔවුහු යන්නෙමුයයිම කීවාහුය. එසේ නම් ඔහුගේ රථයේ රථනාභිය පොළොවේ ගිළීගිය තැන් දැක එහිදී නැවතියව්. එතනදීත් නොනවතිව්නම් ඉදිරියේදී හෙණ ගසන්නාක් වැනි ශබ්දයක් ඇසුණුවිට එතැනදී නවතිව්. එතනදීත් නොනවතිව් නම් තොපගේ රථ පන්සීයේ වියසිදුරු එකඑල්ලේ සිටිනු දුටුවහොත් එතනදී නවතුව. එතැන නම් පසුකර නොයායුතුමයයි කීවේය. ලිච්ඡවීහු ඔහුගේ වචනයෙන් නොනැවතී බන්ධුල ලුහුබැන්දාහ. මල්ලිකා ඒ දැක රථ සමූහයක් පෙනෙන්නේයයි කීවාය. එසේනම් එකරථයක් සේ පෙනෙනකලට දන්වවයි කීවේය. ඕතොමෝ සියලුරථ එකක්සේ පෙනෙනවිට එය දැන්වූවාය. එසේනම් මේ (තෝන්) ලණු අල්ලාගනුවයි ඒ ලණු ඈට භාරකොට රථයේ සිටම දුන්න නගාගත්තේය. ඒ රථයේ රෝද නාභිය දක්වා පොළොවේ ගිලීගියේය.

ලිච‍්ඡවිනො තං ඨානං දිස‍්වාපි න නිවත‍්තිංසු. ඉතරො ථොකං ගන‍්ත්‍වා ජියං පොථෙසි, අසනිසද‍්දො විය අහොසි. තෙ තතොපි න නිවත‍්තිංසු, අනුබන්‍ධන‍්තා ගච‍්ඡන‍්තෙව. බන්‍ධුලො රථෙ ඨිතකොව එකසරං ඛිපි, සො පඤ‍්චන‍්නං රථසතානං රථසීසෙ ඡිද‍්දං කත්‍වා පඤ‍්ච රාජසතානි පරිකරබන්‍ධනට‍්ඨානෙ විනිවිජ‍්ඣිත්‍වා පථවිං පාවිසි. තෙ අත‍්තනො පවිද‍්ධභාවං අජානිත්‍වා, “තිට‍්ඨ, රෙ, තිට‍්ඨ, රෙ”ති වදන‍්තා අනුබන්‍ධිංසු එව. බන්‍ධුලො රථං ඨපෙත්‍වා “තුම‍්හෙ මතකා, මතකෙහි සද‍්ධිං මය‍්හං යුද‍්ධං නාම නත්‍ථී”ති ආහ. “මතකා නාම අම‍්හාදිසා න හොන‍්තී”ති. “තෙන හි සබ‍්බපච‍්ඡිමස‍්ස පරිකරං මොචෙථා”ති. තෙ මොචයිංසු. සො මුත‍්තමත‍්තෙ එව මරිත්‍වා පතිතො.

ලිච්ඡවීහු එතැන දැකදැකත් නොනැවතුණාහ. බන්ධුල මද දුරක් ගොස් දුනුදිය (දුන්නේ ලණුව) ඇද පොලාපීය. හෙණ ගසන්නාක් වැනි හඬක් නිකුත්විය. ලිච්ඡවීහු එයිනුදු නොනැවතුණහ. ලුහුබඳිද්දීම බන්ධුල රථයේ සිටගෙනම එක් ඊයක් විද්දේය. ඒ ඊය පන්සීයක් රථවල රියහිස් සිදුරුකරගෙන ගොස් සන්නාහලාගෙන සිටි පන්සියය්ක රජදරුවන්ද විද පොළොවට පිවිසියේය. ඔවුහු තමන්ට විද්ද බව නොදැන එම්බල නැවතුව, එම්බල නැවතුවයි කියමින් ලුහුබැන්දාහුමය. බන්ධුල, තෙපි මියගොස්ය, මැරුණවුන් සමග මම යුද්ධ නොකරමියි කීහ. මැරුණවුන් අපවගේ සිටිත්ද? එසේ නම් සියල්ලන්ට පෙරටුව සිටින්නාගේ සන්නාහය මුදවයි කීහ. ඔවුහු සන්නාහය ගැළවූහ. එය මුදනවාත් සමගම ඔහු මැරී වැටුණේය.

අථ තෙ සබ‍්බෙපි “තුම‍්හෙ එවරූපා, අත‍්තනො ඝරානි ගන‍්ත්‍වා සංවිධාතබ‍්බං සංවිදහිත්‍වා පුත‍්තදාරං අනුසාසිත්‍වා සන‍්නාහං මොචෙථා”ති ආහ. තෙ තථා කත්‍වා සබ‍්බෙපි ජීවිතක‍්ඛයං පත‍්තා. බන්‍ධුලොපි මල‍්ලිකං සාවත්‍ථිං ආනෙසි. සා සොළසක‍්ඛත‍්තුං යමකෙ යමකෙ පුත‍්තෙ විජායි. සබ‍්බෙපි සූරා ථාමසම‍්පන‍්නා අහෙසුං, සබ‍්බසිප‍්පානං නිප‍්ඵත‍්තිං පාපුණිංසු. එකෙකස‍්ස පුරිසසහස‍්සං පරිවාරො අහොසි. පිතරා සද‍්ධිං රාජනිවෙසනං ගච‍්ඡන‍්තෙහි තෙහෙව රාජඞ‍්ගණං පරිපූරි.

ඉන්පසු බන්ධුල ඔවුන් අමතා, තොප සියලුදෙනාත් මේ වගේමය. එනිසා තමතමන්ගේ ගෙවල්වලට ගොස් සංවිධානය කටයුතු දේ සංවිධාන කොට අඹුදරුවන්ට අවවාදදී සන්නාහ මුදාහරිව්යයි කීවේය. ඔවුහු එසේ කොට සියලුදෙනාම ජීවිතක්ෂයට පත්වූහ. බන්ධුල, මල්ලිකාවන් සැවැත් නුවරට රැගෙන ගියේය. ඕතොමෝ සොළොස්වරකදී පුතුන් දෙතිසක් බිහිකළාය. ඒ සියල්ලෝම ශූර ශක්තිමත් අය වූහ. සියලු ශිල්පයන්හි පරතෙරට පත්වූහ. එක්කෙනාට පිරිවර දහස බැගින් විය. පියා සමග රජමාලිගයට යන ඔවුන්ගෙන්ම රාජාංගනය පිරීගියේය.

අථෙකදිවසං විනිච‍්ඡයෙ කූටට‍්ටපරාජිතා මනුස‍්සා බන්‍ධුලං ආගච‍්ඡන‍්තං දිස‍්වා මහාවිරවං විරවන‍්තා විනිච‍්ඡයඅමච‍්චානං කූටට‍්ටකරණං තස‍්ස ආරොචෙසුං. සො විනිච‍්ඡයං ගන‍්ත්‍වා තං අට‍්ටං විචාරෙත්‍වා සාමිකමෙව සාමිකං අකාසි. මහාජනො මහාසද‍්දෙන සාධුකාරං පවත‍්තෙති. රාජා “කිං ඉද”න‍්ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා තුස‍්සිත්‍වා සබ‍්බෙපි තෙ අමච‍්චෙ හාරෙත්‍වා බන්‍ධුලස‍්සෙව විනිච‍්ඡයං නිය්‍යාදෙසි. සො තතො පට‍්ඨාය සම‍්මා විනිච‍්ඡයි. තතො තෙ පොරාණකවිනිච‍්ඡයිකා අමච‍්චා කිඤ‍්චි ලඤ‍්ජං අලභන‍්තා අප‍්පලාභා හුත්‍වා “බන්‍ධුලො රජ‍්ජං පත්‍ථෙතී”ති රාජකුලෙ පරිභින්‍දිංසු. රාජා තෙසං කථං සද‍්දහිත්‍වා චිත‍්තං නිග‍්ගහෙතුං නාසක‍්ඛි. “ඉමස‍්මිං ඉධෙව ඝාතියමානෙ ගරහා මෙ උප‍්පජ‍්ජිස‍්සතී”ති පුන චින‍්තෙත්‍වා පයුත‍්තපුරිසෙහි පච‍්චන‍්තං පහාරාපෙත්‍වා බන්‍ධුලං පක‍්කොසාපෙත්‍වා, “පච‍්චන‍්තො කිර කුපිතො, තව පුත‍්තෙහි සද‍්ධිං ගන‍්ත්‍වා, චොරෙ ගණ‍්හාහී”ති පහිණිත්‍වා, “එත්‍ථෙවස‍්ස ද‍්වත‍්තිංසාය පුත‍්තෙහි සද‍්ධිං සීසං ඡින්‍දිත්‍වා ආහරථා”ති තෙහි සද‍්ධිං අඤ‍්ඤෙපි සමත්‍ථෙ මහායොධෙ පෙසෙසි. තස‍්මිං පච‍්චන‍්තං ගච‍්ඡන‍්තෙයෙව “සෙනාපති කිර ආගච‍්ඡතී”ති පයුත‍්තචොරා පලායිංසු. සො තං පදෙසං ආවාසාපෙත්‍වා සණ‍්ඨාපෙත්‍වා නිවත‍්ති.

දිනක් විනිශ්චයශාලාවේ වංචාවෙන් පරාජය ලැබූ මිනිස්සු බන්ධුල එනු දැක මහ හඬින් කෑගසමින් විනිශ්චය ඇමතියන්ගේ වංචා සහිත විනිශ්චයකිරීම දන්වා සිටියහ. බන්ධුල විනිශ්චයට ගොස් ඒ වංචාව නිරාකරණය කොට දඬුවම් ලැබිය යුත්තාටම දඬුවම් හිමි කෙළේය. එය දුටු මහාජනයා මහහඬින් සාධුකාර පැවැත්වූහ. රජු ඒ කිමෙක්දැයි අසා එකරුණ දැන ප්‍රීතිවී ඒ සියලු ඇමතියන් පහකොට බන්ධුලටම විනිශ්චයකිරීම භාරකෙළේය. ඔහු එතැන් පටන් මැනවින් නඩු විභාගකෙළේය. ඒ පැරණි විනිශ්චයකරුවෝ අල්ලස් නොලැබ ලාභ අඩුවී ගොස් බන්ධුල රාජ්‍යය බලාපොරොත්තු වෙතියි බොරු කියා රාජකුලය හා තිබුණු සම්බන්ධතා බිඳ දැමූහ. රජු ඔවුන්ගේ කථා අසා සිත පාලනය කරගතනොහී මොහු මෙහිදීම මරා දැමුවහොත් ගර්හා ඇතිවිය හැකියයි නැවත සිතා තමන්ම යෙදූ පුරුෂයන් මගින් ප්‍රත්‍යන්තයට පහරදී, ප්‍රත්‍යන්තය කිපී ඇත. ඔබේ පුතුන් සමග ගොස් ඒ සොරුන් අල්වාගෙන එවයි එහි යවා, එහිදීම මොහුගේත් දෙතිසක් පුතුන්ගේත් හිස් සිඳගෙන එවයි ඔහුත් සමගම තවත් සමර්ථ මහායෝධයනුත් යැවීය. ඔවුහු ප්‍රත්‍යන්තයට යනවාත් සමගම බන්ධුල සේනාපති එන්නේයයි යොදාසිටි සොරු පලාගියහ. හෙතෙම එපෙදෙස සොර බියෙන් පලාගියවුන් ගෙන්වා නවත්වා නගරයට එන්ට පටන්ගත්හ.

අථස‍්ස නගරතො අවිදූරෙ ඨානෙ තෙ යොධා පුත‍්තෙහි සද‍්ධිං සීසං ඡින්‍දිංසු. තං දිවසං මල‍්ලිකාය පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං ද‍්වෙ අග‍්ගසාවකා නිමන‍්තිතා හොන‍්ති. අථස‍්සා පුබ‍්බණ‍්හෙ එව “සාමිකස‍්ස තෙ සද‍්ධිං පුත‍්තෙහි සීසං ඡින‍්න”න‍්ති පණ‍්ණං ආහරිත්‍වා අදංසු. සා තං පවත‍්තිං ඤත්‍වා කස‍්සචි කිඤ‍්චි අවත්‍වා පණ‍්ණං උච‍්ඡඞ‍්ගෙ ඨපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝමෙව පරිවිසි. අථස‍්සා පරිචාරිකායො භික‍්ඛූනං භත‍්තං දත්‍වා සප‍්පිචාටිං ආහරන‍්තියො ථෙරානං පුරතො සප‍්පිචාටිං භින්‍දිංසු. ධම‍්මසෙනාපති “භෙදනධම‍්මං භින‍්නං, න චින‍්තිතබ‍්බ”න‍්ති ආහ.

නුවරට නුදුරු තැනක රැඳීසිටි යෝධයෝ පුතුන් දෙතිසක් සමග බන්ධුලගේත් හිස් සිඳ දැමූහ. එදින මල්ලිකා දෙඅගසවුවන් ප්‍රමුඛ පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කොට සිටියාය. එදින උදය වරුවේම, ඔබේ සැමියාත් සමග පුතුන්ගේ හිස් සිඳදමනලදැයි, හසුනක් ගෙනවුත් දුන්හ. ඈ එපුවත අසා දැන කාටවත් කිසිවක් නොකියා හසුන ඉණ තබා භික්ෂුසංඝයා වැළඳවූවාය. ඉන්පසු ඇගේ පිරිවර ස්ත්‍රීහු භික්ෂූන්ට ආහාරදී ගිතෙල්සැළි ගෙන එනවිට තෙරුන් ඉදිරියේ වැටී බිඳිණි. ධම්මසේනාපති අනඳ හිමියෝ බිඳෙනසුලු දේ බිඳිණි. ඒ ගැන නොසිතන්නැයි කීහ.

සා උච‍්ඡඞ‍්ගතො පණ‍්ණං නීහරිත්‍වා “ද‍්වත‍්තිංසාය පුත‍්තෙහි සද‍්ධිං පිතුසීසං ඡින‍්නන‍්ති මෙ ඉමං පණ‍්ණං ආහරිංසු, අහං ඉදං සුත්‍වාපි න චින‍්තෙමි, සප‍්පිචාටියා භින‍්නාය කිං චින‍්තයිස‍්සාමි, භන‍්තෙ”ති ආහ. ධම‍්මසෙනාපති “අනිමිත‍්තමනඤ‍්ඤාතං, මච‍්චානං ඉධ ජීවිත”න‍්තිආදීනි (සු· නි· 579) වත්‍වා ධම‍්මං දෙසෙත්‍වා උට‍්ඨායාසනා විහාරං අගමාසි. සාපි ද‍්වත‍්තිංස සුණිසායො පක‍්කොසාපෙත්‍වා, “තුම‍්හාකං සාමිකා නිරපරාධා අත‍්තනො පුරිමකම‍්මඵලං ලභිංසු, තුම‍්හෙ මා සොචයිත්‍ථ, මා පරිදෙවිත්‍ථ, රඤ‍්ඤො උපරි මනොපදොසං මා කරිත්‍ථා”ති ඔවදි.

ඕතොමෝ ඉණෙන් හසුනක් ගෙන දෙතිසක් පුතුන් සමග පියාගේ හිස සිඳිනලදැයි මොවුහු මේ හසුන ගෙනආහ. මම ඒ අසාත් ඒ ගැන නොසිතුවෙමි. ගිතෙල් හැළියක් බිඳුණේයයි මොනවා සිතන්ටද ස්වාමීනියි කීවාය. ධම්මසේනාපති හිමියෝ, අනිමිත්තමනඤ්ඤාතං ආදියෙන් දහම් දෙසා අසුනින් නැගිට විහාරයට වැඩියහ. ඈද දෙතිසක් යෙහෙළියන් කැඳවා නුඹලාගේ සැමියෝ නිරපරාධයහ. තමන් පෙරකළ කර්‍මවල විපාක ලැබුවාහ. ඔබ ඒ ගැන සිතා දුක් නොවන්න. ඒ රජුන් කෙරෙහි සිත් දූෂ්‍ය කරනොගන්නැයි අවවාද කළාය.

රඤ‍්ඤො චරපුරිසා තං කථං සුත්‍වා ගන‍්ත්‍වා තෙසං නිද‍්දොසභාවං රඤ‍්ඤො කථයිංසු. රාජා සංවෙගප‍්පත‍්තො තස‍්සා නිවෙසනං ගන‍්ත්‍වා මල‍්ලිකඤ‍්ච සුණිසායො චස‍්සා ඛමාපෙත්‍වා මල‍්ලිකාය වරං අදාසි. සා “වරො ගහිතො මෙ හොතූ”ති වත්‍වා තස‍්මිං ගතෙ මතකභත‍්තං දත්‍වා න‍්හත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා, “දෙව, තුම‍්හෙහි මය‍්හං වරො දින‍්නො, මය‍්හඤ‍්ච අඤ‍්ඤෙන අත්‍ථො නත්‍ථි, ද‍්වත‍්තිංසාය මෙ සුණිසානං මමඤ‍්ච කුලඝරගමනං අනුජානාථා”ති ආහ. රාජා සම‍්පටිච‍්ඡි. සා ද‍්වත‍්තිංස සුණිසායො යථාසකානි කුලානි පෙසෙසි, සයම‍්පි කුසිනාරානගරෙ අත‍්තනො කුලඝරං අගමාසි.

රජුගේ චරපුරුෂයෝ ඒ කථාව අසා ගොස් ඔවුන්ගේ නිදොස්බව රජුට කීවාහුය. රජු සංවේගයට පැමිණ ඇගේ නිවෙසට ගොස් මල්ලිකා හා යෙහෙළියන්ගෙන් සමාව ඉල්ලා, මල්ලිකාට වරයක් දුන්නේය. ඈ එය පසුව ගතයුත්තක් කොට තබා, ඔහු ගිය පසු මතකබත්දී නාගෙන රජුන්වෙත පැමිණ, දේවයිනි, ඔබ මට වරයක් දුන්නෙහිය. මට වෙනත් දෙයකින් ප්‍රයෝජනයක් නැත. මගේ දෙතිසක් යෙහෙළියන්ට ඔවුන්ගේ ගෙදරටම යන්ට අනුමතය දෙනු මැනවි. රජු එය භාරගත්තේය. ඒ දෙතිසක් පමණ යෙහෙළියෝ තමතමන්ගේ ගෙවල්වලට යැවූහ. මල්ලිකා කුසිනාරාවේ තමන්ගේ ගෙදරට ගියාය.

රාජාපි බන්‍ධුලසෙනාපතිනො භාගිනෙය්‍යස‍්ස දීඝකාරායනස‍්ස නාම සෙනාපතිට‍්ඨානං අදාසි. සො පන “මාතුලො මෙ ඉමිනා මාරිතො”ති රඤ‍්ඤො ඔතාරං ගවෙසන‍්තො විචරති. රාජාපි නිරපරාධස‍්ස බන්‍ධුලස‍්ස මාරිතකාලතො පට‍්ඨාය විප‍්පටිසාරී හුත්‍වා චිත‍්තස‍්සාදං න ලභති, රජ‍්ජසුඛං නානුභොති. තදා සත්‍ථා සක්‍යානං මෙදාළුපං නාම නිගමං උපනිස‍්සාය විහරති. රාජා තත්‍ථ ගන‍්ත්‍වා ආරාමතො අවිදූරෙ ඛන්‍ධාවාරං නිවාසෙත්‍වා, “මන්‍දෙන පරිවාරෙන සත්‍ථාරං වන්‍දිස‍්සාමී”ති විහාරං ගන‍්ත්‍වා පඤ‍්චරාජාකකුධභණ‍්ඩානි දීඝකාරායනස‍්ස දත්‍වා එකකොව ගන්‍ධකුටිං පාවිසි. සබ‍්බං ධම‍්මචෙතියසුත‍්තනියාමෙන (ම· නි· 2.364 ආදයො) දීපෙතබ‍්බං. තස‍්මිං ගන්‍ධකුටිං පවිට‍්ඨෙ දීඝකාරායනො තානි පඤ‍්ච රාජකකුධභණ‍්ඩානි ගහෙත්‍වා විටටූභං රාජානං කත්‍වා රඤ‍්ඤො එකං අස‍්සං එකඤ‍්ච උපට‍්ඨානකාරිකං මාතුගාමං ඨපෙත්‍වා නිවත‍්තෙත්‍වා සාවත්‍ථිං අගමාසි.

රජු බන්ධුල සේනාපතිගේ බෑණාවූ දීඝකාරායණට සේනාපති තනතුර දුන්නේය. හෙතෙම මොහු මගේ මාමා මරා දැමුවේ යයි රජුගේ ප්‍රමාද අවස්ථාවක් සොයමින් සිටියේය. රජුද නිරපරාධ බන්ධුල මියගියදා පටන් විපිළිසරට පැමිණ, සිතේ ප්‍රීතියක් නැතිව රජසැප නොවින්ඳේය. එකල ශාස්තෘන්වහන්සේ ශාක්‍යයන්ගේම උලුම්ප නම් නියම්ගම ඇසුරුකොට වාසයකරනසේක. රජු එහි ගොස් ආරාමය සමීපයෙහි කඳවුරු බැඳ මද පිරිවරකින් යුක්තව බුදුන් වඳින්නෙමියි විහාරයට ගොස් පංචරාජකකුධභාණ්ඩ දීඝකාරායණටදී තනිවම ගඳකිළියට පිවිසියේය. සෙසු විස්තර ධම්මචේතිය සූත්‍රය අනුසාරයෙන් දැනගත යුතුය. රජු ගඳකිළියට පිවිසිකල්හි කාරායණ ඒ රාජකකූධභාණ්ඩ රැගෙන විඩුඩහ රාජ්‍යයෙහි පිහිටුවා, මේ රජුට එක් අශ්වයෙක්ද, එක් උපස්ථායිකා ගැහැණියකද නවතා සැවැත්නුවර බලා ගියේය.

රාජා සත්‍ථාරා සද‍්ධිං පියකථං කථෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නික‍්ඛන‍්තො සෙනං අදිස‍්වා තං මාතුගාමං පුච‍්ඡිත්‍වා තං පවත‍්තිං සුත්‍වා, “අහං භාගිනෙය්‍යං ආදාය ගන‍්ත්‍වා, විටටූභං ගහෙස‍්සාමී”ති රාජගහනගරං ගච‍්ඡන‍්තො විකාලෙ ද‍්වාරෙසු පිදහිතෙසු නගරං පත්‍වා එකිස‍්සා සාලාය නිපජ‍්ජිත්‍වා වාතාතපෙහි කිලන‍්තො රත‍්තිභාගෙ තත්‍ථෙව කාලමකාසි. විභාතාය රත‍්තියා, “දෙව, කොසලනරින්‍ද අනාථො ජාතොසී”ති විප‍්පලපන‍්තියා තස‍්සා ඉත්‍ථියා සද‍්දං සුත්‍වා රඤ‍්ඤො ආරොචෙසුං. සො මාතුලස‍්ස මහන‍්තෙන සක‍්කාරෙන සරීරකිච‍්චං කාරෙසි.

රජු ශාස්තෘන්වහන්සේ සමග සතුටුසාමීචි කථාකොට එලියට අවුත් සේනාව නොදැක ඒගැන මාගමගෙන් අසා එපුවත දැන, මගේ බෑණනුවන් වූ (අජාසත්) කැඳවාගෙන විඩුඩහ අල්වා ගන්නෙමියි රජගහනුවරට යන්නේ විකාලයෙහි දොරවල් වසා ඇති බැවින් නුවරට පැමිණ එක්තරා ශාලාවක නිදා සිට අව්වැසිවලින් ක්ලාන්තවී රාත්‍රියේම මියගියේය. රාත්‍රිය පහව ගිය පසු, කොසොල්නරනිඳු අනාථවීයයි, විලාපනගන ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා රජුට දැන්වූහ. හෙතෙම මාමාවූ රජුගේ මෘතශරීරය මහත්වූ සත්කාරයෙන් දවාපීය.

විටටූභොපි රජ‍්ජං ලභිත්‍වා තං වෙරං සරිත්‍වා “සබ‍්බෙපි සාකියෙ මාරෙස‍්සාමී”ති මහතියා සෙනාය නික‍්ඛමි. තං දිවසං සත්‍ථා පච‍්චූසකාලෙ ලොකං වොලොකෙන‍්තො ඤාතිසඞ‍්ඝස‍්ස විනාසං දිස‍්වා, “ඤාතිසඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා පුබ‍්බණ‍්හසමයෙ පිණ‍්ඩාය චරිත්‍වා, පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ගන්‍ධකුටියං සීහසෙය්‍යං කප‍්පෙත්‍වා, සායන‍්හසමයෙ ආකාසෙන ගන‍්ත්‍වා, කපිලවත්‍ථුසාමන‍්තෙ එකස‍්මිං කබරච‍්ඡායෙ රුක‍්ඛමූලෙ නිසීදි. තතො විටටූභස‍්ස රජ‍්ජසීමාය මහන‍්තො සන්‍දච‍්ඡායො නිග්‍රොධො අත්‍ථි. විටටූභො සත්‍ථාරං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා, “භන‍්තෙ, කිං කාරණා එවරූපාය උණ‍්හවෙලාය ඉමස‍්මිං කබරච‍්ඡායෙ රුක‍්ඛමූලෙ නිසීදථ, එතස‍්මිං සන්‍දච‍්ඡායෙ නිග්‍රොධමූලෙ නිසීදථ, භන‍්තෙ”ති වත්‍වා, “හොතු, මහාරාජ, ඤාතකානං ඡායා නාම සීතලා”ති වුත‍්තෙ, “ඤාතකානුරක‍්ඛනත්‍ථාය සත්‍ථා ආගතො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිවත‍්තිත්‍වා සාවත්‍ථිංයෙව පච‍්චාගමි. සත්‍ථාපි උප‍්පතිත්‍වා ජෙතවනමෙව ගතො.

විඩුඩහද රාජ්‍යය ලබා ඒ වෛරය සිහිකොට සියලු ශාක්‍යයන් මරන්නෙමියි මහත්වූ සේනා සහිතව නික්මුණේය. එදින බුදුහු උදෑසන ලෝකය බලන්නාහු නෑසමූහයාගේ විනාශය දැක නෑයන්ට සංග්‍රහ කිරීම උචිතයයි සිතා උදේ වරුවේ පිඬු පිණිස වැඩමවා පිණ්ඩපාතයෙන් පසු ගඳකිළියෙහි සිංහශය්‍යාවෙන් මදක් සැතපී සවස්වරුවේ අහසින් වැඩමවා කිඹුල්වත්පුර එක් තුනීසෙවන ඇති රුකක්මුලක වැඩහුන්සේක. එයින් මදදුරක් ගියතැන විඩුඩහගේ රාජ්‍ය සීමාවෙහි ඝනව වැඩුණු මහනුගයක් විය. විඩුඩහ බුදුන් දැක ළඟට අවුත් වැඳ ස්වාමීනි, කුමක් නිසා මෙබඳු මේ උණුසුම් වේලාවේ මේ තුනීසෙවන ඇති ගසමුල වැඩසිටින සේක්ද? මේ ඝනසෙවන ඇති නුගරුකමුල වැඩසිටිනු මැනවැයි කීවේය. මහරජ, එසේවේවා, එහෙත් නෑයන්ගේ සෙවන ඊටවඩා සිසිල්යයි වදාළ කල්හි, නෑයන් රැකගැනීමට බුදුන්වහන්සේ වැඩියා විය හැකි යයි සිතා, බුදුන් වැඳ නැවතී ආපසු සැවැත් නුවරටම ගියේය. ශාස්තෘන්වහන්සේ නැගිට ජේතවනාරාමයටම වැඩිසේක.

රාජා සාකියානං දොසං සරිත්‍වා දුතියම‍්පි නික‍්ඛමිත්‍වා තථෙව සත්‍ථාරං පස‍්සිත්‍වා පුන නිවත‍්ති. තතියවාරෙපි නික‍්ඛමිත්‍වා තථෙව සත්‍ථාරං පස‍්සිත්‍වා පුන නිවත‍්ති. චතුත්‍ථවාරෙ පන තස‍්මිං නික‍්ඛන‍්තෙ සත්‍ථා සාකියානං පුබ‍්බකම‍්මං ඔලොකෙත්‍වා තෙසං එකදිවසං නදියං විසපක‍්ඛිපනපාපකම‍්මස‍්ස අප‍්පටිබාහියභාවං ඤත්‍වා චතුත්‍ථවාරෙ නාගමාසි. විටටූභො “සාකියෙ ඝාතෙස‍්සාමී”ති මහන‍්තෙන බලකායෙන නික‍්ඛමි.

විඩුඩහ රජ දොස් සිහිකොට දෙවෙනි වරටත් පිටත්ව ගොස් බුදුන්වැඳ නැවතද නැවතුණේය. තෙවෙනි වරත් පිටත්ව ගොස් බුදුන් දැක නැවතුණේය. සතරවෙනිවර ඔහු පිටත්වූ කල ශාස්තෘන්වහන්සේ ශාක්‍යයන්ගේ පූර්වකර්මයන් දැක ඔවුන් ගංගාවකට විෂ මිශ්‍ර කිරීමේ පාපකර්මය නැවැත්විය නොහැකි බව දැනගෙන සතරවෙනි වර එහි නොවැඩියහ. විඩුඩහ ශාක්‍යයන් වනසා දමන්නෙමියි මහත් බලසේනා රැගෙන පිටත්විය.

සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පන ඤාතකා අසත‍්තඝාතකා නාම, අත‍්තනා මරන‍්තාපි පරෙසං ජීවිතං න වොරොපෙන‍්ති. තෙ චින‍්තයිංසු – “මයං සුසික‍්ඛිතා කතහත්‍ථා කතූපාසනා මහිස‍්සාසා, න ඛො පන සක‍්කා අම‍්හෙහි පරං ජීවිතා වොරොපෙතුං, අත‍්තනො කම‍්මං දස‍්සෙත්‍වා පලාපෙස‍්සාමා”ති තෙ කතසන‍්නාහා නික‍්ඛමිත්‍වා යුද‍්ධං ආරභිංසු. තෙහි ඛිත‍්තා සරා විටටූභස‍්ස පුරිසානං අන‍්තරන‍්තරෙන ගච‍්ඡන‍්ති, ඵලකන‍්තරකණ‍්ණඡිද‍්දන‍්තරාදීහි නික‍්ඛමන‍්ති. විටටූභො දිස‍්වා නනු භණෙ “සාකියා අසත‍්තඝාතකාම‍්හා”ති වදන‍්ති, අථ ච පන මෙ පුරිසෙ නාසෙන‍්තීති.

සම්මාසම්බුදුන්ගේ නෑයෝ ආයුධවලින් සෙස්සන් ඝාතනය කරන්නෝ නොවෙත්, තමන් මරාදැමුවත් අනුන් දිවි තොරකරන්නෝ නොවෙත්. එහෙයින් ඔවුහු, අපි දුනුශිල්පයෙහි පුරුදු, නිපුණ මහා ධනුර්ධරයෝ වෙමු. එහෙත් අප විසින් අනුන් මරාදැමීම කළ නොහැකිය. අපේ දස්කම් පෙන්වා පලවා හරිමුයයි සිතූහ. ඔවුහු සන්නාහ සන්නද්ධව පිටත්ව අවුත් යුද්ධය ආරම්භ කළහ. ඔවුන් විසින් විද හරිනලද ඊතල විඩුඩහයන්ගේ මිනිසුන් අතරින් යයි. පුවරු මැදින් කන්සිදුරු ආදිය මැදින්යයි. ඒ දුටු විඩුඩහ එම්බා සගයෙනි, ශාක්‍යයෝ අපි අසත්ථඝාතකයම්හයි කියති. එය එහෙම වුණත් ඔවුහු මගේ මිනිස්සු මරති.

අථ නං එකො පුරිසො ආහ – “කිං සාමි, නිවත‍්තිත්‍වා ඔලොකෙසී”ති? “සාකියා මෙ පුරිසෙ නාසෙන‍්තී”ති. “තුම‍්හාකං කොචි පුරිසො මතො නාම නත්‍ථි. ඉඞ‍්ඝ තෙ ගණාපෙථා”ති. ගණාපෙන‍්තො එකස‍්සපි ඛයං න පස‍්සි. සො තතො නිවත‍්තිත්‍වා “යෙ යෙ පන භණෙ ‘සාකියම‍්හා’ති භණන‍්ති, සබ‍්බෙ මාරෙථ, මාතාමහස‍්ස පන මහානාමසක‍්කස‍්ස සන‍්තිකෙ ඨිතානං ජීවිතං දෙථා”ති ආහ. සාකියා ගහෙතබ‍්බගහණං අපස‍්සන‍්තා එකච‍්චෙ තිණං ඩංසිත්‍වා, එකච‍්චෙ නළං ගහෙත්‍වා අට‍්ඨංසු. “තුම‍්හෙ සාකියා, නො”ති පුච‍්ඡිතා යස‍්මා තෙ මරන‍්තාපි මුසාවාදං න භණන‍්ති, තස‍්මා තිණං ඩංසිත්‍වා ඨිතා “නො සාකො, තිණ”න‍්ති වදන‍්ති. නළං ගහෙත්‍වා ඨිතා “නො සාකො, නළො”ති වදන‍්ති. යෙ ච මහානාමස‍්ස සන‍්තිකෙ ඨිතා, තෙ ච ජීවිතං ලභිංසු. තෙසු තිණං ඩංසිත්‍වා ඨිතා තිණසාකියා නාම, නළං ගහෙත්‍වා ඨිතා නළසාකියා නාම ජාතාති, විටටූභො අවසෙසෙ ඛීරපකෙපි දාරකෙ අවිස‍්සජ‍්ජෙත්‍වා ඝාතාපෙන‍්තො ලොහිතනදිං පවත‍්තෙත්‍වා තෙසං ගලලොහිතෙන ඵලකං ධොවාපෙසි. එවං සාකියවංසො විටටූභෙන උපච‍්ඡින‍්නො.

ඉන්පසු එක් මිනිසෙක් විඩුඩහට මෙසේ කීය. කිම ස්වාමීනි, ඔබ නැවතී එය බැලුවෙහිදි? ශාක්‍යයෝ මගේ මිනිසුන් නසතියි කියන්නේ ඇයි? ඔබගෙන් කිසිම පුරුෂයෙක් මැරුණ් නම් නැත. එය බාර නොගන්නෙහි නම් ගණනය කරවන්න. ගණන් කර බලන විට එකෙක් හෝ අඩුනොවීය. විඩුඩහ නැවතී, සගයෙනි, යමෙක් අපි ශාක්‍යයම්හයි කියත්ද, ඒ සියල්ලෝ ඉතිරි නොකර මරා දමව්. මගේ මුත්තණුවන්වූ මහානාම ශාක්‍යයන් ළඟ හුන් අයට ජීවිත දානය කරවු. ශාක්‍යයෝ අල්වාගැනීමට යමක් නොලැබ සමහරු තණපඳුරුද, තවත් සමහරු හුණදඬුද අල්ලාගෙන සිටියහ. තෙපි ශාක්‍යයන් නොවේදැයි ඇසූවිට, දිවිගියත් මුසාවාද නොකියන හෙයින් සත්‍යය කියති. තෙපි ශාක්‍යයෝද නැද්දැයි ඇසූ විට මරතත් බොරු නොකියන හෙයින් මේ ශාක්‍යයෝ නොවෙත්. තණයයි කියති. උණදඬු අල්ලා සිටියවුන් මේ ශාක්‍යයෝ නොවෙත්, උණදඬුයයි කියති. ඔවුනතර මහානාම ළඟ සිටි අය ජීවිතය ලැබූහ. ඔවුන්ගෙන් තෘණ ඩැහැගෙන සිටියවුන් ශාක්‍යයෝ නොවෙතියි කීනිසා ඔවුහුද, උණදඬු අල්ලා සිටිය අයද ජීවිත ලැබූහ. තණ ඩැහැගත්තවුන් තෘණශාක්‍ය යයිද උණදඬු (නළ) අල්ලාගෙන සිටියවුන් නළශාක්‍යයනැයිද නම් ලැබූහ. සෙසු කිරිබොන ළදරුවන්ගේ පටන් අත් නොහැර ඝාතනය කරමින් ලේගඟක් කොට ඔවුන්ගේ ගළලෝහිතයෙන් ඉඳගන්නා පුවරුව සෝදවාලූහ. මෙසේ ශාක්‍යවංශය විඩුඩහ විසින් සමූලඝාතනය කරන ලදි.

සො මහානාමසක‍්කං ගාහාපෙත්‍වා නිවත‍්තො “පාතරාසවෙලාය පාතරාසං කරිස‍්සාමී”ති එකස‍්මිං ඨානෙ ඔතරිත්‍වා භොජනෙ උපනීතෙ “එකතොව භුඤ‍්ජිස‍්සාමා”ති අය්‍යකං පක‍්කොසාපෙසි. ඛත‍්තියා පන ජීවිතං චජන‍්තාපි දාසිපුත‍්තෙහි සද‍්ධිං න භුඤ‍්ජන‍්ති. තස‍්මා මහානාමො එකං සරං ඔලොකෙත්‍වා “කිලිට‍්ඨගත‍්තොම‍්හි, න‍්හායිස‍්සාමි, තාතා”ති ආහ. “සාධු, අය්‍යක, න‍්හායථා”ති. සො “අයං මං එකතො අභුඤ‍්ජන‍්තං ඝාතෙස‍්සති, සයමෙව මෙ මතං සෙය්‍යො”ති කෙසෙ මුඤ‍්චිත්‍වා අග‍්ගෙ ගණ‍්ඨිං කත්‍වා කෙසෙසු පාදඞ‍්ගුට‍්ඨකෙ පවෙසෙත්‍වා උදකෙ නිමුජ‍්ජි. තස‍්ස ගුණතෙජෙන නාගභවනං උණ‍්හාකාරං දස‍්සෙසි. නාගරාජා “කිං නු ඛො”ති උපධාරෙන‍්තො තං ඤත්‍වා තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා තං අත‍්තනො ඵණෙ නිසීදාපෙත්‍වා නාගභවනං පවෙසෙසි.

හෙතෙම මහානාම ශාක්‍යයන් කැඳවාගෙන යනගමන් උදේ ආහාර ගන්නා වේලාවෙහි ආහාර ගන්නෙමියි එක් තැනක නැවතී බත්ගෙන ආ විට එක්ව කන්නෙමුයයි මුත්තාද එහි කැඳවීය. ක්ෂත්‍රියයෝ ජීවිතය ගියත් දාසීපුතුන් සමග එකට ආහාර නොබුදිත්, එහෙයින් මහානාම එක් විලක් දැක ඇඟ කිලිටිව ගොස් ඇත. පළමුකොට නාගන්නෙමියි කීය. ආර්‍ය්‍යයෙනි. මැනවි නහනු මැනවි. හෙතෙම මොහු මා සමග එක්ව ආහාර නොගනිතියි සිතා, මා මරා දමන්නේය, තමන්ම සියදිවි නසා ගැනීම යහපතැයි කෙස් මුදා එහි අග එක් ගැටයක් ගසා කෙල් පා ඇගිලිවල රඳවා දියෙහි ගිළුණේය. ඔහුගේ ගුණතෙදින් නාගලෝකය උණුසුම් ආකාරයක් ගත්තේය. නාරජු මේ කිමෙක්දැයි විමසා බලා ඔහු සමීපයට අවුත් ඔහු පෙණය මත තබාගෙන නාගහවනයට ප්‍රවිෂ්ඨ කරවීය.

සො ද‍්වාදස‍්ස වස‍්සානි තත්‍ථෙව වසි. විටටූභොපි “මය‍්හං අය්‍යකො ඉදානි ආගමිස‍්සති, ඉදානි ආගමිස‍්සතී”ති ආගමයමානොව නිසීදි. තස‍්මිං අතිචිරායන‍්තෙ සරං විචිනාපෙත්‍වා දීපාලොකෙන පුරිසබ‍්භන‍්තරානිපි ඔලොකෙත්‍වා අදිස‍්වා “ගතො භවිස‍්සතී”ති පක‍්කාමි. සො රත‍්තිභාගෙ අචිරවතිං පත්‍වා ඛන්‍ධාවාරං නිවාසෙසි. එකච‍්චෙ අන‍්තොනදියං වාලුකාපුලිනෙ නිපජ‍්ජිංසු, එකච‍්චෙ බහිථලෙ, අන‍්තොනිපන‍්නෙසුපි පුබ‍්බෙ අකතපාපකම‍්මා අත්‍ථි, බහිනිපන‍්නෙසුපි පුබ‍්බෙ කතපාපකම‍්මා අත්‍ථි, තෙසං නිපන‍්නට‍්ඨානෙසු කිපිල‍්ලිකා උට‍්ඨහිංසු. තෙ “මය‍්හං නිපන‍්නට‍්ඨානෙ කිපිල‍්ලිකා, මය‍්හං නිපන‍්නට‍්ඨානෙ කිපිල‍්ලිකා”ති උට‍්ඨහිත්‍වා අකතපාපකම‍්මා උත‍්තරිත්‍වා ථලෙ නිපජ‍්ජිංසු, කතපාපකම‍්මා ඔතරිත්‍වා වාලුකාපුලිනෙ නිපජ‍්ජිංසු.

හෙතෙම දොළොස් වසරක් එහිම විසීය. විඩුඩහ මගේ මුත්තා දැන් එතියි දැන්එතියි හිඳ ඔහු පමාවන හෙයින් ගෙදර සොයාබලවා පහන් එලියෙන් අන් අයගේ රෙදි අතර පවා බලවා නොදැක ඔහු යන්ට ඇතැයි ගියේය. හෙතෙම රාත්‍රි භාගයෙහි අචිරවතී ගඟ ළඟට පැමිණ එහි කඳවුරු බැඳ නැවතුණේය. සමහරු ගඟතුළ වැලිතලා මත්තෙහි වැදහොත්හ. සමහරු ගොඩ නිදාගත්හ. ගඟතුළ නිදාගත්තවුන් අතර පෙරපව් නොකළ අයදවූහ. පිටත සිටියවුන් අතර පෙර පව් කළවුන්ද වූහ. ඔවුන් නිදාගත් තැන්වල කඩියෝ නැගුණහ. ඔවුහු මා නිදාගත් තැන කඩියෝය, මා නිදාගත් තැන කඩියෝයයි නැගිට පව් නොකළ හෙයින් නැගිට ගොඩට ගොස් නිදාගත්හ. පව්කළ අය ගඟට බැස වැලිතලාවල නිදාගත්හ.

තස‍්මිං ඛණෙ මහාමෙඝො උට‍්ඨහිත්‍වා ඝනවස‍්සං වස‍්සි. නදියා ඔඝො ආගන‍්ත්‍වා විටටූභං සද‍්ධිං පරිසාය සමුද‍්දමෙව පාපෙසි. සබ‍්බෙ තත්‍ථ මච‍්ඡකච‍්ඡපභක‍්ඛා අහෙසුං.

එකෙණෙහිම මහා වැස්සක් තදබල ලෙස වැස්සේය. ගඟේ දියපහර අවුත් විඩූඩහත් සමග පිරිසද මුහුදට ගසාගියේය. සියල්ලෝ එහිදී මත්ස්‍ය කැසුබු ආදීන්ගේ ආහාර බවට පත්වූහ.

මහාජනො කථං සමුට‍්ඨාපෙසි “සාකියානං මරණං අයුත‍්තං, ‘එවං නාම කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා සාකියා මාරෙතබ‍්බා’ති අනනුච‍්ඡවිකමෙත”න‍්ති. සත්‍ථා තං කථං සුත්‍වා, “භික‍්ඛවෙ, ඉමස‍්මිං අත‍්තභාවෙ කිඤ‍්චාපි සාකියානං එවං මරණං අයුත‍්තං, පුබ‍්බෙ කතපාපකම‍්මවසෙන පන යුත‍්තමෙවෙතෙහි ලද‍්ධ”න‍්ති ආහ. “කිං පන, භන‍්තෙ, එතෙ පුබ‍්බෙ අකංසූ”ති? සබ‍්බෙ එකතො හුත්‍වා නදියං විසං පක‍්ඛිපිංසූති.

මේ අතර - මහාජනයා අතර ශාක්‍යයන් මෙසේ කඩුවලින් කොටකොටා මැරීම නුසුදුසුයි කථාවක් හටගත්තේය. මහණෙනි, මේ ආත්මභාවය අනුව නම් ශාක්‍යයන් මැරුණුහැටි එතරම් සුදුසු නැත. එහෙත් ඔවුන් පෙර කළකම් අනුව නම් එය යුතුම ආකාරයෙන් ඔවුන් විසින් ලබාගන්නා ලදැයි වදාළහ. ස්වාමීනි, මොවුන් පෙරකුමක් කරන ලද්දැයි විචාළෝය. මොවුහු එක්වී ගඟකට විෂ දමනලද්දාහුය.

පුනෙකදිවසං ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “විටටූභො එත‍්තකෙ සාකියෙ මාරෙත්‍වා ආගච‍්ඡන‍්තො අත‍්තනො මනොරථෙ මත්‍ථකං අප‍්පත‍්තෙයෙව එත‍්තකං ජනං ආදාය මහාසමුද‍්දෙ මච‍්ඡකච‍්ඡපභක‍්ඛො ජාතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “ඉමෙසං සත‍්තානං මනොරථෙ මත්‍ථකං අප‍්පත‍්තෙයෙව මච‍්චුරාජා සුත‍්තං ගාමං අජ‍්ඣොත්‍ථරන‍්තො මහොඝො විය ජීවිතින්‍ද්‍රියං ඡින්‍දිත්‍වා චතූසු අපායසමුද‍්දෙසු නිමුජ‍්ජාපෙතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

නැවත දිනක දම්සභාමණ්ඩපයේ කථාවක් ඇතිවිය. විඩූඩහ මෙතරම් ශාක්‍යයන් මරා ආවත් තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවී තිබෙද්දීම මෙතරම් පිරිසකුත් සමග මහමුහුදේ මසුන්ටත් කැසුබුවන්ටත් ආහාරයක්වූයේ ඇයිද යනු ඒ කථාවයි. බුදුරජාණන්වහන්සේ එහි වැඩමවා කිනම් කථාවක් කරමින් උන්නාහුදැයි විචාරා මෙනම් කථාවකිනුයි දැන්වූ කල්හි, මහණෙනි, මෙලොව සත්වයන්ගේ මනෝරථයන් මුදුන්පත් නොවීම, මරුවා අවුත්, නිදාසිටින ගමක් යටකරගෙන ගසායන මහගංවතුරක් මෙන් ජීවිතින්ද්‍රිය නැසී ගොස් සතර අපාය නමැති මුහුදේ ගිල්වාදමතියි වදාරා මේ ගාථාවද ප්‍රකාශකළහ.

“පුප‍්ඵානි හෙව පචිනන‍්තං, බ්‍යාසත‍්තමනසං නරං; සුත‍්තං ගාමං මහොඝොව, මච‍්චු ආදාය ගච‍්ඡතී”ති.

කම්සැපට ගිජුවී එයම සොයමින් ඇවිදින ඒ ඇලුම් උදෙසා දිවිය කැපකළ මිනිසා නොතිත් ආශා ඇතිකර එහිම වැනසීයයි උයනකට ගිය මල්කරු එහෙමෙහ දුවන්නා සේ නිදනා ගමක් යටකර වතුරෙන් ගසායනසේ මාරදිය පාරෙන් ගසාගොස් වැනසීයයි

තත්‍ථ බ්‍යාසත‍්තමනසං නරන‍්ති සම‍්පත‍්තෙ වා අසම‍්පත‍්තෙ වා ලග‍්ගමානසං. ඉදං වුත‍්තං හොති – යථා මාලාකාරො පුප‍්ඵාරාමං පවිසිත්‍වා “පුප‍්ඵානි පචිනිස‍්සාමී”ති තතො පුප‍්ඵානි ගහෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං වා ගච‍්ඡං පත්‍ථෙන‍්තො සකලෙ පුප‍්ඵාරාමෙ මනං පෙසෙති, “ඉතො චිතො ච පුප‍්ඵානි පචිනිස‍්සාමී”ති තතො පුප‍්ඵානි අග‍්ගහෙත්‍වා අඤ‍්ඤත්‍ථ මනං පෙසෙසි, තමෙව ගච‍්ඡං පචිනන‍්තො පමාදමාපජ‍්ජති, එවමෙව එකච‍්චො පුප‍්ඵාරාමසදිසං පඤ‍්චකාමගුණමජ‍්ඣං ඔතරිත්‍වා මනොරමං රූපං ලභිත්‍වා මනොරමානං සද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බානං අඤ‍්ඤතරං පත්‍ථෙති. අඤ‍්ඤො තෙසු වා අඤ‍්ඤතරං ලභිත්‍වා අඤ‍්ඤතරං පත්‍ථෙති, රූපමෙව වා ලභිත්‍වා අඤ‍්ඤං අපත්‍ථෙන‍්තො තමෙව අස‍්සාදෙති, සද‍්දාදීසු වා අඤ‍්ඤතරං. එසෙව නයො ගොමහිංසදාසිදාසඛෙත‍්තවත්‍ථුගාමනිගමජනපදාදීසු, පබ‍්බජිතානම‍්පි පරිවෙණවිහාරපත‍්තචීවරාදීසූති එවං පඤ‍්චකාමගුණසඞ‍්ඛාතානි පුප‍්ඵානි එව පචිනන‍්තං සම‍්පත‍්තෙ වා අසම‍්පත‍්තෙ වා කාමගුණෙ බ්‍යාසත‍්තමනසං නරං.

එහි බ්‍යාසත්තමනසං නරං යනු ලැබුණු දෙයෙහි හෝ නොලැබුණු දේවල ලැගී ඇලී සිටින මනසයි. යම්සේ මාලාකාරයෙක් මල්උයනකට පැමිණ මල් රැස්කරන්නෙමියි එයින් මල්නෙලාගෙන තවත් නොයෙක් මල්ගස් දැක සියලු මල් උයන කෙරෙහිම සිත යවයිද, මේ ගසිනුත් මල් ගනිමියි, මේ ගසිනුත් මල් ගනිමියි ඇවිදියිද, හමුවෙන මල්ගස් හැර වෙනත් ගස් කරා සිත යොදවයිද, මෙසේ ඒ ඒ ගස් කෙරෙහි සිත යොදවමින් ප්‍රමාද වෙයිද, මෙපරිද්දෙන් පුද්ගලයා මල්උයනක් වැනි පංචකාමගුණ මැදට බැස මනරම් රූපයක් ලැබී තවත් මනෝරම්‍ය ශබ්ද ගන්ධ රස ස්පර්ශයනුත් දැක විඳ එයින් නොයෙක් දේ ප්‍රාර්ථනා කෙරෙයිද, එයින් කුමක් හෝ ලබාගෙන තවත් එකක් ප්‍රාර්ථනා කරයිද, රූපයක්ම ලැබ අනිකක් ප්‍රාර්ථනා නොකර එයම ආස්වාදය කරයිද, ශබ්දාදිය කෙරෙහිත් එසේම පවතියිද, ගවමහිස දාසිදාස කෙත්වතුගම්නියම්ගම් ආදියෙහිත් මේ නයින්ම හැසිරෙයිද අනගාරික පැවිදි කෙනෙක්වූ විට පිරිවෙන් විහාර පාසිවුරු ආදියෙහි යථෝක්ත ක්‍රමයෙන්ම පවතීද, එසේ කාමගුණ සංඛ්‍යාත වූ මල්ම රැස්කරමින් ලැබූ නොලැබූ දේ ගැන බැඳුණු විසුරුණු සිත් ඇති මිනිසායි.

සුත‍්තං ගාමන‍්ති ගාමස‍්ස ගෙහභිත‍්තිආදීනං පන සුපනවසෙන සුපනං නාම නත්‍ථි, සත‍්තානං පන සුත‍්තපමත‍්තතං උපාදාය සුත‍්තො නාම හොති. එවං සුත‍්තං ගාමං ද‍්වෙ තීණි යොජනානි ආයතගම‍්භීරො මහොඝොව මච‍්චු ආදාය ගච‍්ඡති. යථා සො මහොඝො ඉත්‍ථිපුරිසගොමහිංසකුක‍්කුටාදීසු කිඤ‍්චි අනවසෙසෙත්‍වා සබ‍්බං තං ගාමං සමුද‍්දං පාපෙත්‍වා මච‍්ඡකච‍්ඡපභක‍්ඛං කරොති, එවමෙව බ්‍යාසත‍්තමනසං නරං මච‍්චු ආදාය ජීවිතින්‍ද්‍රියමස‍්ස ඡින්‍දිත්‍වා චතූසු අපායසමුද‍්දෙසු නිමුජ‍්ජාපෙතීති.

සුත්තංගාමං යුන ගමක ගෙවල් බිත්ති ආදියේ නිදාගැනීම් වශයෙන් නිදීමක් නැත. සත්වයන්ගේ නිදීම්මාත්‍රය සුප්ත නම් වෙයි. මෙසේ නිදා සිටින ගමක්, යොදුන් දෙකතුනක් පුළුල් ගැඹුරු මහගංවතුරක් වැනි මාරයා අවුත් ගසාගෙනයයි. ඒ මහ මාරගංවතුර ගෑණුමිනිසුන් ගවමහිසයන් කුකුළන් ආදි කිසිවෙකුත් ඉතිරි නොකර මුළු ගමම ගසාගෙන මුහුදට දමා ඒ සියලු අය මත්ස්‍ය කැසුබුවන්ගේ ආහාර බවට පත්කරයි. එමෙන් බ්‍යාත්සත්ත මනසක් (පස්කම්වල ඇළුණු බැඳුණු සිත) ඇති මිනිසා මරණය නමැති මරුවා අවුත් ඔහුගේ ජීවිතෙන්ද්‍රිය සිඳදමා සතරඅපා මුහුදුවල ගිල්වා දමන්නේය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පත‍්තා. මහාජනස‍්ස සාත්‍ථිකා දෙසනා ජාතාති.

දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියහ. මහජනයාට දේශනාව සාර්ථක විය.

විටටූභවත්‍ථු තතියං.

තුන්වන විඩුඩහ වස්තුවයි.