3. මරීචිකම්මට්ඨානිකත්ථෙරවත්ථු අට්ඨකථා
3. මරීචිකම්මට්ඨානිකත්ථෙරවත්ථු
3. මිරිඟුවක් කර්මස්ථාන කරගත් භික්ෂුවකගේ වස්තුව
ඵෙණූපමන්ති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො අඤ්ඤතරං මරීචිකම්මට්ඨානිකං භික්ඛුං ආරබ්භ කථෙසි.
ඵෙණූපමං යනාදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසයකරන කාලයෙහි මිරිඟුව කමටහනක් කරගත් එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කළසේක.
සො කිර භික්ඛු සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා, “සමණධම්මං කරිස්සාමී”ති අරඤ්ඤං පවිසිත්වා ඝටෙත්වා වායමිත්වා අරහත්තං පත්තුං අසක්කොන්තො “විසෙසෙත්වා කම්මට්ඨානං කථාපෙස්සාමී”ති සත්ථු සන්තිකං ආගච්ඡන්තො අන්තරාමග්ගෙ මරීචිං දිස්වා, “යථා අයං ගිම්හසමයෙ උට්ඨිතා මරීචි දූරෙ ඨිතානං රූපගතා විය පඤ්ඤායති, සන්තිකං ආගච්ඡන්තානං නෙව පඤ්ඤායති, අයං අත්තභාවොපි උප්පාදවයට්ඨෙන එවරූපො”ති මරීචිකම්මට්ඨානං භාවෙන්තො ආගන්ත්වා මග්ගකිලන්තො අචිරවතියං න්හායිත්වා එකස්මිං චණ්ඩසොතතීරෙ රුක්ඛඡායාය නිසින්නො උදකවෙගාභිඝාතෙන උට්ඨහිත්වා මහන්තෙ මහන්තෙ ඵෙණපිණ්ඩෙ භිජ්ජමානෙ දිස්වා, “අයං අත්තභාවොපි උප්පජ්ජිත්වා භිජ්ජනට්ඨෙන එවරූපොයෙවා”ති ආරම්මණං අග්ගහෙසි. සත්ථා ගන්ධකුටියං ඨිතොව තං ථෙරං දිස්වා, “එවමෙව, භික්ඛු, එවරූපොවායං අත්තභාවො ඵෙණපිණ්ඩො විය මරීචි විය උප්පජ්ජනභිජ්ජනසභාවොයෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
ඒ භික්ෂුව බුදුන් වෙතින් කමටහන් ගෙන මහණදම් පුරන්නෙමියි ආරණ්‍යයට ගොස් බොහෝ උත්සාහ කොටත් රහත්විය නොහැකිව විශේෂයෙන් කමටහන් කියවා ගනිමියි බුදුන් හමුවට එන අතරමග මිරිඟුවක් දැක, මේ මිරිඟුව ග්රීෂ්මකාලයේ නැගී ළඟ ඇති රූපයක් මෙන් පෙනෙයි. ළඟට ආවවුන්ට නොපෙනෙයි. මේ ආත්මභාවයද ඉපදීම් වැයවීම් වශයෙන් එසේම වන්නේයයි මරීචිකර්මස්ථානය වඩමින් අවුත් මාර්ගක්ලාන්තය ඇතිවී අචිරවතී ගඟෙන් නා එක් සැඩපහර පෙනෙන ගංඉවුරේ ගසක් යට හිඳගත්තේය. ජලවේගය ගැටීමෙන් උඩට නැගී කැඩිකැඩී යන මහත්වූ පෙණපිඩු දැක මේ ආත්මභාවයත් ඉපදී බිඳී යන්නේ ඒ ආකාරයෙනියි අරමුණු කරගත්තේය. බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩසිටිමින්ම ඒ තෙරුන් දැක, මහණ, ඒ එසේමයි. මේ ආත්මභාවයත් පෙණපිඩක් මෙන්, මිරිඟුවක් මෙන් උපදින බිඳෙන ස්වභාවය ඇත්තේයයි වදාරා මේ ගාථාවද වදාළසේක.
“ඵෙණූපමං කායමිමං විදිත්වා, මරීචිධම්මං අභිසම්බුධානො; ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි, අදස්සනං මච්චුරාජස්ස ගච්ඡෙ”ති.
පෙණ පිඩුවක් වැනි මේ කය මිරිඟුවකැයි හඳුනාගෙන මාරයාගෙ පස්කම් බැමි බිඳදා ජය ගන්නේ.
තත්ථ ඵෙණූපමන්ති ඉමං කෙසාදිසමූහසඞ්ඛාතං කායං අබලදුබ්බලට්ඨෙන අනද්ධනියතාවකාලිකට්ඨෙන ඵෙණපිණ්ඩසරික්ඛකොති විදිත්වා. මරීචිධම්මන්ති යථා මරීචි දූරෙ ඨිතානං රූපගතා විය ගය්හූපගා විය හොති, සන්තිකෙ උපගච්ඡන්තානං රිත්තා තුච්ඡා අගය්හූපගා සම්පජ්ජති, එවමෙව ඛණිකඉත්තරපච්චුපට්ඨානට්ඨෙන අයං කායොපි මරීචිධම්මොති අභිසම්බුධානො බුජ්ඣන්තො, ජානන්තොති අත්ථො. මාරස්ස පපුප්ඵකානීති මාරස්ස පපුප්ඵකසඞ්ඛාතානි තෙභූමකානි වට්ටානි අරියමග්ගෙන ඡින්දිත්වා ඛීණාසවො භික්ඛු මච්චුරාජස්ස අදස්සනං අවිසයං අමතමහානිබ්බානං ගච්ඡෙය්යාති.
එහි ඉමං යනු මේ කෙස් සමූහ සංඛ්‍යාත කායං අබල දුබල අස්ථිරකාය තාවකාලික වශයෙන් පෙණපිඩුවකට සමානයයි විදිත්වා දැන මරීචි ධම්මං යනු යම්සේ මිරිඟුව දුර සිටින විට රූපගතවීමක් මෙන් අතින් ගතහැක්කක් සේ වැටහෙයි. ළඟට එන්නාට එය රික්තයක් හිස් එකක් නැති එකක්සේ අතින් ගත නොහැක්කක් සේ වැටහෙයි. එසේම ක්ෂණිකව එකක් නැසී එකක් ඇතිවන අර්ථ වශයෙන් මේ කයද මිරිඟුවකට සමාන පැවතුම් ඇත්තේය. අභිසම්බුධානො යනු අවබෝධ කරන්නේ, දැනගන්නේ යන අර්ථයි. පපුප්ඵකානි යනු මාරයාගේ පපුප්ඵක නම්ලද ත්රෛභූමකවෘත්ත ආර්යමාර්ගඥානයෙන් සිඳදමා ක්ෂීණාශ්රව භික්ෂුව මාරරාජයාගේ දර්ශනයට හෙවත් මාරදැලට අසුනොවී, විෂය නොවී අමාමහ නිවනට පැමිණෙන්නේය.
ගාථාපරියොසානෙ ථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා සත්ථු සුවණ්ණවණ්ණං සරීරං ථොමෙන්තො වණ්ණෙන්තො වන්දන්තොව ආගතොති.
ගාථා කෙළවර තෙරණුවෝ ප්‍රතිසම්භිදා සහිතව රහත්බවට පැමිණ බුදුන්ගේ රන්වන් සිරුරට ස්තුති කරමින් වන්දනා කරමින් පැමිණියේය.
මරීචිකම්මට්ඨානිකත්ථෙරවත්ථු දුතියං.
දෙවන මිරිඟුවක් කර්මස්ථාන කරගත් භික්ෂුවකගේ වස්තුවයි.