යෙදුමෙන් කියවන්න

1-2. පථවිකථාපසුතපඤ‍්චසතභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

1-2. පථවිකථාපසුතපඤ‍්චසතභික‍්ඛුවත්‍ථු

1-2. පෘථුවි කථාවෙහි නියුතු පන්සීයක් භික්ෂූන්ගේ වස්තුව

කො ඉමං පථවිං විචෙස‍්සතීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො පථවිකථාපසුතෙ පඤ‍්චසතෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

කො ඉමං පඨවිං විජෙස්සති යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කාලයෙහි පොළොව පිළිබඳ කථාවෙහි නියැළී සිටි පන්සීයක් භික්ෂූන් අරභයා දේශනා කළසේක.

තෙ කිර භගවතා සද‍්ධිං ජනපදචාරිකං චරිත්‍වා ජෙතවනං ආගන‍්ත්‍වා සායන‍්හසමයෙ උපට‍්ඨානසාලායං සන‍්නිසින‍්නා අත‍්තනා ගතගතට‍්ඨානෙසු “අසුකගාමතො අසුකගාමගමනට‍්ඨානෙ සමං විසමං කද‍්දමබහුලං සක‍්ඛරබහුලං කාළමත‍්තිකං තම‍්බමත‍්තික”න‍්ති පථවිකථං කථෙසුං.

ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ සමග ජනපද චාරිකාවේ හැසිර දෙව්රමට අවුත් සවස්වේලෙහි උපස්ථාන ශාලාවෙහි එකතුව තමන් ගියගිය තැන්වල, තොරතුරු එනම් අසවල් ගමේ සිට අසවල්ගමට යන පාර සමවිසමයි. මඩ බහුලයි. කැටගල් බහුලයි. කළුමැටි සහිතයි. මැටි තඹපාටයි ආදි වශයෙන් පඨවීකථා කළාහුය.

සත්‍ථා ආගන‍්ත්‍වා, “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා, “භන‍්තෙ, අම‍්හෙහි විචරිතට‍්ඨානෙ පථවිකථායා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, එසා බාහිරපථවී නාම, තුම‍්හෙහි අජ‍්ඣුත‍්තිකපථවියං පරිකම‍්මං කාතුං වට‍්ටතී”ති වත්‍වා ඉමා ද‍්වෙ ගාථා අභාසි –

බුදුරදහු පැමිණ මහණෙනි, කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි විචාරා ස්වාමීනි අපි ඇවිද්ද තැන්වල පොළොව ගැන කථා කෙළෙමුයි කීකල මහණෙනි, මේ බාහිර පොළොවයි. තොප විසින් ආධ්‍යාත්මික පොළොව පිළිබඳ ප්‍රතිකර්මකිරීම වටනේයයි වදාරා මේ ගාථා දෙකද දෙසූසේක:

“කො ඉමං පථවිං විචෙස‍්සති, යමලොකඤ‍්ච ඉමං සදෙවකං; කො ධම‍්මපදං සුදෙසිතං, කුසලො පුප‍්ඵමිව පචෙස‍්සති.

අත්බැව් නමැති මෙපොළොව කවුරුද දන්නේ යමලොව සදෙව්ලොව ගැන කවුරුද දන්නේ මල් කරුවෙකු ලෙසින් හොඳමල් තෝරන්නේ කවුරුද සතිස් බෝපැකි දම්පද දන්නේ

“සෙඛො පථවිං විචෙස‍්සති, යමලොකඤ‍්ච ඉමං සදෙවකං; සෙඛො ධම‍්මපදං සුදෙසිතං, කුසලො පුප‍්ඵමිව පචෙස‍්සතී”ති.

හික්මීමෙන් කෙළවරවුණු උතුමයි මෙපොළොව දන්නේ යමලොව සහ සදෙව්ලොවත් ඒ උතුමාමයි දන්නේ දස්කම් ඇති මල්කරුමෙන් හොඳ මල්ටික තෝරන්නේ සේඛ නමැති උතුමයි සඳහම්පද නිසිලෙස දන්නේ

තත්‍ථ කො ඉමන‍්ති කො ඉමං අත‍්තභාවසඞ‍්ඛාතං පථවිං. විචෙස‍්සතීති අත‍්තනො ඤාණෙන විචිනිස‍්සති විජානිස‍්සති, පටිවිජ‍්ඣිස‍්සති, සච‍්ඡිකරිස‍්සතීති අත්‍ථො. යමලොකඤ‍්චාති චතුබ‍්බිධං අපායලොකඤ‍්ච. ඉමං සදෙවකන‍්ති ඉමං මනුස‍්සලොකඤ‍්ච දෙවලොකෙන සද‍්ධිං කො විචෙස‍්සති විචිනිස‍්සති විජානිස‍්සති පටිවිජ‍්ඣිස‍්සති සච‍්ඡිකරිස‍්සතීති පුච‍්ඡි. කො ධම‍්මපදං සුදෙසිතන‍්ති යථාසභාවතො කථිතත‍්තා සුදෙසිතං සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මසඞ‍්ඛාතං ධම‍්මපදං කුසලො මාලාකාරො පුප‍්ඵං විචිනන‍්තො විය කො පචෙස‍්සති විචිනිස‍්සති විජානිස‍්සති උපපරික‍්ඛිස‍්සති පටිවිජ‍්ඣිස‍්සති, සච‍්ඡිකරිස‍්සතීති අත්‍ථො. සෙඛොති අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛාති ඉමා තිස‍්සො සික‍්ඛා සික‍්ඛනතො සොතාපත‍්තිමග‍්ගට‍්ඨං ආදිං කත්‍වා යාව අරහත‍්තමග‍්ගට‍්ඨා සත‍්තවිධො සෙඛො ඉමං අත‍්තභාවසඞ‍්ඛාතං පථවිං අරහත‍්තමග‍්ගෙන තතො ඡන්‍දරාගං අපකඩ‍්ඪන‍්තො විචෙස‍්සති විචිනිස‍්සති විජානිස‍්සති පටිවිජ‍්ඣිස‍්සති සච‍්ඡිකරිස‍්සති. යමලොකඤ‍්චාති තං යථාවුත‍්තපකාරං යමලොකඤ‍්ච ඉමං මනුස‍්සලොකඤ‍්ච සහ දෙවෙහි සදෙවකං ස‍්වෙව විචෙස‍්සති විචිනිස‍්සති විජානිස‍්සති පටිවිජ‍්ඣිස‍්සති සච‍්ඡිකරිස‍්සති.

එහි කොඉමං යනු මේ ආත්මභාව නමැති පොළොව කවරෙක් දනිතිද? විජෙස්සති යනු තමන්ගේ ඥානයෙන් විශේෂයෙන් දනී, ප්‍රතිවේධ කරයි. සාක්ෂාත් කරයි යනු අර්ථයි. යමලොකඤ්ච යනු සතරාකාර අපාය ලෝකයයි. ඉමං සදෙවකං යනු දෙව්ලෝ සහිතමේ මිනිස්ලොව ගැන කවුරු නම් දනිත්ද? දිනත්ද, විශේෂයෙන් දැන ගනිත්ද, ප්‍රතිවේධ කෙරෙත්ද, සාක්ෂාත් කෙරෙත්දැයි විචාරයි. ධම්මපදං සුදෙසිතං යථාස්වභාවයෙන් කියනලද හෙයින් සත්තිස් බෝධිපාක්ෂිකධර්ම සංඛ්‍යාත ධම්මපදය දක්ෂ මල්කරු පුප්ඵං මල් රැස්කරන්නාක්මෙන් කො පචෙස්සති රැස්කරයි, විශේෂයෙන් දැනගනියි, පරීක්ෂා කෙරෙයි, ප්‍රතිවේධ කෙරෙයි. (අවබෝධ) සාක්ෂාත් කෙරෙයි යනු අර්ථයි. සෙඛො යනු අධිශීල, අධිචිත්ත අධිපඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගෙන් හික්මුණේ සෝවාන් මාර්ගස්ථයා (මගට පැමිණි) ආදිකොට ඇති අර්හත්මාර්ගයෙන් දැන එසේම ඡන්දරාගය කඩා දමන්නේ, විජෙස්සති යනු විශේෂයෙන් දිනයි. විශේෂයෙන් දැනගනී. ප්‍රතිවේධ කරයි. සාක්ෂාත් කරයි. යමලොකං ච යනු ඒ කියනලද ආකාර ඇති යමලෝකයද ඉමං මිනිස්ලොව හා දේවලෝකයෙහි සදෙවකං තමන්ම විශේෂයෙන් දැනගනී, ප්‍රතිවේධ කරයි. සාක්ෂාත් කරයි යන අර්ථයි.

සෙඛොති ස‍්වෙව සත‍්තවිධො සෙඛො, යථා නාම කුසලො මාලාකාරො පුප‍්ඵාරාමං පවිසිත්‍වා තරුණමකුළානි ච පාණකවිද‍්ධානි ච මිලාතානි ච ගණ‍්ඨිකජාතානි ච පුප‍්ඵානි වජ‍්ජෙත්‍වා සොභනානි සුජාතසුජාතානෙව පුප‍්ඵානි විචිනාති, එවමෙව ඉමං සුකථිතං සුනිද‍්දිට‍්ඨං බොධිපක‍්ඛියධම‍්මපදම‍්පි පඤ‍්ඤාය පචෙස‍්සති විචිනිස‍්සති උපපරික‍්ඛිස‍්සති පටිවිජ‍්ඣිස‍්සති සච‍්ඡිකරිස‍්සතීති සත්‍ථා සයමෙව පඤ‍්හං විස‍්සජ‍්ජෙසි.

සෙඛො යනු තමන්ම සප්තවිධවූ ශෛක්ෂ්‍යයන් මේ ආත්මභාවපොළොව යම්සේ කුසලො දක්ෂ මාලාකාරතෙම මල්උයනකට පිවිසී මුහුකළ කැකුළුද, පණුවිදිමල්ද, මැලවීගියමල්ද, කොරඩෑවුණුමල්ද හැරදමා ශෝභනවූ යහපත් ලෙස පිපීගිය මල්ම එකතු කෙරෙයිද, එසේම මොවුන් විසින් කියනලද අතිශයින්ම සම්පූර්ණවූ බෝධිපාක්ෂික ධර්මයන්ද ප්‍රඥාවෙන් පචෙස්සති රැස්කරයි. පරීක්ෂාකරයි. ප්‍රතිවේධ කරයි. සාක්ෂාත් කරයි යනුවෙන් ශාස්තෘන්වහන්සේ තමන්ම ප්‍රශ්න විසඳාලූසේක.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි භික‍්ඛූ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිංසු. සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයෙහි පන්සීයක් භික්ෂූහු පටිසම්භිදා සහිතව රහත්බවට පැමිණියහ. ධර්මදේශනාව සාර්ථක විය.

පථවිකථාපසුතපඤ‍්චසතභික‍්ඛුවත්‍ථු පඨමං.

පළමුවන පෘථුවි කථාවෙහි නියුතු පන්සීයක් භික්ෂූන්ගේ වස්තුවයි.