11. සොරෙය්‍යත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා
11. සොරෙය්‍යත්‍ථෙරවත්‍ථු
11. සොරෙය්‍ය තෙරුන්ගේ වස්තුව
න තං මාතා පිතා කයිරාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං ජෙතවනෙ විහරන‍්තො සොරෙය්‍යත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.
න තං මාතා පිතා කයිරා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සෝරෙය්‍යනගරයෙහි දී උපදවා සැවැත්නුවරදී නිමවන ලදහ.
වත්‍ථු සොරෙය්‍යනගරෙ සමුට‍්ඨිතං, සාවත්‍ථියං නිට‍්ඨාපෙසි. සම‍්මාසම‍්බුද‍්ධෙ සාවත්‍ථියං විහරන‍්තෙ සොරෙය්‍යනගරෙ සොරෙය්‍යසෙට‍්ඨිපුත‍්තො එකෙන සහායකෙන සද‍්ධිං සුඛයානකෙ නිසීදිත්‍වා මහන‍්තෙන පරිවාරෙන න‍්හානත්‍ථාය නගරා නික‍්ඛමි. තස‍්මිං ඛණෙ මහාකච‍්චායනත්‍ථෙරො සොරෙය්‍යනගරං පිණ‍්ඩාය පවිසිතුකාමො හුත්‍වා බහිනගරෙ සඞ‍්ඝාටිං පාරුපති. ථෙරස‍්ස ච සුවණ‍්ණවණ‍්ණං සරීරං. සොරෙය්‍යසෙට‍්ඨිපුත‍්තො තං දිස‍්වා චින‍්තෙසි – “අහො වත අයං වා ථෙරො මම භරියා භවෙය්‍ය, මම වා භරියාය සරීරවණ‍්ණො එතස‍්ස සරීරවණ‍්ණො විය භවෙය්‍යා”ති. තස‍්ස චින‍්තිතමත‍්තෙයෙව පුරිසලිඞ‍්ගං අන‍්තරධායි, ඉත්‍ථිලිඞ‍්ගං පාතුරහොසි. සො ලජ‍්ජමානො යානකා ඔරුය‍්හ පලායි. පරිජනො තං අසඤ‍්ජානන‍්තො “කිමෙත”න‍්ති ආහ. සාපි තක‍්කසිලමග‍්ගං පටිපජ‍්ජි. සහායකොපිස‍්සා ඉතො චිතො ච විචරිත්‍වාපි නාද‍්දස. සබ‍්බෙ න‍්හායිත්‍වා ගෙහං අගමිංසු. “කහං සෙට‍්ඨිපුත‍්තො”ති ච වුත‍්තෙ, “න‍්හත්‍වා ආගතො භවිස‍්සතීති මඤ‍්ඤිම‍්හා”ති වදිංසු. අථස‍්ස මාතාපිතරො තත්‍ථ තත්‍ථ පරියෙසිත්‍වා අපස‍්සන‍්තා රොදිත්‍වා පරිදෙවිත්‍වා, “මතො භවිස‍්සතී”ති මතකභත‍්තං අදංසු. සා එකං තක‍්කසිලගාමිං සත්‍ථවාහං දිස‍්වා යානකස‍්ස පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධි.
සම්මාසම්බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි සොරෙය්‍යනුවරෙහි සොරෙය්‍යසිටුපුත් තෙමේ එක් යහළුවකු සමග සුවපහසු යහනාවක හිඳගෙන මහත් පිරිවර සහිතව නෑම පිණිස නුවරින් නික්මුණේය. ඒ වේලාවෙහි මහාකච්චායන තෙරණුවෝ සොරෙය්‍ය නගරයෙහි පිඬු පිණිස හැසිරෙනු කැමැත්තෙන් නුවරින් පිටත සිට සංඝාටිය පෙරවන සේක. තෙරුන්ගේ සිරුර රන්වන්ය. සොරෙය්‍යසිටුපුත්‍රයා ඒ සිරුර දැක, අනේ මේ තෙරණුවෝ මගේ භාර්යාව වන්නේ නම්, මගේම භාර්යාවගේ හෝ ශරීරවර්ණය මොහුගේ ශරීරවර්ණය මෙන් වන්නේ නම් කෙතරම් අගේදැයි සිතීය. ඔහු එසේ සිතනවාත් සමගම ඔහුගේ පුරුෂලිංගය අතුරුදහන් වී ස්ත්‍රීලිංගය පහළ විය. හෙතෙම ලැජ්ජාවට පත්ව යානයෙන් බැස පලාගියේය. පිරිවර ජනයෝ ඒ කිමෙක්දැයි නොදැන මේ කිමෙක් දැයි ඇසූහ. ඈ ගොස් තක්ෂශිලාමලට වැටුණාය. ඇගේ යාළුවාද ඔබ මොබ සොයා බැලුවත් නොදැක්කේය. සියලුදෙනාම වහා ගෙවල්වලට ගියහ. සිටුපුතා කොයිදැයි ඇසූ විට නාගෙන ආවේයයි අපි සිතුවෙමුයි පිළිතුරු දුන්හ. ඉන්පසු ඔහුගේ මවුපියෝ එහි සොයා බලා නොදැක හඬා වැළපී මැරෙන්නට ඇතියි සිතා මතක දන් දුන්හ. ඈ තක්ෂශිලාවට යන එක් ගැල්රංචුවක් දැක ඒ ගැල් පසුපසින් ගියාය.
අථ නං මනුස‍්සා දිස‍්වා, “අම‍්හාකං යානකස‍්ස පච‍්ඡතො පච‍්ඡතො අනුගච‍්ඡති, මයං ‘කස‍්සෙසා දාරිකා’ති තං න ජානාමා”ති වදිංසු. සාපි “තුම‍්හෙ අත‍්තනො යානකං පාජෙථ, අහං පදසා ගමිස‍්සාමී”ති ගච‍්ඡන‍්තී අඞ‍්ගුලිමුද‍්දිකං දත්‍වා එකස‍්මිං යානකෙ ඔකාසං කාරෙසි. මනුස‍්සා චින‍්තයිංසු – “තක‍්කසිලනගරෙ අම‍්හාකං සෙට‍්ඨිපුත‍්තස‍්ස භරියා නත්‍ථි, තස‍්ස ආචික‍්ඛිස‍්සාම, මහාපණ‍්ණාකාරො නො භවිස‍්සතී”ති. තෙ ගෙහං ගන‍්ත්‍වා, “සාමි, අම‍්හෙහි තුම‍්හාකං එකං ඉත්‍ථිරතනං ආනීත”න‍්ති ආහංසු. සො තං සුත්‍වා තං පක‍්කොසාපෙත්‍වා අත‍්තනො වයානුරූපං අභිරූපං පාසාදිකං දිස‍්වා උප‍්පන‍්නසිනෙහො ගෙහෙ අකාසි. පුරිසා හි ඉත්‍ථියො, ඉත්‍ථියො වා පුරිසා අභූතපුබ‍්බා නාම නත්‍ථි. පුරිසා හි පරස‍්ස දාරෙසු අතිචරිත්‍වා කාලං කත්‍වා බහූනි වස‍්සසතසහස‍්සානි නිරයෙ පච‍්චිත්‍වා මනුස‍්සජාතිං ආගච‍්ඡන‍්තා අත‍්තභාවසතෙ ඉත්‍ථිභාවං ආපජ‍්ජන‍්ති.
ඉන්පසු මිනිස්සු තම ගැල් පිටුපසින් ඈ එනු දැක, මෑ කාගේ දැරියක්දැයි කථා කළහ. නුඹලා තමන්ගේ ගැල් දක්කාගෙන යන්න. මම පයින් එන්නෙමියි කියා ඇඟිලිමුදුව ගළවා දී එක් ගැළක අවකාශ ලබා ගත්තාය. මිනිස්සු මෙසේ සිතූහ. තක්ෂශිලාවේ අපේ සිටුපුත්‍රයාට බිරියක් නැත. මෑ ගැන ඔහුට කියමු. අපට එය මහාලාභයක් වන්නේය. ඔවුහු සිටුදෙරට ගොස් ස්වාමීනි, ඔබට එක් ස්ත්‍රීරත්නයක් ගෙනාවෙමුයි කීවාහුය. සිටුපුත්‍රයා ඒ අසා ඈත් ඔවුනුත් කැඳවා තමන්ගේ වයසට ගැළපෙන අභිරූපී ඈ දැක උපන් ස්නේහ ඇතිව සිය ගෙදර නවතා ගත්තේය. සසරෙහි මිනිස්සු ගැහැණුන් බවටත්, ගැහැණු මිනිසුන් බවටත් පත්වීම නොවූ දෙයක් නොවේ. මිනිස්සු පරදාර සේවනය කොට මැරී ගොස් බොහෝ වර්ෂ සියදහස් ගණන් නිරයේ පැසී මිනිස්ජාතියෙහි ඉපදෙන විට ආත්මභාව සිය ගණන් ස්ත්‍රීභාවයට පත් වෙති.
ආනන්‍දත්‍ථෙරොපි කප‍්පසතසහස‍්සං පූරිතපාරමී අරියසාවකො සංසාරෙ සංසරන‍්තො එකස‍්මිං අත‍්තභාවෙ කම‍්මාරකුලෙ නිබ‍්බත‍්තො. පරදාරකම‍්මං කත්‍වා නිරයෙ පච‍්චිත්‍වා පක‍්කාවසෙසෙන චුද‍්දසසු අත‍්තභාවෙසු පුරිසස‍්ස පාදපරිචාරිකා ඉත්‍ථී අහොසි, සත‍්තසු අත‍්තභාවෙසු බීජුද‍්ධරණං පාපුණි. ඉත්‍ථියො පන දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා ඉත්‍ථිභාවෙ ඡන්‍දං විරාජෙත්‍වා, “ඉදං නො පුඤ‍්ඤං පුරිසත‍්තභාවපටිලාභාය සංවත‍්තතූ”ති චිත‍්තං අධිට‍්ඨහිත්‍වා කාලං කත්‍වා පුරිසත‍්තභාවං පටිලභන‍්ති, පතිදෙවතා හුත්‍වා සාමිකෙ සම‍්මාපටිපත‍්තිවසෙනාපි පුරිසත‍්තභාවං පටිලභන‍්තෙව.
ආනන්ද තෙරණුවෝත් කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති ආර්යශ්‍රාවකයකු වූ නමුත් සසර සැරි සරා එන අතර එක් ආත්මභාවයකදී කඹුරු කුලයක ඉපදී පරදාර කර්මය කොට නිරයේ පැසී අවසානයෙහි තුදුස් ආත්මභාවයක් අනුන්ගේ පාදපරිචාරිකාවක්-ස්ත්‍රියක් වූවාය. ආත්මභාව සතක් බීජෝද්ධරණයට (ආණ්ඩකෝෂ ඉවත්කර දැමීමට) පත්විය. ස්ත්‍රීහු වනාහි දානාදි පින්කම් කොට ස්ත්‍රීභාවයෙහි කැමැත්ත හැරදමා තමා කළ මේ පින පුරුෂාත්මභාවයක් ලබා ගැනීමට හේතුවේවායි ප්‍රාර්ථනා කොට මිය ගොස් පුරුෂාත්මභාව ලබා ගනිත්. සැමියා දෙවියකු හැටියට ගෙන සැමියා කෙරෙහි මනා ඇවතුම් පැවතුම් කිරීම් වශයෙනුදු පුරුෂාත්මභාව ලබන්නියෝද වෙති.
අයං පන සෙට‍්ඨිපුත‍්තො ථෙරෙ අයොනිසො චිත‍්තං උප‍්පාදෙත්‍වා ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ ඉත්‍ථිභාවං පටිලභි. තක‍්කසිලායං සෙට‍්ඨිපුත‍්තෙන සද‍්ධිං සංවාසමන්‍වාය පන තස‍්සා කුච‍්ඡියං ගබ‍්භො පතිට‍්ඨාසි. සා දසමාසච‍්චයෙන පුත‍්තං ලභිත්‍වා තස‍්ස පදසා ගමනකාලෙ අපරම‍්පි පුත‍්තං පටිලභි. එවමස‍්සා කුච‍්ඡියං වුත්‍ථා ද‍්වෙ, සොරෙය්‍යනගරෙ තං පටිච‍්ච නිබ‍්බත‍්තා ද‍්වෙති චත‍්තාරො පුත‍්තා අහෙසුං.
මේ සිටුපුත්‍රයා තෙරුන්වහන්සේ කෙරෙහි විකෘති සිහියක් උපදවා ගෙන මේ ආත්මභාවයේදීම ස්ත්‍රී භාවය ලැබීය. තක්ෂශිලාවේ සිටුපුත්‍රයා සමග සංවාසයට පැමිණි ඇගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඈ දසමසක් ගෙවා පුතකු ලැබුවාය. ඒ දරුවා ඇවිදින වයසට පත්කාලයට තවත් පුතකු ලැබුවාය. මෙසේ ඇගේ කුසෙන් දරුවන් දෙදෙනකු ලැබුවාය. සොරෙය්‍ය නගරයෙහිදී, ඔහු පිරිමියකුව සිටි කාලයේ ඔහුට දාව ලැබූ දරුවන් දෙදෙනාත් සමග සිව්දෙනෙක් වූවාහුය.
තස‍්මිං කාලෙ සොරෙය්‍යනගරතො තස‍්සා සහායකො සෙට‍්ඨිපුත‍්තො පඤ‍්චහි සකටසතෙහි තක‍්කසිලං ගන‍්ත්‍වා සුඛයානකෙ නිසින‍්නො නගරං පාවිසි. අථ නං සා උපරිපාසාදතලෙ වාතපානං විවරිත්‍වා අන‍්තරවීථිං ඔලොකයමානා ඨිතා දිස‍්වා සඤ‍්ජානිත්‍වා දාසිං පෙසෙත්‍වා පක‍්කොසාපෙත්‍වා මහාතලෙ නිසීදාපෙත්‍වා මහන‍්තං සක‍්කාරසම‍්මානං අකාසි. අථ නං සො ආහ – “භද‍්දෙ, ත්‍වං ඉතො පුබ‍්බෙ අම‍්හෙහි න දිට‍්ඨපුබ‍්බා, අථ ච පන නො මහන‍්තං සක‍්කාරං කරොසි, ජානාසි ත්‍වං අම‍්හෙ”ති. “ආම, සාමි, ජානාමි, නනු තුම‍්හෙ සොරෙය්‍යනගරවාසිනො”ති? “ආම, භද‍්දෙ”ති. සා මාතාපිතූනඤ‍්ච භරියාය ච පුත‍්තානඤ‍්ච අරොගභාවං පුච‍්ඡි. ඉතරො “ආම, භද‍්දෙ, අරොගා”ති වත්‍වා “ජානාසි ත්‍වං එතෙ”ති ආහ. “ආම සාමි, ජානාමි. තෙසං එකො පුත‍්තො අත්‍ථි, සො කහං, සාමී”ති? “භද‍්දෙ, මා එතං කථෙහි, මයං තෙන සද‍්ධිං එකදිවසං සුඛයානකෙ නිසීදිත්‍වා න‍්හායිතුං නික‍්ඛන‍්තා නෙවස‍්ස ගතිං ජානාම, ඉතො චිතො ච විචරිත්‍වා තං අදිස‍්වා මාතාපිතූනං ආරොචයිම‍්හා, තෙපිස‍්ස රොදිත්‍වා කන්‍දිත්‍වා පෙතකිච‍්චං කිරිංසූ”ති.
එකල ඇගේ යහළුසිටුපුත්‍රයා සොරෙය්‍යනගරයේ සිට ගැල්පන්සීයකින් තක්ෂශිලාවට ගොස් සැප යහනාවක හිඳ නුවරට ඇතුල් විය. ප්‍රාසාදයේ ඉහළමහලේ සිටි ඈ කවුළු හැර දමා ඇතුල්වීථිය බලන විට ඒ යහළු සිටු පුත්‍රයා දැක හැඳින දාසියක් යවා ඔහු කැඳවා මහල්තලයෙහි වාඩි කරවා සත්කාර සම්මාන කළාය. සිටුපුත්‍රයා ඈ අමතා, සොඳුර, ඔබ මින්පෙර අප දැක නැත. එසේ වුවත් ඔබ අපට මහත් සත්කාර කරන්නෙහිය. ඔබ අප ගැන දන්නෙහිදැයි ඇසීය. ස්වාමීනි, එසේය. මම ඔබ හඳුනමි. ඔබ සොරෙය්‍යනුවර වැසියෙක් නේද? සොඳුර, එසේය. ඈ තම මවුපියන්, බිරිය, සහ පුතුන්ගේ සුවදුක් විචාළාය. අනිත් තැනැත්තා. එසේය සොඳුර. ඒ සියල්ලෝ සුවසේය. ඔබ ඒ අය දන්නෙහිදැයි ඇසුවේය. එසේය ස්වාමීනි, මම ඔවුන් ගැන දනිමි. ඒ මවුපියන්ට එක් පුතෙක් ඇති. ඔහු දැන් කොහේදැයි ඇසුවාය. සොඳුර, ඔහු ගැන කථා නොකරව. මම දිනක් සැප යහනක හිඳ නාන්ට යන අතර, ඔහු ගිය තැනක් නොදනිමි. හැම තැනම බලා ඔහු නොදැක ඒ බව මවුපියන්ට දැන්වූවෙමි. ඔවුහුද ඔහු ගැන හඬා වැළපී මළේ යයි සිතා මළවුන් වෙනුවෙන් කළයුතු දේ කළහ.
“අහං සො, සාමී”ති. “අපෙහි, භද‍්දෙ, කිං කථෙසි මය‍්හං සහායො දෙවකුමාරො විය එකො පුරිසො”ති? “හොතු, සාමි, අහං සො”ති. “අථ ඉදං කිං නාමා”ති? “තං දිවසං තෙ අය්‍යො මහාකච‍්චායනත්‍ථෙරො දිට‍්ඨො”ති? “ආම, දිට‍්ඨො”ති. අහං අය්‍යං මහාකච‍්චායනත්‍ථෙරං ඔලොකෙත්‍වා, “අහො වත අයං වා ථෙරො මම භරියා භවෙය්‍ය, එතස‍්ස වා සරීරවණ‍්ණො විය මම භරියාය සරීරවණ‍්ණො භවෙය්‍යා”ති චින‍්තෙසිං. චින‍්තිතක‍්ඛණෙයෙව මෙ පුරිසලිඞ‍්ගං අන‍්තරධායි, ඉත්‍ථිලිඞ‍්ගං පාතුභවි. අථාහං ලජ‍්ජමානා කස‍්සචි කිඤ‍්චි වත‍්තුං අසක‍්කුණිත්‍වා තතො පලායිත්‍වා ඉධාගතා, සාමීති.
ස්වාමීනි, ඒ සිටුපුතා නම් මම යයි ඈ කී විට, සොඳුර නිකම් සිටුව. නුඹ කුමක් කියන්නීද? මගේ යහළුවා දෙව්කුමරකු වැනි එක් පිරිමියෙකි. එය විය හැකියි හිමියනි, නමුත් ඒ කුමරා නම් මම යයි කීවාය. ඉතින් එය එසේ නම් දැන් මේ කුමක් සිදුවී තිබෙයිද? එදින ඔබ මහාකච්චාන ආර්යයන්වහන්සේ දැක්කෙහිද, මම මහාකච්චානතෙරුන්ගේ රන්වන් සිරුර බලා අනේ මේ තෙරුන් මගේ භාර්යාව වන්නේ නම් හෝ මුන්වහන්සේගේ ශරීරවර්ණය මගේ භාර්යාවට ලැබෙන්නේ නම් හෝ ඉතා යෙහෙකැයි සිතීමි. එසේ සිතූ කෙණෙහිම මගේ පුරුෂලිංගය අතුරුදහන් විය. ස්ත්‍රීලිංගය පහළ විය. ඉන්පසු මම ලජ්ජාවෙන් කිසිවකුට ඒ බව දැන්වීමට නොහැකිව පලාගොස් මෙහි පැමිණියෙමියි කීවාය.
“අහො වත තෙ භාරියං කම‍්මං කතං, කස‍්මා මය‍්හං නාචික‍්ඛි, අපිච පන තෙ ථෙරො ඛමාපිතො”ති? “න ඛමාපිතො, සාමි. ජානාසි පන ත්‍වං කහං ථෙරො”ති? “ඉමමෙව නගරං උපනිස‍්සාය විහරතී”ති. “සචෙ පිණ‍්ඩාය චරන‍්තො ඉධාගච‍්ඡෙය්‍ය, අහං මම අය්‍යස‍්ස භික‍්ඛාහාරං දදෙය්‍යං, සාමී”ති. “තෙන හි සීඝං සක‍්කාරං කරොහි, අම‍්හාකං අය්‍යං ඛමාපෙස‍්සාමා”ති සො ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො, “භන‍්තෙ, ස‍්වෙ මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති ආහ. “නනු ත්‍වං, සෙට‍්ඨිපුත‍්ත, ආගන‍්තුකොසී”ති. “භන‍්තෙ, මා අම‍්හාකං ආගන‍්තුකභාවං පුච‍්ඡථ, ස‍්වෙ මෙ භික‍්ඛං ගණ‍්හථා”ති. ථෙරො අධිවාසෙසි, ගෙහෙපි ථෙරස‍්ස මහාසක‍්කාරො පටියත‍්තො. ථෙරො පුනදිවසෙ තං ගෙහද‍්වාරං අගමාසි. අථ නං නිසීදාපෙත්‍වා පණීතෙනාහාරෙන පරිවිසිත්‍වා සෙට‍්ඨිපුත‍්තො තං ඉත්‍ථිං ගහෙත්‍වා ථෙරස‍්ස පාදමූලෙ නිපජ‍්ජාපෙත්‍වා, “භන‍්තෙ, මය‍්හං සහායිකාය ඛමථා”ති ආහ. “කිමෙත”න‍්ති? “අයං, භන‍්තෙ, පුබ‍්බෙ මය‍්හං පියසහායකො හුත්‍වා තුම‍්හෙ ඔලොකෙත්‍වා එවං නාම චින‍්තෙසි, අථස‍්ස පුරිසලිඞ‍්ගං අන‍්තරධායි, ඉත්‍ථිලිඞ‍්ගං පාතුභවි, ඛමථ, භන‍්තෙ”ති. “තෙන හි උට‍්ඨහථ, ඛමාමි වො අහ”න‍්ති. ථෙරෙන “ඛමාමී”ති වුත‍්තමත‍්තෙයෙව ඉත්‍ථිලිඞ‍්ගං අන‍්තරධායි, පුරිසලිඞ‍්ගං පාතුභවි.
අහෝ ඔබ බැරෑරුම් ක්‍රියාවක් කෙළෙහිය. මට නොදැන්නුවේ ඇයි? ඉතින් ඔබ තෙරුන්ගෙන් සමාව ගත්තෙහිද? ස්වාමීනි ක්ෂමා කරගත්තේ නැත. ඔබ ඒ තෙරුන් සිටින තැන දන්නෙහිද? උන්වහන්සේ මේ නගරය සමීපයෙහිම සිටිති. ඉදින් පිණ්ඩචර්යාවෙහි වඩින ගමන් මෙහි වැඩියොත් මම ආර්යයන් වහන්සේට භික්ෂාහාරය දෙන්නෙමි ස්වාමීනියි ඈ කීවාය. එසේනම් වහා සත්කාර කරව. අපේ ආර්යයන් ක්ෂමා කරවන්නෙමි. තෙරුන් වෙසෙන තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි, හෙට මගේ භික්ෂා පිළිගනු මැනවැයි කීය. සිටුපුත, ඔබ මෙහි ආගන්තුකයෙක් නොවේ ද, ස්වාමීනි, අපේ ආගන්තුක බව නොවිචාරනු මැනවි. හෙට මගේ භික්ෂාව පිළිගනු මැනවි. තෙරණුවෝ ආරාධනය භාරගත්හ. සිටු ගෙදරද තෙරුන් උදෙසා මහා සත්කාරයක් පිළියෙල විය. තෙරණුවෝ දෙවෙනි දිනයේ ඒ ගෙදරට වැඩියහ. ඉන්පසු උන්වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත ආහාර වළඳවා සිටුපුත්‍රයා ඒ ස්ත්‍රිය ගෙන තෙරුන් පාමුල හිඳුවා ස්වාමීනි, මගේ යෙහෙළිණියට සමාව දෙනු මැනවැයි ඉල්ලා සිටියේය. මේ මොකද? තෙරණුවෝ ඇසූහ. ස්වාමීනි, මෝතොමෝ පෙර මගේ ප්‍රිය යහළුවෙකි. ඔබවහන්සේගේ සිරුර දෙස බලා මෙබඳු සිතක් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහුගේ පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රීලිංගය පහළ විය, අනේ ස්වාමීනි ඈට ක්ෂමාව දුන මැනවි. එසේනම් නැගිටින්න. මම තොපට සමාව දෙන්නෙමි. තෙරුන්වහන්සේ, (ඛමාමි) සමාව දෙමියි කී හැටියේම ස්ත්‍රීලිංගය අතුරුදහන් විය. පුරුෂලිංගය පහළ විය.
පුරිසලිඞ‍්ගෙ පාතුභූතමත‍්තෙයෙව තං තක‍්කසිලාය සෙට‍්ඨිපුත‍්තො ආහ – “සම‍්ම සහායක, ඉමෙ ද‍්වෙ දාරකා තව කුච‍්ඡියං වුත්‍ථත‍්තා මං පටිච‍්ච නිබ‍්බත‍්තත‍්තා උභින‍්නම‍්පිනො පුත‍්තා එව, ඉධෙව වසිස‍්සාම, මා උක‍්කණ‍්ඨී”ති. “සම‍්ම, අහං එකෙනත‍්තභාවෙන පඨමං පුරිසො හුත්‍වා ඉත්‍ථිභාවං පත්‍වා පුන පුරිසො ජාතොති විප‍්පකාරප‍්පත‍්තො, පඨමං මං පටිච‍්ච ද‍්වෙ පුත‍්තා නිබ‍්බත‍්තා, ඉදානි මෙ කුච‍්ඡිතො ද‍්වෙ පුත‍්තා නික‍්ඛන‍්තා, ස‍්වාහං එකෙනත‍්තභාවෙන විප‍්පකාරප‍්පත‍්තො, පුන ‘ගෙහෙ වසිස‍්සතී’ති සඤ‍්ඤං මා කරි, අහං මම අය්‍යස‍්ස සන‍්තිකෙ පබ‍්බජිස‍්සාමි. ඉමෙ ද‍්වෙ දාරකා තව භාරාති, ඉමෙසු මා පමජ‍්ජී”ති වත්‍වා පුත‍්තෙ සීසෙ පරිචුම‍්බිත්‍වා පරිමජ‍්ජිත්‍වා උරෙ නිපජ‍්ජාපෙත්‍වා පිතු නිය්‍යාදෙත්‍වා නික‍්ඛමිත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජ‍්ජං යාචි.
පුරුෂලිංගය පහළවූ හැටියේම ඔහුට තක්ෂශිලාවේ සිටුපුත්‍රයා, යහළු සහායකය. මේ දරුවෝ දෙදෙන ඔබේ කුසෙන් පිළිසිඳගත් හෙයින් මා නිසා උපන් හෙයින් ඒ පුතුන් දෙදෙනා සමග මෙහිම වසමු. කලනොකිරෙනු මැනවියි කීවේය. යහළුව, මම එක් අත්බවකදීම පළමුව පුරුෂයෙක්ව යළි ස්ත්‍රියක වී නැවත පුරුෂයකු බවට පත් වී කලකිරුණෙමි. පළමුව මට දාව මේ පුතුන් දෙදෙනා උපන්හ. ඒ මම එකම ආත්මභාවයක ඇති විප්‍රකාරයට පැමිණියෙමි. නැවත ගෙදර වසන්නැයි සංඥා නොකරව, මම ආර්යයන්වහන්සේ ළඟ මහණ වෙමි. මේ දරුවෝ ඔබට භාරයි. මොවුන් රැකබලා ගන්නැයි පුතුන් සිපවැළඳ ඇඟ පිරිමැද පියාට භාර කොට නික්ම ගොස් තෙරුන් ළඟ පැවිදි විය.
ථෙරොපි නං පබ‍්බාජෙත්‍වා උපසම‍්පාදෙත්‍වා ගණ‍්හිත්‍වාව චාරිකං චරමානො අනුපුබ‍්බෙන සාවත්‍ථිං අගමාසි. තස‍්ස සොරෙය්‍යත්‍ථෙරොති නාමං අහොසි. ජනපදවාසිනො තං පවත‍්තිං ඤත්‍වා සඞ‍්ඛුභිත්‍වා කොතූහලජාතා තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිංසු – “එවං කිර, භන‍්තෙ”ති? “ආම, ආවුසො”ති. “භන‍්තෙ, එවරූපම‍්පි කාරණං නාම හොති”? “තුම‍්හාකං කුච‍්ඡියං කිර ද‍්වෙ පුත‍්තා නිබ‍්බත‍්තා, තුම‍්හෙ පටිච‍්ච ද‍්වෙ ජාතා, තෙසං වො කතරෙසු බලවසිනෙහො හොතී”ති? “කුච‍්ඡියං වුත්‍ථකෙසු, ආවුසො”ති. ආගතාගතා නිබද‍්ධං තථෙව පුච‍්ඡිංසු.
තෙරණුවෝත් ඔහු පැවිදි කරවා උපසම්පදාව ලබාදී ඒ භික්ෂුව සමග චාරිකාවේ හැසිරෙමින් සැවැත්නුවරට වැඩියාහ. ඔහු සොරෙය්‍යස්ථවිර නමින් ප්‍රකට විය. ජනපදවාසීහු එපුවත අසා කැළඹී කුතුහලයට පැමිණ අවුත් මෙසේ ඇසූහ. ස්වාමීනි, මෙබඳු දෙයක් සිදුවිණිද, ඇවැත්නි එසේය. ස්වාමීනි, මෙබඳු කාරණාත් වෙයිද? ඔබේ කුසේ පුතුන් දෙදෙනෙක් උපන්නාහ. ඔබ නිසාත් පුතුන් දෙදෙනෙක් උපන්හ. ඉතින් දැන් ඔබේ බලවත් ස්නේහය මේ පුතුන්ගෙන් කාටද, ඇවැත්නි. මගේ කුසේ උපන් අයටයි. එන එන අය නිතර එයම ඇසූහ.
ථෙරො “කුච‍්ඡියං වුත‍්තකෙසු එව සිනෙහො බලවා”ති පුනප‍්පුනං කථෙන‍්තො හරායමානො එකොව නිසීදති, එකොව තිට‍්ඨති. සො එවං එකත‍්තූපගතො අත‍්තභාවෙ ඛයවයං සමුට‍්ඨාපෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අථ නං ආගතාගතා පුච‍්ඡන‍්ති – “භන‍්තෙ, එවං කිර නාම අහොසී”ති? “ආමාවුසො”ති. “කතරෙසු සිනෙහො බලවා”ති? “මය‍්හං කත්‍ථචි සිනෙහො නාම නත්‍ථී”ති. භික‍්ඛූ “අයං අභූතං කථෙසි, පුරිමදිවසෙසු ‘කුච‍්ඡියං වුත්‍ථපුත‍්තෙසු සිනෙහො බලවා’ති වත්‍වා ඉදානි ‘මය‍්හං කත්‍ථචි සිනෙහො නත්‍ථී’ති වදති, අඤ‍්ඤං බ්‍යාකරොති, භන‍්තෙ”ති ආහංසු. සත්‍ථා “න, භික‍්ඛවෙ, මම පුත‍්තො අඤ‍්ඤං බ්‍යාකරොති, මම පුත‍්තස‍්ස සම‍්මාපණිහිතෙන චිත‍්තෙන මග‍්ගස‍්ස දිට‍්ඨකාලතො පට‍්ඨාය න කත්‍ථචි සිනෙහො ජාතො, යං සම‍්පත‍්තිං නෙව මාතා, න පිතා කාතුං සක‍්කොති, තං ඉමෙසං සත‍්තානං අබ‍්භන‍්තරෙ පවත‍්තං සම‍්මාපණිහිතං චිත‍්තමෙව දෙතී”ති වත්‍වා ඉමං ගාථමාහ –
තෙරණුවෝ තමන් කුස උපන් අයටම ස්නේහය බලවත්යයි කීය. පසුව මගේ ඒ කිසිවෙකුටත් ස්නේහයක් නැතැයි කීහ. භික්ෂූහු, මොහු බොරු කියන්නෙකි. පළමු දවසේ තම කුසෙහි උපන්නවුන්ටයයි කියා, දැන් ඒ කිසිවෙකුටත් ස්නේහයක් නැතැයි අනිකක්ම කියතියි ශාස්තෘන්වහන්සේට දැන්වූහ. ශාස්තෘන්වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, මගේ පුතා අනිකක් නොකියයි. මැනවින් සිත පිහිටුවාගෙන මාර්ගදර්ශනය දුටුවේලේ පටන් කිසිවෙකු කෙරෙහි ස්නේහයක් නොවීය. යමෙකුට යම් යම් සම්පත් ලබාදීම මවුපියන් විසින් කළ හැක්කක් නොවෙයි. එය මේ සත්ත්වයන්ගේ අභ්‍යන්තරයෙහි පවත්නා සිත මනා ලෙස පිහිටුවා ගැනීම මත පවතී, ඒ මනා සිතින්ම ලබා දෙන්නේයයි වදාරා මේ ගාථාවද වදාළහ.
“න තං මාතා පිතා කයිරා, අඤ‍්ඤෙ වාපි ච ඤාතකා; සම‍්මාපණිහිතං චිත‍්තං, සෙය්‍යසො නං තතො කරෙ”ති.
මනා ලෙස වැඩූ සිත සගමොක් සුව ලබා දෙයි ඒ සැපත ගෙන දීමට මව පියා හෝ අනික් නෑයෝ කිසිවිට සමත් නොවෙතී මනා සිතමයි එය කරන්නේ
තත්‍ථන තන‍්ති තං කාරණං නෙව මාතා කරෙය්‍ය, න පිතා, න අඤ‍්ඤෙ ඤාතකා. සම‍්මාපණිහිතන‍්ති දසසු කුසලකම‍්මපථෙසු සම‍්මා ඨපිතං. සෙය්‍යසො නං තතො කරෙති තතො කාරණතො සෙය්‍යසො නං වරතරං උත‍්තරිතරං කරෙය්‍ය, කරොතීති අත්‍ථො. මාතාපිතරො හි පුත‍්තානං ධනං දදමානා එකස‍්මිංයෙව අත‍්තභාවෙ කම‍්මං අකත්‍වා සුඛෙන ජීවිකකප‍්පනං ධනං දාතුං සක‍්කොන‍්ති. විසාඛාය මාතාපිතරොපි තාව මහද‍්ධනා මහාභොගා, තස‍්සා එකස‍්මිංයෙව අත‍්තභාවෙ සුඛෙන ජීවිකකප‍්පනං ධනං අදංසු. චතූසු පන දීපෙසු චක‍්කවත‍්තිසිරිං දාතුං සමත්‍ථා මාතාපිතරොපි නාම පුත‍්තානං නත්‍ථි, පගෙව දිබ‍්බසම‍්පත‍්තිං වා පඨමජ‍්ඣානාදිසම‍්පත‍්තිං වා, ලොකුත‍්තරසම‍්පත‍්තිදානෙ කථාව නත්‍ථි, සම‍්මාපණිහිතං පන චිත‍්තං සබ‍්බම‍්පෙතං සම‍්පත‍්තිං දාතුං සක‍්කොති. තෙන වුත‍්තං “සෙය්‍යසො නං තතො කරෙ”ති.
එහි න තං යනු එම කරුණ මව කර නොදෙයි, පියා හෝ අන් නෑයෝද කර නොදෙති. සම්මාපණිහිතං යනු දශකුශලකර්මපථයන්හි මනාකොට තබාගත් සිතයි. සෙය්‍යසො නං තතො කරෙ යනු ඒ කාරණයෙන් ශ්‍රේෂ්ඨතම වරතර උත්තරීතර ලෙස කරන්නේය. කරයි යන අර්ථයි. පුතුන්ට වස්තු සම්පත් දෙන මවුපියෝ එකම ආත්මභාවයක් වැඩ නොකර සැපසේ ජීවිතය පවත්වාගෙන යෑමට සෑහෙන ධනයක් දීමට සමත් වෙති. විශාඛාවගේ මවුපියෝත් එතරම් මහත්ධන මහා සම්පතුන් වුවද එකම ආත්මභාවයක් සැපසේ ජීවත්වීමට තරම් ධනයක් දුන්හ. චාතුර්මහාද්වීපවල සක්විති සැප ලබාදීමට සමත් මවුපියෝ දූපුතුන්ට හමු නොවෙති. පළමුකොටම දිව්‍ය සම්පත් හෝ ප්‍රථමධ්‍යානාදි සම්පත් හෝ ලෝකෝත්තර සම්පත් දීමේ කථාවක්ම නැත. මැනවින් පිහිටුවාගත් සිත මේ සියලු සම්පත් ලබාදීමට සමත් වෙයි. එහෙයින් සෙය්‍යසො නං තතො කරෙ යයි කියා තිබේ.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පත‍්තා. දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා ජාතාති.
දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ආදි ඵලවලට පැමිණියහ. දේශනාව මහාජනයාට සාර්ථකවීය.
සොරෙය්‍යත්‍ථෙරවත්‍ථු නවමං.
නවවන සොරෙය්‍ය තෙරුන්ගේ වස්තුවයි.
චිත‍්තවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
චිත්ත වර්ණනාව නිමි.
තතියො වග‍්ගො.
තෙවන වර්ගයයි.