10. නන්දගොපාලකවත්ථු අට්ඨකථා
10. නන්දගොපාලකවත්ථු
10. නන්දගෝපාලක වස්තුව
දිසො දිසන්ති ඉමං ධම්මදෙසනං සත්ථා කොසලජනපදෙ නන්දගොපාලකං ආරබ්භ කථෙසි.
දිසො දිසං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසොල් දනව්වෙහි නන්දගෝපාලකයන් අරභයා දේශනා කළහ.
සාවත්ථියං කිර අනාථපිණ්ඩිකස්ස ගහපතිනො නන්දො නාම ගොපාලකො ගොයූථං රක්ඛති අඩ්ඪො මහද්ධනො මහාභොගො. සො කිර යථා කෙණියො ජටිලො පබ්බජ්ජාවෙසෙන, එවං ගොපාලකත්තෙන රාජබලිං පරිහරන්තො අත්තනො කුටුම්බං රක්ඛති. සො කාලෙන කාලං පඤ්ච ගොරසෙ ආදාය අනාථපිණ්ඩිකස්ස සන්තිකං ආගන්ත්වා සත්ථාරං පස්සති, ධම්මං සුණාති, අත්තනො වසනට්ඨානං ආගමනත්ථාය සත්ථාරං යාචති.
සැවැත්නුවර අනාථ පිණ්ඩික ගෘහපතියාගේ නන්ද නම් ගොපල්ලා ගවරැළ රිකියි. ඔහු ආඪ්‍ය මහත්ධන, මහත්භෝගසම්පත් ඇත්තෙකි. කේණිය නම් ජටිලයා පැවිදි වෙසින් තම සම්පත් රැකීමට ඇවිදින්නාක් මෙන් නන්ද ගොපල්ලාද ගොපලු වේශයෙන් රාජබලි පරිහරණය කෙරෙමින් ස්වකීය සම්පත් රකියි. ඔහු කලින් කල පස්ගෝරසය අනේපිඬුගෘහපතියා ළඟට ගෙන අවුත් දී, බුදුන් ද දකින්ට යයි. දහම්ද අසයි. තමන් වසන තැනට වඩින්නැයිද ඉල්ලා සිටියි.
සත්ථා තස්ස ඤාණපරිපාකං ආගමයමානො ආගන්ත්වා පරිපක්කභාවං ඤත්වා එකදිවසං මහාභික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරන්තො මග්ගා ඔක්කම්ම තස්ස වසනට්ඨානාසන්නෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. නන්දො සත්ථු සන්තිකං අගන්ත්වා වන්දිත්වා පටිසන්ථාරං කත්වා සත්ථාරං නිමන්තෙත්වා සත්ථාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස පණීතං පඤ්චගොරසදානං අදාසි. සත්තමෙ දිවසෙ සත්ථා අනුමොදනං කත්වා දානකථාදිභෙදං අනුපුබ්බිං කථං කථෙසි. කථාපරියොසානෙ නන්දගොපාලකො සොතාපත්තිඵලෙ පතිට්ඨාය සත්ථු පත්තං ගහෙත්වා සත්ථාරං අනුගච්ඡන්තො දූරං ගන්ත්වා, “තිට්ඨ, උපාසකා”ති නිවත්තියමානො වන්දිත්වා නිවත්ති. අථ නං එකො ලුද්දකො විජ්ඣිත්වා මාරෙසි. පච්ඡතො ආගච්ඡන්තා භික්ඛූ නං දිස්වා ගන්ත්වා සත්ථාරං ආහංසු – “නන්දො, භන්තෙ, ගොපාලකො තුම්හාකං ඉධාගතත්තා මහාදානං දත්වා අනුගන්ත්වා නිවත්තෙන්තො මාරිතො, සචෙ තුම්හෙ නාගච්ඡිස්සථ, නාස්ස මරණං අභවිස්සා”ති. සත්ථා, “භික්ඛවෙ, මයි ආගතෙපි අනාගතෙපි තස්ස චතස්සො දිසා චතස්සො අනුදිසා ච ගච්ඡන්තස්සාපි මරණතො මුච්චනූපායො නාම නත්ථි. යඤ්හි නෙව චොරා, න වෙරිනො කරොන්ති, තං ඉමෙසං සත්තානං අන්තොපදුට්ඨං මිච්ඡාපණිහිතං චිත්තමෙව කරොතී”ති වත්වා ඉමං ගාථමාහ –
බුදුහු ඔහුගේ නුවණ මුහුකුරා යෑම අපේක්ෂාවෙන් නොගොස් සිට දිනක් මුහුකුරා ගිය බ ව දැන මහාභික්ෂුසංඝයා පිරිවරා චාරිකාවේ වඩිනා සේක් මගින් ඉවත්ව ඔහු වසන තැන ළඟම වූ එක්තරා ගසක් මුල වැඩහුන් සේක. නන්ද බුදුන් වෙත එළඹ වැඳ පිළිසඳ කථා කොට බුදුන්ට ආරාධනා කොට සත්දිනක් භික්ෂුසංඝයාට ප්‍රණීත පංචගෝරසදානය දුන්නේය. සත්වෙනි දින බුදුරජාණන්වහන්සේ අනුමෙවෙනි බණ කියා දානකථාදි පිළිවෙල කථාව දෙසූසේක. කථා කෙළවර නන්දගෝපාලක සෝවාන්ඵලයෙහි පිහිටියේය. පසුව ඔහු බුදුන්ගේ පාත්‍රය ගෙන බුදුන් අනුව යන විට, සෑහෙන දුරක් ගොස් උපාසකය දැන් තින් නැවතුවයි කී කල්හි වැඳ නැවතුණේය. ඒ හාත් සමගම එක් වැද්දෙක් හීයකින් විද නන්ද මරා දැම්මේය. පසුව ආ භික්ෂූහු මෙය දැක, බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, ඔබවහන්සේ මෙහි ආ නිසා නන්දගෝපාලක මහදන් දී පසුපස අවුත් නැවතුණු හැටියේම මරා දමන ලදි. ඉදින් ඔබවහන්සේ නොවැඩියාහු නම් ඔහුට මරණය නොවන්නේ නොවේද? මහණෙනි, මා ආවත් නොආවත් ඔහු සිව්දිසාවල සිව්අනුදිසාවල ගියත් මරණයෙන් මිදීමේ උපායක් නම් නැත. යමෙකුට සොරුන් විසින් හෝ වෛර ඇත්තකු විසින් හෝ යම් අවැඩක් අනතුරක් නොකෙරෙත් නම් ඒ අතරතුර මේ සත්වයන්ගේ ඇතුළත දූෂණය වූ වැරදි ලෙස පිහිටුවා ගත් සිත විසින්ම කරන්නේයයි කියා මේ ගාථාව වදාළහ.
“දිසො දිසං යං තං කයිරා, වෙරී වා පන වෙරිනං; මිච්ඡාපණිහිතං චිත්තං, පාපියො නං තතො කරෙ”ති.
සොරේක යම් සොරකු දැක ඊටත් වඩා වැඩියෙන් අනතුරු සිදු කෙරේ නම් එපව් සිත මහ විපතකි
තත්ථ දිසො දිසන්ති චොරො චොරං. “දිස්වා”ති පාඨසෙසො. යං තං කයිරාති යං තං තස්ස අනයබ්යසනං කරෙය්ය. දුතියපදෙපි එසෙව නයො. ඉදං වුත්තං හොති – එකො එකස්ස මිත්තදුබ්භී චොරො පුත්තදාරඛෙත්තවත්ථු ගොමහිංසාදීසු අපරජ්ඣන්තො යස්ස අපරජ්ඣති, තම්පි තථෙව අත්තනි අපරජ්ඣන්තං චොරං දිස්වා, වෙරි වා පන කෙනචිදෙව කාරණෙන බද්ධවෙරං වෙරිං දිස්වා අත්තනො කක්ඛළතාය දාරුණතාය යං තං තස්ස අනයබ්යසනං කරෙය්ය, පුත්තදාරං වා පීළෙය්ය, ඛෙත්තාදීනි වා නාසෙය්ය, ජීවිතා වා පන නං වොරොපෙය්ය, දසසු අකුසලකම්මපථෙසු මිච්ඡාඨපිතත්තා මිච්ඡාපහිණිතං චිත්තං පාපියො නං තතො කරෙ තං පුරිසං තතො පාපතරං කරෙය්ය. වුත්තප්පකාරෙහි, දිසො දිසස්ස වා වෙරී වෙරිනො වා ඉමස්මිංයෙව අත්තභාවෙ දුක්ඛං වා උප්පාදෙය්ය, ජීවිතක්ඛයං වා කරෙය්ය. ඉදං පන අකුසලකම්මපථෙසු මිච්ඡාඨපිතං චිත්තං දිට්ඨෙව ධම්මෙ අනයබ්යසනං පාපෙති, අත්තභාවසතසහස්සෙසුපි චතූසු අපායෙසු ඛිපිත්වා සීසං උක්ඛිපිතුං න දෙතීති.
එහි දිසො දිසං යනු චොරො චොරංදිස්වා යනුද පාඨාන්තරයි. සොරෙක් සොරකු දැක යනු අර්ථයි. යං තං කයිරා යනු යමෙක් ඔහුට නානාප්‍රකාර ව්‍යසන කරන්නේ නම්, (දෙවෙනි පදයෙහිද මෙසේ ම අර්ථ ගත යුතුය.) එයින් කියන ලද්දේ මෙයයි. එකෙක් එකකුට මිත්‍රද්‍රෝහී හොරෙක්ව, දූදරුවන් කෙත්වතු ගව මී සරක් ආදීන් කෙරෙහි විපත් පමුණුවමින් අපරාධ කෙරෙහිද, ඔහු ද එසේම තමන්ට විපත්ගෙන දෙන සොරකු දැක වෙරීවාපන යම්කිසි කරුණක් නිසා වෛර බැඳගත් වෛරියකු දැක තමන්ගේ කර්කශ බැවින් දරුණු බැවින් යම් ආකාරයකින් ඔහුට අනයව්යසන කෙරෙයිද, දූපුතුන් හෝ පෙළයිද, කෙත්වත් වනසා දමයිද, ජීවිතය හෝ නැති කර දමයිද, දශ අකුශල කර්මපථ්යන්හි වැරදි ලෙස තබාගත් සිත් ඇතිව, මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ යනු ඒ පුරුෂයා ඊට වඩා පාපතර ක්‍රියාවක් කරන්නේය. කියන ලද ආකාර ඇති සොරෙක් හෝ වෛරියෙක් හෝ සොරෙකුට හෝ වෛරියෙකුට හෝ මේ ආත්මභාවයෙහි දුකක් උපදවයිද ජීවිතක්ෂයට හෝ පත් කෙරෙයිද මේ අකුශලකර්මපථයන්හි වැරදි ලෙස තබාගත් සිත මෙලොවදීම විවිධාකාර විපත්වලට පමුණුවයි. ආත්මභාව සියදහස් ගණන් සිව්අපාවල දමා හිස ඔසවන්නට නොදෙයි.
දෙසනාපරියොසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පත්තා. මහාජනස්ස සාත්ථිකා දෙසනා ජාතා. උපාසකෙන පන භවන්තරෙ කතකම්මං භික්ඛූහි න පුච්ඡිතං, තස්මා සත්ථාරා න කථිතන්ති.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ආදි ඵලවලට පැමිණියහ. මහාජනයාට ඒ දේශනාව සාර්ථක විය. උපාසකයා විසින් කරන ලද කර්මය භික්ෂූන් විසින් නොඇසූ හෙයින් ශාස්තෘන්වහන්සේ විසිනිදු ප්‍රකාශ නොකරන ලදි.
නන්දගොපාලකවත්ථු අට්ඨමං.
අටවන නන්දගෝපාලක වස්තුවයි.