යෙදුමෙන් කියවන්න

9. පූතිගත‍්තතිස‍්සත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

9. පූතිගත‍්තතිස‍්සත්‍ථෙරවත්‍ථු

9. පූතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුව

අචිරං වතයං කායොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො පූතිගත‍්තතිස‍්සත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

අචිරං වතයං කායො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි පූතිගත්තතිස්සතෙරුන් අරභයා දේශනා කරන ලදි.

එකො කිර සාවත්‍ථිවාසී කුලපුත‍්තො සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සාසනෙ උරං දත්‍වා පබ‍්බජිතො, සො ලද‍්ධූපසම‍්පදො තිස‍්සත්‍ථෙරො නාම අහොසි. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ තස‍්ස සරීරෙ රොගො උදපාදි. සාසපමත‍්තියො පිළකා උට‍්ඨහිංසු. තා අනුපුබ‍්බෙන මුග‍්ගමත‍්තා කලායමත‍්තා කොලට‍්ඨිමත‍්තා ආමලකමත‍්තා බෙළුවසලාටුමත‍්තා බෙළුවමත‍්තා හුත්‍වා පභිජ‍්ජිංසු, සකලසරීරං ඡිද‍්දාවඡිද‍්දං අහොසි. පූතිගත‍්තතිස‍්සත්‍ථෙරොත්‍වෙවස‍්ස නාමං උදපාදි.

සැවැත්නුවරවාසි එක්කුලපුත්‍රයෙක් බුදුන් හමුවෙහි බණ අසා සසුනට කැමතිව පැහැදි විය. උපසම්පදාව ලත් උන්වහන්සේ තිස්සස්ථවිර නමින් ප්‍රකට වූහ. කල් යෑමෙන් උන්වහන්සේගේ සිරුරෙහි එක් රෝගයක් හටගත්තේය. අබඇට පමණ ගෙඩි හටගත්තේය. ඒවා පිළිවෙලින් මුංඇට, කඩල ඇට, මසන්ගෙඩි, නෙල්ලි, බෙලිගැට, ලොකුබෙලිගෙඩි පමණ විශාල වී පුපුරා ගියේය. සියලු සිරුර ලොකු කුඩා සිදුරු වලින් ගහන විය. ඉන්පසු උන්වහන්සේ පූතිගත්තතිස්සස්ථවිර (ගෙඩි හැදුණු) නමින් ප්‍රකට වූහ.

අථස‍්ස අපරභාගෙ අට‍්ඨීනි භිජ‍්ජිංසු. සො අප‍්පටිජග‍්ගියො අහොසි. නිවාසනපාරුපනං පුබ‍්බලොහිතමක‍්ඛිතං ජාලපූවසදිසං අහොසි. සද‍්ධිවිහාරිකාදයො පටිජග‍්ගිතුං අසක‍්කොන‍්තා ඡඩ‍්ඩයිංසු. සො අනාථො හුත්‍වා නිපජ‍්ජි.

පසු කලක උන්වහන්සේගේ සිරුරේ ඇට කැඩී බිඳී ගියේය. පිළියම් නොකළහැකි තත්ත්වයක් උදාවිය. ආඳිපෙරෙවි වස්ත්‍ර ලේ සැරව තැවරී සිදුරු සහිත කැවුමක් මෙන් විය. සමග හැසිරෙන අය උපස්ථාන කළ නොහැකිව හැරදැමූහ. උන්වහන්සේ අනාථ වී වැද හොත්තෝ වූහ.

බුද‍්ධානඤ‍්ච නාම ද‍්වෙ වාරෙ ලොකවොලොකනං අවිජහිතං හොති. පච‍්චූසකාලෙ ලොකං වොලොකෙන‍්තා චක‍්කවාළමුඛවට‍්ටිතො පට‍්ඨාය ගන්‍ධකුටිඅභිමුඛං ඤාණං කත්‍වා ඔලොකෙන‍්ති, සායං ඔලොකෙන‍්තා ගන්‍ධකුටිතො පට‍්ඨාය බාහිරාභිමුඛං ඤාණං කත්‍වා ඔලොකෙන‍්ති. තස‍්මිං පන සමයෙ භගවතො ඤාණජාලස‍්ස අන‍්තො පූතිගත‍්තතිස‍්සත්‍ථෙරො පඤ‍්ඤායි. සත්‍ථා තස‍්ස භික‍්ඛුනො අරහත‍්තස‍්ස උපනිස‍්සයං දිස‍්වා, “අයං සද‍්ධිවිහාරිකාදීහි ඡඩ‍්ඩිතො, ඉදානිස‍්ස මං ඨපෙත්‍වා අඤ‍්ඤං පටිසරණං නත්‍ථී”ති ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා විහාරචාරිකං චරමානො විය අග‍්ගිසාලං ගන‍්ත්‍වා උක‍්ඛලිං ධොවිත්‍වා උදකං දත්‍වා උද‍්ධනං ආරොපෙත්‍වා උදකස‍්ස තත‍්තභාවං ආගමයමානො අග‍්ගිසාලායමෙව අට‍්ඨාසි. තත‍්තභාවං ජානිත්‍වා ගන‍්ත්‍වා තස‍්ස භික‍්ඛුනො නිපන‍්නමඤ‍්චකොටියං ගණ‍්හි, තදා භික‍්ඛූ “අපෙථ, භන‍්තෙ, මයං ගණ‍්හිස‍්සාමා”ති මඤ‍්චකං ගහෙත්‍වා අග‍්ගිසාලං ආනයිංසු. සත්‍ථා අම‍්බණං ආහරාපෙත්‍වා උණ‍්හොදකං ආසිඤ‍්චිත්‍වා තෙහි භික‍්ඛූහි තස‍්ස පාරුපනං ගාහාපෙත්‍වා උණ‍්හොදකෙ මද‍්දාපෙත්‍වා මන්‍දාතපෙ විස‍්සජ‍්ජාපෙසි. අථස‍්ස සන‍්තිකෙ ඨත්‍වා සරීරං උණ‍්හොදකෙන තෙමෙත්‍වා ඝංසිත්‍වා න‍්හාපෙසි, තස‍්ස නහානපරියොසානෙ පාරුපනං සුක‍්ඛි. අථ නං තං නිවාසාපෙත්‍වා නිවත්‍ථකාසාවං උදකෙ මද‍්දාපෙත්‍වා ආතපෙ විස‍්සජ‍්ජාපෙසි. අථස‍්ස ගත‍්තෙ උදකෙ ඡින‍්නමත‍්තෙ තම‍්පි සුක‍්ඛි. සො එකං කාසාවං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා සල‍්ලහුකසරීරො එකග‍්ගචිත‍්තො මඤ‍්චකෙ නිපජ‍්ජි. සත්‍ථා තස‍්ස උස‍්සීසකෙ ඨත්‍වා, “භික‍්ඛු අයං තව කායො අපෙතවිඤ‍්ඤාණො නිරුපකාරො හුත්‍වා කලිඞ‍්ගරං විය පථවියං සෙස‍්සතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

දිනකට දෙවරක් මහාකරුණාවෙන් ලොව දෙස බැලිම බුදුන්ගේ අවිජහත සිරිතකි. උදෑසනම ලොව බලන උන්වහන්සේ සක්වළමුවවිට පටන් ගදකිළි දොරටුව දක්වා වූ ඥානයෙන් ලොව දකිති. සවස් කාලයේදී බලන විට ගඳකිළියෙන් පටන්ගෙන බාහිරලෝකය අභිමුඛ කොට ඥානය විහිදුවා ලොව බලති. එදින බුදුන්ගේ ඥානදැලට පූතිගත්තතෙරුන් හසු විය. ශාස්තෘන්වහන්සේ, තිස්ස තෙරුන්ගේ රහත් වීමට ඇති උපනිශ්‍රයසම්පත් දැක මොහු සද්ධිවිහාරිකාදීන් විසිනුත් හැරදමා ඇත. දැන් ඔහුට මා ඇර වෙනත් පිළිසරණක් නැතැයි ගඳකිළියෙන් නික්ම විහාර චාරිකාවේ හැසිරෙන ගමන් ගිනිහල් ගෙට වැඩමවා මහ සැළියක් සෝදා ලිප උඩ තබා වතුර රත්වන තුරු ගිනිහල්ගෙය තුළම වැඩ සිටියහ. වතුර රත්වූ පසු වැඩමවා ඒ භික්ෂුව සිටි ඇඳේ එක් පැත්තක් ඔසවා ගත්හ. එකල භික්ෂූහු එහි පැමිණ ස්වාමීනි, ඉවත්වුව මැනවි. අපි ඇඳ එළියට ගන්නෙමු යයි ඔසවා ගෙන ගිනිහල්ගෙට රැගෙන ගියහ. ඔරුව (පඩු ඔරුව) ගෙන්වා එහි සතපවා උණුදිය ඉස්වා ඒ භික්ෂූන් ලවා තිස්සතෙරුන්ගේ පෙරවූ රෙදි ඉවත් කරවා උණුවතුරින් සෝදවා මද අව්වෙහි තැබ්බවූහ. ඉන්පසු ඔහුගේ සිරුර උණුදියෙන් යළිත් තෙමවා අතුල්ලා නැහැවූහ. එහි දී උන්වහන්සේ නැහැවීම අවසන් වනවිට පාරුපණයද වියළිණි. ඉන්පසු උන්වහන්සේට ඒ වස්ත්‍ර පෙරවා, හැඳසිටි කසාවත් දියෙහි දමා පොඩිකරවා අව්වේ වනවාලූහ. උන්වහන්සේගේ සිරුරෙහි තිබූ ජලයද වියළිණි. තිස්සතෙරණුවෝ එක් කහවතක් හැඳ තවත් එකක් පෙරවා සැහැල්ලු ශරීර ඇතිව සිත එකඟ කරගෙන ඇඳමත නිදාගත්හ. බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්ගේ ඇඳ ඉහානයේ සිට මහණ ඔබේ මේ කය විඥානය පහව ගිය කල උපකාරයක් නොමැතිව දරකඩක් මෙන් පොළොවෙහි වැටී යන්නේයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.

“අචිරං වතයං කායො, පථවිං අධිසෙස‍්සති; ඡුද‍්ධො අපෙතවිඤ‍්ඤාණො, නිරත්‍ථංව කලිඞ‍්ගර”න‍්ති.

සිත නැතිව ගිය කය දිරා ගිය දර කඩක් මෙන් පොළොව මත වැතිරී යයි නොබොහෝ කලක් මෙහි සිට

තත්‍ථ අචිරං වතාති භික‍්ඛු න චිරස‍්සෙව අයං කායො පථවිං අධිසෙස‍්සති, ඉමිස‍්සා පකතිසයනෙන සයිතාය පථවියා උපරි සයිස‍්සති. ඡුද‍්ධොති අපවිද‍්ධො, අපගතවිඤ‍්ඤාණතාය තුච‍්ඡො හුත්‍වා සෙස‍්සතීති දස‍්සෙති. යථා කිං? නිරත්‍ථංව කලිඞ‍්ගරං නිරුපකාරං නිරත්‍ථකං කට‍්ඨඛණ‍්ඩං විය. දබ‍්බසම‍්භාරත්‍ථිකා හි මනුස‍්සා අරඤ‍්ඤං පවිසිත්‍වා උජුකං උජුකසණ‍්ඨානෙන වඞ‍්කං වඞ‍්කසණ‍්ඨානෙන ඡින්‍දිත්‍වා දබ‍්බසම‍්භාරං ගණ‍්හන‍්ති, අවසෙසං පන සුසිරඤ‍්ච පූතිකඤ‍්ච අසාරකඤ‍්ච ගණ‍්ඨිජාතඤ‍්ච ඡින්‍දිත්‍වා තත්‍ථෙව ඡඩ‍්ඩෙන‍්ති. අඤ‍්ඤෙ දබ‍්බසම‍්භාරත්‍ථිකා ආගන‍්ත්‍වා තං ගහෙතාරො නාම නත්‍ථි, ඔලොකෙත්‍වා අත‍්තනො උපකාරකමෙව ගණ‍්හන‍්ති, ඉතරං පථවීගතමෙව හොති. තං පන තෙන තෙන උපායෙන මඤ‍්චපටිපාදකං වා පාදකථලිකං වා ඵලකපීඨං වා කාතුං සක‍්කාපි භවෙය්‍ය. ඉමස‍්මිං පන අත‍්තභාවෙ ද‍්වත‍්තිංසාය කොට‍්ඨාසෙසු එකකොට‍්ඨාසොපි මඤ‍්චපටිපාදකාදිවසෙන අඤ‍්ඤෙන වා උපකාරමුඛෙන ගය‍්හූපගො නාම නත්‍ථි, කෙවලං නිරත්‍ථංව කලිඞ‍්ගරං අයං කායො අපගතවිඤ‍්ඤාණො කතිපාහෙනෙව පථවියං සෙස‍්සතීති.

එහි අචීරං වත යනු මහණ නොබෝ කලකින්ම අයංකායො පඨවිං අධිසෙස්සති මේ ප්‍රකෘති සයනයෙන් නිදා සිටින පොළොව මත නිදන්නේය. ඡුද්ධො යනු පහවගියේ, පහ වූ විඥානය ඇති හෙයින් හිස් බවට පත් වී නිදන්නේ යයි පෙනෙයි. කුමක් වගේ ද? නිරත්ථංව කලිංගරං රූපාකාරයක් අර්ථයක් නැති දරකැබැල්ලක් මෙනි. දැවයෙන් වැඩක් ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති දඬු ඇද නැති හැටියෙන්මත්, වක් වී ඇති දඬු ඒ හැටියෙන්මත් කපා එක්තැන් කර ගනිති. සෙසු ලීවල සිදුරු වූ තැන් දිරාගිය තැන් ගැට ඇති තැන් කපා එහිම හැර දමති. පසුව වෙනත් දැව අපේක්ෂා කරන අය අවුත් ඒ හැර දැමූ ඒවා නොගෙන තවදුරටත් සොයා තමන්ට උපකාර වන දැව පමණක් ගිනිති. සෙස්ස පොළොව මතුපිටම වැටී තිබෙයි. ඒවා පාපුවරු ඇඳකකුල් ඵලක පුවරු ආදිය සෑදීමට හැකි වුවත් හැර දමන්නාහ. මේ ආත්මයෙහි (ශරීරයෙහි) දෙතිස් කුණප කොට්ඨාශවලින් ඇඳකකුල්වලට හෝ ගතහැක්කක් නම් නැත. හුදෙක් නිරන්ථංව කලිංගරං නිරර්ථක දඩුවක්ම වේ. මෙය විඥානය පහව ගිය කල කිහිප දිනකින්ම පොළොව මත වැතිරී යන්නේය.

දෙසනාවසානෙ පූතිගත‍්තතිස‍්සත්‍ථෙරො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි, අඤ‍්ඤෙපි බහූ සොතාපන‍්නාදයො අහෙසුං. ථෙරොපි අරහත‍්තං පත්‍වාව පරිනිබ‍්බායි.

දේශනා කෙළවර පූතිගත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ පටිසම්භිදා සහිත රහත් බවට පැමිණියහ. තවත් බොහෝ අය සෝතාපත්ති ආදි ඵලවලට පැමිණියාහුය. ස්ථවිරයන් වහන්සේ රහත්බවට පත්වනවාත් සමගම පිරිනිවන්පෑහ.

සත්‍ථා තස‍්ස සරීරකිච‍්චං කාරාපෙත්‍වා ධාතුයො ගහෙත්‍වා චෙතියං කාරාපෙසි. භික‍්ඛූ සත්‍ථාරං පුච‍්ඡිංසු – “භන‍්තෙ, පූතිගත‍්තතිස‍්සත්‍ථෙරො කුහිං නිබ‍්බත‍්තො”ති. “පරිනිබ‍්බුතො, භික‍්ඛවෙ”ති. “භන‍්තෙ, එවරූපස‍්ස පන අරහත‍්තූපනිස‍්සයසම‍්පන‍්නස‍්ස භික‍්ඛුනො කිං කාරණා ගත‍්තං පුතිකං ජාතං, කිං කාරණා අට‍්ඨීනි භින‍්නානි, කිමස‍්ස කාරණං අරහත‍්තස‍්ස උපනිස‍්සයභාවං පත‍්ත”න‍්ති? “භික‍්ඛවෙ, සබ‍්බමෙතං එතස‍්ස අත‍්තනා කතකම‍්මෙනෙව නිබ‍්බත‍්ත”න‍්ති. “කිං පන තෙන, භන‍්තෙ, කත”න‍්ති? “තෙන හි, භික‍්ඛවෙ, සුණාථා”ති අතීතං ආහරි –

බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්වහන්සේගේ සිරුර පිළිබඳ කටයුතු කරවා, ධාතූන් ගෙන චෛත්‍යයක්ද කරවූහ. භික්ෂූහු, ස්වාමීනි, පූතිගත්තතිස්සතෙරණුවෝ කොහි උපන්නාහුදැයි ඇසූහ. මහණෙනි, උන්වහන්සේ පිරිනිවන් පෑහ. ස්වාමීනි, මෙවැනි රහත්වීමට පවා උපනිශ්‍රය සම්පත් ඇති උන්වහන්සේ තුවාලවලින් ගහන වූයේ කුමක් නිසාද? උන්වහන්සේගේ ශරීර ඇට බිඳී ගියේත් ඇයිද? කුමන කරුණක් රහත්වීමට උපනිශ්‍රයවීද? මහණෙනි, මේ සියල්ල ඔහු තමන්ම කළකම් නිසා සිදුවිය. ස්වාමීනි, උන්වහන්සේ විසින් කරන ලද ඒ කළකම් මොනවාද? එසේනම් මහණෙනි අසව්.

අයං කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ සාකුණිකො හුත්‍වා බහූ සකුණෙ වධිත්‍වා ඉස‍්සරජනං උපට‍්ඨහි. තෙසං දින‍්නාවසෙසෙ වික‍්කිණාති, “වික‍්කිතාවසෙසා මාරෙත්‍වා ඨපිතා පූතිකා භවිස‍්සන‍්තී”ති යථා උප‍්පතිතුං න සක‍්කොන‍්ති, තථා තෙසං ජඞ‍්ඝට‍්ඨීනි ච පක‍්ඛට‍්ඨීනි ච භින්‍දිත්‍වා රාසිං කත්‍වා ඨපෙති, තෙ පුනදිවසෙ වික‍්කිණාති. අතිබහූනං පන ලද‍්ධකාලෙ අත‍්තනොපි අත්‍ථාය පචාපෙති. තස‍්සෙකදිවසං රසභොජනෙ පක‍්කෙ එකො ඛීණාසවො පිණ‍්ඩාය චරන‍්තො ගෙහද‍්වාරෙ අට‍්ඨාසි. සො ථෙරං දිස‍්වා චිත‍්තං පසාදෙත්‍වා, “මයා බහූ පාණා මාරෙත්‍වා ඛාදිතා, අය්‍යො ච මෙ ගෙහද‍්වාරෙ ඨිතො, අන‍්තොගෙහෙ ච රසභොජනං සංවිජ‍්ජති, පිණ‍්ඩපාතමස‍්ස දස‍්සාමී”ති තස‍්ස පත‍්තං ආදාය පූරෙත්‍වා රසපිණ‍්ඩපාතං දත්‍වා ථෙරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙහි දිට‍්ඨධම‍්මස‍්ස මත්‍ථකං පාපුණෙය්‍ය”න‍්ති ආහ. ථෙරො “එවං හොතූ”ති අනුමොදනං අකාසි. “භික‍්ඛවෙ, තදා කතකම‍්මවසෙනෙතං තිස‍්සස‍්ස නිප‍්ඵන‍්නං, සකුණානං අට‍්ඨිභෙදනනිස‍්සන්‍දෙන තිස‍්සස‍්ස ගත‍්තඤ‍්ච පූතිකං ජාතං, අට‍්ඨීනි ච භින‍්නානි, ඛීණාසවස‍්ස රසපිණ‍්ඩපාතදානනිස‍්සන්‍දෙන අරහත‍්තං පත‍්තො”ති.

මෙතෙම කාශ්‍යප බුදුන් කල පක්ෂීන් මරා ජීවත් වන්නකු විය. බොහෝ කුරුල්ලන් බැඳ ඉසුරුමතුන්ට දුන්නේය. ඔවුන්ට දී ඉතිරි පක්ෂීන් වික්කේය. විකුණා ඉතිරි වූ කුරුල්ලන් මරා තැබූ පසු කුණු වී යන හෙයින් ඔවුන්ට ඉගිළී යා නොහැකි සේ ඔවුන්ගේ කකුල්වල ඇට සහ පියාපත් බිඳ එකතු කොට තැබීය. එවුන් දෙවෙනි දිනයේ වික්කේය. විශාල සංඛ්‍යාවක් වූ විට තමන්ගේ කෑමටද උයවන්නේය. දිනක් ඔහු රසබොජුනක් උයාගෙන සිටින විට එක් රහතන්වහන්සේනමක් පිඬුසිඟා වැඩමවා ඔහුගේ ගෙය ඉදිරිපිට සිටියෝය. හෙතෙම තෙරුන් දැක සිත පහදවාගෙන මා විසින් බොහෝ ප්‍රාණීන් මරා කන ලදි. ආර්යයන්වහන්සේත් මගේ ගේ දොරටුවට වැඩමවූහ. ඇතුල්ගේ රජබොජුනක්ද සූදානම්ය. උන්වහන්සේට පිණ්ඩපාතය පූජාකරන්නෙමියි උන්වහන්සේගේ පාත්‍රය රැගෙන එය පුරවා රසපිණ්ඩපාතය පූජා කොට පසඟ පිහිටුවා තෙරුන් වැඳ, ස්වාමීනි, ඔබ මෙලොව ජීවිතය - අද සාර්ථක කර ගත්තාක් මෙන් මටත් එසේම වේවායි කීවේය. උන්වහන්සේ එසේම වේවායි අනුමෝදනා කළහ. මහණෙනි එදා කළකම් වශයෙන් තිස්සට මෙසේ විය. පක්ෂීන්ගේ ඇට බිඳීමේ හේතුවෙන් තිස්සගේ සිරුර ද ගෙඩිවණවලින් ගහන විය. ඇටද බිඳී ගියේය. ක්ෂීණාශ්‍රවයන්වහන්සේට රස පිණ්ඩපාතයක් දීමේ ආනිසංශයෙන් රහත්බවට පැමිණියෝ යයි වදාළහ.

පූතිගත‍්තතිස‍්සත්‍ථෙරවත්‍ථු සත‍්තමං.

සත්වන පූතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුවයි.