යෙදුමෙන් කියවන්න

8. පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

8. පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු

8. පන්සීයක් විදර්ශක භික්ෂූන්ගේ වස්තුව

කුම‍්භූපමන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො ආරද‍්ධවිපස‍්සකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

කුම්භූපමං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි පටන්ගත් විපස්සනාභාවනානුයෝගී භික්ෂූන් උදෙසා දේශනා කළසේක.

සාවත්‍ථියං කිර පඤ‍්චසතා භික‍්ඛූ සත්‍ථු සන‍්තිකෙ යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා, “සමණධම‍්මං කරිස‍්සාමා”ති යොජනසතමග‍්ගං ගන‍්ත්‍වා එකං මහාවාසගාමං අගමංසු. අථ තෙ මනුස‍්සා දිස‍්වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා පණීතෙහි යාගුභත‍්තාදීහි පරිවිසිත්‍වා, “කහං, භන‍්තෙ, ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා, “යථාඵාසුකට‍්ඨාන”න‍්ති වුත‍්තෙ, “භන‍්තෙ, ඉමං තෙමාසං ඉධෙව වසථ, මයම‍්පි තුම‍්හාකං සන‍්තිකෙ සරණෙසු පතිට‍්ඨාය පඤ‍්ච සීලානි රක‍්ඛිස‍්සාමා”ති යාචිත්‍වා තෙසං අධිවාසනං විදිත්‍වා, “අවිදූරෙ ඨානෙ මහන‍්තො වනසණ‍්ඩො අත්‍ථි, එත්‍ථ වසථ, භන‍්තෙ”ති වත්‍වා උය්‍යොජෙසුං. භික‍්ඛූ තං වනසණ‍්ඩං පවිසිංසු. තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා “සීලවන‍්තො, අය්‍යා, ඉමං වනසණ‍්ඩං අනුප‍්පත‍්තා, අයුත‍්තං ඛො පන අස‍්මාකං අය්‍යෙසු ඉධ වසන‍්තෙසු පුත‍්තදාරෙ ගහෙත්‍වා රුක‍්ඛෙ අභිරුය‍්හ වසිතු”න‍්ති රුක‍්ඛතො ඔතරිත්‍වා භූමියං නිසීදිත්‍වා චින‍්තයිංසු,

සැවැත්නුවර පන්සීයක් පමණ භික්ෂූහු බුදුන් හමුවෙහි රහත්වීම දක්වා කමටහන් ඉගෙන මහණදම් පුරම්හයි යොදුන් සියයක මග ගෙවා එක් බොහෝ මිනිසුන් වෙසෙන ගමකට පැමිණියාහුය. මිනිස්සු උන්වහන්සේලා දැක පැනවූ ආසනවල වඩාහිඳුවා, ප්‍රණීත කැඳබත් ආදිය වළඳවා ස්වාමීන්වහන්සේලා කොහි වඩිනාසේක්දැයි ඇසූහ. පහසු තැනකටයයි කීකල්හි, ස්වාමීනි, මේ තෙමස මෙහිම වැඩසිටිනු මැනවි. අපිත් ඔබවහන්සේලා ළඟ තිසරණයෙහි පිහිටා සිල්රකින්නෙමුයයි ඉල්ලා සිටියහ. මිනිස්සු උන්වහන්සේලා ආරාධනය ඉවසූ බව දැන ස්වාමීනි මේ ළඟම එක් කැලෑවක් ඇත. එහි වසනුමැනවැයි කියා පිටත්කළහ. භික්ෂූහු ඒ කැලෑවට ගියහ. ඒ කැලෑවට අධිගෘහිත දේවතාවෝ, සිල්වත් ආර්යයෝ මේ කැලෑවට ආහ. ආර්යයන් මෙහි වසන කල දූදරුවන් සමග අපි මේ ගස්වලට නැගී සිටීම අයුතුයයි බිමට බැස මෙසේ සිතූහ.

“අය්‍යා, ඉමස‍්මිං ඨානෙ අජ‍්ජෙකරත‍්තිං වසිත්‍වා අද‍්ධා ස‍්වෙ ගමිස‍්සන‍්තී”ති. භික‍්ඛූපි පුනදිවසෙ අන‍්තොගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පුන තමෙව වනසණ‍්ඩං ආගමිංසු. දෙවතා “භික‍්ඛුසඞ‍්ඝො ස‍්වාතනාය කෙනචි නිමන‍්තිතො භවිස‍්සති, තස‍්මා පුනාගච‍්ඡති, අජ‍්ජ ගමනං න භවිස‍්සති, ස‍්වෙ ගමිස‍්සති මඤ‍්ඤෙ”ති ඉමිනා උපායෙන අඩ‍්ඪමාසමත‍්තං භූමියමෙව අච‍්ඡිංසු.

මේ ආර්යයෝ මෙතන අද එක්රැයක් සිට ඒකාන්තයෙන් හෙටම ආපසු යන්නාහුය. භික්ෂූහුද දෙවෙනි දිනයේ ඇතුළුගමට පිඬුසිඟා ගොස් නැවත ඒ වනයටම ආවාහුය. දේවතාවෝ, හෙට දිනයට කවුරුන් හෝ නිමන්ත්‍රණය කරන්ට ඇත. එහෙයින් නැවත ආවාහුය. අද යෑමක් නැත. හෙට යනු ඇතැයි සිතූහ. මේ ආකාරයෙන් අඩමසක් පමණ බිමට බැස සිටියාහුය.

තතො චින‍්තයිංසු – “භදන‍්තා ඉමං තෙමාසං ඉධෙව මඤ‍්ඤෙ වසිස‍්සන‍්ති, ඉධෙව ඛො පන ඉමෙසු වසන‍්තෙසු අම‍්හාකං රුක‍්ඛෙ අභිරුහිත්‍වා නිසීදිතුම‍්පි න යුත‍්තං, තෙමාසං පුත‍්තදාරෙ ගහෙත්‍වා භූමියං නිසීදනට‍්ඨානානිපි දුක‍්ඛානි, කිඤ‍්චි කත්‍වා ඉමෙ භික‍්ඛූ පලාපෙතුං වට‍්ටතී”ති.

ඉන්පසු දේවතාවෝ - පින්වතුන්වහන්සේලා මේ තුන්මාසය මෙහිම වසතියි සිතන්නෙමු. උන්වහන්සේලා මෙහි වසන කල අපි ගස්උඩ නැග සිටීමද නුසුදුසුය. දූදරුවන් සමග තෙමසක් බිම සිටීමද දුක්ඛදායකය. කුමක් හෝ කොට මේ භික්ෂූන් මෙතනින් පලවා හැරිය යුතුයයි සිතූහ.

තා තෙසු තෙසු රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු චෙව චඞ‍්කමනකොටීසු ච ඡින‍්නසීසානි කබන්‍ධානි දස‍්සෙතුං අමනුස‍්සසද‍්දඤ‍්ච භාවෙතුං ආරභිංසු. භික‍්ඛූනං ඛිපිතකාසාදයො රොගා පවත‍්තිංසු. තෙ අඤ‍්ඤමඤ‍්ඤං “තුය‍්හං, ආවුසො, කිං රුජ‍්ජතී”ති පුච‍්ඡන‍්තා, “මය‍්හං ඛිපිතරොගො, මය‍්හං කාසො”ති වත්‍වා, “ආවුසො, අහං අජ‍්ජ චඞ‍්කමනකොටියං ඡින‍්නසීසං අද‍්දසං, අහං රත‍්තිට‍්ඨානෙ කබන්‍ධං අද‍්දසං, අහං දිවාට‍්ඨානෙ අමනුස‍්සසද‍්දං අස‍්සොසිං, පරිවජ‍්ජෙතබ‍්බයුත‍්තකමිදං ඨානං, අම‍්හාකං ඉධ අඵාසුකං අහොසි, සත්‍ථු සන‍්තිකං ගමිස‍්සාමා”ති නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු.

පසුව ඒ රාත්‍රිස්ථාන දිවාස්ථානවල මෙන්ම සක්මන් කරන මළුකෙළවරත් සිඳී වෙන්වී ගිය හිස් ඇති කබන්ධරූප දැක්වීමටත් අමනුෂ්‍ය ශබ්ද ඇස්වීමටත් පටන්ගත්හ. භික්ෂූන්ට ඛිපිතක (කිබුහුන් යෑම) කාස (කැස්ස) ආදී රෝග ඇති විය. ඔවුහු ඔවුනොවුන්ට ඇවැත්නි ඔබට මොන රෝගයදැයි අසා මට කිබුහුන් යෑමේ රෝගය, මට කැස්ස ආදියයි කියා, මම අද සක්මන් කෙළවර හිසසුන් කබන්ධරූපයක් දිටිමි, මම දවල් ගතකරන තැන අමනුෂ්‍ය ශබ්දයක් ඇසීමි, මෙතැන අත්හැරිය යුතු තැනකි. අපට මෙතැන විසීම අපහසුයි. බුදුන් හමුවට යමුයි ඒ භික්ෂූහු එතැනින් නික්ම ක්‍රමයෙන් ගොස් බුදුන් හමුවට පැමිණ වැඳ එකත්පසෙක හිඳගත්හ.

අථ නෙ සත්‍ථා ආහ – “කිං, භික‍්ඛවෙ, තස‍්මිං ඨානෙ වසිතුං න සක‍්ඛිස‍්සථා”ති? “ආම, භන‍්තෙ, අම‍්හාකං තස‍්මිං ඨානෙ වසන‍්තානං එවරූපානි භෙරවාරම‍්මණානි උපට‍්ඨහන‍්ති, එවරූපං අඵාසුකං හොති, තෙන මයං ‘වජ‍්ජෙතබ‍්බයුත‍්තකමිදං ඨාන’න‍්ති තං ඡඩ‍්ඩෙත්‍වා තුම‍්හාකං සන‍්තිකං ආගතා”ති. “භික‍්ඛවෙ, තත්‍ථෙව තුම‍්හාකං ගන‍්තුං වට‍්ටතී”ති. “න සක‍්කා, භන‍්තෙ”ති. “භික‍්ඛවෙ, තුම‍්හෙ ආවුධං අග‍්ගහෙත්‍වා ගතා, ඉදානි ආවුධං ගහෙත්‍වා ගච‍්ඡථා”ති. “කතරාවුධං, භන‍්තෙ”ති? සත්‍ථා “අහං ආවුධං වො දස‍්සාමි, මයා දින‍්නං ආවුධං ගහෙත්‍වා ගච‍්ඡථා”ති වත්‍වා –

බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන්ගෙන් මහණෙනි, ඇයි ඒ ස්ථානයෙහි විසීම අපහසුද? එසේය ස්වාමීනි, එහි වසන අපට මෙබඳු භයානක අරමුණු හමුවෙයි, එබඳු අපහුතා නිසා ඒ ස්ථානය හැරදැමියයුතුතැනක් යයි එය හැරදමා ඔබවහන්සේ හමුවට ආවෙමු යයි කීහ. මහණෙනි, නුඹලා ඒ ස්ථානයටම යාම වටී. ස්වාමීනි එහියන්ට අපට නොහැකියි. මහණෙනි, ඔබ එහි ගියේ ආයුධ රැගෙන නොවේ. දැන් ආයුධත් රැගෙන යන්න. ස්වාමීනි, මොන ආයුධද? ශාස්තෘන්වහන්සේ මමම නුඹලාට ආයුධ දෙන්නෙමි. මා දෙන ආයුධ රැගෙන යන්නැයි වදාරා,

“කරණීයමත්‍ථකුසලෙන, යන‍්ත සන‍්තං පදං අභිසමෙච‍්ච; සක‍්කො උජූ ච සුහුජූ ච, සුවචො චස‍්ස මුදු අනතිමානී”ති. (ඛු· පා· 9.1; සු· නි· 143) –

‘කරණීය මත්ථකුසලෙන යන්තං සන්තංපදං අභිසමෙච්ච, සක්කො උජූ ච සූජූ ච සුවචොචස්ස මුදු අනතිමානී’

සකලං මෙත‍්තසුත‍්තං කථෙත්‍වා, “භික‍්ඛවෙ, ඉමං තුම‍්හෙ බහි විහාරස‍්ස වනසණ‍්ඩතො පට‍්ඨාය සජ‍්ඣායන‍්තා අන‍්තොවිහාරං පවිසෙය්‍යාථා”ති උය්‍යොජෙසි. තෙ සත්‍ථාරං වන්‍දිත්‍වා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන තං ඨානං පත්‍වා බහිවිහාරෙ ගණසජ‍්ඣායං කත්‍වා සජ‍්ඣායමානා වනසණ‍්ඩං පවිසිංසු. සකලවනසණ‍්ඩෙ දෙවතා මෙත‍්තචිත‍්තං පටිලභිත්‍වා තෙසං පච‍්චුග‍්ගමනං කත්‍වා පත‍්තචීවරපටිග‍්ගහණං ආපුච‍්ඡිංසු, හත්‍ථපාදසම‍්බාහනං ආපුච‍්ඡිංසු, තෙසං තත්‍ථ තත්‍ථ ආරක‍්ඛං සංවිදහිංසු, පක‍්කධූපනතෙලං විය සන‍්නිසින‍්නා අහෙසුං. කත්‍ථචි අමනුස‍්සසද‍්දො නාම නාහොසි. තෙසං භික‍්ඛූනං චිත‍්තං එකග‍්ගං අහොසි. තෙ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු නිසින‍්නා විපස‍්සනාය චිත‍්තං ඔතාරෙත්‍වා අත‍්තනි ඛයවයං පට‍්ඨපෙත්‍වා, “අයං අත‍්තභාවො නාම භිජ‍්ජනකට‍්ඨෙන අථාවරට‍්ඨෙන කුලාලභාජනසදිසො”ති විපස‍්සනං වඩ‍්ඪයිංසු. සම‍්මාසම‍්බුද‍්ධො ගන්‍ධකුටියා නිසින‍්නොව තෙසං විපස‍්සනාය ආරද‍්ධභාවං ඤත්‍වා තෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා, “එවමෙව, භික‍්ඛවෙ, අයං අත‍්තභාවො නාම භිජ‍්ජනකට‍්ඨෙන අථාවරට‍්ඨෙන කුලාලභාජනසදිසො එවා”ති වත්‍වා ඔභාසං ඵරිත්‍වා යොජනසතෙ ඨිතොපි අභිමුඛෙ නිසින‍්නො විය ඡබ‍්බණ‍්ණරංසියො විස‍්සජ‍්ජෙත්‍වා දිස‍්සමානෙන රූපෙන ඉමං ගාථමාහ –

ආදී සියලු මෙත්තසූත්‍රය කියා, මහණෙනි, මෙය නුඹලා විහාරයෙන් පිටත ඇති වන ලැහැබේ සිට සජ්ඣායනා කරමින් ඇතුල්විහාරයට පිවිසෙව් යයි පිටත් කළහ. ඔවුහු බුදුන් වැඳ නික්මී පිළිවෙලින් එතැනට පැමිණ විහාරයෙන් පිටත සිට එකතුව සජ්ඣායනා කරමින්ම වනසණ්ඩයට පිවිසියාහුය. මුළු වනසණ්ඩයෙහි සිටි දේවතාවෝ මෛත්‍රීසිත් ඇතිව භික්ෂූන්ට පෙර ගමන් කොට පාසිවුරු පිළිගැනීම විචාළහ. සිරුරු මිරිකීමට ඇසූහ. ඒ භික්ෂූන්ගේ ආරක්ෂාසංවිධාන සැලසූහ. තෙල්හි දමා බැද්දවුන් මෙන් ඒ ඒ තැන නොසැලී සිටියාහුය. කිසි තැනක අමනුෂ්‍යහඬක් නොවීය. ඒ භික්ෂූන්ගේ සිත් එකඟ විය. ඔවුහු රාත්‍රිස්ථාන දිවාස්ථානවල සිට විපස්සනාවට සිත යොමුකොට ශරීරයේ ක්ෂයවීම වැනසීම ගැන භාවනා වඩා මේ ආත්මභාවය නම් බිඳෙනසුලු අර්ථයෙන්, අස්ථාවර අර්ථයෙන් කුඹල්භාජනයක් හා සමාන යයි විදර්ශනා වැඩුවාහුය. සම්මාසම්බුදුරජාණන්වහන්සේ ගඳකිළියෙහි වැඩසිටගෙනම ඔවුන් විදර්ශනාවට වැඩුණු බව දැනවදාරා ඒ භික්ෂූන් අමතා, මහණෙනි, එසේමයි, මේ ආත්මභාවය නම් බිඳෙන අරුතින් - ස්ථාවර නොවන තේරුමෙන් කුඹල්බඳුනක් හා සමාන යයි ආලෝකයක් විහිදුවා යොදුන් සියයක් දුර සිටියත් අභිමුඛයෙහි සිටින්නාක් මෙන් සවණක්රැස් විහිදුවා තමන්ගේ රූපය පෙනෙන සේ සලස්වා මේ ගාථාව වදාළ සේක.

“කුම‍්භූපමං කායමිංම විදිත්‍වා, නගරූපමං චිත‍්තමිදං ඨපෙත්‍වා; යොධෙථ මාරං පඤ‍්ඤාවුධෙන, ජිතඤ‍්ච රක‍්ඛෙ අනිවෙසනො සියා”ති.

කළයකට සිරුරුත් සිත නුවරකට සම කොට මෙ උපමා සිහිකොට පඤ්ඤායුධය අරගෙන මරසෙන් පරදවා යුදෙන් අත්පත් කළ ජය රැකිය යුතු තිරකොට එයයි විදසුන් වඩන අරමුණ

තත්‍ථ කුම‍්භූපමන‍්ති අබලදුබ‍්බලට‍්ඨෙන අනද‍්ධනියතාවකාලිකට‍්ඨෙන ඉමං කෙසාදිසමූහසඞ‍්ඛාතං කායං කුම‍්භූපමං කුලාලභාජනසදිසං විදිත්‍වා. නගරූපමං චිත‍්තමිදං ඨපෙත්‍වාති නගරං නාම බහිද‍්ධා ථිරං හොති, ගම‍්භීරපරිඛං පාකාරපරික‍්ඛිත‍්තං ද‍්වාරට‍්ටාලකයුත‍්තං, අන‍්තොසුවිභත‍්තවීථිචතුක‍්කසිඞ‍්ඝාටකසම‍්පන‍්නං අන‍්තරාපණං, තං “විලුම‍්පිස‍්සාමා”ති බහිද‍්ධා චොරා ආගන‍්ත්‍වා පවිසිතුං අසක‍්කොන‍්තා පබ‍්බතං ආසජ‍්ජ පටිහතා විය ගච‍්ඡන‍්ති, එවමෙව පණ‍්ඩිතො කුලපුත‍්තො අත‍්තනො විපස‍්සනාචිත‍්තං ථිරං නගරසදිසං කත්‍වා ඨපෙත්‍වා නගරෙ ඨිතො එකතොධාරාදිනානප‍්පකාරාවුධෙන චොරගණං විය විපස‍්සනාමයෙන ච අරියමග‍්ගමයෙන ච පඤ‍්ඤාවුධෙන තංතංමග‍්ගවජ‍්ඣං කිලෙසමාරං පටිබාහන‍්තො තං තං කිලෙසමාරං යොධෙථ, පහරෙය්‍යාථාති අත්‍ථො. ජිතඤ‍්ච රක‍්ඛෙති ජිතඤ‍්ච උප‍්පාදිතං තරුණවිපස‍්සනං ආවාසසප‍්පායඋතුසප‍්පායභොජනසප‍්පායපුග‍්ගලසප‍්පායධම‍්මස‍්සවනසප‍්පායාදීනි ආසෙවන‍්තො අන‍්තරන‍්තරා සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය සුද‍්ධචිත‍්තෙන සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො රක‍්ඛෙය්‍ය.

එහි කුම්භූපමං යනු අබලදුබල යන අරුතින් දිගුකල් නොපවතින තාවකාලිකාර්ථයෙන් මේ කෙස්සමූහ සංඛ්‍යාත කය කුම්භූපමං කුළල් බඳුනකට සමානයයි දැන. නගරූපමං යනු නගරයක් නම් පිටතින් ස්ථිර වේ. ගැඹුරු ඇළවල්වලින්ද, ප්‍රාකාරවලින් වටකිරීමෙන්ද, දොරටු හා මුරගෙවලින්ද ඇතුළත මැනවින් තැන සතරමංසන්ධි, සිය ගණනින් යුක්ත ඇතුළත වෙළඳසැල් ආදියෙන්ද යුක්තය. එය පැහැර ගන්නෙමු යයි පිටතින් සොරු අවුත් පිවිසිය නොහැකිව පර්වතයක හැපුණාක් මෙන් ආපසු යති. එසේ නුවණැති කුලපුත්‍රයා තමන්ගේ විදර්ශනාසිත ස්ථිර නගරයක් සේ තබාගෙන නගරයෙහි එකතුව සිට මුවහත්කල ආදි නානාප්‍රකාර ආයුධවලින් සොරමුළ පලවා හරින්නාක් මෙන් විදර්ශනාමය ආර්යමාර්ග නැමති ප්‍රඥා ආයුධයෙන් ඒ ඒ මාර්ගවලින් නැසිය යුතු ක්ලේශමාරයන් විනාශ කොට ඒ ඒ කෙලෙස්මරුන් සමග යුද්ධ කරව්, පහරදෙව් යන අර්ථයි. ජිතං ච රක්ඛෙ යනු දිනන ලද උපදවා ගන්නා ලද තරුණ විදර්ශනාව ආවාසසප්පාය, උතුසප්පාය, භොජනසප්පාය, පුග්ගලසප්පාය, ධම්මසවණසප්පාය ආදිය සේවනය නොකර, අතරින්පතර සමාපත්තියට සමවැදී එයින් නැගිට පිරිසිදු සිතින් සංස්කාරයන් ගැන මෙනෙහි කරමින් රැකගත යුතුයි.

අනිවෙසනො සියාති අනාලයො භවෙය්‍ය. යථා නාම යොධො සඞ‍්ගාමසීසෙ බලකොට‍්ඨකං කත්‍වා අමිත‍්තෙහි සද‍්ධිං යුජ‍්ඣන‍්තො ඡාතො වා පිපාසිතො වා හුත්‍වා සන‍්නාහෙ වා සිථිලෙ ආවුධෙ වා පතිතෙ බලකොට‍්ඨකං පවිසිත්‍වා විස‍්සමිත්‍වා භුඤ‍්ජිත්‍වා පිවිත්‍වා සන‍්නහිත්‍වා ආවුධං ගහෙත්‍වා පුන නික‍්ඛමිත්‍වා යුජ‍්ඣන‍්තො පරසෙනං මද‍්දති, අජිතං ජිනාති, ජිතං රක‍්ඛති. සො හි සචෙ බලකොට‍්ඨකෙ ඨිතො එවං විස‍්සමන‍්තො තං අස‍්සාදෙන‍්තො අච‍්ඡෙය්‍ය, රජ‍්ජං පරහත්‍ථගතං කරෙය්‍ය, එවමෙව, භික‍්ඛු, පටිලද‍්ධං තරුණවිපස‍්සනං පුනප‍්පුනං සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය සුද‍්ධචිත‍්තෙන සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො රක‍්ඛිතුං සක‍්කොති, උත‍්තරිමග‍්ගඵලපටිලාභෙන කිලෙසමාරං ජිනාති. සචෙ පන සො සමාපත‍්තිමෙව අස‍්සාදෙති, සුද‍්ධචිත‍්තෙන පුනප‍්පුනං සඞ‍්ඛාරෙ න සම‍්මසති, මග‍්ගඵලපටිවෙධං කාතුං න සක‍්කොති. තස‍්මා රක‍්ඛිතබ‍්බයුත‍්තකං රක‍්ඛන‍්තො අනිවෙසනො සියා, සමාපත‍්තිං නිවෙසනං කත්‍වා තත්‍ථ න නිවෙසෙය්‍ය, ආලයං න කරෙය්‍යාති අත්‍ථො. “අද‍්ධා තුම‍්හෙපි එවං කරොථා”ති එවං සත්‍ථා තෙසං භික‍්ඛූනං ධම‍්මං දෙසෙසි.

අනිවෙසනො සියා යනු ආලය නොකිරීමයි. යම් විදියකින් යෝධයෝ යුදපිටියෙහි බලකොටු බැඳගෙන හතුරන් සමග යුද්ධ කරමින් බඩගිනි හෝ පිපාසය ඇතිවී යුදඇඳුම් බුරුල්වූ හෝ ආයුධ තමන් අතින් ගිළිහී වැටුණු විට බලකොටුවට පැමිණ විශ්‍රාම ගෙන කා බී යුද ඇඳුම් ලාගෙන ආයුධ අතට ගෙන නැවත ගොස් යුද්ධ කොට විරුද්ධසේනා මැඩලයිද, නොදිනූ දේ දිනා දිනූ කොටස රැක ගනීද එමෙනි. ඔහුම බලකොටුවෙහි විශ්‍රාමගෙන ඒ ගැන ප්‍රීතියෙන් නැවතී සිටියහොත්, ස්වකීය රාජ්‍යය පරහස්තගත කරන්නේය. එලෙසින්ම අලුතෙන් විදර්ශනාඵලය ලැබූ භික්ෂුව නැවත නැවතත් සමාපත්තියට සමවැද එයින් නැගිට ශුද්ධසිතින් සංස්කාරයන් ගැන මෙනෙහි කරමින් සිටියොත් ඔහුට එය රැක ගැනීමට පුළුවන් වේ. ඉන් ඉදිරියටත් ආර්යමාර්ග ලබා ගැනීමෙන් කෙලෙස් මරුන් දිනයි. යම් ශුද්ධසිතින් සංස්කාරයන් සිහිකිරීමට උත්සුක නොවුණොත් ඉන් ඉදිරියෙහි ඇති මාර්ගඵල ලබා ගැනීමට අපොහොසත් වෙයි. එනිසා රැකියයුතු දේ රැකගනිමින් නොනැවතිය යුතුය, සමාපත්තිය නිවෙසනයක් කර නොගෙන, එහි නැවතීම නොකළ යුතුය. ආලය නොකළ යුතුය යන අර්ථයි. එ නිසා ඔබ හැම එසේ කළයුතුයයි දේශනා කළසේක.

දෙසනාවසානෙ පඤ‍්චසතා භික‍්ඛූ නිසින‍්නට‍්ඨානෙ නිසින‍්නායෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත්‍වා තථාගතස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං වණ‍්ණයන‍්තා ථොමෙන‍්තා වන්‍දන‍්තාව ආගච‍්ඡිංසූති.

දේශනාවසානයෙහි පන්සීයක් පමණ භික්ෂූහු ඒ හුන් තැන්වලදීම ප්‍රතිසම්භිදාසහිත රහත්බවට පැමිණ බුදුරදුන්ගේ රන්වන්සිරුර වර්ණනා කරමින්, ස්තුති කරමින් වන්දනා කරමින් ඉවත්ව ගියහ.

පඤ‍්චසතභික‍්ඛුවත්‍ථු ඡට‍්ඨං.

සයවන පන්සීයක් විදර්ශක භික්ෂූන්ගේ වස්තුවයි.