යෙදුමෙන් කියවන්න

6-7. චිත‍්තහත්‍ථත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

6-7. චිත‍්තහත්‍ථත්‍ථෙරවත්‍ථු

6-7. චිත්තහත්ථ තෙරුන්ගේ වස්තුව

අනවට‍්ඨිතචිත‍්තස‍්සාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො චිත‍්තහත්‍ථත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

අනවට්ඨිත චිත්තස්ස ආදි මේ දේශනාව බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි චිත්තහත්ථ නම් තෙරනමක් අරභයා දේශනා කරන ලද්දකි.

එකො කිර සාවත්‍ථිවාසී කුලපුත‍්තො නට‍්ඨගොණං පරියෙසන‍්තො අරඤ‍්ඤං පවිසිත්‍වා මජ‍්ඣන‍්හිකෙ කාලෙ ගොණං දිස‍්වා ගොයූථෙ විස‍්සජ‍්ජෙත්‍වා, “අවස‍්සං අය්‍යානං සන‍්තිකෙ ආහාරමත‍්තං ලභිස‍්සාමී”ති ඛුප‍්පිපාසාපීළිතො විහාරං පවිසිත්‍වා භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

සැවැත්වාසී එක් කුලපුත්‍රයෙක් නැති වූ ගොනෙක් සොයමින් වනයට ගොස් මද්දහන්වේලාවේ ගොනා දැක ගවරැළ නිසි තැනට පමුණුවා ආර්යයන් වහන්සේලා ළඟින් ආහාර ටිකක් ලබාගනිමියි සිතා බඩසයින් පීඩිත හෙයින් විහාරයට ගොස් භික්ෂූන් ළඟ සිට වැඳ එක්පසෙක සිටියේය.

තස‍්මිං ඛො පන සමයෙ භික‍්ඛූනං අවක‍්කාරපාතියං භුත‍්තාවසෙසකං භත‍්තං හොති, තෙ තං ඡාතකපීළිතං දිස‍්වා, “ඉතො භත‍්තං ගහෙත්‍වා භුඤ‍්ජාහී”ති වදිංසු. බුද‍්ධකාලෙ ච පන අනෙකසූපබ්‍යඤ‍්ජනං භත‍්තං උප‍්පජ‍්ජති, සො තතො යාපනමත‍්තං ගහෙත්‍වා භුඤ‍්ජිත්‍වා පානීයං පිවිත්‍වා හත්‍ථෙ ධොවිත්‍වා භික‍්ඛූ වන්‍දිත්‍වා, “කිං, භන‍්තෙ, අජ‍්ජ, අය්‍යා, නිමන‍්තනට‍්ඨානං අගමංසූ”ති පුච‍්ඡි. “නත්‍ථි, උපාසක, භික‍්ඛූ ඉමිනාව නීහාරෙන නිබද‍්ධං ලභන‍්තී”ති. සො “මයං උට‍්ඨාය සමුට‍්ඨාය රත‍්තින්‍දිවං නිබද‍්ධං කම‍්මං කරොන‍්තාපි එවං මධුරබ්‍යඤ‍්ජනං භත‍්තං න ලභාම, ඉමෙ කිර නිබද‍්ධං භුඤ‍්ජන‍්ති, කිං මෙ ගිහිභාවෙන, භික‍්ඛු භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. අථ නං භික‍්ඛූ “සාධු උපාසකා”ති පබ‍්බාජෙසුං.

එකල වනාහි භික්ෂූන්ගේ (අවක්කාරපාති) වළඳා ඉතිරිවන කොටස් දමන භාජනවල බත් ඇත. භික්ෂූහු ඒ ආහාර බඩසයින් පෙළෙනවුන් දැක මෙයින් බත් ගෙන කවයි කීහ. බුද්ධකාලයෙහි නොයෙක් සුපව්‍යංජන සහිතව බත් ලැබුණේය. හෙතෙම එයින් තමන් යැපෙන පමණක් රැගෙන අනුභව කොට වතුර බී අත් සෝදාගෙන භික්ෂූන් වැඳ ස්වාමීනි, අද ආර්යයන්වහන්සේලා ආරාධනා කළ දානයකට වැඩියාහුදැයි ඇසීය. උපාසකය නැත. භික්ෂූහු මේ ආකාරයෙන් හැමදාම දානය ලබත්යයි ප්‍රකාශ කළහ. හෙතෙම, අපි නැගිට උත්සාහයෙන් රෑදාවල් නිතර වැඩ කළත් මෙවැනි මිහිරි ව්‍යංජන සමග බත් නොලබමු. මේ භික්ෂූහු මෙබඳු බතක් වළඳති. මට මේ ගිහිකමෙන් පලක් නැත. භික්‍ෂුවක් වන්නෙමියි සිතා, භික්ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලා සිටියේය. පසුව භික්ෂූහු යහපත උපාසකයයි පැවිදි කළාහුය.

සො ලද‍්ධූපසම‍්පදො සබ‍්බප‍්පකාරං වත‍්තපටිවත‍්තං අකාසි. සො බුද‍්ධානං උප‍්පන‍්නෙන ලාභසක‍්කාරෙන කතිපාහච‍්චයෙන ථූලසරීරො අහොසි. තතො චින‍්තෙසි – “කිං මෙ භික‍්ඛාය චරිත්‍වා ජීවිතෙන, ගිහී භවිස‍්සාමී”ති. සො විබ‍්භමිත්‍වා ගෙහං පාවිසි. තස‍්ස ගෙහෙ කම‍්මං කරොන‍්තස‍්ස කතිපාහෙනෙව සරීරං මිලායි. තතො “කිං මෙ ඉමිනා දුක‍්ඛෙන, සමණො භවිස‍්සාමී”ති චින‍්තෙත්‍වා පුන ගන‍්ත්‍වා පබ‍්බජි. සො කතිපාහං වීතිනාමෙත්‍වා පුන උක‍්කණ‍්ඨිත්‍වා විබ‍්භමි, පබ‍්බජිතකාලෙ පන භික‍්ඛූනං උපකාරකො හොති. සො කතිපාහෙනෙව පුනපි උක‍්කණ‍්ඨිත්‍වා, “කිං මෙ ගිහිභාවෙන, පබ‍්බජිස‍්සාමී”ති ගන‍්ත්‍වා භික‍්ඛූ වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. අථ නං භික‍්ඛූ උපකාරවසෙන පුන පබ‍්බාජයිංසු. එවං සො ඉමිනා නියාමෙනෙව ඡක‍්ඛත‍්තුං පබ‍්බජිත්‍වා උප‍්පබ‍්බජිතො. තස‍්ස භික‍්ඛූ “එස චිත‍්තවසිකො හුත්‍වා විචරතී”ති චිත‍්තහත්‍ථත්‍ථෙරොති නාමං කරිංසු.

හෙතෙම බුදුන්ට උපන් ලාභසත්කාරයෙන් කිහිප දිනකින්ම ස්ථුල සිරුරක් ඇත්තකු බවට පත්විය. ඉන්පසු ඔහු, මෙසේ පිඬුසිඟා වළඳන ජීවිතයෙන් පලක් නැත. ගිහියකු වන්නෙමියි සිතීය. ඔහු ගෙදර ගියේය. ගෙදර කටයුතු කරන ඔහුගේ ශරීරය කීප දිනකින්ම මළානික විය. හෙතෙම මට මේ දුක්බර ජීවිතයෙන් කුමන ඵලයක්දැයි සිතා නැවත ගොස් පැවිදි විය. හෙතෙම කීප දිනක් ගතකොට නැවත කලකිරී උපැවිදි වූයේය. උපැවිදි ව සිටින කාලයේ ඔහු භික්ෂූන්ගේ උපස්ථායකයකු විය. හෙතෙම නැවතද කීප දිනකින්ම ම කලකිරී මට මේ ගිහි ජීවිතයෙන් වැඩක් නැතැයි භික්ෂූන් වෙත ගොස් වැඳ පැවිද්ද ඉල්ලා සිටියේය. භික්ෂූහු ඔහුට උපකාර වශයෙන් පැවිදි කළහ. මෙසේ ඔහු හයවරක් පැවිදිවී ගිහි වූයේය. භික්ෂූන්වහන්සේලා, මොහු සිතට වසීවී වසන්නෙකියි චිත්තහත්ථ යයි නම් කළහ.

තස‍්සෙවං අපරාපරං විචරන‍්තස‍්සෙව භරියා ගබ‍්භිනී අහොසි. සො සත‍්තමෙ වාරෙ අරඤ‍්ඤතො කසිභණ‍්ඩමාදාය ගෙහං ගන‍්ත්‍වා භණ‍්ඩකං ඨපෙත්‍වා “අත‍්තනො කාසාවං ගණ‍්හිස‍්සාමී”ති ගබ‍්භං පාවිසි. තස‍්මිං ඛණෙ තස‍්ස භරියා නිපජ‍්ජිත්‍වා නිද‍්දායති. තස‍්සා නිවත්‍ථසාටකො අපගතො හොති, මුඛතො ච ලාලා පග‍්ඝරති, නාසා ඝුරඝුරායති, මුඛං විවට‍්ටං, දන‍්තං ඝංසති, සා තස‍්ස උද‍්ධුමාතකසරීරං විය උපට‍්ඨාසි. සො “අනිච‍්චං දුක‍්ඛං ඉද”න‍්ති සඤ‍්ඤං ලභිත්‍වා, “අහං එත‍්තකං කාලං පබ‍්බජිත්‍වා ඉමං නිස‍්සාය භික‍්ඛුභාවෙ සණ‍්ඨාතුං නාසක‍්ඛි”න‍්ති කාසායකොටියං ගහෙත්‍වා උදරෙ බන්‍ධිත්‍වා ගෙහා නික‍්ඛමි.

පැවිදි වෙමින් ගිහි වෙමින් මෙසේ කාලය ගත කරන ඔහුගේ බිරිය මේ අතර ගැබිණියක් වූවාය. ඔහු සත්වෙනි වාරයෙහි ගිහි බවට පැමිණ වනයට ගොස් ගොවි උපකරණත් රැගෙන ගෙට ගොස් උපකරණ තබා තමන්ගේ කහවත් ගන්නෙමියි ඇතුළුගෙට ගියේය. ඒ වේලාවෙහි භාර්යාව වැදහෙව නිදා සිටියාය. ඈ හැඳිසළු සිරුරින් ඉවතට ගොස් කටෙන් කුණුකෙළද පිටවෙයි. නාසයෙන් ගුරුගරු හඬ පිටවෙයි. කට විවෘතය. ඈ දෙස බැලූ ඔහුට ඉදිමීගිය සිරුරක් මෙන් වැටහිණ. හෙතෙම, අනේ, අනිච්චං දුක්ඛං යි කියා, මම මෙතෙක් කල් මෑ නිසා පැවිදිවී සිටිනු නොහැකිව ගිහිවීමි. කහවත රැගෙන එහි කෙළවර උදරයේ බඳිමින්ම නික්මී ගියේය.

අථස‍්ස අනන‍්තරගෙහෙ ඨිතා සස‍්සු තං තථා ගච‍්ඡන‍්තං දිස‍්වා, “අයං පටිඋක‍්කණ‍්ඨිතො භවිස‍්සති, ඉදානෙව අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා කාසාවං උදරෙ බන්‍ධිත්‍වාව ගෙහා නික‍්ඛන‍්තො විහාරාභිමුඛො ගච‍්ඡති, කිං නු ඛො”ති ගෙහං පවිසිත්‍වා නිද‍්දායමානං ධීතරං පස‍්සිත්‍වා “ඉමං දිස‍්වා සො විප‍්පටිසාරී හුත්‍වා ගතො”ති ඤත්‍වා ධීතරං පහරිත්‍වා “උට‍්ඨෙහි කාළකණ‍්ණි, සාමිකො තෙ තං නිද‍්දායමානං දිස‍්වා විප‍්පටිසාරී හුත්‍වා ගතො, නත්‍ථි සො ඉතො පට‍්ඨාය තුය‍්හ”න‍්ති ආහ. “අපෙහි අපෙහි, අම‍්ම, කුතො තස‍්ස ගමනං අත්‍ථි, කතිපාහෙනෙව පුනාගමිස‍්සතී”ති ආහ. සොපි “අනිච‍්චං දුක‍්ඛ”න‍්ති වත්‍වා ගච‍්ඡන‍්තො ගච‍්ඡන‍්තොව සොතාපත‍්තිඵලං පාපුණි. සො ගන‍්ත්‍වා භික‍්ඛූ වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචි. “න සක‍්ඛිස‍්සාම මංයං තං පබ‍්බාජෙතුං, කුතො තුය‍්හං සමණභාවො, සත්‍ථකනිසානපාසාණසදිසං තව සීස”න‍්ති. “භන‍්තෙ, ඉදානි මං අනුකම‍්පාය එකවාරං පබ‍්බාජෙථා”ති. තෙ තං උපකාරවසෙන පබ‍්බාජයිංසු. සො කතිපාහෙනෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි.

ඉන්පසු අල්ලපුගෙදර සිටි ඔහුගේ නැන්දණිය ගෙයින් පිටත්ව යන ඔහු දැක, මේ පිටත්ව යන්නා දැන් මොහොතකට කලින් කැලයේ සිට ආවේය. එසේ ආ හැටියේම කසාවත බඩේ බැඳගෙන ගෙට ගොස් නිදන දුවණිය දැක, ඔහු මැය දැක කලකිරී යන්ට ඇතැයි, දුවට පහරක් ගසා, කාලකණ්ණිය, නැගිටුව, තීගේ සැමියා තී නිදා සිටින හැටි දැක කලකිරී ගියේය. මින්පසු නම් තිට ඔහු ලැබෙන්නේ නැතැයි කීවාය. අම්මා, නිකම් ඉන්න, ඔහුගේ යාමක් කොයින්ද? දවස් කීපයකින් නැවත ඔහු ආපසු එනවා ඇතියි කීවාය. හෙතෙමේ අනිච්චං දුක්ඛං යයි කියමින් යන ගමනේදීම සෝවාන්ඵලයට පැමිණියේය. ඔහු ගොස් භික්ෂූන් වැඳ පැවිද්ද ඉල්ලීය. ඔබ පැවිදි කරන්ට අපට බැරිය. ඔබට පැවිදි බවක් කොයින්ද? ඔබේ ඔළුව අපේ කරකැති මුවහත් තබන ගලක් වැනිය. ස්වාමීනි, මා තව එක වරක් පැවිදි කරන්න. භික්ෂූහු ඔහුට උපකාර වශයෙන් පැවිදි කළහ. හෙතෙම කීප දිනකින්ම සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණියේය.

තෙපි නං ආහංසු – “ආවුසො චිත‍්තහත්‍ථ, තව ගමනසමයං ත්‍වමෙව ජානෙය්‍යාසි, ඉමස‍්මිං වාරෙ තෙ චිරායිත”න‍්ති. “භන‍්තෙ, සංසග‍්ගස‍්ස අත්‍ථිභාවකාලෙ ගතම‍්හා, සො නො සංසග‍්ගො ඡින‍්නො, ඉදානි අගමනධම‍්මා ජාතම‍්හා”ති. භික‍්ඛූ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා, “භන‍්තෙ, අයං භික‍්ඛු අම‍්හෙහි එවං වුත‍්තො එවං නාම කථෙසි, අඤ‍්ඤං බ්‍යාකරොති, අභූතං වදතී”ති ආහංසු. සත්‍ථා “ආම, භික‍්ඛවෙ, මම පුත‍්තො අත‍්තනො අනවට‍්ඨිතචිත‍්තකාලෙ සද‍්ධම‍්මං අජානනකාලෙ ගමනාගමනං අකාසි, ඉදානිස‍්ස පුඤ‍්ඤඤ‍්ච පාපඤ‍්ච පහීන”න‍්ති වත්‍වා ඉමා ද‍්වෙ ගාථා ආහ –

භික්ෂූහු ඔහුට මෙසේ කීවෝය. ඇවැත් චිත්තහත්ථයෙනි, ඇයි ඔබේ ආපසු යන ගමන් කාලය ඔබම දන්නෙහි නොවේ ද, මේ වර නම් ඔබේ ගමන් කාලය කල්ගියා වගෙයි. ස්වාමීනි, බැඳීම් සංසර්ග ඇති කාලයේ ගියෙමි. ඒ සංසර්ග බැඳීම් සිඳීබිඳී ගොස්ය. දැන් ධර්මයට පැමිණ ඇති හෙයින් නොයමි. භික්ෂූහු බුදුන් හමුවට ගොස් ස්වාමීනි, මේ භික්ෂුවට අපි මෙසේ කී විට ඔහු මෙසේ කියයි. එකක් කීකල අනිකක් කියයි. අභූත කථා කරයි කියා දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ, ඔව් මහණෙනි, මා පුත්‍රයා තමතමන්ගේ තිර නොවූ සිත් ඇති කාලයේ, දහම නොදන්නා කාලයේ යාම ඊම කෙළේය. දැන් ඔහුගේ පව්පින් සියල්ල ප්‍රහීණ යයි වදාරා මේ ගාථාද ප්‍රකාශ කළහ.

“අනවට‍්ඨිතචිත‍්තස‍්ස, සද‍්ධම‍්මං අවිජානතො; පරිප‍්ලවපසාදස‍්ස, පඤ‍්ඤා න පරිපූරති.

නොතිර වූ සිත් ඇති සදහම කිසිත් නොමදත් සැලෙන සැදැහැතියාගේ නුවණ කිසි විට නොවැඩෙයි

“අනවස‍්සුතචිත‍්තස‍්ස, අනන්‍වාහතචෙතසො; පුඤ‍්ඤපාපපහීනස‍්ස, නත්‍ථි ජාගරතො භය”න‍්ති.

රා දොසින් නොතෙත් වන කෝපයෙන් දැඩි නොවන සිත් ඇතිව පින්පව් දුරුකළ රහතුනට බිය නොම වේ

තත්‍ථ අනවට‍්ඨිතචිත‍්තස‍්සාති චිත‍්තං නාමෙතං කස‍්සචි නිබද‍්ධං වා ථාවරං වා නත්‍ථි. යො පන පුග‍්ගලො අස‍්සපිට‍්ඨෙ ඨපිතකුම‍්භණ‍්ඩං විය ච ථුසරාසිම‍්හි කොට‍්ටිතඛාණුකො විය ච ඛල‍්ලාටසීසෙ ඨපිතකදම‍්බපුප‍්ඵං විය ච න කත්‍ථචි සණ‍්ඨාති, කදාචි බුද‍්ධසාවකො හොති, කදාචි ආජීවකො, කදාචි නිගණ‍්ඨො, කදාචි තාපසො. එවරූපො පුග‍්ගලො අනවට‍්ඨිතචිත‍්තො නාම. තස‍්ස අනවට‍්ඨිතචිත‍්තස‍්ස. සද‍්ධම‍්මං අවිජානතොති සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මභෙදං ඉමං සද‍්ධම‍්මං අවිජානන‍්තස‍්ස පරිත‍්තසද‍්ධතාය වා උප‍්ලවසද‍්ධතාය වා පරිප‍්ලවපසාදස‍්ස කාමාවචරරූපාවචරාදිභෙදා පඤ‍්ඤා න පරිපූරති. කාමාවචරායපි අපරිපූරයමානාය කුතොව රූපාවචරාරූපාවචරලොකුත‍්තරපඤ‍්ඤා පරිපූරිස‍්සතීති දීපෙති. අනවස‍්සුතචිත‍්තස‍්සාති රාගෙන අතින‍්තචිත‍්තස‍්ස. අනන්‍වාහතචෙතසොති “ආහතචිත‍්තො ඛිලජාතො”ති (දී· නි· 3.319; විභ· 941; ම· නි· 1.185) ආගතට‍්ඨානෙ දොසෙන චිත‍්තස‍්ස පහතභාවො වුත‍්තො, ඉධ පන දොසෙන අප‍්පටිහතචිත‍්තස‍්සාති අත්‍ථො. පුඤ‍්ඤපාපපහීනස‍්සාති චතුත්‍ථමග‍්ගෙන පහීනපුඤ‍්ඤස‍්ස චෙව පහීනපාපස‍්ස ච ඛීණාසවස‍්ස. නත්‍ථි ජාගරතො භයන‍්ති ඛීණාසවස‍්ස ජාගරන‍්තස‍්සෙව අභයභාවො කථිතො විය. සො පන සද‍්ධාදීහි පඤ‍්චහි ජාගරධම‍්මෙහි සමන‍්නාගතත‍්තා ජාගරො නාම. තස‍්මා තස‍්ස ජාගරන‍්තස‍්සාපි අජාගරන‍්තස‍්සාපි කිලෙසභයං නත්‍ථි කිලෙසානං අපච‍්ඡාවත‍්තනතො. න හි තං කිලෙසා අනුබන්‍ධන‍්ති තෙන තෙන මග‍්ගෙන පහීනානං කිලෙසානං පුන අනුපගමනතො. තෙනෙවාහ – “සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති, සකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතී”ති (චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 27).

එහි අනවට්ඨිත චිත්තස්ස යනු මේ සිත නිතර බැඳී හෝ ස්ථාවර ලෙසින් හෝ නොපවතී. යම්කිසි පුද්ගලයෙක් අසුපිට තැබූ කොමඩු ගෙඩියක් මෙන් ද, දහයියා ගොඩක සිට වූ කණුවක් මෙන් ද, තට්ටහිසක තැබූ අඹ මලක් මෙන්ද කිසිවිටක නොවැටී නොසිටීද, එසේ කිසිකලක බුද්ධශ්‍රාවකයකු වෙයි. ආජීවකයෙක් වෙයි. නිගණ්ඨයෙක් වෙයි. තාපසයෙක් වෙයි. මෙබඳු පුද්ගලයා අනවට්ඨිත චිත්ත නම් වේ. ඒ අනවට්ඨිත චිත්තය ඇත්තාට යන අර්ථයි. සද්ධම්මං අවිජානතො යනු සත්තිස්ප්‍රකාර බෝධිපාක්ෂිකධර්මය යන මේ සදහම් නොදන්නා පුද්ගලයායි. අල්ප වූ ශ්‍රද්ධාව නිසා හෝ සැලෙන ශ්‍රද්ධාව නිසා පරිප්ලව පසාදස්ස යනු වෙයි. කාමාවචර රූපාවචරාදි භේදයෝද ඇති පඤ්ඤා න පරිපූරති. කාමාවචර සිත්වලද පරිපූර්ණත්වයට පත් නොවෙයි. ඉදින් කෙසේ නම් රූපාවචර අරූපාවචර ලෝකුත්තර ප්‍රඥා පරිපූර්ණ කෙරේදැයි දක්වයි. අනවස්සුත චිත්තස්ස යනු රාගයෙන් නොඉක්මුණු සිත් ඇත්තාටය. අනන්වාහතචෙතසො, ආහතචිත්තො ඛිලජාතොති පැමිණි අවස්ථාවෙහි ද්වේෂයෙන් චිත්තයට පහර දෙන ලද බව කියන ලදි. මෙහි වනාහි ද්වේෂයෙන් නොනසනලද සිතට යන අර්ථයි. පුඤ්ඤපාපහහීණස්ස යනු චතුර්විධ මාර්ගඥානයෙන් ප්‍රහීණ කළ පුණ්‍යය මෙන්ම ප්‍රහීණ කළ පාපයද ඇති ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ යන අර්ථයි. නත්ථිජාගරතො භයං යන ක්ලේශ නිද්‍රාවන් නොනිදන ක්ෂීණාශ්‍රවයන්වහන්සේට බියක් නැති බව කියන ලද්දාක් මෙන්ම, ඒ පුරුෂතෙම ශ්‍රද්ධාදි පංචවිධ ජාගර ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් ජාගර නමි. එහෙයින් ඔහුට නිදි වැරුවත් නොවැරුවත් කෙලෙස් ඒමක් නැත. ඒ ඒ මාර්ගවලින් ප්‍රහීණ කළ කෙලෙස් නැවත නැවත පිටුපස නොඑන හෙයිනි. එහෙයින්ම මෙසේ කියා ඇත. සෝවාන්මගින් ප්‍රහීණ වූ යම් කෙලෙස් කොටසක් නැවත නූපදියි. පසුපසිනුත් නොඑයි.

දෙසනා මහාජනස‍්ස සාත්‍ථිකා සඵලා අහොසි.

දේශනාව මහජනයාට සාර්ථක සඵල වූවක් විය.

අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “භාරියා වතිමෙ, ආවුසො, කිලෙසා නාම, එවරූපස‍්ස අරහත‍්තස‍්ස උපනිස‍්සායසම‍්පන‍්නො කුලපුත‍්තො කිලෙසෙහි ආලොළිතො සත‍්තවාරෙ ගිහී හුත්‍වා සත‍්තවාරෙ පබ‍්බජිතො”ති. සත්‍ථා තෙසං තං කථාපවත‍්තිං සුත්‍වා තඞ‍්ඛණානුරූපෙන ගමනෙන ධම‍්මසභං ගන‍්ත්‍වා බුද‍්ධාසනෙ නිසින‍්නො “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා, “ඉමාය නාමා”ති වුත‍්තෙ එවමෙව, භික‍්ඛවෙ, කිලෙසා නාම භාරියා, සචෙ එතෙ රූපිනො හුත්‍වා කත්‍ථචි පක‍්ඛිපිතුං සක‍්කා භවෙය්‍යුං, චක‍්කවාළං අතිසම‍්බාධං, බ්‍රහ‍්මලොකො අතිනීචකොති ඔකාසො නෙසං න භවෙය්‍ය, මාදිසම‍්පි නාමෙතෙ පඤ‍්ඤාසම‍්පන‍්නං පුරිසාජානෙය්‍යං ආලොළෙන‍්ති, අවසෙසෙසු කා කථා? “අහඤ‍්හි අඩ‍්ඪනාළිමත‍්තං වරකචොරකං කුණ‍්ඨකුදාලඤ‍්ච නිස‍්සාය ඡ වාරෙ පබ‍්බජිත්‍වා උප‍්පබ‍්බජිතපුබ‍්බො”ති. “කදා, භන‍්තෙ, කදා සුගතා”ති? “සුණිස‍්සථ, භික‍්ඛවෙ”ති. “ආම, භන‍්තෙ”ති. “තෙන හි සුණාථා”ති අතීතං ආහරි –

ඉන්පසු දිනක භික්ෂූහු කථාවක් ඇති කළහ. ඇවැත්නි, මේ කෙලෙස් නම් හරිම බරපතලයි. රහත් වීමට පවා උපනිශ්‍රය හේතුසම්පත් ඇති කුලපුත්‍රයා කෙලෙස්වලින් කැළඹී ගොස් සත්වරක් ගිහිව සත්වරක් පැවිදි විය යනු ඒ කථාවයි. ශාස්තෘන්වහන්සේ ඔවුන්ගේ ඒ කථා පුවත අසා ඒ වේලාවට සුදුසු ගමනින් දම්සභාවට වැඩමවා බුද්ධාසනයෙහි වැඩහිඳ, මහණෙනි මා එන්නට පළමුව කවර නම් කතාවකින් යුක්තව සිටියාහුදැයි විමසා, මෙබඳු කථාවකිනියි කී කල්හි, එසේය මහණෙනි මේ කෙලෙස් නම් බරපතළයි. යම් විදියකින් මේ කෙලෙස් රූපී බවට පත්වී යම්කිසි තැනක ගොඩගැසිය හැකි නම් ඊට මේ සක්වළත් ඉඩ මදිය. බඹලොව අතිශයින්ම කුඩා වෙයි. කෙලෙස්වලට අවශ්‍ය ඉඩ කොහේවත් නැත. මාවැනි ප්‍රඥාසම්පන්න පුරුෂෝත්තමයන් පවා කෙලෙසින් කළඹා දැමූ කල්හි අවශේෂ අය ගැන කවර කථාද? මම අඩනැළියක් පමණ වරා (ධාන්‍ය වර්‍ගයක්) ටිකක්ද, උදලු කෙටියක්ද නිසා සයවරක් පැවිදිව එබඳු වාර ගණනක් උපැවිදිද වූවෙමි. ස්වාමීනි, කවදාද? මහණෙනි එසේනම් අසව් යයි අතීතය ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ කුදාලපණ‍්ඩිතො නාම බාහිරකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අට‍්ඨ මාසෙ හිමවන‍්තෙ වසිත්‍වා වස‍්සාරත‍්තසමයෙ භූමියා තින‍්තාය “ගෙහෙ මෙ අඩ‍්ඪනාළිමත‍්තො වරකචොරකො ච කුණ‍්ඨකුදාලකො ච අත්‍ථි, වරකචොරකබීජං මා නස‍්සී”ති උප‍්පබ‍්බජිත්‍වා එකං ඨානං කුදාලෙන කසිත්‍වා තං බීජං වපිත්‍වා වතිං කත්‍වා පක‍්කකාලෙ උද‍්ධරිත්‍වා නාළිමත‍්තබීජං ඨපෙත්‍වා සෙසං ඛාදි. සො “කිං මෙ දානි ගෙහෙන, පුන අට‍්ඨ මාසෙ පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා නික‍්ඛමිත්‍වා පබ‍්බජි.

අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍යය කරන කාලයෙහි කුද්දාලපණ්ඩිත නමැත්තා බාහිර සසුනක පැවිදිවී අටමසක් හිමවතේ වැස වැසි කාලයේ බිම තෙත්වූ කල්හි මගේ ගෙදර අඩනැළියක් වරාද, උදලු කෙටියක්ද ඇත. වරා නැළිබාගය නොනැසේවායි සිවුරු හැර එක්තැනක් උදැල්ලෙන් කොටා, ඒ බිජු වපුරා අවශ්‍ය පොහොර ආදිය යොදා පැසුණු පසු කපා පාගා නැළියක් පමණ බිජු වෙන්කොට තබා සෙස්ස කාදමා, දැන් ඉතින් මට ගෙදර විසීමෙන් පලක් නැතැයි ඉදිරි අටමස පැවිදි වන්නෙමියි සිතා ගොස් පැවිදි විය.

ඉමිනාව නීහාරෙන නාළිමත‍්තං වරකචොරකඤ‍්ච කුණ‍්ඨකුදාලඤ‍්ච නිස‍්සාය සත‍්තවාරෙ ගිහී හුත්‍වා සත‍්තවාරෙ පබ‍්බජිත්‍වා සත‍්තමෙ පන වාරෙ චින‍්තෙසි – “අහං ඡ වාරෙ ඉමං කුණ‍්ඨකුදාලං නිස‍්සාය ගිහී හුත්‍වා පබ‍්බජිතො, කත්‍ථචිදෙව නං ඡඩ‍්ඩෙස‍්සාමී”ති. සො ගඞ‍්ගාය තීරං ගන‍්ත්‍වා, “පතිතට‍්ඨානං පස‍්සන‍්තො ඔතරිත්‍වා ගණ‍්හෙය්‍යං, යථාස‍්ස පතිතට‍්ඨානං න පස‍්සාමි, තථා නං ඡඩ‍්ඩෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා නාළිමත‍්තං බීජං පිලොතිකාය බන්‍ධිත්‍වා පිලොතිකං කුදාලඵලකෙ බන්‍ධිත්‍වා කුදාලං අග‍්ගදණ‍්ඩකෙ ගහෙත්‍වා ගඞ‍්ගාය තීරෙ ඨිතො අක‍්ඛීනි නිමීලෙත්‍වා උපරිසීසෙ තික‍්ඛත‍්තුං ආවිජ‍්ඣිත්‍වා ගඞ‍්ගායං ඛිපිත්‍වා නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො පතිතට‍්ඨානං අදිස‍්වා “ජිතං මෙ, ජිතං මෙ”ති තික‍්ඛත‍්තුං සද‍්දමකාසි.

මේ ආකාරයෙන්ම නැළියක් පමණ වරාද, උදලු කෙටියක්ද නිසා සත්වරක් ගිහිවී සත්වරක් පැවිදිවී හත්වෙනිවර, මම සත්වරක් මේ උදලුකෙටියක් නිසා ගිහිවී පැවිදිවීමි. මෙය කොහේ හෝ දමන්නෙමියි ගංතෙරට ගෙනගොස් වැටුණුතැන දැක්කොත් ගඟට බැස ගන්නෙමි යන සිත ඇති වන නිසා එය වැටෙන තැන නොබලන්නෙමියි ඒ ලෙස දමන්නෙමියි සිතමින් නැළියක් පමණ වරාබීජ රෙදිකඩමාල්ලක බැඳ කඩමාල්ල උදලුතලයෙහි බැඳ උදලුමිටෙන් ගෙන ගංතෙර සිට ඇස්පියා හිසට උඩින් තෙවරක් කරකවා ගංගාවට වීසි කෙළේය. පසුව නැවතී බලා වැටුණු තැන නොදැක මම දිනුවායි තෙවරක් ශබ්ද කෙළේය.

තස‍්මිං ඛණෙ බාරාණසිරාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගන‍්ත්‍වා නදීතීරෙ ඛන්‍ධාවාරං නිවාසෙත්‍වා න‍්හානත්‍ථාය නදිං ඔතිණ‍්ණො තං සද‍්දං අස‍්සොසි. රාජූනඤ‍්ච නාම “ජිතං මෙ”ති සද‍්දො අමනාපො හොති, සො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “අහං ඉදානි අමිත‍්තමද‍්දනං කත්‍වා ‘ජිතං මෙ’ති ආගතො, ත්‍වං පන ‘ජිතං මෙ, ජිතං මෙ’ති විරවසි, කිං නාමෙත”න‍්ති පුච‍්ඡි. කුදාලපණ‍්ඩිතො “ත්‍වං බාහිරකචොරෙ ජිනි, තයා ජිතං පුන අවජිතමෙව හොති, මයා පන අජ‍්ඣත‍්තිකො ලොභචොරො ජිතො, සො පුන මං න ජිනිස‍්සති, තස‍්සෙව ජයො සාධූ”ති වත්‍වා ඉමං ගාථමාහ –

එවේලෙහි බරණැස්රජු පිටිසර කලහයක් සංසිදුවා අවුත් නදීතීරයෙහි කඳවුරු බැඳගෙන සිටි අතර නෑම සඳහා නදියට බැස සිටියේය. ඒ අතර මේ ශබ්දයද ඇසුණේය. රජවරුන්ට මම දිනුවා යන ශබ්දය අමනාපය. රජු ඔහු ළඟට ගොස් මම දැන් සතුරන් වනසා දමා මම දිනුවා යයි මෙහි ආවෙමි. ඔබ, මම දිනුවා, මම දිනුවායි කෑගසයි. මේ මොකදැයි ඇසීය. කුද්දාලපඬිතුමා, ඔබ බාහිර සොරුන් දිනුවෙහිය. ඔබ විසින් දිනන ලද්ද නැවත නොදිනුවක් විය හැකියි. මා විසින් ආධ්‍යාත්මික ලෝභ සොරුන් දිනන ලදි. ඔවුහු නැවත මා නොදිනනු ඇති. ඒ ජයම යහපතැයි කියා මේ ගාථාවද කීවේය.

“න තං ජිතං සාධු ජිතං, යං ජිතං අවජීයති; තං ඛො ජිතං සාධු ජිතං, යං ජිතං නාවජීයතී”ති. (ජා· 1.1.70);

යම් දිනුමක් පැරදේ නම් හොඳ දිනුමක් නොවේ යම් දිනුමක් නොපරදි නම් එයයි දිනුම ලොවේ

තං ඛණංයෙව ච ගඞ‍්ගං ඔලොකෙන‍්තො ආපොකසිණං නිබ‍්බත‍්තෙත්‍වා අධිගතවිසෙසො ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. රාජා මහාපුරිසස‍්ස ධම‍්මකථං සුත්‍වා වන්‍දිත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා සද‍්ධිං බලකායෙන පබ‍්බජි. යොජනමත‍්තා පරිසා අහොසි. අපරොපි සාමන‍්තරාජා තස‍්ස පබ‍්බජිතභාවං සුත්‍වා, “තස‍්ස රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති ආගන‍්ත්‍වා තථා සමිද‍්ධං නගරං සුඤ‍්ඤං දිස‍්වා, “එවරූපං නගරං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතො රාජා ඔරකෙ ඨානෙ න පබ‍්බජිස‍්සති, මයාපි පබ‍්බජිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා මහාපුරිසං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා සපරිවාරො පබ‍්බජි. එතෙනෙව නීහාරෙන සත‍්ත රාජානො පබ‍්බජිංසු. සත‍්තයොජනිකො අස‍්සමො අහොසි. සත‍්ත රාජානො භොගෙ ඡඩ‍්ඩෙත්‍වා එත‍්තකං ජනං ගහෙත්‍වා පබ‍්බජිංසු. මහාපුරිසො බ්‍රහ‍්මචරියවාසං වසිත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

එකෙණෙහිම ගඟ දෙස බලමින් ආපෝකසිණය උපදවා විශේෂ අධිගමයකට පැමිණ අහසෙහි පලක් බැඳ හුන්නේය. රජු මහාපුරුෂයාගේ දහම්කතා අසා වැඳ පැවිද්ද ඉල්වා භට හමුදාවත් සමග පැවිදි විය. යොදුනක් පමණ පැතිරි පිරිසක් විය. තවත් සාමන්ත රජෙක් මොහු පැවිදිවූ බව අසා ඔහුගේ රජය අත්පත්කර ගනිමියි අවුත් එසේ සමෘද්ධව පැවති නගරය හිස්ව ඇති බව දැක මෙබඳු නගරයක් හැරදමා පැවිදිවූ රජු අඩුපාඩු ඇති තැනක පැවිදි නොවන්නේය. මාත් පැවිදි විය යුතුයයි සිතා එහි ගොස් මහාපුරුෂයා වෙත පැමිණ පැවිද්ද ඉල්ලා පිරිස සහිතව පැවිදි විය. මේ නියායෙන් රජවරු සත්දෙනෙක් පැවිදි වූවාහුය. අසපුව සත්යොදුනක් පමණ විශාල විය. රාජ්‍ය සම්පත් හතක් හැරදමා පැවිදිවූ මේසා විශාල පිරිසක් සමග මහාපුරුෂ තෙම බඹසරවාසය කොට බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා, “අහං, භික‍්ඛවෙ, තදා කුදාලපණ‍්ඩිතො අහොසිං, කිලෙසා නාමෙතෙ එවං භාරියා”ති ආහ.

ශාස්තෘන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර පා, මහණෙනි, එදා කුද්දාල පණ්ඩිත වූයේ මමය. ක්ලේශයෝ නම් අතිශයින්ම බරපතලය.

චිත‍්තහත්‍ථත්‍ථෙරවත්‍ථු පඤ‍්චමං.

පස්වන චිත්තහත්ථ තෙරුන්ගේ වස්තුවයි.