යෙදුමෙන් කියවන්න

5. සඞ‍්ඝරක‍්ඛිතභාගිනෙය්‍යත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

5. සඞ‍්ඝරක‍්ඛිතභාගිනෙය්‍යත්‍ථෙරවත්‍ථු

5. භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ වස්තුව

දූරඞ‍්ගමන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාවත්‍ථියං විහරන‍්තො සඞ‍්ඝරක‍්ඛිතං නාම භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

දූරංගමං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයේ සංඝරක්ඛිත නම් භික්ෂුවක් අරභයා දෙසූසේක.

සාවත්‍ථියං කිරෙකො කුලපුත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා නික‍්ඛමිත්‍වා පබ‍්බජිතො ලද‍්ධූපසම‍්පදො සඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරො නාම හුත්‍වා කතිපාහෙනෙව අරහත‍්තං පාපුණි. තස‍්ස කනිට‍්ඨභගිනී පුත‍්තං ලභිත්‍වා ථෙරස‍්ස නාමං අකාසි. සො භාගිනෙය්‍යසඞ‍්ඝරක‍්ඛිතො නාම හුත්‍වා වයප‍්පත‍්තො ථෙරස‍්සෙව සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො අඤ‍්ඤතරස‍්මිං ගාමකාරාමෙ වස‍්සං උපගන‍්ත්‍වා, “එකං සත‍්තහත්‍ථං, එකං අට‍්ඨහත්‍ථ”න‍්ති ද‍්වෙ වස‍්සාවාසිකසාටකෙ ලභිත්‍වා අට‍්ඨහත්‍ථං “උපජ‍්ඣායස‍්ස මෙ භවිස‍්සතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා “සත‍්තහත්‍ථං මය‍්හං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා වුට‍්ඨවස‍්සො “උපජ‍්ඣායං පස‍්සිස‍්සාමී”ති ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ පිණ‍්ඩාය චරන‍්තො ආගන‍්ත්‍වා ථෙරෙ විහාරං අනාගතෙයෙව විහාරං පවිසිත්‍වා ථෙරස‍්ස දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා පාදොදකං උපට‍්ඨපෙත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා ආගමනමග‍්ගං ඔලොකෙන‍්තො නිසීදි. අථස‍්සාගමනභාවං දිස‍්වා පච‍්චුග‍්ගමනං කත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙත්‍වා, “නිසීදථ, භන‍්තෙ”ති ථෙරං නිසීදාපෙත්‍වා තාලවණ‍්ටං ආදාය බීජිත්‍වා පානීයං දත්‍වා පාදෙ ධොවිත්‍වා තං සාටකං ආනෙත්‍වා පාදමූලෙ ඨපෙත්‍වා, “භන‍්තෙ, ඉමං පරිභුඤ‍්ජථා”ති වත්‍වා බීජයමානො අට‍්ඨාසි.

සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් බුදුරදුන්ගෙන් බණ අසා ගිහිගෙන් නික්මී පැවිදිව උපසම්පදාවද ලබා සංඝරක්ඛිත නමින් ප්‍රකට විය. කිහිප දිනකින්ම රහත්බවට ද පැමිණියේය. ඔහුගේ බාලසොහොයුරා පුතකු ලැබ ඔහුට තෙරුන්ගේ නමම තැබීය. ඔහු භාගිනෙය්‍යසංඝරක්ඛිත නමින් සුදුසු වියට පැමිණ තෙරුන් සමීපයේම පැවිදිව උපසම්පදාවද ලබා එක් ගැමි අරමක වස්වැස සත්රියන් රෙදිකඩක් හා අටරියන් රෙදිකඩක් වස්සාවාසික සාටක වශයෙන් ලැබීය. මෙයින් අටරියන්සාටකය මගේ උපාධ්‍යායයන්වහන්සේට දෙන්නෙමි. හත්රියන්සාටකය මම ගන්නෙමියි සිතා වස්පවාරණයෙන් පසු පිඬුසිඟමින් උපාධ්‍යායයන් වහන්සේ පිඬුසිඟා විහාරයට පැමිණීමට පෙර විහාරයට ගොස් උපාධ්‍යායතෙරුන් දවල් වසන තැන් හැමදපියා පාදොවන පැන් තබා අසුන් පිළියෙල කොට තෙරුන් එන මග බලබලා සිටියේය. උන්වහන්සේ වඩින බව දැක පෙරගමන් කොට පාසිවුරු පිළිගෙන ස්වාමීනි, වැඩ හිඳින්නැයි තෙරුන් වඩා හිඳුවා විජිනිපත (තල් අත්ත) ගෙන පවන් සලා පැන් දී පා දොවා තමන් ගෙනා සාටකය රැගෙන පාමුල තබා ස්වාමීනි, මෙය ඔබවහන්සේගේ ප්‍රයෝජනයට ගනු මැනවැයි පවන් සලමින් සිටියේය.

අථ නං ථෙරො ආහ – “සඞ‍්ඝරක‍්ඛිත, මය‍්හං චීවරං පරිපුණ‍්ණං, ත්‍වමෙව පරිභුඤ‍්ජා”ති. “භන‍්තෙ, මයා ලද‍්ධකාලතො පට‍්ඨාය අයං තුම‍්හාකමෙව සල‍්ලක‍්ඛිතො, පරිභොගං කරොථා”ති. “හොතු, සඞ‍්ඝරක‍්ඛිත, පරිපුණ‍්ණං මෙ චීවරං, ත්‍වමෙව පරිභුඤ‍්ජා”ති. “භන‍්තෙ, මා එවං කරොථ, තුම‍්හෙහි පරිභුත‍්තෙ මය‍්හං මහප‍්ඵලං භවිස‍්සතී”ති. අථ නං තස‍්ස පුනප‍්පුනං කථෙන‍්තස‍්සපි ථෙරො න ඉච‍්ඡියෙව.

ඉන්පසු උපාධ්‍යාය තෙරණුවෝ, සංඝරක්ඛිත, මට සිවුරු සම්පූර්ණයි. ඔබම මේ සාටකය ප්‍රයෝජනයට ගන්නැයි කීහ. ස්වාමීනි, මෙය ලැබුණු කාලයේ පටන් ඔබ වහන්සේටම දෙන්නෙමියි මම සිතුවෙමි. එහෙයින් මෙය ප්‍රයෝජනයට ගනුමැනවැයි ඉල්ලා සිටියේය. සංඝරක්ඛිත එසේ සිතුවාට කමක් නැත. මගේ සිවුරු සම්පූර්ණ නිසා ඔබම මෙය ප්‍රයෝජනයට ගන්නැයි කීහ. ස්වාමීනි, එසේ නොකරන්න. ඔබ වහන්සේ මෙය පරිහරණය කරන විට මට මහත්ඵලයක් වන්නේය. මෙසේ නැවත නැවතත් ඉල්ලා සිටි නමුත් තෙරණුවෝ එය භාර නොගත්හ.

එවං සො බීජයමානො ඨිතොව චින‍්තෙසි – “අහං ථෙරස‍්ස ගිහිකාලෙ භාගිනෙය්‍යො, පබ‍්බජිතකාලෙ සද‍්ධිවිහාරිකො, එවම‍්පි මයා සද‍්ධිං උපජ‍්ඣායො පරිභොගං න කත‍්තුකාමො. ඉමස‍්මිං මයා සද‍්ධිං පරිභොගං අකරොන‍්තෙ කිං මෙ සමණභාවෙන, ගිහි භවිස‍්සාමී”ති. අථස‍්ස එතදහොසි – “දුස‍්සණ‍්ඨාපිතො ඝරාවාසො, කිං නු ඛො කත්‍වා ගිහිභූතො ජීවිස‍්සාමී”ති. තතො චින‍්තෙසි – “අට‍්ඨහත්‍ථසාටකං වික‍්කිණිත්‍වා එකං එළිකං ගණ‍්හිස‍්සාමි, එළිකා නාම ඛිප‍්පං විජායති, ස‍්වාහං විජාතං විජාතං වික‍්කිණිත්‍වා මූලං කරිස‍්සාමි, මූලෙ බහූ කත්‍වා එකං පජාපතිං ආනෙස‍්සාමි, සා එකං පුත‍්තං විජායිස‍්සති. අථස‍්ස මම මාතුලස‍්ස නාමං කත්‍වා චූළයානකෙ නිසීදාපෙත්‍වා මම පුත‍්තඤ‍්ච භරියඤ‍්ච ආදාය මාතුලං වන්‍දිතුං ආගමිස‍්සාමි, ආගච‍්ඡන‍්තෙ අන‍්තරාමග‍්ගෙ මම භරියං එවං වක‍්ඛාමි – ‘ආනෙහි තාව මෙ පුත‍්තං වහිස‍්සාමින’න‍්ති. සා ‘කිං තෙ පුත‍්තෙන, එහි, ඉමං යානකං පාජෙහී’ති වත්‍වා පුත‍්තං ගහෙත්‍වා, ‘අහං නෙස‍්සාමි න’න‍්ති නෙත්‍වා සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තී චක‍්කපථෙ ඡඩ‍්ඩෙස‍්සති. අථස‍්ස සරීරං අභිරුහිත්‍වා චක‍්කං ගමිස‍්සති, අථ නං ‘ත්‍වං මම පුත‍්තං නෙව මය‍්හං අදාසි, නං සන්‍ධාරෙතුං නාසක‍්ඛි නාසිතොස‍්මි තයා’ති වත්‍වා පතොදයට‍්ඨියා පිට‍්ඨියං පහරිස‍්සාමී”ති. සො එවං චින‍්තෙන‍්තොව ඨත්‍වා බීජයමානො ථෙරස‍්ස සීසෙ තාලවණ‍්ටෙන පහරි. ථෙරො “කිං නු ඛො අහං සඞ‍්ඝරක‍්ඛිතෙන සීසෙ පහතො”ති උපධාරෙන‍්තො තෙන චින‍්තිතචින‍්තිතං සබ‍්බං ඤත්‍වා, “සඞ‍්ඝරක‍්ඛිත, මාතුගාමස‍්ස පහාරං දාතුං නාසක‍්ඛි, කො එත්‍ථ මහල‍්ලකත්‍ථෙරස‍්ස දොසො”ති ආහ. සො “අහො නට‍්ඨොම‍්හි, ඤාතං කිර මෙ උපජ‍්ඣායෙන චින‍්තිතචින‍්තිතං, කිං මෙ සමණභාවෙනා”ති තාලවණ‍්ටං ඡඩ‍්ඩෙත්‍වා පලායිතුං ආරද‍්ධො.

සංඝරක්ඛිත හිමියෝ පවන් සලන ගමන්ම මෙසේ සිතූහ - මම ගිහි කාලයෙහි මුන්වහන්සේගේ බෑණාය. පැවිදිවූ පසු සද්ධිවිහාරිකය. මෙසේ තිබියදීත් මා දෙන දෙය ප්‍රයෝජනයට නොගනිති. මට මේ පැවිද්දෙන් කමක් නැත, ගිහි වන්නෙමි. ඒ සමගම උන්වහන්සේට මෙසේද සිතිණි. ගිහිගෙයි සිටීම දුෂ්කරය. කුමක් කොට මම ගිහියකුව ජීවත් වන්නෙම් ද? තවත් දුරට මෙසේත් සිතූහ. අටරියන්සාටකය විකුණා එළුදෙනක් ගන්නෙමි. එළුදෙන්නු ඉක්මනින් පැටව් වදති. මම ඒ වැදූ පැටව් විකුණා මුදල් සොයමි. එසේ කොට එක් බිරියක්ද ගෙනෙන්නෙමි. ඈ එක් පුතකු වදයි. ඉන්පසු මම පුතාට මාමාගේ නම තබා කුඩා යානාවක තබාගෙන මගේ පුතාත් බිරියත් සමග මාමා වඳින්ට එන්නෙමි. එන ගමන් මගදී මම බිරියට පුතා මා අතට දෙන්නැයි කියමි. මම පුතා වඩාගනිමි. ඔබට පුතා වඩාගන්ට බැහැ. යානය පදවන්නැයි ඈ කියයි. එසේ කියා පුතා වඩාගෙන සිටින ඇයට එය බරක් වී පුතා රෝදපාරේ දමයි. ඉන්පසු පුතාගේ සිරුර උඩින් යානය යයි. ඉන්පසු මම, තී මට පුතා වඩාගන්ටත් නොදී දරාගන්ටත් බැරිව රියපාරේ දැමීය. තී මා නැසුවා යයි කියා පිටට කෙවිටෙන් පහර දෙන්නෙමියි කියා සිතමින් පවන් සලමින් සිටි තල්පතේ මිටෙන් උපාධ්‍යායතෙරුන්ගේ හිසට පහරක් ගැසූහ. තෙරුන්වහන්සේ, මේ සංඝරක්ඛිත මගේ ඔලුවට ගසන්නේ ඇයිදැයි සිතා ඔහු සිතූ සියල්ල දැන, ගැහැණියට පහරදෙනු නොහැකිව මේ මහලු තෙරුන්ට ගසන්නේ කවර වරදකටදැයි ඇසූහ. හෙතෙම, අනේ මා නැසුණා, මා සිතූ සියල්ල මගේ උපාධ්‍යායයන්වහන්සේ විසින් දැනගන්නා ලදි. මට මේ මහණකමෙන් වැඩක් නැතැයි පලායන්ට විය.

අථ නං දහරා ච සාමණෙරා ච අනුබන්‍ධිත්‍වා ආදාය සත්‍ථු සන‍්තිකං අගමංසු. සත්‍ථා තෙ භික‍්ඛූ දිස‍්වාව “කිං, භික‍්ඛවෙ, ආගතත්‍ථ, එකො වො භික‍්ඛු ලද‍්ධො”ති පුච‍්ඡි. “ආම, භන‍්තෙ, ඉමං දහරං උක‍්කණ‍්ඨිත්‍වා පලායන‍්තං ගහෙත්‍වා තුම‍්හාකං සන‍්තිකං ආගතම‍්හා”ති. “එවං කිර භික‍්ඛූ”ති? “ආම, භන‍්තෙ”ති. “කිමත්‍ථං තෙ භික‍්ඛු එවං භාරියං කම‍්මං කතං, නනු ත්‍වං ආරද‍්ධවීරියස‍්ස එකස‍්ස බුද‍්ධස‍්ස පුත‍්තො, මාදිසස‍්ස නාම බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා අත‍්තානං දමෙත්‍වා සොතාපන‍්නොති වා සකදාගාමීති වා අනාගාමීති වා අරහාති වා වදාපෙතුං නාසක‍්ඛි, කිමත්‍ථං එවං භාරියං කම‍්මමකාසී”ති? “උක‍්කණ‍්ඨිතොස‍්මි, භන‍්තෙ”ති. “කිං කාරණා උක‍්කණ‍්ඨිතොසී”ති? සො එවං වස‍්සාවාසිකසාටකානං ලද‍්ධදිවසතො පට‍්ඨාය යාව ථෙරස‍්ස තාලවණ‍්ටෙන පහාරා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙත්‍වා, “ඉමිනා කාරණෙන පලාතොස‍්මි, භන‍්තෙ”ති ආහ. අථ නං සත්‍ථා “එහි භික‍්ඛු, මා චින‍්තයි චිත‍්තං නාමෙතං දූරෙ හොන‍්තම‍්පි ආරම‍්මණං සම‍්පටිච‍්ඡනකජාතිකං, රාගදොසමොහබන්‍ධනා මුච‍්චනත්‍ථාය වායමිතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ඉන්පසු ළමයිනුත් සාමණේරවරුත් ඔහු පිටුපස එළවා අල්වාගෙන බුදුරදුන් හමුවට ගෙන ගියහ. බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන් දැක, මේ එක භික්ෂුවක් රැගෙන ආවේ ඇයිදැයි ඇසූහ. ස්වාමීනි, මේ තරුණ භික්ෂුව කළකිරී පලා යනු දැක ඔහු රැගෙන ඔබවහන්සේ සමීපයට ගෙන ආම්හයි කීහ. මහණ එසේදැයි ඇසූ විට එසේ යයි පිළිතුරු ලැබිණි. මහණ, ඔබ මෙබඳු බරපතළ දෙයක් කරන්නේ ඇයි? ඔබ ආරද්ධවීරිය ඇති එක් බුදුවරයකුගේ පුතෙක් නේද? මා වැනි බුදුකෙනකුන්ගේ සසුනෙහි මහණවී තමන් දමනය කරගෙන, සෝවාන් හෝ සකෘදාගාමී හෝ අනාගාමී හෝ රහත් හෝ වීයයි කියවා ගන්ට නොහැකි වූයෙහිද? මෙබඳු බරපතල දෙයක් කෙළේත් ඇයිද? ස්වාමීනි, මම කලකිරුණෙමි. කුමක් නිසා කලකිරුණෙහිද? හෙතෙම වස්සාවාසිකසාටක ලැබූ දිනයේ පටන් තල්අතුමිටෙන් තෙරුන්ගේ හිසට ගැසූ තැන දක්වා ඒ සියලු පුවත් දන්වා මෙකරුණ නිසා පැනගියෙමි ස්වාමීනියි කීවේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, මහණ මෙහි එන්න, අමුත්තක් නොසිතන්න. මේ සිත කෙතරම් දුරක තිබෙන අරමුණක් වුවද ගන්නාසුලුය. රාග දෝෂ මෝහ බන්ධනවලින් මිදීම සඳහා වෑයම් කිරීම වටී යයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.

“දූරඞ‍්ගමං එකචරං, අසරීරං ගුහාසයං; යෙ චිත‍්තං සංයමෙස‍්සන‍්ති, මොක‍්ඛන‍්ති මාරබන්‍ධනා”ති.

දුර දුවන තනිව යන සිරුරකුත් නොම දරන ගුහාවක හිඳ නිදන සිතක හැටි බලනු මැන කවුරු හෝ සිත දමන කොළෝනම් වෙර රැගෙන මාර බන්ධනවලින් මිදී නිවනට ම යයි

තත්‍ථ දූරඞ‍්ගමන‍්ති චිත‍්තස‍්ස හි මක‍්කටසුත‍්තමත‍්තකම‍්පි පුරත්‍ථිමාදිදිසාභාගෙන ගමනාගමනං නාම නත්‍ථි, දූරෙ සන‍්තම‍්පි පන ආරම‍්මණං සම‍්පටිච‍්ඡතීති දූරඞ‍්ගමං නාම ජාතං. සත‍්තට‍්ඨචිත‍්තානි පන එකතො කණ‍්ණිකබද‍්ධානි එකක‍්ඛණෙ උප‍්පජ‍්ජිතුං සමත්‍ථානි නාම නත්‍ථි. උප‍්පත‍්තිකාලෙ එකෙකමෙව චිත‍්තං උප‍්පජ‍්ජති, තස‍්මිං නිරුද‍්ධෙ පුන එකෙකමෙව උප‍්පජ‍්ජතීති එකචරං නාම ජාතං. චිත‍්තස‍්ස සරීරසණ‍්ඨානං වා නීලාදිප‍්පකාරො වණ‍්ණභෙදො වා නත්‍ථීති අසරීරං නාම ජාතං. ගුහා නාම චතුමහාභූතගුහා, ඉදඤ‍්ච හදයරූපං නිස‍්සාය පවත‍්තතීති ගුහාසයං නාම ජාතං. යෙ චිත‍්තන‍්ති යෙ කෙචි පුරිසා වා ඉත්‍ථියො වා ගහට‍්ඨා වා පබ‍්බජිතා වා අනුප‍්පජ‍්ජනකකිලෙසස‍්ස උප‍්පජ‍්ජිතුං අදෙන‍්තා සතිසම‍්මොසෙන උප‍්පන‍්නකිලෙසං පජහන‍්තා චිත‍්තං සංයමෙස‍්සන‍්ති සංයතං අවික‍්ඛිත‍්තං කරිස‍්සන‍්ති. මොක‍්ඛන‍්ති මාරබන්‍ධනාති සබ‍්බෙතෙ කිලෙසබන්‍ධනාභාවෙන මාරබන්‍ධනසඞ‍්ඛාතා තෙභූමකවට‍්ටා මුච‍්චිස‍්සන‍්තීති.

එහි දූරංගමං යනු සිතෙන් මකුළුනූලක දෙයක් හෝ පෙරදිග ආදි දිසාභාගවලට යෑමක් නැත. කෙතෙක් දුරක වුවද තිබෙන අරමුණු දැනගනී යන අරුතින් දූරංගම නම් වෙයි. සිත් හත අටක් කැණිමඩක පරාල මෙන් පොකුරට එක් ක්ෂණයක උපදින්නට සමාර්ථ නැත. උපදින විට එකම සිතක් උපදී. එය නිරුද්ධ වූ පසු නැවත එකක් නැවත එකක් ලෙස උපදී. එහෙයින් ඒකවර නම් විය. සිතට ශරීර සටහනක් හෝ නීලාදි වශයෙන් වර්ණ භේදයක් හෝ නැතැයි අසරීර නම් විය. ගුහානම් චාතුර්මහාභූත ගුහාවෝයි. මේ සිතද හෘදයරූපය ඇසුරු කොට පවත්නා හෙයින් ගුහාසය යන නම ලැබීය. යෙ චිත්තං යනු යම් කිසි පුරුෂයෝ හෝ ස්ත්‍රීහු හෝ ගිහියෝ හෝ පැවිද්දෝ හෝ නූපන් කෙලෙස්වලට උපදින්ට නොදෙමින් සිහියෙන් උපන් කෙලෙස් හැරදමන්නාහු වෙත් නම් චිත්තං සඤ්ඤමෙස්සන්ති සංයතං අවික්ඛිත්තං කරිස්සන්ති මොක්ඛන්ති මාරබන්ධනාති, යනු ඒ සියලු ක්ලේශයන්ගේ අභාවයෙන් මාරබන්ධන සංඛ්‍යාත ත්‍රිභූමක සංසාර පැවැත්මෙන් මිදෙන්නෝ වෙත්.

දෙසනාපරියොසානෙ භාගිනෙය්‍යසඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරො සොතාපත‍්තිඵලං පාපුණි, අඤ‍්ඤෙපි බහූ සොතාපන‍්නාදයො ජාතා, මහාජනස‍්ස සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනා කෙළවර භාගිනෙය්‍යසංඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියහ. තවත් බොහෝ අය සෝවාන් ආදි මගඵලවලට පැමිණියහ. මහාජනයාට එම දේශනාව සාර්ථක විය.

සඞ‍්ඝරක‍්ඛිතභාගිනෙය්‍යත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.

සිව්වන භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ වස්තුවයි.