4. අඤ්ඤතරඋක්කණ්ඨිතභික්ඛුවත්ථු අට්ඨකථා
4. අඤ්ඤතරඋක්කණ්ඨිතභික්ඛුවත්ථු
4. කළකිරුණු එක්තරා භික්ෂුවකගේ වස්තුව
සුදුද්දසන්ති ඉමං ධම්මදෙසනං සත්ථා සාවත්ථියං විහරන්තො අඤ්ඤතරං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි.
සුදුද්දසං යනාදි මේ ධර්මදේශනාව බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි එක්තරා කලකිරුණු භික්ෂුවක අරභයා දේශනා කළසේක.
සත්ථරි කිර සාවත්ථියං විහරන්තෙ එකො සෙට්ඨිපුත්තො අත්තනො කුලූපගත්ථෙරං උපසඞ්කමිත්වා, “භන්තෙ, අහං දුක්ඛා මුච්චිතුකාමො, එකං මෙ දුක්ඛතො මුච්චනකාරණං කථෙථා”ති ආහ. “සාධාවුසො, සචෙසි දුක්ඛා මුච්චිතුකාමො, සලාකභත්තං දෙහි, පක්ඛිකභත්තං දෙහි, වස්සාවාසිකං දෙහි, චීවරාදයො පච්චයෙ දෙහි, අත්තනො සාපතෙය්යං තයො කොට්ඨාසෙ කත්වා එකෙන කම්මන්තං පයොජෙහි, එකෙන පුත්තදාරං පොසෙහි, එකං බුද්ධසාසනෙ දෙහී”ති ආහ.
ශාස්තෘන්වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයෙහි එක් සිටුපුත්‍රයෙක් තමන් හා කුලුපග තෙරනමක් වෙත ගොස්, ස්වාමීනි, මම දුකින් මිදෙනු කැමැත්තෙමි. මට දුකින් මිදෙන මගක් කියා දෙනු මැනවැයි කීවේය. ඇවැත්නි, යහපති, ඉදින් දුකෙන් මිදෙනු කැමැත්තෙහි නම් වාරය අනුව දෙන දන් දෙව. දෙසතියකට වරක් දෙන දන් දෙව. වස්විසූවන්ට දන් දෙව. චීවරාදි ප්‍රත්‍ය දෙව. තමන්ගේ වස්තුව තුනට බෙදා එකක් කර්මාන්ත සඳහා යොදව. එකකින් අඹුදරුවන් පෝෂණය කරව. එකක් බුදුසසුනට දෙවයි ඒ තෙරණුවෝ කීහ.
සො “සාධු, භන්තෙ”ති වුත්තපටිපාටියා සබ්බං කත්වා පුන ථෙරං පුච්ඡි – “තතො උත්තරිං අඤ්ඤං කිං කරොමි, භන්තෙ”ති? “ආවුසො, තීණි සරණානි ගණ්හ, පඤ්ච සීලානි ගණ්හාහී”ති. තානිපි පටිග්ගහෙත්වා තතො උත්තරිං පුච්ඡි. “තෙන හි දස සීලානි ගණ්හාහී”ති. “සාධු, භන්තෙ”ති ගණ්හි. සො එවං අනුපුබ්බෙන පුඤ්ඤකම්මස්ස කතත්තා අනුපුබ්බසෙට්ඨිපුත්තො නාම ජාතො. තතො “උත්තරිම්පි කත්තබ්බං අත්ථි, භන්තෙ”ති පුන පුච්ඡිත්වා, “තෙන හි පබ්බජාහී”ති වුත්තො නික්ඛමිත්වා පබ්බජි.
ඔහුද යහපති ස්වාමීනියි කියා, කියාදෙනලද පිළිවෙලටම ඒවා ඉටු කොට නැවත තෙරුන්ගෙන් මෙසේ ඇසීය. ස්වාමීනි දැන් ඊළඟට කුමක් කරන්නෙම් ද? ඇවැත්නි, තිසරණය සමාදන් වෙනු. පන්සිල් ගනුව. ඒවාද සමාදන්ව ඊළඟට කළයුතු දේ විචාළේය. එසේ නම් දශසිල් සමාදන් වෙනු. හෙතෙම යහපතැයි දශසිල් සමාදන් විය. මෙසේ ඔහු පිළිවෙලින් (අනුපූර්ව) පින්කම් කළ හෙයින් අනුපුබ්බසෙට්ඨිපුත්ත යන නම ලැබීය. දැන් ඉතින් ස්වාමීනි, මින් ඉදිරියට කළයුතු දේත් ඇද්දැයි විමසා, එසේ නම් පැවිදි වන්නැයි කී පසු ගෙදරින් නික්මී අවුත් පැවිදි විය.
තස්සෙකො ආභිධම්මිකභික්ඛු ආචරියො අහොසි. එකො විනයධරො උපජ්ඣායො. තස්ස ලද්ධූපසම්පදස්ස ආචරියො අත්තනො සන්තිකං ආගතකාලෙ අභිධම්මෙ පඤ්හං කථෙසි – “බුද්ධසාසනෙ නාම ඉදං කාතුං වට්ටති, ඉදං න වට්ටතී”ති. උපජ්ඣායොපිස්ස අත්තනො සන්තිකං ආගතකාලෙ විනයෙ පඤ්හං කථෙසි – “බුද්ධසාසනෙ නාම ඉදං කාතුං වට්ටති, ඉදං න වට්ටති, ඉදං කප්පති, ඉදං න කප්පතී”ති. සො චින්තෙසි – “අහො භාරියං ඉදං කම්මං, අහං දුක්ඛා මුච්චිතුකාමො පබ්බජිතො, ඉධ ච මම හත්ථපසාරණට්ඨානම්පි න පඤ්ඤායති, ගෙහෙ ඨත්වාව දුක්ඛා මුච්චිතුං සක්කා, මයා ගිහිනා භවිතුං වට්ටතී”ති. සො තතො පට්ඨාය උක්කණ්ඨිතො අනභිරතො ද්වත්තිංසාකාරෙ සජ්ඣායං න කරොති, උද්දෙසං න ගණ්හාති, කිසො ලූඛො ධමනිසන්ථතගත්තො ආලස්සියාභිභූතො කච්ඡුපරිකිණ්ණො අහොසි.
ඒ තෙරුන්ට එක් ආභිධම්මික භික්ෂුවක් ගුරුවරයා විය. එක් විනයධරනමක් උපාධ්‍යාය විය. උපසම්පදාව ලත් උන්වහන්සේ ආචාර්යවරයා ළඟට පැමිණි විට අභිධර්මය පිළිබඳ ප්‍රශ්න කීවේය. මේ බුදුසසුනෙහි මේ මේ දේ කිරීම අවශ්‍යයි. මේ මේ දේ කිරීම නොවටී ආදි වශයෙනි. උන්වහන්සේ උපාධ්‍යායයන්වහන්සේ ළඟට ආ කල විනය පිළිබඳ කරුණු කීහ. මේ බුදුසසුනෙහි මේ දේ කිරීම වටී. මේ දේ කිරීම නොවටී. මෙය කැපයි. මෙය අකැපයි ආදී වශයෙනි. තෙරණුවෝ, අනේ මා කෙළේ බැරෑරුම් ක්‍රියාවකි. මම දුකින් මිදෙනු කැමැත්තෙන් පැවිදිවීමි. මේ සසුනෙහි අතදිගඅරින්ටවත් ඉඩක් නොපෙනෙයි. ගෙදර සිටම දුකින් මිදෙන්ට පුළුවනි. මා ගිහි විය යුතු යයි සිතූහ. හෙතෙම එතැන් පටන් කළකිරී නොඇල්මෙන් පිළිකුල්භාවනා නොකරයි. ප්රාතිමෝක්ෂාදිය උදෙසීම නොකරයි. ක්‍රමයෙන් කෙට්ටුවී, දිරාගොස් කුෂ්ටරෝගයෙන්ද පෙළුණේය.
අථ නං දහරසාමණෙරා, “ආවුසො, කිං ත්වං ඨිතට්ඨානෙ ඨිතොව නිසින්නට්ඨානෙ නිසින්නොව අහොසි, පණ්ඩුරොගාභිභූතො කිසො ලූඛො ධමනිසන්ථතගත්තො ආලස්සියාභිභූතො කච්ඡුපරිකිණ්ණො, කිං තෙ කත”න්ති පුච්ඡිංසු. “උක්කණ්ඨිතොම්හි, ආවුසො”ති. “කිං කාරණා”ති? සො තං පවත්තිං ආරොචෙසි. තෙ තස්ස ආචරියුපජ්ඣායානං ආචික්ඛිංසු. ආචරියුපජ්ඣායා තං ආදාය සත්ථු සන්තිකං අගමංසු. සත්ථා “කිං, භික්ඛවෙ, ආගතත්ථා”ති ආහ. “භන්තෙ, අයං භික්ඛු තුම්හාකං සාසනෙ උක්කණ්ඨිතො”ති. “එවං කිර භික්ඛූ”ති. “ආම, භන්තෙ”ති. “කිං කාරණා”ති? “අහං, භන්තෙ, දුක්ඛා මුච්චිතුකාමොව පබ්බජිතො, තස්ස මෙ ආචරියො අභිධම්මකථං කථෙසි, උපජ්ඣායො විනයකථං කථෙසි, ස්වාහං ‘ඉධ මෙ හත්ථපසාරණට්ඨානම්පි නත්ථි, ගිහිනා හුත්වා සක්කා දුක්ඛා මුච්චිතුං, ගිහි භවිස්සාමී’ති සන්නිට්ඨානමකාසිං, භන්තෙ”ති. “සචෙ ත්වං, භික්ඛු, එකමෙව රක්ඛිතුං සක්ඛිස්සසි, අවසෙසානං රක්ඛනකිච්චං නත්ථී”ති. “කිං, භන්තෙ”ති? “තව චිත්තමෙව රක්ඛිතුං සක්ඛිස්සසී”ති. “සක්ඛිස්සාමි, භන්තෙ”ති. “තෙන හි අත්තනො චිත්තමෙව රක්ඛාහි, සක්කා දුක්ඛා මුච්චිතු”න්ති ඉමං ඔවාදං දත්වා ඉමං ගාථමාහ –
ඉන්පසු ළපැටි සාමණේරවරු, ඇවැත්නි ඔබ සිටි තැනම සිටියි. ඉඳගත් තැන ඉඳගෙනමය. පාණ්ඩුරෝගියෙක් මෙනි. කෙට්ටු වී දිරාපත් ව කුෂ්ටරෝගයෙන්ද පෙළෙයි. ඔබ කුමක් කෙළෙහිදැයි ඇසූහ. ඇවැත්නි මම කළකිරුණෙමි. කිනම් කරුණක් නිසා ද? ඒ භික්ෂුව එම ප්‍රවෘත්තිය කීවේය. සාමණේරවරු මේ පුවත ඒ භික්ෂුවගේ ආචාර්ය උපාධ්‍යායවරුන්ට දැන්වූහ. ආචාර්ය උපාධ්‍යායවරු ඔහු කැඳවාගෙන බුදුන් හමුවට ගියාහුය. මහණෙනි කුමක් සඳහා ආවහුදැයි විචාළහ. ස්වාමීනි, මේ භික්ෂුව ඔබේ සසුනේ කළකිරී සිටී. මහණ ඒ බව සැබෑද? සැබවි ස්වාමීනි, කවර කරුණක් නිසාද, ස්වාමීනි, මම දුකින් නිදහස් වීමේ බලාපොරොත්තුවෙන් පැවිදිවීමි. ඒ මට ආචාර්යයන්වහන්සේ අභිධර්මකථා කියති. උපාධ්‍යායයන්වහන්සේ විනය කථා කියති. ඒ මම මේ ශාසනයෙහි අතදිගහරින්ටවත් ඉඩක් නැත, ගිහිවී දුකෙන් නිදහස්වෙන්ට පුළුවනියි තීරණය කළෙමි. හොඳයි මහණ, එසේ නම් ඔබට එකම දෙයක් රකින්ට පුළුවන්ද, වෙන කිසිවක් රකින්ට නැත. ස්වාමීනි, ඒ කුමක් ද? ඔබේ සිත පමණක් රකින්ට පුළුවන් ද? ස්වාමීනි, පුළුවනි. එසේ නම් තමාගේ සිත පමණක් රැකගනුවයි මේ අවවාදයදී මෙම ගාථාවද වදාළහ.
“සුදුද්දසං සුනිපුණං, යත්ථකාමනිපාතිනං; චිත්තං රක්ඛෙථ මෙධාවී, චිත්තං ගුත්තං සුඛාවහ”න්ති.
දකිනු බැරි සියුම් වූ කැමති හැමතැන ලගිනා සිත නුවණැත්තා නිති රකියි එරැකි කල සුවදායකයි
තත්ථ සුදුද්දසන්ති සුට්ඨු දුද්දසං. සුනිපුණන්ති සුට්ඨු නිපුණං පරමසණ්හං. යත්ථකාමනිපාතිනන්ති ජාතිආදීනි අනොලොකෙත්වා ලභිතබ්බාලභිතබ්බයුත්තායුත්තට්ඨානෙසු යත්ථ කත්ථචි නිපතනසීලං. චිත්තං රක්ඛෙථ මෙධාවීති අන්ධබාලො දුම්මෙධො අත්තනො චිත්තං රක්ඛිතුං සමත්ථො නාම නත්ථි, චිත්තවසිකො හුත්වා අනයබ්යසනං පාපුණාති. මෙධාවී පන පණ්ඩිතොව චිත්තං රක්ඛිතුං සක්කොති, තස්මා ත්වම්පි චිත්තමෙව ගොපෙහි. ඉදඤ්හි චිත්තං ගුත්තං සුඛාවහං මග්ගඵලනිබ්බානසුඛානි ආවහතීති.
මෙහි සුදුද්දසං යනු හොඳටම සියුම්. අතිශයින්ම මොළොක් යන අර්ථයි. යත්ථකාමනිපාතිනං යනු ජාති ආදි කිසිම භේදයක් නොසලකා ලැබිය යුතු නොලැබිය යුතු, යුතුඅයුතු තැන්වල යම් කැමති කැමති තැනකට වැටෙන බවයි. වැටෙන ස්වරූපයයි. චිත්තං රක්ඛෙථ මෙධාවී යනු අන්ධ බාල පෘථග්ජනයාට, නුවණක් නැති පුද්ගලයාට තමන්ගේ සිත රැක ගැනීමට සමර්ථ කමක් නැත. සිතට වසඟ වී අභාවයට හා විනාශයට පැමිණෙයි. නුවණැත්තා වනාහි පණ්ඩිතකමින් සිත රැක ගැනීමට සමර්ථ වෙයි. එහෙයින් ඔබත් සිත පාලනය කරව. මෙය වනාහි චිත්තං ගුත්තං සුඛාවහං සෝවාන් ආදී මාර්ග සැප, ඵලසැප නිවන් සැප ගෙන දෙන්නේය යන අර්ථයි.
දෙසනාපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලං පාපුණි, අඤ්ඤෙපි බහූ සොතාපන්නාදයො අහෙසුං, දෙසනා මහාජනස්ස සාත්ථිකා අහොසීති.
දේශනාවසානයෙහි ඒ භික්ෂුව සෝවාන්ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ අයත් සෝවාන් ආදි තත්ත්වවලට පැමිණියාහුය. දේශනාව මහජනයාට ප්‍රයෝජනවත් විය.
අඤ්ඤතරඋක්කණ්ඨිතභික්ඛුවත්ථු තතියං.
තුන්වන කළකිරුණු එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.