10. එකඅනාගාමිත්ථෙරවත්ථු අට්ඨකථා
10. එකඅනාගාමිත්ථෙරවත්ථු
10. අනාගාමී තෙරුන්ගේ කථා පුවත
ඡන්දජාතොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අනාගාමිත්ථෙරං ආරබ්භ කථෙසි.
“ජන්දජාතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටියදී එක් අනාගාමී වූ තෙර නමක් නිමිති කරගෙන දේශනා කළහ.
එකදිවසඤ්හි තං ථෙරං සද්ධිවිහාරිකා පුච්ඡිංසු – “අත්ථි පන වො, භන්තෙ, විසෙසාධිගමො”ති. ථෙරො “අනාගාමිඵලං නාම ගහට්ඨාපි පාපුණන්ති, අරහත්තං පත්තකාලෙයෙව තෙහි සද්ධිං කථෙස්සාමී”ති හරායමානො කිඤ්චි අකථෙත්වාව කාලකතො සුද්ධාවාසදෙවලොකෙ නිබ්බත්ති. අථස්ස සද්ධිවිහාරිකා රොදිත්වා පරිදෙවිත්වා සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා රොදන්තාව එකමන්තං නිසීදිංසු. අථ නෙ සත්ථා “කිං, භික්ඛවෙ, රොදථා”ති ආහ. “උපජ්ඣායො නො, භන්තෙ, කාලකතො”ති. “හොතු, භික්ඛවෙ, මා චින්තයිත්ථ, ධුවධම්මො නාමෙසො”ති? “ආම, භන්තෙ, මයම්පි ජානාම, අපිච මයං උපජ්ඣායං විසෙසාධිගමං පුච්ඡිම්හා, සො කිඤ්චි අකථෙත්වාව කාලකතො, තෙනම්හ දුක්ඛිතා”ති. සත්ථා, “භික්ඛවෙ, මා චින්තයිත්ථ, උපජ්ඣායෙන වො අනාගාමිඵලං පත්තං, සො ‘ගිහීපෙතං පාපුණන්ති, අරහත්තං පත්වාව නෙසං කථෙස්සාමී’ති හරායන්තො තුම්හාකං කිඤ්චි අකථෙත්වා කාලං කත්වා සුද්ධාවාසෙ නිබ්බත්තො, අස්සාසථ, භික්ඛවෙ, උපජ්ඣායො වො කාමෙසු අප්පටිබද්ධචිත්තතං පත්තො”ති වත්වා ඉමං ගාථමාහ –
එක් දිනක් එම තෙරුන්ගේ සද්ධි විහාරික භික්ෂූන් ස්වාමීනි ඔබවහන්සේ විශේෂ අධිගම්‍යයක් ඇති දැයි විමසුහ. තෙරුන් වහන්සේ අනාගාමී ඵලය නම් ගිහියන්ට ද ඇත. අර්හත්වයට පත්වූවිට ඔබලා සමග කථාකරන්නෙමියි ලජ්ජාවෙමින් කිසිවක් නොකියාම අපවත් වූයේ සුද්ධාවාස දෙව්ලොව පහළවුහ. අනතුරුව එකට වාසය කරන සද්ධි විහාරික භික්ෂුහු හඩා වැළපී බුදුන්වෙත ගොස් වැඳ හඬමින්ම එකත් පසෙක වාඩිවූහ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මහණෙනි කුමක් නිසා අඬනෝදැයි විමසුහ. ස්වාමිනි. අපේ උපාධ්‍යයන් වහන්සේ අපවත් වුහ. එසේ වේවා. මහණෙනි ඒ ගැන නොසිතන්න මරණය අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයකි. ස්වාමීනි එසේය අපි එය දනිමු. එහෙත් උපාධ්‍යය තෙරුන් ගෙන් විශේෂ අධිගම්‍යයක් ඇත්දැයි විමසුවෙමු. උන්වහන්සේ කිසිවක් නොකියාම අපවත්වූහ. එනිසා අපි දුකට පත්වීමු. බුදුහු මහණෙනි ශෝක නොකරවු. ඔබගේ උපාධ්‍යායවරයා අනාගාමි ඵලයට පත්වූහ. අනාගාමි ඵලයට ගිහියෝ ද පත්වෙති. අර්හත්වයට පත්වීම ඔබලාට කියන්නෙමියි ලජ්ජාවන්නේ ඔබට කිසිවක් නොකියා කළුරිය කොට සුද්ධාවාසයේ පහළ වුයේය. ඒ නිසා සැනසෙව්. මහණෙනි ඔබලාගේ උපාධ්‍යයන් වහන්සේ කාමයන්හි නොබැඳුන සිත් ඇති හෙයින් නොබැඳුන සිතට පැමිණියේයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
“ඡන්දජාතො අනක්ඛාතෙ, මනසා ච ඵුටො සියා; කාමෙසු ච අප්පටිබද්ධචිත්තො, උද්ධංසොතොති වුච්චතී”ති.
අවබෝදයෙහි නිවණෙහි ආසා ඇතිව වඩමින් කමටහන් තුන්මග පල පතිව අනගැමි මගින් කාමෙහි ආසා නැතිව උතුමෝ ඉහළ යති ජලපහරින් මතුව
තත්ථ ඡන්දජාතොති කත්තුකාමතාවසෙන ජාතඡන්දො උස්සාහපත්තො. අනක්ඛාතෙති නිබ්බානෙ. තඤ්හි “අසුකෙන කතං වා නීලාදීසු එවරූපං වා”ති අවත්තබ්බතාය අනක්ඛාතං නාම. මනසා ච ඵුටො සියාති හෙට්ඨිමෙහි තීහි මග්ගඵලචිත්තෙහි ඵුටො පූරිතො භවෙය්ය. අප්පටිබද්ධචිත්තොති අනාගාමිමග්ගවසෙන කාමෙසු අප්පටිබද්ධචිත්තො. උද්ධංසොතොති එවරූපො භික්ඛු අවිහෙසු නිබ්බත්තිත්වා තතො පට්ඨාය පටිසන්ධිවසෙන අකනිට්ඨං ගච්ඡන්තො උද්ධංසොතොති වුච්චති, තාදිසො වො උපජ්ඣායොති අත්ථො.
එහි ජන්දජාතො - යනු කරනු කැමති වශයෙන් පමණක් ජලය ඇත්තේ. උනන්දුවට පත්වූයේ අනක්ඛාතෙ තෙ - යනු නිවිමෙහි එය අසවලා විසින් කරන ලදී. හෝ නීලාදි වශයෙන් මෙබඳු යයි කියා හෝ නොකියන ලද අනක්ඛාත නම් වේ. මනසා ච ථුටො සියා යටත් පිරිසෙයින් තුන් මග ඵල සිතින් ස්පර්ශ කළේ පිරුනේ වෙයි. “අප්පටිබද්ධ චිත්ත” නම් අනාගාමී මාර්ග වශයෙන් කාමයන්හි නොබැඳුන සිතයි. කාමයන්හි නොබැඳුන සිත් ඇත්තේ උද්ධංසොතො - මෙබඳු භික්ෂුව අවිහයේ ඉපදී එතැන් පටන් ප්රතිසන්ධි වශයෙන් අකනිට්ඨ බඹලොවට යන්නේ උද්ධංසොත යනුවෙන් පවසති. ඔබගේ උපාධ්යයවරයා එබඳු කෙනෙකි යන අර්ථයි.
දෙසනාවසානෙ තෙ භික්ඛූ අරහත්තඵලෙ පතිට්ඨහිංසු, මහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
මේ දේශනය අවසානයේදී ඒ භික්ෂූන් වහන්සේලා අර්හත්වයෙහි පිහිටියාහුය. මහජනයාට ද දේශනය සාර්ථක විය.
එකඅනාගාමිත්ථෙරවත්ථු අට්ඨමං.