යෙදුමෙන් කියවන්න

11-12. නන්‍දියවත්‍ථු අට‍්ඨකථා

11-12. නන්‍දියවත්‍ථු

11-12. නන්දිය පිළිබඳ කථා පුවත

චිරප‍්පවාසින‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ඉසිපතනෙ විහරන‍්තො නන්‍දියං ආරබ‍්භ කථෙසි.

“විරප්පවාසිං” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩසිටිය දී නන්දිය නිමිති කරගෙන දේශනා කළහ.

බාරාණසියං කිර සද‍්ධාසම‍්පන‍්නස‍්ස කුලස‍්ස නන්‍දියො නාම පුත‍්තො අහොසි, සො මාතාපිතූනං අනුරූපො සද‍්ධාසම‍්පන‍්නො සඞ‍්ඝුපට‍්ඨාකො අහොසි. අථස‍්ස මාතාපිතරො වයප‍්පත‍්තකාලෙ සම‍්මුඛගෙහතො මාතුලධීතරං රෙවතිං නාම ආනෙතුකාමා අහෙසුං. සා පන අස‍්සද‍්ධා අදානසීලා, නන්‍දියො තං න ඉච‍්ඡි. අථස‍්ස මාතා රෙවතිං ආහ –

බරණැස සද්ධා සම්පන්න කුලයක නන්දිය නම් පුත්‍රයෙක් වුයේය. හේ මවුපියන්ට අනුරූපවා ශ්‍රද්ධාවන්ත වු ප්‍රසන්න භික්ෂු උපස්ථායකයෙක් වීය. අනතුරුව දෙමාපියන් වයසට පත්වූ විට ඉදිරි පස මාමාගේ නිවසින් රේවතීනම් දියණිය ගෙන එනු කැමතිවිය. ඇය - ශ්‍රද්ධා සම්පන්න නොවුවා දන්දීම ද රුචි නොකළාය. නන්දිය එයට නොකැමතිවිය. අනතුරුව මව රේවතියට මෙසේ පැවසුවාය.

“අම‍්ම, ත්‍වං ඉමස‍්මිං ගෙහෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසජ‍්ජනට‍්ඨානං උපලිම‍්පිත්‍වා ආසනානි පඤ‍්ඤාපෙහි, ආධාරකෙ ඨපෙහි, භික‍්ඛූනං ආගතකාලෙ පත‍්තං ගහෙත්‍වා නිසීදාපෙත්‍වා ධම‍්මකරණෙන පානීයං පරිස‍්සාවෙත්‍වා භුත‍්තකාලෙ පත‍්තෙ ධොව, එවං මෙ පුත‍්තස‍්ස ආරාධිතා භවිස‍්සසී”ති. සා තථා අකාසි. අථ නං “ඔවාදක‍්ඛමා ජාතා”ති පුත‍්තස‍්ස ආරොචෙත්‍වා තෙන සාධූති සම‍්පටිච‍්ඡිතෙ දිවසං ඨපෙත්‍වා ආවාහං කරිංසු .

දරුව ඔබ මේ නිවසේ භික්ෂු සංඝයාට වැඩසිටින තැන් පිරිබඩ කොට අසුන් පනවන්න. මේස තබන්න. භික්ෂූන් පැමිණි විට පාත්‍රය ගෙන වාඩිකරවා පෙරහනකින් පැන්පෙරා වළදා අවසන පාත්‍රය සෝදා දෙන්න. මෙම කටයුතු කර මගේ පුතු සතුටු කරවා ගන්නැයි පැවසුවාය. ඇය එසේ කළාය. මෙලෙස ඇය කීකරු කෙනෙකැයි පුතාට දන්වා ඔහු පිළිගත්විට ටික දිනකට පසුව ආවාහ කළේය.

අථ නං නන්‍දියො ආහ – “සචෙ භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච මාතාපිතරො ච මෙ උපට‍්ඨහිස‍්සසි, එවං ඉමස‍්මිං ගෙහෙ වසිතුං ලභිස‍්සසි, අප‍්පමත‍්තා හොහී”ති. සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා කතිපාහං සද‍්ධා විය හුත්‍වා භත‍්තාරං උපට‍්ඨහන‍්තී ද‍්වෙ පුත‍්තෙ විජායි. නන්‍දියස‍්සාපි මාතාපිතරො කාලමකංසු, ගෙහෙ සබ‍්බිස‍්සරියං තස‍්සායෙව අහොසි. නන්‍දියොපි මාතාපිතූනං කාලකිරියතො පට‍්ඨාය මහාදානපති හුත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං පට‍්ඨපෙසි. කපණද‍්ධිකාදීනම‍්පි ගෙහද‍්වාරෙ පාකවත‍්තං පට‍්ඨපෙසි. සො අපරභාගෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා ආවාසදානෙ ආනිසංසං සල‍්ලක‍්ඛෙත්‍වා ඉසිපතනෙ මහාවිහාරෙ චතූහි ගබ‍්භෙහි පටිමණ‍්ඩිතං චතුසාලං කාරෙත්‍වා මඤ‍්චපීඨාදීනි අත්‍ථරාපෙත්‍වා තං ආවාසං නිය්‍යාදෙන‍්තො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා තථාගතස‍්ස දක‍්ඛිණොදකං අදාසි. සත්‍ථු හත්‍ථෙ දක‍්ඛිණොදකපතිට‍්ඨානෙන සද‍්ධිංයෙව තාවතිංසදෙවලොකෙ සබ‍්බදිසාසු ද‍්වාදසයොජනිකො උද‍්ධං යොජනසතුබ‍්බෙධො සත‍්තරතනමයො නාරීගණසම‍්පන‍්නො දිබ‍්බපාසාදො උග‍්ගච‍්ඡි.

අනතුරුව නන්දිය මෙසේ පැවසුවේය. ඉදින් භික්ෂු සංඝයාට ද මහළු දෙමාපියන්ට ද උවටැන් කරන්නේනම් මගේ නිවසේ සිටිමට අවකාශ ලැබේ. වස්තුව ද ලබන්නේය. අප්‍රමාද වන්න. ඇය යහපතැයි කියා පිළිගෙන දින කීපයක් ශ්‍රද්ධාවන්තියක ලෙසට ස්වාමීන්ට උවටැන් කළාය. පුතුන් දෙදෙනෙක් බිහිකළාය නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසේ සියළු සම්පත් ඇයටම අයත් විය. නන්දිතෙම දෙමව්පියෝ මියගිය විට එතැන් සිට නන්දිය මහා දානපතියෙක්ව භික්ෂූන්ට දන් තැබුවේය. කෘණපයින්ට හා පයින් යන්නන්ට ගෙදොර පිසු ආහාර තැබීය. ඔහු පසුකලෙක බණ අසා ආවාස දානයේ අනුසස් අසා ඉසිපතන මහා විහාරයේ කාමර සතර බැගින් ඇති සතරැස් ශාලා කරවා ඇඳ පුටු ආදිය ද සපයා එම ආවාසය පවරා දෙන්නේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයක් දී බුදුරජාණන් වහන්සේට දක්‍ෂිණොදකය පිරිනැමුවේය. (පැන්වඩා පිරිනැමීය) බුදුන්ගේ අත පැන් වත්කර දෙන විටම දිව්‍ය ලෝකයේ සියළු දිසාවන්හි පැතිරුණ දොළොස් යොදුනක් පළලට ද යොදුන් සියයක් උසට ද රුවන්මය ප්‍රාසාදයක් ද පරිවාර දිව්‍ය කාන්තාවක් ද පහළ විය.

අථෙකදිවසෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො දෙවචාරිකං ගන‍්ත්‍වා තස‍්ස පාසාදස‍්ස අවිදූරෙ ඨිතො අත‍්තනො සන‍්තිකෙ ආගතෙ දෙවපුත‍්තෙ පුච‍්ඡි – “කස‍්සෙසො අච‍්ඡරාගණපරිවුතො දිබ‍්බපාසාදො නිබ‍්බත‍්තො”ති. අථස‍්ස දෙවපුත‍්තා විමානසාමිකං ආචික‍්ඛන‍්තා ආහංසු – “භන‍්තෙ, යෙන නන්‍දියෙන නාම ගහපතිපුත‍්තෙන ඉසිපතනෙ සත්‍ථු විහාරං කාරෙත්‍වා දින‍්නො, තස‍්සත්‍ථාය එතං විමානං නිබ‍්බත‍්ත”න‍්ති. අච‍්ඡරාසඞ‍්ඝොපි නං දිස‍්වා පාසාදතො ඔරොහිත්‍වා ආහ – “භන‍්තෙ, මයං ‘නන්‍දියස‍්ස පරිචාරිකා භවිස‍්සාමා’ති ඉධ නිබ‍්බත‍්තා, තං පන අපස‍්සන‍්තී අතිවිය උක‍්කණ‍්ඨිතම‍්හා, මත‍්තිකපාතිං භින්‍දිත්‍වා සුවණ‍්ණපාතිගහණං විය මනුස‍්සසම‍්පත‍්තිං ජහිත්‍වා දිබ‍්බසම‍්පත‍්තිගහණං, ඉධාගමනත්‍ථාය නං වදෙය්‍යාථා”ති. ථෙරො තතො ආගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “නිබ‍්බත‍්තති නු ඛො, භන‍්තෙ, මනුස‍්සලොකෙ ඨිතානංයෙව කතකල්‍යාණානං දිබ‍්බසම‍්පත‍්තී”ති. “මොග‍්ගල‍්ලාන, නනු තෙ දෙවලොකෙ නන්‍දියස‍්ස නිබ‍්බත‍්තා දිබ‍්බසම‍්පත‍්ති සාමං දිට‍්ඨා, කස‍්මා මං පුච‍්ඡසී”ති. “එවං, භන‍්තෙ, නිබ‍්බත‍්තතී”ති.

ඉක්බිති එක් දිනක් මහමුගලන් තෙරුන් දෙව් ලොව චාරිකාවේ යෙදෙමින් එම ප්‍රාසාදය අබියස සිටියේ තමන් අබියසට පැමිණි දෙවිවරුගෙන් විමසා සිටිසේක. මේ දිව්‍ය අප්සරාවන්ගෙන් පිරුණ දිව්‍ය ප්‍රාසාද කවුරුන් උදෙසා පහළ වී දැයි එම දෙවියන් දිව්‍ය විමානයේ ස්වාමීගෙන් විමසා මෙසේ පැවසුහ. ස්වාමීනි නන්දියනම් ගෘහපති විසින් ඉසිපතනාරාමයේ බුදුන්ට විහාරයක් කරවා දෙන ලදින් ඔහු වෙනුවෙන් මේ විමානය පහළවිය. දිව්‍ය අප්සරාවන් ද එය දැක ප්‍රාසාදයෙන් බැස මෙසේ කීවාහුය. ස්වාමීනි අප නන්දියගේ පරිවාර ස්ත්‍රීහුය. මෙහි පහළ වු අපි ඔහු නොදැක අතිශයින් උකටලීව සිටිමු. වැලි පාත්‍රයක් බිඳ රන් බඳුනක් ගැනීමට සමාන වූ මිනිස් සම්පත්තිය අත්හැර දිව්‍ය සම්පත් ගැනීමට මෙහි පැමිණිමට ඔහුට කියාදෙන්න. තෙරුන් වහන්සේ දිව්‍යලෝකයෙන් පැමිණ බුදුවෙත එළඹ විමසුහ. ස්වාමීනි මිනිස් ලොව සිටියදීම කරන ලද කුශල කර්මවලට දිව්‍යලෝකයේ සමාන ප්‍රතිඵල ලැබේද? ඔබ ඒවාදැක මාගෙන් කුමකට විමසයිද?

අථ නං සත්‍ථා “මොග‍්ගල‍්ලානං කිං නාමෙතං කථෙසි. යථා හි චිරප‍්පවුට‍්ඨං පුත‍්තං වා භාතරං වා විප‍්පවාසතො ආගච‍්ඡන‍්තං ගාමද‍්වාරෙ ඨිතො කොචිදෙව දිස‍්වා වෙගෙන ගෙහං ආගන‍්ත්‍වා ‘අසුකො නාම ආගතො’ති ආරොචෙය්‍ය, අථස‍්ස ඤාතකා හට‍්ඨපහට‍්ඨා වෙගෙන නික‍්ඛමිත්‍වා ‘ආගතොසි, තාත, අරොගොසි, තාතා’ති තං අභිනන්‍දෙය්‍යුං, එවමෙව ඉධ කතකල්‍යාණං ඉත්‍ථිං වා පුරිසං වා ඉමං ලොකං ජහිත්‍වා පරලොකං ගතං දසවිධං දිබ‍්බපණ‍්ණාකාරං ආදාය ‘අහං පුරතො, අහං පුරතො’ති පච‍්චුග‍්ගන‍්ත්‍වා දෙවතා අභිනන්‍දන‍්තී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

අනතුරුව බුදුහු “මොග්ගල්ලාන ඔබ කුමක්නම් කියයිද? බොහෝ ඈතක සිටි කෙනෙක් පුතෙක් හෝ සහෝදරයෙක් හෝ දුරසිට කලකින් පැමිණි විට ගම්දොර සිටි තැනැත්තෙක් දැක වේගයෙන් ගෙට ගොස් අසවල් තැනැත්තා ආවේයයි. දැනුම් දෙන්නේ ද ඔහුගේ ඥාතීන් තුටු පහටුව වේගයෙන් ගෙයින් නික්ම පුතා ආවා පුතා ආවා යනුවෙන් සතුටුවේද එලෙසම යහපත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මෙලොව අත්හැර යනවිට දසවිධ දිව්‍ය පඬුරු අරගෙන මම පළමුව මම පළමුව යයි කියා පසුපසින් ගොස් දෙවියන් සතුටු කරති”යි මේ ගාථාව පැවසුහ.

“චිරප‍්පවාසිං පුරිසං, දූරතො සොත්‍ථිමාගතං; ඤාතිමිත‍්තා සුහජ‍්ජා ච, අභිනන්‍දන‍්ති ආගතං.

බොහෝ කාලයක් දුර සිට සුවසේ පැමිණි දරුවෙකු සොයුරෙකු නෑයන් බැති සිතිනි

“තථෙව කතපුඤ‍්ඤම‍්පි, අස‍්මා ලොකා පරං ගතං; පුඤ‍්ඤානි පටිගණ‍්හන‍්ති, පියං ඤාතීව ආගත”න‍්ති.

පිළිගන්නා ලෙසට, පින් කළ දන තොසිනී දෙලොව දෙවගනන් පිළිගනු ඇත බැතිනී.

තත්‍ථ චිරප‍්පවාසින‍්ති චිරප‍්පවුට‍්ඨං. දූරතො සොත්‍ථිමාගතන‍්ති වණිජ‍්ජං වා රාජපොරිසං වා කත්‍වා ලද‍්ධලාභං නිප‍්ඵන‍්නසම‍්පත‍්තිං අනුපද‍්දවෙන දූරට‍්ඨානතො ආගතං. ඤාතිමිත‍්තා සුහජ‍්ජා චාති කුලසම‍්බන්‍ධවසෙන ඤාතී ච සන්‍දිට‍්ඨාදිභාවෙන මිත‍්තා ච සුහදයභාවෙන සුහජ‍්ජා ච. අභිනන්‍දන‍්ති ආගතන‍්ති නං දිස‍්වා ආගතන‍්ති වචනමත‍්තෙන වා අඤ‍්ජලිකරණමත‍්තෙන වා ගෙහසම‍්පත‍්තං පන නානප‍්පකාරපණ‍්ණාකාරාභිහරණවසෙන අභිනන්‍දන‍්ති. තථෙවාති තෙනෙවාකාරෙන කතපුඤ‍්ඤම‍්පි පුග‍්ගලං ඉමස‍්මා ලොකා පරලොකං ගතං දිබ‍්බං ආයුවණ‍්ණසුඛයසආධිපතෙය්‍යං, දිබ‍්බං රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බන‍්ති ඉමං දසවිධං පණ‍්ණාකාරං ආදාය මාතාපිතුට‍්ඨානෙ ඨිතානි පුඤ‍්ඤානි අභිනන්‍දන‍්තානි පටිග‍්ගණ‍්හන‍්ති. පියං ඤාතීවාති ඉධලොකෙ පියඤාතකං ආගතං සෙසඤාතකා වියාති අත්‍ථො.

“විරප්පවාසිං පුරිසං - දුරතො සොත්ථි මාගතං” එහි චිරප්පවාසිං - යනු බොහෝ කලක් බැහැර සිටි දුරතො සොත්ථි මාගතං වෙළෙන්දෙක් හෝ රාජ්‍ය පුරුෂ හෝ තනතුරු නිසා ලබන ලද ලාභය හෝ ආදායම ගෙන උවදුරකින් තොරව දුරසිට පැමිණි. ඥාති මිත්තා - කුල සබඳතාව අනුව ඥාතීන් ද මිත්‍රයින් ද - සුහද බැවින් සහෘදයන් ද අභිනන්දන්ති ආගතං ස්වාගතං යන වචනයද ඇඳිලි බැඳ විඳගැනීමද ගෙට පැමිණි අයම පුද පඬුරු දීම වශයෙන් සතුටුවීම. තථෙවාති මේ කරුණු අනුව පිංකළ පුද්ගලයා මේ ලොවින් පරලොව යන විට දිව්‍යමය වූ ආයු -වර්ණ - සැප - කීර්ති - අධිපත්‍යය - දිව්‍යමය රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ යන මේ දසවිධ පඬුරු ගෙන මව්පියන් ළඟ සිටිය දී පින් පමුණුවන්නැයි පිළිගනිති. පියං ඥාතීවාති මේ ලොව ප්‍රිය ඥාතීන් අනෙක් ඥාතීන් හා සම වේයන අර්ථයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ඇදී මාර්ග ඵලාදියට පැමිණියාහුය.

නන්‍දියවත්‍ථු නවමං.

පියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පියවග්ගය නිමි

සොළසමො වග‍්ගො.

සොළොස් වැනි වර්ගයයි.