යෙදුමෙන් කියවන්න

1. රොහිනීඛත‍්තියකඤ‍්ඤාවත්‍ථු අට‍්ඨකථා

1. රොහිනීඛත‍්තියකඤ‍්ඤාවත්‍ථු

1. රෝහිණිය පිළිබඳ කථා පුවත

කොධං ජහෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා නිග්‍රොධාරාමෙ විහරන‍්තො රොහිනිං නාම ඛත‍්තියකඤ‍්ඤං ආරබ‍්භ කථෙසි.

“කොධංජහෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩසිටිය දී රෝහිණී නම් වූ ක්‍ෂත්‍රිය කන්‍යාවක් නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිං කිර සමයෙ ආයස‍්මා අනුරුද‍්ධො පඤ‍්චසතෙහි භික‍්ඛූහි සද‍්ධිං කපිලවත්‍ථුං අගමාසි. අථස‍්ස ඤාතකා “ථෙරො ආගතො”ති සුත්‍වා ථෙරස‍්ස සන‍්තිකං අගමංසු ඨපෙත්‍වා රොහිනිං නාම ථෙරස‍්ස භගිනිං. ථෙරො ඤාතකෙ පුච‍්ඡි “කහං, රොහිනී”ති? “ගෙහෙ, භන‍්තෙ”ති. “කස‍්මා ඉධ නාගතා”ති? “සරීරෙ තස‍්සා ඡවිරොගො උප‍්පන‍්නොති ලජ‍්ජාය නාගතා, භන‍්තෙ”ති. ථෙරො “පක‍්කොසථ න”න‍්ති පක‍්කොසාපෙත්‍වා පටකඤ‍්චුකං පටිමුඤ‍්චිත්‍වා ආගතං එවමාහ – “රොහිනි, කස‍්මා නාගතාසී”ති? “සරීරෙ මෙ, භන‍්තෙ, ඡවිරොගො උප‍්පන‍්නො, තස‍්මා ලජ‍්ජාය නාගතාම‍්හී”ති. “කිං පන තෙ පුඤ‍්ඤං කාතුං න වට‍්ටතී”ති? “කිං කරොමි, භන‍්තෙ”ති? “ආසනසාලං කාරෙහී”ති. “කිං ගහෙත්‍වා”ති? “කිං තෙ පසාධනභණ‍්ඩකං නත්‍ථී”ති? “අත්‍ථි, භන‍්තෙ”ති. “කිං මූල”න‍්ති? “දසසහස‍්සමූලං භවිස‍්සතී”ති. “තෙන හි තං විස‍්සජ‍්ජෙත්‍වා ආසනසාලං කාරෙහී”ති. “කො මෙ, භන‍්තෙ, කාරෙස‍්සතී”ති? ථෙරො සමීපෙ ඨිතඤාතකෙ ඔලොකෙත්‍වා “තුම‍්හාකං භාරො හොතූ”ති ආහ. “තුම‍්හෙ පන, භන‍්තෙ, කිං කරිස‍්සථා”ති? “අහම‍්පි ඉධෙව භවිස‍්සාමී”ති. “තෙන හි එතිස‍්සා දබ‍්බසම‍්භාරෙ ආහරථා”ති. තෙ “සාධු, භන‍්තෙ”ති ආහරිංසු.

එක් සමයක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමග කපිලවත්ථුවට වැඩම කළහ. අනතුරුව උන්වහන්ගේ ඥාතීන් තෙරුන්වහන්සේ වැඩම කළහයි අසා තෙරුන් සමීපයට ගියාහුය. රෝහිණී නම් වු තෙරුන්ගේ සොහොයුරිය කැඳවාගෙන නොගිය නිසා තෙරණුවෝ ඥාතීන්ගෙන් රෝහිණිය කොහේ දැයි විමසූහ. ස්වාමීනි ගෙදර සිටී. ඇයි ඇය මෙහි නොපැමිණියේ දැයි විමසූහ. ඇගේ සිරුරේ චර්ම රෝගයක් හටගත් නිසා ලජ්ජාවෙන් ඇය නොපැමිණියා ය. ඇය දැන් කැඳවන්නැයි කියා ගෙන්වා රෙදි සැට්ටය ගලවා පැමිණියා වූ ඇයට මෙසේ පැවසුවේය. රෝහිණි ඔබ නොපැමිණියේ කුමක් හෙයින්ද, ස්වාමීනි මගේ සිරුරේ චර්ම රෝගයක් පවතී. එනිසා ලජ්ජාවෙන් නොපැමිණියෙමි. ඇයි ඔබ කුසල් කිරීමට අකමැතිද? ස්වාමීනි කුමක් කරම්ද? ආසන ශාලාවක් කරන්න. ස්වාමීනි කුමක් ගෙනද කරන්නේ. ඇයි ඔබ ඔබගේ අලංකාරය සඳහා පළදින භාණ්ඩ නොමැතිද? ස්වාමීනි තිබේ. කොතරම් වටිනා භාණ්ඩ තිබේ? දසදහසක් වටිනා භාණ්ඩ ඇත. එසේනම් ඒවා වියදම් කර ආසන ශාලාවක් හදන්න. ස්වාමිනි මට මෙය කරවා දෙන්නේ කවුද? තෙරුන් ළඟ සිටි ඥාති පිරිස බලා නුඹ මෙහි වගකීම දැරිය යුතුය ස්වාමිනි ඔබ වහන්සේ කුමක් කරන්නේ දැයි විමසුව මම ද එසේ කරනෙමි. එසේ නම් මැයගේ භාණ්ඩ සමුහය අරගෙන එන්න. ඔවුහු ස්වාමීනි යහපතැයි රැගෙන ආවාහුය.

ථෙරො ආසනසාලං සංවිදහන‍්තො රොහිනිං ආහ – “ද‍්විභූමිකං ආසනසාලං කාරෙත්‍වා උපරි පදරානං දින‍්නකාලතො පට‍්ඨාය හෙට‍්ඨාසාලං නිබද‍්ධං සම‍්මජ‍්ජිත්‍වා ආසනානි පඤ‍්ඤාපෙහි, නිබද‍්ධං පානීයඝටෙ උපට‍්ඨාපෙහී”ති. සා “සාධු, භන‍්තෙ”ති පසාධනභණ‍්ඩකං විස‍්සජ‍්ජෙත්‍වා ද‍්විභූමිකආසනසාලං කාරෙත්‍වා උපරි පදරානං දින‍්නකාලතො පට‍්ඨාය හෙට‍්ඨාසාලං සම‍්මජ‍්ජනාදීනි අකාසි. නිබද‍්ධං භික‍්ඛූ නිසීදන‍්ති. අථස‍්සා ආසනසාලං සම‍්මජ‍්ජන‍්තියාව ඡවිරොගො මිලායි. සා ආසනසාලාය නිට‍්ඨිතාය බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා ආසනසාලං පූරෙත්‍වා නිසින‍්නස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පණීතං ඛාදනීයං භොජනීයං අදාසි. සත්‍ථා කතභත‍්තකිච‍්චො “කස‍්සෙතං දාන”න‍්ති පුච‍්ඡි. “භගිනියා මෙ, භන‍්තෙ, රොහිනියා”ති. “සා පන කහ”න‍්ති? “ගෙහෙ, භන‍්තෙ”ති. “පක‍්කොසථ න”න‍්ති? සා ආගන‍්තුං න ඉච‍්ඡි. අථ නං සත්‍ථා අනිච‍්ඡමානම‍්පි පක‍්කොසාපෙසියෙව. ආගන‍්ත්‍වා ච පන වන්‍දිත්‍වා නිසින‍්නං ආහ – “රොහිනි, කස‍්මා නාගමිත්‍ථා”ති? “සරීරෙ මෙ, භන‍්තෙ, ඡවිරොගො අත්‍ථි, තෙන ලජ‍්ජමානා නාගතාම‍්හී”ති. “ජානාසි පන කිං තෙ නිස‍්සාය එස උප‍්පන‍්නො”ති? “න ජානාමි, භන‍්තෙ”ති. “තව කොධං නිස‍්සාය උප‍්පන‍්නො එසො”ති. “කිං පන මෙ, භන‍්තෙ, කත”න‍්ති? “තෙන හි සුණාහී”ති. අථස‍්සා සත්‍ථා අතීතං ආහරි.

තෙරුන් ආසන ශාලාව සංවිධාන කරමින් රෝහිණිට මෙසේ පැවසුහ. තට්ටු දෙකේ ආසන ශාලාවක් කර උඩුමහලේ ලෑලි තට්ටුව යෙදු පසු යට ශාලාව නිතර අතුගා අසුන් පනවන්න. නිතර පැත්කළ තබන්න. ඇය යහපති ස්වාමිනි යි පවසා ස්වර්ණාභරණ විකුණා දෙමහල් ආසන ශාලාව කර උඩුමහලේ ලෑලි යෙදු තැන් සිට පිසදැමීම් ආදිය කළාය. නිතර භික්ෂුහු වාඩිවෙති. මේ අනුව අතුගාන විට ඇගේ ඡවි රෝගය සනීප විය. ඇය ආපන ශාලාව නිමවූවිට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ප්‍රනීත වූ කැඳ කිස භෝජනය ද පිළිගැන්වුවාය. බුදුහු අහර කිස නිමවා මෙය කාගේ දානයක්දැයි විමසුහ. මගේ නැගණිය වු රෝහිණියන්ගේ යයි පැවසුහ. ඇය කොහිදැයි විමසා නිවසේ සිටිනබව අසා කැඳවන ලෙස දන්වුහ. ඇය ඊට පසු පැමිණ වන්දනා කර සිටියාවු ඇයගෙන් නොපැමිණිමට හේතුවත් විමසා ජවි රෝගය නිසා බව පවසා සිටි විට ඔබට මෙබඳු රෝගයක් ඇතිවීමට හේතුව කුමක්දැයි දන්නේදැයි විමසා නොදන්නා බව පැවසුවිට ඔබේ ක්‍රෝධය නිසා ඇතිවී යයි පැවසූ විට එය කුමක්දැයි විමසුවෙන් බුදුහු අතීත සිදුවීම දේශනා කළහ.

අතීතෙ බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසී එකිස‍්සා රඤ‍්ඤො නාටකිත්‍ථියා ආඝාතං බන්‍ධිත්‍වා “දුක‍්ඛමස‍්සා උප‍්පාදෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා මහාකච‍්ඡුඵලානි ආහරාපෙත්‍වා තං නාටකිත්‍ථිං අත‍්තනො සන‍්තිකං පක‍්කොසාපෙත්‍වා යථා සා න ජානාති, එවමස‍්සා සයනෙ චෙව පාවාරකොජවාදීනඤ‍්ච අන‍්තරෙසු කච‍්ඡුචුණ‍්ණානි ඨපාපෙසි, කෙළිං කුරුමානා විය තස‍්සා සරීරෙපි ඔකිරි. තං ඛණංයෙව තස‍්සා සරීරං උප‍්පක‍්කුප‍්පක‍්කං ගණ‍්ඩාගණ‍්ඩජාතං අහොසි. සා කණ‍්ඩුවන‍්තී ගන‍්ත්‍වා සයනෙ නිපජ‍්ජි, තත්‍රාපිස‍්සා කච‍්ඡුචුණ‍්ණෙහි ඛාදියමානාය ඛරතරා වෙදනා උප‍්පජ‍්ජි. තදා අග‍්ගමහෙසී රොහිනී අහොසීති.

පෙර බරණැස් නුවර රජුගේ අගමෙහෙසිය රජුගේ එක් නිළියකට වෛර බැඳ ඇයට දුකක් ඇති කරමියි සිතා කසඹිලියා වැනි කසන ගෙඩි ගෙන්වාගෙන එම නිළිය තමන්වෙත ගෙන්වාගෙන ඇයට නොදැනෙන ලෙස ඇගේ සයනයේ ද උතුරු සළුව පටසළුව අතර ද කහඹිලියා කුඩු දැම්මවීය. ක්‍රීඩාවෙන් සිනහවෙන් ඇගේ සිරුරේ ද විසුර වීය. එකෙනෙහිම ඇගේ සිරුරේ ගඩු හටගෙන නින්දට ගියවිට ඒ කහඹිලියා කුඩු නිසා දැඩි වේදනාවට පත්වූවාය. ඒ අගමෙහෙසිය රෝහිණියයි.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා, “රොහිනි, තදා තයාවෙතං කම‍්මං කතං. අප‍්පමත‍්තකොපි හි කොධො වා ඉස‍්සා වා කාතුං න යුත‍්තරූපො එවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ අතීත පුවත බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඔබ එදා මේ කර්මය කරන ලදී. ස්වල්ප ලෙස හෝ ක්‍රෝධය හෝ ඊර්ෂ්‍යාව හෝ කිරීම නුසුදුසු යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“කොධං ජහෙ විප‍්පජහෙය්‍ය මානං, සංයොජනං සබ‍්බමතික‍්කමෙය්‍ය; තං නාමරූපස‍්මිමසජ‍්ජමානං, අකිඤ‍්චනං නානුපතන‍්ති දුක‍්ඛා”ති.

කොරෝදය සමග මානය දුරුකරනු මමමය මගේය අදහස අතහරිනු සංයෝජන දහය වෙසෙසින් මග හරිනු හැසිරි මේ අනුව සසරෙහි දුක නිවනු

තත්‍ථ කොධන‍්ති සබ‍්බාකාරම‍්පි කොධං නවවිධම‍්පි මානං ජහෙය්‍ය. සංයොජනන‍්ති කාමරාගසංයොජනාදිකං දසවිධම‍්පි සබ‍්බසංයොජනං අතික‍්කමෙය්‍ය. අසජ‍්ජමානන‍්ති අලග‍්ගමානං. යො හි “මම රූපං මම වෙදනා”තිආදිනා නයෙන නාමරූපං පටිග‍්ගණ‍්හාති, තස‍්මිඤ‍්ච භිජ‍්ජමානෙ සොචති විහඤ‍්ඤති, අයං නාමරූපස‍්මිං සජ‍්ජති නාම. එවං අග‍්ගණ‍්හන‍්තො අවිහඤ‍්ඤන‍්තො න සජ‍්ජති නාම. තං පුග‍්ගලං එවං අසජ‍්ජමානං රාගාදීනං අභාවෙන අකිඤ‍්චනං දුක‍්ඛා නාම නානුපතන‍්තීති අත්‍ථො. දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති. රොහිනීපි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතා, තඞ‍්ඛණඤ‍්ඤෙවස‍්සා සරීරං සුවණ‍්ණවණ‍්ණං අහොසි.

එහි කොධං යනු ක්‍රෝධය නම් සියළු ආකාර ක්‍රෝධයයි මානං නව විධවු මානය ද අත්හල යුතුය. සඤ්ඤාජනං කාමරාග සංයෝජන දසවිධවු ආයෝජන ඉක්මවා යන්නේය. අසජ්ජමාන - මේ නොඇලීමය යමෙක් මගේ රූපය මගේ වේදනාව ආදී වශයෙන් නාම රූපයන්හි ඇලේ මෙසේ නොගැනීමෙන් නොගන්නේ නො ඇලේ. එම පුද්ගලයා නොඇලෙන්නේ රාගාදිය නොමැති හෙයින් දුකට නොවැටේ. යන අර්ථයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදි ඵලයන්ට පැමිණියහ. රෝගිණිය සෝවාන් ඵලයට පත්වූවාය. එකෙනෙහිම ඇගේ සිරුර රන්වන් පැහැ ඇතිවිය.

සා තතො චුතා තාවතිංසභවනෙ චතුන‍්නං දෙවපුත‍්තානං සීමන‍්තරෙ නිබ‍්බත‍්තිත්‍වා පාසාදිකා රූපසොභග‍්ගප‍්පත‍්තා අහොසි. චත‍්තාරොපි දෙවපුත‍්තා තං දිස‍්වා උප‍්පන‍්නසිනෙහා හුත්‍වා “මම සීමාය අන‍්තො නිබ‍්බත‍්තා, මම සීමාය අන‍්තො නිබ‍්බත‍්තා”ති විවදන‍්තා සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා, “දෙව, ඉමං නො නිස‍්සාය අඩ‍්ඩො උප‍්පන‍්නො, තං විනිච‍්ඡිනාථා”ති ආහංසු. සක‍්කොපි තං ඔලොකෙත්‍වාව උප‍්පන‍්නසිනෙහො හුත්‍වා එවමාහ – “ඉමාය වො දිට‍්ඨකාලතො පට‍්ඨාය කථං චිත‍්තානි උප‍්පන‍්නානී”ති. අථෙකො ආහ – “මම තාව උප‍්පන‍්නචිත‍්තං සඞ‍්ගාමභෙරි විය සන‍්නිසීදිතුං නාසක‍්ඛී”ති. දුතියො “මම චිත‍්තං පබ‍්බතනදී විය සීඝං පවත‍්තතියෙවා”ති. තතියො “මම ඉමිස‍්සා දිට‍්ඨකාලතො පට‍්ඨාය කක‍්කටස‍්ස විය අක‍්ඛීනි නික‍්ඛමිංසූ”ති. චතුත්‍ථො “මම චිත‍්තං චෙතියෙ උස‍්සාපිතධජො විය නිච‍්චලං ඨාතුං නාසක‍්ඛී”ති. අථ නෙ සක‍්කො ආහ – “තාතා, තුම‍්හාකං තාව චිත‍්තානි පසය‍්හරූපානි, අහං පන ඉමං ලභන‍්තො ජීවිස‍්සාමි, අලභන‍්තස‍්ස මෙ මරණං භවිස‍්සතී”ති. දෙවපුත‍්තා, “මහාරාජ, තුම‍්හාකං මරණෙන අත්‍ථො නත්‍ථී”ති තං සක‍්කස‍්ස විස‍්සජ‍්ජෙත්‍වා පක‍්කමිංසු. සා සක‍්කස‍්ස පියා අහොසි මනාපා. “අසුකකීළං නාම ගච‍්ඡාමා”ති වුත‍්තෙ සක‍්කො තස‍්සා වචනං පටික‍්ඛිපිතුං නාසක‍්ඛීති.

ඇය ඉන් චුතව දෙවිවරුන් සතර දෙනෙකුගේ සීමාවේ. පහළ වී රූසපුවෙන් අග්‍ර බවට පත්වූවාය. දෙවියන් සතර දෙනාටම සෙනෙහසක් ඇති විය. ඇය මගේ සීමාවේ පහළවුවාය. ඇය මගේ සීමාව ඇතුලත පහළ වුවායැයි වාද කරමින් සක්දෙවි රජවෙත ගියාහුය. දේවයනි. මැය නිසා අප අතර රණ්ඩුවක් ඇතිවිය. මෙය විසඳා ගන්නැයි කීවාහුය. සක්දෙවිඳු ද ඇය බලා නො ඇති වුයේ මෙසේ පැවසුවේය. මැය දුටු විට සිතේ කුමක් ඇති වුවේද? එහිදී එක් දෙවියෙක් මෙසේ පැවසුවේ. මැය නිසා මට ඇතිවු ස්නේහය යුද බෙරයක හඬක් ලෙස වාඩිවී සිටීමට නොහැකිවිය. අනවරතයෙන් පැවැතෙයි. දෙවැන්නා හා මගේ සිත ගලක ගලන ගඟුලක් සේ වේගයෙන් ගලායන්නේ විය. තුන්වැන්නා මම ඇය දුටු අවස්ථාවේ සිට කකුළුවෙකුගේ ඇස් ලෙස ඉදිරියට නෙරා ආවෝය. මගේ සිත සෑයක බැඳි කොඩියක් සේ නිසලව සිටීමට නොහැකිවිය. අනතුරුව සක්දෙවිඳු ඔවුන්ට මෙසේ පැවසුවේය. දරුවෙනි ඔබලාගේ සිතුවිලි බලහත්කාර ලෙස පිහිටා තිබේ. මට මැය ලැබුවොත් මම ජීවත් වෙමි. නොලැබුනහොත් මරණය වන්නේ යයි පැවසුවේය. දේවපුත්‍රයෝ මහරජ ඔබගේ මරණයෙන් තේරුමක් නැතැයි කියා ඇය සක්දෙවිඳුට පවරා පිටත්ව ගියහ. ඇය සක්දෙවිඳුට ප්‍රිය වුවාය. මනාප වුවාය. අසවල් ක්‍රීඩාවට යමු යයි පැවසුවිට සක් දෙවිඳුට ඇගේ වචනය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය.

රොහිනීඛත‍්තියකඤ‍්ඤාවත්‍ථු පඨමං.