යෙදුමෙන් කියවන්න

2. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

2. අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු

2. එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත

යො වෙ උප‍්පතිතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා අග‍්ගාළවෙ චෙතියෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

“යො වෙඋප්පතිතං කොධං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍ය ස්ථානයේ වැඩ සිටියදී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.

සත්‍ථාරා හි භික‍්ඛුසඞ‍්ඝස‍්ස සෙනාසනෙ අනුඤ‍්ඤාතෙ රාජගහසෙට‍්ඨිආදීහි සෙනාසනෙසු කරියමානෙසු එකො ආළවිකො භික‍්ඛු අත‍්තනො සෙනාසනං කරොන‍්තො එකං මනාපරුක‍්ඛං දිස‍්වා ඡින්‍දිතුං ආරභි. තත්‍ථ පන නිබ‍්බත‍්තා එකා තරුණපුත‍්තා දෙවතා පුත‍්තං අඞ‍්කෙනාදාය ඨිතා යාචි “මා මෙ, සාමි, විමානං ඡින්‍දි, න සක‍්ඛිස‍්සාමි පුත‍්තං ආදාය අනාවාසා විචරිතු”න‍්ති. සො “අහං අඤ‍්ඤත්‍ර ඊදිසං රුක‍්ඛං න ලභිස‍්සාමී”ති තස‍්සා වචනං නාදියි. සා “ඉමම‍්පි තාව දාරකං ඔලොකෙත්‍වා ඔරමිස‍්සතී”ති පුත‍්තං රුක‍්ඛසාඛාය ඨපෙසි. සොපි භික‍්ඛු උක‍්ඛිපිතං ඵරසුං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො දාරකස‍්ස බාහුං ඡින්‍දි, දෙවතා උප‍්පන‍්නබලවකොධා “පහරිත්‍වා නං මාරෙස‍්සාමී”ති උභො හත්‍ථෙ උක‍්ඛිපිත්‍වා එවං තාව චින‍්තෙසි – “අයං භික‍්ඛු සීලවා. සචාහං ඉමං මාරෙස‍්සාමි, නිරයගාමිනී භවිස‍්සාමි. සෙසදෙවතාපි අත‍්තනො රුක‍්ඛං ඡින්‍දන‍්තෙ භික‍්ඛූ දිස‍්වා ‘අසුකදෙවතාය එවං නාම මාරිතො භික‍්ඛූ’ති මං පමාණං කත්‍වා භික‍්ඛූ මාරෙස‍්සන‍්ති. අයඤ‍්ච සසාමිකො භික‍්ඛු, සාමිකස‍්සෙව නං කථෙස‍්සාමී”ති උක‍්ඛිත‍්තහත්‍ථෙ අපනෙත්‍වා රොදමානා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. අථ නං සත්‍ථා “කිං දෙවතෙ”ති ආහ. සා, “භන‍්තෙ, තුම‍්හාකං මෙ සාවකෙන ඉදං නාම කතං, අහම‍්පි නං මාරෙතුකාමා හුත්‍වා ඉදං නාම චින‍්තෙත්‍වා අමාරෙත්‍වාව ඉධාගතා”ති සබ‍්බං තං පවත‍්තිං විත්‍ථාරතො ආරොචෙසි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට සෙනසුන් අනුමත කළවිට රජගහ නුවර සිටුවරයා ආදීන් විසින් සෙනසුන් කරද්දී එක් අලවි නුවර වැසි භික්ෂුවක් තමන්ගේ සෙනසුන ඉදිකරමින් එක් ප්‍රසන්න ගසක් දැක සිඳින්නට පටන් ගත්තේය. එම ගසේ සිටි වෘක්‍ෂ දේවතාවිය තරුණය ඇය තම පුතු ඇකයේ තබා ගෙන ස්වාමීනි මගේ විමානය නොසිඳින්නැයි ඉල්ලා සිටියේය. මගේ පුතුන් ගෙන නිවසක් නොමැතිව මට හැසිරිය නොහැකිය. එම භික්ෂුව මට වෙනත් ගසක් ලබා ගැනීමට නොහැකියයි පැවසුවේය. ඇගේ වචනය නො පිළිගත්තේය. ඇය දරුවා දැක වැළකෙන්නේ යයි සිතා දරුවා ගසේ අත්තේ තැබුවාය. භික්ෂුව එසවූ පොරව දරාගැනීමට නොහැකිව දරුවාගේ අත කපා දැම්මේය. දේවතාවිය ඇතිවු බලවත් කෝපයෙන් පහරදී ඔහු මරමියි. දෙඅත් ඔසවා මෙසේ සිතුවාය. මේ භික්ෂුව සිල්වත්ය. ඉදින් මම ඔහු මැරුවොත් නිරයගාමී වන්නෙමි. අනෙක් දෙවිවරු ද තමන්ගේ ගස් සිඳින විට අසවල් දේවතාවිය භික්ෂුවක් ඝාතනය කළාය යනුවෙන් මා ප්‍රමාණ කරගෙන භික්ෂූන් ඝාතනය කරති. මෙසේ සිතා මේ භික්ෂුව ස්වාමීන් සහිත නිසා ඔහුගේ ප්‍රධානියාට කියන්නෙමියි එසවු අත් බැහැර කොට අඬමින් බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක සිටියාය. අනතුරුව බුදුහු දෙව්දුව ඇයි ඔබ හඬමින් සිටියේ යයි විමසුහ. ස්වාමීනි ඔබගේ ශ්‍රාවකයෙක් විසින් මෙබඳු දෙයක් කරන ලදි මම ද ඔහු මරණු කැමතිව මේ ලෙසට සිතා නොමරාම මෙහි ආවෙමි.

සත්‍ථා තං සුත්‍වා “සාධු, සාධු දෙවතෙ, සාධු තෙ කතං එවං උග‍්ගතං කොපං භන‍්තං රථං විය නිග‍්ගණ‍්හමානායා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ සියළු පුවත් විස්තර ලෙසටම පැහැදිළි කළාය. මෙය ඇසු බුදුහු - සාධු - සාධු - යහපත දෙව්දුව ඔබ යහපතක්ම කරන ලද්දේය. මෙසේ උස්සන ලද - ඇවිස්සුන කෝපය කම්පනය වූ රථයක් මෙන් සන්සුන් කළා සේ යයි පවසා මේ ගාථාව දේසුහ.

“යො වෙ උප‍්පතිතං කොධං, රථං භන‍්තංව වාරයෙ; තමහං සාරථිං බ්‍රූමි, රස‍්මිග‍්ගාහො ඉතරො ජනො”ති.

මහ මාවතේ යන රිය නවතන ලෙසට දුරලනු කොරෝදය නැග ගෙන එන සිතට මානය, කොරෝදය ඔබ ගෙනයයි දුකට එය නැති කළොත් එය වෙයි ඔබෙ යහපතට

තත්‍ථ උප‍්පතිතන‍්ති උප‍්පන‍්නං. රථං භන‍්තං වාති යථා නාම ඡෙකො සාරථි අතිවෙගෙන ධාවන‍්තං රථං නිග‍්ගණ‍්හිත්‍වා යථිච‍්ඡකං ඨපෙති, එවං යො පුග‍්ගලො උප‍්පන‍්නං කොධං වාරයෙ නිග‍්ගණ‍්හිතුං සක‍්කොති. තමහන‍්ති තං අහං සාරථිං බ්‍රූමි. ඉතරො ජනොති ඉතරො පන රාජඋපරාජාදීනං රථසාරථිජනො රස‍්මිග‍්ගාහො නාම හොති, න උත‍්තමසාරථීති.

එහි උප්පතිතං යනු උපන්, රථං භන්තවො - යම් සේ දක්‍ෂ රියදුරා ඉතා වේගයෙන් ධාවනය වන රථය පාලනය කරගෙන කැමති තැනකට (යවයිද) මෙහෙයවයිද එලෙසට යම් පුද්ගලයෙක් උපන් ක්‍රෝධය දරාගැනීමට හැකිවේ නම් තමහං යනු මම ඔහු නියම රියදුරායයි කියමි. ඉතරොජනො - ඉතිරි රජ ආදී ජනයා රැහැන ගන්නේ නම් වේ. ඔහු උතුම් රියදුරෙකු නොවේ.

දෙසනාවසානෙ දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය අවසානයේ දේවතාවිය සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි පිරිස යහපතට පත්විය.

දෙවතා පන සොතාපන‍්නා හුත්‍වාපි රොදමානා අට‍්ඨාසි. අථ නං සත්‍ථා “කිං දෙවතෙ”ති පුච‍්ඡිත්‍වා, “භන‍්තෙ, විමානං මෙ නට‍්ඨං, ඉදානි කිං කරිස‍්සාමී”ති වුත‍්තෙ, “අලං දෙවතෙ, මා චින‍්තයි, අහං තෙ විමානං දස‍්සාමී”ති ජෙතවනෙ ගන්‍ධකුටිසමීපෙ පුරිමදිවසෙ චුතදෙවතං එකං රුක‍්ඛං අපදිසන‍්තො “අමුකස‍්මිං ඔකාසෙ රුක‍්ඛො විවිත‍්තො, තත්‍ථ උපගච‍්ඡා”ති ආහ. සා තත්‍ථ උපගඤ‍්ඡි. තතො පට‍්ඨාය “බුද‍්ධදත‍්තියං ඉමිස‍්සා විමාන”න‍්ති මහෙසක‍්ඛදෙවතාපි ආගන‍්ත්‍වා තං චාලෙතුං නාසක‍්ඛිංසු. සත්‍ථා තං අත්‍ථුප‍්පත‍්තිං කත්‍වා භික‍්ඛූනං භූතගාමසික‍්ඛාපදං පඤ‍්ඤාපෙසීති.

දේවතාවිය සෝවාන් වී අඬමින් සිටියාය. අනතුරුව බුදුහු කරුණු විමසුහ. “ස්වාමීනි මගේ විමානය විනාශවිය. දැන් කුමක් කරමි ද ඇසුවිට. කම් නැත දෙව්දුව මම නුඹට විමානයක් දෙන්නෙමි දෙව්රම ගන්ධකුටිය අසල පෙරදින, දෙවියා චුතවූ එක් ගසක් පෙන්වමින් අසවල් තැන ගස අවකාශය එය විචිත්‍රය එහි යන්නැයි පැවසුහ. ඇය එතැනට ගියාය. එතැන් පටන් බුදුන් දෙන ලද ඇගේ විමානය මහේ ශාක්‍ය දෙවියන්ට ද පැමිණ එය සෙලවීමට නොහැකිවිය. බුදුහු මෙය ඇතිවීම හේතු කොට භික්ෂූන්ට භූතගාම සික්ෂාපදය පැනවුහ.

අඤ‍්ඤතරභික‍්ඛුවත්‍ථු දුතියං.