යෙදුමෙන් කියවන්න

3. උත‍්තරාඋපාසිකාවත්‍ථු අට‍්ඨකථා

3. උත‍්තරාඋපාසිකාවත්‍ථු

3. උත්තරා උපාසිකාව පිළිබඳ කථා පුවත

අක‍්කොධෙන ජිනෙ කොධන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො උත‍්තරාය ගෙහෙ කතභත‍්තකිච‍්චො උත‍්තරං උපාසිකං ආරබ‍්භ කථෙසි.

“අක්කොධේන ජිනෙ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනයේ වැඩසිටියදී උත්තරාවගේ නිවසේ දන් වළඳා උත්තරා උපාසිකාව නිමිති කරගෙන වදාළහ.

තත්‍රායමනුපුබ‍්බී කථා – රාජගහෙ කිර සුමනසෙට‍්ඨිං නිස‍්සාය පුණ‍්ණො නාම දලිද‍්දො භතිං කත්‍වා ජීවති. තස‍්ස භරියා ච උත‍්තරා නාම ධීතා චාති ද‍්වෙයෙව ගෙහමානුසකා. අථෙකදිවසං “සත‍්තාහං නක‍්ඛත‍්තං කීළිතබ‍්බ”න‍්ති රාජගහෙ ඝොසනං කරිංසු. තං සුත්‍වා සුමනසෙට‍්ඨි පාතොව ආගතං පුණ‍්ණං ආමන‍්තෙත්‍වා, “තාත, අම‍්හාකං පරිජනො නක‍්ඛත‍්තං කීළිතුකාමො, ත්‍වං කිං නක‍්ඛත‍්තං කීළිස‍්සසි, උදාහු භතිං කරිස‍්සසී”ති ආහ. “සාමි, නක‍්ඛත‍්තං නාම සධනානං හොති, මම පන ගෙහෙ ස‍්වාතනාය යාගුතණ‍්ඩුලම‍්පි නත්‍ථි, කිං මෙ නක‍්ඛත‍්තෙන, ගොණෙ ලභන‍්තො කසිතුං ගමිස‍්සාමී”ති. “තෙන හි ගොණෙ ගණ‍්හාහී”ති. සො බලවගොණෙ ච නඞ‍්ගලඤ‍්ච ගහෙත්‍වා, “භද‍්දෙ, නාගරා නක‍්ඛත‍්තං කීළන‍්ති, අහං දලිද‍්දතාය භතිං කාතුං ගමිස‍්සාමි, මය‍්හම‍්පි තාව අජ‍්ජ ද‍්විගුණං නිවාපං පචිත්‍වා භත‍්තං ආහරෙය්‍යාසී”ති භරියං වත්‍වා ඛෙත‍්තං අගමාසි.

රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට කැමතිද නැතිනම් සේවය කරන්නේදැයි විමසීය. ස්වාමීනි නැකැත් ක්‍රීඩාව නම් ධනය ඇත්තවුන්ටය, නමුත් මගේ ගෙදර හෙට දිනය සඳහාද කැඳබත් නැත. මට නැකැත් කෙළියෙන් වැඩක් නැත. ගොනු ලැබේනම් මම සී සානු කැමැත්තෙමියි පැවසීය. එසේ නම් ගොණුන් ගන්නැයි පැවසීය. ඔහු ශක්තිමත් ගොනුන් ද නගුල ද ගෙන බිරිඳ අමතා - සොඳුර නාගරිකයෝ නැකත් උත්සව කරති. මම දිළිදු නිසා බැලමෙහෙ කිරීමට යන්නෙමි. මට ද අද දෙගුණයක් ආහාර පිළියෙළ කරගෙන ආහාර රැගෙන එන්නැයි බිරිඳට කියා කෙතට ගියේය.

සාරිපුත‍්තත්‍ථෙරොපි සත‍්තාහං නිරොධසමාපන‍්නො තං දිවසං වුට‍්ඨාය “කස‍්ස නු ඛො අජ‍්ජ මයා සඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති ඔලොකෙන‍්තො පුණ‍්ණං අත‍්තනො ඤාණජාලස‍්ස අන‍්තො පවිට‍්ඨං දිස‍්වා “සද‍්ධො නු ඛො එස, සක‍්ඛිස‍්සති වා මෙ සඞ‍්ගහං කාතු”න‍්ති ඔලොකෙන‍්තො තස‍්ස සද‍්ධභාවඤ‍්ච සඞ‍්ගහං කාතුං සමත්‍ථභාවඤ‍්ච තප‍්පච‍්චයා චස‍්ස මහාසම‍්පත‍්තිපටිලාභඤ‍්ච ඤත්‍වා පත‍්තචීවරමාදාය තස‍්ස කසනට‍්ඨානං ගන‍්ත්‍වා ආවාටතීරෙ එකං ගුම‍්බං ඔලොකෙන‍්තො අට‍්ඨාසි.

සැරියුත් තෙරුණුවෝ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද එදින ඉන් නැගිට මම අද කාටනම් සංග්‍රහ කරන්නේදැයි බලන්නේ පුණ්ණ දිළින්දා තමන්ගේ නුවණ දැලට හසුවී මොහු ශ්‍රද්ධාවන්තයෙක්ද? මට සංග්‍රහ කිරිමට මොහුට හැකිවේදැයි බලන්නේ. ඔහුගේ සැදැහැති බවත් එනිසාම ඔහුට මහාසම්පත් ලැබෙන බවත් දැන පා සිවුරු ගෙන සීසාන තැනට වැඩමවා ඉවුරුබඩ එක් වන ගුම්භයක් බලමින් වැඩසිටියහ.

පුණ‍්ණො ථෙරං දිස‍්වාව කසිං ඨපෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන ථෙරං වන්‍දිත්‍වා “දන‍්තකට‍්ඨෙන අත්‍ථො භවිස‍්සතී”ති දන‍්තකට‍්ඨං කප‍්පියං කත්‍වා අදාසි. අථස‍්ස ථෙරො පත‍්තඤ‍්ච පරිස‍්සාවනඤ‍්ච නීහරිත්‍වා අදාසි. සො “පානීයෙන අත්‍ථො භවිස‍්සතී”ති තං ආදාය පානීයං පරිස‍්සාවෙත්‍වා අදාසි. ථෙරො චින‍්තෙසි – “අයං පරෙසං පච‍්ඡිමගෙහෙ වසති. සචස‍්ස ගෙහද‍්වාරං ගමිස‍්සාමි, ඉමස‍්ස භරියා මං දට‍්ඨුං න ලභිස‍්සති. යාවස‍්සා භත‍්තං ආදාය මග‍්ගං පටිපජ‍්ජති, තාව ඉධෙව භවිස‍්සාමී”ති. සො තත්‍ථෙව ථොකං වීතිනාමෙත්‍වා තස‍්ස මග‍්ගාරුළ‍්හභාවං ඤත්‍වා අන‍්තොනගරාභිමුඛො පායාසි.

පුණ්ණ, සැරියුත් තෙරුන් දැක සීසෑම නවතා පසඟ පිහිටුවා වැඳ දත්මැදීමට කෝටු අවශ්‍ය දැයි සිතා දැහැටි කූරක් කැපකර පිළිගැන්විය. අනතුරුව තෙරුන් පාත්‍රය ද පෙරහන ද එළියට ගෙන දුන්නේය. ඔහු පැන් අවශ්‍යව ඇතැයි සිතා පැන් පෙරා දුන්නේය. තෙරුන් සිතූහ. මොහු අනුන්ගේ වෙනත් ගෙයක වාසය කරයි. ඔහුගේ ගෙදොරට යන්නෙ නම් මොහුගේ බිරිඳට මා දැකීමට නොහැකි වන්නේය. ඇය බත් අරක්ගෙන මගට පිවිසේද එතෙක් මෙහිම සිටින්නෙමියි සිතූහ. එසේ එහිම ටිකවේලාවක් කවා ඇය මගට පිළිපන්බව දැන ඇතුළු නුවර දෙස බලා වැඩම කළහ.

සා අන‍්තරාමග‍්ගෙ ථෙරං දිස‍්වා චින‍්තෙසි – “අප‍්පෙකදාහං දෙය්‍යධම‍්මෙ සති අය්‍යං න පස‍්සාමි, අප‍්පෙකදා මෙ අය්‍යං පස‍්සන‍්තියා දෙය්‍යධම‍්මො න හොති. අජ‍්ජ පන මෙ අය්‍යො ච දිට‍්ඨො, දෙය්‍යධම‍්මො චායං අත්‍ථි, කරිස‍්සති නු ඛො මෙ සඞ‍්ගහ”න‍්ති. සා භත‍්තභාජනං ඔරොපෙත්‍වා ථෙරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, ඉදං ලූඛං වා පණීතං වාති අචින‍්තෙත්‍වා දාසස‍්ස වො සඞ‍්ගහං කරොථා”ති ආහ. ථෙරො පත‍්තං උපනාමෙත්‍වා තාය එකෙන හත්‍ථෙන භාජනං ධාරෙත්‍වා එකෙන හත්‍ථෙන තතො භත‍්තං දදමානාය උපඩ‍්ඪභත‍්තෙ දින‍්නෙ “අල”න‍්ති හත්‍ථෙන පත‍්තං පිදහි. සා, “භන‍්තෙ, එකොව පටිවිසො, න සක‍්කා ද‍්විධා කාතුං. තුම‍්හාකං දාසස‍්ස ඉධලොකසඞ‍්ගහං අකත්‍වා පරලොකසඞ‍්ගහං කරොථ, නිරවසෙසමෙව දාතුකාමම‍්හී”ති වත්‍වා සබ‍්බමෙව ථෙරස‍්ස පත‍්තෙ පතිට‍්ඨපෙත්‍වා “තුම‍්හෙහි දිට‍්ඨධම‍්මස‍්සෙව භාගී අස‍්ස”න‍්ති පත්‍ථනං අකාසි. ථෙරො “එවං හොතූ”ති වත්‍වා ඨිතකොව අනුමොදනං කරිත්‍වා එකස‍්මිං උදකඵාසුකට‍්ඨානෙ නිසීදිත්‍වා භත‍්තකිච‍්චමකාසි. සාපි නිවත‍්තිත්‍වා තණ‍්ඩුලෙ පරියෙසිත්‍වා භත‍්තං පචි. පුණ‍්ණොපි අඩ‍්ඪකරීසමත‍්තට‍්ඨානං කසිත්‍වා ජිඝච‍්ඡං සහිතුං අසක‍්කොන‍්තො ගොණෙ විස‍්සජ‍්ජෙත්‍වා එකරුක‍්ඛච‍්ඡායං පවිසිත්‍වා මග‍්ගං ඔලොකෙන‍්තො නිසීදි.

ඇය අතර මගදී තෙරුන් දැකමෙසේ සිතුවාය. බොහෝ දිනවල දෙය්‍ය ධර්ම ඇතිවිට දෙන්නට කෙනෙක් නැත. අනෙක් දිනවල දෙන්නට දෙයක් නොමැති විට ආර්යන් වහන්සේ දකින්නට ලැබේ. නමුත් අද දෙය්‍ය ධර්මය ද ආර්යයන් ද ඇත. මුන්වහන්සේට සංග්‍රහ කරන්නෙමියි ඇය බත් භාජනය බිම තබා පසඟ පිහිටුවා තෙරුන් වැඳ ස්වාමීනි මෙය රළු හෝ ප්‍රනීත හෝ වේවා නොසිතා ඔබවහන්සේ මේ දාසයාට සංග්‍රහ කරනු මැනවයි. පැවසූහ. තෙරුන් පාත්‍රය පෙන්වා ඇය එක අතකින් භාජනය ඔසවාගෙන එක් අතකින් බත් දෙනවිට බත් බාගයක් දෙන විට ප්‍රමාණවත් යයි පවසා අත වැසුවේය. ඇය ස්වාමීනි ! එක කොටසක් පමණක් නොසෑහෙවි. ඔබවහන්සේගේ දාසයාට මෙලොව ලෝක සංග්‍රහය නොකොට පරලොව සංග්‍රහ කරන්න. ඉතිරියක් නොමැතිවම දෙනු කැමැත්තෙමියි. පවසා සියළුම බත් පාත්‍රයේ තැබීය. තෙපි මෙලොවදිම ලාභී වෙත්වායි පැතුවාය. තෙරුන් වහන්සේ එසේ වේවායි පවසා සිටගෙනම අනුශාසනය කර ජල පහසුව තිබෙන තැනෙක වාඩිවී බත් කිස කළහ. ඇය ද නැවත සහල් සොයාගෙන බත පිසුවාය. පුණ්ණ ද අඩකිරියක් පමණ තැන් සී සා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව ගොනුන් මුදවා එක් සෙවන තැනකට පිවිස මාර්ගය බලන්නේ වාඩිවි සිටියේය.

අථස‍්ස භරියා භත‍්තං ආදාය ගච‍්ඡමානා තං දිස‍්වාව “එස ජිඝච‍්ඡාය පීළිතො මං ඔලොකෙන‍්තො නිසින‍්නො. සචෙ මං ‘අතිවිය ජෙ චිරායී’ති තජ‍්ජෙත්‍වා පතොදලට‍්ඨියා මං පහරිස‍්සති, මයා කතකම‍්මං නිරත්‍ථකං භවිස‍්සති. පටිකච‍්චෙවස‍්ස ආරොචෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා එවමාහ – “සාමි, අජ‍්ජෙකදිවසං චිත‍්තං පසාදෙහි, මා මයා කතකම‍්මං නිරත්‍ථකං කරි. අහඤ‍්හි පාතොව තෙ භත‍්තං ආහරන‍්තී අන‍්තරාමග‍්ගෙ ධම‍්මසෙනාපතිං දිස‍්වා තව භත‍්තං තස‍්ස දත්‍වා පුන ගන‍්ත්‍වා භත‍්තං පචිත්‍වා ආගතා, පසාදෙහි, සාමි, චිත‍්ත”න‍්ති. සො “කිං වදෙසි, භද‍්දෙ”ති පුච‍්ඡිත්‍වා පුන තමත්‍ථං සුත්‍වා, “භද‍්දෙ, සාධු වත තෙ කතං මම භත‍්තං අය්‍යස‍්ස දදමානාය, මයාපිස‍්ස අජ‍්ජ පාතොව දන‍්තකට‍්ඨඤ‍්ච මුඛොදකඤ‍්ච දින‍්න”න‍්ති පසන‍්නමානසො තං වචනං අභිනන්‍දිත්‍වා උස‍්සුරෙ ලද‍්ධභත‍්තතාය කිලන‍්තකායො තස‍්සා අඞ‍්කෙ සීසං කත්‍වා නිද‍්දං ඔක‍්කමි.

බිරිඳ ද බොහෝ ප්‍රමාදවීයයි පවසා කෝපයට පත්ව මට කෙවිටෙන් තලන්නේ නම් මගේ කුශල කර්මය නිර්ථක වේයයි කල් ඇතිවම ඔහුට දන්වන්නෙමියි. සිතා මෙසේ හඩනගා කීවේය. ස්වාමීනි අද පමණක් සතුටු වන්න මා කළ කර්මය නිර්ථක නො කරන්න. සිත පහදවා ගන්න. මම උදේම ඔබට බත් ගෙන එන්නේ අතර ධර්මසේනාපති සැරියුත් හිමි දැක ඔබේ බත් වේල උන්වහන්සේට පිරිනමා නැවත ගොස් බත් උයාගෙන ආවෙමි. සිත පහදවා ගන්න. ඔහු සොඳුර කුමක් කියන්නද? විමසා දෙවනුව ද එම කරුණ අසා සොඳුරිය ඔබ යහපතක්ම කරන ලද්දේය. මගේ බත ආර්යන් වහන්සේට පිරිනැමුවේ. මම ද උදයේම දැහැටි කුරුද මුව සෝදන ජලය ද දෙන ලද්දෙමි. මෙසේ සිත සතුටු වී එම වචනයට සතුටුව - මහදවල් ලද බත නිසා ක්ලාන්ත වුයේ ඇගේ ඇකයේ හිස තබා නින්දට වැටුනි.

අථස‍්ස පාතොව කසිතට‍්ඨානං පංසුචුණ‍්ණං උපාදාය සබ‍්බං රත‍්තසුවණ‍්ණං කණිකාරපුප‍්ඵරාසි විය සොභමානං අට‍්ඨාසි. සො පබුද‍්ධො ඔලොකෙත්‍වා භරියං ආහ – “භද‍්දෙ, එතං කසිතට‍්ඨානං සබ‍්බං මම සුවණ‍්ණං හුත්‍වා පඤ‍්ඤායති, කිං නු ඛො මෙ අතිඋස‍්සුරෙ ලද‍්ධභත‍්තතාය අක‍්ඛීනි භමන‍්තී”ති. “සාමි, මය‍්හම‍්පි එවමෙව පඤ‍්ඤායතී”ති. සො උට‍්ඨාය තත්‍ථ ගන‍්ත්‍වා එකපිණ‍්ඩං ගහෙත්‍වා නඞ‍්ගලසීසෙ පහරිත්‍වා සුවණ‍්ණභාවං ඤත්‍වා “අහො අය්‍යස‍්ස ධම‍්මසෙනාපතිස‍්ස මෙ දින‍්නදානෙන අජ‍්ජෙව විපාකො දස‍්සිතො, න ඛො පන සක‍්කා එත‍්තකං ධනං පටිච‍්ඡාදෙත්‍වා පරිභුඤ‍්ජිතු”න‍්ති භරියාය ආභතං භත‍්තපාතිං සුවණ‍්ණස‍්ස පූරෙත්‍වා රාජකුලං ගන‍්ත්‍වා රඤ‍්ඤා කතොකාසො පවිසිත්‍වා රාජානං අභිවාදෙත්‍වා “කිං, තාතා”ති වුත‍්තෙ, “දෙව, අජ‍්ජ මයා කසිතට‍්ඨානං සබ‍්බං සුවණ‍්ණභරිතමෙව හුත්‍වා ඨිතං, ඉදං සුවණ‍්ණං ආහරාපෙතුං වට‍්ටතී”ති. “කොසි ත්‍ව”න‍්ති? “පුණ‍්ණො නාම අහ”න‍්ති. “කිං පන තෙ අජ‍්ජ කත”න‍්ති? “ධම‍්මසෙනාපතිස‍්ස මෙ අජ‍්ජ පාතොව දන‍්තකට‍්ඨඤ‍්ච මුඛොදකඤ‍්ච දින‍්නං, භරියායපි මෙ මය‍්හං ආහරණභත‍්තං තස‍්සෙව දින‍්න”න‍්ති.

අනතුරුව උදේම සී සෑ තැන පස් කැට සියල්ල රන්වී කිණිහිරි මල් සේ ශෝභාවත් විය. ඔහු අවදිවී බලන්නේ බිරියට මෙසේ කීවේය. සොඳුර මට සී සෑ තැන් රන් සේ පෙනේ. මේ කුමක්ද මට මහදවල් කෑ බත නිසා ඇස් භ්‍රමණයවීද? ස්වාමීනි මට ද එසේ පෙන්නේ ඔහු නැගිට කුඹුරට බැස එක් පස් පිඩුවක් ගෙන නගුල් ගසා රන් බව දැන අහෝ ධම්ම සේනාපති ආර්යන් වහන්සේට දුන් දානයේ විපාක අදම ලැබුනි. මට මෙතරම් ධනයක් පරිහරණය කිරීමට නොහැකිය. සියල්ල රන් බවට පත්වේ. රන් ගෙන ඒමට වටීයයි ගොස් රජුට දන්වා සිටියේය. ඔබ කවුරුන්දැයි විමසුවිට ම පුණ්ණය. ඔබ අද කුමක් කළේද? අද උදේම ධම්ම සේනාපති සැරියුත් හිමියන්ට දැහැටි දී පැන් පෙරා දී බිරිඳ විසින් මට ගෙන එන ලද බත පුදන ලද්දේය.

තං සුත්‍වා රාජා “අජ‍්ජෙව කිර, භො, ධම‍්මසෙනාපතිස‍්ස දින‍්නදානෙන විපාකො දස‍්සිතො”ති වත්‍වා, “තාත, කිං කරොමී”ති පුච‍්ඡි. “බහූනි සකටසහස‍්සානි පහිණිත්‍වා සුවණ‍්ණං ආහරාපෙථා”ති. රාජා සකටානි පහිණි. රාජපුරිසෙසු “රඤ‍්ඤො සන‍්තක”න‍්ති ගණ‍්හන‍්තෙසු ගහිතගහිතං මත‍්තිකාව හොති. තෙ ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙත්‍වා “තුම‍්හෙහි කින‍්ති වත්‍වා ගහිත”න‍්ති. පුට‍්ඨා “තුම‍්හාකං සන‍්තක”න‍්ති ආහංසු. න මය‍්හං, තාතා, සන‍්තකං, ගච‍්ඡථ “පුණ‍්ණස‍්ස සන‍්තක”න‍්ති වත්‍වා ගණ‍්හථාති. තෙ තථා කරිංසු, ගහිතගහිතං සුවණ‍්ණමෙව අහොසි. සබ‍්බම‍්පි ආහරිත්‍වා රාජඞ‍්ගණෙ රාසිමකංසු, අසීතිහත්‍ථුබ‍්බෙධො රාසි අහොසි. රාජා නාගරෙ සන‍්නිපාතෙත්‍වා “ඉමස‍්මිං නගරෙ අත්‍ථි කස‍්සචි එත‍්තකං සුවණ‍්ණ”න‍්ති? “නත්‍ථි, දෙවා”ති. “කිං පනස‍්ස දාතුං වට‍්ටතී”ති? “සෙට‍්ඨිඡත‍්තං, දෙවා”ති. රාජා “බාහුධනසෙට‍්ඨි නාම හොතූ”ති මහන‍්තෙන භොගෙන සද‍්ධිං තස‍්ස සෙට‍්ඨිඡත‍්තමදාසි.

මේ තොරතුරු අසා රජු ඔබ ධර්මසේනාපති සැරියුත් හිමියන්ට පිරිනැමු දැනයේ ප්‍රතිවිපාක අදම ලබන ලද්දේයයි පවසා දරුව කුමක් කරදැයි විමසුවේය. බොහෝ ගැල් සිය ගණනක් යවා රන් ගෙන එන්නැයි පැවසීය. රජු ගැල් යැවීය. රාජ පුරුෂයන් රජු අයත් ඒවායි ගන්නවිට ගත් ගත් රන් මැටි පිඩු විය. ඔවුන් ගොස් මේ කරුණ රජුට දන්වා සිටිය විටදී කුමක් කියා ගත්තේ දැයි විමසා රජුගේ යයි කියා ගත් බව පැවසූවිට එලෙස නොව පුණ්ණගේ රන් යයි පවසා ගන්නා ලෙසට කියා නැවත යැවුහ. එසේ කියාගත් විට ගත් ගත් පස් පිඬු පිරවිය. ඒ සියලු රන් කැට ගෙනවුත් රාජාඞ්ගනයේ අසුරියනක් උසට ගොඩ ගැසුහ. රජු නගර වාසීන් එක්රැස්කර මෙම නගරයේ මෙතරම් ධනයක් ඇති කෙනෙක් සිටිදැයි විමසා නැතැයි පැවසුවිට මොහුට කුමක් දීම වටීදැයි විමසීය. සිටු තනතුර යයි පැවසුහ. (සෙට්ඨිජාතක) රජතුමා ඔහුට බහුධන සෙයි යනුවෙන් නම් කර මහත් භෝග සම්පත් සමග ඔහුට සිටු තනතුර දුන්නේය.

අථ නං සො ආහ – “මයං, දෙව, එත‍්තකං කාලං පරකුලෙ වසිම‍්හා, වසනට‍්ඨානං නො දෙථා”ති. “තෙන හි පස‍්ස, එස ගුම‍්බො පඤ‍්ඤායති, එතං හරාපෙත්‍වා ගෙහං කාරෙහී”ති පුරාණසෙට‍්ඨිස‍්ස ගෙහට‍්ඨානං ආචික‍්ඛි. සො තස‍්මිං ඨානෙ කතිපාහෙනෙව ගෙහං කාරාපෙත්‍වා ගෙහප‍්පවෙසනමඞ‍්ගලඤ‍්ච ඡත‍්තමඞ‍්ගලඤ‍්ච එකතොව කරොන‍්තො සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං අදාසි. අථස‍්ස සත්‍ථා අනුමොදනං කරොන‍්තො අනුපුබ‍්බිං කථං කථෙසි. ධම‍්මකථාවසානෙ පුණ‍්ණසෙට‍්ඨි ච භරියා චස‍්ස ධීතා ච උත‍්තරාති තයො ජනා සොතාපන‍්නා අහෙසුං.

එහිදී පුණ්ණ රජුට මෙසේ පැවසුවේය. රජතුමනි ! මට මෙතෙක් කල් අනෙක් අයගේ ගෙවල්වල වාසය කළෙමි. මට නිවසක් දෙන්න යැයි පැවසුවේය. එසේනම් මේ වනරොද බලන්න. මේ වන ලැහැබ ශුද්ධකර ගෙයක් කරන්න. එය පැරණි සිටුවරයෙකුගේ මැදුරක් තිබුන තැනක. සාදන්නට කීවේය. ඔහු එතැන දින කීපයකින්ම ගෙයක් කරවා ගෙට පිවිසෙන උත්සවය ද සිටුතනතුර ලබන උත්සවයද එකට කරන්නේ සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහාසංඝයාට දන් දුන්නේය. අනතුරුව බුදුහු දාන අනුසස් අනුමෝදනා දේශනය කරමින් අනුපිළිවල කථාව පැවසුහ. ධර්ම දේශනය අවසානයේ පුණ්ණ සිටු වරයා ද බිරිඳ ද - උක්තරා දියණිය ද යන තිදෙන සෝවාන් ඵලයට පත්වූහ.

අපරභාගෙ රාජගහසෙට‍්ඨි පුණ‍්ණසෙට‍්ඨිනො ධීතරං අත‍්තනො පුත‍්තස‍්ස වාරෙසි. සො “නාහං දස‍්සාමී”ති වත්‍වා “මා එවං කරොතු, එත‍්තකං කාලං අම‍්හෙ නිස‍්සාය වසන‍්තෙනෙව තෙ සම‍්පත‍්ති ලද‍්ධා, දෙතු මෙ පුත‍්තස‍්ස ධීතර”න‍්ති වුත‍්තෙ “සො මිච‍්ඡාදිට‍්ඨිකො, මම ධීතා තීහි රතනෙහි විනා වත‍්තිතුං න සක‍්කොති, නෙවස‍්ස ධීතරං දස‍්සාමී”ති ආහ. අථ නං බහූ සෙට‍්ඨිගණාදයො කුලපුත‍්තා “මා තෙන සද‍්ධිං විස‍්සාසං භින්‍දි, දෙහිස‍්ස ධීතර”න‍්ති යාචිංසු. සො තෙසං වචනං සම‍්පටිච‍්ඡිත්‍වා ආසාළ‍්හිපුණ‍්ණමායං ධීතරං අදාසි. සා පතිකුලං ගතකාලතො පට‍්ඨාය භික‍්ඛුං වා භික‍්ඛුනිං වා උපසඞ‍්කමිතුං දානං වා දාතුං ධම‍්මං වා සොතුං නාලත්‍ථ. එවං අඩ‍්ඪතියෙසු මාසෙසු වීතිවත‍්තෙසු සන‍්තිකෙ ඨිතං පරිචාරිකං පුච‍්ඡි – “ඉදානි කිත‍්තකං අන‍්තොවස‍්සස‍්ස අවසිට‍්ඨ”න‍්ති? “අඩ‍්ඪමාසො, අය්‍යෙ”ති. සා පිතු සාසනං පහිණි “කස‍්මා මං එවරූපෙ බන්‍ධනාගාරෙ පක‍්ඛිපිංසු, වරං මෙ ලක‍්ඛණාහතං කත්‍වා පරෙසං දාසිං සාවෙතුං. එවරූපස‍්ස මිච‍්ඡාදිට‍්ඨිකුලස‍්ස දාතුං න වට‍්ටති. ආගතකාලතො පට‍්ඨාය භික‍්ඛුදස‍්සනාදීසු එකම‍්පි පුඤ‍්ඤං කාතුං න ලභාමී”ති.

පසුකලෙක රජගහසිටු තුමා තමන්ගේ පුතුට සිටු දියණියන් ආවාහ කරදීමට ඉල්ලීය. ඔහු ඔබට නොදෙමි. පැවසුවිට එසේ නොකරන්න මෙපමණ කලක් අප නිසා වාසය කළේ ඔබට සම්පත් නො ලැබුනි. මගේ පුතුට දුව දෙන්නැයි ඉල්ලා සිටිම නිසා ඔබේ පුතු මිත්‍යා දෘෂ්ටිකය. මගේ දුවට තෙරුවන් හැර පැවතීමට නොහැකිය. ඔහුට මගේ දුව නොදෙන්නෙමියි පැවසුවේය. අනතුරුව බොහෝ සිටුවරු හා ප්‍රධානීන් ඔහු හා වීශ්වාසය නොබිඳින්න. ඔහුගේ පුතුට දුව දෙන්නැයි පැවසුහ. පුරාණ සිටුවරයා ඔහුගේ වචනය පිළිගෙන ඇසළ මස පුණු පොහෝදින දියණිය දුන්නේය. ඇය පතිකුලයට ගියතැන් සිට භික්ෂුවක් හෝ භික්ෂුණියක් ළඟට යාමට ද බණ ඇසීමට දන් දීමට අවස්ථාව නො ලැබුනි. මෙලෙස මාස දෙක හමාරක් ගතවූවිට ළඟසිටි පිරිවර ජනයාගෙන් විමසුවාය. දැන් වයට මාස කීයක් ඉතිරිව තිබේද ආර්යාවනි අඩමසකි. ඇය පියාණන්ට ලිපියක් යැව්වාය. මා මෙබඳු හිරගෙදරක තැබුවේ කුමක් හෙයින්ද? මෙබඳු මිථ්‍යා දෘෂ්ටික කුලයකට දීම නොවටියි. මෙහි පැමිණ දින සිට භික්ෂූන් දැකීමි ආදිය එක පිනක් හෝ කිරීමට නොලැබුවෙමි.

අථස‍්සා පිතා “දුක‍්ඛිතා වත මෙ ධීතා”ති අනත‍්තමනතං පවෙදෙත්‍වා පඤ‍්චදස කහාපණසහස‍්සානි පෙසෙසි “ඉමස‍්මිං නගරෙ සිරිමා නාම ගණිකා අත්‍ථි, දෙවසිකං සහස‍්සං ගණ‍්හාති. ඉමෙහි කහාපණෙහි තං ආනෙත්‍වා සාමිකස‍්ස පාදපරිචාරිකං කත්‍වා සයං පුඤ‍්ඤානි කරොතූ”ති. සා සිරිමං පක‍්කොසාපෙත්‍වා “සහායිකෙ ඉමෙ කහාපණෙ ගහෙත්‍වා ඉමං අඩ‍්ඪමාසං තව සහායකං පරිචරාහී”ති ආහ. සා “සාධූ”ති පටිස‍්සුණි. සා තං ආදාය සාමිකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තෙන සිරිමං දිස‍්වා “කිං ඉද”න‍්ති වුත‍්තෙ, “සාමි, ඉමං අඩ‍්ඪමාසං මම සහායිකා තුම‍්හෙ පරිචරතු, අහං පන ඉමං අඩ‍්ඪමාසං දානඤ‍්චෙව දාතුකාමා ධම‍්මඤ‍්ච සොතුකාමා”ති ආහ. සො තං අභිරූපං ඉත්‍ථිං දිස‍්වා උප‍්පන‍්නසිනෙහො “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

අනතුරුව ඇගේ පියා මගේ දුවණිය දුකින් අසතුටුවී ඇති බව දැන පහළොස් දහසක් කහවණු යැවීය. මේ නුවර සිරිමා නම් ගණිකාවක් සිටී. දිනකට දහසක් අය කරයි. මේ කහවණුවලින් ඇය ගෙන්වා මේ අඩමස ඔබේ සහයකයාම පරිහරණය කරන්නැයි පැවසුවාය. ඇය යහපතැයි පිළිගත්තාය. ඇය එයගෙන ස්වාමියා සමිපයට ගොස් සිටිවිට ඔහු සිරිමාව දැක මේ කුමක්දැයි පැවසුවිට මේ මගේ සාහායිකාව මේ අඩමස පරිහරණය කරන්නැයි මම මේ අඩමස ධර්මය ඇසිමට දන් දීමට කැමැත්තෙමැයි පැවසුවාය. ඔහු ඒ අභිරූපී කාන්තාව දැක ස්නේහ උපදවා හොඳයැයි පිළිගත්තේය.

උත‍්තරාපි ඛො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා, “භන‍්තෙ, ඉමං අඩ‍්ඪමාසං අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා ඉධෙව භික‍්ඛා ගහෙතබ‍්බා”ති සත්‍ථු පටිඤ‍්ඤං ගහෙත්‍වා “ඉතො දානි පට‍්ඨාය යාව මහාපවාරණා, තාව සත්‍ථාරං උපට‍්ඨාතුං ධම‍්මඤ‍්ච සොතුං ලභිස‍්සාමී”ති තුට‍්ඨමානසා “එවං යාගුං පචථ, එවං පූවෙ පචථා”ති මහානසෙ සබ‍්බකිච‍්චානි සංවිදහන‍්තී විචරති. අථස‍්සා සාමිකො “ස‍්වෙ පවාරණා භවිස‍්සතී”ති මහානසාභිමුඛො වාතපානෙ ඨත්‍වා “කිං නු ඛො කරොන‍්තී සා අන්‍ධබාලා විචරතී”ති ඔලොකෙන‍්තො තං සෙට‍්ඨීධීතරං සෙදකිලින‍්නං ඡාරිකාය ඔකිණ‍්ණං අඞ‍්ගාරමසිමක‍්ඛිතං තථා සංවිදහිත්‍වා විචරමානං දිස‍්වා “අහො අන්‍ධබාලා එවරූපෙ ඨානෙ ඉමං සිරිසම‍්පත‍්තිං නානුභවති, ‘මුණ‍්ඩකසමණෙ උපට‍්ඨහිස‍්සාමී’ති තුට‍්ඨචිත‍්තා විචරතී”ති හසිත්‍වා අපගඤ‍්ඡි.

උත්තරා ද බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කර ස්වාමීනි මේ අඩමස වෙනත් තැනක නොගොස් මෙහිම භික්‍ෂාව පිළිගන්නැයි බුදුන්ගෙන් ප්‍රතිඥා ලබාගෙන පැමිණ මෙතැන් පටන් මහා පවාරණය තෙක් බුදුන්ට උවටැන් කිරීමට ධර්මය ඇසීමට ලැබෙන්නේ යයි සතුටු සිත් ඇතිව මෙසේ කැඳ උයන්න. මෙසේ කැවුම් උයන්න. මුළුතැන් ගෙයි සියළු කටයුතු සංවිධාන කරන්න හැසිරුණාය. මේ අතර ඇගේ සැමියා සෙට පවාරණය වන්නේයයි කුස්සියට මුහුණ ලා පිහිටි ජනේලයේ සිට ඇය කුමක් කරන්නේ ද ඇය අඥානලෙස හැසිරේදැයි බලන්නේ ඇය දාඩිය දමාගෙන අළු තවරාගෙන අඟුරු දැලි ගාගෙන මෙලෙස සංවිධාන කරමින් හැසිරෙන අයුරු දැක අහෝ අඳ බාල තැනැත්තිය මෙබඳු තැනක මේ ශ්‍රී සම්පත් අනුභව නොකරන්නේ යයි ද මුඩු මහණුන්ට උවටැන් කරමියි තුටු සිතින් හැසිරෙතියි සිනාසී පහයට ගියේය.

තස‍්මිං අපගතෙ තස‍්ස සන‍්තිකෙ ඨිතා සිරිමා “කිං නු ඛො ඔලොකෙත්‍වා එස හසී”ති තෙනෙව වාතපානෙන ඔලොකෙන‍්තී උත‍්තරං දිස‍්වා “ඉමං ඔලොකෙත්‍වා ඉමිනා හසිතං, අද‍්ධා ඉමස‍්ස එතාය සද‍්ධිං සන්‍ථවො අත්‍ථී”ති චින‍්තෙසි. සා කිර අඩ‍්ඪමාසං තස‍්මිං ගෙහෙ බාහිරකඉත්‍ථී හුත්‍වා වසමානාපි තං සම‍්පත‍්තිං අනුභවමානා අත‍්තනො බාහිරකඉත්‍ථිභාවං අජානිත්‍වා “අහං ඝරසාමිනී”ති සඤ‍්ඤමකාසි. සා උත‍්තරාය ආඝාතං බන්‍ධිත්‍වා “දුක‍්ඛමස‍්සා උප‍්පාදෙස‍්සාමී”ති පාසාදා ඔරුය‍්හ මහානසං පවිසිත්‍වා පූවපචනට‍්ඨානෙ පක‍්කුථිතං සප‍්පිං කටච‍්ඡුනා ආදාය උත‍්තරාභිමුඛං පායාසි. උත‍්තරා තං ආගච‍්ඡන‍්තිං දිස‍්වා “මම සහායිකාය මය‍්හං උපකාරො කතො, චක‍්කවාළං අතිසම‍්බාධං, බ්‍රහ‍්මලොකො අතිනීචකො, මම සහායිකාය ගුණොව මහන‍්තො. අහඤ‍්හි එතං නිස‍්සාය දානඤ‍්ච දාතුං ධම‍්මඤ‍්ච සොතුං ලභිං. සචෙ මම එතිස‍්සා උපරි කොපො අත්‍ථි, ඉදං සප‍්පි මං දහතු. සචෙ නත්‍ථි, මා දහතූ”ති තං මෙත‍්තාය ඵරි. තාය තස‍්සා මත්‍ථකෙ ආසිත‍්තං පක‍්කුථිතසප‍්පි සීතුදකං විය අහොසි.

ඔහු වෙන්වී ගියවිට ඔහු ලග සිටි සිරිමා ගණිකාව කුමක් බලා මොහු සිනා සුනාදැයි එම ජනේලයෙන් බලන්නී උත්තරාව දැක ඇය බලා මොහු සිනාසුනේය. ඒකාන්තයෙන් ඇය හා සන්ථවයක් ඇතැයි සිතුවාය. ඇය වනාහී එම නිවසේ අඩමසක් බාහිර ස්ත්‍රියක් ලෙස වසන්නේ නමුදු ඒ සම්පත් අනුභව කරමින් තමන් බැහැර ස්ත්‍රිය බව නොදැන ගෘහස්වාමි ස්ත්‍රියයි හැගීමක් ඇති කරගත්තාය. ඇය උත්තරාව කෙරෙහි වෛරයක් බැඳගෙන ඇයට දුකක් දෙන්නෙමියි පහයෙන් බැස කුස්සියට පිවිසී කැවුම් උයන තැන හොඳින් පැසුන ගිතෙල් හැන්දෙන් අරගෙන උත්තරාව දෙසට ගියාය. උත්තරා ඇය එනු දැක මගේ මේ සහායිකාව විසින් බොහෝ උපකාර කරනලදී. සක්වල සම්බාධ සහිතය බ්‍රහ්ම ලෝකය පහත්ය. මගේ සහායිකාවන්ගේ ගුණය උසස් වේ. මැය නිසා මට ධර්මය ඇසීමටත් දන් දීමටත් අවස්ථාව ලැබුනි. මෑ කෙරෙහි මගේ ක්‍රෝධයක් පවතීනම් මේ පැසුණු ගිතෙල් මා දවත්වා එසේ නොමැති නම් නොදැවේවායි ඇය කෙරෙහි මෛත්‍රිය පැතුරු වේ. ඇය විසින් උණු ගිතෙල් හිසමත දැමුවිට සීතල ජලයක් බඳුවිය.

අථ නං “ඉදං සීතලං භවිස‍්සතී”ති කටච‍්ඡුං පූරෙත්‍වා ආදාය ආගච‍්ඡන‍්තිං උත‍්තරාය දාසියො දිස‍්වා “අපෙහි දුබ‍්බිනීතෙ, න ත්‍වං අම‍්හාකං අය්‍යාය පක‍්කුථිතං සප‍්පිං ආසිඤ‍්චිතුං අනුච‍්ඡවිකා”ති සන‍්තජ‍්ජෙන‍්තියො ඉතො චිතො ච උට‍්ඨාය හත්‍ථෙහි ච පාදෙහි ච පොථෙත්‍වා භූමියං පාතෙසුං. උත‍්තරා වාරෙන‍්තීපි වාරෙතුං නාසක‍්ඛි. අථස‍්සා උපරි ඨිතා සබ‍්බා දාසියො පටිබාහිත්‍වා “කිස‍්ස තෙ එවරූපං භාරියං කත”න‍්ති සිරිමං ඔවදිත්‍වා උණ‍්හොදකෙන න‍්හාපෙත්‍වා සතපාකතෙලෙන අබ‍්භඤ‍්ජි. තස‍්මිං ඛණෙ සා අත‍්තනො බාහිරකිත්‍ථිභාවං ඤත්‍වා චින‍්තෙසි – “මයා භාරියං කම‍්මං කතං සාමිකස‍්ස හසනමත‍්තකාරණා ඉමිස‍්සා උපරි පක‍්කුථිතං සප‍්පිං ආසිඤ‍්චන‍්තියා, අයං ‘ගණ‍්හථ න’න‍්ති දාසියො න ආණාපෙසි. මං විහෙඨනකාලෙපි සබ‍්බදාසියො පටිබාහිත්‍වා මය‍්හං කත‍්තබ‍්බමෙව අකාසි. සචාහං ඉමං න ඛමාපෙස‍්සාමි, මුද‍්ධා මෙ සත‍්තධා ඵලෙය්‍යා”ති තස‍්සා පාදමූලෙ නිපජ‍්ජිත්‍වා, “අය්‍යෙ, ඛමාහි මෙ”ති ආහ. අහං සපිතිකා ධීතා, පිතරි ඛමන‍්තෙ ඛමාමීති. හොතු, අය්‍යෙ, පිතරං තෙ පුණ‍්ණසෙට‍්ඨිං ඛමාපෙස‍්සාමීති. පුණ‍්ණො මම වට‍්ටජනකපිතා, විවට‍්ටජනකෙ පිතරි ඛමන‍්තෙ පනාහං ඛමිස‍්සාමීති. කො පන තෙ විවට‍්ටජනකපිතාති? සම‍්මාසම‍්බුද‍්ධොති. මය‍්හං තෙන සද‍්ධිං විස‍්සාසො නත්‍ථීති. අහං කරිස‍්සාමි, සත්‍ථා ස‍්වෙ භික‍්ඛුසඞ‍්ඝං ආදාය ඉධාගමිස‍්සති, ත්‍වං යථාලද‍්ධං සක‍්කාරං ගහෙත්‍වා ඉධෙව ආගන‍්ත්‍වා තං ඛමාපෙහීති. සා “සාධු, අය්‍යෙ”ති උට‍්ඨාය අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා පඤ‍්චසතා පරිවාරිත්‍ථියො ආණාපෙත්‍වා නානාවිධානි ඛාදනීයානි චෙව සූපෙය්‍යානි ච සම‍්පාදෙත්‍වා පුනදිවසෙ තං සක‍්කාරං ආදාය උත‍්තරාය ගෙහං ආගන‍්ත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙතුං අවිසහන‍්තී අට‍්ඨාසි. තං සබ‍්බං ගහෙත්‍වා උත‍්තරාව සංවිදහි. සිරිමාපි භත‍්තකිච‍්චාවසානෙ සද‍්ධිං පරිවාරෙන සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජි.

එහි දී සිරිමා මෙය සීතල වී තිබේ නැවත පැසෙන ගිතෙල් හැන්ද පුරවා ගෙන එනවිට උක්තරා වගේ දාසියෝ දැක පලායව දුර්වීනිතිය නුඹට අපේ ආර්යාවගේ හිසේ ගිතෙල් දැමීමට සුදුසු නැත. යයි තර්ජනය කරමින් එහෙන් මෙහෙන් නැගිට අතින් ද පයින්ද තලා බිම හෙලීය. උත්තරා මෙය වැලැක්වීමට උත්සහ කළ ද නොහැකිවිය. අනතුරුව ඇයගේ සිරුර මත සිට සියළු දාසින් වලක්වා ඇයි ඔබ මෙබඳු බැරැරුම් දෙයක් කළේ විමසමින් සිරිමාවට අවවාද දී උණුදියෙන් නාවා සියක් වර පෙරු තෙලින් ඇස ගැල්වීය. තැවීමද කළාය. එකෙනෙහි තමන් බැහැර ස්ත්‍රියක් බව තේරුම්ගෙන මවිසින් බැරැරුම් ක්‍රියාවක් කරන ලදිමි. ස්වාමීයා සිනාසිම් පමණකින් ඇගේ හිසමත උණු තෙල් වත්කළ මට අල්ලා ගන්නයි දාසියන්ට අණ නොකළාය. මාව පෙළන අවස්ථාවේදීද සියළු දාසියන් බැහැර කොට මට කළයුතු ද කළාය. ඉදින් මම ඇයගෙන් සමාව නොගන්නේනම් මගේ හිස සත්කඩකට පැලෙන්නේය. ඇගේ පාමුල වැටී ආර්යාවනි මට සමා වන්නැයි කීවාය. මම පියා ඇති දුවයි පියා සමාවු විට මම ද සමාවෙමි. එලෙස වේවා ඔබේ පියා පුණ්ණ සිටුතුමාය. එතුමා ගෙන් ද මම සමාව අයදිමි. පුණ්ණ මගේ සාංසාරික පියාය. මගේ ලෝකෝත්තර පියා නම් සම්මා සම්බුදුය. උන්වහන්සේගෙන් සමාව ගත්විට සමාව දෙන්නෙමි. උන්වහන්සේ පිළිබඳ මගේ විශ්වාසයක් නැත. මම එම විශ්වාසය ඇතිකරන්නෙමියි උත්තරා පැවසුවාය. හෙට භික්ෂු සංඝයා සමග මගේ නිවසට වැඩම කරන්නාහ. එහිදි ඔබ ලබනලද සත්කාරය ගෙන මෙහි පැමිණ උන්වහන්සේගෙන් සමාව ගන්න. යහපතැයි කියා ඇය පිළිගත්තාය. පසුව උත්තරා තම ගෙට ගොස් පන්සියයක් පරිවාර ස්ත්‍රීන්ට අණකර නොයෙක් වර්ගයේ ඛාදනීය මෙන්ම සුප් ආදී පානය කළයුතු දෑ සකස්කොට දෙවන දිනයේදී එම සත්කාරය ගෙන උත්තරාවගේ ගෙට අවුත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාගේ පාත්‍ර පිහිටුවීම නොඉවසන්නී සිටියාය. ඒ සියල්ල ගෙන උත්තරාම සියල්ල සංවිධාන කළාය. සිරිමාව ද බුදුන් වළදා අවසානයේ පිරිවර සමගම බුදුන් පාමුල වාඩිවුවාය.

අථ නං සත්‍ථා පුච‍්ඡි – “කො තෙ අපරාධො”ති? භන‍්තෙ, මයා හිය්‍යො ඉදං නාම කතං, අථ මෙ සහායිකා මං විහෙඨයමානා දාසියො නිවාරෙත්‍වා මය‍්හං උපකාරමෙව අකාසි. සාහං ඉමිස‍්සා ගුණං ජානිත්‍වා ඉමං ඛමාපෙසිං, අථ මං එසා “තුම‍්හෙසු ඛමන‍්තෙසු ඛමිස‍්සාමී”ති ආහ. “එවං කිර උත‍්තරෙ”ති? “ආම, භන‍්තෙ, සීසෙ මෙ සහායිකාය පක‍්කුථිතසප‍්පි ආසිත‍්ත”න‍්ති. අථ “තයා කිං චින‍්තිත”න‍්ති? “චක‍්කවාළං අතිසම‍්බාධං, බ්‍රහ‍්මලොකො අතිනීචකො, මම සහායිකාය ගුණොව මහන‍්තො. අහඤ‍්හි එතං නිස‍්සාය දානඤ‍්ච දාතුං ධම‍්මඤ‍්ච සොතුං අලත්‍ථං, සචෙ මෙ ඉමිස‍්සා උපරි කොපො අත්‍ථි, ඉදං මං දහතු. නො චෙ, මා දහතූ”ති එවං චින‍්තෙත්‍වා ඉමං මෙත‍්තාය ඵරිං, භන‍්තෙති. සත්‍ථා “සාධු සාධු, උත‍්තරෙ, එවං කොධං ජිනිතුං වට‍්ටති. කොධො හි නාම අක‍්කොධෙන, අක‍්කොසකපරිභාසකො අනක‍්කොසන‍්තෙන අපරිභාසන‍්තෙන, ථද‍්ධමච‍්ඡරී අත‍්තනො සන‍්තකස‍්ස දානෙන, මුසාවාදී සච‍්චවචනෙන ජිනිතබ‍්බො”ති වත්‍වා ඉමං ගාථමාහ –

එසේ වාඩි වූ සිරිමා බුදුන් වැඳ කළ වරදට සමාව ඉල්ලුවාය. අනතුරුව තථාගතයන් වහන්සේ ඔබේ අපරාධය කුමක්දැයි විමසුහ. ස්වාමීනි මම ඊයේ මෙබඳු දෙයක් කළෙමි. මම ඇගේ මේ ගුණ දැන සමාව ගතිමි. එහි දී ඇය ඔබ වහන්සේගෙන් සමාව ගත්විට සමාව දෙන බව පැවසුවාය. උත්තරා වෙනි එසේ පැවසුවේද උත්තරා සැබෑබව පැවසුවාය. මගේ හිසට උණු තෙල් මේ සභායිකාව වත් කළාය ඔබ එවිට කුමක් සිතුවේද උත්තරාවති ස්වාමීනි මම ඇගේ ගුණ උසස් කොට සැලකීමි. සක්වල සම්බාධ සහිතය. බ්‍රහ්ම ලෝකය ඉතා පහත්ය මගේ මිතුරියගේ ගුණ වඩාත් මහත්ය. ඇය නිසා මෙසේ ධර්මය ඇසීමටත් දන් දීමටත් ලැබුවෙමි. ඉදින් ඇය කෙරෙහි කෝපයක් පවතීනම් මගේ හිස දැවේ මා නො එසේ නම් නොදැවේවායි පැතුවෙමි. මම මැයට මෛත්‍රිය වැඩුවෙමි. සාධු - සාධු - උත්තරාව එසේ කෝපය ජයගැනීම වටී. ක්‍රෝධය මෛත්‍රීයෙන්ද අක්‍රෝෂ පරිභව එසේ නොකිරිමෙන් ද තද මසුරුබව තමා සන්තක දෑ පරිත්‍යාග කිරීමෙන්ද බොරුව සත්‍ය වචනය භාවිතයෙන්ද ජයගත යුතුයයි පවසා මේ ගාථාව දෙසුහ.

“අක‍්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ; ජිනෙ කදරියං දානෙන, සච‍්චෙනාලිකවාදින”න‍්ති.

දුරලනු කොරෝදය මෙත්සිත පැතිරීමෙන් දුදනා දමනු, යහපත් ගතිගුණ පෑමෙන් නැතිවෙයි ලෝබ සිත නිතරම දන්දීමෙන් යටපත් වේ බොරුව ඇත්තම හෙළිවීමෙන්

තත්‍ථ අක‍්කොධෙනාති කොධනො හි පුග‍්ගලො අක‍්කොධෙන හුත්‍වා ජිනිතබ‍්බො. අසාධුන‍්ති අභද‍්දකො භද‍්දකෙන හුත්‍වා ජිනිතබ‍්බො. කදරියන‍්ති ථද‍්ධමච‍්ඡරී අත‍්තනො සන‍්තකස‍්ස චාගචිත‍්තෙන ජිනිතබ‍්බො. අලිකවාදී සච‍්චවචනෙන ජිනිතබ‍්බො. තස‍්මා එවමාහ – “අක‍්කොධෙන ජිනෙ කොධං…පෙ… සච‍්චෙනාලිකවාදින”න‍්ති.

එහි අක්කොධන - ක්‍රෝධ සහිත පුද්ගලයා නො කිපීමෙන් දිනිය යුතුය. අසාධු අයහපත් තැනැත්තා යහපත් බැවින් දිනිය යුතුය. කදරියං තද මසුරු තැනැත්තා තමන් සතුදේ දීමෙන් ත්‍යගවන්ත සිතින් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍ය වචන භාවිතයෙන් දිනිය යුතුය.

දෙසනාවසානෙ සිරිමා සද‍්ධිං පඤ‍්චසතාහි ඉත්‍ථීහි සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහීති.

මෙම දේශනය අවසානයේ සිරිමා සහිත පන්සියයක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත්වූවාහුය.

උත‍්තරාඋපාසිකාවත්‍ථු තතියං.