4. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරපඤ‍්හවත්‍ථු අට‍්ඨකථා
4. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරපඤ‍්හවත්‍ථු
4. මුගලන් තෙරුන්ගේ ප්‍රශ්න පිළිබඳ වූ කථා පුවත
සච‍්චං භණෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස පඤ‍්හං ආරබ‍්භ කථෙසි.
“සච්චං භණෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී මහ මුගලන් තෙරුන්ගේ ප්‍රශ්නයක් නිමිති කරගෙන දේශනා කළහ.
එකස‍්මිඤ‍්හි සමයෙ ථෙරො දෙවචාරිකං ගන‍්ත්‍වා මහෙසක‍්ඛාය දෙවතාය විමානද‍්වාරෙ ඨත්‍වා තං අත‍්තනො සන‍්තිකං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා ඨිතං එවමාහ – “දෙවතෙ මහතී තෙ සම‍්පත‍්ති, කිං කම‍්මං කත්‍වා ඉමං අලත්‍ථා”ති? “මා මං, භන‍්තෙ, පුච‍්ඡථා”ති. දෙවතා කිර අත‍්තනො පරිත‍්තකම‍්මෙන ලජ‍්ජමානා එවං වදති. සා පන ථෙරෙන “කථෙහියෙවා”ති වුච‍්චමානා ආහ – “භන‍්තෙ, මයා නෙව දානං දින‍්නං, න පූජා කතා, න ධම‍්මො සුතො, කෙවලං සච‍්චමත‍්තං රක‍්ඛිත”න‍්ති. ථෙරො අඤ‍්ඤානි විමානද‍්වාරානි ගන‍්ත්‍වා ආගතාගතා අපරාපි දෙවධීතරො පුච‍්ඡි. තාසුපි තථෙව නිගුහිත්‍වා ථෙරං පටිබාහිතුං අසක‍්කොන‍්තීසු එකා තාව ආහ –
එක් සමයක මුගලන් තෙරුන් දෙලොව චාරිකාවේ යෙදී මහේශාක්‍ය දේවතාවියකගේ විමන් දොර සිටියදී ඇය තමන් වහන්සේ වෙත පැමිණ වැඳ සිටි අවස්ථාවේ දිව්‍යංගනාවනි ! ඔබේ සම්පත් මහත්ය. කවරනම් කුසල කර්මයක් කොට මේ සම්පත් ලැබුවේදැයි විමසුහ. ස්වාමීනි මගෙන් නො විමසන්න. දේවතාවියෝ තමන්ගේ සුළු කුශල කර්ම නිසා ලජ්ජාවෙන්ම කියති. තෙරුන් වහන්සේ එය කියනයයි බලකර සිටි හෙයින් එසේය ස්වාමීනි මම දන් නොදුන්නෙමි. පූජා ද නොකෙළෙමි. ධර්මය ද නො ඇසුවෙමි. හුදෙක් සත්‍ය බස පමණක් ආරක්ෂා කළෙමි. තෙරුන් අනෙක් විමන් දොරටුවලට වැඩමකොට පැමිණියා වු අනෙක් දෙව් දූවරුන්ද විමසුහ. ඔවුහු ද නොසගවා කරුණු පැවසුහ. තෙරුන් වළකාලීමට නොහැකිව එක් දේවතාවියක් මෙසේ පැවසුවාය.
“භන‍්තෙ, මයා නෙව දානාදීසු කතං නාම අත්‍ථි, අහං පන කස‍්සපබුද‍්ධකාලෙ පරස‍්ස දාසී අහොසිං, තස‍්සා මෙ සාමිකො අතිවිය චණ‍්ඩො ඵරුසො, ගහිතග‍්ගහිතෙනෙව කට‍්ඨෙන වා කලිඞ‍්ගරෙන වා සීසං භින්‍දති. සාහං උප‍්පන‍්නෙ කොපෙ ‘එස තව සාමිකො ලක‍්ඛණාහතං වා කාතුං නාසාදීනි වා ඡින්‍දිතුං ඉස‍්සරො, මා කුජ‍්ඣී’ති අත‍්තානමෙව පරිභාසෙත්‍වා කොපං නාම න අකාසිං, තෙන මෙ අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති. අපරා ආහ – “අහං, භන‍්තෙ, උච‍්ඡුඛෙත‍්තං රක‍්ඛමානා එකස‍්ස භික‍්ඛුනො උච‍්ඡුයට‍්ඨිං අදාසිං”. අපරා එකං තිම‍්බරුසකං අදාසිං. අපරා එකං එළාලුකං අදාසිං. අපරා එකං ඵාරුසකං අදාසිං. අපරා එකං මූලමුට‍්ඨිං. අපරා “නිම‍්බමුට‍්ඨි”න‍්තිආදිනා නයෙන අත‍්තනා අත‍්තනා කතං පරිත‍්තදානං ආරොචෙත්‍වා “ඉමිනා ඉමිනා කාරණෙන අම‍්හෙහි අයං සම‍්පත‍්ති ලද‍්ධා”ති ආහංසු.
ස්වාමිනි මම දානාදි පිංකම් නොකෙළෙමි. මම කාශ්‍යප බුද්ධ කාලයේදී දාසියක් වීමි. එකල මගේ සැමියා සැඩ පරුෂ කෙනෙක් විය. ගත් ගත් තැන දණ්ඩකින් හෝ දරලීයකින් හෝ මගේ හිස පළයි. මට කෝපයක් ඇතිවුවිට ඔබේ සැමියා අත්පා සිදීමක් හෝ නාසාදිය සිඳීමට හෝ නොකිපේවායි තමන්මම සිතා කෝප නොකෙළෙමි. එනිසා මේ සම්පත් මම ලදිමි. පැවසුවාය. අන් අප්සරාවක් ස්වාමීනි මම පසුගිය ආත්මයේ දී උක්හේනක් රකින්නිව සිටියදී භික්ෂුවකට උක්ලීයක් දුන්නෙමි. තවත් තැනැත්තියක් තිඹිරි ගෙඩියක් දුන්නාය. එකියක් කුඩා ගෙඩියක් දුන්නාය. එකියක් උගුරැස්ස ගෙඩියක් දුන්නාය. එකියක් අල මුලක් දුන්නාය. එකියක් කොසඹ විටක් දුන්නාය. මේ ආදී වශයෙන් තම තමන් දුන් ඉතා ස්වල්ප දාන පෙන්වාදී මේ මේ කරුණු නිසා අප විසින් මේ සම්පත් ලබන ලදැයි කිවාහුය.
ථෙරො තාහි කතකම‍්මං සුත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “සක‍්කා නු ඛො, භන‍්තෙ, සච‍්චකථනමත‍්තෙන, කොපනිබ‍්බාපනමත‍්තෙන, අතිපරිත‍්තකෙන තිම‍්බරුසකාදිදානමත‍්තෙන දිබ‍්බසම‍්පත‍්තිං ලද‍්ධු”න‍්ති. “කස‍්මා මං, මොග‍්ගල‍්ලාන, පුච‍්ඡසි, නනු තෙ දෙවතාහි අයං අත්‍ථො කථිතො”ති? “ආම, භන‍්තෙ, ලබ‍්භති මඤ‍්ඤෙ එත‍්තකෙන දිබ‍්බසම‍්පත‍්තී”ති. අථ නං සත්‍ථා “මොග‍්ගල‍්ලාන, සච‍්චමත‍්තං කථෙත්‍වාපි කොපමත‍්තං ජහිත්‍වාපි පරිත‍්තකං දානං දත්‍වාපි දෙවලොකං ගච‍්ඡතියෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –
තෙරුන් ඔවුන් විසින් කරනලද කුශලකර්ම අසා බුදුන් වෙත එළඹ මෙසේ විමසුහ. ස්වාමීනි ! සත්‍යවචන කීම් පමණකින්, කෝපය නිවු පමණකින්, ඉතා කුඩා වු තිඹිරිගෙඩියක් දීමෙන් දිව්‍ය සම්පත් ලැබිය හැකිද? ඇයි මුගලන් කුමක් නිසා ඔබ මගෙන් මෙසේ විමසයිද? දේව කාන්තාවන් විසින් නොකියන ලද්දේද? එසේය. ඔවුන් කියන ලදි මෙපමණකින් නිවන් සුව ලැබිය හැකිදැයි සිතමි අනතුරුව බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන සත්‍ය වචන කිම් පමණකින් කෝපය සිඳලු පමණකින් සුළු දානයක් පිරිනැමු පමණකින් දෙලෝ යති. මේ ගාථාව දේශනා කළහ.
“සච‍්චං භණෙ න කුජ‍්ඣෙය්‍ය, දජ‍්ජා අප‍්පම‍්පි යාචිතො; එතෙහි තීහි ඨානෙහි, ගච‍්ඡෙ දෙවාන සන‍්තිකෙ”ති.
තරහ ගෙන නොකිපෙනු කුඩා බොරුවක් වුවද නොකියනු මදක් වුව දන් දෙනු මෙපින් ලැබ දෙවිලොවේ ඉපදෙනු
තත්‍ථ සච‍්චං භණෙති සච‍්චං දීපෙය්‍ය වොහරෙය්‍ය, සච‍්චෙ පතිට‍්ඨහෙය්‍යාති අත්‍ථො. න කුජ‍්ඣෙය්‍යාති පරස‍්ස න කුජ‍්ඣෙය්‍ය. යාචිතොති යාචකා නාම සීලවන‍්තො පබ‍්බජිතා. තෙ හි කිඤ‍්චාපි “දෙථා”ති අයාචිත්‍වාව ඝරද‍්වාරෙ තිට‍්ඨන‍්ති, අත්‍ථතො පන යාචන‍්තියෙව නාම. එවං සීලවන‍්තෙහි යාචිතො අප‍්පස‍්මිං දෙය්‍යධම‍්මෙ විජ‍්ජමානෙ අප‍්පමත‍්තකම‍්පි දදෙය්‍ය. එතෙහි තීහීති එතෙසු තීසු එකෙනාපි කාරණෙන දෙවලොකං ගච‍්ඡෙය්‍යාති අත්‍ථො.
එහි සච්චං හණෙ - සත්‍යයම කියයි - ව්‍යවහාර කරයි. සත්‍යයෙහි පිහිටන්න යන අරුතයි. අන් අයට නොකිපෙන්න. “යාචිතොති” ඉල්ලන්නෝ නම් සිල්වත් භික්ෂූන් විසින් කිසිවක් දෙන්න. ආයාචනා කරමින් ම ගෙදොර සිටිති. අර්ථයෙන් නම් ඉල්ලීමයි මෙලෙස සිල්වතුන් විසින් ඉල්ලා සිටිනවිට ඉතා ස්වල්ප වූ දෙයක්වුව තිබේ නම් දියයුතුය. මේ කරුණු තුනෙන් දෙලොව යන්නේය යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත්වූහ.
මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරපඤ‍්හවත්‍ථු චතුත්‍ථං.