යෙදුමෙන් කියවන්න

5. බුද‍්ධපිතුබ්‍රාහ‍්මණවත්‍ථු අට‍්ඨකථා

5. බුද‍්ධපිතුබ්‍රාහ‍්මණවත්‍ථු

5. සාකේතක බ්‍රාහ්මණයා පිළිබඳ කථා පුවත

අහිංසකා යෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සාකෙතං නිස‍්සාය අඤ‍්ජනවනෙ විහරන‍්තො භික‍්ඛූහි පට‍්ඨපඤ‍්හං ආරබ‍්භ කථෙසි.

“අහිංසකායෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සාකේත නගරය ඇසුරු කොට අඳුන් වනයේ වැඩසිටියදී භික්ෂූන් විසින් විමසු ප්‍රශ්න නිමිති කර ගෙන දේශනා කළහ.

භගවතො කිර භික‍්ඛුසඞ‍්ඝපරිවුතස‍්ස සාකෙතං පිණ‍්ඩාය පවිසනකාලෙ එකො සාකෙතවාසී මහල‍්ලකබ්‍රාහ‍්මණො නගරතො නික‍්ඛමන‍්තො අන‍්තරඝරද‍්වාරෙ දසබලං දිස‍්වා පාදෙසු නිපතිත්‍වා ගොප‍්ඵකෙසු දළ‍්හං ගහෙත්‍වා, “තාත, නනු නාම පුත‍්තෙහි ජිණ‍්ණකාලෙ මාතාපිතරො පටිජග‍්ගිතබ‍්බා, කස‍්මා එත‍්තකං කාලං අම‍්හාකං අත‍්තානං න දස‍්සෙසි. මයා තාව දිට‍්ඨොසි, මාතරම‍්පි පස‍්සිතුං එහී”ති සත්‍ථාරං ගහෙත්‍වා අත‍්තනො ගෙහං අගමාසි. සත්‍ථා තත්‍ථ ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. බ්‍රාහ‍්මණීපි ආගන‍්ත්‍වා සත්‍ථු පාදෙසු නිපතිත්‍වා, “තාත, එත‍්තකං කාලං කුහිං ගතොසි, නනු නාම මාතාපිතරො මහල‍්ලකකාලෙ උපට‍්ඨාතබ‍්බා”ති වත්‍වා පුත‍්තධීතරො “එථ භාතරං වන්‍දථා”ති වන්‍දාපෙසි. තෙ උභොපි තුට‍්ඨමානසා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා, “භන‍්තෙ, ඉධෙව නිබද‍්ධං භික‍්ඛං ගණ‍්හථා”ති වත්‍වා “බුද‍්ධා නාම එකට‍්ඨානෙයෙව නිබද‍්ධං භික‍්ඛං න ගණ‍්හන‍්තී”ති වුත‍්තෙ, “තෙන හි, භන‍්තෙ, යෙ වො නිමන‍්තෙතුං ආගච‍්ඡන‍්ති, තෙ අම‍්හාකං සන‍්තිකං පහිණෙය්‍යාථා”ති ආහංසු. සත්‍ථා තතො පට‍්ඨාය නිමන‍්තෙතුං ආගතෙ “ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණස‍්ස ආරොචෙය්‍යාථා”ති පෙසෙසි. තෙ ගන‍්ත්‍වා “මයං ස‍්වාතනාය සත්‍ථාරං නිමන‍්තෙමා”ති බ්‍රාහ‍්මණං වදන‍්ති. බ්‍රාහ‍්මණො පුනදිවසෙ අත‍්තනො ගෙහතො භත‍්තභාජනසූපෙය්‍යභාජනානි ආදාය සත්‍ථු නිසීදනට‍්ඨානං ගච‍්ඡති. අඤ‍්ඤත්‍ර පන නිමන‍්තනෙ අසති සත්‍ථා බ්‍රාහ‍්මණස‍්සෙව ගෙහෙ භත‍්තකිච‍්චං කරොති. තෙ උභොපි අත‍්තනො දෙය්‍යධම‍්මං නිච‍්චකාලං තථාගතස‍්ස දෙන‍්තා ධම‍්මකථං සුණන‍්තා අනාගාමිඵලං පාපුණිංසු.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරා සාකේත නුවර පිඩුපිණිස පිවිසෙන කල සාකේත වාසී එක් බ්‍රාහ්මණ මහල්ලෙක් නගරයෙන් නික්ම යන්නේ ඇතුල් ගෙය දොරටුවේ දී දසබලයන් වහන්සේ දැක, දණින් වැටී කෙණ්ඩාවලින් දැඩි සේ අල්ලාගෙන දරුව පුතුන් විසින් දෙමාපියන් දිරා ගියවිට පිළිලැගුම් කළයුතු නොවේද? කුමක් හෙයින් මෙපමණ කලක් අපවෙත නො ආවේ ද මවිසින් ඔබ දක්නලදී, මව දැකීමට එන්න බුදුන් ගේ අතින් අල්ලාගෙන තමන්ගේ ගෙට ගියේය. බුදුහු එහි ගොස් පනවන ලද අසුනේ වාඩිවූහ. භික්ෂූන් වහන්සේලා ද වාඩිවුහ. බැමිණිය ද පැමිණ බුදුන් ළඟ දණින් වැටී දරුව මෙපමණ කලක් කොහි ගියේද? මහලු වියට පත් දෙමාපියන්ට දරුවෝ උවටැන් කළයුතු නොවේද පවසා දූ දරුවනි එන්න සොහොයුරාට වඳින්න. ඔවුන් දෙදෙනාම තුටු පහටුව බුදුන් ප්‍රමුඛ සංඝයා වැඳ ස්වාමීනි මෙහිම නිබඳව භික්ෂාව ගනු මැනවයි කියා සිටි විට බුදුවරුනම් එක තැනක නිතර වාසය කරන්නෝ නො වෙති. එක තැනක භික්ෂාව ගන්නෝද නො වෙතියි පැවසුවිට එසේ නම් ස්වාමීනි. යම් කෙනෙක් ආරාධනයට පැමිණෙන්නේද ඔහු අප සමීපයට එවන්නැයි කීවාහුය. බුදුහු එතැන් පටන් අරාධනා කිරීමට පැමිණි විට බ්‍රාහ්මණයන්ට දැනුම් දෙන්නැයි එවීය. ඔවුන් ගොස් අපි හෙට බුදුන්ට ආරාධනා කරන්නෙමු යයි බමුණාට කියති. බමුණා දෙවන දිනයේදී තමන්ගේ ගෙදරින් බත් භාජන ව්‍යංජන භාජන රැගෙන බුදුන් සිටින තැනට යයි. අන් අයගේ ආරාධනයක් නොමැතිවිට බුදුහු බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කරති. ඔවුන් දෙදෙනාම නිතර දියයුතු ද බුදුන්ට දෙමින් බණ අසමින් අනාගාමී ඵලයට පත් වූහ.

භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං, “ආවුසො, බ්‍රාහ‍්මණො ‘තථාගතස‍්ස සුද‍්ධොදනො පිතා, මහාමායා මාතා’ති ජානාති, ජානන‍්තොව සද‍්ධිං බ්‍රාහ‍්මණියා තථාගතං ‘අම‍්හාකං පුත‍්තො’ති වදති, සත්‍ථාපි තථෙව අධිවාසෙති. කිං නු ඛො කාරණ”න‍්ති? සත්‍ථා තෙසං කථං සුත්‍වා, “භික‍්ඛවෙ, උභොපි තෙ අත‍්තනො පුත‍්තමෙව පුත‍්තොති වදන‍්තී”ති වත්‍වා අතීතං ආහරි.

භික්ෂූන් ද ධර්ම සභාවේ කථාවක් ඉපදවුහ. ඇවැත්නි. බුදුරජාණන් වහන්සේගේ දෙමාපියෝ සුද්ධෝදන හා මහාමායා දේවී බව දැනගෙනම මෙසේ දැනගෙනම බ්‍රාහ්මණයා හා බැමිණිය තමන් ගේ පුතුයයි බුදුන්ට පවසති. බුදුන් ද එය ඉවසාසිටී. කුමක් නිසා මෙසේ කියත්ද? මේ කථාව ඇසු බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ මහණෙනි දෙදෙනාම තමන්ගේ පුතුට පුතායයි කියතියි අතීත කථාව ගෙනහැර දැක්වීය.

අතීතෙ, භික‍්ඛවෙ, අයං බ්‍රාහ‍්මණො නිරන‍්තරං පඤ‍්ච ජාතිසතානි මය‍්හං පිතා අහොසි, පඤ‍්ච ජාතිසතානි චූළපිතා, පඤ‍්ච ජාතිසතානි මහාපිතා. සාපි මෙ බ්‍රාහ‍්මණී නිරන‍්තරමෙව පඤ‍්ච ජාතිසතානි මාතා අහොසි, පඤ‍්ච ජාතිසතානි චූළමාතා, පඤ‍්ච ජාතිසතානි මහාමාතා. එවාහං දියඩ‍්ඪජාතිසහස‍්සං බ්‍රාහ‍්මණස‍්ස හත්‍ථෙ සංවඩ‍්ඪො, දියඩ‍්ඪජාතිසහස‍්සං බ්‍රාහ‍්මණියා හත්‍ථෙති තීණි ජාතිසහස‍්සානි තෙසං පුත‍්තභාවං දස‍්සෙත්‍වා ඉමා ගාථා අභාසි –

මහණෙනි මේ බ්‍රාහ්මණයා අතීතයේදී පන්සියයක් ජාතිවල මගේ පියා විය. පන්සියයක් ජාති සුළු පියා විය. ජාති පන්සියයක් මහ පියා විය. මවද එසේම ඔහුගේ භාර්යාව වෙමින් ජාති පන්සියයක් මව වුවාය. ජාති පන්සියයක් සුළු මව වුවාය. ජාති පන්සියයක් මහ මව වුවාය. මෙසේ එක්දහස් පන්සියයක් (1500) බමුණාගේ හා බැමිණියගේ අත මම වැඩුනෙමි. මෙසේ ඔවුන්ගේ පුත්‍ර භාවය දක්වා මේ ගාථාව පැවසුහ.

“යස‍්මිං මනො නිවිසති, චිත‍්තඤ‍්චාපි පසීදති; අදිට‍්ඨපුබ‍්බකෙ පොසෙ, කාමං තස‍්මිම‍්පි විස‍්සසෙ. (ජා· 1.1.68);

“පුබ‍්බෙව සන‍්නිවාසෙන, පච‍්චුප‍්පන‍්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප‍්පලංව යථොදකෙ”ති. (ජා· 1.2.174);

සත්‍ථා තෙමාසමෙව තං කුලං නිස‍්සාය විහාසි. තෙ උභොපි අරහත‍්තං සච‍්ඡිකත්‍වා පරිනිබ‍්බායිංසු. අථ නෙසං මහාසක‍්කාරං කත්‍වා උභොපි එකකූටාගාරමෙව ආරොපෙත්‍වා නීහරිංසු. සත්‍ථාපි පඤ‍්චසතභික‍්ඛුපරිවාරො තෙහි සද‍්ධිංයෙව ආළාහනං අගමාසි. “බුද‍්ධානං කිර මාතාපිතරො”ති මහාජනො නික‍්ඛමි. සත්‍ථාපි ආළාහනසමීපෙ එකං සාලං පවිසිත්‍වා අට‍්ඨාසි. මනුස‍්සා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තෙ ඨත්‍වා, “භන‍්තෙ, ‘මාතාපිතරො වො කාලකතා’ති මා චින‍්තයිත්‍ථා”ති සත්‍ථාරා සද‍්ධිං පටිසන්‍ථාරං කරොන‍්ති. සත්‍ථා තෙ “මා එවං අවචුත්‍ථා”ති අප‍්පටික‍්ඛිපිත්‍වා පරිසාය ආසයං ඔලොකෙත්‍වා තඞ‍්ඛණානුරූපං ධම‍්මං දෙසෙන‍්තො –

බුදුහු තෙමසක්ම එම කුලය නිසාම වැඩවාසය කළහ. ඒ දෙදෙනාම අර්හත්වයට පත්ව පිරිනිවන් පෑවාහුය. අනතුරුව ඔවුන්ට මහත් සත්කාර කොට දෙදෙනාම එකම කුළු ගෙයකට නංවා බැහැර කළහ. බුදුහු ද පන්සියයක් භික්ෂූන් පිරිවර කොටගෙන ඔවුන් සමගම ආදාහන කළ තැනට වැඩම කළහ. බොහෝ ජනයාද බුදුගේ මවුපියෝ යයි පැමිණියහ. බුදුහු ආදාහනය කරන ස්ථානයේ අසල එක් ශාලාවක වැඩසිටියහ. මිනිස්සු බුදුන් වැඳ එකත් පසෙක සිට ස්වාමීනි ! ඔබ වහන්ගේ දෙමාපියෝ කළුරිය කළහයි නොසිතන සේක්වා, ආදිය කියමින් බුදුන් සමගම පිළිසඳර කරති. බුදුහුත් එසේ නොකියන්නැයි ප්‍රතික්‍ෂේප නොකොට පිරිස අතර අදහස් බලා එම අවස්ථාවට උචිත ධර්මයක් දේශනා කරමින්

“අප‍්පං වත ජීවිතං ඉදං, ඔරං වස‍්සසතාපි මිය්‍යති; යො චෙපි අතිච‍්ච ජීවති, අථ සො ජරසාපි මිය්‍යතී”ති. (සු· නි· 810; මහානි· 39) –

ජීවිතය ඒකාන්තයෙන් අල්පය. කලල අවස්ථාවේ ද මියයති. ඉන් එහා වර්ෂ සියයකින් වුවද මියයයි යමෙක් සියවස් ඉක්මවා ජීවවේද ඔහු ජරාවට පත්වම මිය යයි.

ඉදං ජරාසුත‍්තං කථෙසි. දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. භික‍්ඛූ බ්‍රාහ‍්මණස‍්ස ච බ්‍රාහ‍්මණියා ච පරිනිබ‍්බුතභාවං අජානන‍්තා, “භන‍්තෙ, තෙසං කො අභිසම‍්පරායො”ති පුච‍්ඡිංසු. සත්‍ථා, “භික‍්ඛවෙ, එවරූපානං අසෙඛමුනීනං අභිසම‍්පරායො නාම නත්‍ථි. එවරූපා හි අච‍්චුතං අමතං මහානිබ‍්බානමෙව පාපුණන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ ජරාව පිළිබඳ සුත්‍රය දේශනා කළහ. දෙසුම අවසන අසූහාරදහසක් ධර්මාවබෝධය කළහ. භික්ෂූන් වහන්සේලා බ්‍රාහ්මණයා හා බැමිණිය පිරිනිවන් පෑ බව නොදැක ස්වාමීනි ඔවුන්ට කවර ලෙස පරලොව වීදැයි විමසුහ. බුදුහු මහණෙනි මෙබඳු අශෛක්ෂ මුණිවරුන්ට පරලොවක් නැත. මෙබඳු අය අච්චුතවූ අමෘත මහා නිවණට පැමිණෙතියි පවසා මේ ගාථාව දේශනා කළහ.

“අහිංසකා යෙ මුනයො, නිච‍්චං කායෙන සංවුතා; තෙ යන‍්ති අච‍්චුතං ඨානං, යත්‍ථ ගන‍්ත්‍වා න සොචරෙ”ති.

තුන් දොරින් සංවර අහිංසක වු මහණ බමුණෝ සෝක නැති තිර වු නිවන් මගටම පැමිණෙති

“අහිංසකා යෙ මුනයො නිච්චං - අහිංසකවු ඒ මුනිවරු නිතර කයින් සංවරවී අවරණය ස්ථානය වූ නිවනට ගොස් ශෝක නොකරති.

තත්‍ථ මුනයොති මොනෙය්‍යපටිපදාය මග‍්ගඵලපත‍්තා අසෙඛමුනයො. කායෙනාති දෙසනාමත‍්තමෙවෙතං, තීහිපි ද‍්වාරෙහි සුසංවුතාති අත්‍ථො. අච‍්චුතන‍්ති සස‍්සතං. ඨානන‍්ති අකුප‍්පට‍්ඨානං ධුවට‍්ඨානං. යත්‍ථාති යස‍්මිං නිබ‍්බානෙ ගන‍්ත්‍වා න සොචරෙ න සොචන‍්ති න විහඤ‍්ඤන‍්ති, තං ඨානං ගච‍්ඡන‍්තීති අත්‍ථො.

එහි මුනයො යනු මොනෙය්‍ය ප්‍රතිපදා වෙන් මාර්ග ඵලයට පත් අශෛක්‍ෂ මුනිවරු. කායෙන යනු දේශනා මාත්‍රය පමණි. තිදොරින් සංවරවු යන අර්ථයයි. අච්චුත- නම් ශාස්වත ඨානං - යනු අකෝප්‍ය වූ ස්ථාවර වූ ස්ථානය නිවන - යත්ථා යයි තැනකට ගොස් ශෝක නොකරති. නොනැසේ එතැනට යයි යන අරුතයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙනා සෝතාපත්ති ඵල ආදීයට පැමුණුනාහ.

බුද‍්ධපිතුබ්‍රාහ‍්මණවත්‍ථු පඤ‍්චමං.