6. පුණ‍්ණදාසීවත්‍ථු අට‍්ඨකථා
6. පුණ‍්ණදාසීවත්‍ථු
6. පුණ්ණා පිළිබඳ කථාව
සදා ජාගරමානානන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ගිජ‍්ඣකූටෙ විහරන‍්තො පුණ‍්ණං නාම රාජගහසෙට‍්ඨිනො දාසිං ආරබ‍්භ කථෙසි.
“සදාජාගර මානන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වාසය කරන අතර පුණ්ණා නම් රජගහ නුවර සිටුවරයාගේ දාසියක් නිමිති කරගෙන දේශනා කළහ.
තස‍්සා කිර එකදිවසං කොට‍්ටනත්‍ථාය බහුවීහිං අදංසු. සා රත‍්තිම‍්පි දීපං ජාලෙත්‍වා වීහිං කොට‍්ටෙන‍්තී විස‍්සමනත්‍ථාය සෙදතින‍්තෙන ගත‍්තෙන බහිවාතෙ අට‍්ඨාසි. තස‍්මිං සමයෙ දබ‍්බො මල‍්ලපුත‍්තො භික‍්ඛූනං සෙනාසනපඤ‍්ඤාපකො අහොසි. සො ධම‍්මස‍්සවනං සුත්‍වා අත‍්තනො අත‍්තනො සෙනාසනං ගච‍්ඡන‍්තානං භික‍්ඛූනං අඞ‍්ගුලිං ජාලෙත්‍වා පුරතො පුරතො මග‍්ගදෙසනත්‍ථාය ගච‍්ඡන‍්තො භික‍්ඛූනං ආලොකං නිම‍්මිනි. පුණ‍්ණා තෙනාලොකෙන පබ‍්බතෙ විචරන‍්තෙ භික‍්ඛූ දිස‍්වා “අහං තාව අත‍්තනො දුක‍්ඛෙන උපද‍්දුතා ඉමායපි වෙලාය නිද‍්දං න උපෙමි, භද‍්දන‍්තා කිං කාරණා න නිද‍්දායන‍්තී”ති චින‍්තෙත්‍වා “අද‍්ධා කස‍්සචි භික‍්ඛුනො අඵාසුකං වා භවිස‍්සති, දීඝජාතිකෙන වා උපද‍්දවො භවිස‍්සතී”ති සඤ‍්ඤං කත්‍වා පාතොව කුණ‍්ඩකං ආදාය උදකෙන තෙමෙත්‍වා හත්‍ථතලෙ පූවං කත්‍වා අඞ‍්ගාරෙසු පචිත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා තිත්‍ථමග‍්ගෙ ඛාදිස‍්සාමීති ඝටං ආදාය තිත්‍ථාභිමුඛී පායාසි. සත්‍ථාපි ගාමං පිණ‍්ඩාය පවිසිතුං තමෙව මග‍්ගං පටිපජ‍්ජි.
එක් දිනක් පුණ්ණාට කෙටීම සඳහා බොහෝ වී දුන්නාහුය. ඇය රාත්‍රි කාලයේ ද පහනක් දල්වාගෙන වී කොටමින් සිටියදී විවේකය සඳහා දහඩිය වැගිරිනු ශරීරයෙන් ගෙයින් පිටත සිහිල් සුළඟ හමන තැනක සිටියාය. මේ අවස්ථාවේදී දබ්බමල්ල පුත්ත තෙරුන්, භික්ෂූන්ට සෙනසුන් පනවන ධූරය දැරු භික්ෂුවයි. උන්වහන්සේ තම තමන්ගේ සෙනසුන්වලට යන්නා වූ භික්ෂූන්ට ඇඟිල්ල දල්වා ආලෝකයක් මැවුහ. එළි මහනේ සිටිය පුණ්ණා මේ ආලෝකයෙන් පර්වතයේ හැසිරෙන භික්ෂූන් දැක මම නම් මගේ දිළිදු කමින් පෙළුනේ මේ වේලාවේත් නින්දට නොයමි. මේ ස්වාමීන් වහන්සේලා කුමක් නිසා නොනිදා සිටිත්දැයි සිතා ඒකාන්තයෙන් කිසියම් තෙරනමකට රෝගිබවක් හෝ සර්පයෙකු හෝ දෂ්ට කිරිමක් (උවදුරක්) වන්නේයයි සිතා උදැසනම සහල් කුඩු රැගෙන දියෙන් තෙමා අත්ලේ කැවුමක් සාදා ගිනි අගුරුවල තම්බා උකුලේ (ඉනේ) තබාගෙන තොටුපොළට යන පාරේදි කන්නෙමියි කළය ගෙන තොටුපොළ බලා යන්නීය. බුදුරදුන් ද ගමට පිඬුපිණිස වැඩම කිරිම සඳහා එම පාරේම ගමන් කිරිම සඳහා පිළිපන්හ.
සා සත්‍ථාරං දිස‍්වා චින‍්තෙසි – “අඤ‍්ඤෙසු දිවසෙසු සත්‍ථරි දිට‍්ඨෙපි මම දෙය්‍යධම‍්මො න හොති, දෙය්‍යධම‍්මෙ සති සත්‍ථාරං න පස‍්සාමි, ඉදානි මෙ දෙය්‍යධම‍්මො ච අත්‍ථි, සත්‍ථා ච සම‍්මුඛීභූතො. සචෙ ලූඛං වා පණීතං වාති අචින‍්තෙත්‍වා ගණ‍්හෙය්‍ය, දදෙය්‍යාහං ඉමං පූව”න‍්ති ඝටං එකමන‍්තෙ නික‍්ඛිපිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, ඉමං ලූඛං දානං පටිග‍්ගණ‍්හන‍්තා මම සඞ‍්ගහං කරොථා”ති ආහ. සත්‍ථා ආනන්‍දත්‍ථෙරං ඔලොකෙත්‍වා තෙන නීහරිත්‍වා දින‍්නං මහාරාජදත‍්තියං පත‍්තං උපනාමෙත්‍වා පූවං ගණ‍්හි. පුණ‍්ණාපි තං සත්‍ථු පත‍්තෙ පතිට‍්ඨපෙත්‍වාව පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා, “භන‍්තෙ, තුම‍්හෙහි දිට‍්ඨධම‍්මොයෙව මෙ සමිජ‍්ඣතූ”ති ආහ. සත්‍ථා “එවං හොතූ”ති ඨිතකොව අනුමොදනං අකාසි.
ඇය බුදුන් දැක මෙසේ සිතුවාය. අන් දිනෙක බුදුන් දකින විට ම විසින් දියයුතු දෙයක් නැත. දියයුතු දෙයක් ඇතිවිට බුදුන් දක්නට නොලැබේ. දැන් දියයුතු දෙයක් ද ඇත. බුදුරදුන් ද හමුවිය. ඉදින් - රළුවු හෝ ප්‍රණීත වූ හෝ දියයුතු දෙයක් ඇති නිසා නීරස ද ප්‍රණීත ද මිහිරි බවද නොසිතා ගන්නේනම් දෙන්නෙමියි කළය එකත් පසෙක තබා බුදුන් වැඳ ස්වාමීනි මේ රළු දානය පිළිගෙන මට සංග්‍රහ කරන්නැයි පැවසුවාය. - බුදුහු ආනන්ද තෙරුන් දෙස බලා උන්වහන්සේ සිවුරෙන් මෑත්කර සිව් මහ රජු දුන් පාත්‍රය එළවා කැවුම (රොටිය) ගත්හ. පුණ්ණා ද එය බුද්ධ පාත්‍රයේ තබා පසඟ පිහිටුවා වැඳ ඔබවහන්සේට දීමෙන් මෙහිදීම විපාක දේවායි පැවසුවාය. බුදුහු ඔබේ අදහස ඉටුවේවායි සිටගෙනම පින් අනුමෝදනය කළහ.
පුණ‍්ණාපි චින‍්තෙසි – “කිඤ‍්චාපි මෙ සත්‍ථා සඞ‍්ගහං කරොන‍්තො පූවං ගණ‍්හි, න පනිදං ඛාදිස‍්සති. අද‍්ධා පුරතො කාකස‍්ස වා සුනඛස‍්ස වා දත්‍වා රඤ‍්ඤො වා රාජපුත‍්තස‍්ස වා ගෙහං ගන‍්ත්‍වා පණීතභොජනං භුඤ‍්ජිස‍්සතී”ති. සත්‍ථාපි “කිං නු ඛො එසා චින‍්තෙසී”ති තස‍්සා චිත‍්තාචාරං ඤත්‍වා ආනන්‍දත්‍ථෙරං ඔලොකෙත්‍වා නිසීදනාකාරං දස‍්සෙසි. ථෙරො චීවරං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. සත්‍ථා බහිනගරෙයෙව නිසීදිත්‍වා භත‍්තකිච‍්චං අකාසි. දෙවතා සකලචක‍්කවාළගබ‍්භෙ දෙවමනුස‍්සානං උපකප‍්පනකං ඔජං මධුපටලං විය පීළෙත්‍වා තත්‍ථ පක‍්ඛිපිංසු. පුණ‍්ණා ච ඔලොකෙන‍්තී අට‍්ඨාසි. භත‍්තකිච‍්චාවසානෙ ථෙරො උදකං අදාසි. සත්‍ථා කතභත‍්තකිච‍්චො පුණ‍්ණං ආමන‍්තෙත්‍වා “කස‍්මා ත්‍වං පුණ‍්ණෙ මම සාවකෙ පරිභවසී”ති ආහ. න පරිභවාමි, භන‍්තෙති. අථ තයා මම සාවකෙ ඔලොකෙත්‍වා කිං කථිතන‍්ති? “අහං තාව ඉමිනා දුක‍්ඛුපද‍්දවෙන නිද‍්දං න උපෙමි, භද‍්දන‍්තා කිමත්‍ථං නිද‍්දං න උපෙන‍්ති, අද‍්ධා කස‍්සචි අඵාසුකං වා භවිස‍්සති, දීඝජාතිකෙන වා උපද‍්දවො භවිස‍්සතී”ති එත‍්තකං මයා, භන‍්තෙ, චින‍්තිතන‍්ති. සත්‍ථා තස‍්සා වචනං සුත්‍වා “පුණ‍්ණෙ ත්‍වං න තාව දුක‍්ඛුපද‍්දවෙන නිද‍්දායසි, මම සාවකා සදා ජාගරියමනුයුත‍්තතාය න නිද‍්දායන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –
පුණ්ණ දාසිය සිතුවාය කිම බුදුහු මට සංග්‍රහ කරමින් රොටියි (පුව) පිළිගත්හ. එහෙත් උන්වහන්සේ මේ රොටිය නොවළදනු ඇත. ඒකාන්තයෙන් ඉදිරියේ දී කපුටන්ට හෝ දී රජුගේ හෝ රාජපුරුෂයෙකුගේ මන්දිරයකට ගොස් ප්‍රණීත ආහාර ගෙන වළඳන්නේය. බුදුරජාණන් වහන්සේ ද ඇගේ මේ සිත දැනගෙන ආනන්ද තෙරුන් දෙස බලා වාඩි වීමට සුදානම් වුහ. තෙරුන් සිවුර නවා අසුනක් පනවා දුන්හ. බුදුහු නගරයෙන් පිටත දීම දන්වළදා (රොටිය) එසේ වළඳන්නට සුදානම් වනවි දෙවිවරු සියළු සක්වල ගැබ දෙවි මිනිසුන්ට සුදුසුවු ඕස මඩුපටලයක් ලෙස කළතා එහි බහාලූහ. පුණ්ණ දාසිය ද බලා සිටියාය. වළදා අවසන බුදුහු පුණ්ණාට කථාකොට පුණ්ණා ඔබ මගේ ශ්‍රාවකයින්ට කුමක් නිසා පරිභව කරන්නීද? යි විමසුහ. නැත ස්වාමීනි මම පරිභව නොකරමි. එසේ නම් මගේ ශ්‍රාවකයන් දෙස බලා ඔබ කුමක් කීවේද? මම මේ දුක්ඛිත බව නිසා නොනිදා සිටියෙමි. මේ ස්වාමීන් වහන්සේලා කුමක් නිසා නොනිදා සිටිත්ද? ඒකාන්තයෙන් උපද්‍රවයක් ඇතිවී තිබේ කිසියම් නමකට අපහසුවක් ඇත දීඝ ජාතික සර්පයයකුගෙන් උපද්‍රවයක් සිදුවන්නට ඇත. ස්වාමීනි මම සිතුවේ මෙපමණකි. බුදුහු ඇගේ වදන් අසා පුණ්ණා ඔබ තම දුප්පත් බව නිසා නිදිවරයි. මගේ ශ්‍රාවකයෝ හැමදා නිදි වැරීමේ යෙදී සිටිතියි මේ ගාථාව දේශනා කළහ.
“සදා ජාගරමානානං, අහොරත‍්තානුසික‍්ඛිනං; නිබ‍්බානං අධිමුත‍්තානං, අත්‍ථං ගච‍්ඡන‍්ති ආසවා”ති.
දිවා රෑ නොනිදා අවදිව පුරා තුන්සිත නිවන් මග ඇලුණහ. දුරු කෙරෙමැයි සියලු කෙලෙසුන්
හැමදා නිදිවරණ දිවා රාත්‍රි හික්මෙන නිවනේ යෙදෙන ශ්‍රමණයෝ කෙළෙස් නිවීම කරති.
තත්‍ථ අහොරත‍්තානුසික‍්ඛිනන‍්ති දිවා ච රත‍්තිඤ‍්ච තිස‍්සො සික‍්ඛා සික‍්ඛමානානං. නිබ‍්බානං අධිමුත‍්තානන‍්ති නිබ‍්බානජ‍්ඣාසයානං. අත්‍ථං ගච‍්ඡන‍්තීති එවරූපානං සබ‍්බෙපි ආසවා අත්‍ථං විනාසං නත්‍ථිභාවං ගච‍්ඡන‍්තීති අත්‍ථො.
එහි අහොරනතානු සික්ඛිතන්ති සඣිතං - යනු රෑදාවල් ත්‍රිශික්ෂාවන්ගෙන් නික්මෙන නිබ්බාණං අධිමුත්තානං නිවන අරමුණු කරගෙන සිටින “අත්ථ ගච්ඡන්ති” මෙබඳු සියළු කෙලෙස්මල විනාශයට, නැති බවට පත් කරති. යන අරුතයි.
දෙසනාවසානෙ යථාඨිතා පුණ‍්ණා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.
දෙසුම අවසන එලෙස සිටි පුණ්ණා සෝවාන් ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසට ධර්මදේශනය සාර්ථක බවට පත්විය.
සත්‍ථා කුණ‍්ඩකඅඞ‍්ගාරපූවෙන භත‍්තකිච‍්චං කත්‍වා විහාරං අගමාසි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “දුක‍්කරං, ආවුසො, සම‍්මාසම‍්බුද‍්ධෙන කතං පුණ‍්ණාය දින‍්නෙන කුණ‍්ඩකඅඞ‍්ගාරපූවෙන භත‍්තකිච‍්චං කරොන‍්තෙනා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි මයා ඉමාය දින‍්නකුණ‍්ඩකං පරිභුත‍්තමෙවා”ති වත්‍වා අතීතං ආහරිත්‍වා –
බුදුහු තැබූ රොටියෙන් දවල් ආහාර කිස නිමවා විහාරයට වැඩම කළහ. භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේ දී කථාවක් ඉපදවුහ. ඇවැත්නි දුෂ්කර වු දෙයක් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලදහ. බුදුන් පැමිණ කවරකථාවකින් යුතුව මා පැමිණිබව පෙර කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මේ පිළිබඳවයයි පැවසුවිට මහණෙනි දැන් පමණක් නොව පෙරද මම තුඹුසහලින් කළ රොටී වැළදුවෙමියි පවසා අතීත කථාව දැක්වූහ.
“භුත්‍වා තිණපරිඝාසං, භුත්‍වා ආචාමකුණ‍්ඩකං; එතං තෙ භොජනං ආසි, කස‍්මා දානි න භුඤ‍්ජසි.
කා ඉතිරි වු තණ ද, කැඳ බත් ද කා වැඩුණු හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නො කන්නේ ද?
“යත්‍ථ පොසං න ජානන‍්ති, ජාතියා විනයෙන වා; බහුං තත්‍ථ මහාබ්‍රහ‍්මෙ, අපි ආචාමකුණ‍්ඩකං.
බමුණානනි ! යම් තැනක බොහෝ දෙනා උපතින් උසස් බව හා ආචාර ශීලයෙන් යුතු බව නො දනිත්ද? එහි දී කැඳ වතුරද කුඩු ද, පරිභෝග කරමි.
“ත්‍වඤ‍්ච ඛො මං පජානාසි, යාදිසායං හයුත‍්තමො; ජානන‍්තො ජානමාගම‍්ම, න තෙ භක‍්ඛාමි කුණ‍්ඩක”න‍්ති. (ජා· 1.3.10-12) –
ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකැයි හොඳින් දන්නේය. දන්නකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නො කමි.
ඉමං කුණ‍්ඩකසින්‍ධවපොතකජාතකං විත්‍ථාරෙත්‍වා කථෙසි.
මේ කුණ්ඩක සින්ධව පෝතක ජාතකය විස්තර ලෙස දෙසුහ.
පුණ‍්ණදාසීවත්‍ථු ඡට‍්ඨං.