7-10. අතුලඋපාසකවත්ථු අට්ඨකථා
7-10. අතුලඋපාසකවත්ථු
7-10. අතුල උපාසකගේ කථා පුවත
පොරාණමෙතන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අතුලං නාම උපාසකං ආරබ්භ කථෙසි.
“පොරාණ මෙතං” යනු මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී අතුල නම් උපාසකවරයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
සො හි සාවත්ථිවාසී උපාසකො පඤ්චසතඋපාසකපරිවාරො එකදිවසං තෙ උපාසකෙ ආදාය ධම්මස්සවනත්ථාය විහාරං ගන්ත්වා රෙවතත්ථෙරස්ස සන්තිකෙ ධම්මං සොතුකාමො හුත්වා රෙවතත්ථෙරං වන්දිත්වා නිසීදි. සො පනායස්මා පටිසල්ලානාරාමො සීහො විය එකචාරො, තස්මා තෙන සද්ධිං න කිඤ්චි කථෙසි. සො “අයං ථෙරො න කිඤ්චි කථෙසී”ති කුද්ධො උට්ඨාය සාරිපුත්තත්ථෙරස්ස සන්තිකං ගන්ත්වා එකමන්තං ඨිතො ථෙරෙන “කෙනත්ථෙන ආගතත්ථා”ති වුත්තෙ “අහං, භන්තෙ, ඉමෙ උපාසකෙ ආදාය ධම්මස්සවනත්ථාය රෙවතත්ථෙරං උපසඞ්කමිං, තස්ස මෙ ථෙරො න කිඤ්චි කථෙසි, ස්වාහං තස්ස කුජ්ඣිත්වා ඉධාගතො, ධම්මං මෙ කථෙථා”ති ආහ. අථ ථෙරො “තෙන හි උපාසකා නිසීදථා”ති වත්වා බහුකං කත්වා අභිධම්මකථං කථෙසි. උපාසකොපි “අභිධම්මකථා නාම අතිසණ්හා, ථෙරො බහුං අභිධම්මමෙව කථෙසි, අම්හාකං ඉමිනා කො අත්ථො”ති කුජ්ඣිත්වා පරිසං ආදාය ආනන්දත්ථෙරස්ස සන්තිකං අගමාසි.
මොහු සැවත් නුවර වැසි උපාසකයෙකි. පන්සියයක් උපාසකවරු පිරිවර කොට ගෙන එක් දිනක් බණ ඇසීම සඳහා විහාරයට ගොස් රේවත තෙරුන් ළඟ බණ අසනු කැමතිව රේවත තෙරුන්ට වැඳ වාඩිවිය. උන්වහන්සේ සිහි නුවණින් යුතුව සිංහයෙක් මෙන් එකලාව හැසිරෙන කෙනෙකි. එනිසා ඔහු හා කිසිවක් කථා නොකළහ. තෙරුන් කිසිවක් කථා නොකළේයයි කිපී නැගිට සැරියුත් තෙරුන් වෙත ගොස් එකත් පසෙක වාඩිවිය. සැරියුත් තෙරුන් විසින් කුමක් නිසා පැමිණියේ දැයි විමසුවිට ස්වාමීනි මට මේ උපාසකවරු රැගෙන ධර්ම දේශනයක් ඇසීම සඳහා රේවත තෙරුන් වෙත එළඹුනෙමි. උන්වහන්සේ මට කිසිවක් නොපැවසුහ. මම උන්වහන්සේ කෙරෙහි කිපී මෙහි පැමිණියෙමි. මට ධර්ම දේශනා කරන්නැයි පැවසුවිට එසේ නම් උපාසකවරුනි වාඩිවෙන්න බොහෝ කොට අභිධර්මය දේශනා කළහ. උපාසකවරු අභිධර්ම කථානම් තේරුම් ගැනීමට ඉතා අපහසුහුය. අපට මෙයින් කවර අර්ථයක්ද? අපට ඉන් ප්‍රයෝජනයක් නැතැයි කීය. පිරිස ගෙන ආනන්ද තෙරුන් වෙත ගියහ.
ථෙරෙනාපි “කිං උපාසකා”ති වුත්තෙ, “භන්තෙ, මයං ධම්මස්සවනත්ථාය රෙවතත්ථෙරං උපසඞ්කමිම්හා, තස්ස සන්තිකෙ ආලාපසල්ලාපමත්තම්පි අලභිත්වා කුද්ධා සාරිපුත්තත්ථෙරස්ස සන්තිකං අගමිම්හා, සොපි නො අතිසණ්හං බහුං අභිධම්මමෙව කථෙසි, ‘ඉමිනා අම්හාකං කො අත්ථො’ති එතස්සාපි කුජ්ඣිත්වා ඉධාගමිම්හා, කථෙහි නො, භන්තෙ, ධම්මකථ”න්ති. තෙන හි නිසීදිත්වා සුණාථාති ථෙරො තෙසං සුවිඤ්ඤෙය්යං කත්වා අප්පකමෙව ධම්මං කථෙසි. තෙ ථෙරස්සපි කුජ්ඣිත්වා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසීදිංසු, අථ නෙ සත්ථා ආහ – “කස්මා උපාසකා ආගතත්ථා”ති? “ධම්මස්සවනාය, භන්තෙ”ති. “සුතො පන වො ධම්මො”ති? “භන්තෙ, මයං ආදිතො රෙවතත්ථෙරං උපසඞ්කමිම්හා, සො අම්හෙහි සද්ධිං න කිඤ්චි කථෙසි, තස්ස කුජ්ඣිත්වා සාරිපුත්තත්ථෙරං උපසඞ්කමිම්හා, තෙන නො බහු අභිධම්මො කථිතො, තං අසල්ලක්ඛෙත්වා කුජ්ඣිත්වා ආනන්දත්ථෙරං උපසඞ්කමිම්හා, තෙන නො අප්පමත්තකොව ධම්මො කථිතො, තස්සපි කුජ්ඣිත්වා ඉධාගතම්හා”ති.
උන්වහන්සේ විසින් ද උපාසකවරුන් කුමක් නිසා පැමිණිදැයි විමසුහ. ස්වාමීනි අපි ධර්මය ඇසීමට රේවත තෙරුන් වෙත ගියෙමු උන් වහන්සේ වචනයකුදු නො පැවසුහ. එනිසා කිපී සැරියුත් තෙරුන් වෙත ගියෙමු. උන්වහන්සේ බොහෝ කොට අභිධර්මය දේශනා කළහ. ඉන් අරුතක් නැතැයි කිපී මෙහි පැමිණියෙමු. ස්වාමීනි අපට දහම් දෙසන්නැයි ඉල්ලා සිටියහ. එසේ නම් වාඩි වන්න අසන්නැයි ඔවුන්ට ආනන්ද තෙරණුවෝ ඇසියයුතු වූ ධර්මයක් දේශනා කළහ. ඔවුන් ආනන්ද තෙරුන්ට ද කිපී බුදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක වාඩිවුහ. එහිදී බුදුහු උපාසකවරුනි ඔබ පැමිණියේ කුමක් නිසාදැයි විමසුහ. ධර්ම ශ්‍රවණය සඳහා යයි පැවසූහ. ඔබ ධර්මය ඇසුවේ දැයි විමසුහ. ස්වාමීනි අපි පළමුව රේවත හිමියන් වෙත ද අනතුරුව සැරියුත් තෙරුන් වෙත ද ඊට පසුව ආනන්ද තෙරුන් වෙත එළඹියෙමු. උන්වහන්සේ සුළු ප්‍රමාණයක් දෙසූහ. ඉන් කිපී අපි ඔබ වහන්සේ වෙත පැමිණියෙමු.
සත්ථා තස්ස කථං සුත්වා, “අතුල, පොරාණතො පට්ඨාය ආචිණ්ණමෙවෙතං, තුණ්හීභූතම්පි බහුකථම්පි මන්දකථම්පි ගරහන්තියෙව. එකන්තං ගරහිතබ්බොයෙව වා හි පසංසිතබ්බොයෙව වා නත්ථි. රාජානොපි එකච්චෙ නින්දන්ති, එකච්චෙ පසංසන්ති. මහාපථවිම්පි චන්දිමසූරියෙපි ආකාසාදයොපි චතුපරිසමජ්ඣෙ නිසීදිත්වා ධම්මං කථෙන්තම්පි සම්මාසම්බුද්ධං එකච්චෙ ගරහන්ති, එකච්චෙ පසංසන්ති. අන්ධබාලානඤ්හි නින්දා වා පසංසා වා අප්පමාණා, පණ්ඩිතෙන පන මෙධාවිනා නින්දිතො නින්දිතො නාම, පසංසිතො ච පසංසිතො නාම හොතී”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ඔහුගේ කථාව අසා “අතුල මෙය පෙර සිට පැමිණි දෙයෙකි. නිහඬව සිටින්නන්ට ද බොහෝ කථාකරන්නන්ට ද මද පමණට කථා කරන විට ද ගරහති. ඒකාන්තයෙන් ගැරහිය යුත්තන් ද ඒකාන්තයෙන් ප්‍රශංසා කරනු ලබන්නන් ද නැත. රජවරු ද ඇතැම් අය ගරහති ඇතැම් අය ප්‍රශංසා කරති. මහ පොළව ද සඳ හිරු දෙදෙනා ද එසේ නින්දා පැසසුම් ලබති. සිවු පිරිස මැද සිට ධර්මය දේශනා කරන බුදුන්ට ද ඇතැම් අය ගරහති සමහරු ප්‍රශංසා කරති. අඳබාල අයගේ නින්දාව හෝ ප්රසංසාව හෝ සැලකිය යුතු නොවේ. නැණවත් ප්‍රඥාවත් අයගේ නින්දාව නින්දාව නම් ඒ අයගේ ප්‍රශංසාව ද ප්‍රශංසාව නම් මෙය”යි පවසා මේ ගාථාව දේශනා කළහ.
“පොරාණමෙතං අතුල, නෙතං අජ්ජතනාමිව; නින්දන්ති තුණ්හිමාසීනං, නින්දන්ති බහුභාණිනං; මිතභාණිම්පි නින්දන්ති, නත්ථි ලොකෙ අනින්දිතො.
නින්දා නොලද කෙනෙකුන් තෙදියතේ නැත හැමදා හොඳ නමම රැකගත් කෙනෙකු නැත
“න චාහු න ච භවිස්සති, න චෙතරහි විජ්ජති; එකන්තං නින්දිතො පොසො, එකන්තං වා පසංසිතො.
නින්දා පසංසා අටලෝ දහම මත කැරකෙයි සදා කල් වෙනසක් නොවනු ඇත.
“යං චෙ විඤ්ඤූ පසංසන්ති, අනුවිච්ච සුවෙ සුවෙ; අච්ඡිද්දවුත්තිං මෙධාවිං, පඤ්ඤාසීලසමාහිතං.
නුවණින් සීලයෙන් ගුණයෙන් අපරිමිත තුන් බුදුවරුද මහණහු හා දමුණු සිත
“නික්ඛං ජම්බොනදස්සෙව, කො තං නින්දිතුමරහති; දෙවාපි නං පසංසන්ති, බ්රහ්මුනාපි පසංසිතො”ති.
සැලකුම් කරන මෙන් දඹරන් පිඩක වෙත හිස බිම තබා දෙවි බඹවරු වඳිනු ඇත.
අතුල මෙය පෞරාණික ධර්මතාවයකි. නිහඩ අයට ද බොහෝ කථාකරන්නාට ද පමණට කථා කරන අයට ද නින්දා කරති. නින්දාවට ලක් නොවුවෙක් නම් මෙලොව නැත. ප්‍රශංසාව ලැබුවෙක් හෝ නින්දාව ලැබුවෙක් ඇති නොවීය. මතු ඇතිවන්නේද නැත. දැනුදු එවැන්නෙක් නැත.
යම් ප්‍රාඥයෙක් නිතර නිතර පැසසුම් ලබත් ද ප්‍රඥා ශීලයෙන් යුත් නුවණැත්තෝ පැසසුම් ලබත් සිදුරු රහිත වූ පැවැත්මෙන් ද විදසුන් නුවණින් හා ලොවි ලොවුතුරු නුවණින් ද සිවු පිරිසිදු ශීලයෙන් ද යුතු යමෙකුට නුවණැත්තෝ නින්දාවම හෝ පැසසුම යුතු කරුණු දිනපතා විමසාබලා පැසසුම් කෙරේද ජම්බුනද ස්වර්ණයෙන් කළ පළදනාවකට මෙන් ඒ පුද්ගලයට නින්දා කිරීමට හෝ කවරෙක් සමත් වේද? දෙවියෝ ද නුවණැති මිනිස්සු ද ඔහුට පැසසුම් කෙරෙති. හෙතෙමේ දෙව් මිනිසුන් තබා මහානුභාව සම්පන්න මහා බ්‍රහ්මයා විසින් ද පැසසුම් කරන ලද්දේය.
තත්ථ පොරාණමෙතන්ති පුරාණකං එතං. අතුලාති තං උපාසකං නාමෙන ආලපති. නෙතං අජ්ජතනාමිවාති ඉදං නින්දනං වා පසංසනං වා අජ්ජතනං අධුනා උප්පන්නං විය න හොති. තුණ්හිමාසීනන්ති කිං එසො මූගො විය බධිරො විය කිඤ්චි අජානන්තො විය තුණ්හී හුත්වා නිසින්නොති නින්දන්ති. බහුභාණිනන්ති කිං එස වාතාහතතාලපණ්ණං විය තටතටායති, ඉමස්ස කථාපරියන්තොයෙව නත්ථීති නින්දන්ති. මිතභාණිම්පීති කිං එස සුවණ්ණහිරඤ්ඤං විය අත්තනො වචනං මඤ්ඤමානො එකං වා ද්වෙ වා වත්වා තුණ්හී අහොසීති නින්දන්ති. එවං සබ්බථාපි ඉමස්මිං ලොකෙ අනින්දිතො නාම නත්ථීති අත්ථො. න චාහූති අතීතෙපි නාහොසි, අනාගතෙපි න භවිස්සති.
එහි පෝරාණමේතං - යනු පෞරාණික වූ අතුලං ඒ උපාසකයාට අමතයි. නෙතං අජ්ජතනාමිව ඉදං මෙය නින්දා කිරීම හෝ පැසසුම අද ඇතිවු දෙයක් නොවේ. තුණහිමාසිනං යනු ගොළුවෙක් බිහිරෙක් ලෙසට කිසිවක් නොදන්නා සේ නිහඬවී සිටිය ද ඔහුට නින්දා කරති. බහුභාණින්ති - සුළඟට සැලෙන තල්පතක් සේ තට තට ගා නිමක් නැති ලෙස කථා කරමින් සිටීමයි. එනිසාද නින්දා ලබයි. මිතභාණිපි මේ තැනැත්තා අමු රන් සේ තමන්ගේ වචන ගැන සිතමින් එකක් දෙකක් හෝ කියා නිහඩව සිටීයයි ඔහුටද නින්දා කරත්. මෙලෙස සියළු ආකාරයෙන් මෙලොව නින්ද නොලැබුවෙක් නම් නැත යන අරුතයි. නචාහු අතීතයේ ද නැතිවිය. අනාගතයේ ද ඇති නොවන්නේය.
යං චෙ විඤ්ඤූති බාලානං නින්දා වා පසංසා වා අප්පමාණා, යං පන පණ්ඩිතා දිවසෙ දිවසෙ අනුවිච්ච නින්දකාරණං වා පසංසකාරණං වා ජානිත්වා පසංසන්ති, අච්ඡිද්දාය වා සික්ඛාය අච්ඡිද්දාය වා ජීවිතවුත්තියා සමන්නාගතත්තා අච්ඡිද්දවුත්තිං ධම්මොජපඤ්ඤාය සමන්නාගතත්තා මෙධාවිං ලොකියලොකුත්තරපඤ්ඤාය චෙව චතුපාරිසුද්ධිසීලෙන ච සමන්නාගතත්තා පඤ්ඤාසීලසමාහිතං පසංසන්ති, තං සුවණ්ණදොසවිරහිතං ඝට්ටනමජ්ජනක්ඛමං ජම්බොනදනික්ඛං විය කො නින්දිතුමරහතීති අත්ථො. දෙවාපීති දෙවතාපි පණ්ඩිතමනුස්සාපි තං භික්ඛුං උපට්ඨාය ථොමෙන්ති පසංසන්ති. බ්රහ්මුනාපීති න කෙවලං දෙවමනුස්සෙහි, දසසහස්සචක්කවාළෙ මහාබ්රහ්මුනාපි එස පසංසිතොයෙවාති අත්ථො.
විඤ්ඤුති බාල අඥාන පුද්ගලයන්ගේ නින්දාව හෝ පැසසුම ප්‍රමාණය කොට නොගත යුතුය. යම් සේ පඩිවරු දිනපතා සොයාබලා නින්දා කිරීම හෝ ප්‍රශංසා කිරීම දැන ප්‍රශංසා කරත්. සිදුරු නොමැති බැවින් ජීවිත ක්රමයේ හෝ ශික්ෂාවෙන් සිදුරු නොමැති හෙයින් යුතු අය අච්ඡිද්දචුතති නින්දා කළ නොහැකිය. ධර්මය දත් නුවණින් යුත් අය මේධාවී නම් වේ. මේ නුවනැත්තා ලෞකික හෝ ලෝකෝත්තර ප්‍රඥාවෙන් ද චතුපාරිශුද්ධ සීලයෙන් ද යුතු නිසා පඤ්ඤාසීලසමාහිතා ඔහු පිරිසුදු රන් සේ ද ගැටීමට වැඩිමට හැකි ජම්බු නදියේ හටගත් රන් ආභරණයක් සේ කිසිවෙකුට නින්දා කිරීමට සුදුසු නොවේ. දෙවාපී - යනු දෙවියෝද නුවණැති මනුෂ්‍යයෝ ද එම භික්ෂුවට සතුටුවෙති. පස්සති බ්රහමුනා යනු දසදහසක් සක්වල බ්‍රහ්මයෝ ද මොහු පස්සති යන අරුතයි.
දෙසනාවසානෙ පඤ්චසතාපි උපාසකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසූති.
දෙසුම අවසන ඒ පන්සියයක් උපාසකයෝ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
අතුලඋපාසකවත්ථු සත්තමං.